V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label දිවයින. Show all posts
Showing posts with label දිවයින. Show all posts

Sunday, July 2, 2017

ඇහැළ මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි...



සිංහබාහු නාටකයේ ගීත පිළිබඳ රසවිඳීමකදී එක්‌වරම මතකයට එන්නේ ගල්ලෙන බිඳලා සිංහයාගේ විලාපයයි. මනමේ නාටකයේදීද ජනප්‍රියම ගීතය වී ඇත්තේ ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයයි. එහෙත් මේ ජනප්‍රියම ගී හැරුන කල ඉහත නාට්‍ය ද්වයෙහිම තවත් බොහෝ මිහිරි ගී ඇති බව අපි දනිමු. නරිබෑනා නාට්‍යයේ ජනප්‍රියම ගීතය බවට පත්ව ඇත්තේ නරියා ගම දුව කරකාර බැඳගෙන උහුගේ අරමට ගෙන යද්දී ඈ සනසවමින් ගායනා කරනු ලබන කුමටද සොබනියේ කඳුළු සලන්නේ ගීතය වේ. එහෙත් දයානන්ද ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදියාගේ නරිබෑනාහි අපට ඇසෙන රඟමඬලෙහි අපට දකින්නට ලැබෙන තවත් ජනප්‍රිය ගී අතර ගම දියණිය තම මව සමඟ කැලේ දර අහුලන්නට ගිය අවස්‌ථාවේ ගායනා කරනු ලබන ඇහැළ මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි ගීතය සංගීත නිර්මාණයෙන්ද, තනුවෙන්ද, ගීත රචනයෙන්ද අතිශයින් පොහොසත් බව පැවසිය යුතුය.

" ඇහැළ මලින් ගස්‌ පිරිලා
බලන්න හරි ලස්‌සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා
අද හැම තැන හරි හැඩයි

දොඹ ගස්‌ යට මල් හැලිලා
සුවඳක්‌ හැමතැන දැනෙයි
වලිකුකුළන් හඬලන කොට
අහං ඉන්න හරි හිතයි

ගස්‌වල දලු නැළවෙන කොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයන්
අල්ලන්නට බැරි හැඩයි...."

1961 දී පාසල් නිෂ්පාදනයක්‌ ලෙස නරිබෑනා රංගගත වූ අවස්‌ථාවේදී ප්‍රථම ගම දුව ලෙස රංගනයට එක්‌ වී ඇත්තී ගෝතමී බාලිකාවේ ශිෂ්‍යාවක වූ චන්ද්‍රd විඡේවර්ධනයි. නරියාගේ භූමිකාව පණ ගන්වා තිබුණේ සාලමන් ෆොන්සේකායි. එහෙත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක්‌ ලෙස නරිබෑනා ජනප්‍රියත්වයට පත්වෙමින් දිවයින පුරා රංග ගත වූ කල්හි ගම දුව ලෙස රංගනයට එක්‌වන්නී වර්තමාන සිනමාවේ රූපවාහිනියේ ප්‍රවීණ නිළියක වන ශ්‍රියානි අමරසේනයි. අර්ධ ශෛලිගත රීතියෙන් නිෂ්පාදනය වූ නරිබෑනා රචනා වන්නේ ජනකතා දෙකක කතා වස්‌තුව පාදක කරගනිමිනි. නිෂ්පාදක දයානන්ද ගුණවර්ධන සඳහන් කරන පරිදි මෙහි ඇතැම් ගී හා සංවාද කොටස්‌, රබන් පද ශෛලියෙන් ගොඩනඟා ඇත. ඉහත සඳහන් ගම දුව ගයන ගීයට මුල් වී ඇත්තේ පහත සඳහන් රබන් පදයයි.

"අඹ රඹුටන් ගස්‌ දෙක යට
වලිකුකුළන් පස්‌ දෙනයි
උන්ට කන්ට බත් දෙන කොට
අපිත් එක්‌ක ලස්‌සනයි...."

රබන් පද ආශ්‍රිත ගී තනු නව නිර්මාණ සේ කරලියට උචිත අයුරින් සකස්‌ කොට නාට්‍යය සඳහා සංගීතය නිර්මාණය කරන ලද්දේ ලයනල් අල්ගම සංගීතවේදියා විසිනි. නරිබෑනාහි නැටුම් නිර්මාණය බැසිල් මිහිරිපැන්නගේය. හැටේ දශකයේ පටන් අද දක්‌වාම රංගගත වන නරිබෑනා නාට්‍යය, සරල කතා පුවතක්‌ මත නිර්මාණය වූ අපූරු නාට්‍යමය අත්දැකීමක්‌, ප්‍රේක්‌ෂකයනට ලබාදෙන වේදිකා නාට්‍යයක්‌ සේ ජනප්‍රියත්වයට පත් වී තිබේ. නාට්‍යයේ එන ගී කිහිපය අතර, ඇහැළ මලින් ගස්‌ පිරිලා ගීතයද ප්‍රේක්‌ෂක, ශ්‍රාවක, රසවින්දනයට ලක්‌ වූ ගීතයකි. නරිබෑනා නාට්‍යයෙහි පළමුවෙනි ජවනිකා ඇරැඹෙන්නේ ගම මහගෙ, තම දියණිය සමඟ දර ඇහිඳීමට කැලේට යන අවස්‌ථාව නිරූපණය කරමිනි. ගම දුව මවගේ වදනට කන් නොදී, දර ඇහිලීම පසෙකලා කැලේ පිපී තිබෙන ඇහැළ මල් සුන්දරත්වයෙන් වශීකෘතව, ගී ගයමින් නටන්නීය. කැලේ සැඟ වී සිටින නරියාගේ නෙතට ගම දුව හසුවන්නේ මේ මෙහොතේදීය. ජන ගීතයේ රබන් පද ආශ්‍රිත තනුවට උචිත වදන් මාලාවක්‌, තෝරා ගැනීමෙහිලා නාට්‍ය රචක දයානන්ද ගුණවර්ධන ප්‍රකට කරන ප්‍රතිභාව ගීත සංකල්පනාව තුළින් මනාව පිළිබිඹුවේ. ලාබාල යුවතියකගේ සැහැල්ලු ජීවිතයක සිත් ගත් පරිසරයේ වස්‌තුන් චිත්තරූපාවලියකට නැංවීමට මේ ගීයෙහි සරල වදන් භාවිතය සමත් වේ. කැලේ සුන්දරත්වයට ඇහැළ මල් පිරුණු ගස්‌ පමණක්‌ නොව අඹ, රඹුටන්, ජම්බුද ඈ නෙත ගැටේ. මල් සැලී ඇත්aතේ දොඹ ගස්‌ යටය. ඉන් සුවඳ විහිදේ. වලි කුකුළන්ගේ හඬට කන්දී සිටින්නට ඈ සිත ඉල්ලයි. ගී ගයනවා පමණක්‌ නොව වේදිකාව මත නර්තනයේද යෙදෙන්නීය. ගීය ගයන්නී නටමිනි. අභිනයෙන් පරිසරයේ සුන්දරත්වය, ප්‍රේක්‌ෂකයනට පෙන්වමිනි. ගස්‌වල නැළවෙන දලු ඇඟට සිහිලස ගෙනෙන බවයි රචකයා පවසන්නේ. සමනලුන් යුවතියකගේ ආදරය දිනා ගන්නා වස්‌තුවකි. පරිසරය පුරාම මවනු ලබන සුන්දරත්වය තීව්‍ර කරනු ලබන්නේ නාට්‍ය රචකයා විසින් උපයුක්‌ත, ගැමි පරිසරය වර්ණිත සරල වදන් මාලාවෙනි. ඇහැළ මල්, අඹ, රඹුටන්, ජම්බු, දොඹ මල්, වලි කුකුල් හඬ, ගස්‌වල නැළවෙන දලු, ඉගිලෙන සමනලයන් දඟකාර ගැමි දියණියකගේ සැහැල්ලු වගකීමෙන් තොර ජීවිතයේ කොටස්‌ ලෙස නිරූපිතය. ඇගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීමට මුල්වන්නේ ඇහැළ මල් කඩමින් ගී ගයමින් මවට උදවුවට නොසිටීමයි. මවට ඈ සොයා ගත නොහී පසුව ඇහැළ මල් කඩන බව ඇසීමෙන් මවගේ කෝපය ඉහවහා ගොස්‌ පවසන වදනින් නාට්‍යමය අවස්‌ථාව ගොඩනැඟේ.

"තෝව දෙන්නෙත් නරියටයි
තෝව ගන්නෙත් නරියෙකුයි
තෝව දෙන්නෙත් තෝව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි...."

ගම දියණියගේ ගීතය අග ඇගේ ජීවිතයට ස්‌වාමි පුරුෂයෙකු ලැබෙන බවයි නාට්‍යකරු ඉඟි කරන්නේ.

බුද්ධදාස ගලප්පත්ති


http://www.divaina.com/2017/07/02/cineart.html

Sunday, May 8, 2016

ඉසිපතන ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියට



වයස අවු. 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ සිය අපරාජිත බව තවදුරටත් තහවුරු කරගත් ඉසිපතන කණ්‌ඩායම, ගල්කිස්‌ස විද්‍යා විද්‍යාලයීය කණ්‌ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 29-23 ක්‌ වශයෙන් ජය වාර්තා කරගැනීමට සමත් වූවේය.

ඒ අනුව ඉසිපතන කණ්‌ඩායම මෙවර තරග වාරය තුළදී අඛණ්‌aඩව වාර්තා කරන ලද පස්‌වැනි ජය වශයෙන් මෙය සටහන් විය.

ඉසිපත ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 4 ක්‌ ගෝල ප්‍රවර්ථන තුනක්‌ හා එක්‌ දඬුවම් පහරක්‌ සාර්ථක කරගනිමින් සිය ලකුණු රැස්‌කරගන්නා අතරවාරයේ විද්‍යා ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් තුනක්‌, ගෝල ප්‍රවර්ථනයක්‌ මෙන්ම දඬුවම් පහර දෙකක්‌ මගින් අදාළ ලකුණු වාර්තාකර ගත්හ.

තරගයේ පළමු භාගය නිමාවන විට ලකුණු 21-8 ක්‌ වශයෙන් ඉසිපතන කණ්‌ඩායම පෙරමුණේ පසුවිය. එහිදී ඉසිපතන කණ්‌ඩායම වෙනුවෙන් චමෝද් අංජන, වගීෂ වීරසිංහ මෙන්ම හරිත් බණ්‌ඩාර උත්සාහක දිනුම බැගින් වාර්තා කරගත් අතර එම ගෝල ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට ගයාන් වික්‍රමරත්නට හැකිවිය.

වී.එස්‌. හංසජ වාර්තා කරන ලද දඬුවම් පහරින් හා තරිඳු මධුරංග වාර්තා කරන ලද උත්සාහක දිනුමෙන් විද්‍යා විදුහල පළමු අර්ධයේ ලකුණු රැස්‌කරන ලදී.

අනතුරුව දෙවන භාගයේදී ලකුණු 26-23 ක්‌ ලෙස විද්‍යා කණ්‌ඩායම ඉසිපතන කණ්‌ඩායම ආසන්නයට පැමිණියද, අවසන් විනාඩි කිහිපයේ ගයාන් වික්‍රමරත්න සාර්ථක කරගත් දඬුවම් පහරින් ඉසිපතන ජය තහවුරු විය.
 

ගයාශාන් විතානආරච්චි

http://www.divaina.com/2016/05/02/sports03.html

Saturday, May 7, 2016

සමාජයට "වධයක්‌" වීමට පෙර


(සිසුවියකට නවක වධය දුන් පහක්‌ අත්අඩංගුවට)

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් අමානුෂික ලෙස නවක වධයට භාජනය කරනු ලැබේ යෑයි වාර්තා වූයේ පසුගිය මාර්තු= මාසයේදීය. එම "වධක සිසුන්" නවක ශිෂ්‍යයන්ට හිංසා කිරීමෙන් නොනැවතී ආචාර්යවරුන්ට තර්ජනය කිරීම, අපහාසාත්මක ලෙස දොaෂාරෝපණය කිරීම පවා කර තිබිණි. විශ්වවිද්‍යාල තුළට පාතාලයේ මැර සංස්‌කෘතියත්a, පාදඩ දේශපාලනයේ මැර සංස්‌කෘතියත් දෙකම එකට කලවම් කර මුදාහරින මේ පාදඩයන් පසුගිය දිනවල කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට අමානුෂික ලෙස නවක වධය දී හිංසා කර තිබිණි. මේ කටුක පීඩනය දරාගත නොහැකි වූ තැන එම ශිෂ්‍යාව ඒ බව කැලණි පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පොලිසිය ශිෂ්‍යයන් යෑයි කියාගන්නා එම මැර පිරිසේ පස්‌දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. විශේෂත්වය වන්නේ එයින් හතරදෙනකුම ශිෂ්‍යාවන් වීමය. අනෙකා ශිෂ්‍යයෙකි. මෙවැනි අශිෂ්ට හා ගෝත්‍රික ලක්‍ෂණ විදහා දක්‌වන උන්ට ශිෂ්‍යයන් යෑයි කීමද පිළිකුලක්‌ වන නමුත්, විශ්වවිද්‍යාලයේ උගෙනුම ලබනා බව තහවුරුව ඇති නිසා අපි එසේම කියමු.

මේ නරුම සිසුහු දරුණු ලෙස නවක සිසුවිය නවක වධයට පත් කර ඇත්තේ වසරක්‌ යනතුරු "දිග කලිසම්" අඳින්නට එපා යෑයි කියමිනි. නවක වධය දීමට මුල්වූ ඒ නරුම ශිෂ්‍යාවන් පිරිස අඳින්නේ රෙද්ද හැට්‌ටය නොවේ. ඒ ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ අමුඩය හැඳ නොවේ. ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ මෙවැනි නරුමයන්ට දඬුවම වශයෙන් යට ඇඳුමින් පාරේ සිටුවා තැබීමය. දිග කලිසමට තහංචි දැමීමෙන් නොනැවතී මේ ගැන පොලිසිය ට පැමිණිලි කළ පසු එම අශිෂ්ටයන් පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසද "තර්ජනය" කර තිබේ.

මේ වධකයන් නවක වධය ගැන දක්‌වන අදහස්‌ ද අපූරුය. මහා ශිෂ්‍ය සංගමය කියන්නේ විශ්වවිද්‍යාලවලට නවක සිසුන් පැමිණි පසු එම සිසුන් වර්ග කිරීම, අනුගත කිරීම සහ හඳුනා ගැනීම සිදු කරන බවය. එමෙන්ම විශ්වවිද්‍යාලවල සංස්‌කෘතික කාරණාවලට අදාළව ශිෂ්‍යයන් හඳුනා නොගෙන විශ්වවිද්‍යාල තුළ පැවැත්මක්‌ නැති බවද ඔවුහු පවසති.

අප දන්නා පරිදි ශිෂ්‍යයන් වර්ග කරන්නේ විෂයයන් අනුවය. ඊටත් එහා වර්ග කිරීමක්‌ තිබේ නම් ඒ කවරාකාරයටද යන්න තේරෙන බාසාවෙන් කිව යුතුය. ජාතීන් වශයෙන්, කුල වශයෙන් ආගම් වශයෙන් වර්ග කරනවාද, එසේත් නැතිනම් පෙනුමේ හැටියට වර්ග කරනවාද, ඒ එකක්‌වත් නොවේ නම් දුප්පත් පෝසත් හැටියට වර්ග කරනවාද යන්න අපට පැහැදිලි නැත. දඹානෙන් එන ශිෂ්‍යයකු අයත් වන්නේ කුමන කැටගරියකට දැයි අපි ඒ වධකයන්ගෙන් අසා සිටිමු. "ශිෂ්‍යයන් අනුගත කිරීම " ද අපට කොහෙත්ම තේරෙන්නේ නැත. සමහර විට අනුගත කිරීම යන්නෙන් හඳුන්වනවා ඇත්තේ මේ අමනයන්ගේ ගෝත්‍රික ක්‍රමවලට අනුගත කර ගැනීම වන්නට පිළිවන. එවැනි "ගෝත්‍රික" වැඩ ප්‍රතික්‍ෂේප කරන පිරිසගේ ඉරණම අතීත උදාහරණ සහිතව පෙන්වා දෙනු කැමැත්තෙමු. අද වනවිට නවක වධය ගැන පණ්‌ඩිතකම් දොඩවන බොහෝ දෙනකුට මේවා අමතකව ඇති බව සහතිකය. නවකවධය නිසාම සිසු සිසුවියන් බොහෝ දෙනෙකු අධ්‍යාපනය අතහැර දැමූ බවත්, සියදිවි නසාගත් බවත්, ආබාධිත වූ බවත් අද "ජ්‍යෙෂ්ඨයන්" යෑයි කියා ගන්නා ළදරු වැද්දන්ට අපි මතක්‌a කර දෙමු.

1997 වර්ෂයේදී සෙල්ව විනයාගර් වරප්‍රකාශ් මරා දමන්නේ නවක වධයට ලක්‌ කරමිනි. ඒ අදින් දහනව අවුරුද්දකට ඉහතදීය. මේ අත්අඩංගුවට ගත්තා යෑයි කියන මේ ශිෂ්‍යයා හා ශිෂ්‍යාවන් හතරදෙනා ඒ කාලයේ "පැම්පර්ස්‌" අඳින වයස පසු කරමින් සිටි බව සහතිකය. ඒ මේ පස්‌දෙනා අම්මලා තාත්තලාටත් "වධයක්‌ව"Êසිටි කාලයයි.

2014 වර්ෂයේ අඟුණකොළපැලැස්‌සේ ඩී. කේ. නිශාන්ත පේරාදෙණි සරසවි භූමියේදීම සිය දිවි නසා ගන්නේ නවක වධය නිසාය. අනුගත කිරීමේත්, වර්ග කිරීමේත් ක්‍රමය දරුණු වූ නිසාය. කවරකු හෝ වේවා දැඩි පීඩාවට ලක්‌ කරමින්, ලිංගික හිංසන පමුණුවමින් වධ දීම දැනෙන්නේ කවරාකාරයට දැයි වරප්‍රකාශ් මරණයට පත් කළ අයගෙන් මේ පස්‌දෙනා වහාම අසා දැනගත යුතුය. ඒ මේ පිරිස ඉදිරියේදීත් පවුල්වල උදවියට පමණක්‌ නොව සමාජයටත් "වධයක්‌" වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති නිසාය.
 


http://www.divaina.com/2016/05/07/editor.html

කැලණිය නවකවධ සිද්ධියේ 7ක්‌ රිමාන්ඩ්


















කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවියකට අසභ්‍ය වචනයෙන් හා නොයෙක්‌ අඩන්තේට්‌ටම් කරමින් බැණ වැදීමෙන් නවකවධය දුන්නේ යෑයි චෝදනා කොට කිරිබත්ගොඩ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හත් දෙනකු ලබන 17 දක්‌වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මහර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා ඊයේ (06 වැනිදා) නියෝග කළේය.

