V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label විද්‍යා. Show all posts
Showing posts with label විද්‍යා. Show all posts

Sunday, May 8, 2016

විද්‍යා තාක්ෂණ සංසදයක්

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සමාජය සඳහා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ සංසදයක් ලබන සැප්තැම්බර් 07 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
ගෝලීය මට්ටමෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සිදුව ඇති සංවර්ධනයන් තුළින් ශ්‍රී ලංකා සමාජයට අත් කරගත හැකි අවස්ථාවන් සොයා බැලීම මෙහිදී සිදු වේ.
එසේම ශ්‍රී ලාංකේය සමාජය තුළ විද්‍යාව හා තාක්ෂණය සඳහා ඇති භූමිකාව සාකච්ඡා කිරීම සහ විද්‍යාව හා තාක්ෂණය ශ්‍රී ලංකා සමාජය තුළ යොදා ගැනීමේදී මුහුණ දීමට සිදුවන බාධක විශ්ලේෂණය කිරීම යන අරමුණු ඇතිව මෙම සංසදය පැවැත්වේ.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන රටවල විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරුන්, නොබෙල් සම්මානලාභීන්, අදාළ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානයන්හි ඉහළ නිළධාරීන්, මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණවේදීන්, කර්මාන්තකරුවන්, නව නිපැයුම්කරුවන් සහ විශ්වවිද්‍යාල හා පාසල්වල ඉහළ ශ්‍රේණිවල සිසුන් සහභාගී වීමට නියමිතය.

Saturday, May 7, 2016

ඈත විශ්වයේ සිට පැමිණි නානාදුන සංඥාව

ඈත විශ්වයේ සිට පෘථිවියට පැමිණෙන විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව නිරතුරුවම සොයා බලන විද්‍යාඥයන්ට නොබෝදා සැක උපදවන සංඥාවක සලකුණක් පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවිය.
පසුගිය අප්‍රියෙල් 15 වන දින අ‍ෙමරිකාවේ ඔහියෝ ප්‍රාන්ත රාජ්‍ය සරසවියේ රේඩියෝ දුරේක්ෂ නිරීක්ෂණා ගාරයේ සහ උතුරු අමෙරිකා තාරකා භෞතික නිරීක්ෂණාගාරයේ විද්‍යාඥයන් එක්ව කරන ලද පර්යේෂණවලට අනුව මේ ආගන්තුක සංඥාව වර්ණ ඡායාරූපයක් බවට පත් කර ඇත. මේ වර්ණ ඡායාරූපයට අනුව වෝව්(Wow) නමැති හඬක් එක්වරක් පමණක් නිකුත් කර ඇතත් ඉන්පසු එම හඬ නැවත් වරක් එලෙසට අසන්නට ලැබී නැත.
එහෙත් වර්ෂ 1977 දී සෙටී ව්‍යාපෘතියේ (Search for Extra Terrestrial Intelligence ) (SETI) විද්‍යාඥයන්ට ඔහියෝ ප්‍රාන්ත සරසවියේ පුළුල් පරාස රේඩියෝ දුරේක්ෂය (Very Long Array Radio Observatory) ආධාරයෙන් ධනු තාරකා රාශිය(Sagittarius Constellation) තුළින් පැමිණි අති ප්‍රබල සංඥාවක් හඳුනා ගන්නට ලැබුණත්, එයට විනාඩි 72 ක් වැනි කාලයක් සවන් දීමට හැකි වුණත් ඉන්පසු නැවත එවන් හඬක් අසන්නට ලැබී නැත.
පුදුම සහගත සිදුවීම වන්නේ මේ සංඥාව ප්‍රථම මුද්‍රණ පිට පතේ පමණක් සටහන් වී තිබීමය. මේ හා සම්බන්ධව විවිධ අදහස් මතුකරන විද්‍යාඥයන්ගෙන් ඇතැම් දෙනා පවසන්නේ මේ නොහඳුනන සංඥාව පිටසක්වළ ජීවීන් විසින් නිකුත් කළ එකක් බවයි.
එහෙත් ෆ්ලොරීඩාවේ ශාන්ත පීටර්ස්බර්ග් විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇන්ටෝනියෝ පාරිස්ගේ අදහස වන්නේ වල්ගා තරුවක් ගමන් කිරීමේදී නිකුත්වූ හඬක් මිස පිටසක්වළ ජීවීන්ගෙන් නිකුත් වූ හඬක් නොවන බවයි.
M 13 තරු පොකුර
මේ සඳහා වල්ගා තරු දෙකක් නිදසුනක් ලෙස ගෙන එම අදහස තහවුරු කිරීමට මේ විද්‍යාඥයන් උත්සාහ කර ඇත. ඒ සඳහා 266p/ක්රිස්ටෙන්සෙන් (266P/Christensen)සහ P/2008 Y2(ගිබ්ස්) (P/2008 Y2 (Gibbs) යන වල්ගා තරු දෙක නිදසුනක් ලෙස ගෙන ඇත.
වර්ෂ 1977 දී මේ වල්ගා තරු දෙකෙන් එකක් හිරුට සමීපව ගමන් කරනවිට මෙවැනි අද්භූත හඬක් නිකුත් කළත් කිසිම පර්යේෂකයකු මේ වනතෙක් වැඩිදුර තොරතුරු සොයා බලා නැත.
වල්ගා තරු හිරුට කිසියම් දුරකින් අවකාශයේ ගමන් කරන විට හිරුගෙන් නිකුත්වන ප්‍රබල සූර්ය සුළං ධාරාව (Solar Wind) හේතුවෙන් එම වල්ගා තරු වලින් හයිඩ්‍රජන් වායුව විශාල ප්‍රමාණයක් අවකාශයට මුදා හරියි.
1974 යැවූ ඇරිසිබෝ සංඥාව
මෙවන් අවස්ථාවකදී හයිඩ්‍රජන් වායු ධාරාවෙන් නිකුත් කරන නාදයේ තරංග ආයාමය කලින් කී ආකාරයේ වොව් (Wow) ශබ්ද තරංගය හා සමාන වනු ඇතැයි එම පර්යේෂකයන් පෙන්වා දෙයි.
ඒ අනුව ඈත අවකාශයේ සිට පැමිණියා යයි කියන මේ ආගන්තුක ශබ්ද තරංගය පිටසක්වළ ජීවින්ගේ නොව වල්ගා තරුවලින් නිකුත්වූ ශබ්ද තරංගයක් බැව් පර්යේෂකයෝ තහවුරු කරති.
266P/ ක්රිස්ටෙන්සෙන් නම් වල්ගා තරුව (Comet 266P/ Christensen) වසර 1977 දී හඳුනා ගන්නා විට අවකාශයේ පිහිටි කලාපයට නැවත වරක් වසර 2017 ජනවාරි 25 වන දින පැමිණීමට නියමිතය.
එසේම P/2008 Y2 ගිබ්ස් වල්ගා තරුව (P/2008 Y2 (Gibs) ද වසර 1977 දී හඳුනා ගන්නා විට අවකාශයේ පිහිටි කලාපයට වසර 2018 ජනවාරි 07 වන දින නැවතත් පිවිසීමට නියමිතය. මේ බැව් වඩාත් හොඳින් තහවුරු කිරීම සඳහා නිරීක්ෂකයන් බලාපොරොත්තු වන්නේ කලින් වතාවේ ආකාරයට වොව් ශබ්දය මෙම වල්ගා තරුවලින් නිකුත් කරයිද යන්න සොයා බැලීමටය.
වත්මන් තත්වය කෙසේ වෙතත් වර්ෂ1974 නොවැම්බර් මස 16 වැනි දින පුවටෝරිකෝහි පිහිටි මීටර් 305 ක මුහුණතක් ඇති ඇරිසිබෝ රේඩියෝ දුරේක්ෂය (Aricibo Radio Telescope) මගින් හර්කියුලිස් තාරකා රාශියේ පිහිටි M 13 නම් ගෝලාකාර තරු පොකුර වෙතට ස්පන්දන 1679 කින් යුත් විද්යුත් සංඥාවක් යවනු ලැබීය.
තත්පර 169 කදී මෙගා හර්ට්ස් 2380 සංඛ්‍යාතයක් නිපදවමින් ගමන් කළ මේ විද්‍යුත් සංඥාවේ ක්‍රියාකාරී බලය මෙගා වොට් ට්‍රිලියන 3 ක් විය. මෙහි ඇති විශේෂත්වය නම් මිනිසා විසින් මෙතෙක් නිපදවන ලද ක්‍රියාකාරී බලයෙන් වැඩිම රේඩියෝ සංඥාව මෙය වීමය.
මේ පණිවිඩය ආලෝක වර්ෂ 25,100 ක දුරක් ගෙවා M13 නම් තරු පොකුර වෙතට ලඟා වීමට නියමිතය. එවිට මේ තරු පොකුරට අයත් ග්‍රහලොවක ජීවීන් සිටීනම් මේ පණිවිඩය ග්‍රහණය කර ගතහොත් හා මේ පණිවිඩය ඔවුන්ට තෙරුම් ගැනීමට හැකිවුවහොත් ඔවුන්ගෙන් ආකාර දෙකක පණිවිඩයක් විද්‍යාඥයන් බලා පොරොත්තුවෙයි. එසේ නම් නොබෝදා ලැබුණු මේ ආගන්තුක ශබ්දය එම පණිවිඩයට ලත් පිළිතුරක්ද? නැතහොත් වල්ගා තරුවකින් නිකුත්වූ ශබ්දයක්ද?
http://www.silumina.lk/2016/05/08/_art.asp?fn=af1605082

