V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label විදාතා. Show all posts
Showing posts with label විදාතා. Show all posts

Saturday, September 20, 2014

කථාකරන - සෙල්ලම් කරන පරිගණක පැටව්

කථාකරන - සෙල්ලම් කරන පරිගණක පැටව්





විවිධ දේ අහුලමින් විසි කරමින් ක්‍රීඩා කල ඔබගේ කුඩා කාලය සිහි ගන්වන ලෙස ඉල්ලමින් මම මෙය ආරම්භ කිරීමට කැමැත්තෙමි. එමඟින් අවකාශයේ සම්බන්ධතා තේරුම් ගැනීමෙන් හා කළමනාකරණය කිරීමෙන් සිතීමට හා ගැටළු විසඳීමට ඔබ උගත්තේය. අප අවට ලෝකයේ බොහෝ දේවල් හඳුනා ගැනීමට මේ අවකාශ නිරීක්‍ෂණය ඉතා ගැඹුරින් සම්බන්ධය.

මගේ උපදේශක පැටී මහතා හා සහකරු ජීවන් කලන්ති මහතා සමඟ පරිගණක විද්‍යාඥයෙකු වූ මම භෞතික වස්තු හා අප අතර ඇති අන්තර් ක්‍රියාවන් නමැති උපයෝගීතාවයෙන් උද්යෝගිමත් වුනෙමු.ඒ අනුව පැතලි මේසයක් මත චලනය වන ඩිජිටල් ඇඟිලිතුඩක් වැනි මවුස් කර්සරය (mouse cursor)ලෙස මුළු පරිගණකයම යොදා ගැනීමට උත්සුක වුනු අතර තොරතුරු භෞතිකව අත්දෙකෙන් අල්ලා ගැනීමේ හා අපේ අවශ්‍යතා වලට අනුව සකස් කිරීමේ හැකියාව අපට ලබා ගතහැකි වේ නම් කුමක් විය හැකි දැයි සිතුවෙමි. මෙම ප්‍රශ්ණයේ බල ගැන්වීම නිසා එයට පිළිතුරක් ලෙස Sfitable (ස්ෆිටබල්) නිෂ්පාදනය එළි දැක්වීමට අපි තීරණය ක‍ළෙමු.

ඉතාම කෙටියෙන් දක්වතොත් Siftable යනු ප්‍රමාණයෙන් විස්කෝතුවක් තරම් කුඩා වූ අන්තර් ක්‍රියාකාරී පරිගණක වේ. Siftable අතින් චලනය කළ හැක.එකිනෙකා හඳුනයි.එකිනෙකාගේ ක්‍රියාකාරකම්ද හඳුනාගනියි.ඒවායේ දර්ශන තිර රැහැන් රහිත ගුවන් විදුලි (radio)ඇත.වඩාත් වැදගත් වන්නේ භෞතිකව බිල්ඩින්බ්ලොක් (Building Block)වැනි Siftable අතින් අල්ලා චලනය කළ හැකි වීමයි.ඩිජිටල් තොරතුරු කළමනාකරණයට හැකි නව පාරසරික ක්‍රමවේදයේ මෙවලමකට Siftable හොඳ උදාහරණයකි.

මෙම මෙවලම ඔවුන්ගේ චලනයන් හා එකිනෙක හඳුනන පහසු භාණ්ඩයකි.Siftable වලට අප කරන චලනයන් හඳුනාගෙන ඒවාට අනුකූල විනෝදකාමී බොහෝ අන්තර්ක්‍රියා ඉදිරිපත් කිරීමට Siftable වලට හැකියාව ඇත.Siftable හැසිරීම් වලින් කිහිපයක් මම ඔබට ඉදිරිපත් කරමි.

