V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Sunday, August 31, 2014

ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ නවකතා 5




 දෙදහස් දහතුන වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකථා එකසිය හතක් අතරින් ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවන වටය සඳහා ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවත, නිශ්ශංක විජේමාන්නගේ තාරා මගේ දෙව්දුව, පී.බී.ජයසේකරගේ මරියා සිලෝනිකා වස්තුව, නෝබට් අයගමගේ ‍ෙග් කාල නදී ගලා බසී, එරික් ඉලයප්ආරච්චිගේ පාද යාත්‍රා, සුනේත්‍රා රාජකරුණානායකගේ සෞම්‍යා ‍ලෝකය, මොහාන් රාජ් මඩවලගේ ලොවීනා, මංජුල වෙඩිවර්ධනගේ මගේ ආදරණීය යක්ෂණී සහ ජයතිලක කම්මැල්ලවීරගේ ප්‍රින්ස්, ටෙනිසන් පෙරේරාගේ දණ්ඩ භූමි නවකථා තේරුණි.
http://www.silumina.lk/2014/08/31/_art.asp?fn=cr1408311

දණ්ඩ භූමි - ටෙනිසන් පෙරේරා


මගේ දණ්ඩ භූමි නවකථාවෙන් සාකච්ඡා වෙන්නේ දේශපාලකයින්ගෙ සූරාකෑම් ගැන. සමහර නිලධාරීන්ගේ වංචා සහගත ක්‍රියා ගැන. පුරාවිද්‍යාවට සම්බන්ධ නිලධාරීන් බුද්ධ රූප කෝවක උණු කරල නාඩාර්ලට විකුණනව. දේශපාලකයින් ගස් කපල කැලෑ විනාශ කරනවා. පස් විකුණනවා. අල්ලස් දීල රේගුවෙන් බඩු පන්නනවා. ජාතික අපරාධ සිදුවෙන අන්දමයි “දණ්ඩ භූමි” නවකථාවෙන් විස්තර වෙන්නෙ. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ ඉන්න සමහර එන්ජීඕ කාරයින්ට ඒව අල්ලන්නෙ නැහැ.
ඔවුන් මතයක් ඇතිකරන්න යනවා සාර්ථක නවකථාවක් වෙන්න නම් සුළු ජාතිකයින්ට පීඩා කරනවා කියල ලියන්න ඕන. මුස්ලිම් කඩ කඩනවාය කියල ලියන්න ඕනෙ. දෙමළ මිනිස්සුන්ට සිංහලයන් නිරන්තරයෙන් හිරිහැර කරනවාය කියල ලියන්න ඕන.
මගේ නවකථාවෙ ඒවා නැහැ. මගේ දණ්ඩ භූමි නවකථාවෙ එහෙම ‍දේවල් ගැන ලිව්ව නම්; සිංහලයන්ගේ උත්පත්තිය ද්‍රවිඩ උත්පත්තියකින් කියල කිව්වා නම් මගේ නවකථාවටත් ස්වර්ණ පුස්තක තිළිණය දේවි.
දෙවන වටයට තේරුණ පොත් දහයම මම කියෙව්වා. මංජුල වෙඩිවර්ධනගේ “මගේ ආදරණීය යක්ෂණී” කියවන්න මාස තුනක් ගියා. මෙලෝ මිනිහෙකුට ඒක කියවලා තේරුම් ගන්න අමාරුයි. ඒක පුද්ගලවාදී කෘතියක්. තමන්ගේ පුද්ගල අත්දැකීම් ගූඪ විදියට ලියලා; අපේ ජන පුරාණයට සම්බන්ධ කරල ප්‍රතිගාමී ස්වරූපයට ලියපු එකක්.
දෙදහස් දහතුන වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකථා 107 අතරින් ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේ දෙවැනි වටයට තේරුණ කෘතීන් අතරින් මංජුල වෙඩිවර්ධනගේ නවකථාවට ලකුණු ලැබුණෙ දහයටත් අඩුවෙන්. “මගේ ආදරණීය යක්ෂණී” ප්‍රතිගාමී නවකථාවක් නිසා ඒක අවසාන පොත් පහට උඩට ගත්තා. ස්වර්ණ පුස්තක සම්මානයත් එයටම දේවි.
ලියනගේ අමරකීර්තිගේ “කුරුලු හදවත” විනිශ්චය මණ්ඩලයේ විසිදෙනාගෙන් දහනම දෙනෙකුගේම ඡන්දය ලැබුණත් එය විශිෂ්ට නවකථාවක් නොවෙයි. එය උත්කර්ෂවත් නැහැ. කුල භේදය ගැනයි කතා කරන්නෙ. කුල ප්‍රශ්නය ගැන අභ්‍යන්තරයට ගිහිල්ල නැහැ. උඩ මට්ටමින් කතා කරන්නෙ.
නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට සුළු ජාතිකයන්ට හිරිහැර ගැන කියන නවකථාවක්. දෙමළ ඩයස් පෝරාව කියන්නෙත්, නිශ්ශංක විජේමාන්න “තාරා මගේ දෙව්දුව” නවකථාවෙන් කියන දෙයම තමයි.
පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සමහර දෙනාට සාහිත්‍ය ගැන දැනුමක් නැහැ. ඒක නිසා සමහර ප්‍රකාශකයො ගේම් දෙනවා. විදර්ශන ප්‍රකාශකයින් පොත් දෙකක් පී.බී.ජයසේකරගේ “මරිය සිලෝනිකා වස්තුව”, නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” උඩට ගන්න ජනක ඉනිමංකඩට ඕන වුණා.
විනිශ්චය මණ්ඩලය පත්කරන්න මුල්වෙන්නෙ ජනක ඉනිමංකඩ. ඔහුගෙ හිතවතුන් තමයි එතැනට එන්නෙ. ඒ විතරක් නොවෙයි ෆේස් බුක් හරහාත් ඔහු තම පොත් දෙකට ලොකු තල්ලුවක් දෙනවා. ඔහුට ඕන ස්වර්ණ පුස්තක සම්මානයෙ රශ්මියෙන් ඔහුගේ පොත් දෙකට ඉහළම ‍අලෙවියක් ලබාගැනීම. ජනක මේ සඳහා කැන්වසින් ගියා.
ස්වර්ණ පුස්තක නව විනිශ්චය ක්‍රමවේදයත් වැරදියි. එකම පුද්ගලයා විසිදෙනෙක් ආරම්භයේ පටන් අවසානය දක්වා විනිශ්චයේ යෙදෙද්දි එකම රසයේ පොත් ගැනමයි අවධානය යොමු වෙන්නෙ. විවිධත්වයක් නැහැ. රසිකත්වය විවිධ වෙන්න ඕනෙ. එතකොටයි අලුත් දෙයක් ඇතිවෙන්න පුළුවන්.
මෙතැන තව ගේමක් යනවා. ඒ සිංහල නවකථාව නැති කිරීම. පාඨකයින් ප්‍රිය නැති නවකථා විනිශ්චය මණ්ඩලය ‍තේරීමෙන් පාඨකයාට නවකථාව එපා වෙනවා. මේ අවුරුද්දෙ නිර්දේශිත පොත් ගන්න අය ලබන අවුරුද්දෙ පොත් ගැනීම සම්පූර්ණයෙන් අත්හැර දානවා.

http://www.silumina.lk/2014/08/31/_art.asp?fn=cr1408311

සයිමන් අර බලහන්කෝ කොල්ලො කෙල්ලෝ ටික කොම්පියුටර් මැෂිමේ බොත්තම් ඔබන හැටි

එව බලව - ඌව පළාත දැනුමේ කේන්ද්‍රස්ථානයක් වන හැටි

රූප පෙට්ටියවත් අල්ලලා නැති ආදිවාසි දරුවන්ටත් ‘කොම්පියුටර්’