Friday, February 26, 2016

2MASS J16281370-2431391 වීඩියෝ සහිතයි

අලුත් ග්‍ර‍හ මණ්ඩලයක් නිර්මාණය වෙයි
වැඩෙමින් පවතින තරුණ තරුවක් වටා පිහිටි දූවිලි වළාවන් වර්ධනය වන ආකාරයෙන් නව ග්‍ර‍හ මණ්ඩලයක් නිර්මාණය වන ආකාරය හොදින් අධ්‍යයනය කිරිමට හැකියාව ලැබී ඇතැයි තාරකා විද්‍යාඥයෝ පිරිසක් පවසති. ඔවුන් පෙන්වාදෙන්නේ මෙය අධ්‍යයනය හේතුවෙන් සෞරග්‍ර‍හ මණ්ඩලය බිහිවීම පිළිබද මෙතෙක් පැවති මතය ද අභියෝගයට ලක්විය හැකි බවයි.
තාරුකාව වටා තැටියක් මෙන් පාවෙමින් පවතින දුහුවිලි හා වායු අංශු සිසිල් වෙමින් නව ග්‍ර‍හ මණ්ඩලය නිර්මාණය වෙමින් පවතින බව ඔවුහු කියති. මේ සූර්යයා වටා නිර්මාණය වෙමින් පවතින ග්‍ර‍හක තැටිය තවමත් පවතින්නේ ප්‍රාථමික අවධියේය.
මෙය විද්‍යාඥයන් විසින් 2MASS J16281370-2431391 ලෙස නම් කර තිබේ.  එහි ඇතැම් ස්ථානයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක සිට සෙල්සියස් අංශක 266ක් දක්වා විචල්‍යය වන බව විද්‍යාඥයන් විසින් ගණනය කැර ඇත.
අලෝක වර්ෂ 400ක් පමණ ඈතින් පිහිටා ඇති නිර්මාණය වෙමින් පවතින මේ නව ග්‍ර‍හ මණ්ඩලය මුලින් ම නිරීක්ෂණය කර ඇත්තේ ස්පාඤ්ඤයේ පිහිටි ඉරාම් දුරේක්ෂයෙනි



http://www.lankadeepa.lk/index.php/articles/382961

තවත් ගූගල් ලූන් බැලුනයක් ලක් ගුවනට

ලබන සතියේ තවත් ගූගල් ලූන් බැලූනයක් ශ්‍රී ලංකා ගුවනට යොමු කරන බව ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ විද්‍යායතනයේ කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පවසයි.
මෙරට විවිධ ප්‍රදේශවල පවතින අන්තර්ජාල සංඥා නොමැතිවීම ආදී ගැටළුවලට බලපාන සාධක ගූගල් ලූන් බැලූන මගින් විසඳනු ඇතැයි ඔහු කියයි.
කඳුකරය ආශ්‍රිත ගම්මානවලට පවා තාක්ෂණික පහසුකම් සලසා ගැනීමට මෙයින් ඉඩකඩ ලැබෙන බවද ගූගල් ලූන් මධ්‍යස්ථානය කියයි.

Wednesday, February 17, 2016

දේශීය ඖෂධීය ශාකවල විස්‌මයජනක හැකියා

දේශීය ඖෂධීය ශාකවල විස්‌මයජනක හැකියා

අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.

ශාකවල කෘත්‍යාත්මක ගුණ අතරින් ශරීරයේ ලෙඩ රෝග පාලනයට ඉතා වැදගත් ගුණයක්‌ වන එම ශාකවල දක්‌නට ලැබන ප්‍රතිඔක්‌සිකාරක ගුණ ලැබෙන්නේ එම ශාකවල නිපදවන ද්වීතීයික පරිවෘත්තීය සංඝටක (Secondary metabolites)වලින්. ඒ අතරින් ෆීනෝලික (Phenolic) සහ ෆ්ලෙවනොයිඩ් (Flavonoid) රසායනික සංඝටක ප්‍රධානයි. අපේ ශරිරය තුළ විවිධ අහිතකර හේතු නිසා (වැරදි ජීවන රටා, නරක ආහාර පුරුදු සහ මානසික ආතතිය) නිපදවන සහ ශරීරයට බාහිරින් ඇතුළු වන මුක්‌ත ඛණ්‌ඩක (Free radicals) නිසා ඔක්‌සිකරණ ආතතියක්‌ (Oxidative stress) ශරීරයේ ඇති වනවා. ඔක්‌සිකරණ ආතතිය නිසා ශරීරයේ ඉන්ද්‍රියන්වල, පටකවල ඩී එන්. ඒ., ප්‍රොaටීන් සහ ලිපිඩවලට හානි වනවා. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි සාමාන්‍ය රෝගවල දී වගේ ම දියවැඩියාව, හෘද රෝග, පිළිකා වැනි දරුණු රෝගවලටත් මූලික හේතුවක්‌ වන්නේ මේ ඔක්‌සිකරණ ආතතිය මගින් සෛලවලට සිදු වන හානිය. අප ගන්නා දේශීය ඖෂධ වර්ගවල පොදුවේ ප්‍රතිඔක්‌සිකාරක ගුණ බහුලයි. මේ ප්‍රතිඔක්‌සිකාරක ගුණවලට ශරීරයේ ඇති වී තිබෙන ඔක්‌සිකරණ ආතතිය මර්දනය කර ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව තිබෙනවා. පර්යේෂණ කණ්‌ඩායම පළමුව සිදු කළේ තෝරාගත් දේශීය ඖෂධ වර්ගවල ප්‍රතිඔක්‌සිකාරක හැකියාව අධ්‍යයනය කිරීම.

මෙහි දී පර්යේෂණ කණ්‌ඩායම විශ්ලේෂණ සඳහා දේශීය ඖෂධ වර්ගවල නිස්‌සාරණ (Extracts) පිළියෙල කළේ සාම්ප්‍රදායිකව ඖෂධීය පානයන් පිළියෙල කරන ආකාරයට ම වියළි ඖෂධ වර්ග ජලය සමග උණු කිරීමෙන්. පසුව ක්‍රම 3කට එම ඖෂධ වර්ගවල ප්‍රතිඔක්‌සිකාරක හැකියාව විශ්ලේෂණය කරනු ලැබුවා. පරීක්‌ෂණවල ප්‍රතිඵලවලට අනුව පිළිවෙළින් නෙල්ලි, රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි ඉහළ ප්‍රතිඔක්‌සිකාරක හැකියාවකින් යුක්‌ත වුණා. මේ පරීක්‌ෂණයේ සුවිශේෂී ප්‍රතිඵලයක්‌ වුණේ නෙල්ලිවල තියෙන ප්‍රතිඔක්‌සිකාරක හැකියාව. නෙල්ලිවල තිබෙන ප්‍රතිඔක්‌සිකාරක හැකියාව පර්යේෂණයට ලක්‌ කළ අනෙකුත් ඖෂධ වර්ගවල ප්‍රතිඔක්‌සිකාරක හැකියාවට වඩා ඉතා ඉහළ අගයක්‌ ගනු ලැබුවා.

මින් නො නැවතුණු පර්යේෂණ කණ්‌ඩායම් ඉහත සඳහන් ඖෂධ වර්ගවල ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක (α−amylase inhibitory activity) ගුණය ද අධ්‍යයනය කළා. ඇල්ෆා ඇමයිලේස්‌ කියන්නේ අප ගන්නා ආහාරවල තිබෙන පිෂ්ටය මෝල්ටෝස්‌, මෝල්ටොට්‍රයොස්‌ වැනි ඩයිසැකරයිඩවලට බිඳහෙළන එන්සයිමයක්‌. දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට මේ එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම පාලනය කරගැනීම පහසු වනවා. ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණය තිබෙන ඖෂධ වර්ගවලට පුළුවන් රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම යාමනය කිරීම සඳහා උපකාරී වීමට. විශ්ලේෂණයෙන් ලැබුණ ප්‍රතිඵල අනුව නෙල්ලි සහ රණවරාවල ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණය ඉහළ අගයක්‌ ගෙන තිබුණා.

