V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label විද්‍යාත්මක. Show all posts
Showing posts with label විද්‍යාත්මක. Show all posts

Friday, May 27, 2016

ග්‍රහලෝක 550ක් සොයා ගනී



විශ්වයේ තිබෙන නාඳුනන ග්‍රහලෝක හඳුනා ගැනීම සඳහා වසර 2009 මාර්තු 07 වන දින අභ්‍යවකාශ ගත කළ කෙප්ලර් අභ්‍යවකාශ දූරේක්ෂය (Kepler Space Telescope) වසර 2016 මැයි 12 වන දින වනවිට ග්‍රහලෝක 1284 ක් හඳුනා ගනිමින් වාර්තාවක් පිහිටුවා අැති බැව් නාසා ආයතනය නිවේදනය කරයි. මේ හෝඩුවාව නාඳුනන විශ්වයේ කොතැනක හෝ තිබෙන අපගේ හිරු වැනි තරුවක් වටා පරිභ්‍රමණය වන පෘථිවිය වැනි ග්‍රහලොවක් හඳුනාගැනීමට හැකිවේය යන්න දනවන ඉඟියක් විය හැකි යයි වොෂින්ටන්හි නාසා මුලස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ඇලන් ස්ටොෆැන් පවසයි.

කෙප්ලර් පෘ‍ථිවිය වැනි ග්‍රහලෝක 550ක් සොයා ගනී


වසර 2009 මාර්තු 07 වන දින කෙප්ලර් අභ්‍යවකාශ දූරේක්ෂය අභ්‍යවකාශගත කරන ලද්දේ තාරකා 150,000 ක් පමණ අධ්‍යයනයට ලක්කර එම තාරකා වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකවලින් කවර හෝ ජීවයක් ඇති ග්‍රහ ලොවක් හඳුනා ගැනීම පෙරදැරි කරගෙනය. මේ වන විට විවිධ අභ්‍යවකාශ දූරේක්ෂ මගින් හඳුනාගෙන තිබෙන නාඳුනන වස්තු ප්‍රමාණය 5,000ක් වුවත් මෙයින් නිත්‍ය වශයෙන් ග්‍රහ ලෝක ලෙසට හඳුනා ගෙන ඇත්තේ 3,200ක් වැනි ප්‍රමාණයකි. මේ ග්‍රහලෝක 3,200න් ග්‍රහලෝක 3,225ක් ම හඳුනා ගෙන තිබෙන්නේ කෙප්ලර් අභ්‍යවකාශ දූරේක්ෂය වීමද විශේෂත්වයකි. ඉතාමත් මෑතකදී හඳුනාගත් ග්‍රහලෝක 1284න් ග්‍රහලෝක 550ක් පමණ පෘථිවිය වැනි ඝන මතුපිටක් (Solid Surface) තිබෙන ඒවා බැව් තහවුරු කරගෙන ඇත.

http://www.silumina.lk/2016/05/22/_art.asp?fn=af1605227

Friday, October 23, 2015

කටු නැති ඔරලෝසුව


ඇෆ්ඝනිස්ථාන යුද්ධ කාලයේදි පැරා ඔලිම්පික් පිහිනුම් ශුර ලුතිනන් බ්‍රැඩ්ලිගේ ඇස් අන්ධ වුණා. මේ නිසා ඔහු මහත් අසිරුතාවයට පත් වුණා. බ්‍රැඩ්ලි වගේම දෙනෙත් නොපෙනෙන අයට වේලාව බලා ගැනීමේදි ඇති අපහසුතාවයට විකල්ප ලෙස ඔරලෝසුවක් නව තාක්ෂණයෙන් නිපද වීම සිදු වුණේ ඒ නිසයි.
යුන්ගු සු කිම් විසින් නිර්මාණය කරන ලද මෙම ඔරලෝසුවට අංක නැහැ. ඉරි පමණයි. වක්‍රාකාර කාණු දෙකක් ඔස්සේ දිවෙන බෝල බෙයාරිං ඇති අතර කුඩා බෝල මෙම වක්‍රාකාර කාණුවල ගමන් කරනවා. එවිට මුහුණත නොබලා වේලාව ගැන කියන්න හැකියාව තිබෙනවා. මෙම ඔරලෝසුව බ්‍රැඩ්ලි ලෙස නම් කරනු ලැබුවේත් ලුතිනන් බ්‍රැඩ්ලිට උපහාරයක් ලෙසයි.
ඇස් නොපෙනෙන අයට විතරක් නොවෙයි. සම්මුඛ සාකච්ඡාවක හෝ වෙනත් වැදගත් කටයුත්තක නිරතව සිටින වේලාවකදිත් ස්පර්ශ කිරීමෙන් වේලාව බලා ගැනිමේ හැකියාව මෙම ඔරලෝසුවෙන් ලැබෙනවා.

