V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label "විජය". Show all posts
Showing posts with label "විජය". Show all posts

Wednesday, April 12, 2017

ආනන්ද ශාස්ත්‍රාලයේ නවක බාලදක්ෂිකාවෝ නිල ලාංඡන පළඳිති

සමස්තලංකා පාසල් බාලදක්ෂිකා කණ්ඩායමට තවත් නවක පෙළ බාළ දක්ෂිකාවන් පිරිසක් එක් වෙමින් මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ බාලිකාවන් පනස් දෙනකු පසුගියදා නිල ලාංඡන පළදමින් දිවුරුම් දුන්නේය.
අරලිය, නිල්මානෙල්, රෝස , ඕකිඩ් , සූරියකාන්ත,නෙළුම් යන කණ්ඩායම් වලින් මෙහිදි බාලිකාවන් පෙළ ගස්වා තිබූ අතර බලදක්ෂිකා පළාත් කොමසාරිසාරිස්වරිය වන ශ්‍යාමා තිලකරත්න මහත්මිය සහ කලාප බාලදක්ෂිකා කොමසාරිස්වරිය වන රමණි වික්‍රමනායක මහත්මින්ගේ ප්‍රධානත්වයෙන්උත්සවය පැවත්විණි .
ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති රන්දුණු ජයලත් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය විදුහල්පතිනී  මනෝරි ධර්මරතනප්‍රිය මහත්මියගේ ද සහභාගීත්වයෙන් පැවතිමෙහිදී බාලිකාවන්  විවිධාංග රැසක් එක් කරමින් උත්සවය හැඩ කළේය.
බාලදක්ෂිකා කණ්ඩායම්භාර ආචාරිණි  චතුරිකා හපුගොඩ, තරංගා ලක්මිණි, අයේෂා මීමැඩුම යන මහත්මින් විසින් කටයුතු සංවිධානය කර තිබුණි.
================
(විශ්ව ගැමුණු ප්‍රියංකර) 
IMG_8216IMG_8244IMG_8397IMG_8418IMG_8420IMG_8433IMG_8478IMG_8527IMG_8549

Saturday, September 6, 2014

පාසල් වෑන් බස්වලට ජීපීඑස් තාක්‍ෂණය


පාසල් ළමයින් ප්‍රවාහනය කෙරෙන වෑන් රථ හා බස් රථ සඳහා ජී.පී.එස්. තාක්‍ෂණය හඳුන්වාදීමට පියවර ගන්නා බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි. පාසල් ළමයින් ප්‍රවාහන සේවාව විධිමත් කිරීමේ අරමුණින් එම සේවා රථ නියාමනය කර පොදු ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා 14 දෙනකුගෙන් යුත් කමිටුවක් ද අමාත්‍ය රත්නායක මහතා විසින් පත්කර ඇත. පාසල් දරුවන් ප්‍රවාහන රථ මගින් දරුවන්ට රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙන බවත් පවසන අමාත්‍ය රත්නායක මහතා මෙම රථ පාසල ආසන්නයේම ස්ථානයක නවතා තැබීමටත් ඒ හරහා රියදුරන්ට හා පාලිකාවන්ට අවශ්‍ය යටිතල පහසුකම් දීම පිළිබඳවත් තම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවද කී පාසල් ළමයින් ප්‍රවාහන රථ නියාමනය කර පොදු ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.
http://www.wijeya.lk/archives/3409

Monday, November 18, 2013

බිලිදු පෙරපාසල් සඟරාව




Tuesday, November 12, 2013

සිසු ප්‍රතිභා ප්‍රභා

“හෙට අපටයි – සිසු ප්‍රතිභා ප්‍රභා”
පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල සංස්කෘතික අංග විදහා දක්වමින් පාසල් 55ක සිසු සිසු සිසුවියන් 3,750 කගේ සහභාගිත්වයෙන් “හෙට අපටයි – සිසු ප්‍රතිභා ප්‍රභා” නමින් සංස්කෘතික පෙරහරක්  03 දා සවස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය අසලින් ආරම්භ වී නිදහස් චතුරශ්‍රයේ දී අවසන් විය. මීට සමගාමීව පාසල් සිසුන් 2,000 කගේ සහභාගිත්වයෙන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සංස්කෘතිකාංග විදහා දක්වමින් රටවල් 53 ක් නියෝජනය වන පරිදි දරුවන් 3,750 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැති ‘හෙට අපටයි සිසු ප්‍රතිභා ප්‍රභා මහා සංස්කෘතික පෙරහර’ සමාප්ති උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  නරඹන අයුරු. ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම් ෆවුසි, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහත්වරුද මෙහි වෙති.
ඡායාරූප- කුෂාන් පතිරාජ