මේ පරීක්‌ෂණවලින්, පුරාතනයේ සිට පාරම්පරික වෙදකමේ දී භාවිත කරන ඖෂධ වර්ගවල තිබෙන රසායනික සංඝටක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය විද්‍යාත්මක ක්‍රම මගින් දේශීයව හඳුනාගැනීමට හැකි වී තිබෙනවා. විශේෂයෙන් ම නෙල්ලිවල තිබෙන ඉතා ඉහළ ප්‍රති ඔක්‌සිකාරක ගුණය සහ ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණය හඳුනාගැනීම වටිනා නිධානයක්‌ හමු වීමක්‌ හා සමානයි. ලෝකයේ අනෙකුත් රටවල වගේ ම ශ්‍රී ලංකාව තුළත් දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නො වන රෝග වේගයෙන් පැතිරෙනවා. ඒවාට හේතු වන ඔක්‌සිකරණ ආතතිය මැඩලන්නට වගේ ම රුධිරයේ සීනි මට්‌ටම යාමනය කිරීමටත් මේ නෙල්ලි වැදගත් විය හැකි බව පෙනී යනවා. මේ වැනි වටිනා ඖෂධීය වටිනාකමක්‌ තිබෙන දේශීය ඖෂධ වර්ග වර්තමානයේ දී අප ප්‍රයෝජනයට ගන්නේ ඉතා අඩුවෙන්. එක්‌ දවසකට එක නෙල්ලි ගෙඩියක්‌ කෑවොත් එයින් මුළු දවසට ම සරිලන ප්‍රතිඔක්‌සිකාරක හැකියාව ශරීරයට ලැබනවා. නෙල්ලි වගේ ම රණවරා. බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලිත් ප්‍රතිඔක්‌සිකාරක හැකියාවෙන් සහ ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණයෙන් අනූනයි. රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි වැනි ඖෂධවලින් සාදන පානයන්a අතීතයේ මිනිසුන් සුලබව පානය කළා. ඒ අතීතයේ සිට ම අත්දැකීමෙන් ඒවායේ ගුණ ඔවුන් දැන සිටි නිසා. වර්තමානයේ පර්යේෂණ තුළින් නැවත විද්‍යාත්මක ක්‍රමයට එම ගුණ මතු කිරීමේ අභිප්‍රාය වන්නේ ජනතාවට මේ වටිනා දේශීය ඖෂධවලින් නිසි ප්‍රයෝජන ලබාගෙන නිරෝගීමත් ජීවිත ගත කිරීමට ඉන් පිටිවහලක්‌ ලබා දීමයි.

මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධාන, ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි.

ප්‍රදීප් පියතිලක

සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,

විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ත අංශය,

ජාතික මූලික අධ්‍යයන ආයතනය, මහනුවර
 

Saturday, August 1, 2015

ලොවම මවිත කරමින් දෙවන පෘථිවිය සොයාගැනේ

නාසා ආයතනය පසුගියදා පෘථිවියට අතිශයින්ම සමාන ග්‍රහලොවක් සොයාගැනීමට සමත්විය.
මෙයට kepler 452b ලෙස නම් තමා ඇති අතර earth 2.0 ලෙසද හඳුන්වනු ලබයි.
මෙම ග්‍රහලොව පෘථිවිය මෙන් 1.5 ගුණයක් විශාල බව අණෘවරණය වී ඇත.තවද සූර්යයෙකු හා ජීවි වාසයට සුදුසු ග්‍රහලොවක් අතර පැවතීමට සුදුසු දුරකින්ද මෙම ග්‍රහලොව පිහිටා ඇතැයි අණාවරණය වී ඇත.
තවද මෙම ග්‍රහලෝකය අවුරුදු බිලියන 6ක් පමණ පැරණි යැයි සොයාගෙන ඇත.
මෙම ග්‍රහලොවේ පරිභ්‍රමණ කාලය පෘථිවියේ පරිභ්‍රමණ කාලයට බොහෝ සෙයින් සමාන වන බව පවසන විද්‍යාඥයින් ආසන්න වශයෙන් එහි අවුරුද්දක් දින 385 වනු ඇතැයි පවසනවා.
මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1400ක් දුරින් පිහිටා ඇති අතර මෙය පෘථිවිවාසින්ට ආසන්නයේම පවතින විකල්ප නිවස විය හැකි බව විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා සිටිනවා.
පෘථිවි වාසින්ට මෙම ග්‍රහලොවට ළඟාවිය හැකි දැයි නැගුණු ප්‍රශ්ණයකට පිළිතුරු දුන් විද්‍යාඥයෙකු ප්‍රකාශ කර සිටියේ මෙම සොයාගැනීම මානව වර්ගයාගේ පළමු පියවර බවත් තවත් පරම්පරා කිහිපයක් ගතවන විට අපට එහි ළඟාවිය හැකියැයි තමා විශ්වාස කරන බවත් මෙම සොයාගැනීම නිසා මිනිසාට යම් ඉලක්කයක් ලැබුණු බවත්ය.
පෘථිවියට වඩා දෙගුණයක ගුරුත්වාකර්ෂණ බලයක් මෙහි පවතින බව ප්‍රකාශ කරන විද්‍යාශයින්ට තවමත් මෙහි ජීවින් සිටිනාවා යැයි සළකුණක් හමුවී නැත.නමුත් නුදුරේදීම ජීවි සළකුණක් හමුවේ යැයි විශ්වාස කරන ඔවුන් පවසන්නේ එසේ හමවුවොත් එම ජීවින් පෘථිවි ජීවින්ට වඩා බොහෝ සෙයින් වෙනස් වනු ඇති බවයි.
aGRj0d5_700b_v3

