Showing posts with label NEWS. Show all posts
Showing posts with label NEWS. Show all posts
Saturday, July 15, 2017
Friday, May 27, 2016
Guiding Light
The Sri Lanka Girl Guides Association’s Eastern Province Annual General Meeting was held on Saturday May 7, 2016
at Shanmuga Hindu Ladies College, Trincomalee. Ms. Jecintha Arulanantham Deputy Director of Education, Provincial Education Department Eastern Province graced the occasion as the Chief Guest.
at Shanmuga Hindu Ladies College, Trincomalee. Ms. Jecintha Arulanantham Deputy Director of Education, Provincial Education Department Eastern Province graced the occasion as the Chief Guest.
In her address she stressed the importance of girls joining the Girl Guides Association. Professor Anoja Fernando President, Ms. Harshini Perera Director Communications and Ms. Dimanthi Gunawardena National Secretary were present on behalf of the SLGGA. There were more than 100 Girl Guide leaders and Girl Guides present from the Eastern Province.
http://www.sundaytimes.lk/160522/funday-times/guiding-light-194373.html
Thursday, September 11, 2014
Candela
Candela Learning Technologies (Pvt) Ltd., Sri Lanka’s award winning Science Educational Software Provider met all Leading Bookshops in the Colombo Region at a function held at Renuka City Hotel, Colombo recently.
The aim of this friendly get-to-gather was to, get the initial feedback of the customers who purchased Candela from book shops in Colombo Region, share the feed back and responses from each Bookshop on Candela, and to educate the staff members on Award winning Candela Educational Software.
Members from most leading bookshops in Colombo were present for this event and they were extremely happy about organising such an occasion for them to come and share their views, ideas and proposals on Candela. Further they all were of the opinion that their knowledge on Candela Science Educational Software was further strengthened and now they feel that they could attend to customers quarries in much better way.
Mr. Upula Hapuarachchi (Sales Manager – Candela) explained to all participants that Candela has brought the “Future of Learning” to the Sri Lankan student’s community and this can tremendously add value to the Dealer Bookshops and will have a positive impact on their business as well. Mr. Hapuarachchi also explained the future plans of Candela to reward the Bookshops based on Candela Sales & Merchandising activities. He further added that Candela will be adding value to Dealer outlets by way of Name Boards and Permanent Display Racks in time to come.
Mr. Ravindran (Director – Candela) and Mr. Leon (Marketing Manager – Packsco) joined with Mr. Hapuarachchi to award the Certificates and distribute the give-aways to all the participants.
Director of Candela-Mr. Krishna Ravindran, Consultant-Mr. Trevor Reckerman, Operations Manager-Chitral Fernando, Sales Manager-Upula Hapuarachchi, Marketing Manager-Anura Hewasinghe , Assistant Sales Manager-Dilrukshi Pathirana , Mr. V. Suthaharan, Miss Kavini Chandrasena and Mr. Jude Priyanga, were representing Candela. From Packsco, Marketing Manager-Mr. Senagol Leon, Sales Manager-Moheed Sameem, Colombo Area Sales Manager-Mr. Lalith ………….. and the Colombo Sales team were present.
Candela Science Educational Software is now being distributed island wide by Packsco Ceylon Ltd., one of the leading stationary distributors in Sri Lanka. And with this appointment Candela plans to go in to the hands of students who live far away from Colombo.
Mr. Upula Hapuarachchi explained that Candela plans to continue this exercise to outstations as well and hoping to meet all Leading bookshops island-wide in which Candela CDs are available.
Tuesday, October 29, 2013
S A - G A
The children of Royal College Colombo presented ‘Saga’, a concert of music and dance on Saturday, October 19, at the Navarangahala.
Keeping up the tradition for the eighth year in succession, the children put up a colourful show, including a fitting tribute to late director Titus Thotawatte. It was a memorable night as the children performed their hearts out, capturing the true beauty of childhood.
Saturday, August 3, 2013
පොදුරද මඩුලු සමුළු පුවත් එසැණින් ලෝකයට
පොදුරද මඩුලු සමුළු පුවත් එසැණින් ලෝකයට
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි ඇතුළු සියලු සන්නවේදන ආයතනයන්හි මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩකඩ ලබාදී තිබෙන බව කී එඩ්වින් ආරියදාස මහතා ඔවුනට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙන බවද මේ තුළින් අර්ථවත් ප්‍රතිඵල රැසක් ශ්‍රී ලංකාවට උදාකරගත හැකි බවද සිහිපත් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ උතුරු පළාතේ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව සදහන් කළ ඒ මහතා මේ ඡන්දය සම්බන්ධයෙන් අවධානය යොමුකළ හැකි බවද කීවේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ටද වගකීමක් තිබෙන අතර මෙරට මාධ්‍යවේදීන්ගේ ජාලයක් පැවැතිය යුතු බවද ඒ වෙනුවෙන් ක්‍රමාණුකූල ලෙස සංවිධාන වියයුතු බවද පැවසීය.
