V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label ලක්බිම. Show all posts
Showing posts with label ලක්බිම. Show all posts

Tuesday, May 12, 2015

අමාරුවෙන් ඉස්කෝලෙ ගිහින් හොඳට ඉගෙන ගන්නවා ඒත්?

මීට අවුරුදු දෙක තුනකට කලින් අපි පුංචි පුතෙක් ගැන දුක හිතෙන කතාවක් ලිව්වා.
මේ පුතාගේ නම හිරුෂාන්.
හිරුෂාන් උපතින්ම නිරෝගී දරුවෙක්. ඒත් වයස මාස 6දී විතර හිරුෂාන් කොඳුඇට පෙළ ඇදවීමේ රෝගයට මුහුණ දුන්නා.
මේ රෝගය වැළඳීමත් සමග හිරුෂාන් පුතාගේ අම්මා තාත්තා දෙන්නා වෛද්‍ය උපදෙස් පතාගෙන රෝහලක් රෝහලක් ගානෙ ගියේ හිරුෂාන්ව සුව කරගන්න හිතාගෙනයි.
ඒත් අවසානයේදී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කිව්වේ හිරුෂාන්ව ඉන්දියාවේදී චෙන්නායි ඇපලෝ රෝහලට අරන් ගිහින් ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවයි.
කොහොම හරි එදා මේ ශල්‍යකර්මය සඳහා හිරුෂාන්ගේ අම්මා තාත්තාට රුපියල් ලක්ෂ 15ක් සොයාගත යුතුව තිබුණා. දැඩි ආර්ථික අමාරුකම් මැද ජීවත්වන හිරුෂාන්ගේ අම්මා තාත්තට මේ මුදල සොයා ගැනීම හීනයක් විදියට තමයි එදා දැනුනේ. ඒත් අවසානයේදී ඔවුන් අපට හුමවුණා. ඒ අනුව ලක්බිම ‘රිද්ම’ අතිරේකයේ හිරුෂාන් පුතාගේ අනුවේදනීය කතාව පළ වුණා.
“මෙයින් පසුව අපට සහනයක් ලැබුණා. අපට ඉන්දියාවට ගිහින් හිරුෂාන්ගේ ශල්‍යකර්මය මුල් අදියර ඉවර කරගන්න පුළුවන් වුණා.
ඒ අනුව පුතාගේ කොඳුඇට පෙළට කිසියම් උපකරණයක් සවි කළා. පෙර කී විදිහට ඉන්දියාවේ ඇපලෝ රෝහ‍ලේදී තමයි මේ ශල්‍යකර්මය එදා සිදුකළේ. ඒ 2013 අවුරුද්දේ. ඉන් පස්සේ 2014 අවුරුද්දෙන් පුතා වෙනුවෙන් දුවන ශල්‍යකර්මය සිදුකළා.
“මේ ශල්‍යකර්ම වලින් පසුව තමයි හිරුෂාන් පුතා දැන් ඉස්කෝලෙ යන්නේ. තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු හොඳින් කරගෙන යන්නේ.
හිරුෂාන්ගේ තාත්තා මෛත්‍රීදාස කිව්වා.
හිරුෂාන් ශල්‍යකර්මයට පෙර සිටම හිටියේ පිටකොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව නැතිවෙන විදිහේ විශේෂිත ජැකට් එකක් පැළඳගෙන.
