V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label අතීතාවර්ජන. Show all posts
Showing posts with label අතීතාවර්ජන. Show all posts

Friday, February 26, 2016

කැළෑ පොජ්ජේ පටඅරිනා ~ "කථාදමන යමකේ" (SLBC Dambana Radio)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “ දඹාන රේඩියෝ“ ආරම්භකර පසුගිය 22ට වසර 06ක් සැපිරුණ අතර, මේ ගුවන් විදුලි සේවයේ ශ්‍රාවක අසන්නන් විසින් උපන් දින සැමරුමක් දඹාන ආදිවාසී කොටබකිනිය ගම්මානයේ දී සංවිධානකර කැවුම්, කොකිස්, අතිරස, හැලප ආදී රසකැවිලි පොදි බැඳගෙන දඹාන කොට බකිනිය ගම්මානයට බස් රථවලින් උදෑසන පැමිණියේය.
මහඔය, හසලක, උඩත්තව, දිඹුලාගල, හේනානිගල, මීගහකිවුල, කැටවත්ත යන ගම්මාන වල ශ්‍රාවක අසන්නන් මෙලෙස කැවුම්, කිරිබත්, කෙසෙල්, හැලප රැගෙන දඹාන කොටබකිනිය ගම්මානයට බස් රථ වලින් පැමිණි අය වෙති.
“ දඹාන රේඩියෝ“ වේ උපදේශක ලෙස වන්නිලා ඇත්තන් ක්‍රියා කරන අතර, සිකුරාදා දිනයේ වැඩසටහන් සියල්ල ආදිවාසී භාෂාවෙන් විකාශනය කෙරේ. ශ්‍රාවකයන් සංවිධාන කළ උපන්දින සැමරුම සඳහා ආදිවාසී නායක විශ්ව කිර්ති, වනස්පති වන්නිලා ඇත්තන් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා අතිරේක අධ්‍යක්ෂ නිමල් ප්‍රේමසිරි මහතා සහභාගී වූහ.
එහි දී වැදිගෝත්‍රයේ සම්ප්‍රදායන්ට අනුව ඉදිකළ නව ගුවන්විදුලි විකාශන මැදිරියක් විවෘත කිරීම ද ආදිවාසී නායක වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මුං කිරිබතක් උයා කිරිබත් කැට කපා ශ්‍රාවකයන් ආදිවාසී නායකයා හට හා ප්‍රාදේශීය සේවා අතිරේක අධ්‍යක්ෂවරයා හට කැවීම සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ FM නාලිකා සැමට ආදර්ශයක් දෙමින් මේ උපන්දිනය සැමරූ අතර, නාලිකාව විසින් ශ්‍රාවකයන් හට මුදල් තෑගි බෝග ලබාදීම වෙනුවට ශ්‍රාවකයන් විසින් නාලිකාව ඇගයීම සිදු කෙරුණු අතර, දඹාන රේඩියෝව අසන ශ්‍රාවකයන් හට ආදිවාසී වන්නිලා අත්තන් විසින් හිටපු ආදිවාසී නායක තිසාහාමිලා ඇත්තන්ගේ පිළිරුවක් සහිත සිහිවටනයක් කල්‍යාණ ඇසුරට උපහාරයක් ලෙස පරිත්‍යාග කරනු ලැබීය. දඹාන FM ගුවන් විදුලියේ ශ්‍රාවක සමාජය විසින් නර්ථන අංග හා ගායනා අංග රැසක් ආදිවාසී ගම්මානයේ මොරබැද්දේ දී සංවිධානකර තිබුණි.
සභාව ඇමතූ ආදිවාසී නායක “ හැල හැප්පිලි රැසක් මැද ජීවිකාව ගෙන යන අතරතුර ප්‍රජා ගුවන් විදුලි සංකල්පය අප රටෙන් තුරන්ව යන කාලෙක රේඩියෝ දඹාන නමින් ගිරාදුරුකෝට්ටේ තිබුණ ප්‍රජා ගුවන් විදුලිය ආරම්භ කරපු වේලාවේ මේක නඟාහිටුවන්න පුළුවන් ද කියලා ගුවන් විදුලියේ ජයවික්‍රම මහත්තයා ඇවිල්ලා මගෙන් ඇහුවේ. ඒ වෙලාවේ දී මම ඒකට එච්චර කැමති වුණෙත් නෑ. අවසානේ කැමති වෙලා ආරම්භ කළා. ආරම්භ කරපු දවසෙම තමයි මම එවකට හිටපු සංස්ථාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරේ මේකෙ නම වෙනස් කරලා දෙන්න කියන එක. මොකද මේක යන මාවත පිළිබඳ මම දැනගෙන හිටියේ නෑ. නමුත් ඒයාලා නම වෙනස් කරන්න කැමති වුණේ නෑ. දඹාන FM කියලාම මගේ පරම්පරාවට සේවයක් වන විදියට හා බින්තැන්න පළාතට සේවයක් වන විදියට මේ නාලිකාව ක්‍රියාත්මක කරගෙන ගියා.
