V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label නිර්මාණ. Show all posts
Showing posts with label නිර්මාණ. Show all posts

Saturday, February 11, 2017

පුංචි නැගණී


හිනාවෙන ඇස් දුටුවිට
කියා නිමකළ නොහැකිය සතුට
කුරුලු හඬ පරදන
නිතර කියවන පුංචි නැගණි
නිවසෙ සතුටය ඔබ
අපේ දිවියම එළිකළ
ජයලංකා ජයවර්ධන හේරත්
12 ශ්‍රේණිය ‘එන්’
මධ්‍ය මහා විද්‍යාලය,
අනුරාධපුරය. 

Friday, August 26, 2016

දරු සෙනෙහස හන්දා


ලේනා :- බත් ඇටයක් කන්නට නෑ මේ බළලා හින්දා
රුදුරු ඇසින් ඌ මා දෙස බලන් ඉන්න හින්දා
බළලා :- අපේ වතිතෙ ගස් බෙනයක ‍ෙල්න ඉන්න හින්දා
මේ ලේනා අයිති මටයි වරද කිමද මන්දා
ලේනා :- ඕනතරම් ගේ ඇතුළේ කෑම බීම තිබෙනා
මා දඩයම් කරනු පිණිස උකුසු ඇසින් බලනා
බළලා :- මස් කෑමට මට ඇල්මක් ආශාවක් තිබෙනා
ඔබයි මගේ දඩයම මම කුමක් කරමි ලේනා
ලේනා :- මගේ පැටව් මා එනතුරු බලා ඉන්න හින්දා
ඔබෙ දඩයම වෙන්නට මට නොහැකියි එම හන්දා
බළලා :- ඔබ ලෙසට ම අපෙ අම්මා මා රැකගත් හින්දා
ඔබට සමා දෙන්නම් මම දරු සෙනෙහස හන්දා

සහස්රංග ගුණසේකර
9 ශ්‍රේණිය ‘බී’,
සුභාරතී මහාමාන්‍ය ම.වි.
ගොඩගම.

ලෝකයේ ඇති එකම ඇත්ද­ළ‍ ­තො­රණ දුටු­වෙමි

Image result for ඇත්ද­ළ‍ ­තො­රණ


මධ්‍යම පළාතේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ කොත්මලේ කොට්ඨා­සයේ මැද­පනේ කෝරලේ පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රය පිහිටා ඇත. මෙය ඓති­හා­සික වටි­නා­කම් රාශි­ය­කින් යුක්ත විහා­ර­ස්ථා­න­යකි. ගැමුණු කුමරු තම පියාගේ මර­ණය සිදු­වන විට සැඟවී සිටියේ ද මේ පුසු­ල්පි­ටිය විහා­රයේ බව පැරැණියෝ පව­සති. ගැමුණු කුමරු විසින් සාදන ලද චෛත්‍ය­යක් ද ඇති බව මුතුනි මිත්තෝ පව­සති.
පසු­ගිය දිනක අපි පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රයේ වැඩ සිටින අෂ්ට­ඵල බෝධි­යට බෝධි පූජා­වක් පැවැ­ත්වී­මට ගියෙමු. එහිදී විහා­රා­ධි­පති හිමියෝ ලෝකයේ ඇති එකම ඇත්දළ තොරණ පෙන්වූහ. එය ‘දළ­කඩ තොරණ’ නමින් හැඳි­න්වෙන බව ඒ හිමියෝ පැව­සූහ. ක්‍රි.ව. 1344 ගම්පොළ රාජ්‍ය සමයේ රජ කරවූ 4 වැනි බුව­නෙ­ක­බාහු රජු විසින් ඉදි­ක­රන ලද ගොඩ­නැ­ඟි­ල්ලක මෙය නිම­කර ඇති බවත් ඒ හිමියෝ පැව­සූහ. මම එම ගොඩ­නැ­ඟි­ල්ලට ඇතුළු වන විට දැනුණේ රජ­කාලේ ගොඩ­නැ­ඟි­ල්ල­කට ඇතුළු වන­වාක් මෙනි.
පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රය අසල ඇති ගැමුණු කුමරු ‍ස්නානය කළ ස්ථානය ද අපි දුටු­වෙමු. ගල්වල ලියා ඇති සෙල්ලිපි ද පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රයේ ඉති­හා­ස­යට නෑකම් කියයි. ඉංග්‍රිසි පාලන සමයේ දන්ත ධාතුන් වහන්සේ සඟවා තිබූ දළඳා අසපු­වද මෙහිදී දැක­ගත හැක. ඓති­හා­සික පුසු­ල්පි­ටිය රජ­මහා විහා­ර­යට පැමි­ණිය හොත් ඉති­හා­සය පිළි­බ­ඳව බොහෝ දෑ ඉගෙ­න­ගත හැකි බව මට හැඟිණි.


ඒ.එච්. බුද්ධිකා සංජී­වනී

9 ශ්‍රේණිය,
ශ්‍රී ධර්මෝ­දය දහම් පාසල,
මෑත­ගම.
 

Tuesday, April 19, 2016

ආප්ප සවුදම


තුන් තුඹ මල් තුනක් ගනින්
මාල ගොතන නූල ගනින්
හීන් පබලු පොටක් ගනින්
නෑනණ්ඩිගෙ කරේ බඳින්

කළු කපුටෙක් උඩ ඉඳගෙන කරව් කරන්නා
සුදු කපුටෙක් උඩ ඉඳ‍ෙගන පියලි ගණින්නා
ඒ මැද්දේ නයි පැටියෙක් පෙණේ කරන්නා
තාන දොමිති අපි ඉඳගෙන රබන් ගසන්නා

රැල්ල රැල්ල පිට රැල්ලෙන් රැල්ලට
ම‍ූදෙන් ගොඩ ගසතෙයි
වැල්ල වැල්ල පිට - මීගොමු වැල්ලේ
ගෑනු මාළු ගණිතෙයි - තෙතෙයි තෙයි
ගෑනු මාළු ගණිතෙයි

හාල් මිටක් ගෙන වණේ දමාලා
කෙළ මෝලෙන් තළතෙයි
පෙනේරයක් ගෙන ඒකෙ දමාලා
ඇතුල්පතට බාතෙයි
ලොකු හැළියක් ගෙන ඊට දමාලා
උකුවට දිය කරතෙයි
ආප්ප සවුදම ඔන්න ගහනවා
මැද මහතෙන් බාගෙයි