එම සමුළුව වෙනුවෙන් අද සිටම පෙළගැසිය යුතුයැයි කී එඩ්වින් ආරියදාස මහතා එසේ නොමැති එහි වැරැදි පැත්ත පමණක් නොඉැලිය යුතු බවද මෙයින් උපරිම ප්‍රයෝජන රටට ලබාගත යුතු බවද පෙන්වා දුන්නේය
මහින්ද අලුත්ගෙදර
Wednesday, July 24, 2013
ගුරු-සිසු මුදල් පරිත්‍යාගයෙන් තැනෙන අලිමංකඩ දුම්රිය පොළේ ඉඳි කිරීම් ඇරැඹේ
ගුරු-සිසු මුදල් පරිත්‍යාගයෙන් තැනෙන අලිමංකඩ දුම්රිය පොළේ ඉඳි කිරීම් ඇරැඹේ
ආසිරි පතා අද බෝධි පූජා
පාසල් දරුවකුට ආහාර ගැනීමට ලැබෙන ම ුදලින් රුපියල් දෙකක් ද එන් ගුරු භවතකුගෙන් රුපියල් දහයක මුදලක්ද බැගින් එකතු වු රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් මේ සඳහා වැය කෙරේ.
මෙම ව්‍යාපෘතියට ආශිර්වාද පතා සියලුම පළාත් නියෝජනය වන පරිදි අනුරාධපුර ශ්‍රී මහා බොධීන් වහන්සේ අභියසදී බෝධී පුජාවක් අද (23) සවස 5.00ට පැවැත්වෙන අතර සියලුම පළාත් නියෝජනය වන පරිදි අනුරාධපුරයෙන් අද (24) අලුයම 5.00ට පිටත් වන පෙරහැර අලිමංකඩ දුම්රිය ස්ථානය දක්වා ගමන් කරයි .
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත උතුරු දුම්රිය මාර්ගය ජනතා සහභාගිත්වයෙන් ගොඩනැගීමේ වැඩසටහන යථාර්ථයක් කරමින් ඉදි කෙරෙන මෙම දුම්රිය මාර්ගය ඉදිකිරිමේදී ශ්‍රි ලාංකික සිසුන් තුළ දේශය ගොඩනැගීමේ අරමුණ සකසුරුවමින් හා කැපවීමේන් සාමුහිකව ක්‍රියා කිරිමේ ආකල්ප කුසලතා වර්ධනය කරගැනීම අරමුණ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
සුභාෂීණී සේනානායක
http://www.dinamina.lk/2013/07/23/_art.asp?fn=n1307235
Saturday, July 20, 2013
"විදුල" ට එක්වන්න, මෙන්න කදිම අවස්ථාවක්
විදුල ළමා ගුවන් විදුලියේ මෙම බ්ලොග් අඩවියේ,
ඔබගේ වටිනා නිර්මාණ පල කිරීමට අවස්ථාව ලබා දීමට,
විදුල ළමා ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.
තෝරාගත් පිරිසකට ඔවුන්ගේ නිර්මාණ,
මෙම බ්ලොග් අඩවියේ ඔවුන්ටම පල කිරීමේ අවස්ථාවද,
අනෙක් පිරිසගේ නිර්මාණ අපගේ ඊමේලය වෙත ලබාගෙන,
සුදූසු අයුරින් සකසා පල කිරීමේ අවස්ථාවද මෙහිදී හිමි වනු ඇත.
vidularadio@gmail.com
වටිනා සාහිත්‍යයික ලිපි එක්තැන් කොට ගබඩා කිරීමටත්,
නව නිර්මාණ කරුවන්ට අත දීමටත් යන කරුණු මූලික කරගෙන
මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.
සැමදින ළමා පරපුර වෙනුවෙන් කැපවූ,
ශී‍්‍රලංකා ගුවන් විදූලි සංස්ථාවේ
විදුල ළමා ගුවන් විදූලිය සමග එක්වීමට කැමති ඔබ
ඔබේ නිර්මාණයක් අපවෙත යොමු කරන්න.
vidularadio@gmail.com
මෙය සිංහල යුනිකෝඩ භාවිතා කරමින් හෝ
සිංහල වෙනත් ෆොන්ට් යොදාගෙන
වර්ඩ් ඩොකියුමන්ට් ලෙස අප වෙත ඊමේල් කරන්න
සුදූසු නිර්මාණ අපගේ බ්ලොගයට,
ඔබේ නමින් අන්තර්ගත කරනු ඇත.