“සයිමන් අර බලහන්කෝ අපේ කොල්ලො කෙල්ලෝ ටික අර කොම්පියුටර් මැෂිමේ බොත්තම් ඔබන හැටි”
“ඔව් පීටර් අයියේ මටත් හරි සතුටුයි. එදා ජනාධිපතිතුමා ඕක විවෘත කරන දවසේ මම ආවට පස්සේ අදයි ඕං මං ආවේ මෙතැනට.”
“මේ රතුගලට ලයිට් නැතුව රූපවාහිනියක්වත් අතපත ගාන්න වාසනාවක් නැතිව හිටි අපේ කොල්ලො කුරුට්ටො ටික දැන් කොම්පියුටර් ජිල්මාට් දානවා. අපිට හරි සතුටුයිනෙ බං. අනේ අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අනාගතය දැන් ඉතින් මල් හතයිනේ.”
“ඔව් ඉතින් මේ අපේ ශාන්ත මුදලාලියි ආදිවාසි නායකතුමයි ජනාධිපතිතුමාට කියපු ගමන් එතුමා අපට ලයිට් දෙන්න උපදෙස් දීපු එකත්, එතුමාම ඇවිල්ලා රතුගල ලයිට් විවෘත කළ එකත් කොතරම් හොඳ දෙයක් ද? විශේෂයෙන් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කරපු එක අපේ ලොකු වාසනාවක්නේ සයිමන්.”
පීටර් අයියේ මේ රතුගල ගල්ගමුවේ විතරක් නෙවේ මුළු ඌව පළාතේම මේ වගේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 88 ක් හදනවා. ඒ හැම එකකම පරිගණක 60 ක් තියෙනවා. දැන් ගමේ දරුවන්ට දැනුම තාක්ෂණය ඉහළින්ම ලැබෙනවා.
මේ රතුගල ගල්ගමුව මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය අසල දී අපට ඇසුණු දෙබසකි. ඔවුන්ගේ කථාව ඇත්තය. දැන් ඌව පළාත මහින්ද චින්තනයේ ඉදිරි දැක්මේ සඳහන් අයුරින්ම දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අප රට පත්කිරීමේ වැඩ පිළිවෙළේ ප්‍රධානම බලප්‍රදේශයක් බවට පත්ව තිබේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඌව පළාත පුරා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 88 ක් පිහිටුවන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙවැනි එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයකට වැය වන මුදල රුපියල් ලක්ෂ 180 කි.
මොනරාගල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමෙන් පසු.
මෙම විද්‍යාගාරයක පරිගණක 40 කින් යුත් පරිගණකාගාරයක්, පරිගණක 20 කින් සමන්විත භාෂාගාරය දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකය, විද්‍යාගාරය, ගණිතාගාරය යන අංගයන් ගෙන් සමන්විතය.
මේ අතර ඌව පළාත පුරා මහින්දෝදය තාක්ෂණික විද්‍යා පීඨ 21 ක්ද මේ වන විට ඉදිවෙමින් පවතී. මහින්දෝදය තාක්ෂණික විද්‍යා පීඨයක් සඳහා රුපියල් දසලක්ෂ 80 වැය වේ. ඒ සඳහා තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකරන අතර එහි පළමු මහල ඉංජිනේරු තාක්ෂණවේදී විෂයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා වෙන්කර ඇතැයි ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ලේ දෙවැනි මහල ජෛව පද්ධති පිළිබඳ තාක්ෂණවේදී විෂය ධාරාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා තෙවන මහල තාක්ෂණවේදී විෂය ධාරාව හදාරන සිසු සිසුවියන්ගේ කාමරවලින් සමන්විත වන බව ද ඇමැතිවරයා කීය.
මීට අමතරව මෙම පළාතේ ප්‍රධාන පාසල් 8 ක් මහින්දෝදය ද්විතියික පාසල් බවට පත්කෙරෙන අතර ඒවා හැම එකකම තෙමහල් ගොඩනැඟිල්ලක් අලුතින් ඉදිවේ. පරිපාලන සංකීර්ණය උසස් පෙළ විද්‍යාගාරය, පුස්තකාලය යන අංග එහි ප්‍රධාන ලෙස අන්තර්ගත කරනු ලැබේ. මේ මහින්දෝදය ද්විතියික පාසල්වල එක් තෙමහල් ගොඩනැඟිල්ලක් සඳහා රුපියල් කෝටි 4 ක් බැගින් වැය වේ. ඒ අනුව ඌව පළාතේ අලුතින් ඉදිවන නව පාසල් ගොඩනැඟිලි හා මහින්දෝදය විද්‍යාගාර සඳහා වැයවන මුදල රුපියල් කෝටි 360 කට වැඩි වේ.
මීට අමතරව ඌවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට පසුගිය වසර ගණනාවක් තිස්සේ වැඩ කටයුතු රැසක් හිටපු ප්‍රධාන ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් සිදුවිය. ඒ අනුව පසුගිය වසර 5 - 6 වකවානුවේ ඌවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළම ප්‍රගතියක් අත්කර ගත්තේය. ඉන් ලැබු ඉහළම ජයග්‍රහණය වන්නේ උසස් පෙළ විභාග සමත් වීමේ සංඛ්‍යාව අනුව දිවයිනේ දෙවන ස්ථානය ඌවට ලබා ගැනීමට හැකි වීමයි. ඊට අමතරව පසුගිය වසර 5 ඇතුළත බදුල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව සමතුන් සංඛ්‍යාව ද දෙගුණ වී තිබේ. පසුගිය පළාත් සභා කාලය ඇතුළත ඌව පළාතේ අධ්‍යාපන සංවර්ධනය සඳහා වැය කරන ලද මුදල රුපියල් දසලක්ෂ 3191.8 කි.
 අලුතින් ඉදිකළ බිබිල විහාරමහා දේවි විද්‍යාලය
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ප්‍රථම තාක්ෂණික විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරමින් තිබේ. මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් හිගුරුගමුවේ පිහිටුවීම ද ඉදිරියේදී සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රමෝපාය අතර දැනුම කේන්ද්‍රය කරගත් සමාජයක ශ්‍රී ලාංකික පුරවැසියන් බවට පත්වීම අපි කාගේත් අපේක්ෂාව වෙමු. එමඟින් ආසියාවේ ආශ්චර්ය බවට පත්වීමට අධ්‍යාපනයේ මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ දායකත්වයක් ඌවෙන් ඇරැඹීමට මේ සියලු කටයුතු හේතු වනු ඇත.
මේ අතර හිටපු ප්‍රධාන ඇමැතිතුමාගේ අදහස් අනුව ඌවේ පාසල් වන නව පන්ති කාමර, පුස්තකාල හා විද්‍යාගාර සඳහා නව ගොඩනැඟිලි ඉදිකිරීම් 238 කට රුපියල් දසලක්ෂ 840 ලබා දී තිබේ. ඊට අමතරව ගොඩනැඟිලි අලුත්වැඩියාවට රුපියල් දස ලක්ෂ 414 ක් පානීය ජලය විදුලිය හා සනීපාරක්ෂක කටයුතු සඳහා රුපියල් දස ලක්ෂ 55 ක් ද ලබා දී තිබේ.
ප්‍රධාන අමාත්‍යතුමාගේ සංකල්පයක් ලෙස පාසල් ගේට්ටු හා ජීව වැටවල් ඉදිකිරීමෙන් පාසල්වල ආරක්ෂාව සුරැකීමට පියවර ගත්තේය. ඊට අමතරව ද්විතියික පාසල් හා සම්බන්ධ පෝෂිත පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දී ඌව පළාත් පාසල් 97 ක් සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ලක්ෂ 507 ක් වැය කිරීමට කටයුතු කළේය.
හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව වැසි යාමට ආසන්නව තිබූ පාසල් 155 ක් ඌව පළාතෙන් හඳුනාගෙන තිබේ. ඒවා කැපකරු විදුහල් ක්‍රමය යටතේ දියුණු කිරීමට කටයුතු කර ඇත. මේ සඳහා කැපකරු ආයතන කිහිපයක් රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් හඳුනාගෙන එම ආයතන හරහා පාසල්වල දියුණුව කඩිනම් කිරීමට කටයුතු කෙරිණි.
මේ අතර ICTA ආයතනය විසින් ඌව පළාතේ බාල, තරුණ, මහලු ජනතාවගේ තොරතුරු තාක්ෂණික සන්නිවේදන දැනුම දියුණු කිරීම සඳහා ‘නැණසල’ 92 ක් ඌව පළාත පුරා පිහිටුවා තිබේ. ඉන් 45 ක් බදුල්ලේ ද 37 ක් මොනරාගල ද පිහිටුවනු ලැබීය. මේ එක් එක් නැණසල මධ්‍යස්ථාන මඟින් මසකට 5000 කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලබන බව ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.
මෙහිදී කැපකරු ආයතන ස්වේච්ඡාවෙන් සහභාගි වී ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර ශ්‍රමදානය හරහා ගමේ ජනතාව ද එකතු වී පාසලේ නඩත්තු සිදු කරයි.
මීට අමතරව ප්‍රධාන ප්‍රසිද්ධ විභාග ත්‍රිත්වය වන ශිෂ්‍යත්වය සාපෙළ හා උසස් පෙළ විභාග සඳහා හිටපු ප්‍රධාන අමාත්‍ය තුමාගේ සංකල්පයක් මත ‘සිප්සර උදානය’ නමින් සිසු සම්මන්ත්‍රණ මාලාවක් ද පැවැත්වේ. ප්‍රවීණ විද්වත් මණ්ඩලයක් හා විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙහිදී දේශන පවත්වති. විශේෂයෙන් ප්‍රධාන විභාග ඉලක්ක කරගෙන ප්‍රශ්න උත්තර සාකච්ඡා කරනු ලැබේ.
මේ සඳහා පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මේ වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 50 ක් වැය කරනු ලැබේ. ඒ අනුව 2009 සිට 2013 දක්වා වසර 5 ක් සඳහා රුපියල් ලක්ෂ 250 ක් වැය කර තිබේ.
මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ පුස්සැල්කන්න මහා විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. රත්නපාල මහතා පැවසුවේ මෙම සිප්සර උදාන වැඩ පිළිවෙළ නිසා ජාතික විභාගවලින් උසස් ප්‍රතිඵල ගැනීමට ඌව පළාතේ සිසු දරුවන්ට අවස්ථාව ලැබී ඇති බවයි.
මීට අමතරව ප්‍රසිද්ධ විභාග ඉහළින් සමත්වීම සඳහා තවත් වැඩ පිළිවෙළ රැසක් පසුගිය වසර 5 ඇතුළත ක්‍රියාත්මක විය.
දුෂ්කර පාසල්වල ගුරු ඌණතා සම්පූර්ණ කිරීම, අඛණ්ඩ ගුරු සංවර්ධන කටයුතු සිදු කිරීම, විභාග පෙරහුරු පරීක්ෂණ පැවැත්වීම හා විදුහල්පතිවරුන් බලගැන්වීම හා දෙමවුපියන් බලගැන්වීම ආදිය මඟින් ඌව පළාතේ දූ දරුවන්ගේ ඇස් පෑදීමට පසුගිය වසර 5 ඇතුළත කටයුතු කර තිබේ.
ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාටම අද රැකියා ලබා දී ඇත. ඊට අමතරව ගුරු ගම්මාන වැඩ පිළිවෙළ, මුල් ළමාවිය සංවර්ධන වැඩ පිළිවෙළ ද ඌව පළාත පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ජාතික අධ්‍යාපන නියමයට අනුව ගුරු සිසු අනුපාතය සිසුන් 17 කට ගුරුවරු එකක් වුවද ඌව පළාතේ එය සිසුන් 14 කට එක් ගුරුවරයකු දක්වා වර්ධනය කර ගැනීමට පළාත් අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව හැකියාව ලැබී තිබීම සුවිශේෂී කටයුත්තකි.
මේ අතර 2016 වන විට පළාතේ සියලුම පාසල්වල පාදක ගුරු සංවර්ධන ක්‍රියාවලිය ඌව පළාතේ සියලුම පාසල් ඇතුළත ක්‍රියාත්මක කිරීමට යෝජිතය. 2016 වන විට පළාතේ සියලුම පාසල් නඟා සිටුවීමේ වැඩ සටහනට ඇතුළත් කොට සැලසුම් කරන ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාසල් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබේ.
ඒ සමඟම 2016 වන විට පාසල් පාදක ගුරු සංවර්ධන ක්‍රියාවලිය ඌව පළාතේ සියලුම පාසල් ඇතුළත ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනු ලැබේ. මීට අමතරව ඌව පළාතේ කෘෂිකර්මය සංවර්ධනය කිරීමට නව තාක්ෂණික ක්‍රම වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඌවේ 2009 දී අර්තාපල් අස්වැන්න වූයේ මෙට්‍රික් ටොන් 51600 කි. නමුත් ඒ ප්‍රමාණය 2011 වන විට මෙට්‍රික් ටොන් 59655 ක් දක්වා වැඩි වී තිබේ. ඒ නව තාක්ෂණික ක්‍රම නිසාය.
ඒ සමඟම කිලෝ ලක්ෂ ගණනක් බීජ අර්තාපල් වැඩිපුර ලබා ගැනීම පිණිස වැලිමඩ පාලුගම සමූහ බීජ අර්තාපල් ගොවිපළ හා බොරලන්ද පිටපොළ බීජ අර්තාපල් ගොවිපළ නවීකරණය කිරීමට කටයුතු සිදු කරමින් පවතී. ඊට අමතරව වැඩි අස්වැන්නකින් යුත් පෙරමූලික බීජ යොදා ගැනීම හා පරිසර හිතකාමී අයුරින් කෘමිනාශක අවම කිරීම හා කාබනික පොහොර අවම ලෙස යෙදීම මඟින් ප්‍රදේශයේ පරිසරය සුරැකීමට ද පියවර ගෙන ඇත.
උක් වගාවෙන් බදුල්ල දිස්ත්‍රික්කය ස්වයංපෝෂිත කිරීමට ද කටයුතු කෙරේ. කුඩා පරිමාණයේ වගාකරුවන් සඳහා හෙක්ටයාර් 250 බැගින් හෙක්ටයාර 3750 ක් වගා කිරීම, බදුල්ල දිස්ත්‍රික්කය පුරා අලුතින් උක් කර්මාන්ත ගාල 30 ක් ආරම්භ කිරීම හා එමඟින් අලුත් රැකියා අවස්ථා 600 ක් උත්පාදනය කිරීමට ද කටයුතු කෙරේ. ගොවීන් 5000 ක් පමණ ස්වයං රැකියා උත්පාදනය කිරීමට ද සාමාජිකයන් 30 දෙනා බැගින් යුත් කුඩා සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලා පිහිටුවීම හා එමඟින් බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළත සීනි මෙට්‍රික් ටොන් 20000 ක් නිපදවීමට ද කටයුතු කිරීමට සීනි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ සියලු කටයුතු මඟින් අපනයන වෙළෙඳ පොළට ද සීනි ලබා දී සීනි සඳහා පිටරට යැවුණු රුපියල් කෝටි 200 ක් පමණ වූ විදේශ විනිමය මේ රටේ ම ඉතිරි කර ගැනීමට ද කටයුතු කෙරේ. ඊට අමතරව ඇල්ල නගරය ආශ්‍රිතව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට හා බදුල්ල බණ්ඩාරවෙල හා මහියංගණය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට ද කටයුතු කෙරේ. ඌව පළාතේ ප්‍රධාන ප්‍රවේශ ආශ්‍රිතව සංචාරක පහසුකම් සපයන මධ්‍යස්ථාන පිහිටුවීමට ද හපුතලේ ප්‍රදේශයේ සංචාරක නැරැඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද කටයුතු කෙරේ.
මේ අතර දොරින් දොරට ගමින් ගමට සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා රුපියල් කෝටි 173 ක් ලබා දී ඇත. මේ යටතේ මොනරාගල ග්‍රාම නිලධාරී වසම් 319 ක් යටතේ සංවර්ධන වැඩ සටහන් 319 ක් ඇතුළු වැඩ සටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.
මේ සියලු කටයුතුවලින් දැන් ඌව පළාතේ සිසු පරපුරට පමණක් නොව තරුණ හා වැඩිහිටි පරපුරට ද අවශ්‍ය පරිගණක, තොරතුරු තාක්ෂණ, කෘෂිකාර්මික හා ව්‍යාපාරික දැනුම ලබාදීමට කටයුතු කර තිබේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම හා පසුගිය ඌව පළාත් සභාවේ විධිමත් වැඩ කටයුතු මඟින් ඌව පළාත අපේ රටේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි අපේ විශ්වාසයයි.
මේ අතර ඌව පළාතේ විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට පසුගිය පළාත් සභා කාල‍යේ දී වැඩ කටයුතු රැසක් කෙරී ඇත. බදුල්ල රෝහල ඉහළම මට්ටමට සංවර්ධනය කර තිබේ. බදුල්ලේ පිළිකා රෝහලක් ඉදිකර ඇති අතර එහි බාහිර රෝගී අංශයට රුපියල් ලක්ෂ 4000 ක් වැය කර තිබේ. තැලසීමියා හා හෘද රෝග සැත්කම් ඒකකයක් ද මෙහි පිහිටුවා ඇත. ඊට අමතරව ගිරාඳුරුකෝට්ටේ රෝහලට වකුගඩු ඒකකයක් ද, මහියංගණ රෝහල නවීකරණය කිරීම ද බදුල්ල රෝහලට නවීනතම ස්නායු යන්ත්‍රයක් සවිකර ඇති අතර බදුල්ල ඔසුසල නවීකරණය කර තිබේ. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කය පුරා ගිලන් රථ 10 ක් බෙදා දී තිබේ. ඒ සමඟම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය හා පරිසර හිතකාමී වගා කටයුතු ක්‍රියාවට නංවා ඌව පළාත ඇතුළත නිරෝගී පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබේ.