එම සිසු සිසුවියන් 07 දෙනා රාගම රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කෙරිණි. වන්නිආරච්චිගේ තුෂාර සම්පත්, ළහිරු අතුල ප්‍රියදර්ශන, රසාංජලී ෙµdන්සේකා, රංගිකා නදීශානි දිල්රුක්‍ෂි, තිළිණි දනුෂිකා දිල්රුක්‍ෂි, ඩී. එම්. ලසන්ති සුභාෂිණී, ඒ. බී. ඉෂාන් ලක්‍ෂිත යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 07 දෙනා මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූහ.

සැකකාර සිසු සිසුවියන් පස්‌දෙනකු ඇතුළු පිරිසක්‌ නවක සිසුවියකට අඩන්තේට්‌ටම් කරමින් හිරිහැර කරන බවත් ඇයට දේශන ශාලාවට, වැසිකිළියට හෝ යැමට ඉඩ නොදී වට කරගෙන අසභ්‍ය වචනවලින් බැණවදින බවට පැමිණිලි කර ඇති බවත් පැමිණිලිකාරිය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ලබාගත් වාර්තාවේ නවක වධය හේතුවෙන් පැමිණිලිකාරිය මානසික පීඩනයකට ලක්‌ව ඇති බව සඳහන් බවත් සැකකාර සිසුවියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කිරිබත්ගොඩ පොලිස්‌ ස්‌ථානයේ සැරයන් (32873) නිලධාරියා පැවසීය.

අනෙක්‌ සැකකාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනා ජංගම දුරකථනය මගින් තර්ජනය කර ඇති බවට අනාවරණය වී ඇති බව ද එම නිලධාරියා පැවසීය.

සැකකාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්‌වූ නීතිඥ නුවන් බෝපගේ මහතා පවසා සිටියේ පොලිසිය පදනම් විරහිත 'බී' වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොලිසිය දේශපාලන හිරවීමක හිරවී සිටින නිසා බවයි.

ජංගම දුරකථනයෙන් කතා කර ඇති එක සැකකාරියක්‌ පැමිණිලිකාරියගේ හොඳම මිතුරිය බවත් ඇයට විරුද්ධව පැමිණිලි කිරීමෙන් පැමිණිලිකාරියට මානසික රෝගයක්‌ තිබෙන බව පැහැදිලි බවත් සැකකාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන හෙයින් ඔවුන් අධිකරණ මඟහැරීමක්‌ කිසි විටකත් සිදු නොකරන හෙයින් සැකකරුවන් සහ සැකකාරියන් සුදුසු ඇපයක්‌ මත මුදාහරින ලෙසත් ඉල්ලීමක්‌ කළේය.

නවක වධ මාලාවේ පනත 1998 වර්ෂයේ සම්මත වූ එකක්‌ බව පැවසූ මහෙස්‌ත්‍රාත්වරයා එය කියවා ඇත්නම් මෙවැනි වැඩ නොකරන බව පැවසීය. මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඇප දීමේ බලයක්‌ නොමැති බව පැවසූ මහෙස්‌ත්‍රාත්වරයා මහාධිකරණයෙන් ඇප ලබාගන්නා ලෙස දන්වමින් සැකකරුවන් සහ සැකකාරියන් 07 දෙනා ලබන 17 දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කළේය.

කිරිබත්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. කේ. එච්. මීඇල්ලගේ මහතා සමඟ උප පොලිස්‌ පරීක්‍ෂිකා සුගන්ධිකා මහත්මිය පැමිණිල්ල මෙහෙයවූහ.




මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

http://www.divaina.com/2016/05/07/news03.html

Monday, March 7, 2016

'බිග් මැච්' වලින් දෝරෙ ගලන ජනප්‍රිය පාසල් විනය



මිනිසා යමෙක්‌ හෝ යමක්‌ හෘදයාංගමව වැළ`දගන්නේ ඒ පිළිබ`දව ඇති කැමැත්ත නිසාවෙනි. මෙම කැමැත්ත ඇතිවීමට මිනිසා තුළ එම පුද්ගලයා හෝ එම දෙය පිළිබ`දව ආකර්ෂණයක්‌ ඇතිවිය යුතුය. ඒ අනුව ජනප්‍රිය යන වචනයේ උප්පත්තිය සිදුවන්නේ මෙම කැමැත්ත මත බව පෙනේ. ජනයාට ප්‍රියවූ දෙය යන අදහසින් එය ව්‍යවහාරයේදී භාවිතා වේ. ජනප්‍රිය නළු නිළියන්, ජනප්‍රිය වැඩසටහන්, ජනප්‍රිය ක්‍රීඩකයින් ආදී වශයෙන් ජනප්‍රිය යන නාමාවලිය සමාජීය රුචිය අනුව දිග්ගැස්‌විය හැකිය. නූතනයේ ජනප්‍රිය යන සංකල්පීය වචනය සමාජයේ ප්‍රචලිත සෑම පුද්ගලයෙක්‌ වෙනුවෙන් මෙන්ම සෑම දෙයක්‌ වෙනුවෙන්ම භාවිතා වේ. නමුත් එය දෝෂ සහිතය. ඕනෑම පුද්ගලයෙකුට හෝ ඕනෑම දෙයකට යහපත් හෝ අයහපත් හැසිරීම් හා භාවිතයන් තුලින් සමාජයේ ප්‍රසිද්ධ වියහැකි වුවද ජනප්‍රිය විය නොහැකිය. මන්ද, සමාජයට අවැඩක්‌, අයහපතක්‌ වන දෑ යහපත් සමාජීය පුරවැසියන් අනුමත නොකරන නිසාවෙනි. එවැනි දෑ අප්‍රිය කරන නිසාවෙනි. නමුත් යමෙක්‌ හෝ යමක්‌ ප්‍රසිද්ධ නොවූ පමණින් එයට හේතුව ඔහු හෝ එම දෙය සමාජයේ යහපතට ක්‍රියා නොකිරීම බව පැවසීමද යුක්‌ති සහගත නොවේ. ඔහු හෝ එම දෙය තුළද යහපත් ගුණාංග රාශියක්‌ පැවැතිය හැකිය. ජනතාවට ප්‍රිය විය හැකිය. නමුත් මෙයට හේතුව නූතනයේ ජනප්‍රිය යන සංදර්ශනාත්මක සංකල්පීය තත්ත්වය මුදලේ වටිනාකම හා බලයේ හැකියාව මත සමාජගත වන ස්‌වරූපයක්‌ පෙන්නුම් කිරීමය. යහපත් දෙයක්‌ වුවද ජනතාව අතර ජනප්‍රිය කිරීමට මූල්‍යමය හා අධිකාරීය බලයක්‌ නූතන සමාජ යාන්ත්‍රණය තුළට අවශ්‍ය වී ඇති නමුත් ප්‍රසිද්ධවීමට මේ කිසිවක්‌ අවශ්‍ය නොවේ. මෙරට සිටි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අන්වර්ථ නාමය නූතනයේ මෙරට ලොකු කුඩා ජනතාව අතර ඉතා ප්‍රචලිතය. එම ප්‍රචිලිතභාවය ප්‍රසිද්ධියක්‌ මිස ජනප්‍රියත්වයක්‌ නොවේ. ජනයාට ප්‍රිය වූQ ඇතැම් දෑ ප්‍රසිද්ධ නොවුණා සේම ජනයාට අප්‍රිය වූ ඇතැම් දෑ ප්‍රසිද්ධ වේ. යහපත් දෙයක්‌, ජනතාවට ප්‍රිය වූ දෙයක්‌ සමාජය තුළ ප්‍රසිද්ධවීමට නම් ඒ ස`දහා සැපිරිය යුතු සාධක පැවැතියද අයහපත් දෙයක්‌ සමාජය තුළ ප්‍රසිද්ධවීමට එවන් සාධක බලපානු නොලැබේ. මෙහිදී ජනප්‍රිය හා ප්‍රසිද්ධ යන වචන ද්විත්වය පිළිබ`දව පුළුල් කථීකාවක්‌ කිරීමට හේතුව වූයේ, නූතනයේ එම වචන ද්විත්වය එකම අරුතෙන් යොදාගැනීම නිසාය.

නගරයේ ජනප්‍රිය යෑයි සම්මත පාසල් තුලින් වැඩි අධ්‍යාපනයක්‌, හො`ද අධ්‍යාපනයක්‌, වැඩි පහසුකම් ප්‍රමාණයක්‌ ලැබේය යන විශ්වාසය හා ග්‍රාමීය පාසල්වලට යොමුකිරීමෙන් තම දරුවන් ජනප්‍රිය සමාජයෙන් කොන්වේ යෑයි යන බිය හේතුවෙන් නූතන දෙමාපියන් සෑම විටම උත්සාහ ගනුයේ නගරයේ ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුළත් කිරීමටය. මේ ආකාරයට නාගරික පාසල් ජනප්‍රිය පාසල් ලෙස වර්ධනය වීම නිසා නූතනයේ පාසල් ජනප්‍රිය හා සාමාන්‍ය පාසල් ලෙස සමාජීය වර්ගීකරණයක්‌ ඇතිවී තිබේ.

නාගරිකව බිහිවන ජනප්‍රිය පාසල් තුළ ග්‍රාමීය පාසල්වලට වඩා පහසුකම් ඉහළ බව පිළිගත යුතු කරුණකි. ජනප්‍රිය යන ආකල්පය නිසාවෙන් රජයන් විසින්ද ඇතැම් පෞද්ගලික ආයතයන්ද මෙවැනි පාසල්හි සිදුකරන විවිධ වූ ක්‍රියාකාරකම් ස`දහා අනුග්‍රහය ලබාදීමට මැලි නොවෙති. එසේම වැඩි සිසුන් පිරිසක්‌ ඒකරාශි වී සිටීම නිසා රජයන් විසින් ජනප්‍රිය පාසල් වෙත වැඩි පහසුකම් ලබාදීමද අයුක්‌ති සහගත යෑයි පැවැසීම සදාචාර සම්පන්න නොවන්නේ මෙම පාසල්හිද ඉගෙන ගන්නේ අපේම රටේ දරුවන් වන නිසා ය. නාගරිකව බිහි වී ඇති ජනප්‍රිය පාසල් තම පාසලේ නාමය තව තවත් ප්‍රචලිත කරනු වස්‌ නූතනයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි. මෙම ක්‍රියාකාරකම් විටෙක තවත් ජනප්‍රිය පාසලකට එරෙහිව සිදුකරන සීතල යුද්ධයකි. මෙම ලිපියේ අරමුණ වන්නේ නාගරිකව බිහි වී ඇති ජනප්‍රිය පාසල් මගින් සිදුකරන එවැනි ක්‍රියාකාරකම් මෙරට පාසල් විනයට ගැළපේද යන්න අවස්‌ථා කිහිපයක්‌ යටතේ විමසා බැලීමය.

ක්‍රීඩා තරග පාසල් ස`දහා අත්‍යවශ්‍ය ය. මන්ද, පාසල් අධ්‍යාපනයෙන් බිහිවිය යුත්තේ ශාස්‌ත්‍රීය දැනුමකින් හෙබි පිරිසක්‌ පමණක්‌ නොවන නිසා ය. ක්‍රීඩාවෙන් ද අප ලොව ජයගත යුතුම ය. ක්‍රීඩාව තරග ජයග්‍රහණය ස`දහා ම නොව දැයේ දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය කිරීමටත්, ශාරීරික සෞඛ්‍යය හා මානසික සෞඛ්‍ය ඔප් නැංවීමටත් උපකාරී වේ. මෙරට ජාතික ක්‍රී්‍රsඩාව අත්පන්දු වුවද නූතනයේ පාසල්හි පවතින ජනප්‍රියම ක්‍රීඩාව වනුයේ ක්‍රිකට්‌ ය. මේ නිසා පාසල් අතර වාර්ෂික ක්‍රිකට්‌ තරග (බිග් මැච්) සංවිධානය වේ. මේවා හුදෙක්‌ තරග නොව පාසල් ද්විත්වයක ගෞරවය පිළිබ`ද සංග්‍රාමයක්‌ ලෙස හැ`දින්වීම සුදුසු ය. මෙම ඇතැම් වාර්ෂික පාසල් ක්‍රිකට්‌ තරග නිදහසටත් පෙර යටත් විජිත පාලන සමයේ ආරම්භ වී ඇත. දිවයිනේ ජනප්‍රිය පාසල් මෙම වාර්ෂික ක්‍රිකට්‌ තරග ස`දහා සහභාගි වන අතර ඒ සමග බැ`දුණු ජුගුප්සාජනක සංස්‌කෘතියක්‌ ද වේ. නාගරික ජනප්‍රිය පාසල් හි ක්‍රීඩාවන් ස`දහා පෞද්ගලික අනුග්‍රාහකයන් සිටියද ජනප්‍රිය තලයේ නොමැති පාසල් හි ක්‍රීඩාවන් ස`දහා එවැනි පෞද්ගලික අනුග්‍රාහකයෝ නොමැත. එවැනි පාසල් ස`දහා අනුග්‍රාහකයින් සොයාගැනීම ද අපහසු වන්නේ එම අනුග්‍රහයෙන් අදාළ පෞද්ගලික ආයතනයට ප්‍රචාරණයක්‌ නොලැබෙන නිසා ය. මේ නිසා වාර්ෂික ක්‍රිකට්‌ තරග සංවිධානය කරනු ලබන ඇතැම් පාසලAහි එම වියදම් ස`දහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීමට Rජුව ම පාසල් සිසුන් විශේෂයෙන් අදාළ කණ්‌ඩායමේ සිසුහු පාරට බසිති. එහිදී සිසුන් වෙළෙද ආයතන හා පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන් වෙත යමින් සි`ගමනේ යෙදෙන්නන් ලෙස මුදල් සෙවීමට පෙළඹේ. මෙම යාචක කාර්යය සිදුවනුයේ පාසලේ වග කිවයුතු සියල්ලන්ගේ ම අනුදැනුම යටතේ වීම ශෝකජනක ය. අධ්‍යාපනය පසෙක දමා මුදල් සොයා යාචක වෙස්‌ ගැනීමට පාසල් සිසුන්ට ඉඩ ලබාදීම පාසල් විනයට ගැළපේ ද යන්න සිතාබැලිය යුතු ය. මුදල් සෙවීමෙන් පසු තවත් දේ සිදු වේ. එනම් ඒ ඒ පාසල් විසින් තම පාසලේ ක්‍රිකට්‌ කණ්‌ඩායම දිරිමත් කිරීමට බව පවසමින් මහා මාර්ගයේ එක්‌ මංතීරුවක්‌ කිලෝ මීටර ගණනාවක්‌ අත්පත්කරගෙන යන වාහන පෙළපාලිය ය. මෙම වාහන පෙළපාලිය එම පාසල්වල ආදි සිසුන්ගෙන් හා තවමත් අධ්‍යාපනය ලබන සිසුන් බහුතරයකගේ සහභාගිත්වයෙන් පාසල් බලධාරීන්ගේ ද පූර්ණ අනුදැනුම යටතේ පොලිසියේ ද රථ වාහන හසුරුවා මාර්ගය එළිපෙහෙළි කර දෙන දායකත්වය යටතේ සිදුකරනු ලබන්නකි. වාහනවල වීදුරු කවුළු තුළින් තම උඩුකය එළියට ගෙන දිවි පරදුවට තබමින් ඉතාමත් අසංවර ලෙස හැ`ද පැළ`දගෙන මහ හඬින් වාහන නලා හ`ඩවමින්, මාර්ගයේ යන පදිකයින්ට උසුළු විසුළු කරමින්, කෑ ගසමින් ගමන් කරන මෙම වාහන පෙළපාලිය මෙරට පාසල් විනය පද්ධතියට අනුකූලදැයි මෙතෙක්‌ සොයා නොබැලුවේ එවැනි අංග පාසල් ස`දහා අත්‍යවශ්‍ය බව හැෙ`ගන නිසාද යන්න විමසිය යුතුය. මෙම පෙළපාලියේදී සිදුවන තවත් සිදුවීමක්‌ වන්නේ එම මාර්ගයේ බාලිකා පාසල් වෙත් නම් ඒවාට බලෙන් ඇතුළු වී එහි ශිෂ්‍යාවන්ට උසුළු විසුළු කිරීම ය. නූතනයේ විලාසිතාවක්‌ බවට පත්ව ඇති මෙම තත්ත්වය නිසා සිදු වන විනය විරෝධි ක්‍රියා බොහෝ වෙයි. මෙලෙෂ හැසිරෙමින් බාලිකා පාසලකට ඇතුළු වූ සිසුන් පිරිසක්‌ පිළිබඳවත් පෙළපාලියකින් ගමන් කළ වාහනයක්‌ පෙරළීමෙන් කොළඹ ආනන්ද විදුහලේ සිසුන් දස දෙනෙක්‌ පමණ තුවාල ලද බවත් පසු ගිය සතියේ අසන්නට ලැබිණි. මෙම සිදුවීම් දැක දැක නොදැක්‌කා සේ සිටීම වරදක්‌ බව වගකිව යුත්තන් නොසිතීම මෙරට පාසල් විනය පාලනයට සිදුව ඇති බලවත් අභාග්‍යයකි.