දරුවන්ගේ ආරක්ෂාව නව තාක්ෂණයට


කුඩා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද වෙන කවරදාටත් වඩා මවුපියන්ගේ අවධානය යොමුව තිබේ. මවුපියන් දරුවන් සමඟ නොසිටින අවස්ථාවක දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවීන තාක්ෂණය භාවිත කිරීම අප රටට අමුත්තක් වුවත් ලෝකයේ දියුණු රටවල එය බහුල වශයෙන් යොදා ගැනේ. ජංගම දුරකථන මෙන්ම දරුවන් වෙනුවෙන් විශේෂයෙන් තැනූ උපකරණ ද මේ සඳහා භාවිත කෙරේ.
නවීන තාක්ෂණයෙන් සපිරි ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් ඔබ සතුව ඇතිනම් දරුවන් සිටින ස්ථානය දැන ගැනීම ඉතාමත් පහසු කාර්යයකි. දරුවන්ගේ ආරක්ෂාව උදෙසා නිපදවන ලද ජංගම දුරකථන ඇප්ලිකේෂන රාශියක් අන්තර්ජාලය හරහා පහසුවෙන් භාගත කර ගත හැකිය.
Sygic Family, Life 360, Mama Bear, Google Latitude, Mobile Kids යනු දැනට බහුලව භාවිතා කෙරෙන එවැනි ඇප්ලිකේෂන කිහිපයකි. මේවා අන්තර්ජාලය හරහා නොමිලේ භාගත කර ගත හැකිය.
GPS තාක්ෂණය මත ක්‍රියාත්මක වන මෙවැනි ඇප්ලිකේෂන තුළින් ඔබේ දරුවන් සිටින ස්ථානය නිශ්චිතව දැන ගැනීමට හැකිය. දරුවා ගමන් කළ යුතු හා නොකළ යුතු කලාප කලින් සටහන් කිරීමේ පහසුකම් ඇතැම් ඇප්ලිකේෂන තුළ අඩංගු වන අතර ගමන් නොකළ යුතු කලාපයකට දරුවා ඇතුළු වූ විගස කෙටි පණිවිඩයක් මඟින් මවුපියන් දැනුවත් කිරීමට මෙම ඇප්ලිකේෂන සමත්ය. එසේම දරුවන් ගමන් කළ ස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තරයක් (History) පසුව බලා ගැනීමේ හැකියාව ද මෙමඟින් මවුපියන්ට ලැබේ. ඊට අමතරව හදිසි අවස්ථාවක දී දරුවන් යා යුතු ස්ථාන ද කලින් සටහන් කර තැබිය හැක. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලන විට ජංගම දුරකථනය ඉතා හොඳ පියවරක් වන නමුත් එහි දුර්වලතා රැසකි. කුඩා දරුවන්ට භාවිත කළ නොහැකි වීම, වැරැදි භාවිතය තුළින් දරුවන් නොමඟ යා හැකි වීම, ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම එම දුර්වලතා අතරින් කිහිපයක් පමණි. ශ්‍රී ලංකාව වැනි රටවල මවුපියන් දරුවන් අතට ස්මාර්ට් දුරකථන පත් කිරීමට අකමැති වන අතරම ඒවායේ මිල දැරිය හැකි ද යන්නත් ප්‍රබල ගැටලුවකි. එම නිසා ස්මාර්ට් දුරකථන වෙනුවට දරුවන් වෙනුවෙන් විශේෂයෙන් තැනූ උපකරණ භාවිත කිරීම වඩාත් හොඳ විසඳුමකි.
අප රටේ නොමැති වුවත් මෙවැනි උපකරණ ලෝකයේ බොහෝ දියුණු රටවල දකින්නට ඇත. බොහෝ දුරට ජී. පී. ජී. එස්. එම්. හෝ බ්ලූටූත් තාක්ෂණය යොදා ගෙන දරුවන් සිටින ස්ථානය දැන ගැනීමත් සාමාන්‍ය ජංගම දුරකථන සබඳතා තුළින් දුරකථන පණිවිඩ හෝ කෙටි පණිවිඩ මවුපියන් වෙත තැබීමත් මෙවැනි උපකරණයක මූලික විශේෂත්වය වේ. ජංගම දුරකථන ඇප්ලිකේෂන් මඟින් මෙම උපකරණ හැසිරවිය හැකි අතර මූලික පිරිවැයට අමතරව මාසික සබඳතා ගාස්තුවක් ගෙවිය යුතුය.
ජංගම දුරකථනවලට සමාන ආකාරයෙන් මෙන්ම විවිධාකාර සෙල්ලම් භාණ්ඩ ආකාරයෙන් ද තැනූ මෙවැනි උපකරණ විශාල ප්‍රමාණයක් ලොව දියුණු රටවල භාවිත කෙරේ. රුපියල් දෙදහසේ පමණ ඉහළ මිලකට මිල දී ගත හැකි මෙවැනි උපකරණ දිර්ඝ ආයු කාලයක් සහිත බැටරිවලින් යුක්තව නිපදවා ඇත.
Securus eZoom යනු ඔබේ දරුවාගේ පාසල් බෑගය වැනි ස්ථානයක රඳවා තැබිය හැකි කුඩා උපකරණයකි. ඔබේ ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය මාර්ගයෙන් හැසිරවිය හැකි මෙම උපකරණය තුළින් ඔබේ දරුවා සිටින ස්ථානය නිශ්චිතව දැන ගැනීමට පුළුවන. එසේම නියම කර ඇති කලාපයකින් පිටතට දරුවන් ගමන් කරන අවස්ථාවක මවුපියන් දැනුවත් කිරීමේ හැකියාව ද මෙම උපකරණය සතු වේ.
Amber Alerts GPS යනු මෙවැනිම කුඩා උපකරණයක් වන අතර ඊ මේල් හෝ කෙටි පණිවිඩ මඟින් භාරකරුවන් දැනුවත් කෙරේ. එහි සුවිශේෂත්වය වන්නේ ලියාපදිංචි ලිංගික අපරාධකරුවකු දරුවාට මීටර් 500කින් ළඟා වන විට මවුපියන් දැනුවත් කිරීමට සමත්වීමයි. Pocket Finder, 5 Star urgent responseයනුවෙන් හැඳීන්වෙන උපකරණ ද දරුවන්ගේ ආරක්ෂාව උදෙසා නිපදවා ඇති උපකරණ දෙකකි.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපකරණ මිල දී ගන්නා බටහිර රටවල මවුපියන්ගේ ජනප්‍රියතම තේරීමක් වන්නේ ඒ සඳහා නිපද වූ අත් ඔරලෝසුය. අත් ඔරලෝසුවක හැඩයෙන් යුක්ත වුවත් මෙම උපකරණ දරුවන් සහ මවුපියන් අතර පණිවිඩ හුවමාරුවට මෙන්ම දරුවන් සිටින ස්ථානය දැන ගැනීම සඳහා වන පද්ධතියකින් ද සමන්විතය. අඩු බර, අඩු මිල සහ දැකුම්කලු පෙනුම යන කාරණා නිසා මෙවැනි උපකරණ ප්‍රචලිත වී ඇත. මෙම උපකරණ ජංගම දුරකථන ඇප්ලිකේෂන මඟින් හැසිරවිය හැක.
Flip 2 යනු දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් තැනූ විශේෂිත අත් ඔරලෝසුවකි. ජී. පී. එස්. තාක්ෂණයෙන් යුත් මෙම ඔරලෝසුව මඟින් දරුවන් සිටින ස්ථානය දැන ගැනීමට මෙන්ම පණිවිඩ හුවමාරුවට ඉඩ සැලසේ. මෙම ඔරලෝසුව ජලයට ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවා තිබීමත් සුවිශේෂී කරුණකි.Tintel  යනු එක් බොත්තමක් තද කිරීම මඟින් මවුපියන් හා සම්බන්ධ විය හැකි මෙවලමකි. ජී. පී. එස්. සහ බ්ලූටූත් මඟින් දරුවන් සිටින ස්ථානය දැන ගත හැකි මෙම උපකරණය හඬ හඳුනා ගැනීමේ පහසුකමින් ද යුක්තය.
Here O, Beluvv Guardian, My Byddy Tag, Lineable, PAXIE Bracelet, GizmoPal යනු ද අතෙහි පැළඳිය හැකි ඔරලෝසු හෝ අත් පළඳනා ආකාරයේ මෙවලම් වේ. මේ හැර දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිපදවන ලද දුරකථන ද බොහෝ රටවල දක්නට ඇත. වෙනත් දුරකථනවල දක්නට ඇති සුවිශේෂි ලක්ෂණ මෙවැනි දුරකථනවල දක්නට නැත. හදිසි අවස්ථාවල දී ඇමතුම් ගැනීම, කෙටි පණිවිඩ යොමු කිරීම හෝ ලබා ගැනීම, ජී. පී. එස්. තාක්ෂණය තුළින් දරුවන් සිටින ස්ථානය දැන ගැනීම යන මූලික අවශ්‍යතා උදෙසා පමණක් මෙම දුරකථන නිර්මාණය කෙරේ.
වර්තමානයේ පවතින තත්ත්වය මත අප රටට ද මෙවැනි උපකරණ හඳුන්වා දීමට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත ඩයලොග් සමාගම විසින් හඳුන්වා දී ඇති මෙම උපකරණය තිරයක් රහිත දුරකථනයකට පෙනුමෙන් සමාන වන අතර මොබිටෙල් සමාගම විසින් හඳුන්වා දී ඇත්තේ ඔරලෝසුවකි. දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ මාර්ගයෙන් මවුපියන් සමඟ හෝ හදිසි ඇමතුම් අංක සමඟ සම්බන්ධ වීමට මෙමඟින් අවස්ථාව ලැබේ.