මහනුවර ධර්මරාජ විදුහලේ බාලදක්ෂ කණ්ඩායම


මහනුවර ධර්මරාජ විදුහලේ බාලදක්ෂ කණ්ඩායම තම කණ්ඩායමට ලැබූ සම්මානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පිරිනැමූ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා
http://www.silumina.lk/2014/08/31/_art.asp?fn=aa14083112

Thursday, August 28, 2014

ගාලු කරණම්


http://www.divaina.com/2014/08/28/sarasavi.html

5MB තරම් කුඩා මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකට දාගන්න හැටි.

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ 5MB තරම් කුඩා මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකට දාගන්න හැටි.ඉතින් අදකාලේ හැටියට 5MB කියන්නේ ඉතා කුඩා ෆයිල් සයිස් එකක්.මේවගේ ෆයිල් සයිස් එකක මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් එකට දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද.

KolibriOS කියන්නේ ඉතා කුඩා ඒ වගේම ගොඩක් බලවත් මෙහෙයුම් පද්දතියක්.ඇත්තට මේක ධාවනය කරන්න අවශ්‍ය වෙන්නේ 8MB වගේ කුඩා රැම් මතකයක් පමණයි.මේක කුඩා විතරක් නෙවෙයි ඔයාලට අවශ්‍ය DOC එකක් එඩිට් කරගන්න සින්දු අහන්න වීඩියෝ නරබන්න අන්තර්ජාලයේ සැරිසරන්න වගේ ගොඩක් පහසුකම් තියනවා.ඒවගේම මේක බූට් වෙන්න යන්නේ තප්පර 10 වඩා අඩු කාලයක් පමණයි.

දැන් බලමු කොහොමද මේක පෙන් එකට දාගන්නේ කියල.එකට FAT32 ෆෝමැට් කරපු පෙන් එකක් ඕනේ වෙනවා.මොකද මේක සම්පුර්ණයෙන්ම සහය දක්වන්නේ FAT12/16/32 වලටයි.නමුත් NTFS, ISO9660 and Ext2/3/4 සදහා කියවීමේ පහසුකම් තියනවා.(read-only support)

* මුලින්ම මෙතනට ගිහින් http://adbla.us/6rQSa (click and skip Ad) බාගන්න.

1. KolibriOS එක අන්සිප් කරගන්න.
2. අන්සිප් කරගත්ත KolibriOS එකේ HD_Load > USB_Boot එකට යන්න.
3. setmbr.exe මගින් MBR ස්ථාපනය කරගන්න.(මෙහි X යනු පෙන් ඩ්‍රයිව් එකයි. setmbr.exe run as administrator Run කරන්න)
4. inst.exe මගින් flash loder එක ස්ථාපනය කරගන්න.(inst.exe run as administrator Run කරන්න)
5. දැන් අන්සිප් කරගත්ත KolibriOS එක පෙන් එකට කොපි කරගන්න.
6. දැන් පෙන් එකෙන් පරිගණකය බූට් කරන්න

http://www.sinhalahelp.com/SinhalaHelp.com
SinhalaHelp.com

මහපොළ ශිෂ්‍යාධාරය රු. 6000 දක්වා

ජනාධිපති උපදෙසින්

මහපොළ ශිෂ්‍යාධාරය රු. 6000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා

 - ඇමැති එස්.බී දිසානායක
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් හය දහස දක්වා ඉහළ නැංවීමට අදාළ පිඹුරුපත් සකස් කොට අවසන් බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මේ යටතේ අඩු ආදායම්ලාභී ශිෂ්‍යන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නංවන බව පැහැදිලි කළ ඇමතිවරයා මහපොළ අරමුදල , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ උප කුලපතිවරු සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ ඇතැයි අනාවරණය කළේය.
පෙරේදා (26) බත්තර මුල්ලේ පිහිටි අමාත්‍ය නිල නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා එසේ සදහන් කළේය.
මෙම අරමුදල් ප්‍රමාණය ඉහළ නැංවීම‍ට අදාළ සියලු කටයුතු සකස් කර තිබිය දී අන්තවාදී පිරිසක් පා ගමනක් යෑමට සුදානම් වන බව කී ඒ මහතා පෙරටුගාමින් සහ ජ‍විපෙ ගෙන යන මෙම වැඩපිළිවෙළ අසාර්ථක ප්‍රයත්නයක් යැයි සඳහන් කළේය.
ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ලෝක ශ්‍රේණිගත කිරීමේ 14වන තැනට පත් කිරීම තම ඒකායන අරමුණ බව කී ඇමැතිවරයා ඒ වෙනුවෙන් විදේශ සිසුන්ට මෙරට ජනාධිපති විශේෂ උපාධි අවස්ථා ඇති කළ බවත් ඒ අනුව මෙම වසරේ විදේශ සිසුන් 100දෙනෙක් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යනය කටයතු සඳහා මෙරටට පැමිණ ඇති බවත් මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ වසරේ මෙරටට පැමිණි සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් ආපසු ගිය බවත් අනාවරණය කළේය.
මෙරට විශ්වවිද්‍යාල වරම් අහිමිවන අපේ දරුවෝ නේපාලය , භූතානය බංගලාදේශයට ගොස් දුක් විදින බව අනාවරණය කළ ඇමැතිවරයා ඒ දරුවන් වෙනුවෙන් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු බවට රජය තීන්දු කළ බව පැවසීය.
කොන්දේසි මත මෙරට වෛද්‍ය උපාධිය පිරිනමන ආයතනයක් ලෙස මාලඹේ වෛද්‍ය විද්‍යාලය රජය පිළිගන්නා බව කී අමාත්‍යවරයා එහි සියලු ප්‍රශ්න මේවන විට නිරාකරණය කර ඇති බැවින් අධ්‍යනය කටයුතු අරඹිය හැකි බවත් එහි ශික්ෂණ රෝහලක් ඇතැයි ද රාගම පේරාදෙණිය සහ කොළඹ වෛද්‍ය පිඨයේ වෛද්‍යවරු එහි ඉගැන්වීම් සිදු කරන බවද කීය. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා නවක දරුවන්ට නායකත්ව පුහුණු වැඩසටහන සැප්තැම්බර් 6වෙනි දා ඇරඹෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

   http://www.dinamina.lk/2014/08/28/_art.asp?fn=n14082811



Wednesday, August 27, 2014

උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම් 30දා සිට


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ලබන 30 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පවසයි. සැප්තැම්බර් මස 12 වනදා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරේ‍.
පළමු අදියර ඇගයීම් කටයුතු සඳහා පාසල් 10 ක් සම්පූර්ණයෙන් වසා තැබේ. දෙවන අදියර සැප්තැම්බර් 14 දා ආරම්භ කෙරෙන අතර 27 වනදා දක්වා ඇගයීම් සිදු කරන අතර සම්පූර්ණයෙන් පාසල් 05ක්ද කොටසක් වසන පාසල් 17ක් තුළද ඇගයීම් කටයුතු සිදු කෙරේ.
ඌව පළාත් මැතිවරණය හේතුවෙන් එම පළාතේ තිබෙන බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලය සම්පූර්ණයෙන්ම ඇගයීම් සදහා වසා තැබෙන අතර බණ්ඩාරවෙල සීවලි මහ විදුහල කොටසක් ඇගයීම් සඳහා වසා තැබෙන අතර සැප්තැම්බර් 24 ඔක්තෝම්බර් 10 අතර කාලය තුළ ඇගයීම් කටයුතු සිදු කෙරේ.
උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා 21000ක් පමණ පරීක්ෂකවරුන් යොදවා ඇතියි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය. මධ්‍යස්ථාන 59ක පාසල් 45ක ඇගයීම් කටයුතු සිදු කෙරේ. ඇගයීම් මණ්ඩප 843ක ඇගයීම් සිදු කෙරේ.
පහ වසර ශිෂයත්ව විභාගයේ ඇගයීම් ඊයේ (26) ආරම්භ වූ අතර මධ්‍යස්ථාන 35කදී ඇගයීම් කටයුතු සිදු කෙරේ. ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු සඳහා පරීක්ෂකවරුන් 5796ක් යොදවා ඇති අතර පාසල් 34 මණ්ඩල 328දී ඇගයිම් කටයුතු සිදු කෙරේ.  විභාග දෙකෙහිම ඇගයීම් කටයුතු සිදු කරන කාලය තුළ ඇගයීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

http://www.dinamina.lk/2014/08/27/_art.asp?fn=n1408272

Monday, August 25, 2014

සාහිත්‍ය කලා ප්‍රසාදිනී සැප්: 06 -11 මහනුවර දී

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ලබන සැප්තැම්බර් 01 සිට 07 දින දක්වා පැවැත්වීමට සංවිධානය කරන ලද සාහිත්‍ය කලා ප්‍රසාදිනී ජාතික මහෝත්සවය නොවැලැක්විය හැකි හේතුවක් නිසා සංශෝධනය කොට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ඒ අනුව එම උත්සවය ලබන සැප්තැම්බර් 06 සිට 11 දක්වා සතියක කාලය තුළ  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා පැවසීය.