කැවුම් හොරා

රංසගේ අප්පච්චි අත්තම්මට කිව්වා “අම්මේ, අවුරුද්දට කැවිලි හදමුද?” කියල 
අත්තම්මා “ඔව් පුතේ අපේ පුංචි පැටවුන්ට රස කැවිලි ටිකක් හදල දෙන්න ඕනැ තමා.
අප්පච්චි හාල්, කිතුල් පැණි, පොල් තෙල් ගෙනැල්ලා දුන්නා. අත්තම්මා හාල් දියේ පෙඟෙන්නට දැමුවා. පෙඟුණු හාල් වංගෙඩියේ දමා කොටන්ට අපේ ගෙදර හැමෝම අත්තම්මට උදව් වුණා.
ඔන්න අත්තම්මා කැවුම් හදන්ට සූදානම්. පැණි උණු කරල පිටියි පැණියි එකට කලවම් කරල දියාරුවක් හදා ගත්තා. ඊළඟට තෙල් තාච්චිය ළිප උඩ තියල රත් කළා. “දැන් අපි කොණ්ඩ කැවුම් හදමු” කියල අත්තම්මා ළිප ළඟ වාඩි වෙලා නටන තෙලට පිටි හැන්දක් වක් කරල ඒ මැද්දට කූරක් ගසා හැන්දෙන් තෙල් ඉස ඉස කැවුම් ගෙඩියේ කොණ්ඩය වඩමින් කැවුම් බැද්දා.
චාස්! චූස්! චෝස්! චුරු චුරු සද්දෙන් තෙල් තාච්චිය මැද්දේ කැවුම් බැදෙනවා. ගෙදර හැම තැනම කැවුම් සුවඳේ බෑ! අත්තම්මා බඳින බඳින කැවුම් අපි නැවුම් මැටි මුට්ටියට දැම්මා. උණු උණුවේ කැවුම් හරිම රසයි. ටික වෙලාවකින් කැවුම්වලින් මුට්ටිය පිරුණා. අත්තම්මා කැවුම් මුට්ටිය පිරිසුදු වැස්මකින් වසා කුස්සියේ මේසය පැත්තකින් කැවුම් මුට්ටිය තැබුවා.‍
මෙන්න! දවසක් කුස්සියේ මේසය උඩ කැවුම් කෑලි වැටිලා! අත්තම්මා කැවුම් මුට්ටිය බලන කොට කැවුම් අඩු වෙලා! අත්තම්මා ඉන්පසු කැවුම් මුට්ටියෙන් කොටසක් වෙනම මුට්ටියකට දමා වැස්මකින් වහල කුස්සියේ වෙනත් තැනක තැබුවා. මුලින් ම කැවුම් තිබූ මුට්ටියට කොහොල්ලෑ ගාපු කැවුම් කීපයක් දමා මුට්ටිය නැවත වසා තැබුවා. කුස්සිය පැත්තේ රංස කෑගසන සද්දේ ඇසුණා‍. රංස අතේ කැවුමක් තියාගෙන “මගෙ අත ඇලවෙනවා නූල් නූල් ඇදෙනවා කිය කියා” කොහොල්ලෑ ගාගෙන කුස්සියේ එහාට මෙහාට දුවනවා. මෙහෙම දුවන රංස දැකල “අද මම කැවුම් හොරා අල්ලා ගත්තා” කියල අත්තම්මා හිනාවුණා. කුස්සියට ආපු අම්මයි, අප්පච්චියි, අයියයි රංස ගේ හැටි දැකල හිනා වුණා.
ඉන්පසු අත්තම්මා “මගෙ පොඩි පු‍තාගේ කොහොල්ලෑ මම අරින්නම්” කියල පොල් තෙල් බෝතලය ගෙනල්ලා පොල්තෙල් රංස මල්ලිගේ අත් දෙකේ ගාලා කොහොල්ලෑ අයින් කරලා අත් දෙක පිරිසුදු කළා.
ඉන්පසු අත්තම්මා “මගේ පුංචි පුතාට රස කැවුම් දෙන්නම්” කියල අනිත් මුට්ටියෙන් කැවුම් අරගෙන පිඟානකට දාල රංස මල්ලිට කන්ට දීල “ආයේ එහෙම කැවුම් හොරෙන් කනවා එහෙම නෙවෙයි” කියල රංස කැවුම් කන හැටි ආදරයෙන් බලා සිටියා.

Monday, March 7, 2016

“ආ... එහෙ­මද? එහෙ­නම් මට මේ රුපි­යල් දහයේ තේ එක දෙන්න”


එක්තරා දරු­වකු පාසල ඇරී වීදි­යට ආවේ දැඩි පිපා­ස­ය­කිනි. ඔහු ළඟම තිබුණු අව­න්හ­ලට ගොඩ වූයේ සිසිල් බීම බෝත­ල­යක් මිලදී ගැනී­මට ය‍.
“මේ බීම බෝත­ලය කීයද?” දරුවා අව­න්හල් සේව­ක­යා­ගෙන් විම­සීය.
“රුපි­යල් විස්සයි පුතේ” ඔහු පිළි­තුරු දුන්නේ ය.
“ආ... එහෙ­මද? එහෙ­නම් මට මේ රුපි­යල් දහයේ තේ එක දෙන්න” කිය­මින් හෙතෙම අසුන් ගත්තේ ය. ළමයා අත රුපි­යල් විස්සක් තිබෙනු දුටු සේව­කයා දරුවා ගැන පුංචි වුණත් තියෙන ලෝබ­කම යැයි සිතුවේ ය. තේ එක බී මුදල් ගෙවා දරුවා පිටව ගියේ ය.
මේසය අස් කිරී­මට පැමිණි සේව­කයා විම­ති­යට පත් විය. මේසය මත රුපි­යල් දහ­ය­කුත් කඩ­දා­සි­ය­කුත් විය. එහි ලියා තිබුණේ “මේක ඔයා­ටයි මාමේ” යනු­වෙනි. ඔහුගේ දෙනෙ­තට කඳුළු ඉනුවේ ය. සේව­කයා ගැන අනු­කම්පා කර දරුවා තේ එක මිලදී ගෙන ඇත්තේ රුපි­යල් දහ­යක් සේව­ක­යාට දීමට අවැසි නිසා ය.
බලන්න මොහු කොයි­ත­රම් යහ­පත් දරු­වෙක් ද කියා.
(මෙය මෙරට සිදුවූ සත්‍ය කතා­වකි)
ධනුක හංසික ජන­නාත්,
8 ශ්‍රේණිය ‘ඩී’,
ශාන්ත තෝමස් කුමර විදු­හල,
මාතර.