තවමත් හිරුෂාන් මේ ජැකට් එක අඳිනවා. ඒකට හේතුව තමයි මේ දරුවා ලොකු මහත් වෙනතුරුම තවත් ශල්‍යකර්ම කීපයකට යොමුවෙන්න තිබෙන ඉඩකඩ වැඩි වීම.
“පුතා ලොකු මහත් වෙන්න, වෙන්න තවත් ශල්‍යකර්ම කීපයක්ම සිදුකළ යුතුයි. ඒ හැම එකකටම ඉතින් අපි සල්ලි ලෑස්ති කරගන්න ඕන.
හිරුෂාන් දැන් ඉන්නේ 2 ශ්‍රේණියේ. මේ වෙද්දී ඔහු ඉතා හොඳින් ඉගෙන ගන්නවා. වාර විභාගවලදී හැම ප්‍රශ්න පත්තරයකටම ලකුණු 90ට එහා ගන්නවා.
ඉතින් මේ තරම් අමාරුවෙන් ඉගෙන ගන්න අතරතුරේදී තමයි ඉදිරියේදී ඊළඟ ශල්‍යකර්මය සඳහා හිරුෂාන්ව ඉන්දියාවට එක්කරගෙන යන්න වෙන්නේ.
පුතාව ඉස්කෝලෙට අරගෙන යන්නේ එයාගේ අම්මා. එහෙම ගිහින් ඉස්කෝලෙ ඉවර වෙනතුරුම එයා ඉස්කෝලෙට වෙලා ඉන්නවා.
ඒ වගේම මෙයාගේ පන්තියේ පුංචි දරුවන්ට පවා කියලා තියෙන්නේ හිරුෂාන්ට කිසිම හිරිහැරයක් කරන්න එපා කියලයි.”
මේ විදියට හිරුෂාන්ව ආරක්ෂා කරන බලාගන්න හිරුෂාන්ගේ අම්මා තාත්තාට එතරම් හොඳ ආර්ථික තත්ත්වයක් නැති බව අපි ඔබට මුලින් කිව්වා.
“මම කරන්නේ ඇඳුම් මහන රස්සාව. මගේ බිරිඳ ඉස්සර තේ කොළ සමාගමක වැඩට ගියා. දැන් ඒක කරන්න බැහැ. පුතා ළඟ ඉන්න ඕන හින්දා.
කොහොම හරි මම මහන්සියෙන් හම්බ කරන මුදලින් තමයි අපි දරුවන්ගේ වැඩ කටයුතු කරන්නේ.
හිරුෂාන් පුතා වගේම අපට තව දුවෙක් ඉන්නවා. ඒ දුවත් තවම ඉගෙන ගන්නවා. ඉතින් මේ හැමෝගෙම වියදම් හොයා ගන්න වෙහෙසෙන මට පුතාගේ ඊළඟ ශල්‍යකර්මයට මුදල් ඉතිරි කරගන්න අමාරුයි. ඒකයි මේ විදියට හරි උදව්වක් ගන්න හිතුවේ.
හිරුෂාන්ගේ මීළඟ ශල්‍යකර්මය සඳහා සොයාගත යුතුව තිබෙන්නේ රුපියල් ලක්ෂ 6 ක වගේ මුදලක්.
මේ මුදල සොයා ගත්තොත් හිරුෂාන් වෙනුවෙන් කරන තුන්වන ශල්‍යකර්මයත් සාර්ථක වේවි.”
දරුවෝ අපේ අනාගතය  රටේ අනාගතය. ඉතින් ඒ අය වෙනුවෙන් මුදලක් එකතු කර දීලා යම්කිසි ආකාරයේ මැදිහත් වීමක් අපට කරන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම සතුටක්.
කොහොමත් හිරුෂාන් වගේ ප්‍රියමනාප ලස්සන දරුවෙක් දිහා නොබලා අහක බලා යන්න කාටවත් බැහැ. ඒ නිසා හිරුෂාන් වෙනුවෙන් මේ සටහනත් අපි තැබුවා.