1. වීඩියෝ දර්ශණ ඉදිරිපත් කිරීම:-වීඩියෝදර්ශණ ඉදිරිපත් කල හැකි මෙම Siftable ඇල කල විට තිරයේ දර්ශණ වෙනස් වේ.අනෙක් දෙසට ඇල කල විට තිරයේ දර්ශණ පිටුපසට ගමන් කරයි.
එකිනෙකා හා ක්‍රීඩා කරන යහළුවන් වැනි මෙම Siftable එකිනෙක හඳුනයි.එක ළඟින් තැබූ විට ඒවා උද්යෝගිමත් වන අතර කිහිපයක් වටවූ විට කැලඹීමටද පත් වේ.මෙම අන්තර් ක්‍රියාවල එක් රසවත් යෙදුමක් ලෙස දත්ත සම්බන්ධයෙන් ගොඩනැගෙන එදිනෙදා ක්‍රියාකාරකමි සඳහා Sif
table උපයෝගී කර ගත හැකි බව අපට පසක් විය.

2. තීන්ත මිශ්‍ර කිරීම:-මෙම Sfitable තුන දෙස බලන්න.ඒවායේ එක් එක් වර්ණ ඇත. a නමැති Sfitable එක b නමැති Sfitable දෙසට ඇලකිරීම මඟින් a හි වර්ණ b වලට මිශ්‍ර වේ.යම් හෙයකින් වැඩි පුර a හි වර්ණ b ට එකතු වුනි නම් b Sfitableය,a Sfitable දෙසට ඇල කිරීමෙන් අමතර වර්ණ ප්‍රමාණය නැවත a ට ඇතුළු කල හැක.මේ ආකාරයෙන් වර්ණ මිශ්‍ර කර ඔබට අවශ්‍ය වර්ණ පහසුවෙන් සාදා ගැනීමට Sfitable උපකාරී වේ.

3. භාෂාව/ගණිතය ඉගෙනීම:-භාෂාව,ගණිතය හා ලඝු ක්‍රීඩා වැනි අධ්‍යාපනික වැඩසටහන් සඳහා Sfitable ඉතා නිවැරදිව යොදා ගත හැකිය.එමඟින් මිනිසුන්ට විවිධ දේ අත්හදා බලමින් ඒවායේ ප්‍රතිඵල ක්‍ෂණිකව නිරීක්‍ෂණය කළහැකි වීම විශේෂයකි.සරල ගණිත සමීකරණ Fibonacci සූත්‍රයට අනුව ඉතා පහසුවෙන් විසඳන අයුරු නරඹන්න.Sfitableභාවිතාකර වචන සකස් කිරීමේ අධ්‍යාපනික ක්‍රීඩාවක යෙදෙන අයුරුයි මේ.සෑම වටයකදීම සෑම Sfitable එකකටම අහඹු ලෙස ලද අකුරු ප්‍රදර්ශනය කරයි.මෙම අකුරු සහිත Sfitable එක ළඟ එක තැබූ විට ශබ්දකෝශයට අනුව නිවැරදි වචනය සාදයි.තත්පර 30 කටපසු නැවත ඒවා ස්වයංක්‍රීයව විවිධ අකුරු ප්‍රදර්ශනය කරති.එවිට ඔබට නව වචන සෑදීමට අවස්ථාව උදා වේ.

මේ අපේ පරීක්‍ෂණාගාරය නැරඹීමට ක්‍ෂේත්‍ර චාරිකාවක පැමිණි සිසු සිසුවියන් පිරිසකි.ඔවුන් මෙම අධ්‍යාපනික ක්‍රීඩා හා කුඩා වීඩියෝ දර්ශණ Sfitable වල පටිගත කර ඉතාමත් සතුටට පත් විය.මෙහි ඇති විශේෂත්වය නම් පහසු ලෙස මෙම විස්කෝතු වැනි පරිගණක හැසිරවීමට විශාල උපදෙස් ලබා දීම අනවශ්‍ය වීමයි.උදා “වචන සාදන්න”යයි කිවූ පමණින් ළමුන්ට ඒවා සමඟ එම ක්‍රියාවේ නියැලීම පහසු වේ.