“මේ තල ගහ පීදෙන්ට ළඟයි. කපන්ට ඕනෑ”

තල මලේ වරුණ

පසු­ගි­යදා මා අත්තා සමඟ විවේ­කීව සිටින විට ගෙමි­දු­ලට මඳක් දුරින් තිබූ තල ගස පෙන්වා “මේ තල ගහ පීදෙන්ට ළඟයි. කපන්ට ඕනෑ” යැයි අත්තා කීවේය. “ඇයි අත්තේ තල ගස කපන්නෙ?” යැයි මම අත්තා­ගෙන් විම­සු­වෙමි. එවිට අත්තා මට තල ගස ගැන තොර­තුරු කියා දුන්නේය.
අතී­තයේ තල ගසින් බො‍හෝ ප්‍රයෝ­ජන ගැනුණි. තල ගොබ ඉරා තම්බා, මඳ පවනේ වේළා පැදුරු, මාගල් වට්ටි, පෙට්ටි, විසි­තුරු භාණ්ඩ, බිත්ති සැර­සිලි ආදිය නිර්මා­ණය කිරී­මට යොදා ගැනිණි. ඒ කාල‍යේ අකුරු ලිවී­මට ද තල ගොබ යොදා ගනු ලැබිණි. එමෙන් ම පණි­විඩ යැව්වේ ද තල ගොබයේ ලියාය.
තල­ප­ත්වල අකුරු ලිවී­මට වෙන­මම පෑනක් තිබිණි. එය ලෝහ කූරක අග සිහින්ව උල්කර තැනූ උප­ක­ර­ණ­යකි. එය හැඳි­න්වූයේ පන්හිඳ නමිනි. තල­පතේ පන්හි‍ඳෙන් ලිවූ විට අපැ­හැ­දි­ලිය. එනිසා කළු මැදිය යුතුය. පාන්ක­ඩ­යක් පොල් තෙලෙහි ඔබා, පුලු­ස්සා­ගත් අළු පොල් තෙල් සමඟ මිශ්‍ර කොට අකුරු ලියූ තල පත්වල අතුල්ලා රෙදි කඩ­කින් පිස දැමූ විට පන්හි‍ඳෙන් තල­ප­තෙහි ලියූ දේ පැහැ­දි­ලිව පෙ‍ෙන්.
අතී­තයේ හඳ­හන් ලියන්නේ ද තල පතෙ­හිය. යන්ත්‍ර මන්ත්‍ර, වෙද හෙද­කම් ආදී දේවල් ලියා තැබුවේ ද තල­ප­ත්ව­ලය. අගනා මිණි මුතු, මැණික්, රන්, රිදී වැනි වටිනා වස්තු රජ­වරු, සිටු­වරු නිධන් කොට තැබූහ. ඒ පිළි­බඳ ලියා තැබුවේ ද තල­ප­ත්ව­ලය. මෙය නිධන් වදුල ලෙස හඳු­න්වයි.
තල ගසෙන් පිටි ද ලබා­ගත හැක. ගස පීදෙ­න්නට ළංවන විට කපා තල බඩය වංගෙ­ඩියේ දමා කොටා ජලය වත්කොට රොඩු සියල්ල ඉව­ත්කොට තැබී­මෙන් පිටි ජල බඳුනේ පතුලේ තැන්පත් වෙයි. ඉන්පසු ජලය ඉවත් කර අව්වේ වේලා ගනී. මේ පිටි­ව­ලින් ආප්ප, ඉඳි­ආප්ප, පිට්ටු, කැවුම්, කොකිස්, කේක් වැනි කෑම සාදා ගත හැකිය.
ආර­ණ්‍ය­ගත භික්ෂූන් වහන්සේ හා රාමඤ්ඤ නිකායික භික්ෂූන් වහන්සේ කුඩය වෙනු­වට තල් අත්ත භාවිතා කළහ. ගොවියා තල ගසේ කඳ ලියැදි හරහා ජලය එහා මෙහා යෑමට යොදා ගනු ලැබිණි.
තල­මල අලං­කාර වූවත් ගැමි ජනයා තල මලක් පිපීම අසුබ නිමි­ත්තක් ලෙස සල­කති. තල­ම­ලක් පිපී­මට අවු­රුදු 50-60 ක් පමණ කාල­යක් ගත­වෙයි. ගසේ සිදු­වන වෙනස් වීම් මඟින් තල මලක් පිපී­මට ආසන්න බව ගැමියා දැන ගනියි. එවිට මල පිපෙ­න්නට ඉඩ නොදී ගස කපා දමති. තල මලක් පිපු­ණ­හොත් ගම් හතක් පාළු­ වන බව ගැමියෝ විශ්වාස කරති.
අනෙ­කුත් ගස්වල මල් පිපෙන්නේ අතු­වල හෝ ක‍ඳේය. තල ගසේ මල පිපෙන්නේ ගස මුදු­නේය. පිපෙන්නේ ද එක් මලක් පමණි. තල මලක් මෝරා වැඩෙන විට කෘමි සත්තු විශාල සංඛ්‍යා­වක් ඊට එකතු වෙති. මලේ සවි බලය නැති වුණු විට සත්තු බිමට වැටෙති, ඈතට විසි­රී­යති. මේ කෘමි සත්තු බෝග­ව­ලට බොහෝ හානි පමු­ණු­වති. ගැමියෝ තල­මල පිපී­මෙන් ගම් හතක් පාළු­ වන බව විශ්වාස කරන්නේ මේ හේතුවෙන් විය හැකිය.
හිරු­දිනී කුමාරි විජේ­ති­ලක
9 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනා­නා­යක මධ්‍ය විද්‍යා­ලය,
තෝලං­ග­මුව.
 