ඉන් තෝරාගත් පිරිසකට
අපගේ බ්ලොග් අඩවියට ලිවීම සදහා පාස්වර්ඞ් ලබා දෙනු ඇත.
ළමුන් 2500 ක් එක්‌වී මඩ නාති
2500 ක් එක්‌වී මඩ නාති
26 වැනි මඩ නෑමේ දිනය ඇමරිකාවේදී

26 වැනි මඩනෑමේ දිනය ඇමරිකාවේ මිචිගන්හිදී පසුගියදා පවත්වනු ලැබීය. මෙදින මඩ නෑම සඳහා ළමුන් 2500 ක් පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් වතුර ලීටර් 76,000 ක් යොදා පස් මෙටි්‍රක් ටොන් 80 ක් යොදා විශාල මඩ පොකුණක් සකස් කර තිබිණි. මේ මඩ නෑමෙන් මම ගොඩාක් සතුටු වූවායෑයි 9 හැවිරිදි රෙබෙකා හෝල් ප්‍රකාශ කර තිබිණි දරුවන්ගේ මඩනෑම මවුවරුන්ටත් මහත් ප්‍රිතියක්‌විය. මඩ නෑමෙන් පසුව ගොඩට එන අයට වතුර සැපයීමට ගිනි නිවන හමුදා භටයෝ වතුර ටැංකිද සමග කැඳවා තිබිණි.

ඇසළ මහා සිසු පෙරහර 22 දා
ඇසළ මහා සිසු පෙරහර 22 දා
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සිංහල දෙමළ මුස්ලිම් පාසල් සිසුන් සහභාගී වන ලොව විශාලතම ඇසළ මහා පෙරහර 22 දා පැවැත්වේ.
දිවයින පුරා පාසල් නියෝජනය වන ආකාරයෙන් සිංහල දෙමළ මුස්ලිම් පාසල් සිසුන් 15000ක් මෙම පෙරහරේ ගමන් කරති.
එසේම බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙරටුකොට ගත් ස්වාමීන් වහන්සේලා 500 නමක් ද මෙම පෙරහරේ වැඩම කරති. තෙවන වරටත් පැවැත්වෙන ඇසළ මහා පෙරහර පස්වරු 2ට කොළඹ මහානාම විදුහල අභියසින් ආරම්භ වී කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දක්වා වීථී සංචාරය කරයි.
සුභාෂිණී සේනානායක
Wednesday, July 17, 2013
කොළඹ යශෝධරා බාලිකාව 19 වැනිදා වසර 167 සමරයි
කොළඹ යශෝධරා බාලිකාව 19 වැනිදා වසර 167 සමරයි

කොළඹ යශෝධරා විද්‍යාලයීය 167 වැනි ජන්ම දිනය නිsමිතිකොටගෙන මෙම මස 19 වැනිදා (සිකුරාදා) ප.ව. 4.00 ට පරිත්‍රාණ ධර්ම දේශනාමය පිංකමක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට යශෝධරා බාලිකා විදුහල්පතිනි කේ. එම්. අජන්තා පහත්කුඹුර මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්‌ඩලය කටයුතු යොදා තිබේ.

ගම්පහ නිව්ස් අධ්‍යාපනික වාර්තාකරු.

පසුගිය මස 29 වෙනිදායින් අවසන්වූ ගම්පහ යසෝදරා විදුහලේ දී සාර්ථකලෙස පැවැත්වුණු අධ්‍යාපනික ප්‍රදර්ශණයේ ගම්පහ නිව්ස් කැමරා කාචයේ සටහන් වූ රූපරාමු කීපයකි...
මෙය ප්‍රදර්ශණ ශාලා 11කින් සහ ප්‍රදර්ශණ කුටි 84කින් සමන්විත වූ අතර යශෝදරා සිසුවියන්ගේ අධ්‍යාපනික හැකියාවන් විදහාපාන තොරතුරු ක්‍රියාකාරකම් රාශියකින් මෙන්ම රාජ්‍ය අංශයේ පෙට්‍රෝලියම් ආයතනය, බන්ධනාගාර දෙපාර්තුමේන්තුව වැනි දෙපාර්තුමේන්තු තම ආයතනික කටයුතු පැහැදිලි කරදෙන මෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපනික ආයතන වන IDM හා IBM වැනි පරිගණක ආයතනයන්ද තම අධ්‍යාපනික අවස්ථා කියාදෙන ප්‍රදර්ශනකුටීන් මෙම යසාභිමානී 2013 ප්‍රදර්ශණය සමන්විත වුනා. . මෙම ප්‍රදර්ශන දින 3 තුලදී යසෝදරා විදුහලේ සිදුවූ තවත් එක් විශේෂ සිදුවීමක් වූයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා අතින් යසෝදරාවියන් සඳහා බාස්කට් බෝල් පිටියක් සහ නවීන පරිඝණකයන්ගෙන් යුත් පරිඝණක තොරතුරු තාක්ශණික කුටියක් සහිත දෙමහල්ගොඩනැගිල්ලක් විවෘත වීමයි. මේ සඳහා ගම්පහ නගරාධිපති එරංග සේනානායක හා අත්තනගල්ල ප්‍රදේශීය සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ශ වැනි අමුත්තන් රැසක් සහභාගී වුනා.