Thursday, May 28, 2015

ඇසෙන නොඇසෙන ඔබේ ම නාදය


ඔබ කෙදිනක හෝ ඔබෙන් නැඟෙන නාදයට සවන් දී තිබේ ද? කඳු පන්තියකට, ගසකට, දිය ඇල්ලකට මතු නොව ක්‍ෂණයෙන් වෙනස්වන වලාකුළකට මෙන් ම ඔබට ද ඔබට ම ආවේණික නාදයක් තිබේ.
ඒ නාදයට සවන්දීම පුරුදු පුහුණුවෙන් වගා කොට ගත යුතු වූවක් ය. ඔබේ හදවතෙන්, ඔබේ මනසෙන් නැඟෙන ඔබේ ජීවයේ නාදය මෙන් ම මගේ හදවතේ නැඟෙන නාදය ද අව්‍යාජ බවට සැක නැත. එය බාහිර සංසිද්ධීන්ගේ බලපෑමෙන් වෙනස් වන්නක් නොවේ.
සිදු වෙන්නේ යටපත් වීමක් පමණි. නැතිනම් ඒ අව්‍යාජ නාදය ඇසෙන්නේ නැතිවීම පමණි. එහෙත් මොහොතකට සිතන්න, ඔබේ හදවතේ රාවය නිවැරදි ව ඇසීමට තරම් ඉසුඹුවක් ඔබේ මනසට තිබේ ද කියා.
ජීවන ගමනේ තරගකාරීත්වයත් සමඟ නෙක අවශ්‍යතා ප්‍රමුඛ වීමෙන්, නිසල ව නිහඬ ව ඔබට ඔබේ හදවතෙන් නැඟෙන නාදයට සවන්දීමට නොහැකි වී නම් ඔබ මෙතෙක් ඔබේ නිර්ව්‍යාජ සිතිවිලි හඳුනා ගෙන නැත.
මේ ලොව පවතින සියලු ම දේට අනන්‍ය වූ නාද රටාවක් තිබෙන බව ඔබ දන්නවාද? ලොව පවතින මේ නෙක නාද රටා ආශ්චර්යයක් ම ය.
’න නාදේන විනා ගීතං
න නාදේන විනා ස්වරාඞ
න නාදේන විනා නෘත්‍යං
තස්මාන්නාදාත්මකං ජගත්’
මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහයන්ගේ ‘සකුදියවර’ කෘතියෙන් හමු වූ මේ සංස්කෘත කවියා පවසන්නේ නාදයෙන් තොර ගීතයක් නැති බව ය. නාදයෙන් තොර ස්වර ද නැති බව ය. නාදයෙන් තොර නෘත්‍යයක් ද නැති බව ය. එහෙයින් මුළු ලොව ම නාදාත්මක බව ය.
ලෝකය අප්‍රමාණ වූ සුන්දර නාදාවලීන්ගෙන් සමන්විත සුවිසල් සංගීත භාණ්ඩයක් නොවේ ද? එහෙත් ඒ අව්‍යාජ නාද රටා සංගීත භාණ්ඩයකට ලඝුකොට ගත හැක්කේ යැයි ඔබ සිතනවාද? විසල් වෘක්‍ෂලතාවලින් ගහන මිනිසා විසින් විනාශයට බඳුන් නොකරනු ලැබූ වන වියන යටින් කිසිදු ශබ්දයක් නොනැඟෙන සේ ගමන් කරන්න. හාත්පස මුළු මහත් නිහඬතාවකින් වෙළී සිටිය ද ඒ ගැඹුරු ප්‍රසන්න නිහඬතාව අතරින් මිහිකතේ පමණක් නොව ගස්වැල් නඟන නාදය ද ඔබට ඇසෙන්නට පටන් ගනු ඇත.
නවතින්න මඳක්. ඒ පරිපූර්ණ නිහඬතාව මුළුමනින් ම විඳිද්දී ඔබට නොයෙක කුරුලු කූජන ඇසෙන්නට පටන් ගනු ඇත. සිහින්, ලතාවත්, ගීතවත් නාද, රළු, සුමුදු නාද, තියුණු පැහැදිලි නාද, පක්‍ෂීන්ගේ සුසුම් රාව ඈ නොයෙක රාව අව්‍යාජ සෙයකින් ඔබේ දෙසවනට ඇසෙන්නට පටන් ගනු ඇත. ඒවා ඇසෙන්නේ හුදෙක් ඔබේ කනට ම නොවේ. එය හදවතට ද ඇසෙන්නේ ය.
ඒ අව්‍යාජ නාද රටා ඒ අයුරින් ම ඔබට ව්‍යාජ සංගීත සංයෝජනවලින් ඇසී තිබේ ද? වනාන්තරයක පවතින නෙක නාද රටා ඔබට ඔබේ නාදය සිහිපත් කරවන්නේ ඒවා පවතින ස්වරූපයෙන් ඊට බාධා නොකොට නිසංසලේ ඇහුම්කන් දුනහොත් පමණී. එහෙත් මේ ලොව කීයෙන් කී දෙනකු ඒ අව්‍යාජ නාද රටාවල අපූර්වත්වය විඳ තිබේ ද? සොබාදහමේ නාද රටා පරිපූර්ණ ලෙස විඳීමට ඔබට හැකිනම් ඔබට ඔබේ හදවතෙන් නැඟෙන අව්‍යාජ නාදය ඇසෙන්නට පටන් ගනු ඇත.
සුළඟේ මිහිරි සනීපවත් සර සර නාදය ද, තරුවේ කාන්තියෙන් විහිදෙන නාදය ද එකසේ දැනෙන්නට නම් ඔබ ඒ අව්‍යාජ නාද රටා සමඟ නිහඬ ව ම හදවතෙන් කතා කළ යුතුය. ගඩොල් කැට දෙකක් අතරින් හෝ කළුගල් දෙකක් අතරින් අසීරුවෙන් මතුවෙන ළා තණ පතක් නඟන නාදය මෙන් ම ගස්වල කොළ නඟන නාදයට ද ඔබේ සිත දැහැන්ගත කරවීමට හැකි ය. ඒ අපූර්ව සංහිඳියාව ඔබට හදවතේ අව්‍යාජ නාදය ඇසෙන්නට සලස්වනු ඇත. ඒ නාදය ඔබ වඩාත් අපූර්ව, සුන්දර මිනිසකු බවට පත් කරවනු නො අනුමාන ය.
නාදයේ අපූර්ව ආශ්චර්යය ගැන මා මනස අවදි කළේ අඳ වාදකයකු බව ඔබ දන්නවාද? ඒ අඳ වාදකයා නොතිත් ඉවසීමකින් යුතු ව නාදයේ අපූර්වත්වය මට පසක් කළේ ය. ඒ මාවත මුළුමනින් ම මේ මිහිකතේ පවතින අනේකවිධ තරගකාරීත්වයෙන් වියෝවූ අතිශය නිවීමක් ම සිතට උදා කළේ ය. ‘වී. කරලෙන්කො’ නම් රුසියන් ගත්කරුවා වසර 14 ක් තිස්සේ ඒ අවබෝධයේ හා ආදරයේ මාවත අපට විවර කරන්නට වෙහෙසුණේ ය.
අවසන පෙත්රුස් නම් අඳ දරුවා සමඟ අපි නාදයේ ආශ්චර්යය සොයා සොබාදහමේ නෙක වපසරීන් හි සැරිසැරුවෙමු. අනතුරු ව මක්සීම් මාමා හා පෙත්රුස් කැටුව බටනළාවෙන් මැවෙන නාද රටා ඔස්සේ ඈත අනන්තය තෙක් ස්ටෙප්ස් තණ බිම පුරා ඇවිද ගියෙමු. හදවතෙන් නැෙඟන නාදය හා සොබාදහමෙන් නැඟෙන සොඳුරු අව්‍යාජ නාදය කෙතරම් නම් සමානද යන්න අවසන පසක් කරගත්තෙමු. ඉඳින් අද වාදකයා පෙන් වූ මාර්ගය අවසන් වූයේ අප, අප ව ම හඳුනාගැනීමෙනි. එනම් අපේ ම නාද, අපේ ම ස්වරූපය අපට ම අවබෝධ වීමෙනි.
”ගිම්හාන දවස්වල මද්දහන් කාලයේදී අවට හැම දෙයක් ම නිහඬ වූ විට මිනිසුන් ගේ යාම් ඊම් නැවතුණු විට සොබාදහම මත නිහඬතාව රජ කරවන විට, ජීවමය බලවේගයන්ගේ නිහඬ ම ය ධාවනය පමණක් ඇසෙන විට, ඔහුගේ මුහුණෙහි සුපුරුදු විලාසයක් මැවිණි. බාහිර ඇති නිහඬතාව විසින්, ඔහුට පමණක් ඇසෙන ශබ්ද ජනිත කරවයි. ඔහු ඒවාට මහත් අවධානයකින් සවන් දෙන සැටියකි. ඔහුගේ සිතෙහි උපන් නොපැහැදිලි හැඟීම් ගීතයක තාලයක් මෙන් නොපැහැදිලි ලෙස ඔහුගේ හදවතේ හඬ නඟන බව ඔහුගේ මුහුණ දෙස බලන විට පෙනේ.”
අඳ දරුවාට ලෝකය පසක් වන්නේ නාද ශ්‍රවණයෙනි. එමඟින් ඔහු තම හදවතේ නාදය හඳුනා ගනී. ඔහුගේ හදවතේ නාදය අපට අපේ නාදය හඳුනාගන්නට මඟ විවර කරයි. වී. කරලෙන්කො නිමවන මේ රමණීය ගද්‍ය කාව්‍ය සිංහල බසට නඟන්නේ දැදිගම වී. රුද්රිගු විසිනි. මුල් කෘතියේ රමණීය බව එපරිද්දෙන් ම අප වෙත ගෙන එමින් ඔබට ඔබේ නාදය හඳුනා ගන්නට, අවබෝධ කරන්නට දැදිගම වී. රුද්රිගු විවර කරන මාවතේ ගමන් කිරීමට නම් ඔබ ‘අඳ වාදකයා’ කියැවිය යුතු ම ය. ඒ කියැවීම ඔබට පොතක් කියැවීමෙන් ඔබ්බෙහි ඇති පරිපූර්ණ සංහිඳියාව උදාකර දෙනු ඇත.
මේ මුළු මහත් විශ්වය ම එක ම නාදාවලියකි. අනන්ත අප්‍රමාණ නාද රටා අතර අප සොයා ගත යුත්තක් තිබේ. ඒ අපේ හදවතෙන් නැඟෙන නාදයයි. ඒ නාදය මුළුමනින්ම අව්‍යාජ ය. ඒ අව්‍යාජ බව අතරට ඔබ සුපහන් සිතිවිලි ඒකරාශී කරතොත් ඔබ නිවී සැනහුණු අයකු වනු නොඅනුමාන ය. ඔබේ නාදය දන්නේ ඔබ පමණක් නිසා ඒ රාවය සුපහන් කරගත හැක්කේ ද ඔබට ම ය.
නොයෙක අව්‍යාජ නාද රටා පරිසර හා ඒකාත්මික ව අප හා නිරන්තර සංයෝග වෙයි. ඒවා සියල්ල ම ජීවිතයේ අරුත සොයා දෙන මධුර නාදාවලි පමණක් ම නොවේ. ඒ අමධුර නාදාවලි හඳුනාගෙන ඒවායෙන් ඈත් වීම ඇත්තේ ඔබ අත ය. අනන්ත අප්‍රමාණ සුමධුර නාදවලින් තම ජීවිතය සුසර කොට ගත හැකි ව තිබිය දී අමධුර නාද රටාවලට ඔබේ ජීවිතයට බලපෑම් කිරීම ඔබ ඉඩ දිය යුතු නැත. පළමු ව තම නාදයට සවන් දෙන්න. එවිට දහසකුත් නාද අතරින් සුමධුර නාද වෙන්කොට ගැනීමට ඔබට හැකිවනු ඇත. ඒ මධුර නාද රටා පෙත්රුස් නම් අඳ වාදකයාට ජීවිතයේ අනන්ත අප්‍රමාණ සැනසිල්ල උදා කළාක් මෙන්, ඔබට ද ඔබේ දිවි මඟ අවබෝධ කොටගන්නට මඟ විවර කර දෙනු නොඅනුමාන ය. 