මේ වන විට අවුරුදු 06ක් සම්පූර්ණ කරමින් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. අපේ රටේ ගුවන් විදුලි ගොඩක් තියෙනවා. බොහෝ ගුවන් විදුලි අපේ ගුවන් විදුලිය අහන්න කියලා බඩු මල්ලක් දෙනවා. සල්ලි මල්ලක් දෙනවා. එහෙම ක්‍රමවේදයක් තමයි දැන් අපේ රටේ ඇති වෙලා තියෙන්නේ. මම හිතන විදියට ගුවන් විදුලියක් කියන්නේ සිංදු කියන්ඩ, නටන්ඩ, බඩු මුට්ටු තෑගි බෝග දෙන්ඩ නෙවෙයි ඒකෙන් ජනතාවට සේවයක් වෙන්ඩ ඕන කියලයි මගේ නම් අදහස. මේ බොහෝ පිරිසක් ඇවිත් ඉන්න එකෙන්ම මට තේරෙනවා ඒකෙන් කරපු සේවාව කොච්චරද කියලා. මේ පුංචි ගුවන් විදුලියෙන් කරපු ලොකුම සේවාව තමයි හසලක උඩැත්තව, මැදකැලේ ගම්මානයට යන්ඩ මාර්ගයක් හදපු එක. මේ ගුවන්විදුලිය අපේ පරම්පරාවේ අය විතරක් නෙවෙයි අවට අයත් ප්‍රයෝජනයට ගන්නවා කියන එක මම දැක්කා. ඒ නිසා මේ ගුවන් විදුලිය හරහා විශාල සේවාවක් ප්‍රයෝජනයක් ඉදිරියේදීත් ගන්ඩ පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
මගේ පරපුර ගැන කියනකොට මේක ඇහෙන්නේ ලංකාවේ සීමිත ප්‍රදේශයකට. ලංකාවේ දිස්ත්‍රික්ක 06ක ගමම්මාන 62ක පමණ අපේ ජනතාව විහිදිලා ඉන්නවා. ගුවන් විදුලිය නියෝජනය කරමින් අධ්‍යක්ෂ කෙනෙක් මේ අවස්ථාව සඳහා පැමිණිලා ඉන්නවා. මම එතුමන්ගෙන් හා සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා ඒ ගම්මාන 62 ටම මේ ගුවන් විදුලිය ඇහෙන මට්ටමට දියුණු කරලා දෙන්න කියලා. ඒ අනුව ඒ ගම්මාන 62ම සම්බන්ධීකරණය වෙන්න පුළුවන්කම, ඒ අයගේ ගැටලු සම්බන්ධයෙන් දැනුවත් වෙන්න, භාෂාව ඉගෙන ගන්න හැකියාව ලැබේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මේ ගුවන් විදුලිය අහලා අපේ පරම්පරාවේ විදියට මේ දරුවො වැඩිහිටියෝ “ මාමකැච්චක් හොඳමයි“ කියා හරි කියන්ඩ ඉගෙන ගෙන තියෙනවා. ඒක මට ලොකු සතුටක්. අද වෙනකෙට ගොඩක් දරුවො මෙහාට එනවා මේ භාෂාව සංස්කෘතිය හදාරන්ඩ. ඒ එන හැමෝටම ගුවන් විදුලිය ලොකු පිටිවහලක් වෙනවා. ඒ වගේම ගෙදර ඉදලා අපේ භාෂාව ඉගෙන ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගුවන් විදුලියෙන් එක මිටකට අපේ පරම්පරාවේ අය ගොනුකර ගන්න හැකි වෙලා තියෙනවා. සමස්ත ගම්මාන වලට මේක ඇහෙනවානම් මට පුළුවන් මෙතන ඉදලා ඒ ගම්මාන වල ගැටලු ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ඒවාට විසඳුම් දෙන්න. මම අවසාන වශයෙන් ඉල්ලන්නේ මේක දැකලා සතුටු වෙලා අපට මේක දියුණු කරගන්න තවත් උදවුකරන්න කියලයි“ යැයි පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම, අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත දඹාන කථාමෙන යමකෙ හෙවත් දඹාන රේඩියෝව දඹාන ගම්මානයේ ආදිවාසී නිවේදකයන් 3ක්, ස්ථිර නිවේදකයන් 4ක් හා ස්වෙච්ඡා නිවේදකයන් 8 දෙනකුගෙන් හා නාලිකා ප්‍රධානි අරුණසිරි ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
සටහන හා ඡායාරූප
මාපාකඩවැව සමූහ - එච්. එම්. ආර්. කරුණාවීර 
http://www.dinamina.lk/