ගම්පහ නිව්ස් අධ්‍යාපනික වාර්තාකරු.
Tuesday, July 16, 2013
ණයට ගත් සපත්තු කුට්ටමෙන් කී‍්‍රඩා තරග දිනූ දිරිය දැරිය
ණයට ගත් සපත්තු කුට්ටමෙන් කී‍්‍රඩා තරග දිනූ දිරිය දැරිය
2013
ජූලි මස 14 15:27:31 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
|
|
පාසලේ පිළිගැනීම |
රට ජයගත් බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඉතා දුෂ්කර ගම්මානවල ඉපිද දුෂ්කරතා රැුසක් මධ්‍යයේ තම ගමන ජයගත්තෝ වෙති. ඇතැම් අයට ගමන් මඟ අමතකය. ඇතැම් අය එම ගමන් මඟ පන්නරයට ගෙන තව තවත් ශක්තිමත් වෙමින් ගමේ දරුවන්ට ද අත හිත දෙමින් සිටිති.
අග හිඟකමින් තොරව පැමිණි බොහෝ දෙනා අද ක‍්‍රීඩාව මතින් තව දුරටත් මිල මුදල් පස්සේ යමින් විවිධ ක‍්‍රියාකාරකම්වල නිරතවෙමින් සිටිති.
බොහෝ දුරට ගම්මානවල හැදී වැඩුණු ක‍්‍රීඩා තරු වලට රට ලෝකය ජය ගන්නට මුලින්ම අතහිත දී ඔවුන් හඳුන්වා දී ඇත්තේ ජනමාධ්‍ය වේදීන් මෙන්ම මාධ්‍ය ආයතන බව නොරහසකි.
ඔවුන්ගේ දක්ෂතා මෙන්ම ක‍්‍රීඩාවට ඇති අඟහිඟකම් ඒ ඔස්සේ අකා මකා දමමින් ක‍්‍රීඩා තරු ලෙස බබළවන්නට රටට කීර්තිය එක්කැර දෙන්නටද එමගින් හැකියාව ලැබීම සතුටට කරුණකි.
හබරණ ඉසුරු පාසලේ නව වැනි වසරේ ඉගෙනුම ලබන ඞී.එම්. ශ්‍රීමාලි සමරකෝන් (14) දැරියද එවැනිම දක්ෂතා ඇත්තියකි.
ඇය ඉතා දුෂ්කර වූ ගමනක යෙදී මෙවර පැවැත්වූ 39 වැනි ජාතික මහා ක‍්‍රීඩා උත්සවයේ 48 බර පන්තියේ බර ඉසිලීමේ ඉසව්වේ සමස්ත ලංකා තරගාවලියේ 17න් පහළ ඉසව්වේ රිදී පදක්කම හිමිකැර ගත්තාය.
ඇයට එම රිදී පදක්කම ගන්නට පාසලේ හෝ ඇයගේ නිවසේ බර ඉසිලීමේ ක‍්‍රීඩාව පුහුණුවීමට උපකරණයක් නොතිබිණි. ක‍්‍රීඩා කරන්නට අවශ්‍ය පාවහන් යුගළක් නොතිබිණි. එමෙන්ම ආහාරයට විශේෂ ශක්ති ජනකයක් නොතිබුණි. ඇයට තිබුණ එකම ශක්තිය හා විශ්වාසය වූයේ හබරණ ඉසුරු පාසලේ ක‍්‍රීඩා ගුරුවරයා වූ නදීක බණ්ඩාර ගුරු පියා පමණකි.
මෙම විද්‍යාලයේ හිටපු විදුහල්පති ඞී.එම්.මංගල විජේරත්න මහතා දැරිය පිළිබඳවත් විද්‍යාලයේ බර ඉසිලීමේ ක‍්‍රීඩාව ආරම්භ කළ අයුරුත් පසුගියදා දෙනෝ දාහක් ඉදිරියේ පැවැත්වේ. ඇය රිදී පදක්කම රැුගෙන පාසලට පැමිණි දිනයේ පැවැති පිළිගැනීමේ උත්සවයේදීය. එම කතාවට පැමිණ සිටි බොහෝ දෙනකුගේ මෙන්ම මංගල විජේරත්න විදුහල්පති වරයාගේ දෑස් වලින් සතුටු කඳුලූ වැගිරෙන්නට විය.