වාර්ෂික ක්‍රිකට්‌ තරග සමග ඇතිවන මෙම විනය විරෝධී උන්මාදය ඇතැම්විට පුපුරායන්නේ එක්‌ පාසලක්‌ පැරැදුණු විට හෝ පරාජයවීමට ඉඩහසර පෑදෙන විට ය. බිග් මැච් උන්මාදය එළියට පැමිණි අවස්‌ථා පසුගිය වසරේ දී ද දැකිය හැකි විය. පසු ගිය වසරේ මාර්තු 21 වැනිදා පැවති කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර සීමිත පන්දුවාර ක්‍රිකට්‌ තරගයේ දී ඩී. එස්‌. සේනානායක විද්‍යාලය ජයග්‍රහණය අබියසට පැමිණි විට ප්‍රතිවාදී පාසලේ ආදි සිසුන් හා සිසුන් පිටිය මැදට කඩාපැන ප්‍රතිවාදීන්ට පහරදීමට පටන් ගත්තේ වනචාරීන් මෙනි. එසේම එදිනම අවසන් වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර පැවැති තෙදින තරගය ජය පරාජයකින් තොරව අවසන් වුව ද අවසන් දිනයේදී අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළ මොහොතේ සිසුන් කලහාකාරී ලෙස හැසිරුණ අතර එහිදී විනිසුරුවන් පණ බේරාගත්තේ දෙපයේ පිහිටින් ක්‍රීඩා මණ්‌ඩපයට දිව යාමෙනිs. පෙර වසරේ දී ගාල්ලෙන් ද එවැනි අවස්‌ථාවක්‌ වාර්තා වූ අතර මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලයන්හි සිසුන් පාලනය කිරීමට කඳුළු ගෑස්‌ පවා යොදාගැනීමට පොලීසියට සිදුවූයේ කාගේ වරද නිසාදැයි වටහාගත යුතු ය. නැතහොත් ක්‍රීඩා පිටිය මැද සිසුවෙකු අවසන් ගමන් යන දිනය ළඟදීම උදාවීම නියතය. නියපොත්තෙන් කඩා ඉවත් කළයුතු දෙය පොරොවෙන් කපන තත්ත්වය දක්‌වා වර්ධනය කරවීම සමාජයේ අභිවෘද්ධියට අහිතකර වේ.

මේ වනාහි සියල්ල නොවේ. ජනප්‍රිය ලෙස පෙනී සිටින පාසල් සිදුකරන එම ක්‍රියාවන් හ`දින්විය යුත්තේ ජනප්‍රිය යන නාමයෙන්ද ප්‍රසිද්ධ යන නාමයෙන්ද යන්න බුද්ධිමත් සමාජීය පුරවැසියන් තීරණය කළ යුතුය. ඕනෑම යහපත් මෙන්ම අයහපත් ක්‍රියාවන්ද ප්‍රසිද්ධ විය හැකි නමුදු අහයපත් ක්‍රිsයාවන් ජනප්‍රිය ලෙස හැ`දින්වීම සුදුසු නොවේ. මන්ද, ඒවා අප්‍රිය ක්‍රියාවන් වන නිසා ය. සමාජ සම්මත ඇතැම් ජනප්‍රිය පාසල් සිදුකරන ක්‍රියාවන් ජනප්‍රිය ද නැතහොත් අප්‍රිය ද යන්න බුද්ධිමත්ව වටහාගත යුතු ය.

කේ. උදේනි අරුණසිරි
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය - කොටුව, ගාල්ල


http://www.divaina.com/2016/03/07/gurusitha01.html

Wednesday, November 11, 2015

බොදු ජන දිවිය ඔපවත් කළ උපමා කවි




සිංහල සාහිත්‍යයේ උපමා කථා රැසක්‌ම ඇත. එසේම සංස්‌කෘත සාහිත්‍යයට අයත් උපමා කථා ලියෑවුණ ග්‍රන්ථ කිහිපයක්‌ම ඇත. හිතෝපදේශය පංචතන්ත්‍රය ඉන් ප්‍රධාන තැනක්‌ ගනියි. එම ග්‍රන්ථ අනුසාරයෙන් කියවූ උපමා කවි සිංහල ජනතාව අතර බොහෝ සෙයින් ව්‍යවහාර විය. දහම් පොත් අතර 'ධම්මපදය' ට අයත් හැම ගාථාවකම වගේ උපමා දැකිය හැකියි. ධර්මයෙහි අර්ථ වඩාත් පැහැදිළි කරනු වස්‌ එසේ උපමා අන්තර්ගත කොට ඇති බව පෙනෙයි. බුදු හිමියන් සාමාන්‍ය ගැමියන් අතර නිතර දක්‌නට ලැබෙන සිදුවීම් උපමාවට ගෙන දහම් දෙසා ඇති බව පැහැදිළිය. ඒ නිසාම ඒවා ජනතාවට වඩාත් සමීප විය. පැරැණි ලේඛකයන් අතර සද්ධර්මරතනාවලිය කර්තෘ ධර්මසේන හිමියන් තරම් උපමා යෙදීමෙහි දක්‌ෂයකු සිටියේ නැත. උන් වහන්සේගේ උපමා සරලය. ජන දිවියට බෙහෙවින් සමීප විය. තත්කාලීන

සමාජයේ තතු ඉතා මැනවින් නිරූපණය වෙයි. උපමා කවි වනාහි සිංහල ගැමියන් අතර නිරතුරුවම භාවිත වුණි. මෙම කවි වරක්‌ ශ්‍රවණය කළහොත් මතක හිටින තරමට සරලය. සුගම ය. අකුරු ශාස්‌ත්‍රය නොදත් අයකුට වුවද ශ්‍රවණය කිරීම මගින් ග්‍රහණය කර ගත හැකිය.

අපේ ජන කවි සිංහල සංස්‌කෘතිය පිළිබඳ තතු නිරූපණය කරන කැඩපතක්‌ බඳුය. ඓතිහාසික සංස්‌කෘතික සමාජ ගත තොරතුරු දැන ගැනීමට තිබෙන ප්‍රබල මූලාශයක්‌ වශයෙන් ද සැලකීමට පිළිවන් වෙයි. අතීත හෙළ ජන දිවිය ගොඩනැගුනේ ගමෙහි විහාරස්‌ථානය මූලික කර ගත් සමාජයක්‌ වශයෙනි. ඒ අනුව පුරාණ හෙළ ගැමියාගේ සියලු කටයුතු සිදු වුණේ ආගම දහම මුල් කර ගෙනය. ඔවුන්ගේ සිතුම් පැතුම් සදහම් සංකල්ප මතම ගොඩ නැගුණි. ඒ නිසා ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ නිවැරැදි අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා සමාජ ගතව තිබූ විවිධ ජන කවි බෙහෙවින් ඉවහල් වෙයි.

ජන කවි අතර විවිධ කවි රැසක්‌ ඇත. පැල්කවි, කරත්ත කවි, නෙළුම් කවි, ගොයම් කවි, පතල් කවි, ඔන්චිලි කවි නොහොත් වාරම් කවි, තහංචි කවි ආදී කවි වෙනත් කිසිදු ජන සමාජයක දක්‌නට නැති තරම් සිංහල ජන වහරෙයි පැවතිණ. මෙම කවි ඒ ඒ අවස්‌ථාවන්හි ගායනා කිරීමත් ඒවා අසාගෙන සිටීමත් හෙළ ගැමියාගේ විනෝදාශ්වාදය සඳහා හේතු සාධක විය. මේවා මගින් හුදු විනෝදාශ්වාදය පමණක්‌ නොව, සමාජ යහපතට හේතු වන සදහම් පණිවුඩ රැසක්‌ ද ලබා දීමට යත්න දැරූහ. සැබවින්ම මේවා

සමාජයේ යහපත පිණිස හේතු වූ බව අතීත සමාජ තතු විමසීමේ දී පෙනෙයි.

එදා සමාජයේ උපදේශ කවි වශයෙන් කවි විශේෂයක්‌ ද තිබුණි. මෙම උපදෙස්‌ කවි ලිත සාහිත්‍යයක්‌ වශයෙන් නොතිබුණි. මෙම කවි අවස්‌ථාවට උචිත අයුරින් ගායනා කිරීමට අතීත හෙළ ගැමියාට අපූරු හැකියාවක්‌ තිබුණි. මෙම උපදෙස්‌ කවි යොදමින් යමක්‌ පැහැදිලි කිරීමට හැකියවාවක්‌ ඇති පුද්ගලයන් එදා සමාජයේ යම් මට්‌ටමක උගතුන් වශයෙන් සැළකීම ඔවුන්ට ගරු කිරීම එදා

සමාජයෙහි අනුගතව තිබූ කරුණකි. බොහෝ උපදේශ කවිවල මතු පිටින් බලන විට හරවත් දෙයක්‌ නැති බව පෙනුනත් ගැඹුරින් හිතා බලන විටත් එම කරුණු තමන් අත්දුටු අවස්‌ථාවත් සමඟ සස¹ බලන විටත් මේ උපදේශ කවිවල ඇතුළත් කරුණු ඉතා විශිෂ්ඨ ඒවා බව වටහා ගත හැකිය.

කළදේ යමෙක්‌ තතු පින් පව් දැන හොඳට

පළදේ විපාකය කවදා මුත් ඔහු ට

මුහුදේ පැන්නාලු එහි කොණ බලන්න ට

බැරිදේ පුළුවන්ද දත් මිටි කෑවා ට

තමන් යම් කිසි දෙයක්‌ කරන්නේ නම් පින් පව් පිළිබඳ සලකා කළ යුතු බව මෙයින් ප්‍රකාශ වෙයි. එසේ පින් පව් නොසළකා කටයුතු කරන පුද්ගලයන් මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයද අඳුරට පත් කර ගනිති. මෙම උපදේශය ප්‍රකාශ කරන ගමන් සමාජයට සඳහම්

පණිවුඩයක්‌ ද ලබා දෙයි. එය නම් බුදු දහමෙහි පෙන්වා දෙන කර්මවාදයයි. තමන්ට කළ නොහැකි කාර්යයන් කොතෙක්‌ උත්සාහ කළත් කරන්නට අපහසු බවද මෙමගින් පෙන්වා දී ඇත. ඇඟිල්ලේ තරමට ඉදිමුව ගත යුතුය යන ආප්තෝපදේශයද මෙය කවිය මගින් දක්‌වා ඇත

කලකට කට මව් දෙතනේ කිරි බී මා

කලකට කට රට පලවැල වැළඳී හා

කලකට කට වෙලකට බැඳි වැට සේ මා

කලකට කට පට මල්ලේ කට සේ මා

ඉතා දීර්ඝව විස්‌තර කළ යුතු දහම් කරුණු රැසක්‌ කැටි කොට ඇති මෙම කවිය මගින් ඉදිරිපත් කරන දහම් පණිවුඩය උගතුන්ට මෙන්ම නූගත් ගැමි ජනයාට

පහසුවෙන් වටහා ගත හැකිය. බුදු දහමෙහි උගන්වන අනිත්‍යය පිළිබඳ පැහැදිලි කරන මෙම කවිය මගින් රූපයෙහි තිබෙන නිසරු බව පෙන්වා දෙන්නේ ගැමියන්ට පහසුවෙන් තේරුම් ගත හැකි සුලබ උපමා උපයෝගි කර ගෙනය. මිනිස්‌ දිවියෙහි සියලු අවස්‌ථාවන් මෙම කවි පද හතර මගින් අපූරුවට පැහැදිළි කර දෙයි

ඇස නැතිදා පොත ගත්තේ කියන්නට ද

දත නැතිදා උක්‌ දඬු ගිනි තපින්නට ද

වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ට ද

යුද ඇතිදා නැති කග කොස්‌ කොටන්ට ද

අද කළ යුතු දෙය අද කළ යුතුය. පසුවට කල් දැමුව හොත් තමන්ට පසු තැවිලි වීමට සිදු වෙයි. 'අඡ්ජෙව කිච්චං ආතප්පෝ - කොජඤaෙCදා මරණෙ සුවෙ' අද කළ යුතු කාර්යය අද කළ යුතුය. මරණය හෙට වුවද විශ්වාශ නැත යන බුදු දහම ඇතුළත් කොට තිබෙන මෙම උපදේශ කවිය මගින් ලබා දෙන පණිවුඩය එදා සමාජයේ දියුණුව සඳහා කොතෙක්‌ උපකාරී වන්නට ඇත්ද? සැබවින්ම මම කවි ඇසු නූගත් ගැමියා වෙර වීරිය රැගෙන කටයුතු කර ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර දියුණුව සඳහා ද අවශ්‍ය කටයුතු නොපමාව සිදු කිරීමට පෙළඹී ඇති බව සිතිය හැකිය.

ඉක්‌මන් කෝපයෙන් කිසිවෙක්‌ නැත බේරී

දැක්‌මෙන් සිත පිනයි හොඳ යහපත් බාරි

රැක්‌මෙන් ඉවසුමෙන් යහපත එයි බේරී

ඉක්‌මන් වුණොත් කොරහෙන් අත දානු බැරි

ඉක්‌මන් කෝපය නැතහොත් ක්‍ෂණික කෝපය නිසා ඇතැම් දෙනා බරපතළ අපරාධ කරති. එහි බරපතළ බව වැටහෙන්නේ සියල්ල සිදුවී හමාර වුවාට පසුවය. ස්‌වල්ප මොහොතක්‌ හෝ ඉවසුවේ නම් එවැනි විපත් වළකා ගත හැකිය. ඉවසීමෙහි වැදගත්කම බුදු දහමෙහි මැනවින් පෙන්වා ඇත. එය බෝසත්වරවැන් විසින් පුරණු ලබන පාරමිතාවක්‌ වශයෙන් ද සඳහන් වෙයි. මෙම උපමා කවිය මගින් ඉවසීමෙහි වැදගත්කම මෙන්ම අනවශ්‍ය කලබලකාරි තත්ත්වයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බව ද පෙන්වා දෙයි. ඉක්‌මන් වුණොත් කොරහට වුවද අත දැමිය නොහැක. කොරහ යනු කුස්‌සියේ භාවිතා කරන විශාල කටක්‌ සහිත භාජනයකි.

සිටියට ඉනිකුණෙන් කඩනෙද හැඳි රෙද් ද

කිව්වට දොසක්‌ උතුමන් කෝපය වෙද් ද

කෙරුවට අපහාස ඇති ගුණ නැති වෙද් ද

බිරාවට සුනකයෙක්‌ කන්දක්‌ මිටි වෙද් ද

උතුම් පුද්ගලයන්ට නින්දා අපහාස කිරීම සමාජයේ කොතෙකුත් සිදු වෙයි. බුදු හිමියන් වැනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමකට ද සමාජයෙන් ලැබුණ නින්දා අපහාස කොතෙක්‌ද? එහෙත් උන් වහන්සේ කිසි විටෙකත් කම්පාවට පත් නොවුණ සේක. මෙම උපමා කවියෙන් ද පැවසෙන්නේ එම අකම්පිත ගුණයෙහි තිබෙන වැදගත් කමයි. උතුමන්ට නින්දා අපහාස කරන විට ඉවසන අතර ඉවසන නිසාම ශ්‍රේෂ්ඨත්වය වර්ධනය වෙයි. මෙම උපමා කවියෙහි සාමාන්‍ය අර්ථය එය වෙයි.

පෙනුමට රටට සබයට උගතෙක්‌ විල සේ

රට තොට පසිඳු මුත් ඉන්නට නැත නිව සේ

කෙරුමට බැරි නොයෙක්‌ වැඩ නෙක ලෙස සැළසේ

ගෙදරට මරගාතෙ ලෝකෙට පරකා සේ

ඇතැම් පුද්ගලයන් ලෝකය හදන්නට බණ කියති. එසේ බණ කියන බවට රටෙහි ප්‍රසිද්ධියක්‌ උසුලති. එහෙත් තමන් තුළ කිසිදු ගුණ ධර්මයක්‌ නැත. තමන් දේශනා කරන බණ අනුව පිලිපැදීමක්‌ නැත. එවැනි අය දේශනා කරන බණ බැදි බණ වශයෙන් ලෝකෝපකාර කතුවරයා සඳහන් කර ඇත. වඩුවාගේ ගෙදර පුටුව නැතිවා වගෙයි යනුවෙන් ප්‍රස්‌ථා පිරුළක්‌ හැදී ඇත්තේ ද එවැනි අය වෙනුවෙනි.

පීල්ලේ දියට කළයක්‌ නැමූව ත්

නොපිරෙයි කළය සැට පැයකින් බැලුව ත්

පින් මදි එකා බණ දහමින් වෙලූව ත්

උගේ ගතිය ඌ නාරි මැරූව ත්

වතුර ගලා හැලෙන පිහිල්ලකට කළයක්‌ ඇල්ලූ විට එය සම්පූර්ණයෙන් පුරවා ගැනීම අපහසු වෙයි. මෙය උදාහරණයකට ගෙන කවියා සමාජයේ පවතින දුර්වලතාවක්‌ පෙන්වා දුනි. ඇතැමුන්ට කොපමණ අවවාද කළත් ඔවුන්ගේ වැරදි නිවැරදි කර ගන්නේ නැත. ඔහු බණ දහම්වලින් වෙලුවත් ඔහුගේ උපන් ගතිය අත්හැර දැමීමට පුළුවන් කමක්‌ නැත. එවැනි පුද්ගලයන් ඉලක්‌ක කර ගෙන මෙම කවිය කියවී ඇත. මෙයටම සමානව තවත් උපමා කවියක්‌ ඇත. එනම්.

වැහැරන මුල් කෙසරු සිය ගති නොහරි ය

ඇති කළත් සුනකු තම ගති නොහරී ය

කිරේ ලුවත් අගුරු කලු පැහැ නොහරී ය

කොහේ ගියත් වලා වල් කමි නොහරී ය

සිංහයා වියපත් වුණත් සිංහ ගතිය අත් නොහරියි. ඇති දැඩි කරන සුනකයා සුනක ගති අත් නොහරියි. කිරිවල දමා තිබුණත් අඟුරු සුදු පැහැ ගන්නේ නැත. ඒ අයුරෙන් වල්කම් කරන පුද්ගලයා කොහේ ගියත් තමන්ට සුපුරුදු වල් කම් කරයි.

බලැත් රජු හටත් කල කම් ල දෙවතී

ජගත් ගිනි සුළං කෝපය ලොව පවතී

මහත් දන පතින් නිගමනයට පත් වෙතී

පහත් වුණ හෙනේ කෛdතනට මුක්‌ විදිතී

ඇතැම්දෙනා බලයෙන් ධනයෙන් මත්ව, උඩඟු බවට පත් වී කටයුතු කරති. එයින් නොයෙකක්‌ නොපනකත් කම් කරති. එහෙත් ඔවුන් කළ අපරාධ දූෂණවලට ප්‍රතිවිපාක කෙදිනක හෝ ලැබෙනු ඇත. ඔවුහු ධනය නොමැති දිළින්දන් වී අසරණ බවට පත් වෙති. කවියෙන් උපදෙස්‌ දීම බුදු දහමෙහි එන ප්‍රධාන ලක්‍ෂණයකි. ධම්මපදය වැනි ත්‍රිපිටක අන්තර්ගතයන් විමසීමේ දී ඒ බැව් මැනවින් පසක්‌ වෙයි. පුරාතණ ගැමියන් බුදු බණ කාටත් තේරුම් ගත හැකි පරිදි දේශනා කරනු වස්‌ ඉදිරිපත් කළ බොහෝ උපදෙස්‌ කවි ඇත.