Tuesday, July 23, 2013

ඔබේ හඬ අද ඇහෙන්නෙ ම නැති තරම්

විශාරද සුජාතා අත්තනායක
සුජාතා අත්තනායක බොහෝ දෙනකු හඳුනන්නේ චිත්‍රපට පසුබිම් ගායිකාවක හා ගුවන් විදුලි ගායිකාවක ලෙසිනි. එහෙත් ඈ ස්පර්ශ කළ සංගීත ක්‍ෂේත්‍රය අති පුළුල් ය. එයිනුදු කැපී පෙනෙන්නේ ඇගේ සුභාවිත හඬ ය. අපේ සිනමා රිදී තිරය නින්නාද කළ සුමියුරු ලලනා හඬ සුජාතාගේ ය. ජන සම්මානයෙන් මෙන් ම රාජ්‍ය සම්මානාවලියකින් ද පිදුම් ලද ඈ සම්භාව්‍ය ගායන ශිල්පිනියක, සංගීත වේදිනියක හා මෙරට පළමු කාන්තා සිනමා සංගීත ඇදියුරුවරිය ලෙස ද ප්‍රකට ය.
පැරණි ටවර්හෝල් ශිල්පිනියක වූ විමලා කාන්තා මෑණියන් ගේ නූර්ති ගීත උණුසුමේ හැදුණු වැඩුණු සුජාතා දිගුනිහැඬියාවකින් පසු තවත් මාහැඟි මෙහෙවරකට උරදී සිටින්නීය. මේ සංලාපය ඒ පිළිබඳවයි.
ඔබේ හඬ අද ඇහෙන්නෙ ම නැති තරම්. ඒ ගුවන් විදුලි නාළිකා ඔබේ ගීත ප්‍රචාරය නොකරන නිසාද?
”ඒකත් එක හේතුවක්. නාළිකාවල මගේ ගීත ඕන තරම් තියෙනවා. ප්‍රචාරය නොකරන, එකයි ප්‍රශ්නෙ. ළඟදී රූපවාහිනියේ ‘ආලකමන්දාව‘ කළා. නමුත් තාම ඒක විකාශය කළේ නෑ. ඔය අද තියෙන ප්‍රසිද්ධ ටීවී නාළිකාවල මගේ ගීත ඕන තරම් තියෙනවා. ප්‍රචාරය කරන්නෙ නැත්තෙ මොකද කියල දෙය්යො තමයි දන්නෙ. ජීවත් ව ඉන්න ටිකේ නැත්නම් මං මළාට පස්සෙ ඒ ප්‍රචාරය කරන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා.”

මෙරට ප්‍රථම කාන්තා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරිය ඔබ.
විලියම් ඔලම්ස් ගේ ‘හරියට හරි’ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරමින් මා එහි ගීත ගැයුවා. ‘සඳකිඳුරු’ චිත්‍රපටයේත් සංගීතය කළේ මම. නමුත් ඒ ගීතවත් අද ප්‍රචාරය කරන්නෙ නෑ. ඒ චිත්‍රපට ගීතවල ප්‍රස්ථාර ලියල තනු හදල සංගීතය නිර්මාණය කරල අධ්‍යක්ෂණය කරල ගායනා කළේ මං. කාන්තාවක් විදිහට මේක අභියෝගයක්. ඒත් ඒ අභියෝගය මං ජයගත්තා. සමහර විට එය ලංකාවෙ වාර්තාවක් වෙන්නත් පුළුවන්.”