http://www.silumina.lk/punkalasa/20130310/_art.asp?fn=ar1303102

Tuesday, May 12, 2015

වසර 2100 ට වඩා පැරණි පරිගණකයක්


මේ ඡායාරූපයේ තියෙන්නේ වසර 2100කට වඩා පැරණි පරිගණකයක කොටසක්.අපි දැන් ඉන්නේ තොරතුරු තාක්‍ෂණ යුගයක කියල කිව්වට අපි ඇතැම් විට මිට වඩා දියුණු යුග පසු කර ඇවිත් ඇති. මේ එවැන්නකට කදිම සාධකයක්.
මේ පරිගණකයට කියන්නේ Antikythera mechanism හෙවත් ඇන්ටිකිතරා යන්ත්‍රය” කියල. මෙය සම්පුර්ණයෙන්ම යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන පරිගණකයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ ක්‍රි.පූ 100 හෝ 150 වැනි කාල වලදීඒ කියන්නේ අදින් වසර 2100ක් පමණ ඈතදී. ග්‍රීක විද්‍යාඥයින් පිරිසක් විසින් නිර්මාණය සැලකෙන මේ යන්ත්‍රය යොදාගෙන තියෙන්නේ තාරකා පිහිටීම සහ චන්ද්‍රග්‍රහණ ආදිය පිළිබඳව දැන ගැනීමට බවයි කියවෙන්නේ.
මෙම පරිගණකයේ කොටස් මුලින්ම සොයාගෙන තියෙන්නේ වසර 1900 දී ග්‍රීසියේ Antikytheraදිවයින ආසන්නයේදී. මුහුදු පතුලේ තිබී හමුවී ඇති මෙය ඉතිහාසය පිළිබඳ අලුත් පිටුවක් පෙරලන්න සමත් වෙලා තියෙනවා.
මේ ඡායාරුපයේ තියෙන්නේ එම යාන්ත්‍රික පරිගණකයේ භාවිතා කල ගියර් විල් එකක්. මෙය මිලිමීටර් 140ක පමණ විශ්කම්භයකින් යුතු වන අතර ගියර් දත් (gear teeth) 223කින් සමන්විතයි. මෙවැනි ඒවා 30ක් පමණ එහිදී සොයා ගෙන ඇති අතර තවත් ඒවා තිබෙන්නට ඇති බව සැක කෙරෙනවා. ක්‍රි.පූ 100 දී පමණ ගියර් වීල් එකක් නිර්මාණය කර තිබුනා කියන කාරණය තුලම එවක දියුණු තාක්‍ෂණයක් තිබුණු බව තහවුරු වෙනවා. කොහොම වුනත් පසුකාලීනව එම තාක්‍ෂණය ගිලිහි ගොසින් නැවත 14 වන සියවස වැනි කාලවලදී තමයි එම තාක්‍ෂණය යලිත් ඉස්මතු වන්න පටන් ගෙන තියෙන්නේ.
මෙම ඇන්ටිකිතරා යන්ත්‍රය සොයා ගැනීමෙන් (1900 දී පමණ)තවත් ශතවර්ෂයකට පමණ පසුව වත්මන් විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය ප්‍රති නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.
මෙම ඇන්ටිකිතරා යන්ත්‍රය සොයා ගැනීමෙන් (1900 දී පමණ)තවත් ශතවර්ෂයකට පමණ පසුව වත්මන් විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය ප්‍රති නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.
මෙම ඇන්ටිකිතරා යන්ත්‍රය වගේම අපේ රටේ තිබුණ අති විශිෂ්ඨ වාරි සහ ගෘහ නිර්මාණ තාක්ෂණය වගේම යෝධ පිරමිඩ යන මේ කරුණු සියල්ල එකට යාකොට බලන විට විද්‍යාමාන වන එක් ප්‍රධාන කරුණක් ඇත. එනම් ඓතිහාසික මානව වර්ගයා සතුව ඉතා දියුණු තාක්‍ෂණයක් පවතී බවයි. කෙසේ වෙතත් අපගේ වර්තමාන දැනුම මත පදනම් වූ දෘෂ්ඨිකෝණයකින් බලා මෙම තාක්‍ෂණයේ රහස් හෙළි කර ගත හැකිද යන්න බරපතල ගැටලුවකි.

උපුටා ගැනීම  -  විදු ලොවින්
http://vidathanet.blogspot.com/2014/09/2100.html

මොසයික්‌ චිත්‍රයක්‌ මවන ගමක්‌

ටෙගිඩ්ඩා ඉන් ටෙසොම් (Teguidda-n-Tessoumt) කියන්නේ නයිජ¨ රටේ අගදෙස්‌ නගරයේ සිට කිලෝමීටර 200 ක්‌ පමණ වයඹට වෙන්නට පිහිටි කුඩා ගමක්‌. මේ ගම දෙස අහසේ සිට බැලු විට කෙනෙකුට දකින්නට ලැබෙන්නේ පැස්‌ටල් වර්ණ ඇති එක එක ප්‍රමාණයේ කවාකාර ලකුණු කිරීම් වලින් පිරුණ හරියටම මොසයික්‌ චිත්‍රයක්‌ වැනි දර්ශනයක්‌. ඇත්තටම ඒවා ගමේ ලුණු කර්මාන්තයට අයිති ලුණු දිය පිරුණු පොකුණුයි. ටෙගිඩ්ඩා ඉන් ටෙසොම් සහරා කාන්තාර භූමියේ පිහිටි ගමක්‌ නිසා කිලෝමීටර දහස්‌ ගණනක්‌ යනතුරු මුහුදක්‌ හමුවන්නේ නැහැ. මේ පළාතේ ලවණ ජලය ඇති උල්පත් 20 ක්‌ පිහිටා තිබෙනවා. එසේ වුණත් ඔවුන්ගේ ලුණු ලබාගන්නා ප්‍රධාන මූලාශ්‍රය ජලය නම් නොවේ. ඔවුන් ලුණු ඇදගනු ලබන්නේ මැටිවලින්.

ගම ලස්‌සන කරන පොකුණු පිටුපස බොහෝ දෙනෙකුගේ දාඩිය මහන්සිය මුසුවන ක්‍රියාවලියක්‌ සිදුවෙනවා. මුලින්ම ලුණු වලින් බර වී ඇති මැටි හාරා ඒවා ගමේ පොකුණු වලට ගෙන එනු ලබනවා. සමහර පොකුණු අඩි 6 ක්‌ තරම් විශ්කම්භයක්‌ ඇති විශාල ඒවායි. මැටි දැමූ පොකුණු වලට උල්පත් ජලය පුරවනු ලබනවා. ඉන්පසු එයට මිනිසෙකු බැස ඝන දියාරු මිශ්‍රණයක්‌ සෑදෙන තුරු ඒවා දෙපයින් පෑගීම කරනවා. මිශ්‍රණය සාදාගත් පසුව එය පොකුණේ තැන්පත් වීමට ඉඩ හරිනවා. ඒ ඒ පොකුණු වලට පිරවූ මැටි වල මුල් පාට, ද්‍රdවණයේ ලවණතාව සහ යටට ඓරෙන මට්‌ටම අනුව මේ පොකුණු විවිධ දුඹුරු පැහැයන් ගන්නවා. සමහර පොකුණු වල ඇල්ගී වැවීම නිසාද පොකුණට වෙන පැහැයක්‌ ලැබෙනවා. තද හිරු කිරණ වැටී පරාවර්තනය වන කෝණය අනුවත් පොකුණේ පැහැය සහ විලාසය වෙනස්‌ වෙනවා.