පසුගිය වර්ෂවල කොළඹ කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව පැවති මෙම සාහිත්‍ය කලා ප්‍රසාදීනි උත්සවය මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන මහනුවර ගැටඹේ මහනාම විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු  යොදා තිබේ. මෙම සාහිත්‍ය කලා ප්‍රසාදීනී උත්සවයට සමගාමීව පොත් ප්‍රදර්ශන හා වෙළෙඳ කුටි 100කට අධික  සංඛ්‍යාවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

මෙම කාලය තුළ දිනපතා  ශාන්ති කර්ම, චිත්‍රපට ප්‍රදර්ශන, බැති ගී,  ටවර් හෝල් ශිල්පීන්ගේ නූර්ති ගී වැඩසටහන්, සංගීත ප්‍රසංග,  වාද බයිලා, නර්තන ප්‍රසංග ආදිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
සාහිත්‍ය ප්‍රසාදීනී උත්සවයේදී කලාකරුවන් ඇගයීමට ලක්කිරීමට නියමිත අතර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සංකල්පකට අනුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දක්ෂතා දැක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ කලාකරුවන් 100 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබේ. උත්සවයේ සමාප්තිය සඳහා අතිගරු ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිත බව ද මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.

සාහිත්‍ය කලා ප්‍රසාදිනි උත්සවය සම්බ්න්ධයෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය. මෙම අවස්ථාවට  උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේ‍කෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම්  එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

NDH/TA-dmu kandy
http://sinhala.news.lk/news/entertainment/item/4219-06-11

සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ ත්‍යාග ප‍්‍රදානය







සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය 2013 තරගයන්ගේ ජයග‍්‍රහකයන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය කිරීම
 ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්විණි. 
අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාව විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. 
මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වෙත පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන සැලැස්ම 2015 යෝජනාවලිය පිළිගැන්වීම ද සිදුකරනු ලැබීය.   
මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමි, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, පළාත් සභා මන්ත‍්‍රී ජගත් කුමාර ඇතුළු පිරිසක් එක් ව සිටියහ. 
DB
http://sinhala.news.lk/news/entertainment/item/4246-2014-08-21-16-56-17

ජපන් සංස්කෘතික ප්‍රදර්ශනය අගෝස්තු 30

ජපන් තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා ජපන් භාෂා ගුරු සංගමය සංවිධානය කරනු ලබන ජපන් සංස්කෘතික ප්‍රදර්ශනයක් අගෝස්තු 30 පෙ.ව. 10.00 ට කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.
 
බොන්සායි, ඉකිබානා, ඔරිගාමි, බෝනික්කන් හා කිමෝනා වැනි ජපන් සංස්කෘතික විශේෂාංග හා සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත් ජපානයේ ස්ථාන දිස්වන පෝස්ටර මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
 
 
ප්‍රදර්ශනය අතරතුරදී ජපානයට සුවිශේෂී තේ පැන් සංග්‍රහයක්ද පවත්වනු ලැබේ.‍
 
SDF
 
http://sinhala.news.lk/news/entertainment/item/4330-30

Sunday, August 24, 2014

තාල්-2



ගම්පහ රීජන්ට් ජාත්‍යන්තර පාසලේ සිසුවියන් තාල්-2 නමින් පසුගියදා රීජන්ට් විදුහල් ශාලාවේදී පැවැත්වූ නර්තන විවිධ ප්‍රසංගයේදී රංගනයක් ඉදිරිපත් කළ අවස්ථාව

අත් නොහළ යුතු පත පොත


සාහිත්‍ය කලා කෘති අධ්‍යයනය කරන තැනැත්තා නිතැතින්ම සාහිත්‍යකාමියකු බවට පත් වේ. මෙලෙස සාහිත්‍ය කෘති කියැවීමට නැඹුරු වූවන් පමණක් දන්නා සුන්දර රහසක් නම් අප ගෙවනා ජීවිතය සත්‍ය වශයෙන්ම ඇත්තේ අප තුළ නොවේ සැබවින්ම අපේ ජීවිතය ඇත්තේ මේ සාහිත්‍ය කලා කෘති අතරය.
ජීවිතය විඳීමට කැමැත්තක් දක්වන පුද්ගලයා සාහිත්‍ය කලා කෘති කියැවීමට පෙලඹෙන අතර ඔවුන් නොදැනුවත්වම, චින්තනයෙන්, නිර්මාණශීලිත්වයෙන් හා කලා රසඥතාවයෙන් පිරිපුන් වී සමාජයට දියවර සපයන්නන් බඳු සමාජයට අත්‍යවශ්‍යම පුද්ගලයෝ බවට පත්වෙති.
අතීතයේ ඇමෙරිකාවේ තිබූ ගමක පුංචි දුප්පත් පවුලක සිටි පුංචි පුතෙන් ඉගෙනුමට බොහෝ ඇල්මක් දැක්වුව ද ඒ කාලයේ එරට පැවැති කළු සුදු බේදය නිසා මේ පුංචි පුතාට කුඩා කාලයේදීම හිමි වුණේ වහල් සේවයයි. එහෙත් ඔහු කිසිවිටෙක ඉගෙනීමට තිබූ ආසාව අත් නොහැර තමා කරන සේවයට පඩියක් ලෙස ඒ ඒ නිවෙස්වලින් පුංචි පොතක් ණයට ලබාගෙන රාත්‍රී යාමයේ නගරයේ පහන් කණුවක් යටට වී ඒ පොත් කියවීම පුරුද්දක් කර ගෙන සිටියේය.
ඔහුගේ ඒ අධ්‍යාපනය සහ ජීවිතය අතර කුඩා අවධියේ සිට පැනනැඟුණ නොනිමි අරගලයට සාර්ථකව මුහුණ දුන් ඒ පුංචි පුතාට අවසානයේ හිමි වූයේ ඉතා විශිෂ්ට ප්‍රතිඵලයකි. ඒ ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමයි. එවන් වූ අභියෝගාත්මක ජීවිතයකට මුහුණ දී තම චින්තනය ඔප්නංවා ගැනීමට ලින්කන් නමැති ඒ කුඩා දරුවාට උපකාර වුණේ නගරයේ පහන් කණුව යට සිට කියැවූ පොත-පතය.
තාක්ෂණ දියුණුවත් සමඟ මිනිසා සහ පොත අතර තිබූ සබැඳියාව කෙමෙන් ගිලිහී යන්නට විය. ඒ කිසිවක් නිසා නොව තාක්ෂණය හේතුවෙනි. එදා විවේකය ගතකිරීමට පොත්පත් කියවීමට පෙලඹී සිටි ජනයා වර්තමානය වන විට අන්තර්ජාලය දුරකථන ආදී තාක්ෂණික අංග සමඟ ගත කිරීමට පෙලඹී සිටිති.
පුංචි අප හෝ මේ මොහොතේ සිටම අපේ ඇල්ම බැල්ම පොත්පත්වලට ලබා දෙමින් ඒ තුළ සැඟවී ඇති දැනුම් සම්භාරය දායාද කර ගැනීමට පෙලඹෙමු.
එරන්දිනී සෞභාග්‍යා
10 ශ්‍රේණිය ‘ඩී’, ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ.

http://www.silumina.lk/2013/09/15/_art.asp?fn=au130915

සිත්තර මීයෝ


දවසම එළිය පතුරවපු ඉර මාමා බැහැලා යනවා. කුරුල්ලෝ කැදලිවලට පියාඹලා යනවා. සිතුම් බබා ගෙදර මිදුලට වෙලා පාර දිහා බලාගෙන හිටියා තාත්තා ගෙදර එනකම්.
තාත්තා එනවා දැකපු සිතුම් බබා දුවලා ගිහින් තාත්තගේ අතේ එල්ලුණා. තාත්තා සිතුම් බබාත් එක්කම ගේ ඇතුළට ආවා. තාත්තා පුංචි මල්ලක් අරගෙන සිතුම් බබාට දුන්නා. ඒකේ තිබුණේ ලස්සන දිය සායම් පෙට්ටියක්‍.
බබා උදෙන්ම ඇහැරලා දිය සායම් පෙට්ටියත් අරගෙන හරිම සතු‍ටින් ඉස්කෝලේ ගියා. සිතුම් බබා දිය සායම් පෙට්ටිය යහළුවන්ටත් පෙන්නුවා. චිත්‍ර අඳින වෙලාවට ලස්සන චිත්‍රයක් ඇන්දා.
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු බබා ඇඳපු චිත්‍ර අම්මටත් පෙන්නලා, බෑග් එක පැත්තකින් තියලා නංගිත් එක්ක සෙල්ලම් කරන්න ගියා.
බබා ආපහු එනකොට බෑග් එකේ තිබුණ දිය සායම් පෙට්ටිය එළියේ විසුරුවලා තිබුණා. බබාට හිතාගන්න බැරිවුණා කවුද මේ වැඩේ කළේ කියලා. බබා දිය සායම් ටික එකතු කරලා බෑග් එකේ දාලා තියලා නිදාගත්තා.
උදේත් සිතුම් බබා බලනකොට දිය සායම් පෙට්ටිය තිබුණේ එළියේ. බබාට හරි පුදුමයි. බබාට හිතුණා කවුරුහරි බබාව පුදුම කරවන්න මෙහෙම කරනවා ඇති කියලා. බබා ඉස්කෝලේ ගියේ අද හවසට දිය සායම් ඉහිරවන කෙනා හොයාගන්නවා කියලා හිතාගෙන.
සිතුම් ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් දිය සායම් පෙට්ටිය එළියෙන් තියලා නංගිත් එක්ක හැංගිලා බලාගෙන හිටියා.
හරිම පුදුමයි ටික වේලාවකින් පුංචිම පුංචි මීයෝ තුන්දෙනෙක් ඇවිත් දිය සායම් පෙට්ටිය ඇරියා. එක මීයෙක් එතැනම ඉද්දි අනිත් මීයෝ දෙන්නා බබාගේ දිය සායම් සේරම අරගෙන ගියා. ඉක්මනින්ම දිය සායම් ආපහු ගෙනත් තියපු මීයෝ තුන්දෙනාම ගබඩා කාමරේට රිංගගත්තා.
සිතුම් නංගිත් එක්ක ගිහින් හෙමිහිට ගබඩා කාමරේට එබිලා බැලුවා. මීයෝ බිත්තිය මුල්ලේ බරටම වැඩ.
මීයෝ තුන්දෙනා චිත්‍ර අඳිනවා. එක මීයෙක් එයාලගේ ගේ පාට කරනවා. බබාට හරි පුදුමයි. බබා කල්පනා කළා මෙහෙම හැමදාම වුණොත් බබාගේ දිය සායම් ඉක්මනට ඉවර වෙනවා.
එ‍තකොටයි නංගි කතා කළේ “අයියා මට දීපු පරණ දිය සායම් පෙට්ටිය අපි මෙයාලට දෙමු”.
සිතුම්ට මතක් වුණා එයාගේ පරණ දිය සායම් පෙට්ටිය. සිතුම් ඒක අරගෙන ගබඩා කාමරේට ගියා. එතකොට මීයෝ හිටියේ නෑ. සිතුම් දිය සායම් පෙට්ටිය ගබඩා කාමරේ තියලා ඈතට ගිහින් බලාගෙන හිටියා. කොහෝදෝ ඉඳලා ආපු මීයෝ තුන්දෙනා දිය සායම් පෙට්ටිය දැකලා නටන්න පන්ගත්තා.
සිතුම් නංගිවත් අඬගහගෙන එතනින් අයින් වුණේ එයාලා එතැන ඉන්නවා අම්මා දැක්කොත් සිත්තර මීයන්ට වැඩි ආයුෂක් නොවන නිසයි.
ඒ.ඒ.ඒ.ශ්‍රීමාලි අධිකාරි
12 ඒ‍ ශ්‍රේණිය (කලා), පුෂ්පදාන බාලිකා මහ විදුහල, මහනුවර.

http://www.silumina.lk/2013/09/15/_art.asp?fn=au130915

"ග්‍රාස්තිය"..............................................???????????