http://silumina.lk/2015/10/18/_art.asp?fn=nv1510181

Tuesday, October 6, 2015

ලොව ප‍්‍රථම මිනිස් හිස් බද්ධයට සූදානම්

විවිධ රෝගාබාධ හේතුවෙන් මරණය අබිමුව සිටින මිනිසුනට වෙනත් පුද්ගලයකුගේ අවයව බද්ධ කොට තවත් කාලයක් ජීවත්වීමට අවස්ථාව උදාකර දීමට වෛද්‍ය විද්‍යාව සමත්වූයේ මින් දසක කිහිපයකට ඉහතදීය. හෘදය, වකුගඩු, අක්මාව, පෙනහලූ, අග්න්‍යාශය, අන්ත‍්‍රය, තෛමස වැනි ශරීර කොටස් බද්ධ කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. වෛද්‍ය ඉතිහාසයේ පළමුවරට මියගිය පුද්ගලයකුගේ සිරුරට ජිවත්වන මිනිසකුගේ හිසක් බද්ධ කිරීමට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන සර්ජියෝ කැනවෙරෝ සහ චීන ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන රෙන් ෂියා ඕපිං සූදානම් වෙති.


මෙම ශීර්ෂ බද්ධ සැත්කම සාර්ථක වුවහොත් මස්පිඩු දියවීමේ රෝගයෙන්, සුවකළ නොහැකි ස්නායු ආබාධවලින් හා දරුණු පිළිකාවලින් පෙළෙන පුද්ගලයනට වැඩි කලක් ජීවත්වීමේ වාසනාව උදාවනු ඇතැයි වෛද්‍ය කැනවෙරෝ ස`දහන් කරයි. ඇනාපොලිස්හි ඇමෙරිකානු ස්නායුවේදී සහ විකලාංග ශල්‍ය වෛද්‍ය සමුළුවේදී ඔහු මෙම සැත්කම සිදු කෙරෙන ආකාරය පිළිබ`දව පැහැදිලි කළේය.
26-page1-S2-2