පොකුණු වල පතුලේ මැටි තැන්පත් වූ පසුව ලබු කට්‌ටක උපකාරයෙන් ලවණ ජලය එකතු කරගෙන ඒවා වාෂ්පවීමේ කුඩා පොකුණු වලට පුරවනු ලබනවා. එම කාර්යය කරනු ලබන්නේ මිනිසුන් විසින්. පොකුණු පවත්වාගෙන යාමත් ඔවුන්ගේ වගකීමක්‌ වෙනවා. එරීමේ පොකුණු වල පතුලේ ඉතිරිවී ඇති මැටි හාරා ඉවතකු ගොඩගසනු ලබනවා. එම ගොඩ ගැසීම් නිසා මේ ප්‍රදේශයේ මිනිසා විසින් සාදනු ලැබූ පස්‌ගොඩලි රාශියක්‌ම දකින්න පුළුවන්.

මිනිසුන් සේම කාන්තාවන් සහ ළමයින්ද ලුණු සැකසීමේ ක්‍රියාවලියට වෙහෙසෙනවා. වාෂ්පවීමේ පොකුණු වලින් ලුණු කැට ඉවත් කිරීමත් ඊළඟ පිරවීම සඳහා වාෂ්පවීමේ පොකුණු හොඳින් පිරිසිදු කර සූදානම් කර තැබීමත් සිදුවන්නේ කාන්තාවන් අතින්. ඒ අතරේ ළමයින් වාෂ්පවීමේ පොකුණු වටා යමින් ඒවායේ වේලීමේ ක්‍රියාවලිය සොයා බලනවා. පොකුණු වලින් ජලය වාෂ්ප වන විට පොකුණු ජලයේ මතුපිට ලුණු කැටි ගැසෙනවා. ඒ ගැන පරීක්‌ෂාකාරි නොවුණහොත් මතුපිට සෑදෙන ලුණු කට්‌ට නිසා පොකුණෙන් තවදුරටත් ජලය වාෂ්ප වීම වැලකී යනවා. එම නිසා ළමයින් ඒවා උඩට ජලය ඉසීම කරනවා. එවිට ලුණු කට්‌ට කැඩී පොකුණේ පතුලට වැටෙනවා. අන්තිමට ලුණු පමණක්‌ම ඉතුරු වන තුරු වාෂ්පවීම සිදුවෙනවා.

වාෂ්පවීමේ පොකුණු වලින් හාරාගන්නා ලුණු වලින් කුට්‌ටි සාදා ඒවා ඉර අව්වේ වේලා ගැනෙනවා.

මේ ගමේ ලුණු සාමාන්‍යයෙන් මිනිස්‌ පරිභෝජනයට නොගනී. ඒවා යොදා ගන්නේ ගෘහස්‌ථ සතුන්ගේ අතිරේක ආහාරයක්‌ ලෙසින්. බොහොමයක්‌ මේ ලුණු කුට්‌ටි කාන්තාරය අද්දර ඇති විශාල ටවුන් වල වෙළඳපොලවල විකිණීම කෙරෙනවා. ඒ වගේම එෙŒරුන් සහ ලුණු වෙළෙන්දන් සමඟ භාණ්‌ඩ හුවමාරුවෙදිත් යොදා ගනු ලබනවා.

Ö නිල්මිණි රාජපක්‍ෂ රදලගේ


http://www.divaina.com/2015/05/12/news25.html

Sunday, May 10, 2015

පිටසක්වළ සංඥාව පැමිණි තැන සොයාගනී


අභ්‍යාවකාශයේ සිට පැමිණි අමුතු සංඥා නිකුත්ව ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 22ක් ඈතින් පිහිටි ජීවයට සුදුසු ග්‍රහලෝකයකින් බව විද්‍යාඥයෝ පවසති. එම ග්‍රහලෝකය ග්ලිඒස් 581 ඩී ලෙස නම්කරනු ලැබූළුකි.
විද්‍යාඥයන් පවසන්නේ අභ්‍යාවකාශයෙන් නිකුත් වූ සංඥා සම්බන්ධයෙන් මෙතෙක් සිටියේ වැරදි මතයක බවයි. 2010 වර්ෂයේ සිට වරින් වර ලැබුණු සංඥා විශ්ලේෂණය කිරීමේ දී ඒවා මේ ග්‍රහලෝකයෙන් නිකුත් වූ බව විශ්වාස කළ හැකියැයි ද එය පෘථිවියට පිටත ඇති දියුණු මට්ටමේ ජීවයක් පිළිබඳ සාධකයක් විය හැකියැයි ද ඔවුහු කියති.
2010 ලැබුණු සංඥා ඈත තාරකා වලින් පැමිණෙන්නට ඇතැයි මුලදී අනුමාන කැරිණි. 581ඩී ග්‍රහලෝකයේ ජිවය පවතින බවට දැඩි විශ්වාසයක් ඇති බවත් එය පෘථිවිය මෙන් දෙගුණයක් විශාල බවත් පාෂාණමය ලෝකයක් බවත් විද්‍යාඥයෝ කියති.
පෙනිසිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ ඔවුන් අභ්‍යාවකාශයෙන් ලැබෙන ආලෝක හා ශබ්ද සංඥා විශ්ලේෂණය කිරීමට නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් පසු මේ ගැන වැඩි විස්තර අධ්‍යයනය කිරීමට හැකි බවයි. එම ක්‍රම උපයෝගීකරගෙන දැනට පවත්නා දත්ත අනුසාරයෙන් වඩාත් නිවැරදි ආකෘතියක් ගොඩනැගීමට හැකිවූ බව පෙනිසිල්වේනියාවේ මාරියා විශ්වවිද්‍යාලය, ලන්ඩන් විශ්වවිද්‍යාලය හා හර්ට්ෆෝර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.


http://www.lankadeepa.lk/index.php/articles/301728

Saturday, September 20, 2014

කඩදාසි පරිගණකය



"කඩදාසි මත අච්චු ගැසූ ඇත්ත පරිගණකය. එම කඩදාසියෙන් ඉරා ගත් කඩදාසි කැබැල්ලක් පරිගණකයේ කොටසක් ලෙස වෙනත් කෙනෙකු පාවිච්චි කිරීම ඔබට විශ්වාස කළ හැකිද? එංගලන්තයේ කේම්බ්‍රිජ් හි මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්ටීව්හොග් සංවර්ධනය කළ තාක්‍ෂණයේ කොටසක් නිසා මෙය සත්‍ය වී තිබේ. ඉලෙක්ට්‍රොනික පරිපථ වල සන්නායක රිදී රේඛා ඉතාමත් සාර්ථකව කඩදාසි මත මුද්‍රණය කිරීමට ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ යොෂිහිහිරෝ
කවහාරා ඇතුළු කණ්ඩායම සමඟ එක්වූ හොග්ට හැකි විය. එපමණක් නොව ඔවුන් මුද්‍රණය සඳහා සරල පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් (Inkjet ප්‍රින්ටරය) භාවිතා කර, රිදී නිනිති අංශු (නැනෝ) වලින් සමන්විත තීන්ත උපයෝගී කර ගෙන තිබේ. කවහාරා පසුගියදා ස්විස්ටර්ලන්තයේ පැවැති සම්මන්ත්‍රණයකදී කඩදාසියේ මුද්‍රිත තෙතමත සංවේදකයක් (moisture sensor) ක්‍රියාත්මක කර පෙන්වන ලදි.
විනෝදයක් ලෙස විවිධ නව ඉලෙක්ට්‍රොනික පරිපථ හුදෙක් මුද්‍රණයෙන් ලබා ගෙන අත්හදා බලා, වැඩ නොකරන්නේ නම් විසිකර දැමීමේ අවස්ථාව උදා වීම නිසා නිරුමාණකරුවන් බොහෝ නව නිර්මාණ ඉදිරිපත් කරනු ඇතැයි කවහාරා විශ්වාසය පළ කරයි. තවද ත්‍රිමාණ මුද්‍රණයෙන් පරිගණකයේ සියලු භෞතික කොටස් මුද්‍රණය කළද ඉලෙක්ට්‍රොනික පරිපථ මුද්‍රණය කිරීමේ අපහසුතාව මෙමඟින් මඟ හැරී තිබේ. ටෝකියෝ හි මිටිෂුබිසි කෙමිකල් ආයතනය මෑතකදී සංවර්ධනය කරන ලද අවලම්භිත රිදී (silver suspension) තීන්ත භාවිතා කර රු. 10,000/- ක් පමණක් වටිනා පරිගණක මුද්‍රණ යන්ත්‍රයෙන්  (Inkjet ප්‍රින්ටරය) ජායාරූප මුද්‍රණ කඩදාසි මත ඉලෙක්ට්‍රොනික පරිපථ හොඳින් මුද්‍රණය කළ හැකි බව කවහාරා හඳුනාගෙන තිබේ. මෙහිදී තීන්ත වල ඇති රිදී අංශු නිදහස් කිරීමට එය රත් කිරීම අනවශ්‍ය වන අතර අංශු වල ප්‍රමාණය,දුස්ස්‍රාවිතාව සහ මතුපිට ආතතිය, පැතලි රිදී සන්නායක කඩදාසිය මත මුද්‍රණයට සුදුසු තත්වයේ පවතී. මේවා ක්‍රියාකාරී පරිපථ බවට පත් කිරීම සඳහා ප්‍රතිරෝධක, විදුලි බල ධාරක සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පරිපථයකදී පෑස්සීම කළද මෙහිදී සන්නායක ගම් වර්ගයකින් අලවනු ලැබේ.
කඩදාසි මත මුද්‍රිත තෙතමත සංවේදකය පැළෑටි සඳහා භාවිතා කරන අතර එහි එක් පරිපථ කොටසක් වර්ෂාපතනයද තවත් පරිපථ කොටසක් ආර්ද්‍රතාවයද මැන ලබා ගන්නා දත්ත මුද්‍රිතWi-Fi ඇන්ටනාවක් මඟින් සම්ප්‍රේෂණය කරයි.LED බල්බ හා බැටරි සම්බන්ධ කරන සන්නායකද (Wire) හොග් කඩදාසි මත මුද්‍රණය කර තිබේ. මීට අමතරව ක්‍ෂුද්‍ර සකසනය(micro processors සහ මතකචිපය(memory chips) සම්බන්ධ කිරීම් ඇතුළුව විවිධ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ Inkjet ප්‍රින්ටරය මඟින් මුද්‍රණය කර තිබේ. ඒ අනුව සෛද්ධාන්තිකව මේවා භාවිතා කර, කුඩා කැබලි වලට වෙන් වුවද ක්‍රියාත්මක කළ හැකි කඩදාසි පරිගණක සෑදිමට හැකි වේ.
රිදී ආශ්‍රිත Inkjet ප්‍රින්ටරය සාමාන්‍ය මිලට ගැනීමේ මට්ටම දක්වා දියුණු වුවහොත් අතින් ඇඳි පාට කළ හැකි විවෘත සන්නායක පරිපථ බහුල වන බව හොග් ප්‍රකාශ කරන අතර තව වසර 20 ක් ඔබටම ජංගම දුරකථනයක් මුද්‍රණය කරගෙන භාවිතා කළ හැකි වන බව කවහාරා කියා සිටියි.
·           නිව් සයන්ටිස්ට් සඟරාව 2937   කලාපය03 ඔක්තෝබර්ර 2013 ,පෝල්මාක්ස් ඇසුරෙනි