පිළිතුර හරි බව දැන දැනත් එකම ගණන පස් හය වතාවක් හදල බලන ලෙඩේ

ඔබේ දරුවාටත් තිබෙනවාද

 විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
යම් දෙයක් පිළිබඳව දිගින් දිගටම ඇතිවන සිතිවිලි, එසේත් නැතිනම් තේරුමක් නැතිව එකම ක්‍රියාවක දිගින් දිගටම නියැළීමට තමන් තුළම පෙලඹීමක් ඇතිවීම නිසා ඔබ කරදරයට, පීඩාවට පත්ව සිටී ද, ඒ හා බැඳුණු නොසන්සුන් ගතියකින්, කාන්සාවකින් පෙළේ ද? එසේ තේරුමක් නැති බව දැන දැනත් දිගින් දිගට ම එකම කාර්යයක නිරත වීම, විකාර රූප සිතිවිලි ගලා ඒම ‘ග්‍රාස්තිය’ එසේත් නැතිනම් OCD රෝගයේ ලක්ෂණ බව ඔබ දන්නවාද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ එම රෝගය පිළිබඳවයි.
* ග්‍රාස්තිය හෙවත් OCD රෝගයේ මූලික ලක්ෂණ මොනවාද?
මෙම රෝගයේ ප්‍රධාන වශයෙන් මූලික ලක්ෂණ තුනක් තිබේ. යම් සිතිවිල්ලක් හෝ ක්‍රියාවක් හෝ තමන්ට කරදරකාරීවන ලෙස නැවත නැවත ඇතිවීම, ඒ හා බැඳී පවතින නොසන්සුන් ස්වභාවය හෙවත් කාන්සාව, අර්ථයක් නොවන බව සහ නිශ්ඵල බව දැන දැනත් එයට විරුද්ධව ක්‍රියා කිරීමට නොහැකිව ඒ කාර්යයෙහි ම නිරත වීම ඒ අතර වේ.
* මේ රෝග ලක්ෂණ පිළිබඳව නිදර්ශන මඟින් පැහැදිලි කර දිය හැකිද?
ඔව්. එක් අවස්ථාවක ගණිතය විෂයයට බොහෝ දක්ෂ දරුවෙක් සිටියා. එහෙත් සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු එම විෂයයට සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ පිළිබඳව දරුවාගෙන් කළ විමසීමේදී පැහැදිලි වුණේ ටික කාලයක සිට ඔහු යම් මානසික පීඩාකාරී බවකින් සිටින බවයි. ඒ යම් දෙයක් නිවැරැදිව කළාද යන සැකය දිගින් දිගටම ඇතිවීමයි.
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදීත් ඔහුට එම තත්ත්වයට මුහුණ දීමට සිදුවී ඇති අතර ගණනක් නිවැරැදිව සාදා තිබුණත් එය වැරදී ඇත යන සිතිවිල්ල දිගින් දිගටම ඇතිවීම නිසා එකම ගණන පස් හය වතාවක් සාදා බැලීමට ඔහුට සිදු වුණා. පිළිතුර නිවැරැදි බව දැන දැනත් එහිම නියැළුණේ ග්‍රාස්තිය නමැති රෝග තත්ත්වය නිසයි.
එකම දේ නැවත නැවත කරන්නට යාම නිසා මේ දරුවාට නියමිත වේලාවට පිළිතුරු ලියා අවසන් කළ නොහැකි වීම නිසා විභාගය අසමත් වුණා.
* පිරිසුදුකම හා පිළිවෙළ පිළිබඳව අනවශ්‍ය තරමට සිතීමත් ග්‍රාස්තිය රෝගයට සම්බන්ධ ද?
ජීවිතයේ දී පිරිසුදුකම හා පිළිවෙළ අත්‍යවශ්‍යයයි. එහෙත් දෛනික කටයුතු අඩපණ කර ගන්නා තරමට කෙනෙක් පිරිසුදුකම හා පිළිවෙළ ගැන සිතනවා නම් එය ගැටලුවක්. සමහර අය විභාගයක් වැනි අවස්ථාවක පවා අත්වල විෂබීජ තැවරී ඇතැයි සිතා ශාලාධිපතිවරයාට විවිධ දේ පවසමින් අත සෝදාගෙන එන අවස්ථා තිබෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය බෙදූ අය ගේ දෑත්වල ඇති විෂබීජ ඒවායෙහි ස්පර්ශ වී ඇති බව සිතමින්.
‍ඒ වගේම කාර්යාලයක දොරක් ඇරියත් සමහරු හිතන්නේ බොහෝ දෙනෙක් එය ස්පර්ශ කරන නිසා විෂබීජ ඇති බවත් තමන්ගේ දෑතේ එම විෂබීජ තැවරී අසනීප විය හැකි බවත්. ඒ නිසා ම ඔවුන් අනවශ්‍ය ලෙස බොහෝ වේලා වැය කරමින් නැවත නැවත දෑත් පිරිසුදු කරනවා. අනවශ්‍ය ලෙස පිළිවෙළට වැඩ කරන්නට යාම නිසා බොහෝ වැඩ කටයුතු, සමහරවිට දුම්රියට බස්රියට, කාර්යාලයට, පාසලට වේලාවට යාම නොහැකි වීම ආදී ලෙස විවිධ අවස්ථා මඟ හැර ගන්නවා. එය විශාල ගැටලුවක්. මෙසේ එකම සිතිවිල්ල නැවත නැවත ඇතිවීම නිසා එකම ක්‍රියාවක නැවත නැවත නියැළීම එම රෝගීන්ගේ ස්වභාවයයි.
* මේ රෝග තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි කාට ද?
සාමාන්‍යයෙන් මෙවැනි සිතිවිලි නොඑන කෙනෙක් සොයා ගැනීම අපහසුයි. අප කාටත් කවදා හෝ දිනෙක එවැනි සිතිවිලි ඇතිවිය හැකියි. එහෙත් එම තත්ත්වය රෝගයක් ලෙස සලකන්නේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු කරගෙන යාමට තරම් අපහසු තත්ත්වයකට පත්වනවා නම් පමණයි.
උදාහරණ ලෙස රාත්‍රී නින්දට ගිය පසු නිවෙසේ දොර ජනෙල් වසා තිබේදැයි සැක සිතී වරින්වර පැමිණ ඒවා පරීක්ෂා කරනවා නම් එය නින්දට බාධාවක්. එමඟින් සිතේ කරදරකාරී කාන්සාවක් ඇතිවනවා නම්, පසුදිනට නියමිත කටයුතු අතපසු වනවා නම් වෛද්‍යවර‍යකු මුණගැසී ඔබ මුහුණ පා සිටින තත්ත්වය පවසා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. සැබැවින් ම මානසික වෛද්‍ය සායනවලට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 25 ත් අතර ප්‍රමාණයක් ග්‍රාස්තියෙන් පෙළෙන බව පෙනෙනවා. බටහිර රටවල නම් කරන ලද සමීක්ෂණ අනුව ජනගහනයෙන් සියයට තුනක් සමහරවිට ඊටත් වැඩි ප්‍රමාණයක් තම ජීවිත කාලය තුළදී මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව වාර්තා වී තිබෙනවා.
* මේ රෝගයට බලපාන ප්‍රධාන හේතු මොනවාද?
ග්‍රාස්තියට එසේත් නැතිනම් OCD රෝගයට බලපාන නිශ්චිතම හේතුවක් සොයා ගෙන නැතත් මේ පිළිබඳව විවිධ න්‍යායන් ගොඩනඟා තිබෙනවා. එය උපතින්, ජානවලින් ගෙනෙන ලක්ෂණයක් විය හැකියයි සමහරුන් ගේ විශ්වාසයයි. තවත් කෙනෙක් අදහස් කරන්නේ මිනිසුන්ගේ චර්යාවන් පාලනය කරන, මොළයෙහි ක්‍රියාකාරීත්වයනට බලපාන රසායනික ප්‍රතික්‍රියා පද්ධතීන්ගේ ඇතිවන වෙනස්වීම් ඊට හේතුවිය හැකි බවයි.
* ග්‍රාස්තිය රෝගීන් තුළ දැකිය හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවාද?
තේරුමක් නැති, අමතක කළ නොහැකි සිතිවිලිවල පැටලී අනර්ථවත් දේ කරන බොහෝ ග්‍රාස්තිය රෝගීන්ට ඇතැම් විට තමන් කළ දේ ගැන තමන්ටම සිනහ යන ස්වභාවයක් පෙන්නුම් කරනවා.
මෙම රෝගීන් අතර සමහර කෙනෙකුට, ආගමික සිද්ධස්ථානයකට පැමිණ ආගමික වතාවත් කරන අතරතුරදී පරුෂ වචන වගේ ම පාපතර අදහස් සිතට නැඟීම නිසා ආගමික කටයුතු කර ගත නොහැකිව සිත් තැවුලට පත්වෙනවා. තවත් සමහර කෙනෙකුට තමන්ගේ නිදන කාමරයේ සියල්ල එක පිළිවෙළකට සකසන තුරු නින්ද නොයයි. තවත් කෙනකුට ස්නානයට පැය ගණන් ගත වෙයි. අනවශ්‍ය තරම් වේලාව ගනිමින් සිරුර පිරිසුදු කරයි. මේ ආකාරයට ග්‍රාස්තිය රෝගීන් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකියි.
* ග්‍රාස්තිය රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුමද?
ඔව්. යම් පුද්ගලයෙක් තමන්ගේ වෘත්තීය කටයුතු සහ සමාජ කටයුතු ඵලදායි අයුරින් කිරීමට නොහැකි තත්ත්වයට රෝගය උත්සන්න වී ඇත්නම් ප්‍රතිකාරවලට යොමුවීම නුවණට හුරුයි. ඊට හේතුව ඔහුට මානසික රෝගයක් වැලඳී තිබීමයි. වෛද්‍යවරුන් මෙම රෝගය පිළිබඳව හොඳින් දන්නා හෙයින් අවශ්‍ය ප්‍රතිකාර ඔවුන් විසින් තීරණය කරනු ඇති. එමෙන් ම රෝගය තදබල ලෙස බලපා නොතිබේ නම් ඒ පිළිබඳව අවබෝධ කරගැනීමත්, වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමත් (උපදේශනය) සුළු ඖෂධ ප්‍රතිකාරයකුත් ප්‍රමාණවත් වේ. මෝහන ප්‍රතිකාරය ද ඒ සඳහා භාවිතා කළ හැකි තවත් ප්‍රතිකාර ක්‍රමයක්.
* මේ රෝගය තදබල ලෙස රෝගියාට බලපෑම් කරන්නේ නම් කළ යුතු වන්නේ කුමක්ද?
රෝගය තදින් ඇත්නම් ඖෂධ ප්‍රතිකාර, උපදේශනවලට අමතරව ප්‍රතිචාර නිවාරණය නමැති චර්යා ප්‍රතිකාරය ලබාදීමට සිදුවනු ඇත. මෙහිදී රෝගියා බියට පත් කළ තත්ත්වයට නැවත පමුණුවා (උදාහරණ ලෙස විෂබීජ බිය ඇති කෙනෙක් නම් ඔහුගේ දෑත්වල, බිය ඇති කළ දේ තවරා) ප්‍රතිකාර ලබා දෙන අය ගේ අධීක්ෂණය යටතේ ඔහුට සාමාන්‍ය වැඩ කටයුතු කිරීමට සැලැස්වීම සිදු කෙරේ. එවිට කාලයාගේ ඇවෑමෙන් රෝගියාගේ නිරර්ථක සිතිවිලි දුරු වී කාන්සාව පහව යන හෙයින් තේරුමක් නැති ක්‍රියාවන් හි නිරත වීම ඔහුටත් නොදැනීම පහව යයි.
මෙවැනි රෝගියෙක් පිළිබඳව පවුලේ සාමාජිකයන් ගේ හැසිරීම කෙබඳු විය යුතු ද?
හොඳම දේ රෝගියා තේරුම් ගැනීමයි. ඒ වගේ ම ඔහු සමඟ උරණ නොවී කරුණාවෙන් සහ දයාවෙන් ඇසුරු කළ යුතුයි. ඒ වගේ ම හැකි ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම ද වැදගත්.
* ග්‍රාස්තිය රෝගියකු ප්‍රතිකාරවලට යොමු නොකළේ නම් කුමක් සිදුවේද?
එවැනි රෝගියකුට නිසි කලට ප්‍රතිකාර නොලැබුවේ නම් ඇතැම් විට ඔවුන්ගේ පවුල් ජීවිතය පවා අවුල් විය හැකියි‍. දක්ෂ දරුවෙක් වුව ද අනවශ්‍ය ලෙස එකම දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම නිසා ඔහුගේ අනාගත ජීවිතයම අඳුරු විය හැකියි.
කුඩා දරුවන්ටත් මේ රෝගය ඇතිවිය හැකිය.
ග්‍රාස්තිය ඇතිවන්නේ මනුෂ්‍යයා සමාජගත වීමත් සමඟයි. අවුරුදු තුනෙන් පසුව දරුවකුට වුව ද රෝගය ඇති විය හැකියි. ඒ වගේ ම ‍එවැනි දරුවන් සම්බන්ධව මවුපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. දරුවට තරවටු කිරීම සුදුසු නොවේ. ආදරයෙන් කරුණාවෙන් දරුවාට සමීප වී ඔහුට ඇති තත්ත්වය තේරුම්කර දිය යුතුයි.
වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ද ඉතා වැදගත්. විශේෂයෙන් විභාගයකට පාඩම් කරන දරුවකු නම් වහාම පවුලේ වෛද්‍යවරයාට හෝ මානසික වෛද්‍යවරයකුට යොමු කළ යුතුයි.
සමහර අය කැරපොත්තන්, මීයන් ආදී සතුන්ට අසාමාන්‍ය බියක් දක්වනවා. එයත් ග්‍රාස්තිය රෝගයේ රෝග ලක්ෂණයක් ද?
නෑ. මෙය ‘ෆෝබියා’ නැමැති රෝගයේ ලක්ෂණයක්. සමහරු මෙය හඳුන්වන්නේ ‘බයයි බයයි භීතිකාව’ නමින්. කැරපොත්තන් වැනි කෘමීන්ට දක්වන බිය. කෘමි භීතිකාව ලෙසින් එය සිංහලයට පරිවර්තනය කළ හැකියි.
සමහර අය සතුන්ට බය නෑ. එහෙත් එළිමහනට යන්නට පාරේ ඇවිදීමට බයයි. මළගෙවල් , මඟුල් ගෙවල් වැනි තැනක දී හුස්ම හිර‍ කරනවා වැනි ස්වභාවයක් දැනීම , හදවත වේගයෙන් ස්පන්දනය වීම, සිරුර වෙව්ලීම වැනි තත්ත්ව පෙන්නුම් කරයි. සමහර අවස්ථාවන්හි ක්ලාන්ත වේ යැයි බියෙන් පසුවේ. මේ තත්ත්වය එළිමහන් භීතිකාවයි. එය දුර්වල තත්ත්වයක් ද නොවේ.
තවත් සමහර අය බස් රියේ දුම්රියේ ගමන් කිරීමට බියයි. ජනෙල් වැසූ බස් රථයක නම් ඒ බිය දෙගුණ වන්නේ හුස්ම හිරවී යැයි සිතෙන නිසයි.‍ මෙවැනි සමහර රෝගීන් නිවෙසක දොර ජනෙල් වසා නිදා ගැනීමට පවා අකමැතියි. එම තත්ත්වයත් ෆෝබියාව‍’ ට අයත්.
මේ ආකාරයට බිය හට ගත හැකි හේතු සිය ගණනක් තිබෙනවා.
සතුන්ට බිය වීම, තනිවම සිටීමට බිය වීම ලේවලට බිය වීම, කරුවලට බියවීම, උස තැන්වලට බිය වීම, කසාදයට බියවීම, මීයන්ට බියවීම, ගැහැනුන්ට බිය වීම, සමාජයට බියවීම ආදිය ඉන් සමහරක්.
භීතිකාවක් යනු කුමක්දැයි තවදුරටත් පැහැදිලි කර දිය හැකි ද?
යම් දෙයක් හෝ අවස්ථාවක් කෙරෙහි ඇති වන තේරුමක් නැති අස්ථාන බියක් ලෙස එය හැඳින්විය හැකියි. යමක් පිළිබඳව සාමාන්‍යයෙන් ඇතිවන බිය ඊට අදාළ නොවේ. භීතිකාව නම් යම් දෙයකින් විය හැකි අනතුරට වඩා අස්වාභාවික ආකාරයෙන් වැඩිපුර බියට පත්වීමයි.‍ සමහර විට මෙවැනි රෝගීන්ට එය බොරු බියක් ලෙස අවබෝධ කරගත්ත ද එය සිතින් පහ කරගැනීමට නොහැකි වේ. ඒ නිසා ම ඔවුන් එවැනි අවස්ථා මඟ හැරීමට උත්සාහ කරන අතර‍ එය එදිනෙදා ජීවිතයට ද බලපෑ හැකියි.
* මේ අස්ථාන භීතිකාව සුවකර ගත හැකි ද?
ඔව්. එහෙත් බෙහෙත් පෙති හා එන්නත්වලින් නොවේ. පවුලේ වෛද්‍යවරයා වෙත යොමු වීමෙන් පසු ඔහු රෝගියා විශේෂ පුහුණුවලත් චර්යා ප්‍රතිකාරවේදීන් වෙත යොමු කරවනු ඇත. එවිට සිතෙහි හට ගන්නා බිය ජනක හැඟීම් පාලනය කිරීම සඳහා අවශ්‍ය සිත සන්සුන් කරවන ක්‍රම සඳහා රෝගියා පුහුණු කෙරේ. මෝහන ප්‍රතිකාරය ද අස්ථාන බිය නැති කර ගැනීම සඳහා සාර්ථකව යොදාගත හැකි තවත් ප්‍රතිකාර ක්‍රමයක්.