මේ ස`දහා උපයෝගී කරගනු ලබන්නේ ජීවත්වන පුද්ගලයකුගේ හිස සහ මියගිය පුද්ගලයකුගේ සිරුරය. පුද්ගලයන් දෙදෙනාගේ හිස් එක්වර ඉවත් කරනු ලබන අතර හිස සහ සුෂුම්නාව පැයක කාලයක් ඇතුළත බද්ධ කෙරෙනු ඇත. හිස සහ සිරුර ඔක්සිජන් නොමැතිව බොහෝ වේලාවක් තබා ගැනීමට අව්‍යශ්‍ය වන හෙයින් ඒවා සීත කිරීමට ලක් කෙරෙනු ඇත. ගෙල අවට ප‍්‍රදේශයේ පටක ඉතා සීරුවෙන් විච්ෙඡ්දනය කොට එහි ඇති රුධිර නාළ සියුම් කුඩා නාළිකාවලට බද්ධ කරනු ලබයි. ජීවත්වන පුද්ගලයාගේ හිස මියගිය පුද්ගලයාගේ සිරුරට බද්ධ කෙරෙනුයේ ඉන් අනතුරුවය. සුෂුම්නාව නිවැරැුදිව සවි කිරීමෙන් පසු එහි කෙළවර පොලිඑතලින් ග්ලයිකෝල් නම් රසායනිකය ආධාරයෙන් සිරුරට සම්බන්ධ කෙරේ. ඉන්පසු මස්පිඩු සහ රුධිර නාළිකා  සියුම්ව මසනු ලැබේ. සිරුර සති හතරක කාලයකට අධිමූර්ජාවට ලක්කරනු ලබන්නේ සිරුර සෙලවීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාලීම ස`දහාය. මේ කාලය තුළ ඉලෙක්ට්‍රෝඩ මගින් සුෂුම්නාව උත්තේජනයට ලක් කෙරේ. සති හතරකට පසු මූර්ජාවෙන් මිදුණු පසු එම පුද්ගලයාට තම හිස සෙලවීමට සහ ස්පර්ශ කිරීමට හැකිවනු ඇත. ඔහු තම හ`ඩින්ම කථා කරනු ඇත. වසරකට පමණ පසු ඔහුට ඇවිදීමට හැකිවනු ඇත.
26-page1-S2-3
වෛද්‍ය කැනවෙරෝ ප‍්‍රථම වරට මෙම අදහස ඉදිරිපත් කරනු ලැබුවේ 2013 වසරේය. එහෙත් වෛද්‍ය විශේෂඥයන් විසින් එය ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි.
නිව් සයන්ටිස්ට් සඟරාවට ප‍්‍රකාශයක් කළ වෛද්‍ය කැනවෙරෝ ‘‘සමාජය මෙම වැඩපිළිවෙළ ප‍්‍රතික්ෂේප කරන්නේ නම් මම එම සැත්කම සිදුකරන්නේ නැහැ. එහෙත් යුරෝපය හෝ ඇමෙරිකාව හෝ එය ප‍්‍රතික්ෂේප කළත් ලොව කොහේ හෝ රටක් මෙය අනුමත කරාවි. බොහෝවිට චීනයේදී මෙය කළ හැකියැයි මා විශ්වාස කරනවා. ඇතැම්විට මට සිරද`ඩුවම් වි`දින්නට සිදුවේවි. එයට මා සූදානම්. මා උත්සාහ කරන්නේ නිවැරැුදි මගක ගමන් කිරීමටයි. ඒත් ඊට පෙර ජනතාව මා අනුගමනය කරනවාද යන්න මා දැනගතයුතුයි.’’ යනුවෙන් කියා සිටියේය.

සතුන් උපයෝගී කර ගනිමින් ප‍්‍රථම වරට ශීර්ෂ බද්ධයක් කැරුණේ 1970 ඇමෙරිකාවේ ක්ලෙවලන්ඞ්හි කේස් වෙස්ටන් රිසර්ච් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රොබට් වයිට් විසිනි. රේසස් නම් කුඩා ව`දුරකුගේ සිරසක් එම වර්ගයේම වෙනත් ව`දුරකුගේ සිරුරට බද්ධ කළේය. බද්ධ ව`දුරා ජීවත් වූයේ දින නවයක් පමණි. ශරීර ප‍්‍රතිශක්තිය හිස මගින් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌ මියගියේය. සතුන් ඇසුරින් මෙතෙක් සිදුකළ පර්යේෂණ බද්ධ කිරීම් තවමත් සාර්ථක වී නොමැත. විශේෂයෙන් සුෂුම්නාව බද්ධ කිරීම සාර්ථකව සිදුකළ නොහැකි විය. විද්‍යා ප‍්‍රබන්ධ කථාවක ස`දහන් වන ෆ‍්‍රන්කන්ස්ටයින් ගණයේ සැත්කමක් සිදු කිරීම ස`දහා අවශ්‍ය තාක්ෂණවේදය තමන් සතු බවත්, එහෙයින් මෙම අත්හදාබැලීම සිදු කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බවත් වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ ස`දහන් කරයි.

ශීර්ෂ බද්ධ සැත්කම ස`දහා අවම වශයෙන් 100කට ආසන්න වෛද්‍ය සහ හෙද කණ්ඩායමකගේ සහය ලබාගැනීමට වෛද්‍ය කැනවෙරෝ අපේක්ෂා කරයි. මේ ස`දහා අවම වශයෙන් පැය 36ක පමණ කාලයක් ගතවනු ඇති බවද, පවුම් මිලියන 8.5 මුදලක් වැය වෙනු ඇති බවද ඔහු ස`දහන් කළේය.

සැත්කමට අවශ්‍ය හිස ලබාදීමට දායකයකු මේ වනවිට ඉදිරිපත්ව සිටියි. ඔහු 30 හැවිරිදි රුසියානු පරිගණක විද්‍යාඥයකු වන වැලරි ස්පිරිඩොනොව්ය. ඔහු බොහෝ කාලයක්  වර්ඞ්නිග් හොෆ්මන් නමැති මස්පිඩු දියවීමේ දුර්ලභ ජානමය රෝගයකින් පෙළෙන පුද්ගලයෙකි. තමා මිය යමින් සිටින පුද්ගලයකු බවත්, මියයාමට පෙර අලූත් ශරීරයක් ලබා ගැනීම තම අරමුණ බවත් ඔහු ප‍්‍රකාශ කර තිබිණි. මෙම සැත්කම අසාර්ථක වුවහොත් සිදුවන දෙය පිළිබ`දව ඔහු දරන්නේ කුමන අදහසක්දැයි මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කීවේ කිසියම් බියක් තමා තුළ පැවතියද තමාට වෙනත් විකල්පයක් නොමැති බවය.
26-page1-S2-4

වෛද්‍ය කැනවෙරෝගේ ප‍්‍රයත්නය පිළිබ`ද ඇතැම් වෛද්‍ය විශේෂඥයන් දක්වන්නේ සෘණ ආකල්පයකි. සුෂුම්වේදී ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය හන්ට් බාටියර් පවසන්නේ මෙවැනි සැත්කම් ස`දහා තමා කිසිවකුට අනුබල නොදෙන බවය. ඇතැම්විට මෙය මරණයටත් වඩා බියකරු වනු ඇතැයිද හිස සහ ශරීරය එකිනෙක ප‍්‍රතික්ෂේප කළහොත් එයට බ`දුන් වූ පුද්ගලයාට භයානක ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