සූරිය උදා වන තුරු පිණි බෑවිල් ල

පාරුව පදින තුරු සයුරේ සෙලවිල් ල

මාරුව බල බලා සිත යට සැරසිල් ල

කාරිය කරන තුරු කාගෙත් රැවටිල් ල

තමන්ට යම් කිසි කාර්යයක්‌ කර ගන්නා තුරු ඇතැම් දෙනා නොයෙක්‌ ඉච්චා බස්‌ කියති. පොරොන්දු රාශියක්‌ දෙති. තම කාරිය කර ගත් පසු දුන් පොරොන්දු කිසිවක්‌ ඉටු නොකර ඉවත බලා ගනිති. ඒ සියල්ල අමතක කර දමති. දේශපාලනය පිළිබඳ විමසීමේදී මෙය නිතර මහ ජනයා අතර කථා බහට ලක්‌ වන කරුණකි. එදා සමාජයේත් එවැනි රැවටිලිකරුවන් සිටින්නට ඇත. එවන් රැවටිලි කරුවන් ගෙන් බේරී කටයුතු කිරීමට කවුරුවත් සිත්වලට ගත යුතුය.

'ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය', 'පැන යන මුවන් දැක නොදමනු නෙලු පලා', 'සුනක නගුට බැරි ඇද ඇරලා ගන්ට', 'ලූලා නැතිවලට කනයා පණ්‌ඩිතයා', 'සෙවනැල්ලත් ඇදලු අත් ඇරෙනා දීගේ', 'තණ්‌හාපතියන්ට විලි බිය දෙකම නැති', 'කුමට ලීයගේ කැත වුණි නම් කිරියාව', 'අම්මට ආලෙ නැති දරු රටට වැඩ නැති', 'කහල ගොඩේ තිබුණත් මැණික මැණිකමය', 'මළදා ඉතින් පණුවන් මිස කාත් නැති', 'පනින රිලවුන්ට ඉනිමං කමකන් නැත', 'වදුරා නාකි වුණ මුත් උඩමයි ගමන' මෙවැනි කරුණු ඇතුළත් උපමා කවිවලින් එදා සමාජයේ ගුණ දම් පෝෂණය සඳහා ලැබුණ පිටු බලය අති විශ්ෂ්ඨ ය. යහපත් සමාජයක්‌ ගොඩ නගනු වස්‌ මෙම උපදෙස්‌ කවි කොතෙක්‌ දුරට ඉවහල් වී ඇත්ද යනු විමසා බලන විට පසක්‌ වෙයි.



බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
නාලන්දේ විමලවංශ හිමි

http://www.divaina.com/2015/11/11/news21.html

සෝභිත නාහිමිට ගෞරව දැක්‌වීමට පාසල් දරුවන් සහභාගි කරවන්න

Image result for maduluwawe sobitha children

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව පුදකිරීම සඳහා පාසල් දරුවන් සහභාගි කරවන ලෙස බස්‌නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ විමල් ගුණරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් වෙත උපදෙස්‌ දී ඇත.

ආදාහන පූජෝත්සවය දින (12 වැනිදා) ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා එම අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් බස්‌නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අද (11 වැනිදා) කැඳවනු ලැබ තිබේ.

බස්‌නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ දරුවන්ගේ වාර විභාග ආරම්භ කර ඇති හෙයින් ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල්වලට නිවාඩු ලබාදීමේ හැකියාවක්‌ නැතැයි ද එහෙයින් සාමාන්‍ය පෙළ දරුවන්ගේ වාර විභාග සැලසුම් කර ඇති පරිදි පවත්වන ලෙස සෙසු ශ්‍රේණිවල දරුවන්ට නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව පුදකිරීම සඳහා අවස්‌ථාව සලසන ලෙස ද විදුහල්පතිවරුන්ට උපදෙස්‌ දී ඇතැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.


නිලන්ත මදුරාවල

Tuesday, October 6, 2015

අවම ඉසඩ් ලකුණු නිකුත් කෙරේ





නව අධ්‍යයන වර්ෂය (2014/2015) සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (05 වැනිදා) නිකුත් කරන ලදී.

ඒ අනුව වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාවට ඇතුළත් වීම සඳහා ඉහළම ඉසඩ් ලකුණු අවශ්‍ය වන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. එම ලකුණු 1.9370 ක්‌ වන අතර ඉංජිනේරු විද්‍යා උපාධි පාඨමාලාවට ඇතුළත්වීම සඳහා ඉහළම ඉසඩ් ලකුණ වන 1.9239 අවශ්‍ය වන්නේ මාතර දිස්‌ත්‍රික්‌කයෙනි. නීතිය පාඨමාලාවට ඇතුළත්වීමේ ඉහළම ඉසඩ් ලකුණ 1.9730 වෙයි. එම ලකුණ අවශ්‍ය වන්නේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය සඳහාය.


නිලන්ත මදුරාවල

Monday, June 29, 2015

knowledge.........??? අදත්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ
වාර්ෂික පොත් ප්‍රදර්ශනය හා සල්පිල knowledge අදත්


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තෙ වැනි වරටත් සංවිධානය කරන knowledge වාර්ෂික මහා පොත් ප්‍රදර්ශනය හා සල්පිල අදත් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්ත මේන්තුවට අමතරව ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෝ රැසක්‌ මෙම ප්‍රදර්ශනයට හා සල්පිලට එක්‌ වෙති. වෙළෙඳ කුටි පනහකින් පමණ සමන්විත මෙම ප්‍රදර්ශනය උදේ 9 සිට සවස 6 දක්‌වා පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

ශාස්‌ත්‍රීය, අධ්‍යාපනික, සාහිත්‍ය, ළමා මෙන්ම ප්‍රශ්නෝත්තර පොත් ඇතුළු අධ්‍යාපනික CD තැටි ද විශේෂ වට්‌ටම් සහිතව ලබා ගැනීමට මෙහිදී අවස්‌ථාව සලසා ඇතැයි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්‌ ජනරාල් තිස්‌ස හේවාවිතාන මහතා පවසයි.

අද සවස්‌කාලයේදී ප්‍රවීණ ගායක ගායිකාවන් සහභාගි වන සුභාවිත ගී සර නමින් සංගීත ප්‍රසංගයක්‌ ද පැවැත්වීමට ද පියවර ගෙන ඇත.


http://www.divaina.com/

Monday, June 8, 2015

අනේ දරුවනේ කිම්ද මේ වෙන්නේ


කිරි උරා බොන වයසේ සිට ම දරුවන් පාසල් යෑවිය හැකි නම් දෙමව්පියෝ ඊට පසු බට නොවෙති. මෙරටේ අධ්‍යාපන ක්‍රමය එතරම් ම තරගකාරීය. මෙවන් තරගකාරී අධ්‍යාපන රටාවක්‌ සහිත වෙනත් රටක්‌ ලොව අන් කවර තැනක හෝ තිබිය නොහේ. යන්තම් වයස අවුරුදු තුන සම්පූර්ණ වීමටත් පෙරාතුව ඇතැම් විට අවුරුදු දෙකහමාරක්‌ තරම් නොදරු වියේ දීම දරුවන් පෙර පාසල්වලට යොමු කිරීමේ ක්‍රමය විසින් දෙමව්පිය තුරුලේ උණුසුම් වීමේ අයිතිය ඔවුන්ගෙන් පැහැර ගනු ලැබේ. ඉන් අනතුරුව පළමු ශ්‍රේණියේ සිට ම පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය තෙක්‌ මහා දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දීමට දරුවන්ට සිදුවෙයි. වයස අවුරුදු දෙකහමාරේ දී පෙර පාසල් යවා පළමු ශේ්‍රණියේ සිට ම ශිෂ්‍යත්වයට හුරු කරන දරුවාට බාහිර ක්‍රියාකාරකම් සඳහා ඉඩහසර නැත. තිබුණ ද ඒ ඉතා අල්ප වශයෙනි. මේ හිසරදකාරී අධ්‍යාපන රටාව කෙරෙහි විරෝධය දක්‌වන දෙමව්පියන් සිටිය ද සිය දරුවන් ද සමගින් ඒ ඔස්‌සේ ගමන් කිරීම හැර අන් විකල්පයක්‌ ඔවුන්ට ද නැත. දරුවන්ට ද වෙනත් විකල්පයක්‌ නැත. අවුරුදු දෙකහමාරේ සිට ම අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් දෙමව්පියනගේ පමණක්‌ නොව රටේ අපේක්‍ෂා ඉටු වේද යන්න ගැටලුවක්‌ බව ගම්‍ය වන්නේ බස්‌නාහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ පසුගිය දා එළිදුටු යථාර්ථය කෙරෙහි අවධානය යොමු කරන විට ය.

බස්‌නාහිර පළාතේ 6 වන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්‌වා පාසල් සිසුන්ගේa සාක්‌ෂරතාව ඉතා දුර්වල සිසුන් සංඛ්‍යාව 6626 ක්‌ බව පුවත්පත්වල පළ විය (දිවයින, අප්‍රේල් 30 පුවත්පත). එම සංඛ්‍යා ලේඛන පහත දැක්‌වෙන පරිදිය.



අප රටෙහි 1945 සිට නිදහස්‌ අධ්‍යාපනය ක්‍රියාත්මක වන අතර 2015 වන විට පාසල් ගුරුවරුන් සංඛ්‍යාව දෙලක්‌ෂ විසිදාහකි. සාක්‌ෂර වියුක්‌තියක්‌ නිදහස්‌ අධ්‍යාපනය ඇති රටක ඇතිවන්නේ කෙසේද යන්න ගැන බොහෝ අය විමතිය පළ කරති. වැඩිම දෙනා මේ සඳහා දොස්‌ පවරනුයේ ගුරුවරුන්ටය. මේ පිළිබඳව පර්යේෂණ සිදු කර තිබේ. වර්තමානයෙහි මිනිසාගේ බුද්ධිය පිළිබඳව කරන ලද පර්යේෂණ අතර ඉතා ඉහළින් පිළිගැනෙන හා ලොව පුරා අධ්‍යාපනඥයින් භාවිතා කරනුයේ මහාචාර්ය හෙවාඩ් ගාඩිනර් මහතා ඉදිරිපත් කර ඇති බහුවිධ බුද්ධි න්‍යායයි. මෙම න්‍යාය ලොව පුරා ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියටත් පෙළපොත් ලිවීමටත් මෙන්ම ගුරු අත්පොත් සඳහාත් භාවිතා කෙරේ. මහාචාර්ය හොවාඩ් ගාඩිනර් මහතා ඉගෙනීමට බලපාන බහුවිධ බුද්ධි වර්ග 8 ක්‌ දක්‌වා ඇත. මේ අතරින් සාක්‌ෂර වියුක්‌තිය පිළිබඳව අපට කථා කිරීමට සිදුවන්නේ එතුමා දැක්‌වූ භාෂාමය බුද්ධිය ඇසුරිනි. භාෂාමය බුද්ධිය සෑම අයෙකුටම පරිණාමය සම`ගම ඇති වූවකි. මිනිසා බිහි වීමේ දී ම භාෂා බුද්ධිය ද පරිණාමය වේ. එය සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් එහි විශේෂ තත්ත්ව දෙකකි. ඉන් එකක්‌ වන්නේ සමහර පුද්ගලයින් එහි උපරිම තත්වයෙන් පරිණාමය වීමයි. ඒ අනුව කෙනෙකුට භාෂා ගණනාවක්‌ භාවිතයට ගත හැකි වේ. එහෙත් මෙබඳු අය ඉතා දුර්ලභ වේ. ශ්‍රී ලංකාව තුළින් නිදසුන් ගන්නේ නම් බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ට, මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා වැනි අයට භාෂා 10 කට වඩා ලිවීමේ හා කියවීමේ හා කථන හැකියාව පැවතුණි. එහි මධ්‍යම මට්‌ටමක්‌ ද ඇත. භාෂා බුද්ධියේ මධ්‍යම මට්‌ටමේ සිටින අයට භාෂා දෙක තුනක්‌වත් පරිහරණය කළ හැකිය. එහි සාමාන්‍ය මට්‌ටම තමන්ගේ මවු භාෂාව භාවිතයට හැකිවීමයි. එමෙන්ම මෙහි සෘණාත්මක භාෂා බුද්ධිය වනුයේ තමන්ගේ මවු භාෂාව කථා කිරීමට හැකියාව ඇතත් ලිවීමට හැකියාව නොමැති වීමයි. මෙම තත්ත්වය භාෂා බුද්ධියෙහි ස්‌වරූපයයි. එහෙත් භාෂා බුද්ධියේ සෘණාත්මක ස්‌වරූපයෙහි භාෂා බුද්ධියක තිබිය යුතු චතුර්විධ භාෂා කුසලතා නොමැති අයෙකු වන්නේ නම් ගොලු අයෙකු විය යුතුය. එහෙත් ගොලු අයට ද ලේඛන හැකියාව පුරුදු කළ හැකිය.

භාෂාව පිළිබඳ බුද්ධියෙහි දක්‌නට ලැබෙන තවත් දුර්වල තත්ත්වයක්‌ වන්නේ සමහර ළමයින් තුළ දක්‌නට ලැබෙන ඩිස්‌ලෙක්‌ෂියා (Dyslectshia) නම් වූ රෝගී තත්ත්වයයි. මෙම රෝගය නිසා භාෂා / වචන උච්චාරණයට වෙලාවක්‌ ගත කිරීම, වචනයට අනුමාන වෙනත් වචනයක්‌ කීම ආදිය සිදු කරයි. මෙම දුබලතාව භාෂාව ලිවීමේ දී ද දැකිය හැකිය. අකුරු නොහැඳිනීම, අක්‌ෂර වින්‍යාසය නොදැනීම ආදිය නිසාම අකුරු ලිවීමේ නොහැකියාව ඇති වේ. අකුරු හරිහැටි මොළයෙහි සංජානනය නොවීම හෙවත් අකුරේ හැඩය මොළයෙහි තැන්පත් නොවීම හා එම අකුරේ උච්චාරණය තැන්පත් නොවීම මෙහි ප්‍රධාන ගැටලුව වේ. මේ නිසා අකුරු ලිවීමේ දී අකුරු පටලවා ලියයි. නැතහොත් අකුරු කෑලි හෝ භාග අකුරු ලිවීම සිදු කරයි. සමාන අකුරු පටලවා ලිවීම හා කියවීම නිතර දක්‌නට ලැබේ. ''න'', ''ත'', ''ක'', ''බ'', ''ඛ'' වැනි අකුරේ හැඩය හෝ ශබ්ද නොදැනීම නිසා එසේ ලියයි.

භාෂාව හැරුණු විට ගණිතය සම්බන්ධයෙන් ද මෙම ගැටලුව පවතී. මෙහි දී ගණිත අංක හඳුනා ගැනීමට නොහැකිය. අංක නිවැරදිව සංජානනය කළනොහැකිය. එම අංක පටලවා ගනී. යමක්‌ ලියන විට හා කියවන විට දී මොළය එහි අර්ථය වටහා ගනී. මෙම තත්ත්වය ඇති සිසුන්ගේ භාෂා භාවිතයේ පවතින ගැටලු පහත දැක්‌වේ.

අර්ථය අවබෝධ නොවීම

කියවීම ඉතා දුර්වල වීම

ශබ්දය හා කථනය වෙන් කර ගත නොහැකි වීම

අකුරු හා වචන අතහැර කියවීම.

අකුරු වචනවලට ගළපා ගැනීමට නොහැකි වීම

අමතක වීම හා අවධානය නොමැතිකම

අකුරු හැඩය මොළයෙහි තැන්පත් නොවීම

අකුරු හැඩය විකෘති කර ලිවීම

අකුරු කනපිටට ලිවීම

අකුරු අත්හැර ලිවීම

අකුරු නොලියා ඒවා ඇඳීම

අකුරුවල කෑලි වශයෙන් ලිවීම

අකුරු එක මත එක ලිවීම

අකුරු භාග ලිවීම

අකුරු පේලියට නොලිවීම

මොළයේ රෝගී තත්ත්වයන් නිසා ළමයින් භාෂාමය දුර්වලතා දැක්‌වුව ද ඔවුහු අනෙකුත් කාර්යයන්හි දුර්වල නොවෙති. එමෙන්ම මෙම රෝගී තත්ත්වය ජීවිතය පුරාම දක්‌නට නොලැබෙන අතර මොළයේ වර්ධනයේ ආබාධිත තත්ත්වයක්‌ නිසා තාවකාලිකව සිදුවන ක්‍රියාවලීන් පමණි. මොවුන් ගැන අවධානයෙන් සිට මෙම හැකියාව වර්ධනය වූ පසු අකුරු හා ගණිත ඉගැන්වීම සිදු කළ හැකිය. එබැවින් මේ ගැන බිය විය යුතු නොවේ. අවධානයෙන් සිට ඔවුන් යථා තත්වයට පත් කළ හැකිය.

ඩික්‌ස්‌ලෙක්‌ෂියා රෝගී තත්ත්වය හැරුණු විට නූතන පර්යේෂණ මගින් පෙන්වා ඇත්තේ බුද්ධි වර්ධනයේ විවිධත්වය අනුව හැඩ තල හඳුනා ගැනීම, රටා හඳුනා ගැනීම ආදිය සම්බන්ධව දුබලතා දක්‌වන සමහර සිසුන්ට ද ඉහත රෝගය නැති වුවත් අකුරු හා අංක හඳුනා ගැනීමේ ගැටලු පවතින බවයි. එවැනි අයට ඩික්‌ස්‌ලෙක්‌ෂියා රෝගී ළමයින්ටත් වඩා වේගයෙන් අකුරු ඉගෙනීම ඉක්‌මන් වේ. මෙම සිසුන් ද ඉහත කී රෝගී ලක්‌ෂණ පෙන්නුම් කළ ද ඒවා ඉතා ඉක්‌මනින්ම පහවී යයි. එහිදී මව හා පියා මේ ගැන අවධානයෙන් සිට ප්‍රතිකර්ම යෙදීම සිදු කළ යුතු වේ.

සාමාන්‍ය සෑම ළමයකුම සාමාන්‍ය විභව ශක්‌තීන්ගෙන් යුක්‌තය. එහෙත් බුද්ධි වර්ධනයේ විවිධ ඌනතා නිසා යම් යම් හැකියා දැක්‌වීම ප්‍රමාද විය හැකිය. ඒ ගැන වඩා අවධානයකින් සිටිය යුත්තේ මවුපියන්ය. පුහුණු ගුරුවරුන්ට ද මේ ගැන හොඳ අවබෝධයක්‌ තිබිය යුතුය.