කොළඔ ආනන්ද විදුහල් ඒ සහ බී කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයට

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ සහ දෙවැනි කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග ද්විත්වයට ම කොළඹ ආනන්ද විද්‍යාලය සුදුසුකම් ලබයි. මෙම කණ්ඩායම් දෙක එකම වසරකදී අවසන් මහා තරගයකට ප‍්‍රවිශ්ට වන ප‍්‍රථම අවස්ථාව මෙය වීම කැපී පෙනේ.
ඒ කණ්ඩායම
ලහිරු හිරණ්‍යගේ නායකත්වයෙන් සහ ශ්‍යාමල් හිරුශාන්ගේ උප නායකත්වයෙන් යුත් ආනන්ද විද්‍යාලයීය ඒ කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබන්නේ පළමු කොටසේ දී තරග 6කට මුහුණ දෙමින් තරග 5ක ජයක් වාර්තා කරමිනි. ඔවුන් එහිදී කැලණිය ගුරුකුල, කොළඹ ඉසිපතන, කොටහේන ශාන්ත බෙනඩික්ට්ස්, පන්නිපිටිය ධර්මපාල සහ කොළඹ කේරි විද්‍යාල පරාජයට පත් කළහ. එම කොටසේ ඔවුන් ලත්  එකම පරාජය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව වාර්තා වූවේ ය.

ඔවුන් දෙවැනි වටයේ දී රත්ගම දේවපතිරාජ, පානදුර රාජකීය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලවලට එරෙහිව ජයග‍්‍රහණ ලැබූ අතර කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය සමග තරගය ලකුණු සම වීමෙන් නිමා කර ගත්හ. පෙර අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූයේ පසුගිය වසරේ ශූරයන් වූ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමග ය. එහිදී ද ජයග‍්‍රහණය කරන්නට ඔවුන් සමත් වූ අතර ඊට පසුව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. එම තරගය ප‍්‍රතිවාදී කොළඹ නාලන්දා විද්‍යාලය සමග වූ අතර එහිදී ජයග‍්‍රහණය ලබා ගත් ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

බී කණ්ඩායම
යසිත් රන්දුල අමරසිංහගේ නායකත්වයෙන් සහ ශෙහාන් බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ආනන්ද විද්‍යාලයීය බී කණ්ඩායම මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පාර සකසා ගන්නේ පළමු වටයේ දී තරග 6කට මුහුණ දෙමින් තරග 4ක ජයග‍්‍රහණ ලබා ගනිමිනි. එහිදී ඔවුන් කොළඹ තර්ස්ටන්(බී) බම්බලපිටිය හින්දු, කොළඹ ඉසිපතන(බී* සහ පන්නිපිටිය ධර්මපාල(බී* විද්‍යාලයීය කණ්ඩායම් පරාජය කළ හ. ඔවුන් මුහුණ දුන් කොළඹ ශාන්ත තෝමස් (ප්‍රෙප්* සමග තරගය විසඳුමකින් තොරව ද මොරටුව ශාන්ත සෙබස්තියන්(බී) තරගය පරාජය වෙමින් ද ඔවුන් පළමු වටය නිමා කළහ.