ඔවුන්ගේ ගිණුම් අංකය
බ් මෛත්‍රීදාස
1990-200-22-960
හැටන් නැෂනල් බැංකුව
ඌරුබොක්ක.

දුරකථන අංක
0719633943
0712859552
0783624315
සමන් ප්‍රියංකර නම්මුනිගේ

Friday, February 14, 2014

උසස් පෙළ සඳහා සූදානම් වන ඔබට මනස නිරවුල්ව තබා ගැනීමට උපදෙස් ටිකක්

උසස් පෙළ සඳහා සූදානම් වන ඔබට මනස නිරවුල්ව තබා ගැනීමට උපදෙස් ටිකක්

r8අ.‍පො.ස. උසස් පෙළ විභාගයට තව ඇත්තේ මාස හයක් විතරයි. අද වන විට අ.‍පො.ස. උසස් පෙළ කිව් සැණින් භයානක චිත්‍රයක් සිතේ ඇඳීම වළක්වන්න බැහැ. ඊට හේතුව තමයි, අ.‍පො.ස. උසස් පෙළ වාණිජ අංශයෙන් ඒ සාමාර්ථ තුනක් ලබා ගත්තත් සරසවියට ඇතුළු වීමේ දොරටුව විවෘත නොවීම. උසස් පෙළ විභාගය කිට්ටු වෙන කොට සමහර ළමුන්ට විභාග භීතිකාවක් ඇතිවෙන්නේ ඒ නිසයි. වර්තමානයේ අ.‍පො.ස. උසස් පෙළ විභාගයේ පවත්නා තරගකාරීත්වය නිසාම දරුවන්ගේත් දෙමවුපියන්ගේත් සිතට බරක්, පීඩාවක් ඇතිවීම වළක්වන්න බැහැ. එහෙත් අද ව්‍යසනයක් බවට පත්වී තිබෙන විභාගයට සාර්ථකව මුහුණ දිය යුතුමයි. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ අධ්‍යාපනඥ රෝලන්ඩ් අබේපාල ඉදිරිපත් කළ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකස් කරනු ලැබුවේ තවත් මාස හයකින් එළඹෙන අ.‍පො.ස. උසස් පෙළ විභාගයට සිත සැහැල්ලුවෙන් තබාගෙන මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව දරුවන්ට වගේම දෙමවුපියන්ට එක සේ වැදගත් වන නිසයි.
විභාගයට මුහුණ දෙන දුවලා පුතාලා ඉස් ඉස්සෙල්ලාම කළ යුතු වන්නේ තමුන්ගේ කාමරය අස්පස් කර ගැනීම. ඒ කියන්නේ කාමරයේ තිබෙන අනවශ්‍ය දේවල් කාමරයෙන් ඉවත් කිරීම. කාමරයේ තියෙන්නේ අවශ්‍ය දේවල් මිස, අනවශ්‍ය දේවල් නොවෙයි නේද කියලා දැන් ඔයාලට හිතෙන්න පුළුවන්. අ.‍පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට අ.‍පො.ස. සාමාන්‍ය පෙළ ‍පොත්පත් කාමරයේ තබා ගැනීමත් අනවශ්‍ය දෙයක්. නවකතා ‍පොත්, පත්තර වගේම විෂයට අදාළ නොවන සියලුම ‍පොත්පත් අනවශ්‍ය දේවල් හැටියටයි පිළිගැනෙන්නේ. ඒවා කාමරයේ තිබෙන විට, ඇහැට පෙනෙන විට පෙරළා බලන්න හිතෙන්න පුළුවන්. ඒ හැඟීම ඉවත් කිරීමේ අරමුණින් තමයි විෂයට පරිබාහිර සියලුම දේවල් කාමරයෙන් ඉවත් කළ යුතු බවට උපදෙස් දෙන්නේ. කොටින්ම කිව්වොත් මේ කාලය තුළ කාමරයේ තබා ගත යුත්තේ විෂයට අදාළ ‍පොත්පත් පමණයි.
ඊට පසුව කාමරයේ තිබෙන විෂයට අදාළ ‍පොත්පත් විෂයන් 3ට වෙන් කරලා වෙන් වෙන්ව තබා ගන්න ඕනෑ. විෂයන් 3ට ෆයිල් තුනක් අරගෙන ඒ ෆයිල්වලට අදාළ සටහන්, පත්‍රිකා, ‍පොත්පත් සේරම නියමිත ආකාරයට ගොනු කරලා තබා ගන්න ඕනෑ. මොකද ඒ විදිහට තිබෙන විට අවශ්‍ය දෙයක් ඉක්මණින් සොයා ගන්න පුළුවනි. ලොකු වෙහෙසක් දරන්නට වෙන්නේ නැහැ. එතකොට කාලය ඉතිරි කරගන්න පුළුවන්.
ඊට පසුව සිදු කළ යුත්තේ කාලය
කළමනාකරණය කිරීම. ඒ කියන්නේ කාලය සැලසුම් කර ගැනීම දැන් අපි බලමු අ.‍පො.ස උසස් පෙළ විභාගයට තිබෙන ඉදිරි මාස 6, අපි සැලසුම් කරගන්නේ කොහොමද කියලා. මෙම මාස හයෙන් මාස තුනක් විෂය කාරණාවල අඩුපාඩු  හදා ගැනීම සඳහා වෙන් කළ යුතුයි. ඒ කියන්නේ විෂයන්වල අඩුපාඩු එකතු කර ගැනීම, අලුත් විෂය කරුණු එකතු කර ගැනීම, තවදුරටත් දැනුම, පුළුල් කර ගැනීම වගේ දේවල් මේ මුල් මාස තුනේ සිදු කළ යුතුයි. ඉන් පසුව ඉතිරි වන මාස තුනෙන් දෙකක් එක් එක් විෂයන්වලට බෙදාගෙන පාඩම් කළ යුතුයි. එවිට එක