ඔබේ දිගු ගමනේ සුවිශේෂී සිදුවීම් ගැන සිහිපත් කළොත්?
”එකම දවසකදී චිත්‍රපට 4 ක පසුබිම් ගීත ගායනා කළා. ආර්. මුත්තුසාමි සමඟ කඳානේ SPM චිත්‍රාගාරයේ මුල් ගීතය කළා. එම්.කේ. රොක්සාමි සමග හැඳල විජය චිත්‍රාගාරයේ දෙවන ගීතය කළා. සෝමදාස ඇල්විටිගල සමග දළුගම සරසවි චිත්‍රාගාරයේ තුන්වැනි ගීතය කළා. පී.එල්.ඒ. සෝමපාල සමඟ කිරුළ පාරේ ලංකා චිත්‍රාගාරයේදී හතරවැනි ගීතය කළා. මේක ලෙහෙසි පහසු වැඩක් නෙමේ. එකම දවසක එකම රැයක කාන්තාවක් විදිහට හතර පොළක ගීත හතරක් කරනව කියන එක ලේසි වැඩක් ද? තවත් එකක් තියෙනවා.
‘වාසවදත්තා’ චිත්‍රපටය ලංකා චිත්‍රාගාරයේ නිෂ්පාදනය කළේ. එය තෙළිඟු චිත්‍රපටයේ ම කොපියක්. “වාසවදත්තා” තෙළිඟු චිත්‍රපටිය තිරයේ පෙන්වද්දි ඒ දිහා බලාගෙන එහි ගීත ගායනා විලාසයට ම වචන හසුරුවමින් මං සිංහල ගීත ගායනා කළා. ඒ අතර ඔකෙස්ට්‍රා එක එවෙලේ ම සංගීතය සැපයුවා. කරු අය්යා එවෙලේ ම තෙළිඟු ගීතවලට සිංහල ගී පද ලිව්වා. ‘වාසවදත්තා’ චිත්‍රපටයේ ගී ගැයීම සිංහල සිනමා කර්මාන්තයේ සුවිශේෂී සිදුවීමක්. මේ සිදුවීම මගේ ගායන දිවියේ අමරණීය සිදුවීමක්.”

උත්තර භාරතීය හා කර්‍ණාඨක සංගීතය මනාව ඇසුරු කළත් ඔබ දේශීය සංගීතය මැනවින් ස්පර්ශ කළ ශිල්පිනියක්?
”හින්දි ගීත හා හින්දි අනුකාරක ගීත ගායනා කරපු කෙනෙක් විදිහටයි මාව කාලයක් හංවඩු ගහල තිබුණෙ. උත්තර භාරතීය හා කර්‍ණාඨක යන දෙකොටසට ම අදාළ ගීත මං ගයා තියෙනවා. එම සංගීත ක්‍රම දෙක ඇසුරින් කළ ස්වතන්ත්‍ර සිංහල ගීත මං ගයා තියෙනවා. ඒ කාලෙ හින්දි ගීත වුණත් හැමෝට ම හරියට ම ගයන්න බෑ. ඒ අතින් මට හොඳ ඉල්ලුමක් තිබුණා. සමහරු මට ඊරිසියා කළා. එදත් අද වගේ කැපිලි කෙටිලි රැවිලි බැවිලි තිබුණා. මං ඒවට බය වුණේ නෑ. කොහොම වුණත් සුභාවිත ගීත කලාව පැත්තට තමයි මං නැඹුරු වුණේ.”

රියැලිටි ගායක ගායිකාවන් ඔබේ ගීත ගයමින් සෑහෙන්න උපයනවා. මුල් ගායකයාගේ අවසර නැති ව කිසිම ගීතයක් ගැයීම තහනම් කියන ක්‍රමවේදයකට ඔබ එකඟද?
”මගේ ගීත කවුරු කිව්වත් මුල් ගායනයට හානියක් නොකර ගායනා කරනවාට මා අකමැති නෑ. ඒ ගීත ගායනා කරන පිළිවෙළකුත් තියෙනවනෙ. ඇඳුම් අඳින පිළිවෙළකුත් තියෙනවා. සමහර රියැලිටි ගායිකාවන්යැයි කියා ගන්න අය කලිසම් ඇඳගෙන නට නටා මගේ ගීත ගයනවා. මුල් ගායනයට හානි නොකර, ඒ ගීතයේ අර්ථය කෙළෙසන්නෙ නැතිව, හොඳ ඇඳුමක් ඇඳගෙන වේදිකාවක ගීත ගායනා කළාට කමක් නෑ. හැබැයි මගේ ගීත ඒ අයගෙ නමින් සීඩී කරල වෙළෙඳපොළේ විකුණන එකට නම් මං විරුද්ධයි. ඔය කියන ක්‍රමවේදයට වුණත් මගෙ අකමැත්තක් නෑ.