ෂින්හුවා ප‍්‍රවෘත්ති සේවය ස`දහන් කරන ආකාරයට මෙම සැත්කමට සහභාගී වන චීන ශල්‍ය වෛද්‍ය රෙන් ෂියා ඕපිං මීයන් 1000කට අධික ප‍්‍රමාණයක් ශීර්ෂ බද්ධ සැත්කමට බ`දුන් කොට ඇති අතර ඔවුන් දිනකට වඩා ජීවත් නොවූ බැව් පෙන්වා දෙයි. මෙම සැත්කම සිදු කිරීමේදී ස්නායු පද්ධතිය බද්ධ කිරීමේ තාක්ෂණික ගැටලූ තමාට පැනනැගුණු බවත් ප‍්‍රධාන ස්නායු පද්ධතිය ප‍්‍රතෘතිභාවට පත්කිරීමේ සුවිශේෂි හැකියාව වෛද්‍ය කැනවෙරෝ සතු බවත් වෛද්‍ය රෙන් ෂියා ඕපිං පැවසීය.

2017 දෙසැම්බරයේ මෙම සැත්කම චීනයේ හාර්බින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේදී සිදුකෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ ස`දහා චීන වෛද්‍ය කණ්ඩායමට අමතරව ලොව විවිධ රටවල ශල්‍ය වෛද්‍යවරුන් සහභාගී වීමට කැමැත්ත පළකොට තිබේ. මෙම සැත්කම සාර්ථක වුවහොත් එය සමස්ත මිනිස් ප‍්‍රජාවට වැඩි කලක් ජීවත්වීමට අවකාශ සලසනු ඇත. මෙවැනි ශීර්ෂ සැත්කමක් පිළිබ`දව අප අසා ඇත්තේ අපේ පුරාකථාවලිනි. ඒ ගෝඨයිම්බර යෝධයා පා පහරක් දී ජයසේනගේ හිස ගලවා දැමූ අවස්ථාවේ එම හිස වෙනුවට වලසකුගේ හිසක් බද්ධ කිරීම පිළිබ`ද පුවතය. එම ශීර්ෂ බද්ධයෙන් මහසෝනා ඉපැදිණි. මෙම සැත්කමින් කවරකු උපදිනු ඇතිදැයි කිව නොහැකිය. ඇතැම්විට නිරෝගී මිනිසකු විය හැකිය. නැතිනම් මහසෝනකු හෝ ෆ‍්‍රැන්කන්ස්ටයින් කෙනකු හෝ විය හැකිය. 

26-page1-S2-5

m

 

Friday, June 12, 2015

තණකොළපෙත්තා

ගොවිතැනේ මිතුරෙක් තමයි තණකොළපෙත්තා කියන්නේ. ඉංග්‍රීසියෙන් grasshopper ලෙසත් caelifera යන විද්‍යාත්මක නාමයෙන්ද තණකොළපෙත්තා හැඳින්වෙනවා.


තණකොළපෙත්තා
ගොවිතැනේ මිතුරෙක් තමයි තණකොළපෙත්තා කියන්නේ. ඉංග්‍රීසියෙන් grasshopper ලෙසත් caelifera යන විද්‍යාත්මක නාමයෙන්ද තණකොළපෙත්තා හැඳින්වෙනවා.
අහිංසක වගේම හරිම අලස සතෙක් ලෙස තණකොළපෙත්තා හඳුන්වන්න පුළුවන්. කොළ, දුඹුරු වැනි ශරීර වර්ණවලින් තණකොළපෙත්තන් දැකිය හැකියි. ලෝකය පුරාම මොවුන් ව්‍යාප්ත වී සිටිනවා. කොරියාව, ජපානය, චීනය, රුසියාව වැනි රටවල තණකොළපෙත්තන් ආහාරයටද ගන්නවා. ආලෝකයට, අඳුරට, ස්පර්ශයට හා සුවඳට සංවේදී ඇන්ටනා යුගලයක් තණකොළපෙත්තාට පිහිටා තිබීම විශේෂයි. ශාක පත්‍ර හා පලතුරු යුෂ ආහාරයට ගන්නා තණකොළපෙත්තා පරිසරයේ සමතුලිතතාව සඳහා ඉතා අත්‍යවශ්‍ය සතෙක්ද වෙනවා.
සටහන - රෂිනි මෙන්ඩිස්

http://www.mawbima.lk/85-87278-news-detail.html

‘ටීඑක්ස්ටීආර් බීගල්’ (txtr beagle)

අලූත්ම ඉ-පොත ළඟදීම එනවා! පුංචි බැටරි දෙකකින් කි‍්‍රයා කරන එයින් වරකට පොත් 12ක් 15ක් කියවන්න පුළුවන්!


දැනටමත් ඉ-පොත් (E-books) ගැන ඔබ දන්නවා ඇති. ඒ අංශයෙන් ඇති අලූත්ම ආරංචිය රුපියල් 2000ක් වගේ අඩු මිලකට (පවුම් 10කට) ඉ-පොතක් ඔබ අතට පත් කිරීමට ජර්මන් සමාගමක් දැන් සූදානම් වෙනවා. 

‘ටීඑක්ස්ටීආර් බීගල්’ (txtr beagle) යන නමින් වෙළෙඳපොළට එන ඩිජිටල් පොත් කියවන්නට කැමති අයට ඉ-පාඨකයන්ට මෙය සුබ ආරංචියක් වෙනවාට සැකයක් නැහැ.

වියදම් අඩු කරන්නට හැම උපක‍්‍රමයක්ම මේ සඳහා යොදා තියෙනවා. මේ මෙවලමට කිසිම විද්යුත් සම්බන්ධතාවක් අවශය නැහැ. 
 