Tuesday, October 29, 2013

මහානාම ඉස්කෝලේ අලුත් ලොකුසර් වැඩ බාර ගනී


කොළඹ මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධරයකු වන ප්‍රසන්න උපශාන්ත මහතා පසුගිය දා රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැසක විදුහල්පතිවරු ද සහභාගී වූහ. මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද උපශාන්ත මහතා වැඩ භාර ගත්තේය. උපශාන්ත මහතා මීට ප්‍රථමව පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද,  කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර පළපුරුද්දක් හිමි අත්දැකීම් බහුල අධ්‍යාපන පරිපාලන නිලධාරිවරයෙකි.
ඉන්දික සෙනෙවිරත්න














පාසල් සිසු සිසුවියන්ට I card




Mr. Kapila Chandrasena, CEO, Mobitel [extreme left] and Mr. S.M. Gotabaya Jayarathne, Secretary, Ministry of Education [extreme right] exchanging the agreements. Hon. Bandula Gunawardana, Minister of Education [2nd from left] and Hon. Mohan Lal Grero, Monitoring MP – Education, Ministry of Education [2nd from right] are also pictured here.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යංශය පාසල් දරුවන් වෙනුවෙන් හදුන්වා දුන් I card ව්‍යාපෘතිය සිසු සිසුවියන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
I card වැඩසටහන හදුන්වා දීමෙන් සිසු දරු දැරියන් පාසලට පැමිණීම නිරීක්ෂණය කිරීම පමණක් සීමා වෙන්නේ නෑ. දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සදහාත් පියවර ගෙන තිබෙනවා යැයි අධ්‍යාපන ඇමති බන්දුල ගුණර්ධන මහති කියයි.  ඒ වගේම I card ගෙවීමේ පතක් ලෙසද භාවිත කිරීමට හැකි නිසා දරුවන්ගේ අතට වැඩිපුර මුදල් ලබාදීමේ අවදානමත් පැණ නොනගිණ ඇමතිවරයා පෙන්වා දෙති. පාසල් ගෙවම් කටයුතු රැසක් මෙයින් සිදුකළ හැකිය. I card නමින් නම් කර තිබෙන මෙය ඉලෙක්ට්‍රොනික කාඞ් පතක් වන අතර එහි සිසුවාගේ නම,පාසලේ ඇතුළත් වීමේ අංකය, ඡයාරූපය, වලංගු කාලය, හදිසි අවස්ථාවකදී දැනුම් දියයුතු අංක වැනි වැදගත් තොරතුරු රැසක් අන්තර්ගත වේ.

Saturday, October 26, 2013

පරිසර නියමු ජාතික කඳවුර

පරිසර නියමුවන්ගේ ශාන්ති කර්මය
මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පරිසර නියමු ජාතික කඳවුර මෙවර පරිසර නියමුවන් 300 කගේ සහභාගීත්වයෙන් පොලොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වේ. 16 වැනිදා ආරම්භ විය. දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි පරසර නියමුවෝ 300 පමණ විවිධ ක්‍රියාකාරකම්වල නියැලුණි. අවසන් දිනය අද වන විට පරිසර නියමුවෝ පාරිසර ක්‍රියාකාරකම්වල යෙදුණු අයුරු ඡායාරූප වලින් දැක්වේ. මධ්‍යම පරිසර අධිකාරිය පරිසර නියමු වැඩසටහනේ මෙහෙයවීම් කටයුතු සිදු කරන ලදී. එහිදී පරිසර නියමු සිසුන් දෙදෙනෙකු පරිසරය සුරැකීම ගැන ශාන්තිකර්මයක නියැලෙන අයුරු.
ඡායාරූප- විශ්ව ගැමුණු ප්‍රියංකර