V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label සුරංගනා. Show all posts
Showing posts with label සුරංගනා. Show all posts

Thursday, September 11, 2014

පාද තුනේ වලහා

 
ක් මහල්ලෙක් දඩයම් පිණිස නිතර වනයට ගියේ ය. සත්ත්ව ඝාතනය මෙන් ම සත්ත්ව හිංසාව ද ඔහුට ඉතා ප‍්‍රිය විය. ඔහු ගේ බිරිය වූ මැහැල්ල ද සැමියා දඩයමින් ගෙනා මාංශ ඉතා රසවත් සේ පිසීමෙහි දක්ෂ වූවා ය.
දිනක් මහල්ලා පුරුදු පරිදි දඩයම් පිණිස වනයට වන්නේ ය. එක්වර ම වලසෙක් ඔහු ඉදිරියේ පෙනී සිට මෙසේ කී ය. සීයේ මා සමඟ පොරයට වරෙන්. මහල්ලා නො පමාව සිය පොරව ගෙන වළහා ගේ එක් පාදයක් සින්දේ ය. ඒ මාංශය ද රැගෙන සිය බිරිය සොයා පිටත් ව ගියේ ය.
වලස් මාංශය දකින බිරිය ද ප‍්‍රීතියෙන් පිනා ගොසින් වලස් පාදය සුද්ධ පවිත‍්‍ර කරන්නට පටන් ගත්තා ය.
මස කපා සූපයක් පිණිස සකස් කොට ලිප තැබූ ඈ හම ගැසූ වලස් ලෝම පිරිමදින්නට වූවා ය.
මේ අතර මහත් කෝපයට පත් වලසා ක්‍රෝධයෙන් ගොරවමින් මඳ වේලාවක් ගත කොට පළිගැනීමට උපක‍්‍රමයක් යොදමින් සිටියේ ය. මෙයින් පසු වහා කි‍්‍රයාත්මක වූ වලහා කෘති‍්‍රම පාදයක් උපයා ගෙන ඒ ආධාරයෙන් දෙමහල්ලන් විසූ නිවෙස වෙත ආවේ ගීතයක් ද ගයමිනි:

දිරි ගනිං මගේ පාදය
වෙර දියං කෘති‍්‍රම පාදය
දැන්නම් ගඟත් නිදි
පොළොවත් නිදි කිරයි
ගම් වැස්සෝ නිදති
ගම්මානය නිදිබරයි
ඒත් එක් මැහැල්ලක්
තවමත් අවදියෙන්
ඈ මගේ හම මත හිඳියි
මගේ ලොම පිරිමදියි
සූපය සෑදෙන්නේ
මාංශයෙනි මා ගේ..

ගීතය අසන දෙමහල්ලෝ වෙවුලති. පෝරණුව යට සැඟවෙන්න ට සිතා ඒ වෙත දිව යති. වළහා දැන් ඒ පැලට කඩා වැදී අවසන් ය.
එහෙත් මහල්ලාට හදිසි කැස්සක් මතු වේ.
කැස්සේ හඩින් ඔවුන් සොයා ගැනේ. දෙදෙනාට ම සිදුවූයේ ජීවිතවලින් වන්දි ගෙවන්නට යි.
සත්ත්ව ඝාතනය හා සත්ත්ව හිංසාව හැමවිට ම විනෝදාස්වාදයක් නොවේ.