දෙවැනි වටයේ දී ඔවුන් මුහුණ දුන් තරග ත‍්‍රිත්වයම ජය ගැනීමට සමත් වූහ. ඒ කටුනේරිය ශාන්ත සෙබස්තියන්, හොරණ තක්ෂිලා සහ බළන්ගොඩ ආනන්ද මෛත‍්‍රී විද්‍යාලය පරාජය කරමිනි. අනතුරුව පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී වාරියපොළ ශ‍්‍රී සුමංගල විද්‍යාලය පරාජය කරමින් ද අර්ධ අවසන් පූර්ව වටයේ දී රාජකීය(බී* විද්‍යාලය පරාජය කිරීමට සමත් විය. අවසන් පූර්ව තරගයේ දී ඔවුන් හලාවත ශාන්ත මරියා විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් හ.

විද්‍යාලයීය විදුහල්පති ලෙස කිත්සිරි ලියනගමගේ මහතාගේ මග පෙන්වීම යටතේ කණ්ඩායම් ද්විත්වය භාර ආචාර්යවරයා ලෙස බී.එම්. තිලකරත්න මහතා කටයුතු කරයි. කණ්ඩායම් දෙකේ පුහුණුකරු ලෙස රොහාන් සොයිසා මහතා ද සහාය පුහුණුකරු ලෙස නිසංසල මෙන්ඩිස් මහතා ද කටයුතු කරයි.
ටී.එච්.ජේ. පේ‍්‍රමචන්ද්‍ර
http://www.rivira.lk/online/images/2014/08/23/ananda-college.jpg
http://www.rivira.lk/

‘සුජාතා’ ලෙස රඟන සිඟිති සුරතලිය සහේලි සදිත්මා

මම බොරුවට අඬන්න ඉගෙන ගත්තේ පුංචිගෙන්

‘සුජාතා’ ලෙස රඟන සිඟිති සුරතලිය සහේලි සදිත්මා
අද අපේ ‘සරසවියම’ සුරතල් කටහඬකින් පිරී ඉතිරී ගිහින්. හරියට පුංචි රිදී සීනුවක් හඬ නඟනවා වගේ සද්දයි. විටෙක සිඟිති සිනා වැසි වසිනවා. ආයෙත් තොරතෝංචියක් නැති කියවිල්ල.
* කවුද මෙතරම් චණ්ඩිකම් පාන්නේ?
වෙන කවුරුවත් නෙවෙයි. මේ ඇවිත් ඉන්නේ සුජාතා දුව. ඇයව ඔබ හඳුනන්නේ නැහැ කියන්න බැහැ. සුජාතා ටෙලි සිතුවම හැඩ කරන සුජාතා ගැන මුළු රටම දන්නවා.
සහේලී සදිත්මා සතරසිංහ.
* දුවගෙ නම හරි නේද?
හරියටම හරි.
ඇගේ දඟකාරකම ඇයට ආභරණයක් වන්නට ඇතැයි මට දැනිණ.
* මෙයා නම් හරිම දඟකාරයෙක්?
ආයෙත් අහලා. හරිම දඟමල්ලක්. ඒ වගේම බයත් නැහැ. ඒකනේ සුජාතා නාට්‍යයට තෝර ගත්තේ.
සහේලි මුව විවර කරන්නට ප්‍රථම ඇගේ මව් දුවගේ නිකට අල්ල ගනිමින් කීය.
* මෙහෙට එන්නකො පුංචි දූ. සුජාතා ද දූගේ පළමු නාට්‍යය?
ඔව්, ඔව්. ඊට කලින් ඇඩ් කිහිපයක රඟපෑවා.
* කවුද දුවව සුජාතා සඳහා තෝර ගත්තේ?
දීපානි නැන්දා තමයි මං ගැන සුජාතා අධ්‍යක්ෂණය කරන රවින්ද්‍ර විජේරත්න මාමාට කියලා තියෙන්නේ. ඒ මාමා මට එන්න කියලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා සුජාතා නාට්‍යයට තෝරා ගත්තා.
* රඟපාන්න ආසද?
ගොඩක් ආසයි.
* කැමරාව ඔන් කරලා, ලයිට් දාලා කට්ටිය වට වෙලා ෂූටිං කරද්දී බය හිතිලා නැතිද?
අපෝ නැහැ. චුට්ටක්වත් මං බය නැහැ.
* දූ කොහොමද දෙබස් මතක තියා ගන්නේ?
සීන් එක ගැන මුලින්ම සහාය අධ්‍යක්ෂ මාමලා කියලා දෙනවා. ඊට පස්සේ දෙබස් දුන්නාම මං ඒවා හරියටම පස් වතාවක් පාඩම් කරනවා. ඊට පස්සේ වරද්දන්නේ නැතුව රඟපානවා. ටිකක් ඉන්න මාමෙ . . .
* ඇයි?
ඊළඟ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කලින් වතුර ටිකක් බොන්න ඕනෑ. නැත්නම් කටහඬ යනවා.
* ඇයගේ කතාවට සිනහ නොවී බැරිය. වතුර ජෝගුවක් බිව් සහේලි විනාඩියක් පමණ නිශ්ශබ්දව සිටියාය.
දැන් හරි. මාමා දැන් ප්‍රශ්න අහන්නකෝ.
* සහේලි අනාගතයේ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?
මං නිළියක් වෙනවා.
* ඇත්තද මේ කියන්නේ? මම සහේලිගේ මව දෙසට හැරුණෙමි.
එයා එහෙම තමයි කියන්නේ. හැමෝටම පුදුමයි මෙයා රඟපාන විදිහට. මොකද කිසිම චකිතයක් නැහැනෙ.
* එතකොට ඉගෙනුම් කටයුතු?
ඒවත් කරගෙන යනවා. කොච්චර ෂූටිං තිබුණත් මං ගෙදර ආවට පස්සේ පොත්පත් බලලයි නිදා ගන්නේ.
සහේලි දූ එවිට මවට ඉස්සර විය.
* සහේලි දුවගෙ පුංචි අම්මත් රංගන ශිල්පිණියක් කියලා දැනගන්නට ලැබුණා. ඇය ගැනත් කියන්නකෝ?
අගේ නම ධනංජි තරුකා. අම්මගෙ නංගි. එයා තමයි මාව මුලින්ම ඇඩ් එකකට රඟපාන්න යවන්නේ. පුංචි මට රඟපෑම ගැන ගොඩක් දේවල් කියලා දෙනවා. මං බොරුවට අඬන්න ඉගෙන ගත්තේ එයාගෙන්.
* සහේලිගේ ගෙවල් තියෙන්නේ කොහේද?
බොරැල්ලේ.
* ඉස්කෝලේ යාළුවෝ දූගෙ රඟපෑම් බලලා මොකද කියන්නේ?
එක එක ඒවා කියනවා. එයාලට හරිම සතුටුයි.
* සුජාතා දැන් හරිම ජනප්‍රිය නිසා පාරේ යද්දී නැන්දලා මාමලා දුවට කතා කරනවා ඇති?
අම්මෝ, මට දැන් ගොඩාරියක් රසික රසිකාවෝ ඉන්නවා. පාරෙදි සමහර අය සුජාතා කියලා හයියෙන් කෑගහනවා. මං එතකොට හිනාවෙලා ඒ අයත් එක්ක කතා කරනවා. මට අම්මා කියලා දීලා තියෙන්නේ සුජාතා නරඹන අය ළඟට ඇවිත් මගෙන් විස්තර ඇහැව්වොත් හොඳට හිනා වෙලා උත්තර දෙන්න කියලා. ඉතින් මං එහෙම කරනවා.
* සුජාතා දර්ශන තලයේ දූ වැඩිපුරම හිනා වෙච්ච දවසක් තියෙනවාද?
දීපානි නැන්දගෙ දෙබසක තිබුණා ගොයම් ගස් කියන වචනය. එයාට ඒ වෙනුවට කියවුණේ දොඩම් ගස් කියලා. මට එදා හොඳටම හිනා ගියා.
* නාට්‍ය රඟපාන අතරතුර සෙල්ලම් බත් ඉව්වා කියලත් මට දැනගන්නට ලැබුණා?
ඔන්න එදා සෙල්ලම් බත් උයන සීන් එකක් තිබුණා. ඉතින් හැමදාම ඒ වගේ චාන්ස් ලැබෙන්නේ නැහැනෙ. සීන් එක අරගෙන ඉවර වෙලා රවී මාමා කට් කිව්වට පස්සෙ මං ඇති වෙනකම්ම සෙල්ලම් බත් ඉව්වා.
* දූගෙ පවුලේ අයගේ විස්තර කියන්නකො?
මමයි, අම්මයි, තාත්තයි. අම්මා ඉමානි ශෂිකා. තාත්තා වසන්ත සතරසිංහ. මට තව නංගියෙක් ඉන්නවා. ආ . . . මගේ ආච්චි අම්මා ගැන කියන්නම ඕනෑ. මං එයාට කියන්නේ අම්මා අම්මා කියලා. අම්මා අම්මා මට ගොඩ ක් උදව් කරනවා රඟපාන කටයුතුවලට.
* දුවට ලොකේෂන් එකේදී වැඩිපුර බිස්කට් දෙන්න ඕනලු නේද?
ඒ මං ආස කෑම බිස්කට් හින්දා. මේ මේ මාමේ .
* මොකද?
ඒකත් පත්තරේ දානවද?
* ඔව්.
අයියෝ ඒක පත්තරේකට සුදුසු නැහැනේ.
* හප්පේ සහේලිගේ පැහිච්චකම. මට ඉබේටම කියවිණ. දූට උදව් කරපු පිරිසත් මතක් කරමු?
සන්ධ්‍යා මෙන්ඩිස් මැඩම්, රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක, දයා සහ තුසිත් කියන මාමලා, දීපානි නැන්දා. සුසිල නිෂ්පාදන ආයතනයේ හැමෝම මතක් කරන්න ඕනෑ.
සහේලි දුවට අපි සුබපතනවා.
බොහෝම ස්තුතියි. සරසවියේ මාමලා නැන්දලා හැමෝටම. ඔයාලා හරිම හොඳයි.

http://www.sarasaviya.lk/2014/08/21/?fn=sa14082125

පාසල් හෑන්ඩ්බෝල් ශූරතා වේල්ස් කුමරයට සහ ගලේවෙල මැදබැද්දට


බාලක ශූරතාව දිනූ වේල්ස් කුමර විදුහල් පිල
බාලිකා ශූරියෝ ගලේවෙල මැදබැද්ද විදුහල
අවුරුදු විස්සෙන් පහළ පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් වූ අතර බාලිකා ශූරතාව ගලේවෙල මැදබැද්ද විදුහලට හිමිවිය. වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති තරගාවලියට බාලක කණ්ඩායම් 22ක් හා බාලිකා කණ්ඩායම් 19ක් එක්විය.
තරගාවලියේ බාලක පළිහ ශූරතාව හෝමාගම සුභාරති විද්‍යාලයත්, බඳුන ශූරතා ගලේවෙල මැදබැද්ද විද්‍යාලයත් දිනාගත් අතර බාලිකා ශූරතාවන් පිළිවෙළින් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය හා දේවී බාලිකා විද්‍යාලය හිමිකර ගත්හ.
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ක්‍රීඩා එච්.කේ.ජයසේකර මහතා තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූ අතර වේල්ස් කුමර විදුහල්පති ජේ.ඩබ්ලිව්.එස්.සිරිවර්ධන, නි.විදුහල්පති කේ.ඒ.සෝමපාල, ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගම‍යේ හිටපු නියෝජ්‍ය සභාපති කර්නල් රාජා ‍ගුණසේකර, ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ ලේකම් සුමින්ද කරුණාරත්න යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගිවූහ.