විෂයක් පාඩම් කරන්න බැරි වුණා. සමහර
විෂයන් මග හැරුණා කියලා අ¼ෙදා්නා නඟන්න වෙන්නේ නැහැ.
ඊට පසුව අවසාන මාසය තුළ අතට ගත යුතු වෙන්නේ කෙටි සටහන් විතරයි. අන්තිම මාසයේදි විෂයන්වලට අලුත් කරුණු එකතු කරගන්න හොඳ නැහැ. මේ කෙටි කාලයේ ලොකු ‍පොත්පත් පෙරළාගෙන පාඩම් කරන්න හොඳ නැහැ. විභාගයට මාසයක් තබා අතිරේක පන්ති ගිහින් අමතර කරුණුවලින් ඔළුව පුරවාගෙන මතකයේ තබා ගැනීමට වද වීම සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනෑ. ඒ වෙනුවට කළ යුත්තේ කෙටි සටහන් බැලීම තුළින් ලොකු සටහන් මතකයට නංවා ගැනීම පමණයි.
ඒ වගේම විභාගයට ඇති කෙටි කාලය තුළ බාහිර වැඩ කටයුතුවලින් ඈත් විය යුතුයි. ඒ කියන්නේ ක්‍රීඩා කිරීම, විනෝද ගමන් යෑම, විවාහ මංගල උත්සව දාන ගෙවල් ප්‍රිය සම්භාෂණ වැනි උත්සවවලට යෑම මේ කෙටි කාලය තුළ නවතා දැමිය යුතුයි. හැබැයි මේ ගැන නම් දෙමවුපියනුත් සැලකිලිමත් වෙන්න ඕනෑ. දරුවාගේ විභාගයට මාස ගණනක් තියාගෙන නිවසේ උත්සව කටයුතු සංවිධානය කිරීම සිදු නොකළ යුතු වගේම බාහිරව ලැබෙන එවැනි අවස්ථාවලට දරුවාව සහභාගි නොකිරීමත් දෙමවුපියන්ගේ වගකීමක්. ඇත්තටම එවැනි ගමන් බිමන් වලින් දෙමවුපියන් ඈත් වෙනවා නම් හුඟක් හොඳයි. අත්‍යවශ්‍යම ගමනකට දෙමවුපියන් සහභාගි වීම හැරුණු විට ඔවුන් හැකිතාක් දුරට ඔවුන්ගේ ගමන් බිමන් විභාගයට මුහුණ දෙන දරුවා වෙනුවෙන් අඩු කරන්න ඕනෑ.
මේ කාලය තුළ නිවසට නෑදෑයින් පැමිණෙන්නේ නම් දරුවාට විභාගය ඇති බව ඔවුන්ට දැනුම් දීම දෙමවුපියන්ගේ වගකීමක්. නෑදෑ හිත මිතුරන් නිරන්තරයෙන් නිවසට ගෙන්වා ගැනීමෙන් දරුවාගේ පාඩම් වැඩ කටයුතුවලට එය බාධාවක් වෙන්න පුළුවන්. එම නිසා දරුවාගේ විභාගයට තිබෙන මෙම කෙටි කාලය තුළ දෙමවුපියනුත් යම් කැප කිරීමක් සිදු කළ යුතු වෙනවා. සමහර විට දෙමවුපියන් ඇතුළු නිවැසියන් රෑ දොගොඩහරි ජාමය වන තුරු රූපවාහිනිය නරඹනවා. ඔවුන් රූපවාහිනිය නැරඹීමෙන් වැළකී සිටිනවා නම් හුඟක් හොඳයි. ඒත් වෙහෙස මහන්සි වී නිවසට ගොඩ වදින ඔවුන්ගේ විනෝදාස්වාදය අත් හරින්න කියලා බල කරන්න බැහැනේ. ඒ නිසා නිවසේ රූපවාහිනියේ ශබ්දය අඩු කර ක්‍රියාත්මක කිරීම හෝ රූපවාහිනි යන්ත්‍රය තාවකාලිකව නිවසේ කාමරය තුළට ගැනීම වැනි පියවරක් දෙමවුපියන්ට අනුගමනය කරන්න පුළුවන්.
අ.‍පො.ස උසස් පෙළ විභාගය ළඟා වූවා යැයි සිතා දරුවන් දිවා රෑ නොබලා පාඩම් කිරීම හොඳ දෙයක් නොවෙයි. පැයක් පාඩම් කළ පසුව විනාඩි 5ක විවේකයක් අවශ්‍යයි. උදේ සිට සවස් වන තුරු එක දිගට පාඩම් කළහොත් පැය 1/2 විවේකයක් අත්‍යවශ්‍යයෙන් ලබා ගත යුතුයි. ඒ පැය භාගයේදී ඇවිදීම, රූපවාහිනිය නැරඹීම, මිතුරකු සමග කෙටි පිළිසඳරක යෙදීම වැනි දෙයක් සිදුකළ හැකියි. ඒ වගේම තමයි, විභාගය කියලා නිදි වරාගෙන පාඩම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. උදෑසන අවදි වන වේලාවට පැයකට පෙර අවදි වීමෙනුත් රාත්‍රියේ සාමාන්‍යයෙන් නිදා ගන්නා වේලාවට පැයකට පසුව නිදා ගැනීමෙනුත් පාඩම් කිරීමට කාලවේලාව සකස් කර ගැනීම ප්‍රමාණවත්.