4. ළඳරුවකු Sfitable භාවිතය :-අපේම කුඩාම අත් හදා බලන්නා වන මේ ළඳරුවා Sfitable සියල්ල නිවා දමා ඒවා එක මත එක තැබීමට තැත් කරයි.ඔහුට අනුව නම් Sfitable යනු බිල්ඩින් බ්ලොක් (Building Block) පමණක් වේ.

5. සජීවිකරණ කාටුන් නිර්මාණ :-Sfitable මඟින් කුඩා ළමුන්ට සජීවිකරණ කාටුන් නිර්මාණ සැකසිය හැක.අන්තර්ක්‍රියාකාරීව කටයුතු කරන පරිගණක යෙදුමක් වන මෙමඟින් භාෂාවන් ඉගැන්වීමේ විනෝදජනක සරල ක්‍රමයක් සකසා ඇත.මේ ෆිලික්ස් දරුවායි.ඔහුට නිවසේ රූපවාහිනී තිරයට විවිධ චරිත රැගෙන ඒමට කළ යුත්තේ මේසය මත තබා ඇති Sfitable එසවීම පමණි.මේ ඔහු රූපවාහිනී තිරයට හිරු ගෙන ඒමට Sfitable ඔස වන අයුරුයි (රූපවාහිනී තිරයෙහි හිරු නැගෙන අයුරු දිස්වෙන අතර “හිරු පායයි”ලෙස හඩ නැඟේ)ඔහු තිරයට ට්‍රැක්ටරයක් ගෙන එයි. Sfitable සෙලවීමෙන් එකිනෙක ළංකිරීම වැනි ක්‍රියා මඟින් රූපවාහිනී තිරයේ දිස්වූ චරිත (මෙහිදී හිරු,ට්‍රැක්ටරය) සජීවිකරණය වේ.ඔවුනට ආවේනික දෙබස්ද කිය වේ.ෆිලික්ස් Sfitable නැවත තැබීමෙන් ඔහුගේ කෙටි සජීවිකරණය වීඩියෝව නිමා කරයි. (රූපවාහිනිය “පූසා පියාඹා පිට වේ” යයි හඩ නගමින් රූප දක්වයි)

6. සජීවි සංගීතය සැකසීම:-ලැබී ඇති කාලය අනුව ඉදිරිපත් කරන අවසාන Sfitable යෙදුම නම් Sfitable මඟින් සංගීතය සැපයීමයි.මෙය සජීවි ඉදිරිපත් කිරීමේ මෙවලමක් ලෙස මෑතදී සකස් කල යෙදුමකි. මෙහිදී Sfitable ලීඩ් ගිටාරය,බේස් ගිටාරය හා ඩ්‍රම්ස් ලෙස ශබ්ද නගයි.දැනට මේ සෑම Sfitable එකකම ඊටා අනුරූප භාණ්ඩයේ සංගීත ඛාණ්ඩ 4ක් බැගින් ඇතුළු කර ඇත (උදා:- ලීඩ් ගිටාර Sfitable හි ලීඩ් ගිටාර් වාදන ඛාණ්ඩ 4 ක් ඇතුලත්ය)ඔබට අවශ්‍ය පිළිවෙලකට අවශ්‍ය වාදන සංගීත ඛාණ්ඩ අනුව Sfitable වලට ඇතුළු කල හැකි අතර Sfitable ඇලකිරීම මඟින් හඬ විවිධාකාරයෙන් පාලන කළ හැකිය.මෙමඟින් සජීවි සංගීත සැපයීමේ හැකියාවද ලැබේ.