‘ටීඑක්ස්ටීආර් බීගල්’ ඉ-පොත ලබන මාසයේ ලෝකයේ වෙළෙඳපොළට එයි. ඒ මගින් පොත් කියවන්නට ලබා ගන්නට ඔබට අවශ්‍ය වන්නේ බ්ලූ ටූත් එකක් තියෙන ජංගම දුරකතනයක් විතරයි.

බ්ලූ ටූත් එකක් භාවිත කරලා ජංගම දුර කථනයකින් මේ පොතක් ලබා ගන්න පුළුවන්. බලය සැපයෙන්නේ ඒඒ බැටරි දෙකකින්. ඒකත් අවුරුද්දක් විතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. 

දැනට වෙළඳපොළේ පවුම් 69කට (රුපියල් 14,000ක් පමණ) විකිණීමට ඇති ඇමසන්ගේ ‘ද කින්ඞ්ල්’ සමග තරගකාරී වෙළඳපොළට එන මෙය ඉ-පාඨකයන් අතරින් ඉක්මනින් ජනපි‍්‍රය වෙතැයි ජර්මන් සමාගම බලාපොරොත්තු වෙනවා. 

මෙම සමාගම මේ වසරේ මුලදී ඇමරිකානු පාඨකයන්ට ඉදිරිපත් කළ ඩොලර් 129ක් වූ සුදු පැහැති කඩදාසියක් සහිත කින්ඞ්ල් ඉ-පොත මේ වසරේ ලෝකයේ අනිත් රටවලටත් හඳුන්වා දිමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 

‘ටීඑක්ස්ටීආර් බීගල්’ ඉ-පොත ලෝකයේ ඒ වර්ගයේ ඇති කුඩාම පොතයි. එහි ගනකම මිමී 5යි. බර ග්රෑම් 128යි. ඒ අතින් සැහැල්ලූම ඉ-පොතත් මෙයයි. 

මේ ඉ-පොතට බැටරි චාජර් හෝ කෙබල් අවශ්‍ය නෑ. මෙය පහසුවෙන් අතේ තබා ගෙන කියවිය හැකියි. රාති‍්‍ර කාලයේ දී විදුලි බලය නැති වුනත් මෙය කියවිය හැකියි.
 
ඔවුන් කියන විදියට මේ මෙවලම ලොව ඇති කුඩාම ඉ-පොතයි.

 
මිල අඩු ඉ-පොත පාට හරකින් ඔබට ලබා ගන්න පුළුවන්.


Read more: http://www.malkakulu.com/2012/10/12-15.html#ixzz3cp9sEDu7

මුහුදු කැස්බෑවකුට කළ විස්මිත සැත්කමක්! ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකින් තැනූ හක්කක් සවි කරති!

පුංචි අය හැමදෙනාම ‘නින්ජා ටර්ටල්ලා’ ගැන දන්නවා. ඔවුන්ට වෙඩි නොවදින කටු තියෙනවා. ඇත්ත කැස්බෑවන්ට නම් එහෙම නෑ. ඒත් දැන් ඇත්ත කැස්බෑවෙක් ඉන්නවා ටයිටේනියම් ලෝහයෙන් නිමවපු හක්කක් සවි කරපු.

ඒක හරිම විස්මිත දෙයක්. තුර්කියේ පශූ වෛද්‍ය කණ්ඩායමක් තමයි මේ හපන්කම කළේ. බෝට්ටුවක හැපීමෙන් හොම්බ තුවාල වූ මුහුදු කැස්බෑවකුට තමයි මේ අලූත් හකුපාඩා දෙක සවිකළේ. 

මෙහි ඇති තවත් විස්මිත දෙයක් තමා ටයිටේනියම් ලෝහයෙන් තැනූ මේ හකුපාඩා නවීන තාක්‍ෂණයේ උදව්වෙන් ලබා ගත් දෙයක්. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකින්. ඒ යන්ත‍්‍රය වෛද්‍ය කටයුතු සඳහා විශේෂයෙන් තැනූ එකක්.

කැස්බෑ ඇටසැකිලි අධ්‍යයනය කරලා ඒ වගේම කිලෝ ග්රෑම් 45ක් බර වූ මේ කැස්බෑවාගේ හක්කේ ඉතිරි කොටස් ස්කෑන් කරලා තමයි වෛද්‍යවරුන් මේ හකුපාඩා නිර්මාණය කළේ.

සැබෑ කැස්බෑවන්ගේ මේ හකුපාඩා ඉතාමත් ශක්තිසම්පන්නයි. ඉතින් ඒ වගේම ශක්තිමත්ව තියෙන්න ඕනෑ නිසයි මේ කෘති‍්‍රම හකුපාඩා ටයිටේනියම් ලෝහයෙන්ම හැදුවේ. 

මේ අපූරු හකුපාඩා සවි කරන්නට පශු වෛද්‍ය කණ්ඩායම කළ සැත්කමට පැය දෙකහමාරක් ගත වුණා.

 
පැය දෙකහමාරක් තිස්සේ සැත්කමක් කරලයි මේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයෙන් නිර්මාණය කළ ටයිටේනියම් හකුපාඩා මේ ආකාරයට කැස්බෑවාට බද්ධ කළේ. මේ අලූත් ලෝහ හකුපාඩාවලින් කෑම හපා කන්නට පුරුදු වුණු පසු ඌ යළිත් සාගරයට මුදා හරින්නයි මේ පශු වෛද්‍ය පිරිස බලාපොරොත්තු වන්නේ.

ලොගර්හෙඞ් වර්ගයට අයත් මේ කැස්බෑවාට ඔවුන් නමකුත් දීලා තියෙනවා. ඒ ‘අකුට් 3’ කියලයි. සැත්කම සාර්ථකයි. දැන් ඌට මේ කෘති‍්‍රම හකුපාඩාවලින් කන හැටි පුහුණු කරනවා. ඒක පුරුදු වුණාට පස්සේ සාගරයට නැවත යවන්නයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.