විභාගයට පාඩම් කරන දරුවන් ඔවුන්ගේ පාඩම් ගොන්න මනසට දමා මනස පුරවා ගන්නවාට වඩා එය වෙනත් මාධ්‍යයකට ගැනීම ඉතා වැදගත්. ඒ කියන්නේ ‍පොතේ සටහන් ගැලීම් සටහන් ලෙස යොදා ගැනීම, පාඩමට අදාළ සූත්‍ර වගු හෝ කවි, ගාථා, සටහන් කර බිත්තියේ හොඳින් පෙනෙන සේ අලවා ගැනීම වැනි දෙයක් තුළින් මනසේ ඇති පාඩම් ප්‍රායෝගික කරගත යුතු වෙනවා.
සමහර විට නිවසේ සිටින සුරතලාට පාඩම් කියාදීමද දරුවාගේ පාඩම් මතකය අලුත් කිරීම සඳහා ඉතා වැදගත් කාරණාවක්.
දරුවන්ගේ මනස සන්සුන්ව තබා ගැනීම සඳහා දිනපතා උදෑසන අවදි වී විනාඩි 5ක් පමණ භාවනාවේ යෙදීම හුඟක් හොඳයි. ඒ වගේම පන්සලට යෑමෙන් ආගමික වතාවත්වල යෙදීමෙන් දරුවන්ගේ සිත්වලට ලැබෙන්නේ විශලා සහනයක්, සැනසීමක්. ඒ නිසා උසස් පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින දරුවන්ට අදාළ ආගමික කටයුතුවලට යොමු කරවීම දෙමවුපියන්ගේ යුතුකමක්.
ඒ වගේම තමයි, නිවසේ් අඩදබර ඇතිවීමේ අවස්ථා අවම කර ගැනීමටත්, නිවසේ ප්‍රශ්න විභාගයට සූදානම් වන දරුවන්ට නොපවසා සිටින්නටත් දෙමවුපියන් වගා බලා ගත යතුයි. සමහර තාත්තලා මත්පැන් පානය කරලා ගෙදර ඇවිත් රණ්ඩු කරන්නේ විභාගයට මුහුණ දෙන දරුවකු නිවසේ සිටින බවට වගක්වත් නැතිව. මේ කෙටි කාලය තුළ බිමෙන් වැළකී කලකෝලහාලවලින් ඈත් වී දරුවාට යහපත් පරිසරයක් ඇති කර දීමට දෙමවුපියන් අමතක කළ යුතු නැහැ.
සමහර දෙමවුපියන් වගේම විභාගයට සූදානම් වන දරුවනුත් හිතන්නේ විභාගය අවසන් වන තුරු රූපවාහිනිය නැරඹීම කිසිසේත් හිතකර නොවන බව. එය වැරදි අවබෝධයක්. රූපවාහිනියේ එක් වැඩසටහනක් තෝරාගෙන නැරඹීමේ වරදක් නැහැ. එක දිගට පැය ගණන් රූපවාහිනිය නරඹීමයි සුදුසු නොවන්නේ.
අද ඉඳලාම දූලා පුතාලා මේ කරුණු අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමට උනන්දු වුණොත් අ.‍පො.ස. උසස් පෙළ විභාගයට මුහුණදීම අමාරු දෙයක් නොවෙයි.‍‍‍
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ අධ්‍යාපනඥ රෝලන්ඩ් අබේපාල 
හර්ෂා සුගතදාස

http://www.lakbima.lk/

Tuesday, November 12, 2013

හැඳුනුම්පත ගන්න නව කවුළුවක්

Hadunumpath1මෙවවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනා සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට ජාවත්තේ පිහටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තු කාර්යාලයේ විශේෂ කවුළුවක් සඳුදා (11) විවෘත කළ බව පද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්.සරත් කුමාර මහතා සඳහන් කළේය.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් එම කවුළුව ලබන 23 වෙනිදා දක්වා විවෘතව තබන බවත් 16 සහ 23 යන සෙනසුරාදා නිවාඩු දිනවලත් සිසුන් වෙනුවෙන් එම කවුළුව විවෘතව තැබෙන බවත් සරත් කුමාර මහතා අවධාරණය කළේය.
Hadunumpath2Hadunumpath3Hadunumpath4







































































ගයාන් කුමාර වීරසිංහ
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=21206:2013-11-11-09-07-35&catid=34:news&Itemid=62