මන්ද පෝෂණය මැඩීමට සුපිරි කෙසෙල්




ක්වීන්සලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේමිස් ඩේල් පවසන පරිදි ලොව පුරා සිටින දරුවන් 650,000 –700,000 අතර ප්‍රමාණයක් Pro – Vitamin A හිඟකම නිසා සෑම වසරකදීම මරණයට පත්වේ. මෙයින් බහුතරයක් උගන්ඩාව වැනි නැගෙනහිර අප්‍රිකාවේ ළමයින් බව හඳුනාගෙන තිබේ. එම ප්‍රදේශවල දැනට බහුලව වගාකරන සහ ආහාරයට ගන්නා ආහාරයක් ජානමය නවීකරණය මඟින් Pro – Vitamin A ලබාදිය හැකි තත්වයට පත් කිරීමෙන් මෙම ගැටළුවට කල් පවත්නා විසදුමක් ලබා දිය හැකි බව ඩේල් යොජනා කරයි. එය ප්‍රායෝගීකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු සුපිරි කෙසෙල් (super bananas)”නිර්මාණය කර තිබේ. දැන් එය එක්සත් ජනපදයේදී මනව පරිභෝජනය සඳහා සුදානම් කර ඇත.

ඕස්ට්‍රේලියානු රජයේ සහ මෙලින්ඩා ගේට්ස් පදනම් ආයතනය(Melinda Gates foundation) ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මත මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිම ඩේල් සහ කාණ්ඩායම 2005 වසරේදී ආරම්භ කරන ලදී. කෙසෙල් පිසිමෙන් සකස්කර ගන්නා ආහාරය නැගෙනහිර අප්‍රිකානු ජාතින්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස සැකේ. එම නිසා කෙසෙල් වලට හිඟ පෝෂ්‍යජනක එක් කිරීම මඟින් එම ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා  වඩත් ඵලදායීව කටයුතු ක හැකිය.
උතුරු  ක්වීන්සලන්තයේ වගා බිම් වල සුපිරි කෙසෙල් වගාව පර්යේෂණ මට්ටමෙන්සාර්ථකව වගා කර තිබේ. නැ‍ගෙනහිර අප්‍රිකානුවන් පිසීම සඳහා යොදා ගන්නා සාමාන්‍ය කෙසෙල් මෙන්ම සුපිරි කෙසෙල්ද පිටතින් කහ පාටය (කෙසෙල් ලෙල්ල) එහෙත් කෙසෙල් ගෙඩිය තැඹිලි පාට වේ.   Pro – Vitamin A බහුලව එහි තිබේ. සුපිරි කෙසෙල් වල විටමින් ප්‍රමාණය ග්‍රෑම් 1 කට මයික්‍රො ග්‍රෑම් 20 දක්වා වැඩි කිරිම ඩේල්ගේ බලාපොරොත්තුවයි.

එක්සත් ජනපදයේදී මොන්ගොලියානු පස් සහිත බිම්වල කරන ලද සුපිරි කෙසෙල් වගා ව සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබේ. කෙසේ වෙතත් මේවා මනුෂ්‍ය පර්භෝජනය සඳහා සති 06 ක කාලයක් පර්යේෂණය ක්‍රියාත්මකය.මිනිස් කණ්ඩායමක් මෙම පර්යේෂණයට භාජනය වෙමින් දායකත්වය දක්වයි.
තවද විශේෂිත වර්ගයේ කෙසෙල් පැළෑටියන් හඳුනාගැනීම සඳහා උගන්ඩාවේ ගොවි බිම් වල සුපිරි කෙසෙල් පර්යේෂණාත්මකව වගා කෙරේ. එමඟින් ඉදිරි වසර කිහිපය තුලදී මුළු ලොවටම සුදුසු වඩා පෝෂ්‍යදායි කෙසෙල් හඳුන්වාදිමට බලාපොරොත්තු වේ. මෙම ජානමය නවීකරණය කරන ලද කෙසෙල් හෙවත් සුපිරි කෙසෙල් පිළිබඳව උගන්ඩා රජය අදාල නිකභාවය ලබාදෙනු ඇතැයි ක්වන්සලන්ත විශ්ව විද්‍යාලය අපේක්ෂා කරයි.
උපුටා ගැනීම:-
Human trials planned for genetically – modified super bananas – by Ben Cox worth.    http://www.gizmag.com/genetically-modified-super-bananas/32581/

Friday, February 14, 2014

වහලයෙන් විදුලිය

"ප්‍රකාශ විද්යුත් ආචරණයේ ඉදිරි පිම්ම"
වහලයෙන් විදුලිය

වහලය මත සවි කරන මිල අධික සූර්ය පැනල වෙනුවට මුළු වහලය ම සූර්ය පැනලයක්‌ සේ විදුලිය නිෂ්පාදනය කරන යුගයක්‌ මෙන්ම මාසයකට වරක්‌ බලශක්‌ති භාවිතය වෙනුවෙන් විදුලි බිලක්‌ ගෙවීමට සිදු නො වන යුගයක්‌ පිළිබඳව ඉඟි කරන හෝඩුවාවක්‌ එක්‌සත් ජනපද පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ ලබා දී ඇත. එනම් වහලයේ ආලේප කළ හැකි තීන්ත විශේෂයක්‌ භාවිතයෙන් දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය වන බලශක්‌ති ඉල්ලුම සපුරාගත හැකි නව සොයාගැනීමකි.

මේ වන විට ලෝක බලශක්‌ති ඉල්ලුමෙන් 80% කටත් වඩා සපයනු ලබන්නේ ඛනිජ තෙල්, ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන දහනයෙනි. එහෙත් එමඟින් පිට වන අහිතකර වායුන් නිසා හරිතාගාර ආචරණය, ගෝලීය උණුසුම ඉහළ යැම, දේශගුණික හා කාලගුණික විපර්යාස, ස්‌වාභාවික ආපදා වැනි පාරිසරික අර්බුද ගණනාවකට ම මුහුණ දීමට මිනිසාට සිදු ව ඇත. එපමණක්‌ නො ව දැනට ගණන් බලා ඇති ආකාරයට මෙලෙසින් ම ෆොසිල ඉන්ධන භාවිත කළ හොත් 21 වැනි සියවස නිමා වීමට පෙර ඛනිජ තෙල් හා ජීව වායු මිහිතලයෙන් සම්පූර්ණයෙන් ම තුරන් වී යනු ඇත.