‘‘මීට වසර දෙකකට ඉහතදී ක‍්‍රීඩා ගුරුවරයකු ලෙස පාසලට පැමිණි නදීක බණ්ඩාර මහතා මෙම විද්‍යාලයේ දරු දැරියන්ට බර ඉසිලීමේ ක‍්‍රීඩාව පුහුණු කරමු යැයි යෝජනාව ගෙනාවා. එදා මා ඊට අවශ්‍ය පසුබිම හැදුවා. මුලින්ම ගිනිසීරියා ලී වලින් පසුව යඩක බට වලින් පුහුණුවීම් කළා. පාසලෙන් පුංචි මුදලක් සොයාගෙන මා එයින් කාය වර්ධන උපකරණයක් අරගෙන දුන්නා. බර ඉසිලීමේ උපකරණ ගන්න අපට බැරි වුණා. අදටත් පාසලට එවැනි උපකරණ නැහැ’’
මීට දෙවසරකට කළින් මෙම දැරියගේ දක්ෂතා මා දැකලා. අද මේ දවස ගැන එයාට මා කිව්වා. ඒ සිහිනයක් සැබෑ උණාවගේ.
මංගල විජේරත්න මහතා එසේ අතීතය මතක්කැර දුන්නේය.
|
|
පුහුණු උපදේශකවරයා පුහුණු කටයුතුකරන අයුරු |
|
|
මව සහ පියා |
ශ්‍රී මාලි සමරකෝන් දැරිය දිගම්පතන හා තිඹලව නම්වූ අතිදුෂ්කරතා ඇති ගමක පදිංචි දැරියකි. සුළු වෙළෙඳසැළක් හා ගොවිතැනක් කරමින් දරුවන් තිදෙනෙකු පෝෂණය කරන ඇයගේ පියා ඞී.එම්.සමරකෝන්ය. අම්මා ආර්.එම්.ඩබ්ලිව්. සුනේත‍්‍රා කුමාරිහාමි වන්නීය.
පසුගියදා කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති 39 වැනි ජාතික ක‍්‍රීඩා උත්සවයේ දී කිලෝ ග්?ම් 88ක බරක් වාර්තා කරමින් ඇය දිවයිනේ දෙවැනි ස්ථානය ලබා ගත්තාය. ඇය ඒ පිළිබඳව අප සමඟ මෙසේ පැවසුවාය.
‘‘මම උදේට අවදිවෙලා කිලෝමීටර් තුනක් පයින් දිගම්පතන ටවුමට ඇවිත් බස් එකෙන් හබරණ පාසලට යන්නේ’’ අපේ නදීක ගුරුතුමා මට කීවා මෙම ක‍්‍රීඩාවට එන්න කියලා. ඒ අනුව මා ගියා. කිසිම පහසුකම් නැතිව එතුමා මට මෙම තරගයේ නීතිරීති මෙන්ම පුහුණුවීම් පහසුකැර දුන්නා’’ ඒ සඳහා මට හිටපු විදුහල්පති තුමන් දැන් ඉන්න විදුහල්පති තුමත් විශාල වශයෙන් උදව් කළා’’
මම මේ සැරේ තරගයට ගියෙත් සපත්තු දෙකක් නැතිව ඉස්කෝලේ පිරිමි ළමයකුගේ සපත්තු දෙකක් ඉල්ලගෙන මම තරගයට ඉදිරිපත් වුණා. අනිත් ක‍්‍රීඩිකාවෝ ඇවිත් තියෙන ආකාරය දැක්කම ඇත්තටම මට දුකත් හිතුනා. ඒත් මම හිතේ හයියෙන් ක‍්‍රීඩා කළා. මා දෙවැනියා වුණා කියලා කම්පාවෙන්නේ නැහැ. මම පාසලට යමක් කළා කියලා විතරයි හිතුනේ’’ (ඇය හඬයි)
හබරණ විදුහලේ වර්තමාන විදුහල්පති ගාමිණී ඒකනායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හබරණ ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතන හා රජයේ ආයතන ප‍්‍රධානීන් හා ප‍්‍රදේශවාසීන් එක්ව ඇය පිළිගැනීමට ඉතා චාම් උත්සවයක් සංවිධානය කැර තිබිණි. එම අවස්ථාවේදී විද්‍යාලයට ගිය අපට ක‍්‍රීඩා කාමරයට ගමන් කිරීමට අවස්ථාව උදාවිය. එහිදී ක‍්‍රීඩා උපදේශක නදීක බණ්ඩාර මහතා තමන් කිසිදු පහසුකමක් නොමැතිව මෙම දරුවන්ට ක‍්‍රීඩා උගන්වන අයුරු අපට පෙන්විය. පාසලෙන් ඉවත් කෙරුණු විවිධ උපකරණ උපයෝගී කැරගෙන පුහුණු කිරීමේ ස්ථානය සකසා ඇති අයුරු අපට පෙන්වීය.