නෘත්‍ය, වාද්‍ය හා සංගීත ක්ෂේත්‍රය ම ප්‍රගුණ කළ ඔබ ප්‍රකට කලා පවුලක සාමාජිකාවක්
”ගායනය, වාදනය විශාරද කළා. කථක් නැටුම් ඉගෙන ගත්තා. තරමක් දුරකට කර්ණාඨක සංගීතයත් ප්‍රගුණ කළා. විමලා කාන්තා මගේ අම්මා. ප්‍රකට ටවර්හෝල් නිළියක්. ෆ්ලෝරී දේවි අක්කා ටවර්හෝල් නිළියක් වගේම නැටුම් ගුරුවරියක්. රංජනී නංගී නැටුම් උපදේශිකාවක්. ගායිකාවක්. සුසිල් පෙරේරා මල්ලි බටහිර ඩ්‍රම්ස් වාදකයෙක්. ධර්‍මසිරි පෙරේරා අය්යා සංගීත උපදේශකවරයෙක්. මේ අයගෙන් වැඩියෙන් කැපී පෙනුණෙ මං.”

විමලා කාන්තා මෑණියන්ගේ රංගන ආලෝකය ඔබට ආශිර්වාදයක් වුණා.
”මවගේ උරුමයට මං ණය ගැතියි. ‘ටවර් හෝල්’, ‘නූර්ති ගී’ පොත ලියන්න කලින් හුඟාක් ගීත අම්ම ලව්ව ගායනා කරවා ප්‍රස්ථාර ලියා ගත්තා. හුඟක් ගීත අම්මට මතක තිබුණා. වෙනත් පොත්වල තිබුණු ප්‍රස්ථාර පවා මම නිවැරදි කළා. අම්ම ගීත කියනවා, නටනව දැකල තමයි මං මේවට පෙළඹුණේ.”

ඔබ අතින් පසුගියදා ‘ටවර්හෝල් නූර්ති ගී’ නමින් ප්‍රශස්ත ග්‍රන්ථයක් සම්පාදනය වුණා.
”මං මේක ලියන්න ගත්තේ 1989 වසරේ. ඒ විවිධ බාධා නිසා 2012 එළිදැක්වූවා. නූර්ති ගීත පොත් සෑහෙන්න මං කියවල තියෙනවා. ඒ පොත්වල හුඟාක් ප්‍රස්ථාර වැරදියි. ඒවා නිදොස් කරන්න මට ඕන වුණා. මෙහි දෙවන පොතත් මේ දවස්වල ලියාගෙන යනව. මේ ගීතවල නිවැරදි තොරතුරු හුඟක් හොයල දුන්නෙ ස්ටැන්ලි මාස්ටර්. එදා මේ ගීතවල වචන මට කියල දුන්නෙ අම්මා. මේ පොත සමග නූර්ති ගීත ඇතුළත් සී.ඩී. තැටියකුත් නිකුත් කළා. නූර්ති ගීත ඉගෙන ගන්න අයට මෙන් ම උගන්වන අයටත් මේක හොඳ අත්පොතක් වේවි.”

අද බිහිවෙන හුඟක් ගායක ගායිකාවන්ට තමන්ට ම වෙන්වූ අනන්‍යතා හඬක් නැත්තෙ ඇයි?
”ඒ, ඒ අය අනුන්ගෙ සින්දු කියන නිසයි. ඒකෙන් වෙන්නෙ මුල් ගායකයා ම ඉස්මතු වෙන එකයි. අනුන්ගෙ ගීත ම ගයන නිසා තමන්ට ම වෙන්වූ ස්වර පරාශයක් හැදෙන්නෙ නෑ. ඒකයි හේතුව.”

නූර්ති ගීතවලට අද වැඩිදෙනෙක් උනන්දුවක් නෑ. විශේෂයෙන් තරුණ පරපුර. ඒකට හේතුවක් තියෙනව ද?
”මේ නූර්ති ගීත නාළිකාවලින් පෙන්වන්න ඕන. ප්‍රචාරය කරන්න ඕන. එතකොට තමයි මේවා අහන්න, ගයන්න මිනිස්සු හුරුවෙන්නෙ. පෙලඹෙන්නෙ. මේ ගීත හුඟ දෙනකුට අමතක වෙලා. නූර්ති ගීත නූර්ති දර්ශන නිතර නිතර රූපවාහිනීවලින්, ගුවන්විදුලි නාළිකාවලින් පෙන්වනව නම්, ප්‍රචාරය කරනවා නම් ඉබේම මේව ජනපි‍්‍රය වෙනවා. අද නාළිකාවලින් වැඩි හරියක්පෙන්වන්නෙ මොනවද? අඟර, දඟර. මේ ගීත ශාස්ත්‍රීය සංගීතය ඇසුරු කරගෙන හදලා තියෙන්නෙ. මේවා උතුරු ඉන්දීය රාගධාරී සංගීතයෙන් රසවත්ව හදපුවා. කවුරුත් මේවට කැමැතියි.