ඩික්‌ස්‌ලෙක්‌ෂියා රෝගය නැතත් සියලුම ළමයි එක හා සමාන බුද්ධි වර්ධනයෙන් යුක්‌ත නොවෙති. ඔවුන්ගේ බුද්ධි වර්ධනයේ විවිධතා දක්‌නට ඇත. මේ නිසා ඩික්‌ස්‌ලෙක්‌ෂියා රෝගය නැතත් එහි දැක්‌වෙන සමහර ලක්‌ෂණ සිසුන්ට ද තිබිය හැකිය. එනම් අකුරුවල හැඩය තේරුම් ගත නොහැකි වීම, හැඩය විකෘති කර ලිවීම, අකුරු කනපිටට ලිවීම, අකුරු අත්හැර කියවීම හා ලිවීම, අකුරු එක මත එක ලිවීම, අකුරු පේලියට නොලියවීම, අකුරුවල ශබ්ද අමතක වීම ආදී ලක්‌ෂණ බුද්ධි වර්ධනය අනුව වෙනස්‌ව පිහිටිය හැකිය. මේ තත්ත්වය යටතේ සෑහෙන ළමයින් පිරිසක්‌ මෙම ලක්‌ෂණවලින් යුක්‌ත විය හැකිය. මෙය රෝගයක්‌ නොවේ. බුද්ධි වර්ධනයේ තාවකාලික දුබලතාවකි. මේ තත්ත්වය ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද තේරුම් ගත යුතුය. ලංකාවේ පවතින ගුරු අධ්‍යාපනයෙහි ප්‍රමිතියක්‌ නොමැති නිසා සමහර ගුරු අධ්‍යාපන පාඨමාලා තුළ මේවා ගැන අවබෝධයක්‌ ලබා දෙන්නේ නැත. මේ නිසා බොහෝ ගුරුවරුන්ට මේ ගැන අවබෝධයක්‌ නොලැබීම කණගාටුදායකය. දියුණු රටවල මෙන් විශ්වවිද්‍යාලවලින් පමණක්‌ නියත ප්‍රමිතියකින් ගුරුවරුන් පුහුණු කිරීම වැදගත් බව අධ්‍යාපන බලධාරීන් තේරුම් ගෙන නැත.

පොදුවේ සාක්‌ෂර වියුක්‌තිය පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කර තිබේ. ඒ අනුව සාක්‌ෂර වියුක්‌තිකභාවයට / අකුරු බැරිවීමට හේතු රැසක්‌ තිබෙන බව අනාවරණය කරගෙන තිබේ. එම කරුණු පොදුවේ ගත් කල පහත සඳහන් කළ හැකිය.

ගුරුවරුන් සම්බන්ධ සාධක

ශිෂ්‍යයින් සම්බන්ධ සාධක

පවුල සම්බන්ධ සාධක

දෙමාපියන්ගේ පහළ අධ්‍යාපන මට්‌ටම

ශිෂ්‍යයාගේ සමාජ පරිසරය

නාගරික පැල්පත්වාසී තත්ත්වයන්

ග්‍රාමීය නූගත් බව

පටු සමාජීය අත්දැකීම් පැවතීම

විදුහල්පතිවරුන් සම්බන්ධ සාධක

පියාගේ හා මවගේ ආකල්ප

ළමයින්ට ඉගෙනීමට නොහැකි යෑයි සිතීම වේ.

බස්‌නාහිර පළාත තුළ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්‌වා අකුරු නොහැකි සිසුන් බිහි වීමට ඉහත සඳහන් සියලු සාධක බලපා ඇත. එහෙත් මෙයින් ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ යුතු සාධකය වන්නේ ගුරුවරයා හා ඉගැන්වීම පිළිබඳ සාධකය. මේ නිසා සාක්‌ෂර වියුක්‌තිය නැති කිරීම සඳහා විදුහල්පතිවරයා මෙන්ම ගුරුවරුන් ද මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර ඔවුන්ට දෙමාපියන්ගේ අවධානය ද යොමු කළ යුතු වේ. දෙමාපියන්ගේ අධ්‍යාපන මට්‌ටම හා ආකල්ප මෙන්ම සමාජ පරිසරය ද ඉතා පහළ මට්‌ටමක පවතින විට ඔවුන්ට මේ කරුණු විග්‍රහ කර දීම ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද ඉතා අපහසුය. ලංකාවේ පවතින වාතාවරණය අනුව දේශපාලනඥයින් මෙයට මැදිහත් විය යුතුය. ඔවුන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා වෙනත් උපකාර කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් ද අනුග්‍රහ වශයෙන් ද පෙළඹවීම වශයෙන් ද දෙමාපියන්ට විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ට ද සිදු කළ යුතු වේ.

ලොව කර ඇති පර්යේෂණ අනුව සාක්‌ෂර ඌනතාවෙහි සමාජීය ප්‍රතිඵල ඉතා හානිදායක වේ. බස්‌නාහිර පළාතේ සාක්‌ෂර වියුක්‌තිකයන් 6626 ක්‌ ඇත්නම් පළාත් නමයෙහිම මෙපමණ ගණනක්‌ ඇතැයි උපකල්පනය කළහොත් 59000 ක්‌ පමණ පාසල් පද්ධතිය තුළ සාක්‌ෂර වියුක්‌තිකයන් ඇතැයි සිතිය හැකිය. මොවුන් පාසලෙන් අදාළ මූලික සහතික හෝ නිපුණතා නොමැති අය ලෙසය. ඔවුන්ට බොහෝ දේ තේරුම් ගත නොහැකි වන්නේ කියවීමට නොහැකි නිසාය. වත්මන් දියුණු ලෝකයෙහි ඔවුහු ගැටලු සහිත පුද්ගලයින් බවට පත්වෙති. අවසන් වශයෙන් ජීවත්වීමට අවශ්‍ය කුසලතා ලබා ගැනීමට මෙන්ම වැඩිහිටි අධ්‍යාපන වැඩසටහන්වලට දායක වීමට ද ඔවුන්ට අවස්‌ථාවක්‌ නොලැබෙන බැවින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීමට නිසි පරිදි අවස්‌ථා නොලැබේ. එබැවින් ඔවුන් සමාජ විරෝධීන් බවට පත්වීම නොවැළැක්‌විය හැකිය. බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩිම සංඛ්‍යාව ඔවුන් විය හැකිය. සමාජයේ ගැටලු නිර්මාණය කරන්නේ ද ඔවුන්ය. එබැවින් සාක්‌ෂර ඌනතාවට විද්‍යාත්මක පිළියම් යෙදිය යුතුය. එසේ නොවන්නේ නම් සමාජය විනාශ කිරීමට එය ඉවහල් වේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය දේශපාලකයන් මේවාට පිළියම් යෙදීම සඳහා පාසල් පද්ධතියට උපකාර කළ යුතුය. පාසලටම සියල්ල භාරගත නොහැකිය. සමෝධානික ප්‍රයත්නයකින් මෙම ගැටලුව විසඳා ගත යුතුව තිබේ.

මහාචාර්ය ඒ. ආනන්ද ජයවර්ධන
අධ්‍යාපන පීඨය , කොළඹ විශ්වවිද්‍යාලය.
 


http://www.divaina.com/2015/06/08/gurusitha01.html

Monday, June 1, 2015

ඊයේ නික්‌ම ගිය හෙට දවසටත් ඇවැසි කලා කාරිය



සෝමලතා සුබසිංහ රංග ආචාරිණිය, රූපණ ශිල්පිණිය, ගුරුවරිය අප්‍රමාණ කලාකාරිය ඊයේ අපගෙන් සමුගත්තාය.

පෙරේදා මම, ඇය වාසය කළ ඇය අතිශයින් ප්‍රිය කළ නිවසේ උඩුමහල් තලයේ ඇය අවසන් සුවබර නින්දේ සැතපී සිටින ආකාරය දෙස බොහෝ වේලාවක්‌ බලා සිටියෙමි. එකල්හි මා අසල එම ව්‍රතයෙන්ම සිටියෝ අපගේ මහාරංගධාරිණී මාලිනි ෆොන්සේකා මැතිනිය වූහ.

"............ඒ කාලෙ, ඒ කියන්නේ මම නාට්‍ය වලට ආව මුල්කාලෙ මට සෝමලතා අක්‌ක රඟපාපු ලියතඹරා, නාට්‍යයේ එයා කරපු චරිතෙ රඟපාන්න ලැබුණා. ඒ ගැන මම පුදුමයට විතරක්‌ නොවෙයි භයටත් පත්වුණා. මොකද ඒ තරම් විශිෂ්ට විදිහට එයා ඒක කරලා තිබුණා. මට ඒකාලෙ බොහොම ලෝ පිච් එකෙන් උච්චාරණය කරන්න අමාරු සමහර අක්‌ෂර හරිම නිවැරැදි වචන වශයෙන් එයා ඩිලිවර් කරන එක මට මහා පුදුමයක්‌a වුණා. ඒක කරන්නේ කොහොමද කියලා අහපුවම සෝමලතා අක්‌කා කිව්ව "බඩෙන් කතා කරන්න" කියලා....."

රූපණ ශිල්පියෙකු වේදිකා නාට්‍යයකදී ස්‌වකීය පහළම ශ්‍රව්‍ය තානයෙන් (Lowest audible tone) අදාළ දෙබස එහි භාවික ගුණය නොසිඳෙන ලෙස උච්චාරණය කිරීම (සෝමලතාට අනුව බඩෙන් කතා කිරීම) ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවන්නේ මේ නිසඟ හැසිරවීම (modulation) රංග ශාලාවේ කෙළවරේම අසුනේ සිටින ප්‍රේක්‍ෂකයාටත් ඇසෙන්නට සැලැස්‌විය යුතු නිසාය. අපගේ බොහෝ රූපණ ශිල්පීන්ට තවමත්a වටහාගත නොහැකි එක්‌තරා රූපණ තාක්‌ෂණික ප්‍රශ්නයක්‌ වශයෙන්ල තවමත් ඉතිරිව පවත්නා මේ මනෝ කායික හැකියාවට අදාළ සියුම් ප්‍රශ්නයක්‌ මීට දශක පහකට පමණ පෙර ස්‌වකීය වෘත්තීයමය සාකච්ඡාවකට බඳුන් කළ රංග වේදිනියන් දෙදෙනකුගේ රූපණ විශ්වය කෙතරම් ගැඹුරු එකක්‌ද යන්න තවදුරටත් සාකච්ඡා කිරීම මේ මොහොතේ මගේ මාතෘකාවට අදාළ නැත.

එහෙත් සෝමලතා සුබසිංහ සෝමලතා සුබසිංහ වුයේත්, මාලිනී ෆො
න්සේකා මාලිනී ෆො
න්සේකා වූයේත් කෙසේද යන ඉඟියක්‌ ඒ තුළින් නිෂ්පන්න වීම මම නොවළකමි.

මක්‌නිසාද, හදපිරි සොවින් යුතුව වුවත් මා මේ ස්‌මරණය කරන්නට යන්නේ මේ රටේ බිහිවූ අති ශ්‍රේෂ්ඨ නිළියක පිළිබඳව නිසාය. (අති ශ්‍රේෂ්ඨ වශයෙන් මා මේ යොදන වචන පිළිබඳව මම පූර්ණ වගකීම දරමි)

මා වර්ෂ 1962 මැයි 04 දා හැව්ලොක්‌ ටවුන් ලුම්බිණි රඟහලේ දී පළමුවරට රඟදක්‌වන ලද ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ මූදු පුත්තු නාට්‍ය දර්ශනය නරඹා නැත. (එකල්හි මා අතදරුවකු බැවිණි)

එහෙත් ඒ පිළිබඳව අප කියවා සහ අසා ඇති දහසකුත් දේ තිබේ. එහිදී ගුණසේන ගලප්පත්ති, මහගම සේකර වැන්නන්ගේ වික්‍රමයන් හැරුණු කොටල සෝමදාස ඇල්විටිගල වැන්නකුගේ වික්‍රමය හැරුණු කොටල තේගිරිස්‌ ලෙස රඟපා ඇති සිරිල් වික්‍රමගේ ගේ වික්‍රමය හැරුණු කොට මා වඩාත් අසා ඇත්තේ සරා ගේ චරිතය නිරූපණය කරමින් සෝමලතා කළ වික්‍රමයය.

මම අදත් රූපණය උමතුවෙන් මෙන් හදාරන්නෙක්‌ වෙමි. එසේම, ලෝකයේ බොහෝ රටවලදී බොහෝ වේදිකා නාට්‍ය නරඹා ඇත්තෙක්‌ද වෙමි. (මා එසේ සඳහන් කරනුයේ මා මීළඟට ප්‍රකාශ කරන දෙය එබඳු බරක්‌ නොමැතිව ප්‍රකාශ නොකළ යුතු යෑයි මා කල්පනා කරන නිසාය.) ශ්‍රී ලංකාව තුළ මෙතෙක්‌ මා නරඹා ඇති සිංහල නාට්‍ය අතරින් මා තවමත් මවිතයට පත්වන භූමිකා නිරූපණයන් කීපයක්‌ පිළිබඳව මා දැන් කිව යුතුය. එකක්‌ ලෙත්තිමකීගේ පුන්තිලා නාට්‍යයේ නිහාල් සිල්වාගේ නිරූපණයය. අනෙක පරාක්‍රම නිරිඇල්ලගේ ගැලිලියෝ නාට්‍යයේ එච්. ඒ. පෙරේරාගේ නිරූපණයය. අනෙක අ-හිමි ජීවිත" නාට්‍යයේ සලමන්a ෆො
න්සේකා ගේ නිරූපණයය. අනෙක ලෝකය තනියායක්‌ නාට්‍යයේ ජයලත් මනෝරත්නගේ නිරූපණයය. අනෙක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් වරක්‌ රංජිත් ධර්මකිර්ති ලවා නිෂ්පාදනය කරනු ලැබුවා වූ චෙකොව් ගේ චෙරි උයන නාට්‍යයේ සතිශ්චන්ද්‍ර එදිරිසිංහ සහ සෝමලතා සුබසිංහ සිදුකළ නිරූපණයන්ය.

සෝමලතා මෙහි නිරූපණය කළ රැනවෙස්‌කයා ආර්යාවගේ චරිතය පමණක්‌ නොව සතිශ්චන්ද්‍ර නිරූපණය කළ ලොපකින් ඇතුළු අනෙක්‌ සියලුම චරිතයෝද විශ්ව නාට්‍යවේදයේ පමණක්‌ නොව විශ්ව රූපණ වේදයේද අතිශය කතාබහට ලක්‌වූ චරිතයෝම වෙත්. මක්‌නිසාද යත් චෙකොව් මවන සාහිත්‍යයත් නාට්‍ය පෙළත් වේදිකා නාට්‍ය කලාවේ සම්මත ආකෘතීන් අතිශය අවදානමකට ලක්‌කරන තරමේ අති සංවේදී අවස්‌ථාවන් නිසාය. චෙකොව් ඉදිරිපත්කරන සමාජ - මානව දේශපාලනික ප්‍රකාශනයන් බොහෝ විට ඔහු අනුගමනය කරන සරළ සාහිත්‍යයික රීතිය තුළ දැනෙන නොදැනෙන භාවමය කෝෂයන් වශයෙන් නිදිගතව පවතියි. වැරදි අධ්‍යක්‍ෂවරුන් වැරදි නළු නිළියන් අත ඒවා මේ සාහිත්‍යයික නින්දේදීම මියයන්නට ඉඩ තිබේ. නැතහොත් මළ හොල්මන් නැගිට්‌ටාක්‌ මෙන් ඩෙඟානටා මහත් විනාශයක්‌ වීමටද ඉඩ තිබේ. ඒ කී පරිද්දෙන්ම ශ්‍රී ජයවර්ධනපුර නිෂ්පාදනයේදී සෙසු නළු නිළියන් අතින් නාට්‍ය නැවත නැවත එසේ මරා දමණු ලැබීය. එහෙත් ඒ දුර්දාන්ත තතු හමුවේද ලොපකින් සහ රැනවෙස්‌කයා වූ ප්‍රවීණ නළු නිළි දෙපළ විශ්මය ජනක භූමිකා නිරූපණයක නිරත වූහ.

තවමත් ශ්‍රී ලංකා රූපණ කලා වේදය තුළ මෙම අවස්‌ථාවන් ගැඹුරු ලෙස සාකච්ඡාවට ගෙන නොමැතිවීම වෙනම කාරණාවකි. එහෙත් සෝමලතා සුබසිංහ වැනි අති දුර්ලභ නිරූපණ කලාකාරියක්‌ තම මතුභවයටද ගෙන යන මේ සුවිශේෂය අඩුතරමින් හඳුනාගෙනවත් නොසිsටින්නෝ නම් අප කුමන කලාකරුවෝ වන්නෝද? විචාරකයෝ වන්නෝද ?

කාල - යුග දෙකක ඉපදීම කරණ කොට ගෙන අප වැනි නිර්මාණ කරුවනට මඟහැරුණු මේ පොළොවේ උපන් විශ්මය ජනක රූපණ ප්‍රතිභාවන් කීපයක්‌ තිබේ. ඒ ජෝ අබේවික්‍රම, ගාමිණී ෆො
න්සේකා, අයිරාංගනී සේරසිංහ, සෝමලතා සුබසිංහ, මාලිනී ෆො
න්ස්‌කා, චිත්‍රසේන ආදී වශයෙනි. ඒ කුමක්‌ වුවත් මොවුනතරින් මට යම් පමණකට ඇසුරක්‌, ගුරු උපදේශයක්‌ ලබාගත හැකි වූයේ සෝමලතා සුබසිංහ මැතිණිය ගෙනි.

උගෙන අවසන් කළ නොහැකි රූපණ කලාව තම දෛනික හැදැරීමක්‌ බවට පත්කරගත් මේ පොළොවේ සිටි මහා පුරුෂයා ආචාර්ය සාලමන් ෆො
න්සේකා නම් එම මහා ස්‌ත්‍රිය සෝමලතා සුබසිංහය. මේ දැනුත් අප රටේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ත්‍රිත්වය බබළවන බොහෝ රූපණ ශිල්පියෝ ඇයගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති. වරක්‌ ඇය මට මෙසේ කීවාය.