“අපි එක ළඟ ඇති Sfitable දෙකකට ලීඩ් ගිටාර ශබ්ද ඇතුළු කර ඉදිරිපත් කිරීම ආරම්භ කරමු. ලීඩ් ගිටාරයේ ශබ්දය තව ටිකක් එකතු කරමු.(තීන්තමිශ්‍ර කල අයුරින්)දැන් මම එයට බේස් ශබ්දය එකතු කරමි.මේ ආකාරයෙන් විවිධ ශබ්ද ඇතුළු කිරීම,ෆිල්ටර් කිරීම මඟින් මට සජීවීව Sfitable උපදවන ශබ්ද පාලනය කර රසවත් සංගීතයක් සංගීත භාණ්ඩ වාදනයෙන් නොව Sfitable මඟින් සැපයිය හැකිය.ශබ්දය අඩු වැඩි කිරීමට හා කලින් සැලසුම් නොකර සංගීතය සැපයීමටද හැකියාව තිබේ.”

“මොලය හා ශරීරය එකට ක්‍රියා කරන ආකාරයට පරිගණකය හා මනුෂ්‍යයා එකට ක්‍රියා කිරීමේ විවිධ ක්‍රම නිර්මාණය කිරීම මගේ ආශාවයි.පරීක්‍ෂණාගාර වලදී අපි සොයා ගන්නා දැනුම මෙලෙස ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි යෙදුමක් ලෙස අපි අද ඔබට ඉදිරිපත් කළෙමු.අපේ ලෝකයේ, අපේ අවශ්‍යතාවයන්ට අනුව ඩිජිටල් මාධ්‍යවල තොරතුරු සමඟඅන්තර් ක්‍රියා කළ හැකි නව පරම්පරාවේ මෙවලම් නිර්මාණ තාක්‍ෂණයේ අභිමුව අපි සිටිමු යන සිතුවිල්ල ඔබ අතර ඉතිරි කරමින් මම සමුගනිමි.”

උපුටාගැනීම:http://www.ted.com/talks/david_merrill_demos_siftables_the_smart_blocks.html