දක්ෂතා ඇති දරුවන් මේ ආකාරයෙන් තවත් රට පුරා ඇත. එහෙත් එම අයට අත දෙන්නට දිරිය දෙන්නට අවශ්‍ය උපකරණ ලබාදෙන්නට හැකිනම් ඔවුන්ද මෙරටට කීර්තිය රැගෙනවිත් දෙනු නිසැකය.
ශ්‍රී මාලි සමරකෝන් දැරියටත් කාගේ හෝ පිළිසරණක් ලැබේනම් ඇයද අපේ රටේ ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ක‍්‍රිඞීකාවක් නොඅනුමානය.
|
|
ශ්‍රීමාලි සමරකෝන් දැරිය |
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
‘කටපාඩම් උගතුන් අඩුවේවි‘
‘කටපාඩම් උගතුන් අඩුවේවි‘
2013
ජූලි මස 15 16:33:00 | . , දිල්රුක්ෂි ග්‍රේරු
උසස් පෙළ විෂය ධාරාවට තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් ඇතුළත් කැර ගැනීම හා රත්මලාන කොතලාවලපුර විද්‍යාලයයේ තාක්ෂණ විද්‍යා අංශය විවෘත කිරීමේ උත්සවයේදී ඔහු එසේ කීය.
http://www.lankadeepa.lk/index.php/articles/151528
උ.පෙළ. තාක්ෂණික විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම මිහින්තලේදී
උ.පෙළ. තාක්ෂණික විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම මිහින්තලේදී
උසස් පෙළ විභාගයට හඳුන්වා දුන් තාක්ෂණික විෂය ධාරාව වෙනුවෙන් සිසුන් ඇතුළත් කර ගැනීම ඊයේ (15) මිහින්තලේ මහ විදුහලේදී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදි ඇමැතිවරයා සිසුවකු ඇතුළත් කර ගත් අයුරු. එම අවස්ථාවට එක්වූ උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, යෞවන කටයුතු හා නිපුණතා ඇමැති ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, පළාත් අධ්‍යාපන ඇමැති පේෂල ජයරත්න, අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහත්වරු මෙහි වෙති.
ඡායාරූපය - අමිල ප්‍රභාත් වනසිංහ
Monday, July 1, 2013
S.L.B.C. felicitates Agga Maha Panditha most venerable Kotugoda Dhammawasa Anunayake Thero.
The services rendered by the veteran Dhamma preacher Most Venerable Kotugoda Dhammawasa Anunayaka Thero for a period of nearly 6 decades, have been appreciated. A ceremony to felicitate the Anunayaka Thero was held at the Sri Lanka Broadcasting Corporation Friday.
Mahanayaka of the Amarapura Maha Nikaya Most Venerable Davuldena Gnanaissara Thero delivering an anusasana said the Most Venerable Kotugoda Dhammawasa Thero has been able to explain the core of the Buddha Dhamma in a correct and simple language style.
Mahanayaka of the Ramagna Maha Nikaya Most Venerable Napane Premasiri Thero said that the Anunayaka Thero has the skill to deliver Dhamma sermons in a manner suited for the society by expressing the reality of life.
Anunayaka of Malwatta Chapter Most Venerable Niyangoda Vijithasiri Thero said that he considers the felicitation as an appreciation bestowed upon the Dhamma and the Maha Sangha.
The Most Venerable Kotugoda Dhammawasa Anunayaka Thero in his address has stated that the country has embarked upon the correct path after 30 years of war.
The Head of State, Ministers and the officials are acting according to the Dhamma. This has resulted in the wellbeing of the country and the people.
The Pansil was delivered by the Head of the Vidyalankara Pirivena Venerable Welamitiyave Kusaladhamma Thero. Officials of the SLBC were also present.
මෙවර උ/පෙළ සිට විභාග නීති රීති දැඩි වේ
මෙවර උ/පෙළ සිට විභාග නීති රීති දැඩි වේ
නිලන්ත මදුරාවල
මෙවර උසස් පෙළ විභාගයේ සිට විභාග නීතිරීති මෙන්ම විභාග සංවිධාන ක්‍රියාවලිය ද දැඩි කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව විභාග කටයුතුවලදී මෙතෙක් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට නොතිබූ බලතල මෙවර සිට ඔවුන්ට පැවරෙන අතර විභාග ශාලා, සම්බන්ධීකරණ මධ්‍යස්‌ථාන අධීක්‍ෂණය මෙන්ම විභාග අක්‍රමිකතාවන්හිදී මැදිහත්වීමට ද බලතල හිමි වේ. මෙතෙක් මෙවැනි කටයුතු වෙනුවෙන් ප්‍රධාන වශයෙන් ක්‍රියා කළේ විභාග භාර අධ්‍යක්‍ෂවරුය. විභාග භාර අධ්‍යක්‍ෂවරුන් තිස්‌තුන් දෙනකු දිවයින පුරා සිටින අතර සියයක් පමණ වන කලාප අධ්‍යක්‍ෂවරුන් ද එම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමෙන් විභාග අතිශයින් සාර්ථකව පවත්වා ගැනීම දෙපාර්තමේන්තුවේ අරමුණ වෙයි.