http://www.silumina.lk/2016/03/06/_art.asp?fn=au160306

Monday, February 29, 2016

දිවියා සහ වසු­පැ­ටියා


දව­සක් වසු පැටි­යෙක් තනි­යම තණ­කොළ කකා ඇවි­ද­ගෙන ගියා. මේ යන අත­ර­තු­රේදී ලොකු වතුර පිපා­ස­යක් දැනිල ළඟ තිබුණු දිය­ක­ඩි­ත්ත­කින් වතුර බොන්ට ලෑස්ති වුණා. මෙහෙම වතුර බොන්ට දිය­ක­ඩි­ත්තට එන සතුන් අල්ලා­ගෙන කෑම දිවි­යාගේ සිරි­තකි.
මේ වහු­පැ­ටි­යත් එහෙම හැංගිලා හිටපු දිවි­ය­කුට අසු­වුණා. වසු පැටියා හොඳ­ටම බය­වෙලා දිවි­යට කිය­නවා.
“අනේ! මේ මොක­ටද මාව අල්ල­ගන්නෙ? ඔයාගෙ බඩ­පි­රෙන තර­මට මගේ මස් නෑ. මම ළපටි මස් තියෙන කෙනෙක්. මගේ මස් රස නෑ. මාව අත­හ­රින්ට.” වසු­පැ­ටියා දිවි­යට පින්සෙණ්ඩු වුණා.
“ටික දව­ස­කින් මම ලොකු වේවි වැඩි­යෙන් තණ­කොළ කෑවාම. මම එහෙම ලොකු වුණාම ඔබට කෑම සඳහා මෙතැ­න­ටම එනවා. එත­කොට ඔයාට හිත පුරාම මගෙ මස් කෑමට පුළු­වන්.” මේ විදි­හට වසු­පැ­ටියා දුක කිය­න­කොට දිවි­යට දුක හිතුණා.
“ඔයා ඔය කියන්නෙ ඇත්ත­මද?” දිවියා අහ­නවා.
“ඔයා ලොකු වුණාම මගෙ ගොදු­රට එනව ද?”
“මට මෙත­රම් උප­කා­ර­යක් කරපු ඔබ අම­තක කරන්නෙ නෑ. සත්තයි මම මෙතැ­න­ටම එනවා ඔබගෙ ගොදුර සඳහා” වසු­පැ­ටියා කිව්වා.
“හා හොඳයි මට අද ලොකු බඩ­ගි­න්නක් නෑ. ඔබේ ඉල්ලී­මට මම ඉඩ දෙනවා. හැබැයි, වසු පැටියෝ කියපු වචනෙ වෙනස් කරන්ට එපා!” දිවියා කිය­නවා.
හැබැයි මේ දිවියා ගිවි­සුම් ලකු­ණක් හැටි­යට වසු­පැ­ටි­යගෙ කනෙන් කුඩා කොට­සක් කඩා ගත්තා.
ඔහොම ටික කල­කින් වසු­පැ­ටියා වැඩුණු ගොන් නාම්බෙක් වුණා. ඌට ශක්ති­මත් අං තට්ටු­ව­කුත් තිබුණා. එක දව­සක් දිවි­යාට ගොන් නාම්බා මුණ ගැහුණා. දිවි­යට තරහ ගිහින් “උඹ ඔය වච­නය ඉෂ්ට කරපු හැටි ද? හොඳයි, අද මම උඹව කනවා” කියල ගොන් නාම්බාට පනින්න ලෑස්ති වුණා.
“මගේ වචනෙ ඉෂ්ට කරන්ට තමා මෙතැ­නට ආවේ. ඉතින් ඉස්සර වෙලා ඔයා කැලේට ගිහින් කබ­රැස්ස වැලක් ගෙනල්ලා මා බඳින්ට. නැත්නම් මං බය­වෙලා දුවන්ට පුළු­වන්”
ඉතින් දිවි­යත් කැලේ තිබුණු කබ­රැස්සා වැලක් ඇද­ගෙන ඇවිල්ලා ගොන් නාම්බාගෙ කරේ එක කෙළ­ව­රක් ගැට­ග­හල අනිත් කෙළ­වර දිවි­යගෙ කරේ ගැට ගහ­ගත්තා.
ගොන් නාම්බා කිය­නවා “මා දිව්වත් ඔබට මා අල්ලා ගන්ට පහ­සු­යිනේ.”
මෙහෙම කියපු ගොන් නාම්බා වලි­ගය කෙළින් කර­ගෙන දුවන්ට වුණා. වැලේ අනිත් කෙළ­වරේ ඉන්න දිවි­යත් ගොන් නාම්බා පස්සෙ ඇදි ඇදී ගස් ගල්වල හැපි හැපී යනවා. ඒ යන ගමන් දිවි­යට හිතෙ­නවා “මම මේ ගොන් නාම්බට රැව­ටුණා” කියලා දිවියා කවි­යක් කිය­නවා.
පොඩි­කොට නොකෑ කොට
ලොකු කොට කන්ට බැරි කොට
මා අත වරද කොට
ගස්ස ගස්සා නාදු කන් කොට

මේක ඇහුණ ගොන් නාම්බා කිය­නවා
බාලෙදි නොහැකි කොට
ගැලවී ගියා දඟ කොට
දැන් හැකි නිසා මට
තෝත් ඇද­ගෙන යනවා නිර­යට
ගොන් නාම්බා කවිය කියල වේග­යෙන් දුවන්ට පටන් ගත්තා. ටික වේලා­ව­කින් දිවියා ගල්මු­ල්වල හැපි­ලාම තුවාල වුණා.
ගොන් නාම්බා මඟ නැව­තිලා හිත­නවා කුඩා කල මාව අල්ලා­ගෙන කෑවෙ නැහැනෙ. ලොකු වුණාම කන්ට පොරොන්දු වෙලා මාව අත­හැ­රි­යනෙ. එහෙම හිතල ගොන් නාම්බා කබ­රොස්ස වැලේ කෙළ­වර දිවි­යගෙ කරෙන් ගල­වල නිද­හස් කළා. දිවියා අමා­රු­වෙන් ගාට ගාට කැලේ ඇතු­ළට ඇවි­ද­ගෙන ගියා.
(ජන­ක­තා­වක් ඇසු­රෙනි.)