".........ඔය උඹලගෙ සිස්‌ටම් එක වගේ නොවෙයි මගේ ක්‍රමය. ඒක ඇත්තටම ටිකක්‌ පරණ ගුරු ගෙදර ක්‍රමයට තමයි ළඟ. මගේ ගෝලයන්ගේ කලා ප්‍රශ්න, වෘත්තීය ප්‍රශ්න පමණක්‌ නොවෙයි මම සාකච්ඡා කරන්නේ විසඳන්නෙ. ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නත් මම අරගන්නවා. ඒවා සාකච්ඡා කරනවා. එකිනෙකා අතර සාකච්ඡා කරන්න හරිනවා. උඹ දන්නවද අන්තිමට ඒ කොල්ල හරි කෙල්ල හරි ඇස්‌වල කඳුළු පුරෝගෙන ඇවිල්ලා ඒ ප්‍රශ්නය ගැටලුව අර්බුදය විසඳගත්ත බව කියනවා. අපි හැම තිස්‌සෙම එකම පවුලක්‌."

ශ්‍රී ලංකාවේ අපට තවමත් අපේ අම්මා දෙවැනි බුදුන්ය. සෝමලතා සුබසිංහගේ මේ රට පුරා විසිරී සිටින දහස්‌ සංඛ්‍යාත ශිෂ්‍ය ශිෂ්‍යාවනට ඇය දෙවැනි අම්මාය.

කෞෂල්‍යා කියන්නීත "අම්මාගෙන් බැණුම් නාහපු සමහර විට ගුටි නොකාපු ගෝලයෙක්‌ ඉන්නවද කියලා මට සැකයි. ඒ තරමටම හැමෝම අම්මට අම්මගෙම දරුවන් වුණා........."

කොහොමටත් විශිෂ්ට පාසල් ගුරුවරියක වූ සෝමලතා අතිවිශිෂ්ට ගුරුවරියක වූයේ විශ්‍රාම ගැනීමෙන් පසුව විය යුතුය. ඒ ඇය එතැන් පටන් ඇයගේ මුළු මහත් ජීවිතයම නාට්‍ය කලාව, විශේෂයෙන්ම ළමා හා යොවුන් නාට්‍ය කලාව වෙනුවෙන් කැපකළ නිසාය. "කතන්දර දෙකක්‌" "තොප්aපි වෙළෙන්දා" "රන්මලී හා එකමත් එක රටක" "විකෘති" යදම් (ඔයෑ ඔර්සක දෙ Dedaබ ණසප්එයස) ඇන්ටිගනි, හිම කුමාරි ඒ සුවිශිෂ්ට කැප කිරීමේ සරුඵලදාවය.

සිනමා කැමරාව කොහොමටත් සියුම් භාව නිරූපණයනට ලැදියල ආසක්‌තය. වේදිකාවේ සේම සිනමාවේද සෝමලතා එකලෙස -වලිත වන හේතුව ඇය තමන්ට නැති දෙයක්‌ කියන්නට නොයැමය. ඇති දෙය වුවද ඇය සියුම් කැටයමක්‌ නිර්මාණය කරන්නාක්‌ මෙන් පරික්‍ෂාකාරී ලෙස ඉදිරිපත් කරයි. භාවයන් කෙතරම් උපදවා ගත්තද ඒවා පිටාර නොයවයි. (තිස්‌ස අබේසේකරයන්ගේ මහගෙදර සිහිපත් කරගන්න) අතිභාවාත්මක අවස්‌ථා (Hසටයඑeබා ෂපදඑසදබ්ක Sසඑම්එසදබ) පවා ස්‌වකීය පුරුදු පුහුණු කළ මනසින් කලාත්මක සංයමයකට පත්කරවයි. මම වරක්‌ ඇය රඟපෑ "අපි කවදත් සූරයෝ" නමැති දුර්වල වාණිජ චිත්‍රපටයක්‌ නැරඹීමි. විශ්මයකට මෙන් එහි ඇය නිරූපණය කළ කොටස පමණක්‌ ඇයත් සමඟම "ගොඩ" ගොස්‌ තිබිණි.

එසේ වුවද සාමාන්‍යයෙන් සිංහල සිනමාව තුළ සෝමලතා බහුලව දැකිය හැක්‌කේ අයහපත් චිත්‍රපට අතර නොවේ. ඒ කුමක්‌ වුව ඇය අයහපත් ලෙස රඟපෑ එකදු චිත්‍රපටයක්‌, ටෙලි නාට්‍යයක්‌ පිළිබඳව මට සිහිපත් කළ නොහැක. තම දරුවන් බඳු තරුණ පරපුරේ විශිෂ්ට සිනමා කරුවන්ගේ චිත්‍රපටවල, තිස්‌ස අබේසේකර වැනි තම සමකාලීන අද්විතිකයින් ගේ චිත්‍රපට සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වුවද සිනමාව ඇයට එතරම් තෘප්තියක්‌ ගෙන ආ තැනක්‌ නොවන බව ඇය මට පවසා තිබේ.

ඇයගේ ජීවිතය වූයේ වේදිකාවය. ලයනල් ප්‍රනාන්දු නමැති කීර්තිමත් ප්‍රභූවරයාගේ දයාබර බිරිඳ වශයෙන්ද ඇය මෙන්ම අති විශිෂ්ට නිළියක වන කෞෂල්‍යාගේ සහ ශ්‍යාමලිකා දියණියන්ගේ දයාබර මව වශයෙන්ද චන්දන බෑනනුවන්ගේ දයාබර නැන්දනිය වශයෙන්ද ගෝල බාලයන් පිරිවරා ඇය ගතකළ අර්ථ පූර්ණ ජීවිතය ඇයට ඇයගේ හදවත එහෙම පිටින්ම ඇරීනාවක්‌ හෝ ප්‍රොසීනියමක්‌ කරගැනීමට ඉඩකඩ ලබාදුන්නේ යෑයි මම සිතමි.

ඇය දැන් අඳුරට ඉඩදී සදහටම දෙනෙත් පියා සිටියද නිශ්චිත ආලෝකධාරාවලින් බැබලෙන ඇයගේ හද තුළ පවත්නා ඒ නිදහස්‌ වේදිකාව මම දකිමි.

එහි තවමත් රඟ දැක්‌වෙන නොනවතින මහා නාටකය මම දකිමි. එහි සංගීතය පරයා නැගෙන බෙර හඬ මම අසමි.

මැතිණියනි ඔබට නිවන් සුව

ජයන්ත චන්ද්‍රසිරි


http://www.divaina.com/2015/06/01/feature02.html

Monday, May 18, 2015

දහම් පාසල අනිවාර්ය කරන්න



යහපත් පුරවැසියන්ගේ දායකත්වයෙන් තොරව රටක යහපාලනයක්‌ ඇති කළ නොහැකිය. එසේ නම් යහපත් පුරවැසියන් තනා ගැනීම සඳහා රටේ සියලු දෙනාගේම මෙන්ම සියලු ආයතනවලද අවධානය හා පරිශ්‍රමය බෙහෙවින් වැඩදායක වනු ඇත.

සමකාලීන සමාජය බෙහෙවින් සංකීර්ණය. වර්තමාන පුරවැසියන්ගේ චින්තනය හා ජීවන රටාව තුළ යහපත් පුරවැසියෙක්‌ නිර්මාණය කර ගැනීම අති දුෂ්කරය. මේ සඳහා වෙනමම වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද කැපී පෙනෙයි.

මේ කාර්යය ආරම්භ කළයුත්තේ රටේ දරු පරපුර වෙත අවධානය යොමු කිරීමෙන් පමණකි. අද දරුවා හෙට තරුණයෙකි. අනිද්දා ඔහු පුරවැසියෙකි. මේ චරිතය ගුණ නැණ දෙකින්ම පිරි පුරවැසියෙක්‌ ලෙස තනා නොගතහොත් රටේ අනාගතය බෙහෙවින්ම අවාසනාවන්ත තත්ත්වයට පත්වීම නොවැළැක්‌විය හැකිය.

සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ දින පහක්‌ පාසල තුළ ගතකරන දරුවා වැඩිපුර අධ්‍යාපනය ලබන්නට ඉතිරි දින දෙක උපකාරක පන්තිය තුළ ගතකිරීමට පුරුදු වී සිටීම රටේ දැන් කොහෙත් ක්‍රියාත්මක වන සම්ප්‍රදායයි.

මේ අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවාගේ විෂය දැනුම, බුද්ධිය හා මොළය වැඩෙන බව ඇත්තකි. එහෙත් ඔහු මනා පුරවැසියෙකු ලෙස තනා ගැනීමට එයම ප්‍රමාණවත් නොවේ.

දරුවකුගේ හදවත හා මනස යහගුණ දහමින් පෝෂණය කොට ජාතියේ සංස්‌කෘතික උරුමය හා උතුම් ගුණ වගාවද ඔහු වෙත ප්‍රදානය කළහොත් පමණකි. ගුණ නැණ දෙකින්ම සපිරි සංවේදී දරුවකු මතු රටට සමාජයට දායාද කළ හැක්‌කේ දහම් පාසල හරහාය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් සෑම දරුවකුම සතියකට එක්‌ දිනක්‌ දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීම ඉතා වැදගත්ය. ඉරිදා පැවැත්වෙන උපකාරක පන්ති මීට ප්‍රධානම බාධකයයි. ඉරිදා උපකාරක පන්ති පැවැත්වීම මුළු රටේම තහනම් කිරීම මෙහිලා ගතහැකි වඩා දූරදර්ශී උපාය මාර්ගයයි.

තවද සෑම දරුවකුටම දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය අවශ්‍යතාවක්‌ ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ ස්‌ථාපනය කරන්නේ නම් අපේක්‍ෂිත ප්‍රතිඵලය ක්‍ෂාත්සාත් කර ගැනීම අසීරු නැත.

මෙය කල් දැමිය හැකි හෝ කල් දැමිය යුතු කාරණයක්‌ නොවන බව අවධාරණය කරනු රිසිවෙමි. මේ සඳහා බලධාරීන්ගේ ක්‍ෂණික අවධානය යොමුවන්නේ නම් මැනවි.

ජෝ. නවරත්න
- සඳලංකාව


http://www.divaina.com/2015/05/18/feature02.html

උසස්‌ පෙළ විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක්‌



උසස්‌ පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් වන්නේ මේ දිනවල ය. උසස්‌ පෙළ විෂය ධාරා සංඛ්‍යාව ද මේ වන විට හය දක්‌වා වැඩි වී තිබේ. ඒ.... අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව ද නිසා ය. උසස්‌ පෙළට පොදු විෂය ධාරාවක්‌ ද වෙයි. පොදු විෂය ධාරාවට අයත් වන්නේ ප්‍රධාන විෂය ධාරා පහට අයත් නොවන අයදුම්කරුවන් ය. ප්‍රධාන විෂය ධාරා පහේ විෂයයන් විවිධාකාර වශයෙන් සිසුන් ය. එලෙස විවිධාකාරයෙන් විෂයයන් තෝරාගන්නා බොහෝ සිසුහු තමන් කලා විෂය ධාරාවට අයත් යෑයි සිතති. එහෙත් තමන් පොදු විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිට ඇති බව සිසුන් දැන ගන්නේ ප්‍රතිඵල නිකුත් වූ පසු ය. ඇතැම් විට ඒ ඒ පාසල්වල පවතින පහසුකම් හා ඒ ඒ විෂයයන්ට සිටින ගුරුවරුන් අනුව විෂයයන් තෝරා ගැනීම සඳහා අනියම් බලකිරීමකට ලක්‌ වීමට සිසුන්ට සිදු විය හැකිය. උසස්‌ පෙළ විෂය සංයෝජන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති 2009/16 දරන චක්‍රලේඛය පිළිබඳ බොහෝ ගුරුවරුන්ට මෙන්ම පාසල් ප්‍රධානීන්ට පැහැදිළි අවබෝධයක්‌ පවතින්නේ ද යන ගැටලුව පවතී.

අනවබෝධයෙන් විෂයයන් තෝරා ගැනීම නිසා සිසුන්ට අපහසුතාවට පමණක්‌ නොව අසාධාරණයට ලක්‌ වීමට ද සිදු වෙයි. අසාධාරණය සිදුවන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දී ය. පොදු විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ට සාපේක්‍ෂව කලා විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ට තෝරා ගැනීමට ඇති පාඨමාලා සංඛ්‍යාව වැඩි ය. එහෙයින් ඒ ඒ විෂයධාරා සඳහා තෝරා ගැනීමේ දී සිසුන් දැඩි ලෙස සැලකිලිමත් වීම අවශ්‍ය ය. මෙම ලිපිය පළ කෙරෙන්නේ උසස්‌ පෙළ සිසුන් රැසකගේ ඉල්ලීමකට අනුව ය.

කලා විෂය ධාරාව සඳහා විෂය කාණ්‌ඩ

(අ) සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන්

1. ආර්ථික විද්‍යාව

2. භූගෝල විද්‍යාව

3. ඉතිහාසය ( ලංකා ඉතිහාසය සමග ඉන්දීය ඉතිහාසය හෝ යුරෝපා ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය )

4. ගෘහ ආර්ථික විද්‍යාව

5. දේශපාලන විද්‍යාව

6. තර්ක ශාස්‌ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය

7. ගිණුම්කරණය හෝ ව්‍යාපාර සංඛ්‍යානය

8. කෘෂි විද්‍යාව හෝ ගණිතය

9. තාක්‍ෂණවේදය විෂයයන්ගෙන් එක්‌ විෂයයක්‌ ( සිවිල් තාක්‍ෂණවේදය හෝ යාන්ත්‍රික තාක්‍ෂණවේදය හෝa විදුලි ඉලෙක්‌ට්‍රොනික සහ තොරතුරු තාක්‍ෂණවේදය හෝ ආහාර තාක්‍ෂණවේදය හෝ කෘෂි තාක්‍ෂණවේදය හෝ ජෛව සම්පත් තාක්‍ෂණවේදය

10. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

11. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

(ආ) ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්

1. බුද්ධ ධර්මය හෝ බෞද්ධ ශිෂ්ටාචාරය

2. ක්‍රිස්‌තියානි ධර්මය හෝ ක්‍රිස්‌තියානි ශිෂ්ටාචාරය

3. හින්දු ධර්මය හෝ හින්දු ශිෂ්ටාචාරය

4. ඉස්‌ලාම් හෝ ඉස්‌ලාම් ශිෂ්ටාචාරය

5. ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය

(ඇ) සෞන්දර්ය අධ්‍යයන විෂයයන්

1. චිත්‍ර කලාව

2. නර්තනය (දේශීය හෝ භරත නාට්‍ය)

3. සංගීතය (පෙරදිග සංගීතය හෝ කර්ණාටක සංගීතය හෝ බටහිර සංගීතය)

4. නාට්‍ය හා රංග කලාව (සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි)

(ඈ) භාෂා විෂයයන්

1. සිංහල, දෙමළ, ඉංග්‍රීසි

2. අරාබි, පාලි, සංස්‌කෘත

3. චීන, මැලේ, ප්‍රංශ, ජර්මන්, රුසියන්, හින්දි, ජපන්

මෙම විෂය ධාරාව තෝරා ගන්නා සිසුන් ඉහත සමාජ විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂය කාණ්‌ඩයෙන් අවම වශයෙන් එක්‌ විෂයයක්‌ තෝරා ගත යුතුය. (භාෂා විෂයයන් 2ක්‌ හෝ තුනම තෝරා ගන්නා සිසුන්ට මෙය අදාළ නොවේ.) ශිෂ්‍යයාගේ මනාපය අනුව මේ කාණ්‌ඩයෙන් විෂයයන් 2ක්‌ හෝ තුන ම තෝරා ගත හැකිය.

එමෙන්ම ආගම් හා ශිෂ්ටාචාර විෂයයන් අතරින් යම් ආගමක්‌ තෝරා ගන්නේ නම් ඊට අදාළ ශිෂ්ටාචාර විෂය තෝරා ගත නොහැකිය.

සෞන්දර්ය අධ්‍යයන විෂයයන් අතරින් විෂයයක්‌ හෝ දෙකක්‌ තෝරා ගත හැකිය.

භාෂා විෂය කාණ්‌ඩයේ භාෂා විෂයයන්ගෙන් එකක්‌ හෝ දෙකක්‌ තෝරා ගත හැකි වන අතර විෂයයන් තුනම භාෂා විෂයයන්ගෙන් තෝරා ගන්නේ නම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන විෂයයන් තුන ම හෝ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අරාබි, පාලි, සංස්‌කෘත යන විෂයයන්ගෙන් තුනක්‌ තෝරා ගත යුතුය.

තාක්‍ෂණවේදය විෂය ධාරාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ සිසුන් වෙනුවෙන් තාක්‍ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නේ 2012 වසරේ දී ය. එම විෂය නිර්දේශ පදනම් කර ගනිමින් ප්‍රථම වරට උසස්‌ පෙළ විභාගය පැවැත්නේ මෙම වසරේ දී ය. තාක්‍ෂණවේදය හැදෑරීමට අපේක්‍ෂා කරන සිසුන්,

1. ඉංජිනේරු තාක්‍ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්‍ෂණවේදය

2. තාක්‍ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයයන් අනිවාර්යයෙන් තෝරා ගත යුතුය.

තුන් වැනි විෂය ලෙස පහත සඳහන් විෂයයන්ගෙන් එකක්‌ තෝරා ගත යුතුය.

1. ආර්ථික විද්‍යාව

2. භූගෝල විද්‍යාව

3. ගෘහ ආර්ථික විද්‍යාව

4. ඉංග්‍රීසි

5. සන්නිවේදනය මාධ්‍ය අධ්‍යයනය

6. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

7. චිත්‍ර කලාව

8. ව්‍යාපාර අධ්‍යයනය

9. කෘෂි විද්‍යාව

10. ගිණුම්කරණය

ඉංජිනේරු තාක්‍ෂණවේදය සහ ජෛව පද්ධති තාක්‍ෂණවේදය හදාරණ සියලුම සිසුන් විභාග දෙපාර්තාම්න්තුව මගින් පත් කරන ප්‍රායෝගික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ ප්‍රායෝගික පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතු වන අතර මෙම පරීක්‍ෂණය උසස්‌ පෙළ ලිත විභාගය අවසන් වීමෙන් පසුව පැවැත්වේ. ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා සියයට 25 ක ලකුණු ප්‍රතිශතයක්‌ හිමි වන අතර මෙම වසරේ දී (2015) පමණක්‌ එම ප්‍රතිශතය සියයට 15 දක්‌වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. එම තීරණය ගෙන ඇත්තේ තාක්‍ෂණවේදය විෂය ධාරාව හදාරන සියලුම සිසුන් සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ අඩුපාඩුකම් අනුව ය. කෙසේ වුව ද ලබන වසරේ දී දෙවැනි වරට විභාගයට පෙනී සිටින සිසුන්ට ද සියයට 25 ලකු=ණු ප්‍රතිශතය ක්‍රියාත්මක කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති 02රැ2015 චක්‍රලේඛයේ සඳහන් වේ.