මේ කටයුත්ත කළ පශු වෛද්‍ය කණ්ඩායමට නායකත්වය දුන්නේ තුර්කියේ ඩෙනිස්ලිහි පැමුක්කලේ (Pamukkale University) සරසවියේ මහාචාර්ය යාකුල් කාසා (Yakup Kaska) යි. ඔහු සාගාර කැස්බෑවන් පිළිබඳ විශේෂඥයෙක්.

‘බෝට්ටු අනතුරෙන් පස්සෙ මේ සතාට කිසිම දෙයක් කන්න බැරුවයි හිටියේ. ඒ නිසා උගේ ජීවිතේ ලොකු අවදානමකයි තිබුණේ. මේ නව තක්‍ෂණය නිසා ඌට තව ටික දවසකින් ආපහු සාගරයට ගිහින් සුපුරුදු විදියට ජීවත්වෙන්න පුළුවන්.’ මහාචාර්ය කාසා කියනවා.

අනතුරට ලක්වුණු මේ සතා පැමුක්කලේ සරසවියේ පිහිටුවා ඇති කැස්බෑවුන් සුරැකීමේ විශේෂ ඒකකය වෙත ගෙනාවේ කැස්බෑවන්ගේ ආරක්‍ෂාව ගැන වෙහෙසන ‘ඇකුට්‘ නම් විශේෂ ආරක්‍ෂක කණ්ඩායමක් විසින්. 

දකුණු තුර්කියේ මාමේරියස් අසල මධ්‍යධරණී මුහුදේ පිහිනමින් සිටියදී බෝට්ටුවක බමනයකට අසුවීමෙන් තුවාල ලබා ඇති මේ සතා අල්ලා ගෙන සුරක්‍ෂිතව කැස්බෑ පර්යේෂණ හා ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය වෙත ගෙනාවා.

 
මෝටර් බෝට්ටුවක බමන පෙත්තට අසු වී ඒ කැස්බෑවාගේ හොස්ස තුවාල වී තිබුණේ මෙහෙමයි. යටි හක්කේ වැඩි කොටසක් හා උඩු තල්ලේ කොටසක් ඌට අහිමිව ගොස් තිබුණා. තනිවම කෑම සොයා ගැනීම අපහසු වී සිටි ඌ පණ පිටින් තියා ගත්තේ මේ මුඛ සිදුරෙන් කෑම ඇතුළට තල්ලූ කිරීමෙන්.

මේ සතා මුලින් ම සොයා ගත් ඒ කණ්ඩායමට ගෞරවයක් වශයෙනුයි ‘ඇකුට් 3’ කියා ඌට නම් තබා ඇත්තේ.

මේ ලොගර්හෙඞ් කැස්බෑවන් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ පොකිරිස්සන් කකුළුවන් ඇතුළු කවචයන් නිසා ඔවුන්ගේ සවිමත් පිටකටු හපා කෑමට නොහැකි වීම නිසා ඌ කෑම නැතිව ඉක්මනින්ම මිය යාමේ තර්ජනයට ලක්ව සිටියා.

තුවාල වූ කැස්බෑවා පර්යේෂණ ඒකකයට ගෙනා පසු උගේ තුවාල ශුද්ධ කොට උගේ පණ රැකදීමට බොහෝ වෙහෙස ගෙන අතින් ආහාර කවන්නට ඔවුන්ට සිදු වුණා.

 
සීටී ස්කෑන් යන්ත‍්‍රයක් මගින් ගත් පින්තූරවලින් කැස්බෑවාගේ හක්කේ අඩුපාඩු කොටස් මේ ආකාරයට හරියටම නිවැරදිව ප‍්‍රතිනිර්මාණය කර ගන්නට පශු වෛද්‍ය කණ්ඩායම සමත් වුණා. ඇකුට් 3 යනුවෙන් ඔවුන් විසින් නම් කරන ලද කැස්බෑවාට ඒවා සවි කළේ පැය දෙකහමාරක සැත්කමකින් පසුවයි.

පැමුක්කලේ සරසවියේ ඇති සීටී ස්කෑන් තාක්‍ෂණය යොදා ගෙන කැස්බෑවාගේ පිපිරී ගිය හක්කේ පිළිබිඹු ලබා ගත් ඔවුන් ඒවා කෘති‍්‍රම කොටස් නිර්මාණය කරන වෛද්‍යායතනයක් වූ ‘බීටෙක් ඊනොවේශන්’ (BTech Innovation) වෙත යැව්වා. 

ලොගර්හෙඞ් කැස්බෑවන්ගේ ව්‍යුහ විද්‍යාත්මක තොරතුරු සියල්ල විමසා බලා තුවාල වූ සතාට හරියටම හරියන කෘති‍්‍රම කොටස් නිර්මාණය කරන්නට ඒ ආයතනය සමත් වුණා. 

ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකින් ඒ කොටස් ඒ ආකාරයටම තනා ගත්තේ ශල්‍ය වෛද්‍ය කටයුතුවලට යොදා ගන්නා උසස් තත්වයේ ටයිටේනියම් ලෝහය භාවිත කිරීමෙන්. 

මේ වගේ ආපදාවලට ලක් වූ මිනිසුන්ටත් කෘති‍්‍රම කොටස් නිපදවා මේ ‘බීටෙක් ඊනොවේශන්’ ආයතනය දැනටමත් කීර්තියක් දිනා සිටිනවා. 

මේ විස්මිත කොටස් නිර්මාණය කළ කණ්ඩායමේ නායක මුරාට් එග්රි ඒ ගැන මෙසේ පවසනවා: ‘මේ වගේ ඉල්ලීමක් කළාම හරියටම ඒ තැනැත්තාට ගැළපෙන ආකාරයට ඒ කොටස නිර්මාණය කර දෙන්නට අප වගබලා ගන්නවා. හැමවිටම පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ කොටස් වෙනස් වෙනවා. ඒ නිසා හරිම පරිස්සමෙන් තමයි මේ කාරිය කළ යුතු වන්නේ. වඳවීයාමේ තර්ජනයක් එල්ල වුණු දුර්ලභ සතකුට මේ වගේ දෙයක් කරන්නට ලැබීම ගැන අපට ඇත්තේ බලවත් සතුටක්.’