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
3 ශ්‍රේණිය ‘බී’,
කේරි විදු­හල, කොළඹ - 08

http://silumina.lk/2016/02/28/_art.asp?fn=au160228

Friday, February 26, 2016

flying Colors චිත්‍ර ප්‍රදර්ශනය ගෙනෙන හෂිනි හිමාෂා

“හැඟීම් ප්‍රකාශනය චිත්‍ර කලාවේ මූලික ලක්ෂණයක්. සමකාලීන සමාජ අත්දැකීම් විෂය කරගන්නා විට එය වඩාත් සියුම් හා තීව්‍රාකාරයෙන් ඉදිරිපත් කළ හැකියි.” flying Colors මැයෙන් තම ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට සූදානම් වන යොවුන් චිත්‍ර ශිල්පිනියක වන හෂිනි හිමාෂා එසේ පවසයි.
මෙය පෙබරවාරි 26 දා පෙ. ව. 9.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ඇරඹෙයි. එම ප්‍රදර්ශනය 28 වැනි දින දක්වා පෙ. ව. 9.00 සිට ප. ව. 9.00 දක්වා පැවැත්වෙයි. රේඛා චිත්‍ර, සාම්ප්‍රදායික චිත්‍ර සහ නූතන චිත්‍ර රැසකින් මෙය සමන්විත වෙයි. සිසු අවධියෙහි පටන් වත්මන වන විට ඇය දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගෙන තිබේ. අපි ඒ පිළිබඳ ඇගෙන් ඇසුවෙමු.
“1997 ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය ලැබුවා. 2006 චෙකොස්ලොවේකියාවේ ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගයෙන් Rose of the lidice – Super gold Medal එක මට හිමිවුණා. එහෙත් එම ජයග්‍රහණ ලැබූ පමණින් චිත්‍ර කලාවේ පරතෙරට පැමිණ ඇතැයි මා සිතන්නේ නෑ. වැඩිදුරටත් අධ්‍යයනය කරමින් අභ්‍යාසයෙහි යෙදෙමින් මගේ ම අනන්‍යතාව ඇති චිත්‍ර නිර්මාණය කිරීම මගේ අරමුණයි.” හෂිනි හිමාෂා පවසයි.
ලයනල් රණවීර සහ චන්ද්‍රගුප්ත තේනුවර යටතේ චිත්‍ර ශිල්පය හදාරා ඇති ඇය 2013 සිට TD Rrinters Sri Lanka ආයතනයෙහි ප්‍රධාන චිත්‍ර ශිල්පිනිය ලෙස කටයුතු කරයි. “වේදනාව මත බලාපොරොත්තු” නම් නිර්මාණය ඇගේ සිතුවම් අතර කැපී පෙනෙන නිර්මාණයකි. ආචාර්ය චාල්ස් දයානන්ද සහ නයනානන්ද විජේකුලතිලක යනාදී චිත්‍ර ශිල්පීන් ‍එම චිත්‍රය ඇතුළු චිත්‍ර කිහිපයක ම හෂිනි හිමාෂාට ආවේණික වූ ශෛලියක් ඇති බව පවසා ඇත. “මේ චිත්‍රයට විෂය වුණේ දැඩි සේ රෝගාතුරව සිටියදීත් ජීවිතය කෙරෙහි මහත් බලාපොරොත්තු තබාගෙන සිටි මගේ අම්මා. වේදනාව මැඬගෙන ජීවිතය පිළිබඳ දැල්වුණු බලාපොරොත්තුව රේඛා සහ වර්ණ භාවිතයෙන් ඉදිරිපත් කිරීමට මා උත්සාහ කළා” හෂිනි හිමාෂා පවසයි.
ඇගේ එක් සිතුවමක කහ, රතු සහ කළු වර්ණ පසුබිමෙහි රේඛා චිත්‍රයක මිනිස් මුහුණු තුනක් පෙනේ. සෙසු මුහුණු සුපසන්ව පවතිද්දී එක් මුහුණක ඇත්තේ ද්වේශ සහගත බැල්මකි. ඒ මුහුණ අනෙක් මුහුණු දෙස බලා සිටී. “මේ චිත්‍රයෙන් මා පිළිබිඹු කිරීමට උත්සාහ කළේ මිනිස් සමාජයෙහි විවිධත්වයයි. ඔවුන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරයයි” හෂිනි හිමාෂා පවසයි.
ඇතැම් චිත්‍ර ශිල්පීන් සමකාලීන දේශපාලන හා සමාජ සංසිද්ධීන් සිතුවමට නැඟීම සඳහා උනන්දු වෙනවා. එය යහපත් ලක්ෂණයක්. චිත්‍ර ශිල්පය හදාරන්නියක හැටියට මටත් එවැනි අරමුණක් තිබෙනවා. එහෙත් එය ප්‍රමාණාත්මක නොවී කලාත්මක නිර්මාණයක් විය යුතුයි. කලාවේ සීමාව බිඳගෙන එය කළ නොහැකියි.” හෂිනි හිමාෂා චිත්‍ර කලාවෙහි ඉදිරි ගමනක් යෑමේ හැකියාව ඇති නිර්මාණශීලී යෞවනියකි. ඇගේ නිර්මාණ දිවියට අපේ සුබ පැතුම්.
තිඹිරියාගම බණ්ඩාර

http://www.dinamina.lk/

Saturday, February 20, 2016

කැසුබු වත


වතුරේ පිහි­නයි
මසෙක් නොවේ­මයි
ගොඩ­බිම බඩ ගා
උර­ගෙක් වේමයි

වෙර­ළම හාරා
බිත්තර දමලා
මුහු­දට ඇදිලා
මසුන් ගිලි­නවා

මුන් ඇල්ලූ විට
වඳවී යයි හෙට
එහෙම නොක­ළො­තින්
හෙටත් ඉඳී උන්

බිත්තර අහුලා
පැටව් ලබාලා
මුහු­දට යවලා
රැක­ගමු සැමදා

සුරන් සුදා­රක ජය­බාහු
6 ශ්‍රේණිය ‘ඊ’,
සා. සෙබ­ස්ති­යන් විදු­හල,
මොර­ටුව. 