වාණිජ්‍ය විෂය ධාරාව

මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත සඳහන් විෂයයන් අතරින් අවම වශයෙන් දෙකක්‌වත් තෝරා ගත යුතුය.

1.ගිණුම්කරණය

2. ව්‍යාපාර අධ්‍යයනය

3. ආර්ථික විද්‍යාව

ඉතිරි විෂයය පහත දැක්‌වෙන විෂයයන් අතරින් තෝරා ගත යුතුය

1. ව්‍යාපාර සංඛ්‍යානය

2. භූගෝල විද්‍යාව

3. දේශපාලන විද්‍යාව

4. ඉතිහාසය (ලංකා ඉතිහාසය සමග ඉන්දීය ඉතිහාසය හෝ යුරෝපා ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය)

5. තර්ක ශාස්‌ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය

6. ඉංග්‍රීසි

7. ජර්මන්

8. ප්‍රංශ

9. කෘෂි විද්‍යාව

10. සංයුක්‌ත ගණිතය

11. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

විද්‍යා හා ගණිත අංශ යටතේ විෂයයන් තෝරා ගැනීමේ දී ගැටලු උද්ගත නොවේ.
 



http://www.divaina.com/2015/05/18/gurusitha01.html

Tuesday, May 12, 2015

අපේ අලුත් පරපුර රටක ඉතිහාසය අධ්‍යයනය කිරීම ඉතා අවශ්‍යයි

රටක්‌ ජාතියක්‌ ගොඩනඟන්න
ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 


රටක්‌ ජාතියක්‌ ගොඩනැඟීමේලා ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා. ඉතිහාසය කියන්නේ අතීතයටයි. වර්තමානය ගොඩනැගෙන්නේ අතීතය පාඩම්වලින් නිසා අනාගතය ගොඩනැඟීමට අතීතය අවශ්‍ය වෙනවා. කෞතුකාගාරයක්‌ තුළ කෞතුක භාණ්‌ඩ හරහා ඉතිහාසය, කියවීම හා අධ්‍යයනය කිරීමට හැකිවනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

හම්බන්තොට "මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය" විවෘත කිරීම සඳහා හම්බන්තොටදී පැවැති උත්සවය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

අපේ රටේ ඉතිහාසය මෙන්ම ශිෂ්ඨාචාරය පිළිබඳව වත්මන් පරපුර වගේම අනාගතයේ උපදින දරුවන් හා ජනතාව දැනුවත් කිරීම සඳහා රුහුණු මාගම්පුර කෞතුකාගාරය විවෘත කිරීම ඉතා වැදගත් අවස්‌ථාවක්‌. මෙහි වැදගත්කම මෙන්ම කෞතුකාගාරයකින් ඉටුවන සේවය ඔබ අප කවුරුත් දන්නවා. කෞතුක වස්‌තු ආරක්‍ෂා කිරීම මෙන්ම සුරක්‍ෂිත කිරීම සඳහා ලෝකයේ සංවර්ධනයවූ රටවල් කිසිදු භේදයකින් තොරව කටයුතු කරනවා. යම් රටක, ප්‍රදේශයක මානව ශිෂ්ඨාචාරය හා මානවයාගේ ප්‍රගමනය පිළිබඳ කෞතුකාගාරයකින් ජනතාව දැනුවත් වනවා. ඇතැම් විට ඉතිහාසය පිළිබඳ පොතපත නොකියවෙන අවස්‌ථා තිබෙනවා. අපේ අලුත් පරපුර රටක ඉතිහාසය අධ්‍යයනය කිරීම ඉතා අවශ්‍යයි. පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කළ කාලයක්‌ තිබුණා මට මතකයි. රටක්‌ ජාතියක්‌ ගොඩනැඟීමේ ලා ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා. ඉතිහාසය කියන්නේ අතීතයටයි. වර්තමානය ගොඩනැඟෙන්නේ අතීතයේ පාඩම්වලින් නිසා අනාගතය ගොඩනැඟීමට අතීතය ඉතා අවශ්‍ය වනවා. රටක අතීතය මෙන්ම අනාගතය මිනිසෙකුගේ ජීවිතය වගෙයි. මිනිසෙකුට සම්පූර්ණ වීමට නම් ඔහුගේ ජීවිතයේ අත්දැකීම්, මුහුණ දීමට සිදුවූ ගැටලු, අභියෝග සමග අතීතයද වැදගත් වනවා. ඒවා දුක්‌ ගැහැට මෙන්ම සැප සම්පත් විය හැකියි. බුද්ධිය, අධ්‍යාපනය, සමාජගත විවිධ ව්‍යාපෘති හරහා ලබන අත්දැකීම්වලින් ලබන පාඩම් ඔස්‌සේ මිනිසෙකු සම්පූර්ණ වන්නේ අතීතයෙන් ලබන පාඩම්වලිනුයි. එමෙන්ම රටක්‌, ජාතියක්‌ ගොඩනඟන්නට ඉතිහාසය පිළිබඳ දැනුම, අවබෝධය ඉතා අත්‍යවශ්‍ය වනවා.

කෞතුකාගාරයක්‌ විවෘත කරන්නේ එහි තිබෙන කෞතුක භාණ්‌ඩ නැරඹීමට පමණක්‌ නොව, ඒ කෞතුක භාණ්‌ඩ හරහා ඉතිහාසය කියවීම හා අධ්‍යයනය කිරීම සඳහායි. එමගින් රටකට වැදගත් වන විශේෂ සිද්ධීන් තෝරාගෙන රටේ අනාගතය ගොඩනැගීම සඳහායි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ ප්‍රධාන ව්‍යාපෘතියක්‌ ලෙස මේ කෞතුකාගාරයේ වැඩ කටයුතු ආරම්භ කර අද එය විවෘත කිරීමට ලැබීම ගැන අප ඉතා සතුටට පත් වනවා.


http://www.divaina.com/2015/05/12/news25.html

මොසයික්‌ චිත්‍රයක්‌ මවන ගමක්‌

ටෙගිඩ්ඩා ඉන් ටෙසොම් (Teguidda-n-Tessoumt) කියන්නේ නයිජ¨ රටේ අගදෙස්‌ නගරයේ සිට කිලෝමීටර 200 ක්‌ පමණ වයඹට වෙන්නට පිහිටි කුඩා ගමක්‌. මේ ගම දෙස අහසේ සිට බැලු විට කෙනෙකුට දකින්නට ලැබෙන්නේ පැස්‌ටල් වර්ණ ඇති එක එක ප්‍රමාණයේ කවාකාර ලකුණු කිරීම් වලින් පිරුණ හරියටම මොසයික්‌ චිත්‍රයක්‌ වැනි දර්ශනයක්‌. ඇත්තටම ඒවා ගමේ ලුණු කර්මාන්තයට අයිති ලුණු දිය පිරුණු පොකුණුයි. ටෙගිඩ්ඩා ඉන් ටෙසොම් සහරා කාන්තාර භූමියේ පිහිටි ගමක්‌ නිසා කිලෝමීටර දහස්‌ ගණනක්‌ යනතුරු මුහුදක්‌ හමුවන්නේ නැහැ. මේ පළාතේ ලවණ ජලය ඇති උල්පත් 20 ක්‌ පිහිටා තිබෙනවා. එසේ වුණත් ඔවුන්ගේ ලුණු ලබාගන්නා ප්‍රධාන මූලාශ්‍රය ජලය නම් නොවේ. ඔවුන් ලුණු ඇදගනු ලබන්නේ මැටිවලින්.

ගම ලස්‌සන කරන පොකුණු පිටුපස බොහෝ දෙනෙකුගේ දාඩිය මහන්සිය මුසුවන ක්‍රියාවලියක්‌ සිදුවෙනවා. මුලින්ම ලුණු වලින් බර වී ඇති මැටි හාරා ඒවා ගමේ පොකුණු වලට ගෙන එනු ලබනවා. සමහර පොකුණු අඩි 6 ක්‌ තරම් විශ්කම්භයක්‌ ඇති විශාල ඒවායි. මැටි දැමූ පොකුණු වලට උල්පත් ජලය පුරවනු ලබනවා. ඉන්පසු එයට මිනිසෙකු බැස ඝන දියාරු මිශ්‍රණයක්‌ සෑදෙන තුරු ඒවා දෙපයින් පෑගීම කරනවා. මිශ්‍රණය සාදාගත් පසුව එය පොකුණේ තැන්පත් වීමට ඉඩ හරිනවා. ඒ ඒ පොකුණු වලට පිරවූ මැටි වල මුල් පාට, ද්‍රdවණයේ ලවණතාව සහ යටට ඓරෙන මට්‌ටම අනුව මේ පොකුණු විවිධ දුඹුරු පැහැයන් ගන්නවා. සමහර පොකුණු වල ඇල්ගී වැවීම නිසාද පොකුණට වෙන පැහැයක්‌ ලැබෙනවා. තද හිරු කිරණ වැටී පරාවර්තනය වන කෝණය අනුවත් පොකුණේ පැහැය සහ විලාසය වෙනස්‌ වෙනවා.

පොකුණු වල පතුලේ මැටි තැන්පත් වූ පසුව ලබු කට්‌ටක උපකාරයෙන් ලවණ ජලය එකතු කරගෙන ඒවා වාෂ්පවීමේ කුඩා පොකුණු වලට පුරවනු ලබනවා. එම කාර්යය කරනු ලබන්නේ මිනිසුන් විසින්. පොකුණු පවත්වාගෙන යාමත් ඔවුන්ගේ වගකීමක්‌ වෙනවා. එරීමේ පොකුණු වල පතුලේ ඉතිරිවී ඇති මැටි හාරා ඉවතකු ගොඩගසනු ලබනවා. එම ගොඩ ගැසීම් නිසා මේ ප්‍රදේශයේ මිනිසා විසින් සාදනු ලැබූ පස්‌ගොඩලි රාශියක්‌ම දකින්න පුළුවන්.

මිනිසුන් සේම කාන්තාවන් සහ ළමයින්ද ලුණු සැකසීමේ ක්‍රියාවලියට වෙහෙසෙනවා. වාෂ්පවීමේ පොකුණු වලින් ලුණු කැට ඉවත් කිරීමත් ඊළඟ පිරවීම සඳහා වාෂ්පවීමේ පොකුණු හොඳින් පිරිසිදු කර සූදානම් කර තැබීමත් සිදුවන්නේ කාන්තාවන් අතින්. ඒ අතරේ ළමයින් වාෂ්පවීමේ පොකුණු වටා යමින් ඒවායේ වේලීමේ ක්‍රියාවලිය සොයා බලනවා. පොකුණු වලින් ජලය වාෂ්ප වන විට පොකුණු ජලයේ මතුපිට ලුණු කැටි ගැසෙනවා. ඒ ගැන පරීක්‌ෂාකාරි නොවුණහොත් මතුපිට සෑදෙන ලුණු කට්‌ට නිසා පොකුණෙන් තවදුරටත් ජලය වාෂ්ප වීම වැලකී යනවා. එම නිසා ළමයින් ඒවා උඩට ජලය ඉසීම කරනවා. එවිට ලුණු කට්‌ට කැඩී පොකුණේ පතුලට වැටෙනවා. අන්තිමට ලුණු පමණක්‌ම ඉතුරු වන තුරු වාෂ්පවීම සිදුවෙනවා.

වාෂ්පවීමේ පොකුණු වලින් හාරාගන්නා ලුණු වලින් කුට්‌ටි සාදා ඒවා ඉර අව්වේ වේලා ගැනෙනවා.

මේ ගමේ ලුණු සාමාන්‍යයෙන් මිනිස්‌ පරිභෝජනයට නොගනී. ඒවා යොදා ගන්නේ ගෘහස්‌ථ සතුන්ගේ අතිරේක ආහාරයක්‌ ලෙසින්. බොහොමයක්‌ මේ ලුණු කුට්‌ටි කාන්තාරය අද්දර ඇති විශාල ටවුන් වල වෙළඳපොලවල විකිණීම කෙරෙනවා. ඒ වගේම එෙŒරුන් සහ ලුණු වෙළෙන්දන් සමඟ භාණ්‌ඩ හුවමාරුවෙදිත් යොදා ගනු ලබනවා.

Ö නිල්මිණි රාජපක්‍ෂ රදලගේ


http://www.divaina.com/2015/05/12/news25.html

Friday, February 6, 2015

"හාඩ් එක" වෙනුවට අතීතයේ මැටිපුවරු



වසර දහස්‌ ගණනකට පෙරාතුව මිනිසුන් තොරතුරු ගබඩා කිරීම වෙනුවෙන් මැටි පුවරු භාවිතා කරනු ලැබුවා. මැටි පුවරු පිළිබඳ අනන්‍යතාවය බැබිලෝනියන්වරුන් මුල් කර ගෙන ගොඩනැගුනත් ක්‍රිට්‌ ප්‍රදේශයෙන් හමු වුන පුළුස්‌සන Phaisto ලද මැටි පුවරුවක කාන්තාවන් වෙනුවෙන් වු ආශිsර්වාදාත්මක සටහන් මෙහි ඇතුළත්ව තිබුණා. ඒ වෙනුවෙන් පැරණි අකුරු වගේම චිත්‍ර සංකේතත් ඇතුළත්ව තිබුණා. දෙවැනි ශතවර්ෂයට අයත් යෑයි උපකල්පනය කරන මෙම මැටි පුවරුවේ සෙන්ටිමිටර් 15 ක්‌ පමණ වුණ අතර එහි දෙපැත්තේම සර්පිලාකාර මද්‍රා තබන ලද සටහන් ඇතුළත් වුණා. මෙම පුළුස්‌සන ලද (Phaistos Disk) මැටි පුවරුව සුසංහිත තැටියකට සමාන බැව් පුරාවිද්‍යාඥයන් සඳහන් කරනවා. සාමාන්‍ය මැටි පුවරුවක්‌ මෙන් නොව දෙපැත්තෙම මුද්‍රd කරන ලද අක්‌ෂර සහ රූප සටහන්ව වලින් මෙම තැටිය යුක්‌ත වුණා.

මෙම පුවරුවේ අරමුණ සහ අදහස ගැන විවාදාත්මක සංවාදයක්‌ ගොඩ නැගි තිබුණත් පර්යේෂකයන්ගේ අදහසට අනුව මවකට ලියන ලද ආශිර්වාදයක්‌ මෙහි සටහන්ව ඇති බැව් ඔවුන් පෙන්වා දෙනවා. 1908 වසරේ සොයා ගන්නා ලද මෙහි සංකේත 241 ක්‌ අඩංගුයි. එම සංකේත ආධාරයෙන් ඒකීය සලකුණු 45 ක්‌ නිර්මාණය කරනවා. ඔරලෝසුවක හැඩය සහිත සර්පිලාකාර පිළිවෙලකින් මෙම තැටිය සමන්විත වෙනවා.

අවසාන සලකුණ යටින් දිවෙන විකර්ණයක්‌ 18 වතාවක්‌ යොදා ගෙන තිබෙනවා. ස්‌ථාන කිහිපයකම රචකයා විසින් වැරැදි නිවරැදි කළ බවටත් සලකුණු පිහිටා තිබෙනවා.

ක්‍රිට්‌ දුපතේ Technological Educational Institute (TEI) ආයතනයේ ආචාර්ය ගැරිත් ඔවන්ස්‌ Archaeology News Network ජාලය ඔස්‌සේ අදහස්‌ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ අම්මා යන සංකල්පය මෙහි ඉතා ගාම්භීරව ඉස්‌මතු වෙමින් පැවැති අතර මව්දෙවන පිළිsබඳව වූ සංකල්පයන් සමාජගත Minoan අවදියේ මෙම නිර්මානය සිදු වන්නට ඇති බවයි. යුරෝපයේ සාක්‌ෂරතාවයේ මුල්ම ප්‍රදේශය ලෙසට වාර්තා වෙන්නේ ක්‍රිට්‌ දිවයිsනේ Minoan ප්‍රදේශයයි.

මෙහි යොදා ගත් චිත්‍ර පිළිsබඳවත් ආචාර්ය ගානත්ගේ අවධානය යොමු වුණා. මීවදයක්‌, ඉරි සහිත හිසක්‌ සහ දරුවෙකුගේ රූපයක්‌ ඒ අතර තිබුණා. මෙම චිත්‍ර නැවත නැවත යෙදුන අතර ගානත් විසින් එම චිත්‍ර ප්‍රමුඛ පද ලෙසින් තෝරා ගෙන ඔහුගේ අධ්‍යනය ඉදිරියට ගෙන ගියා.

මෙහි අකුරු යොදා ගෙන තිබුණ අන්දම කණ්‌ඩායම් තුනක්‌ ඔස්‌සේ අධ්‍යනය කරනු ලැබුවා. එහි I-QE-KU-RJA යන අක්‌ෂරයන්හි I-QE යන්නෙහි අදහස ශ්‍රේෂ්ඨ කාන්තාව යන අදහසයි. එහි අනෙක්‌ පස තිබුණ අර්ථය ගර්භණී මව යන්නෙන් ඔවුන් අර්ථ දක්‌වා තිබෙනවා. මෙම තැටියේ සංකේත කියවා ගැනීම සඳහා ඔක්‌සෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෝන් කොල්මන් වසර හයක කාලයක්‌ ගත කළ බව සඳහන් කරනවා. ඒ අනුව එක්‌ පැත්තක්‌ ගර්භණි මවක්‌ වෙනුවෙන් වූ ආශිර්වාදයන් සහ අනේ පැත්ත දරුවෙකු ලත් කාන්තාවක්‌ වෙනුවෙන් වු ආශිsර්වාදාත්මක සටහන් වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා. දැනට මෙහි A වශයෙන් හඳුන්වන ලද පැත්තෙන් 90%ක්‌ කියවා අවසාන අතර ඉතිරි B පැත්ත වෙනුවෙන් වූ අධ්‍යනයන් ඉදිරියේදි ආරම්භ කිරීමට නියමිතයි.
පුන්‍යා චාන්දනි ද සිල්වා


http://www.divaina.com/2015/02/01/diyaga09.html

'සිරිමැටි සිත්තරාවි' 10 වැනිදා සිට ජාතික රූපවාහිනියෙන්..