කඩදාසි පරිගණකය



"කඩදාසි මත අච්චු ගැසූ ඇත්ත පරිගණකය. එම කඩදාසියෙන් ඉරා ගත් කඩදාසි කැබැල්ලක් පරිගණකයේ කොටසක් ලෙස වෙනත් කෙනෙකු පාවිච්චි කිරීම ඔබට විශ්වාස කළ හැකිද? එංගලන්තයේ කේම්බ්‍රිජ් හි මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්ටීව්හොග් සංවර්ධනය කළ තාක්‍ෂණයේ කොටසක් නිසා මෙය සත්‍ය වී තිබේ. ඉලෙක්ට්‍රොනික පරිපථ වල සන්නායක රිදී රේඛා ඉතාමත් සාර්ථකව කඩදාසි මත මුද්‍රණය කිරීමට ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ යොෂිහිහිරෝ
කවහාරා ඇතුළු කණ්ඩායම සමඟ එක්වූ හොග්ට හැකි විය. එපමණක් නොව ඔවුන් මුද්‍රණය සඳහා සරල පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් (Inkjet ප්‍රින්ටරය) භාවිතා කර, රිදී නිනිති අංශු (නැනෝ) වලින් සමන්විත තීන්ත උපයෝගී කර ගෙන තිබේ. කවහාරා පසුගියදා ස්විස්ටර්ලන්තයේ පැවැති සම්මන්ත්‍රණයකදී කඩදාසියේ මුද්‍රිත තෙතමත සංවේදකයක් (moisture sensor) ක්‍රියාත්මක කර පෙන්වන ලදි.
විනෝදයක් ලෙස විවිධ නව ඉලෙක්ට්‍රොනික පරිපථ හුදෙක් මුද්‍රණයෙන් ලබා ගෙන අත්හදා බලා, වැඩ නොකරන්නේ නම් විසිකර දැමීමේ අවස්ථාව උදා වීම නිසා නිරුමාණකරුවන් බොහෝ නව නිර්මාණ ඉදිරිපත් කරනු ඇතැයි කවහාරා විශ්වාසය පළ කරයි. තවද ත්‍රිමාණ මුද්‍රණයෙන් පරිගණකයේ සියලු භෞතික කොටස් මුද්‍රණය කළද ඉලෙක්ට්‍රොනික පරිපථ මුද්‍රණය කිරීමේ අපහසුතාව මෙමඟින් මඟ හැරී තිබේ. ටෝකියෝ හි මිටිෂුබිසි කෙමිකල් ආයතනය මෑතකදී සංවර්ධනය කරන ලද අවලම්භිත රිදී (silver suspension) තීන්ත භාවිතා කර රු. 10,000/- ක් පමණක් වටිනා පරිගණක මුද්‍රණ යන්ත්‍රයෙන්  (Inkjet ප්‍රින්ටරය) ජායාරූප මුද්‍රණ කඩදාසි මත ඉලෙක්ට්‍රොනික පරිපථ හොඳින් මුද්‍රණය කළ හැකි බව කවහාරා හඳුනාගෙන තිබේ. මෙහිදී තීන්ත වල ඇති රිදී අංශු නිදහස් කිරීමට එය රත් කිරීම අනවශ්‍ය වන අතර අංශු වල ප්‍රමාණය,දුස්ස්‍රාවිතාව සහ මතුපිට ආතතිය, පැතලි රිදී සන්නායක කඩදාසිය මත මුද්‍රණයට සුදුසු තත්වයේ පවතී. මේවා ක්‍රියාකාරී පරිපථ බවට පත් කිරීම සඳහා ප්‍රතිරෝධක, විදුලි බල ධාරක සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පරිපථයකදී පෑස්සීම කළද මෙහිදී සන්නායක ගම් වර්ගයකින් අලවනු ලැබේ.
කඩදාසි මත මුද්‍රිත තෙතමත සංවේදකය පැළෑටි සඳහා භාවිතා කරන අතර එහි එක් පරිපථ කොටසක් වර්ෂාපතනයද තවත් පරිපථ කොටසක් ආර්ද්‍රතාවයද මැන ලබා ගන්නා දත්ත මුද්‍රිතWi-Fi ඇන්ටනාවක් මඟින් සම්ප්‍රේෂණය කරයි.LED බල්බ හා බැටරි සම්බන්ධ කරන සන්නායකද (Wire) හොග් කඩදාසි මත මුද්‍රණය කර තිබේ. මීට අමතරව ක්‍ෂුද්‍ර සකසනය(micro processors සහ මතකචිපය(memory chips) සම්බන්ධ කිරීම් ඇතුළුව විවිධ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ Inkjet ප්‍රින්ටරය මඟින් මුද්‍රණය කර තිබේ. ඒ අනුව සෛද්ධාන්තිකව මේවා භාවිතා කර, කුඩා කැබලි වලට වෙන් වුවද ක්‍රියාත්මක කළ හැකි කඩදාසි පරිගණක සෑදිමට හැකි වේ.
රිදී ආශ්‍රිත Inkjet ප්‍රින්ටරය සාමාන්‍ය මිලට ගැනීමේ මට්ටම දක්වා දියුණු වුවහොත් අතින් ඇඳි පාට කළ හැකි විවෘත සන්නායක පරිපථ බහුල වන බව හොග් ප්‍රකාශ කරන අතර තව වසර 20 ක් ඔබටම ජංගම දුරකථනයක් මුද්‍රණය කරගෙන භාවිතා කළ හැකි වන බව කවහාරා කියා සිටියි.
·           නිව් සයන්ටිස්ට් සඟරාව 2937   කලාපය03 ඔක්තෝබර්ර 2013 ,පෝල්මාක්ස් ඇසුරෙනි