http://www.silumina.lk/2016/02/21/_art.asp?fn=au1602211

Monday, February 15, 2016

මට හයිඩි මුණගැසුණු දා


පාසලේ නිවාඩු සමයේ දී මම කිය­වන්නෝ දිනන්නෝ තර­ග­යට සූදා­නම් වූයෙමි. ඒ සඳහා හයිඩි, බුහුකි, බැලැක් බියුටි, ජන්ගල් බුක් හා විසාඩ් ඔෆ් ඔස් යන ග්‍රන්ථ කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කළෙමි.
දිනක් හයිඩි පොත කිය­ව­මින් සිටින අත­ර­තුර නොදැ­නු­වත්ම නින්ද මා සොයා පැමි­ණි­යේය. එය මා දහ­නව වන ශත­ව­ර්ෂයේ මැද භාග­යට රැගෙන ගියේය. මගේ පෑනේ මිතු­රි­යක් වන හයිඩි, ලිපි­යක් මා වෙත එවා තිබුණි. එහි සඳ­හන් වන ආකා­ර­යට ඈ මට ස්විට්ස­ර්ල­න්තයේ නිවා­ඩු­වක් ගත කිරී­මට ආරා­ධනා කර සිටින්නීය. ඒ අනුව මා වසන්ත ඍතුවේ ස්විට්ස­ර්ල­න්තය බලා ගමන් ඇරැ­ඹුවේ කටු­නා­යක ගුවන් තොටු­පො­ළෙනි. ස්විට්ස­ර්ල­න්තය වෙත ළඟා වන විට උදෑ­සන අට පමණ විය.
මා පිළි­ගැ­නී­මට හයිඩි ඇගේ සීයා සහ මැදි වියේ පසු වන පුද්ග­ල­යෙක් පැමිණ සිටි­යහ. පසුව මට දැන­ගැ­නී­මට ලැබුණේ එම පුද්ග­ලයා හයි­ඩිගේ ජය­ග්‍ර­හ­ණය පසු­පස සෙව­ණැල්ල මෙන් සිටි වෛද්‍ය­ව­රයා බවය.
වසන්ත සමයේ ස්විට්ස­ර්ල­න්තයේ ස්වභාව සෞන්දර්ය දැක මම අම­න්දා­න­න්ද­යට පත්වීමි. ඇඟ කිලි පොළා යන සිසි­ලස ගතට අමුතු ප්‍රබෝ­ධ­යක් එක් කළේය. මල්ව­ලින් හා පල­තු­රු­ව­ලින් අවට ගස් කොළන් පිරී තිබුණි. සීත­ලට ඔරොත්තු දෙන ඇඳු­ම්ව­ලින් සැර­සුණු ජන­යා­ගෙන් වීථි පිරී තිබුණි. විවි­ධා­කාර හැඩයේ අශ්ව කරත්ත හා විවිධ වර්ණ­යෙන් යුත් අශ්ව­යි­න්ගෙන් මහා මාර්ග පිරි තිබුණි. මට අප රටේ නුව­ර­එ­ළිය, බණ්ඩා­ර­වෙල සිහි­යට නැඟුණි.
පළ­මු­වෙන්ම අපි ක්ලාරාගේ නි‍ෙව­සට ගියෙමු. ඇගේ පියා, ආච්චී සහ ආයා අප මහත් උණු­සුම් ලෙස පිළි­ගත්හ. මම ක්ලාරා දැකී­මෙන් සතුටු වූයෙමි. ඇය ඇඳ­කට සහ රෝද පුටු­ව­කට සීමා වී සිටි­යාය. නමුත් හයිඩි සහ ඇගේ සීයාගේ කරු­ණා­වන්ත සැල­කීම නිසා ඇය සුව වූවාය.
ඉන් පසුව අපි ඩොෆ්ලි බලා ගමන් ඇරැ­ඹීමු. ඒ සඳහා අශ්ව කර­ත්ත­යක් සූදා­නම් කර තිබුණි. පීටර්, ඔහුගේ මව සහ අන්ධ ආච්චි අප පිළි­ගත්හ. ජීවි­තයේ ප්‍රථම වතා­වට චීස් සහ රෝස්ට් කරන ලද පාන් අනු­භව කිරී­මට එහිදී මම වාස­නා­වන්ත වීමි. ඩොෆ්ලි වටා ඇවිද කඳු නැඟ අවට දර්ශන දැක බලා ගත්තෙමි.
මා අවදි වන විට හයිඩි, පීටර්, ක්ලාරා සහ ඩොෆ්ලි මගේ මත­කයේ රැඳී පැව­තුණි. මෙය සිහි­න­යක් වුවත් සැබෑම සංචා­ර­යක් ලෙස මා හද තුළ දෝංකාර දෙයි.

ඩබ්ලිව්. ඒ. පසිඳු අංජන වීර­ක්කොඩි
7 ශ්‍රේණිය 'ඒ',
රෝයල් ජාත්‍ය­න්තර පාසල,
කුරු­ණෑ­ගල

Thursday, February 11, 2016

පරි­ස්ස­මට හිනා වෙවී............!!!


පරි­ස්ස­මට හිනා වෙවී
ආද­ර­යෙන් රණ්ඩු වෙවී
වෙල් ඉප­නැල්ලේ දිවූ හැටි
සිහි වෙනවා නිතර නිතර
දව­සක් ඒදණ්ඩ දිගේ
මුලින් ම යන්නේ කවු­දැයි
අපි විග­හට ගමන් කළා
පය ලිස්සා වැටුණු විටදි
ඇඳි වත ගිලි­හුණා වගේ
මූණු රතු වුණා මතකයි

බඩ­වැ­ටි­වල කජු ගස් මුල
රැයක් දවා­ලක් නැති­වම
ඔච්චම් කර­මින් අපි­ටම
කුරුලු කිරිලි කිචි බිචි­යට
තාල ඇල්ලුවා මත­කයි

නරි නයිදේ එළ­වා­ගෙන
උගෙ පස්සෙන් දිව ගෙන ගොස්
ආප­ස්සට ඌ එන විට
අප දිව්වා ගස් මුදු­නට හති දාගෙන
කොයික කළත් අහිං­ස­කයි
ආතා උකුළේ ඉඳ
නිඳි කුම­රිය හා අත ගෙන
රෑ සිහි­නෙන් බුදු සාදුට
වැන්දා මත­කයි

එම්. ජී. ඩිල්කි නවෝදා
13 ශ්‍රේණිය,
අනුලා විද්‍යා­ලය,
නුගේගොඩ.
 