නූර්ති ගී කෙරෙහි වැඩි උනන්දුවක් ඇති වුණේ ඇයි?
’ටවර්හෝල් නූර්ති ගී’ පොත කරන්න මාව උනන්දු කළේ මගේ සැමියා. නවරත්න අත්තනායක. “ඔබට ඔච්චර දැනුම් සම්භාරයක් තියාගෙන නිකම් ඉන්නෙ ඇයි කියල” සැමියා නිතර ම මගෙන් ඇහැව්වා. අනික අම්මත් එක්ක මං කුඩා කාලේ ටවර්හෝල් එකට ගියා. අම්ම රඟපාමින් ගීත ගායනා කරන දිහා මං බලාගෙන හිටියෙ හරිම ආශාවෙන්. ඒ ගීත නිකම් මට පාඩම් හිටියා. මේ පොතේ අඩංගු ගීතවලට අමතර ව තවත් විශාල ගීත සංඛ්‍යාවක් මා සතුව තියෙනවා. මා කුඩා කාලයේ ටවර්හෝල් එකේ රඟපාමින් ගයපු ගීතත් මේ පොතේ තියනවා. නූර්ති ගීවලට වැඩි උනන්දුවක් ඇති වෙන්න තවත් හේතුවක් තමා අම්මත් එක්ක රඟපෑ, ගී ගැයූ නළු නිළියන් ගායක ගායිකාවන් මට ඇසුරු කරන්න ලැබීම.”

සංලාපය - චන්ද්‍ර ශ්‍රී සෝමසිරි
http://www.silumina.lk/punkalasa/20130721/_art.asp?fn=ar13072112

Saturday, July 20, 2013

රාවණට ගරුකළ අරිසෙන් අහුබුදු


රාවණට ගරුකළ අරිසෙන් අහුබුදු
2013 ජූලි මස 17 13:30:08 | ලංකාදීප කර්තෘ මණ්ඩලය









ගල්කිස්ස කලාපුර යනු මෙරට කලාකරුවන්ගේ සුන්දර නවාතැන් පොළකි, සංගීත, සාහිත්‍ය, නිර්මාණ, සිනමා ආදී විවිධ කලා ක්‍ෂේත‍්‍රයන්හි විශිෂ්ඨත්වයට පත් ප‍්‍රවීණයෝ රැසක් මෙහි ජීවත් වෙති.
මමද වසර දහයක පමණ සිට කලාපුරයේ පදිංචිකරුවෙකුවීමට භාග්‍යවන්ත වූයෙමි. පොළොන්නරුවේ සිට ගායන ක්‍ෂේත‍්‍රයට පැමිණි මාහට කලාපුරයේ ඉඩමක් ලැබීම මහත් සොම්නසක් වූයේය. ගල්කිස්ස කලාපුරය පොළොන්නරුව වැනි ප‍්‍රදේශයක සිට පැමිණි මට ආගන්තුක නොවූයේ එහි තිබූ ගැමි බවට හුරු පරිසරය නිසාය. අනවශ්‍ය ඝෝෂාකාරීත්වයක් එහි නැත. සාමකාමීය, නිස්කලංකය, බොහෝ උදෑසන වලදී ව්‍යායාම පිණිස කලාපුර වටරවුමේ ඇවිද යෑම මගේ දින චර්යාවේ එක් අංගයකි. දිනක් මා එසේ ඇවිද යද්දී සාහිත්‍ය කලා ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයෙකු මට හමුවිය. ඒ මහා පඬිවර අරිසෙන් අහුබුදු කිවිසුරාණන්ය. කිවිසුරු අරිසෙන් අහුබුදු යන නාමය මා අසා තිබුණේ කුඩා කාලයේ සිටය. සුනිල් ශාන්තයන් ගයන ‘‘ලංකා ලංකා පෙම්බර ලංකා’’ නම් ගීතය ලියා තිබුණේද ‘සංදේශය’ චිත‍්‍රපටයේ සියළුම ගී ලියුවේද, එච්.ආර්.ජෝතිපාල ගයන ‘‘පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා’’ ගීත ලියුවේද මේ මහා ගේයපද රචකයා බව මම දැන සිටියෙමි.