මන්ද පෝෂණය මැඩීමට සුපිරි කෙසෙල්




ක්වීන්සලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේමිස් ඩේල් පවසන පරිදි ලොව පුරා සිටින දරුවන් 650,000 –700,000 අතර ප්‍රමාණයක් Pro – Vitamin A හිඟකම නිසා සෑම වසරකදීම මරණයට පත්වේ. මෙයින් බහුතරයක් උගන්ඩාව වැනි නැගෙනහිර අප්‍රිකාවේ ළමයින් බව හඳුනාගෙන තිබේ. එම ප්‍රදේශවල දැනට බහුලව වගාකරන සහ ආහාරයට ගන්නා ආහාරයක් ජානමය නවීකරණය මඟින් Pro – Vitamin A ලබාදිය හැකි තත්වයට පත් කිරීමෙන් මෙම ගැටළුවට කල් පවත්නා විසදුමක් ලබා දිය හැකි බව ඩේල් යොජනා කරයි. එය ප්‍රායෝගීකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු සුපිරි කෙසෙල් (super bananas)”නිර්මාණය කර තිබේ. දැන් එය එක්සත් ජනපදයේදී මනව පරිභෝජනය සඳහා සුදානම් කර ඇත.

ඕස්ට්‍රේලියානු රජයේ සහ මෙලින්ඩා ගේට්ස් පදනම් ආයතනය(Melinda Gates foundation) ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මත මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිම ඩේල් සහ කාණ්ඩායම 2005 වසරේදී ආරම්භ කරන ලදී. කෙසෙල් පිසිමෙන් සකස්කර ගන්නා ආහාරය නැගෙනහිර අප්‍රිකානු ජාතින්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස සැකේ. එම නිසා කෙසෙල් වලට හිඟ පෝෂ්‍යජනක එක් කිරීම මඟින් එම ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා  වඩත් ඵලදායීව කටයුතු ක හැකිය.
උතුරු  ක්වීන්සලන්තයේ වගා බිම් වල සුපිරි කෙසෙල් වගාව පර්යේෂණ මට්ටමෙන්සාර්ථකව වගා කර තිබේ. නැ‍ගෙනහිර අප්‍රිකානුවන් පිසීම සඳහා යොදා ගන්නා සාමාන්‍ය කෙසෙල් මෙන්ම සුපිරි කෙසෙල්ද පිටතින් කහ පාටය (කෙසෙල් ලෙල්ල) එහෙත් කෙසෙල් ගෙඩිය තැඹිලි පාට වේ.   Pro – Vitamin A බහුලව එහි තිබේ. සුපිරි කෙසෙල් වල විටමින් ප්‍රමාණය ග්‍රෑම් 1 කට මයික්‍රො ග්‍රෑම් 20 දක්වා වැඩි කිරිම ඩේල්ගේ බලාපොරොත්තුවයි.

එක්සත් ජනපදයේදී මොන්ගොලියානු පස් සහිත බිම්වල කරන ලද සුපිරි කෙසෙල් වගා ව සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබේ. කෙසේ වෙතත් මේවා මනුෂ්‍ය පර්භෝජනය සඳහා සති 06 ක කාලයක් පර්යේෂණය ක්‍රියාත්මකය.මිනිස් කණ්ඩායමක් මෙම පර්යේෂණයට භාජනය වෙමින් දායකත්වය දක්වයි.
තවද විශේෂිත වර්ගයේ කෙසෙල් පැළෑටියන් හඳුනාගැනීම සඳහා උගන්ඩාවේ ගොවි බිම් වල සුපිරි කෙසෙල් පර්යේෂණාත්මකව වගා කෙරේ. එමඟින් ඉදිරි වසර කිහිපය තුලදී මුළු ලොවටම සුදුසු වඩා පෝෂ්‍යදායි කෙසෙල් හඳුන්වාදිමට බලාපොරොත්තු වේ. මෙම ජානමය නවීකරණය කරන ලද කෙසෙල් හෙවත් සුපිරි කෙසෙල් පිළිබඳව උගන්ඩා රජය අදාල නිකභාවය ලබාදෙනු ඇතැයි ක්වන්සලන්ත විශ්ව විද්‍යාලය අපේක්ෂා කරයි.
උපුටා ගැනීම:-
Human trials planned for genetically – modified super bananas – by Ben Cox worth.    http://www.gizmag.com/genetically-modified-super-bananas/32581/