එබැවින් අද වන විට ලෝකය පවතින්නේ බලශක්‌ති අර්බුදයක දොරකඩ අබියස ය. මිනිසාට බලශක්‌ති අර්බුදයෙන් මිදීමට නම් හෙට දවසේ දී විකල්ප ශක්‌ති ප්‍රභව සඳහා ආදේශනය වීමට සොබාදහම විසින් අත්‍යවශ්‍යයෙන් ම බල කර සිටි. එනම් මිනිසා තවදුරටත් වර්ධිත ශිෂ්ටාචාරයකට ගමන් කරනවා ද, එසේත් නැත්නම් ප්‍රාථමික ගල් යුගයකට ඇද වැටෙනවා ද යන්න තීරණය කරන්නේ හෙට දවසේ බලශක්‌ති ඉල්ලුම සපුරාගැනීමට දක්‌වන සමත්කම මත ය.

පෘථිවි වාසීන් වන අප ගේ මූලික ශක්‌ති ප්‍රභවය වන්නේ සූර්යයා ය. මිනිසා ගේ දෛනික ජීවිතයේ ප්‍රාථමික අවශ්‍යතා සපුරාගැනීමට සූර්ය ශක්‌තිය භාවිතා කළ ද උසස්‌ තාක්‌ෂණික අවශ්‍යතා සඳහා භාවිත කිරීමට තරම් දියුණු තාක්‌ෂණයක්‌ කරා ළඟා වීමට තවමත් අප සමත්කම් දක්‌වා නැත. මේ වන විට පවතින සූර්ය කෝෂ තාක්‌ෂණයේ අග්‍රඵලය වන සාම්ප්‍රදායික "සිලිකන්" සූර්ය පැනල ද මිලෙන් අධික බව, සවි කිරීමට කල්ගත වීම හා නඩත්තුව සඳහා විශේෂ පුහුණුවක්‌ අවශ්‍ය වීම හේතුවෙන් සූර්ය ශක්‌තිය මඟින් බලශක්‌ති ජනනය සඳහා තවමත් සමාජයේ උද්යෝගයක්‌ මතු ව නැත.

එසේ වුව ද පෙර සඳහන් කළ පරිදි, බලශක්‌ති වංශ කතාවට නව පිටුවක්‌ එක්‌ කරමින් විප්ලවීය සොයාගැනීමක්‌ සිදු කිරීම සඳහා එක්‌සත් ජනපදයේ "Notre dame" විශ්වවිද්‍යාලයයේ රසායනික හා ජෛව රසායනික අංශයේ මහාචාර්ය ප්‍රශාන්ත් කමත් ඇතුළු පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ සමත්කම් දක්‌වා ඇත. ඔවුන් විසින් සාම්ප්‍රදායික සූර්ය කෝෂ වෙනුවට, ආලෝකය ප්‍රකාශ ශක්‌තිය බවට පත් කළ හැකි, වහලය මත ආලේප කරන විශේෂ තීන්ත වර්ගයක්‌ හඳුන්වා දෙනු ලැබ තිබේ.

මෙහි ආශ්චර්යවත් කාර්යය ඉටු කරනු ලබන්නේ "ක්‌වොන්ටම් ඩොට්‌" නමින් හඳුqන්වන අර්ධ සන්නායක නිනිති අංශු මඟිනි. නැනෝමීටර් 2-10ත් අතර වූ කුඩා අංශු ලෙස පවතින මේ විශේෂිත සංයෝගය ටයිටේනියම් ඩයොක්‌සයිඩ් (TiO2), කැඩ්මියම් සෙලනයිඩ් (CdSe) හා කැඩ්මියම් සල්ෆයිඩ් (CaS) සමඟ මිශ්‍ර කිරීමෙන් නිපදවයි. ජල-මද්‍යසාර සංයෝගයක්‌ භාවිත කර මෙය වර්ණක සමග දිය කරගැනීමෙන් ආලේපයක්‌ ලෙස සකස්‌ කරගත හැකි ය.

ක්‌වොන්ටම් ඩොට්‌ (Quantum dot) ලෝකයට හඳුන්වා දෙනු ලබන්නේ 1980 දශකයේ මුල් භාගයේ දී ය. එහි විද්යුත් ලක්‌ෂණ, හැඩය හා විශාලත්වය මත රඳා පවතින අතර එය නිපදවීමට යොදාගත් ද්‍රව්‍ය මත රඳා නො පවතී. ක්‌වොන්ටම් ඩොට්‌හි කාර්යක්‌ෂමතාව රඳා පවතින්නේ එය විසින් එක්‌ ආලෝක ෆෝටෝනයකට (A photon of light) අදාළව නිකුත් කරන ඉලෙක්‌ට්‍රෝන සංඛ්‍යාව මත ය. සාමාන්‍ය සූර්ය කෝෂයක්‌ මත එක්‌ ෆෝටෝනයක්‌ (Photon) හෙවත් ශක්‌ති පොදියක්‌ පතිත වන විට නිකුත් වන්නේ එක්‌ ඉලෙක්‌ට්‍රෝනයක්‌ පමණක්‌ වන අතර ක්‌වොන්ටම් ඩොට්‌ නිනිති අංශු මඟින් එක්‌ ෆෝටෝනයක්‌ පතිත විමේ දී ඉලෙක්‌ට්‍රෝන දෙකක්‌ හෝ කිහිපයක්‌ නිකුත් කරයි. එබැවින් ක්‌වොන්ටම් ඩොට්‌ භාවිතයෙන් සූර්ය ශක්‌ති පරිවර්තනයේ කාර්යක්‌ෂමතාව කිහිප ගුණයකින් ඉහළ නැංවීමට හැකි වෙතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.

මේ තීන්ත ආලේපනය සඳහා විශේෂිත උපකරණ කිසිවක්‌ අවශ්‍ය නො වන අතර සාමාන්‍ය තීන්ත බුරුසුවක්‌ භාවිතයෙන් ආලේපනය සිදු කළ හැකි ය. මෙය ඕනෑ ම සන්නායක පෘෂ්ඨයක්‌ මත ආලේප කර මිනිත්තු කිහිපයකට පසු සූර්ය පැනලයක්‌ මෙන් විදුලිය නිපදවීමට සමත්කම් දක්‌වයි. මෙහි ඇති සුවිශේෂීතම වාසි නම් භාවිතයට ඇති පහසුව හා ලාභදායී ව විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව ය.

මහාචාර්ය කමත් පවසන පරිදි මෙය තවමත් ළදරු අවධියේ පවතින තාක්‍ෂණයකි. සාමාන්‍ය සූර්ය පැනලයක්‌ මඟින් එය මත පතිත වන ශක්‌තියෙන් 10-15%ත් අතර ප්‍රමාණයක්‌ විදුලිය බවට පරිවර්තනය කරයි. එහෙත් මේ සුවිශේෂී තීන්ත වර්ගයට හැකියාව ඇත්තේ ආලෝකයෙන් 1-2%ත් අතර සුළු ප්‍රමාණයක්‌ පමණක්‌ විදුලිය බවට පරිවර්තනය කිරීමට ය. විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට නම් මෙහි කාර්යක්‌ෂමතාව 34% දක්‌වා වර්ධනය කළ හැකි ය.

මේ විප්ලවීය සොයාගැනීම තවදුරටත් වර්ධනය කළ යුතු හා වර්ධනය කළ හැකි නිෂ්පාදනයක්‌ බැවින් ඒ සඳහා පර්යේෂකයෝ තවදුරටත් පර්යේෂණ කරමින් සිටිති. එබැවින් තවමත් වෙළෙඳපොළට නිකුත් කර නොමැති මේ විදුලිය නිපදවන තීන්ත විශේෂය ඉදිරි වසර 2-5ත් අතර කාලය තුළ වෙළෙඳ පොළ අතික්‍රමණය කරනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. එවිට අවලස්‌සන විදුලි රැහැන් පද්ධති වෙනුවට ආකර්ෂණීය වර්ණයකින් හෙබි වහලක්‌ මඟින් නිවසේ දෛනික විදුලි අවශ්‍යතා සපුරනු ඇත.

ජීවන චන්ද්‍රලාල් 
ආචාර්ය මෙත්තිකා විතානගේ
මූලික අධ්‍යයන ආයතනය
මහනුවර 

http://www.vidusara.com/