‘‘සර් මම සින්දු කියන ජානක වික‍්‍රමසිංහ’’ යැයි එතුමාට මා කවුදැයි හඳුන්වා දුන්නෙමි.
අරිසෙන් අහුබුදු නම් මහා පඬිවරයාණෝ එදා ජානක යන මගේ නමේ අර්ථය මට වටහා දෙමින් තමන්ගේ මුල් නම ආරියසේන ආශුබෝධ බවත් එය සිංහල ඌරුවට අනුව අරිසෙන් අහුබුදු ලෙස පෙරළාගත් බවත් කීවෝය. එයින් නොනැවතුනු අහුබුදු ශූරීන් මා පුදුමයට පත් කරමින් ‘‘රාවණාට විසුළු කරන්නේ මන්දැයි’’ මගෙන් ඇසීය. එය කිසිසේත් මා බලාපොරොත්තු ව සිටි ප‍්‍රශ්නයක් නොවේ. මා විසින් ගායනා කරන ලද ‘‘බාලිකාවියන්’’ ගීතයේ පදයක ‘රාවණා ඇවිත් ඉඳිවී සෙයිලමේ ඉඳන්’ යන යෙදුම අන්තර්ගත වේ. එය අරිසෙන් අහුබුදුවන්ගේ අවධානයට ලක් වී ඇතැයි කිසිවිටක මම කල්පනා නොකළෙමි.
අරිසෙන් අහුබුදුවන් රාවණා සම්බන්ධයෙන් දැඩි ගෞරවයෙන් පසුවන්නෙකු බවත් සක්විති රාවණා නම් නාට්‍ය නිෂ්පාදනය කළේද ඒ නිසා බවත් පසුව මම දැන ගතිමි. එහෙත් ගීතයේ පද පෙළ සම්බන්ධයෙන් මා එතරම් අවධානයක් දැක්වූයේ නැත. අහුබුදු සූරීන්ගේ විමසීමෙන් අනතුරුව එහි දෝෂයක් ඇති බව මට වැටහී යන්නට විය. සිදුවී ඇති අත්වැරදීම සම්බන්ධයෙන් මම එතුමාට කණගාටුව ප‍්‍රකාශ කළෙමි.
එවිට මගේ අත වැරෙන් අල්ලා ගත් එතුමා මා කැඳවාගෙන ගියේ එතුමාගේ නිවසටය. එහි දැවැන්ත පොත් රාක්කයක් ඉදිරිපිට නතර වූ අහුබුදු සූරීන් තමන් විසින් අඳින බුද්ධ රූපයක් මා හට පෙන්වීය. තමන් විසින් රචනා කරන ලද කෘති දහයක් පමණ මා අත තැබූ එතුමෝ මේවා කියවන්න, කියවලා මාව හමුවන්න එන්න යැයි කියා සිටියහ.
එලෙස පළමු හමුවීමෙන් ම අහුබුදු සූරීන් මගේ සිත් ඇද ගත්තේය. කුඩා දරුවෙකු සේ මා හා කතා කළද ඒ මහා සාහිත්‍යවේදියෙකි, පඬිවරයෙකි. මහ ගී පද රචකයෙකි. දැවැන්තයෙකි. ඉන්පසු නිරන්තරයෙන්ම අහුබුදු ශූරීන් සමග වැඩකටයුතු කිරීමේ භාග්‍යය මට හිමිවිය. ඒ හැම අවස්ථාවකදීම ගීතයක් රචනාකොට දෙනමෙන් එතුමාගෙන් ඉල්ලා සිටියද කාලයත් සමග ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි. පසුව එතුමන් විසින් ‘පරෙවිය’ මුද්‍රා නාටකයට ලියන ලද නොගැයුණු ගී අතර තිබූ එක් ගීතයක් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මධුර තනු නිර්මාණයට අනුව ගායනා කිරීමේ භාග්‍යය මා හට හිමිවිය. වසර පනහකට පමණ ඉහතදී රචිත මෙම මුද්‍රා නාටකයේම නොගැයුණු ගී අතර වූ ගීයක් පණ්ඩිත් අමරදේවයන් විසින්ද ගායනා කර ඇත. එය ‘මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී’’ නම් වසන්ත ගීතයයි.