මේ හක්කේ සැත්කමට මුල් වූ පශුවෛද්‍ය ශල්‍යවෛද්‍ය මහාචාර්ය ඊනස් ඇල්ටුග් කීවේ දින 18කින් මේ සතා හොඳින්ම සුවපත් වූ බවයි. ඒත් ඌ උගේ සුපුරුදු සාගර පරිසරයට මුදා හරින්නට ඔවුන් ඉක්මන් වුණේ නැහැ.

සැත්කමෙන් ලැබුණු අලූත් හක්කෙන් කෑම කන්නට ඌට පුරුදු කරලයි මුහුදට මුදා හරින්නට ඔවුන් බලාපොරොත්තුව ඉන්නේ.

 
අලූතින් තැනූ කොටස් ඒ කැස්බෑවාට බද්ධ කළ පසු ගත් සේයා රුවක්.

 
මේ විස්මිත සැත්කමට මුල් වූ මහාචාර් ඊනාස් ඇල්ටුග් කියන්නේ සැත්කමින් දින 18කට පස්සේ හොඳින්ම සුවපත් වූ බවයි.

 
බද්ධ කිරීමට යොදා ගත් ටයිටේනියම් කොටස් ඒ අනතුරෙන් ශේෂව තිබූ කොටස් සමග පෑහෙන විදියටයි නිර්මාණය කළේ.

 
සැත්කමේදී ටයිටේනියම් හකුපාඩා කැස්බෑවාගේ හිස්කබලේ නියමිත තැනට තබා සවි කරනු ලැබුවා. කල්යාමේදී එය ඊට හොඳින් පෑස්සෙනු ඇති. මේ සඳහා වෛද්‍ය විද්‍යාවේදී භාවිත කරන ටයිටේනියම් ලෝහය යොදා ගත්තේ කැස්බෑවාගේ සිරුර විසින් බද්ධ කළ කොටස් ප‍්‍රතික්‍ෂේප කිරීම වළක්වනු පිණිසයි.

මුද්‍රිත මුහුණක් සවි කළ ප‍්‍රථම මිනිසා!

මේ ති‍්‍රමාන තාක්‍ෂණය යොදා ගෙන උපාංග සවි කිරීම දැන් සිදු කෙරෙනවා. මෝටර් සයිකල් අනතුරකින් මුහුණ පොඩිවුණු මිනිසකුගේ විනාශවුණු කොටස් වෙනුවට ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකින් තැනූ කොටස් සවි කිරීමක් පසුගියදා මුල් වතාවට සිදු කෙරුණා.

එංගලන්තයේ කාඩිෆ්හී ස්ටීවන් පවර්ට තමයි මේ කොටස් බද්ධ කරනු ලැබුවේ. ස්වෝන්සීහී මොරිස්ටන් රෝහලේ වෛද්‍යවරුන් තමා ඒ සැත්කම කළේ.

මේ සැත්කමට පැය අටක් විතර ගතවුණා. ඒ සඳහා බද්ධ කළ යුතු කොටස් ති‍්‍රමාණ ක‍්‍රමයට මුද්‍රණය කරවා ගෙන එනු ලැබුවේ බෙල්ජියමේ ආයතනයකින්. 

සැත්කමට ලක් වූ ස්ටීවන් පවර් කීවේ ඒ විස්මිත සැත්කම ඔහුගේ ‘ජීවිතයේ ලොකු පෙරළියක්’ සිදු කළ බවයි.


http://www.malkakulu.com/2015/06/blog-post.html


Read more: 
http://www.malkakulu.com/2015/06/blog-post.html#ixzz3cp8HiIoK

Sunday, May 10, 2015

ඩයිනෝසර් යුගයේ වවුලෙක් හමුවෙයි

වවුලකු වැනි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගත් බව චීන විද්‍යාඥයෝ කණ්ඩායමක් කියති. එය ඩයිනෝසරයන් පක්ෂීන් දක්වා පරිනාමය වීම සම්බන්ධ හොඳ සාක්ෂියක් බව ද පර්යේෂකයන් පවසයි.
චීනයේ හෙබේ ප්‍රදේශයේන අදින් වසර දහයකට පමණ පෙරාතුව සොයාගත් ඩියනෝසර් පොසිල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නිකුත්කැර ඇති වාර්තාවේ මේ කරුණු දක්වා ඇත. පර්යේෂකයන් පවසන්නේ ඔවුන්ට හමුවූ ඩයිනෝසරයා අදින් වසර කෝටි 16ට පමණ පෙරාතුව මිහිමත සැරිසරා ඇති බවයි.
පිහාටු නොමැති නමුත් ඉදිරි ගාත්‍රා හා සිරුර අතර වවුලකුගේ මෙන් සියුම් පටලයක් තිබූ මේ ඩයිනෝසරයා ඒ ආදාරයෙන් පියාඹා යන්නට ඇති බව ද පර්යේෂකයෝ කියති. පාෂාණිභූත විද්‍යාඥ ෂූ ෂිංග් පවසන්නේ මේ ආදි කාලීන සත්ත්වයා පයැඹීමේ හැකියාව පෙන්වුව ද එය එතරම් සාර්ථක නොවන්නට ඇති බවයි.
මේ සත්ත්වයාගේ බර ග්‍රෑම් 230ක් පමණ බවත් සෙන්ටිමීටර 63ක් පමණ දැගැති බවත් පර්යේෂකයන්ගේ මතයයි.
කෙසේ වෙතත් පක්ෂියකු මෙන් පියඹා ගිය මේ සත්ත්වයා ඉක්මණින්ම නෂ්ඨ වි යන්නට ඇතැයි ද ඔවුහු කියති.
Bizarre 1 Bizarre 2 Bizarre 3 - Copy
http://www.lankadeepa.lk/index.php/articles/315202