සෙව­ණැ­ල්ල­කින් ජීවි­තය ජය­ගත් මිනිසා

බොහෝ කල­කට පෙර එක්තරා දුප්පත් මිනි­සකු වාසය කළා. ඔහු තම කුඩා නිවෙ­සට ගොඩ වූයේ තම රැකි­යාව කිරී­මෙන් ඇඟට ඇතිවූ තෙහෙ­ට්ටුව නිසාය. ඉටි­ප­න්ද­මක් දල්වා ගත් මේ මිනිසා තම ඇ‍ඳේ හාන්සි වුණා. මඳ වේලා­වක් යන විට මෙම ඉටි­ප­න්දම අස­ලට මීයෙක් ආවා. නමුත් ඔහු මීයා එළ­ව­න්න­ට­වත් පහර දෙන්න­ට­වත් තැත් කළේ නැහැ. ඔහු බලා සිටියේ මීයා­ගෙන් බිත්තියේ ඇඳුණු සෙව­ණැල්ල දෙසයි. ඔහුගේ සිතේ අරුම පුදුම සත්ත්ව­යෙ­කුගේ රුව ඇ‍ඳෙන්නට විය. අව­සා­නයේ මෙම සත්ත්වයා මිකී මවුස්, මිහී මවුස් නමින් ලොව පුරා ප්‍රසි­ද්ධි­යට පත්විය. මෙම මිනිසා අන් කව­රෙක් වත් නොවේ, ලොව පුරා කුඩා දරු­වන්ගේ ආද­ර­යට පත්වූ ඩිස්නි සමා­ගමේ ප්‍රධා­නියා වූ වොල්ට් ඩිස්නි මහ­තාය. අව­සා­නයේ කෝටි­පති ව්‍යාපා­රි­ක­යෙකු වන්නට මෙම මිනි­සාට උප­කාරී වූයේ අර මීයාගේ සෙව­ණැ­ල්ලයි.

ධනුජ හංසික ජන­නාත්
8 ශ්‍රේණිය 'ඩී',
සාන්ත තෝමස් කුමර විදු­හල,
මාතර.
 
http://www.silumina.lk/2016/02/07/_art.asp?fn=au1602071

Sunday, January 10, 2016

මම පොත් නැව බැලී­මට ගිය දා


කොළඹ වරා­යට බුරු­මයේ සිට පොත් නැවක් පැමිණි බව පුව­ත්ප­ත්වල පළ විය. නැවේ නම Logos Hope ය. එය ඉතා විශාල නැවකි. නැවට ඇතු­ළු­වී­මට පැය දෙකක් පමණ පෝලිමේ සිටී­මට අපට සිදු­විය. වරා­යට අප රැගෙන ගියේ බස­ය­කිනි. එම නැව තුළ අව­න්හ­ලක් ද විය.
මම පොත් ප්‍රද­ර්ශ­න­යෙන් පොත් මිලදී ගත්තෙමි. නැවේ විවිධ රට­ව­ල්ව­ලින් පැමිණි මිනිස්සු හාර සිය­යක් පමණ සේවය කළහ. මම ඔවුන් සමඟ කතා කලෙමි. නැව ඇතුළේ සිට පිට­තට පැමිණි අපට දැනුණේ මහත් ප්‍රීති­යකි. ඈතින් ගාළු­මු­ව­දොර පිටිය දිස්විය. හිරු රතු ගිනි බෝල­යක් මෙන් මුහුදේ ගිලෙ­න්නට විය. වහ වහා කොටුව දුම්රි­ය­ප­ළට ගිය අපි දුම්රි­ය­කට නැග්ගෙමු. දුම්රියේ යන විට අපගේ ගතට සිසි­ලක් දැනුණි. අපි පාන­දු­රින් බැස නිවස කරා ආවෙමු.
නදීප් පෙරේරා
5 ශ්‍රේණිය 'බී',
බණ්ඩා­ර­ගම ජාතික පාසල,
බණ්ඩා­ර­ගම.

http://www.silumina.lk/2016/01/10/_art.asp?fn=au160110

මහ වර්ෂාව

බින්දු බින්දු ආකා­සෙන් පොළ­වට එන්නේ
තුරු­ලිය හෙම හිත සතු­ටින් නැටුම් නටන්නේ
දිය පහ­රත් හෙමින් සැරේ ඉහළ නඟින්නේ
කුරුලු පැටවු කැදැල්ලෙ සිට බලා සිටින්නේ

වහින විට ගස්වැල් හෙම නැළ වෙතී
දිය දහරා මිදුල උඩින් ගලා එතී
පුංචි කුසුම් පිපී සුවඳ බෙදා නිතී
මෙය දැකලා පුංචි ළමයි රඟ දෙතී

අකුණු ගසා ගෙර­විලි හඬ රැව් දෙතී
කුරුලු පැටව් මේ සද්දෙට බිය වෙතී
පුංචි ළමයි අම්මා වෙත දිව යතී
ටික මොහො­තින් වැස්ස ටිකක් අඩු වෙතී

දැන් නැව­තත් සිසිල් සුළඟ හමා එතී
ඒ සම­ඟම මද වැස්සක් කඩා එතී
ආකාසේ සුදු පාටින් වේළී යතී
පුංචි ළමයි අම්මා ළඟ සැන සෙතී



කේ.ඒ.ඩී. සෙනුරි තීක්ෂණ
6 ශ්‍රේණිය,
යට්ට­පාත ක.වි.,
යට්ට­පාත 
http://www.silumina.lk/2016/01/10/_art.asp?fn=au160110

Saturday, December 19, 2015

අන්ත­ර්ජා­ලය යනු

පරි­ග­ණ­කය නිප­ද­වී­මෙන් පසු සිදුවූ අපූරු සොයා ගැනී­මක් ලෙස අන්තර් ජාලය හැඳි­න්විය හැකි ය. අතී­තයේ සිට වර්ත­මාන‍ය දක්වා පැමිණි ගමනේ යෝධ පිම්මක් පැන නූතන මාන­වයා තොර­තුරු රැස් කිරීම සඳහා දැඩි ඇල්මක් දක්වයි. මේ සඳහා අන්ත­ර්ජා­ලය මඟින් සිදු­වන සේවාව අප­මණ ය. විද්යුත් රැහැන් ප්‍රකාශ තන්තු ඔස්සේ හෝ ගුවන් විදුලි තරංග ඔස්සේ එකි­නෙකා හා සම්බන්ධ වී සිටින ලොව සෑම රට­කම විසිර පැතිර ඇති තොර­තුරු ජාල­යක් අන්ත­ර්ජා­ලයේ ආර­ම්භය යි. අන්ත­ර්ජා­ලයේ ආර­ම්භය දශක තිහ­කට පමණ පෙර වූවකි. කෙමෙන් වර්ධ­නය වෙමින් පැවැති අන්ත­ර්ජාල දත්ත සම්ප්‍රේ­ෂ­ණය සඳහා නව මෘදු­කාං­ග­යක් හඳු­න්වා­දෙන ලදී.
ඇමෙ­රි­කාවේ ටීම් බර්නස් ලී නමැති පරි­ග­ණක විද්‍යා­ඥයා විසින් හඳුන්වා දුන් එය අධි‍ලේ­ඛන (HTML = Hyper text Markup Language) සම්පා­දන ක්‍රම­යයි.
දිනෙන් දින අන්ත­ර්ජා­ල­යට සේවා­වන් එක්වෙ­මින් පව­තියි. E – mailftptelnet හා www ඉන් සම­හ­රකි. අන්ත­ර්ජාල තාක්ෂ­ණය අත­රින් wwwතාක්ෂ­ණ­යට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථාන­යකි. මෙම තාක්ෂ­ණය මඟින් අන්තර් ජාලය මත බොහෝ සේවා සපයා ඇත. www යනු world wide web ය. මෙම තාක්ෂ­ණය වෙබ් තාක්ෂ­ණය යනු­වෙන් හඳු­න්වයි.‍ අදාළ ‍වචන­යක් ඔස්සේ, පිටු සිය දහස් ගණන් සිසාරා යමින් ලෝකය දෙස එබී බල­මින් තොර­තුරු රැස් කිරී­මට මෙම ක්‍රමය බොහෝ දාය­කවේ.
නූතන ලෝකයේ වෙසෙන අපි අන්ත­ර්ජා­ලය ඔස්සේ දැනුම වර්ධ­නය කර ගැනී­මට උත්සාහ ගනිමු.
යූ. හර්ෂණී සෙව්වන්දි,
9 ශ්‍රේණිය,
ඇතා­බැ­ඳි­වැව විද්‍යා­ලය,
ත්‍රිකු­ණා­ම­ලය.