මා ගයන ලද ගීතය මෙසේය.
වෙළේ සුළං වැදී සෙමෙන් ඔබේ
දුහුල්ද මේ ලෙලෙන්නේ ලස්සනයි
මටත් අනේ ඔබේ දුහුල් කොනේ
සිහිල් ලබන්න දෙන්නකෝ අතක්

විලේ දිලේ පිපී කුමුන්දු මල්
හ හා ඔබේ පසන් දසන්ද ඒ
ඔබේ සිනා උසස් මැ සිත්තමයි
සිනා සිසී සිටින් සුදෝ සදා

ඉතා මැ රෝස පාට වූ ළකල්
අඹේ උපන් ඔබේ අතුල් තමා
ලියේ එයින් මගේ ගෙලේ එලෙන්
එසේ මමත් ඔබේ ගෙලේ එලෙමි

අව්‍යාජ පේ‍්‍රමන්තයෙකුගේ බසින් මෙම ගීත රචනා කරන කිවිඳුන් වෙළේ සුළං වැදී ලෙලෙන පේ‍්‍රමවන්තියගේ දුහුලේ එල්ලී සිසිලක් ලැබීමට අතක් ඉල්ලා සිටි කුමුදු මල් මෙන් දත් පෙන්වා සිනාසෙන තම පෙම්වතියගේ දසුන ඔහු තම ජීවිතයේ දකින උසස්ම සිත්තම යැයි පවසා සිටී. අඹගසේ ලා පත‍්‍ර සේ රෝස පැහැයෙන් බබළන ඇගේ අත්ල වලින් තමාගේ ගෙලේ එල්ලෙන ලෙස ඉල්ලා සිටින තරුණයා පසුව තමාද එසේම ඇගේ ගෙලේද එල්ලී සිටින්නම් යැයි පවසා සිටී.
මෙම ගීය මාහට සොයාගත හැකි වූයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පිංසිදු වීමටය. මෙම ගීතය ජූලි 18 සවස 6ට  BMICH  හිදී පැවැත්වීමට නියමිත අරිසෙන් අහුබුදු උපහාර උලෙලේදී ගායනා කිරීමට සැලසුම් කොට ඇත.
කොග්ගල මළලගම උපන් අහුබුදු ශූරීන් හට දෙවන ලෝක යුද සමයේදී තම ගම හැරදා ඒමට සිදුවිය. කොග්ගල උද්‍යානය අහුබුදු උද්‍යානය ලෙස නම් කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේදී එක්තරා ප‍්‍රාදේශීය දේශපාලනඥයකු පවසා ඇත්තේ ගමේ පොල් කඩන්නෙකු තරම්වත් අහුබුදු ශූරීන් ගමට සේවයක් සිදු කර නොමැති බවය. වර්තමානයේ සමහර ප‍්‍රාදේශීය දේශපාලනඥයින් තම නායකත්වයට ද පක්‍ෂයට ද නිගරු කරමින් හැසිරෙන අයුරු දුටු විට මෙවන් වදන් ඇසීමට ලැබීමද එතරම් විමතියට පත්වීමට කරුණක් නොවේය. එනමුදු රත්න ශ්‍රී කිවිඳුන් විසින් රචිත ලක්‍ෂ්මන් විජේසේකරයන් විසින් සංගීතවත් කළ මා විසින් ගායනා කරන ලද අහුබුදු උපහාර ගීතයෙන් ඔහු ගැන මොනවට පැහැදිලි වේ.

දෙස බසට රැසට බැඳි සෙනෙහසින්
කළ මෙහෙය සමරමුව තුති ගොසින්
මහා කිවි අරීසෙන් අහුබුදුනි
නියාමක වදනිසුරු ඇදුරිඳුනි

 
ඔබේ කිත් යස කළඹ දුල් නිමල්
වැවේ නිබඳව වෙමින් පුල් විපුල්

 
ලිවිසැරිය රැලි නගන රුවනාර
කිවිඳගෙන මිණි වරුන් අතනෑර
සැදූ හෙළ කිරුළු හිස මනහාර
මහා මෙහෙවරට ලෝ උපහාර

 
ලියූ ගී කව්හි රැඳි රස පාස
නිවාලිය සුළවතුන් ළය දෑස
දයාබර වත රැඳුණු මඳහාස
කියාගත නුහුණු කවි දස දාස

සොබා දහමේ පියා හිරු ලෙසත් මව සඳු ලෙසත් සලකන ජීවිතයේ කිසිඳු ලෙස අනුන් නොරිදවූ අහුබුදු ශූරීන්ගෙන් මෙරටට සිදුවූ මෙහෙවර අතිමහත්ය. දස අකුසලයෙන් මිදී දස කුසල් රැස් කරමින් භාවනායෝගීව ජීවත් වු අරිසෙන් අහුබුදු ශූරීන් හට නිවන් සම්පත්තිය හිමිවේවායි ප‍්‍රාර්ථනා කර සිටිමි.