.
ශ්‍රී ලාංකේය රූපවාහිනී රසවතුනට ජාතික රූපවාහිනිය වෙතින් තිළිණ කළ, සිංහල හඬ කැවූ කොරියානු මාලා නාටක අතරට එක්‌වන නවතම ටෙලි නාට්‍ය නිර්මාණය 'සිරිමැටි සිත්තරාවි' (Ceramic Artist) එළැඹෙන 10 වැනිදා සිට සතියේ දින පහේදී සවස 6.30 ට විකාශයට නියමිතය.

සුජාත දියණිය ටෙලි නාටකය මෙරට තුළ ජනප්‍රිය වීමත් සමඟ 'චංගුමීට' බොහෝ පිරිසකගේ ආදරය නොඅඩුව හිමි විය. 'මන්ජුන් හෝ' ද ජනප්‍රිය චරිතයක්‌ විය. ඉන් පසු කොරියාවේ සිට පැමිණි, 'අභීත දියණිය' වූ 'දොං යී' ජනප්‍රියත්වයට පත් වූයේ එම ටෙලි නාටකයට ද ඉහළ ජනතා ප්‍රසාදයක්‌ අත්කර දෙමිනි. 'දිරිය දියණිය' ද ජනතා ගෞරවාදරය හිමිකර ගැනීමට සමත්කම් පෑවාය. කොරියානු නාටකයන්ගෙන් බැහැරව විකාශය නිමාව දුටු චීන මාලා නාටකයක්‌ වූ 'මායාවරුන්ගේ ලෝකය' මෙරට රූපවාහිනි ප්‍රේක්‍ෂකයන්ව විශ්මය ජනක ලොවකට කැඳවාගෙන යැමට සමත් වූහ. ඉන් ඉක්‌බිතිව ජපානයේ අති දක්‍ෂ සන්නාලියකගේ කතාන්දරය ජාතික රූපවාහිනි තිරය මත දිග හැරුණේ 'අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි' නමිනි. ඉසිවර වෙදැදුරු හි 'පෙක්‌' ගේ චරිතයට ද රසික හද බැඳුණි. ඉන් පසු පැමිණි 'යහපත් මහරජ' කොරියානු ටෙලි නාටකය මෙරට සමාජ, දේශපාලන කතිකාවතට මඟ විවර කළා යෑයි පැවසීම ද අතිශයෝක්‌තියක්‌ නොවේ.

දැන්....ජාතික රූපවාහිනියේ මේ දිග හැරුමට සූදානම් වනුයේ 6 වැනි දකුණු කොරියානු මාලා නාටකයයි. 'Goddess of Fire' නම් ඉංග්‍රීසි බසින් නම් කර ඇති මෙම නාටකය පුරාවට කියෑවෙන්නේ කුඹල් කර්මාන්තයේ ඇති කලාත්මක පෞරුෂයයි.

'සිරිමැටි සිත්තරාවි', 'ජොං යී' නමැති සුප්‍රසිද්ධ පිඟන් මැටි භාණ්‌ඩ නිර්මාණ ශිල්පිනියගේ ජීවන කතාවයි. මේ සඳහා පාදක වී ඇත්තේ 16 වැනි සියවසේ කොරියානු ජොසොන් රජ පෙළපතේ රාජ්‍ය මැටි හා පිඟන් භාණ්‌ඩ නිර්මාණ ශිල්පිනිය වූ 'බේක්‌ පා සන්' ගේ සත්‍ය ජීවිත කතාන්දරයයි. ඇය ප්‍රථම කුඹල් කාන්තා ශිල්පිනිය වශයෙන් ඉතිහාස ගත වී ඇති අතර, ඇයගේ නිර්මාණ කොරියානු සහ ජපන් ඉතිහාසය තුළ සදානුස්‌මරණීයය.

ඉතිං.., එළැඹෙන 10 වැනිදා අඟහරුවාදා සවස 6.30 සිට විකාශය අරඹන 'සිරිමැටි සිත්තරාවි' මාලා නාටකය සමගින් ඔබේ නිවසේ ආලින්දය සැරසීමට 'ජොං යී', 'කුවන්ගේ කුමරු', 'කිම් තේදොa', 'ලී යුක්‌ දොa', 'ෂිම් හුවා යීසුන්' සහ 'ලී ගං චූන්' චරිත දැන් සිටම සැදී පැහැදී ඇති බව පවසනුයේ සතුටිනි.

'සිරිමැටි සිත්තරාවි' සිංහල බසින් තවත් රසවත් කොට ඔබ වෙත ගෙන ඒමේදී හඬ නළුව වෙමින් ප්‍රවීණ කලා ශිල්පීන් වන කරුණාරත්න අමරසිංහ, ග්‍රේස්‌ තෙන්නකෝන්, රෝහණ සිරිවර්ධන, කමල් දේශප්‍රිය, සමගින් තිසුරි හීන්තිලක, රත දිල්ශාන්, රුවන් තරංග, ගඟන් ජෝශප්, ශක්‌ති ලක්‌නාථ, නිමල් ජයසිංහ, ඉසිනි තිසාරා, කස්‌සප සෙනරත්, චන්දන ඉරුගල්බණ්‌ඩාර, කෝකිල පවන්, ඉරේෂා ලක්‌මාලි, කවිඳු බණ්‌ඩාර, පසිඳු සමරවීර ආදී ශිල්පීන් එක්‌ව සිටිති. සංගීතය සහ තේමා ගී තනු, සහන් රන්වල, තේමා ගී ගැයුම නන්දා පතිරණ, මෙහෙයුම් සහාය අනුර ධර්මසේන සහ රංජිත් ද සිල්වා, නිපැයුම් මෙහෙයුම, සංස්‌කරණය සහ තේමා ගී පද අතුල රන්සිරිලාල්, 'සිරිමැටි සිත්තරාවි' වෙනුවෙන් එක්‌ව සිටිති.

සටහන - සුජීව තත්සර

http://www.divaina.com/2015/02/06/cineart03.html

Sunday, September 14, 2014

නාලන්දාව අධ්‍යාපනයට යළි විවෘතයි..



නාලන්දා යන සංස්‌කෘත වචනයේ අර්ථය දැනුම බෙදා දෙන්නා ''නාලම්'' යනු නෙළුම් මලයි. නෙළුම දැනුමේ සංකේතයයි. ''ධා'' යනු දානයයි. චීන දේශාටන භික්‌ෂුවක වන හියුං සියැං වාර්තාවන්ට අනුව කියෑවෙන්නේ අඹ වනයක්‌ මධ්‍යයේ නාගයෙකු ජීවත් වුණ නිසාත් මෙම නම යෙදූ බවයි. බුදුරජාණන්වහන්සේට අත්හිටුවීමකින් තොරව දානය ලැබුණු නිසාත් මෙම නම යෙදෙන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කර ඇත. ක්‍රි. පූ. 450 කාලයේදී කුමාරගුප්ත අධිරාජයාගේ අනුග්‍රහයෙන් මෙම අධ්‍යාපන මධ්‍යස්‌ථානය ආරම්භ විය.

ක්‍රි.පූ 1413 සිට ක්‍රි.පූQ. 1193 දක්‌වා කාලයේදී මෙම ආයතනය ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්‌ථානයක්‌ බවට පත්ව තිබිණි. ටිබෙට්‌, චීන, කොරියා, ජපන්, පර්සියා සහ තුර්කි ශිsෂ්‍යයන් ඉගෙනුම ලැබූහ. මෙහි ආදි ශිsෂ්‍යයන් අතර හියුං සියැං භික්‌ෂූන් වහන්සේ දිප්තිමත් ශිෂ්‍යයකු ලෙස සලකනු ලැබේ. නාගර්ජුන, වසුබන්දු ශීලභද්‍ර ඇතුළු විද්වත් ආචාර්ය මණ්‌ඩලයකින් මෙම අධ්‍යාපන මධ්‍යස්‌ථානය සමන්විත විය. ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිර්මාණයක්‌ ලෙසින් සැලකෙන මෙම අධ්‍යාපන මධ්‍යස්‌ථානය වටා උස්‌ තාප්පයක්‌ හා එක්‌ දොරටුවක්‌ පිහිටා තිබිණි. ඒ අතරම වෙන්ව පිහිටි අංගන අටක්‌, පන්සල් 10 ක්‌ භාවනා ශාලාවන්ද තිsබිණි. පොත්පත් ගබඩා කිsරීම වෙනුවෙන් මහල් නවයකින් සමන්විත පුස්‌තකාලයක්‌ ද තිබිණි. හියුං සියැං වාර්තාවන්ට අනුව මෙම සරසවියේ පීඨ අටක්‌ සහ වන්දනාව වෙනුවෙන් සිද්ධස්‌ථාන 10 ක්‌ පැවැති බැව් සඳහන්ය.

නාලන්දා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවීය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙරාතුව දොරටු භාරව සිටි අධ්‍යාපනඥයන් විසින් තියුණු වාචික පරීක්‌ෂණ පවත්වන ලදී. පාල යුගයේදී මහායානය පිළිබඳව ඉගෙනුම වැදගත් විය. පණ්‌ඩිත් අභයාකාර (Abhyakara gup) ඒ ගුප්ත යුගයේදී තාන්ත්‍රික ඉගෙනුම වෙනුවෙන් අවධානය යොමු විය. මේ කාලයේදී සිසුන් 10,000 ක්‌ පමණ නේවාසිකව අධ්‍යාපනය ලැබීය. ආචාර්ය මණ්‌ඩලය 2000 ක්‌ පමණ විය. මෙම කාලයේදී නාලන්දාව ලබා තිබුණු කීර්තිය කොතෙක්‌ද යත් යමෙක්‌ මෙහි ඉගෙනුම ලබනවා නම් එය මහත් කිර්තියක්‌ ලෙස සලකන ලදී.

වජ්‍රයාන ඉගැන්වීම් වෙනුවෙන් වස්‌තු බීජයන් මෙම විශ්වවිද්‍යාලය වෙතින් ලැබුණු අතර බෞද්ධ දර්ශනයේ පුරෝගාමියකු වූ ධර්මකීර්ති ප`ඩිවරයා සහ ටිබෙට්‌ බුදුදහම තුළ සම්භාවනීSයත්වයට පත් ගුරු පද්ම සම්භවයන් මෙම විදුහලේ ආචාර්යවරුන් වූහ.

ක්‍රි.ව 1193 දී මොහමඩ් භක්‌තියාර් මෙම ප්‍රදේශයේ බලවතා බවට පත් විය. ඔහු පන්දහසක සේනාව ලවා මෙම අධ්‍යාපනික මධ්‍යස්‌ථානය ගිනිබත් කරන ලදී. පර්සියානු ඉතිහාසඥ මින්හස්‌ සිය ග්‍රන්ථයක දක්‌වා ඇත්තේ භික්‌ෂූන් වහන්සේලා දානය වළඳමින් සිටින අවස්‌ථාවේ පිළිස්‌සී ජීවිතක්‌ෂයට පත් වූ අතර තවත් දහසක්‌ දෙනාගේ හිස්‌ ගසා දැමූ බවයි.

මෙම ගින්නට මාස තුනක්‌ මුළුල්ලේ පොත් පත් දැවී ගිය බව සඳහන් වේ. මේ කාලය වෙන විට එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලය යාන්තම් ආරම්භ වුණා පමණි. නාලන්දා විශ්aව විද්‍යාලය ගිනිබත් කළ මොහමඩ් භක්‌තියාර් 1199 වසරේදී බෙංගාලය යටත් කර ගැනීමෙන් පසු ඉන්දියාව සහ තිබ්බතය හරහා යන ගමනේදී ගංවතුරට හසුව ජීවිතක්‌ෂයට පත් විය. මෙම භුමියේ කරන ලද කැණීම් වලදි දැවී ගිය ධාන්‍ය කොටස්‌ සහ මිනිස්‌ ඇටසැකිළි ගණනාවක්‌ හමු වී ඇත. විශ්වවිද්‍යාලය සහ ඉගෙනුමේ වටිනාකම ගැන ඔවුන් කිසිදු තැකීමක්‌ කළේ නැත. මුස්‌ලිම් ආක්‍රමණිකයන් විසින් මෙහි තැන්පත්ව තිබූ ඓතිහාසික මූලාශ්‍ර සියල්ල විනාශ කළ අතර කුරානය පමණක්‌ ආරක්‌ෂාව වෙනුවෙන් පිටතට ගන්නා ලෙස දන්වා ඇත. නාලන්දාවේ නටබුන් අතර සරසවිය ගොඩනැගූ ගඩොල් කුට්‌ටි සහ අලංකාර කිරීමට යොදා ගත් කිරිගරුඬ කොටස්‌ද දක්‌නට ඇත. නාලන්දාවේ නටබුන් ගවේශනයේ යෙදුණු මුල්ම බටහිර ජාතිකයා ලෙස සලකනු ලබන්නේ ඇලෙක්‌සැන්ඩර් කනින්ග්හැම් පුරාවිද්‍යාඥවරයාය.

නමුත් නාලන්දාවේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් ඉඩ පරිසරය පැවැති බවට සාක්‌ෂි සටහන් ඇත. 1235 වසරේදී නාලන්දා වෙත ගිය ටිබෙට්‌ පරිවර්තකයෙක්‌ වූ ඩැග් ලොට්‌ස්‌වා සඳහන් කරන්නේ අවුරුදු 90 ක්‌ පමණ වූ රාහුල ශ්‍රී භද්‍ර නම් ගුරුතුමෙක්‌ බ්‍රාහ්මණයකුගේ ආධාර ඇතුව හැත්තෑවක්‌ පමණ පිරිසක්‌ වෙනුවෙන් ඉගෙනුම් කටයුතු පවත්වාගෙන ගිය බවයි.

මේ අතර නාලන්දා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය නැවත පිහිටුවන්නට අවධානය යොමු විය. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කළ අතර නොබෙල් සම්මානලාභී ඉන්දීය විද්වතෙකු වන ආචාර්ය අමිර්ටියා සෙන් ඒ සඳහා විශේaෂ උනන්දුවක්‌ දක්‌වන ලදී.

මේ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 500 ක්‌ පමණ වැය වෙන අතර චීනය , ඉන්දියාව, ජපානය සහ වෙනත් රටවල් විසින් අරමුදල් සම්පාදනයට කැමැත්ත පළ කරන ලදී. යටිතල පහසුකම් වෙනුවෙන් අමතර මිලියන පන්සියයක්‌ වැය කිරීමට බලාපොරොත්තු විය.

මෙහි පළමු අදියරේදී විශ්වවිද්‍යාලය පීඨ හතකින් සමන්විතය. මේ අතර කලා, විද්‍යා, දර්ශනය, ආගම්, වැනි වැදගත් පාඨමාලාවන් මෙහි ඇතුළත් වේ. වසර 800 කට පසුව නාලන්දා සරසවිය සිසුන් 15 දෙනෙකුගෙන් යුක්‌තව නිල වශයෙන් විවෘත කිරීම 2014 වසරේ සැප්තැම්බර් මස දෙවැනි දින සිදු වූ අතර ලොව පුරා සිටින විද්‍යාර්ථියන්ට නාලන්දාවේ දොරටු දැන් විවෘතව ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

http://www.divaina.com/2014/09/14/diyaga09.html

ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය (LEARN)


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම
ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය (LEARN)
වැඩිදියුණු කරයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා මෙන්ම ප්‍රමුඛතම බ්‍රොaඩ්බෑන්ඩ් පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් 'ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය' (Lanka Educational and Research Network-LEARN) සාර්ථකව වැඩිදියුණු කරන ලද බව අභිමානයෙන් දැනුම් දෙයි. අන්තර්ජාල ප්‍රවේශ පරාසය තත්පරයට ගිගාබයිට්‌ 1.65 (1.65 Gbps) දක්‌වා ඉහළ නැංවීම හා පුළුල් ප්‍රදේශ ජාලය (WAN) දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන සමග සම්බන්ධ කිරීම වැනි කටයුතු ඊට ඇතුළත් විය.

'ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය' (LEARN) මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවතින සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල, වෙනත් අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික විද්‍යා පදනම (NSF) ඇතුළු පර්යේෂණ ආයතන කිහිපයක්‌ එකිනෙක හා සම්බන්ධ කෙරේ. එපමණක්‌ද නොව, එය දීප ව්‍යාප්තව ද්විතීයික පාසල් යා කරන ජාලය වන SchoolNet සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන ආයතන යා කරන ජාලය වන දේශීය රාජ්‍ය ජාලය (Local Government Network - eGovernment) සමගද සෘජු සබ`දතා පවත්වයි.

මෙම වැඩිදියුණු කරන ලද ජාල යටිතල පහසුකම් මගින් අදාළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් වෙනුවෙන් විවිධ ඊ-ඉගෙනුම් ක්‍රියාදාම (e-Learning - අන්තර්ජාලය පදනම් වූ අධ්‍යාපනය හා දුරස්‌ථ අධ්‍යාපනය), ඉහළ නංවන ලද වීඩියෝ සම්මන්ත්‍රණ සේවා, අන්තර්ජාල වීඩියෝ ප්‍රචාරණ සේවා, සහ අන්තර්-විශ්වවිද්‍යාල හ`ඩ හා බ්‍රොaඩ්බෑන්ඩ් අන්තර්ජාල ප්‍රවේශ වැනි සේවාවන් වෙත සහාය පළ කෙරේ. එමගින් ඔවුනට තම අධ්‍යාපනික හැකියාවන් වැඩිදියුණු කර ගැනීමටත් අධ්‍යාපනික අවශ්‍යතා සඵල කර ගැනීමටත් හැකි වේ.

LEARN ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය කේ. එස්‌. වල්ගම මහතා මේ පිළිබ`දව මෙසේ අදහස්‌ දැක්‌විය( "LEARN යනු ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීම මෙන්ම අන්තර්ජාලය හරහා එම ආයතන ලෝකය වෙත සමීප කිරීම ස`දහා 1990දී පිහිටුවන ලද පුරෝගාමී ව්‍යාපෘතියක්‌. ඒ වගේම එය දැනුම් කේන්ද්‍රස්‌ථානයක්‌ බවට අප රට පත් කිරීමේ අරමුණින් ගතානුගතික ඉගෙනුම් ක්‍රමවේද හා සීමාවන් අතික්‍රමණය කරමින් පුළුල් අධ්‍යාපනික අවස්‌ථා උදා කරන ජාලයක්‌ද වනවා".

සංස්‌කරණය -
අසෝක වන්නිආරච්චි
  


http://www.divaina.com/2014/09/14/economic01.html

Thursday, August 28, 2014

ගාලු කරණම්


http://www.divaina.com/2014/08/28/sarasavi.html