http://silumina.lk/2015/12/20/_art.asp?fn=au151220

සීතල නත්තල

සීතල නත්තල පැමි­ණී­මත් සමඟ ජේසු­තු­මන්ගේ උත්ප­ත්තිය සිහි­යට එයි. සෑම වස­ර­කම දෙසැ­ම්බර් 25 වැනි දින නත්තල සැමරේ. පුංචි ළමෝ නත්ත­ලට බෙහෙ­වින් ප්‍රිය කරති. ඒ නත්තල් සීයා අත හිත පිරෙන්න තෑගි බෝග ගෙනැ­විත් දෙන බැවිනි.
මේ කාලයේ නත්තල් ගස් ඇතුළු නොයෙක් සැර­සි­ලි­ව­ලින් නිවෙස් හැඩ වෙයි. ජේසු තුමා ඉප­දුණු බෙත්ලෙ­හෙමේ ගව ඔරුව සිහි­පත් කර­මින් මඩුවේ අනු­රු­වක් ද සාදති. නත්තල් කාලය ළඟා වන­විට නත්තල් සැර­සි­ලි­ව­ලින් කඩ සාප්පු ද අලං­කා­ර­වත් වෙයි. නත්තල් සාප්පු සවාරි යන්න­න්ගෙන් කඩ සාප්පු පිරී ඉතිරී යයි. මඟ දිග­ටම ඇති වෙන්නේ ජනා­කීර්ණ බවකි.
නත්තල ක්‍රිස්තු භක්ති­ක­යන් ගේ පම­ණක් නොව අන්‍ය ආග­මි­ක­ය­න්ගේද සතු­ටට හේතු­වකි. ඔවුහු ද නත්තල සතු­ටින් ගත කරති. විනෝද වෙති. විශේ­ෂ­යෙන්ම පාසල් නිවා­ඩු­වත් සමඟ එන නත්තල අප සැමගේ සිතට සතු­ටක් ගෙන දෙයි.

සඳ­මිණි සමාඛ්‍යා ජය­බාහු
7 ශ්‍රේණිය,
සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක වි.,
කොළඹ 7

http://silumina.lk/2015/12/20/_art.asp?fn=au151220

Friday, December 18, 2015

රෝස මල


අපේ ගෙදර මිදුලේ තියෙන
රෝස ගහේ දව­සක් දා
හරි ලස්සන මල් පොකු­රක්
පිපිලා තිබුණා
මී මැස්සන් සම­න­ලුන්
පියා­ඹා­විත් ඒ රෝස මලින්
රොන් අර­ගෙන රැඟුම් රඟා
යන්නට ආවා
ලස්සන තිබු­ණත් කෙත­රම්
එය නෑ සැමදා ඇත්තේ
ලස්සන නැති වූ දිනයේ
නැත කිසි­වකු පැමි­ණෙන්නේ
අප­ටත් කවදා හෝ මෙය
සිදු­වන බව රෝස පොකුර
මනාව පව­සයි අප හට
තේරුම් ගත යුතු­මයි එය
හිරු­දිනී කුමාරි විජේ­ති­ලක
10 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනා­නා­යක මධ්‍ය විද්‍යා­ලය,
තෝලං­ග­මුව.

අප උරු­මය


නැගී එන හිරු රැස්වල
ගලා යන දිය රැළි­තුළ
හමා එන මඳ නල­වල
රැඳී ඇත මිනි­සත් ගුණ

මිහිඳු හිමිගේ කවි
මුනි­ද­සුන්ගේ වැකි
මඩො­ල්දූවේ සිරි
තෙමයි හද නිවි නිවි

සීගිරි සිතු­ව­මින්
කැට­පත් කුරුටු ගීයෙන්
සඳ­කඩ කැට­ය­මින්
හද වත පිරේ සතු­ටින්

ගුත්ති­ලය කවි පොත
සිරි­ත්මල් දම් පෙළ
පන්සි­ය­ප­නස් දා වත
තනයි සොඳු­රුම හද­වත

නින්දට යන විට
අත්තම්මා කී කත­න්දර
සොඳුරු මිනි­සත් ගුණ
තබයි මා හද තුළ

සඳ­මිණි සමාඛ්‍යා ජය­බාහු
6 ශ්‍රේණිය “ඕලු”
සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලය,
කොළඹ 07.
 

Wednesday, November 11, 2015

කක්කුට්ටෝ


පැත්තට පැත්තට
යන­කොට එන­කොට
ඇස් උඩ දාගෙන
බලන් ඉඳියි
හයි­යෙන් හයි­යෙන්
යන­කොට එන­කොට
ගුල් අස්සට යන
අමුතු සතුන්
උන් බල­න්නට
මා දුව යන­කොට
බයේ හැංගෙනා
පුංචි පැටවු
රැල්ලේ නැඟිලා
රැල්ලේ පාවෙලා
වෙර­ළට ගොඩ­වෙන
කකුළු පැටවු

සුරන් සුදා­රක ජය­බාහු
5 ශ්‍රේණිය ‘ඊ’,
සා. සෙබ­ස්ති­යන් විදු­හල,
මොර­ටුව