විභාගවලට අදාළව දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන ප්‍රධාන උපදෙස් රැස්‌වීම් සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් නොකැඳවූ නමුත් මෙවර සිට එම උපදෙස් රැස්‌වීම් සඳහා ඔවුන් ද කැඳවනු ලැබේ. ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ හා විභාග භාර අධ්‍යක්‍ෂවරුන්ගේ සහභාගිත්වයෙන් මේ මස මැදදී දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන එම රැස්‌වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් ද සහභාගි කර ගැනේ.
මීට අමතරව දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ ද දැඩි නීති ක්‍රියාත්මක කිරීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පියවර ගෙන ඇත.
දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඇති ආරක්‍ෂිත සී. සී. ටී. වී. කැමරා අනූවම සක්‍රීය කර තිබෙන අතර ඉන් වැඩි ප්‍රමාණයක් රහස්‍ය අංශවලට යොදා තිබේ. එමගින් වීඩියෝ කෙරෙන දර්ශන මාස හතරක කාලයක් ස්‌වයංක්‍රීයව ආරක්‍ෂා වෙයි.
මීට අමතරව දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශවල සේවය කරන්නන් එම අංශවලට ඇතුළුවීමේදී හා පිටවීමේදී පොලිසිය යොදවා දැඩි ලෙස පරීක්‍ෂාවට ලක් කෙරේ. රහස්‍ය මුද්‍රණාල කාර්ය මණ්‌ඩලය සඳහා නිල ඇඳුමක් ද හඳුන්වා දී ඇත.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කිරීමේ සිද්ධියෙන් පසුව විභාග නීතිරීති හා සංවිධාන ක්‍රියාවලිය දැඩි කිරීමට මෙම තීරණ ගත් අතර ඒවා අකුරටම ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරන ආචාර්ය මහාචාර්යවරුන් විභාග සම්මන්ත්‍රණ හා විවිධ උපකාරක කටයුතුවලට සහභාගි වන බවට ඇතැම් පුද්ගලයන් ප්‍රචාරය කරන බව ද ප්‍රශ්න පත්‍ර සකසන කිසිදු තැනැත්තකු එවැනි කටයුතුවලට සම්බන්ධ නොවන බව ද කී කොමසාරිස් ජනරාල්වරයා එවැනි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඉල්ලීමක් කරයි.
http://www.divaina.com/2013/07/01/news04.html

Saturday, June 29, 2013
ජූලි 30 සිට මාසයක් උසස් පෙළ උපකාරක පන්ති බැහැ
අගෝස්තු මස 05 සිට 31 දා දක්වා අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වෙන බැවින් ජූලි මස 30 දා රාත්‍රියේ සිට අගෝස්තු 31 දා සවස් කාලය තෙක් අදාළ සියලු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ දේශන, වැඩමුළු මෙන් ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය බෙදා හැරීම හා ප්‍රචාරය සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සිළුමිණට පැවැසීය. එසේම අගෝස්තු මස 25 දා ඇරැඹෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් අගෝස්තු මස 19 දා රාත්‍රියේ සිට 25 දා සවස් කාලය තෙක් ශිෂ්‍යත්ව විභාගයට අදාළව පැවැත්වෙන ඉහත කී දේශන, සම්මන්ත්‍රණ මෙන් ම උපකාරක පන්ති සියල්ල තහනම් කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පොලිස්පතිවරයා හරහා අදාළ සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බවයි. මේ නීතිය කඩකරන අයට විභාග පනත හා සාමාන්‍ය නීතිය ඔස්සේ දැඩි දඬුවම් ලබා දීමට ද බලාපොරොත්තු වෙයි.
එසේම අගෝස්තු 5 දා පැවැත්වෙන උසස් පෙළ ප්‍රවේශ පත්‍ර මෙවර මාසයකට පෙර එනම් ජූලි 2 දා සියලු විදුහල් වලට තැපැල් කිරීමට ද කටයුතු කර ඇති බව පැවසූ විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ එසේ යවන ප්‍රවේශ පත්‍ර තමන් ළඟ තබා නොගෙන සංශෝධන ඇත්නම් ඒවා සිදු කිරීමට අනිවාර්යයෙන්ම සිසුන්ට ලබාදිය යුතු බවයි. ජූලි 27 දා දක්වා ප්‍රවේශ පත්‍ර සංශෝධන සිදුකිරීම සඳහා කාලය ලබා දී ඇත.
සුභාෂිණී ජයරත්න
Friday, June 28, 2013
Wednesday, June 26, 2013
විභාගයට දින 5 කට පෙර ටියුෂන්, සම්මන්ත්‍රණ තහනම් නීතිය මෙවර උ/ පෙළ විභාගයේ සිට
විභාගයට දින 5 කට පෙර ටියුෂන්,
සම්මන්ත්‍රණ
තහනම් නීතිය මෙවර උ/ පෙළ විභාගයේ සිට
ගැසට් නිවේදනය නිකුත්කරයි

ප්‍රධාන පාසල් විභාග ආරම්භ කිරීමට දින පහකට පෙර ඊට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති ඇතුළු සියලු උපකාරක කටයුතු තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ලබන අගොස්‌තු මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සිට මෙම පියවර ක්‍රියාත්මක කෙරෙන අතර මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය 21 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.
විභාග, වංචා හා අක්‍රමිකතා වැළැක්‌වීමේ අරමුණින් මෙම තහනම ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග ආරම්භ කිරීමට දින පහකට ප්‍රථම එම විභාගයන්ට අදාළ සම්මන්ත්‍රණ සාකච්ඡා, උපකාරක පන්ති, දේශන, වැඩමුළු, දේශන කණ්‌ඩායම් දේශන යන සියලු ආකාරයේ ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සපුරා තහනම් වේ.
මෙම නීතිය කඩ කරන කුමන පුද්ගලයකුට වුවද එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙම තහනම පසුගිය වසරේ සිට ක්‍රියාවට නැඟීමට තමා ගත් උත්සාහයට ඇතැම් අය විරෝධය පළ කිරීම නිසා නතර කිරීමට සිදු වූ බව ද පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළ අක්‍රමිකතාව සිදු වූයේ ඒ නිසා යෑයි ද කී ඇමැතිවරයා මේ බව පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ උපදේශක කාරක සභාවට දැනුම් දීමෙන් පසු මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට එකඟතාව ලැබුණු බවද සඳහන් කළේය.
නිලන්ත මදුරාවල
http://www.divaina.com/2013/06/26/news11.html

Tuesday, June 25, 2013
"කාලේන ධම්ම සවනං" - ගුවන් විදුලි සංස්ථාවේදී
60 දශකයේදී ගුවන් විදුලි ධර්ම දේශකයානන් වහන්සේ නමක් ලෙස පැමිණ, වර්තමානය දක්වාම,
අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් කරන මෙහෙවර ඇගයීමේ උත්සවයක් ලෙස,
"කාලේන ධම්ම සවනං" උපහාර උළෙල, ජුනි 28 වැනිදා සවස 3ට,
ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.
ඒ නිමිත්තෙන් උන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම දේශනා හතරක් ඇතුළත්, සංයුක්ත තැටි හතරක් දොරට වැඩීමද එදින සිදුකෙරේ.
- දශරාජ ධර්මය
- සීල සූත‍්‍රය
- වනරෝපා සූත‍්‍රය
- ධම්ම පදය - බාල වග්ගයට අයත් 3 වන ගාථාව
අනුනාහිමියන් සිදුකළ ධර්ම දේශනා මෙම සංයුක්ත තැටි වලට අයත්වේ
උන්වහන්සේගේ සේවය අගය කරමින් විශේෂ සමරුවක්ද පිරිනැමීමට කටයුතු කර ඇත.
අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනාහිමියන්, රාමඥ්ඥ නිකායේ මහානාහිමියන්, මල්වතුපාර්ශවයේ අනුනාහිමියන්, ඇතුලූ 100කට අධික මහා සංඝරත්නයද මේ අවස්ථාවට සහභාගිවනු ඇත.
Friday, June 21, 2013
ශිෂ්‍යත්වය-O/L-A/L විභාග ඇරඹීමට දින 5කට පෙර සිට උපකාරක පන්ති තහනම්
ශිෂ්‍යත්වය-O/L-A/L විභාග ඇරඹීමට දින 5කට පෙර සිට උපකාරක පන්ති තහනම්
පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින පහකට පෙර සිට විභාග අවසන් වන දිනය දක්වා උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් කර තිබේ. අධ්‍යාපන ඇමැතිවරයාට ඇති බලතල යටතේ අමතර පන්ති පවත්වන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කෙරේ.
මේ අනුව අදාළ විභාගයන්ට දින පහකට පෙර සිට අවසන් වන තුරු උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම, බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.
සුභාෂිනි සේනානායක