http://www.dinamina.lk/2014/08/22/_art.asp?fn=s1408225

දරුවන්ගේ සෙනෙහසේ නවාතැන වීරවිල ළමා නිකේතනය


 සුන්දර ළමා නිකේතනය
 ආදරයෙන් මල් වලට සාත්තු කරනා දරුවන්
දරුවන්ගේ හෙට දවස තැනෙන්නේ අසීමිත මව් පිය සෙනෙහසත් සමගිනි. එහෙත් දැයක් තනන්නට මෙන්ම ලොව සුවඳවත් කරන්නට සිටිනා සුපිපි මල් කැකුළු වන් දූ දරුවන්ට මව් පිය සෙනෙහස අහිමිව යද්දී එම දරුවන් පත්වන අන්ත අසරණ තත්වය වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. ඇතැමුන් එම දරුවන් තම ඉපයීම් ආර්ථිකයේ වෙළෙඳ භාණ්ඩ බවට පත්කර මුදල් උපයද්දී ඇතැමෙක් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් හැබෑ ලෙසම කැපවන අයුරු ද දකින්නට ඇත.
වීරවිල ළමා නිකේතනය එවන් උදාර පරමාර්ථයන් අනුව බෞද්ධාගමික ඉගැන්වීම් මත ගොඩනැගුණදරුවන්ගේ මවු පිය සෙනෙහසේ නවාතැනකි.
මාපිය රැකවරණය අහිමි දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ඇරැඹි වීරවිල ළමා නිකේතනය අද වන විට දූ දරුවන් පනස්දෙනෙකුට නේවාසික පහසුකම් ලබාදිය හැකි සුන්දර ස්ථානයක් බවට පත්ව ඇති අතර දැනට දූ දරුවන් විසිදෙනෙකු මෙහි මවු පිය සෙනෙහස ලබති. කළු ගඟට දරුවා දමාගිය අම්මාත්, දරුවන් ගෙදර තබාවිත් නිල්වලා ගඟට පැන්න අම්මා වැන්නන්ට අද වීරවිල ළමා නිකේතනය සිත් සනහන ස්ථානයක් බවට පත්ව ඇත.
මෙහි දරුවන්ගේ ආදරණීය මාපියන්වී සිටින්නේ නීතීඥ හා වැඩබලන මහෙස්ත්‍රාත් පියරත්න බණ්ඩාර හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඩී. එස්. පත්ම කුලසූරිය මහත්ම මහත්මීන්ය. ඔවුනට මෙහි දරුවන් කථාකරන්නේ අම්මේ, තාත්තේ කියාය. මේ ඔවුන්ගේ හඬයි.
“අපි පාසල් නොයන දරුවන්ට උදව් උපකාර කිරීමේ වැඩසටහනක් ස්වේච්ඡාවෙන් කරගෙන යන අතර 2002 ජූලි 22 තමයි ළමා රැකවරණ මධ්‍යස්ථානයක්, සෙනෙහස අහිමි ළමයින් දෙදෙනෙකු වෙනුවෙන් අපි ආරම්භ කරන්නේ.
අපි පස් හය දෙනෙක් එකතුවෙල රෝහණ ළමා සංවර්ධන පදනම නමින් සංවිධානයක් ගොඩනගාගෙන තමයි මෙය ආරම්භ කරන්නේ. එදා තාවකාලිකව ගෙයක් කුලියට ගෙන අපි මේ වැඩේ පටන්ගන්න විට ගාල්ලෙන් මෙහා ළමා රැකවරණ මධ්‍යස්ථානයක් තිබුනේ නෑ.
එහෙත් අපි දැක්කා බත් ටිකක්, පොත් බෑගයක් දීල ඇතැම් පිරිස් අපේ දරුවන්ගේ ආගමික ලබ්දිය උදුරා ගන්නා ආකාරය. එම තත්වය සුළුවෙන් හෝ විසැඳීමේ අරමුණින් තමයි අපි බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් තිස්සමහාරාම පොල්ගහවැලෑනේ ගෙයක් කුලියට අරගෙන මෙය ආරම්භ කරන්නේ.
මුල් අවස්ථාවේ පිරිමි දරුවන් හිටියෙ තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ. නායක හාමුදුරුවො තමයි ඔවුන්ට රැකවරණය දුන්නෙ,, නීතීඥ හා වැඩබලන මහෙස්ත්‍රාත් පියරත්න බණ්ඩාර මහතා ළමා නිකේතනයේ ආරම්භය පිළිබඳ ආඩම්බරයෙන් එලෙස පවසති.
2004 දී සුනාමිය එනවිට මෙහි ළමයින් 15 ක් පමණ සිටියද නොයෙක් හේතු ඉදිරිපත් කරමින් ආයතනය ලියාපඳිංචි කිරීම පරිවාස නිලධාරීන් ප්‍රමාද කර ඇත. එහෙත් දිනක් හදිසියේපැමිණි පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් රුක්මනී මහතමියගේ මැදිහත්වීමෙන් ආයතනයට තාවකාලික ලියාපඳිංචිය ලැබාදී ඇත.
“සුනාමියත් සමග මෙරටට පැමිණි නෙදර්ලන්ත T.D.H. ආයතනය හා ලංකා සුළු ධීවර සම්මේලනය එක්ව හදිසියේ අපේ ආයතනයට පැමිණ දරුවන් හා අප අතර ඇති බැඳීම හා දරුවන් අපට අම්මා තාත්තා කියා කථාකරනු අසා සතුටට පත්ව අපිට ආයතනය දියුණු කරන්න, ගොඩනැගිලි හදන්න සල්ලි දෙන්න හැදුවා. අපි සල්ලි එපා කීවා. ඉන් තවත් සතුටට පත් එම පිරිස මාස හයක් වැනි කෙටි කාලයක් තුළ පහසුකම් සපිරි අලංකාර ළමා රැකවරණ මධ්‍යස්ථානයක් ලෙස වීරවිල ළමා නිකේතනය අපට තනාදී අපට මෙය පවත්වාගෙන යන්න 2011 දක්වා ආධාර ලබාදුන්නා. ළමයි ප්‍රමාණයත් පනහක් (50) දක්වා වැඩිවුනා.
2011 සිට කිසිදු අඩුවකින් තොරව පෞද්ගලික මුදලින් මේ දක්වා අපි ලියාපදිංචි ආයතනයක් ලෙස මෙය හොඳින් පවත්වාගෙන යනවා. වීරවිල ළමා නිකේතනය මාපියන් විසින් ද සමහර බලධාරී ආයතන විසින්ද ආදරය, සෙනෙහස, අධ්‍යාපනය, ආහාර, රැකවරණය පැහැර හැර කෘෘරත්වයට පත්කරන ලද දරුවන්ට පුද්ගලික වියදමින් (90% පමණ) ආදරය, සෙනෙහස, අධ්‍යාපනය, ආහාර, රැකවරණය සපයන ආයතනයක්.
ඒ සදහා රජය විසින් නාමිකව මේ දක්වා එක් දරුවෙක් සදහා දිනකට දළ වශයෙන් ශත අසූදෙකක් වැනි වැය බරක් දරා තිබෙනවා.අප ඒ සදහා මාසිකව පුද්ගලිකව රුපියල් ලක්ෂ 1 ½ සිට 2 දක්වාවූ වැය බරක් දරමින් සිටිනවා.
දෙමාපියන්ට හික්මවීමට නොහැකිවු ද ඥාතීන් විසින්ද ප්‍රතික්ෂේපවූ විවිධ විෂමාචාරීවූ ගති පැවතුම් සමගින් පැමිණෙන දරුවන් මේ වන විට මතකයෙන් තුන් සූත්‍රය සහ නවග්‍රහ ශාන්තිය සජ්ජායනා කොට නින්දට යනවා,, පියරත්න බණ්ඩාර මහතා ආයතනය ආ ගමන්මග පිළිබඳ එසේ පවසයි.
මේ වන විට මධ්‍යස්ථානයේ පාලිකාවන් දෙදෙනෙකු හා මුරකරුවෙකු සේවයේ යෙදී සිටිති. මෙහි පහසුකම් සපිරි නිවාස පහක් පමණ ඇත. ඉන් අද වන විට දෙකක පමණක් ළමයින් නේවාසිකව සිටිති. ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා වරක් පැමිණි මොහොතක එහි විශේෂ අමුත්තන්ගේ පොතේ මේ ආයතනය රජයට හා ළමාරක්ෂක කෙෂ්ත්‍රයට ආදර්ශ සපයන ආයතනයක් ලෙස සටහනක් තබා ඇත.
එවන් ඇගයීම් වලට ලක්ව ඇති ආයතනය සමග ප්‍රදේශයේ විහාරස්ථාන වල ඇත්තේ ඉහළ බැදීමකි. ආයතනය පිළිබඳ විහාරාධිපති නාහිමිවරුන් මෙලෙස පවසති.
වීරවිල ළමා නිකේතන කළමණාකරන මණ්ඩලයේ ගරු සභාපතිතිස්සමහාරාම සඳගිරි උභයවිහාරාධිපති මාතර කන්දබඩපත්තුව දෙපලාතේ ප්‍රධාන සංඝනායකආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි - අද ළමයින් භාවිත කර නොඑකුත් ලාභ ප්‍රයෝජන ගන්න ආයතන පවත්වාගෙන යන කාලයක මෙම ආයතනය අපට ඉතා වටිනවා.
මෙය ආරම්භයට අපත් සම්බන්ධ වුනා.මෙය ආරම්භයේ පිරිමි දරුවන් හිටයේ පන්සලේ. එලෙස හිටපු හිටපු ළමයි අපි ළමා නිකේතනයට භාරකළා. මෙය බෞද්ධ වටපිටාවක් තුළ පවත්වාගෙන යන ආයතනයක්. අපි දිගටම මේ ආයතනය සමග සම්බන්ධව හිටියා. වෙනත් කිසිදු ආගමකට අයත් ළමයි අපි මෙහිදී බෞද්ධාගමට හරවාගන්නේත්, වැරදි ක්‍රියා සඳහා යොමුකරන්නේත් නෑ. දිගටම හොඳින් ක්‍රියාත්මක කළා,,
නැදිගම්විල විල්පිට රාජමහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්ම යුත්තික මාතර මහා නිකායේ අනුනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම අනුනාහිමි - වීරවිල ළමා නිකේතනය කියන්නෙ බෞද්ධ පරිසරයක් තුළ ක්‍රියාත්මක වන එකම ආයතනය.සියළුම මහා සංඝරත්නයේ ආශිර්වාදය හා උපදේශකත්වය තුලින් ක්‍රයාත්මක තැනක් ලෙසයි හැඳින්විය යුත්තේ.
මෙහි ළමයින් සකස්කරන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුවයි. විනය හදන්නේත් ඒ පසුබිම තුලයි. ඉතිං මෙම මධ්‍යස්ථානය අපේ ගම් ප්‍රදේශයට, එහි දරුවන්ට කරණා සේවය අතිමහත්. මෙය වටිනාම තැනක් මෙන්ම අත්‍යාවශ්‍ය තැනක්.
වීරහෙල ශාන්ති නිකේතනාරාමාධිපති පූජ්‍ය බොරලැස්ගමුවේ විජිතසිරි හිමි - බෞද්ධ ළමා නිකේතනයක් වශයෙන් මෙය අපේ ප්‍රදේශයට ඉතා වටිනා සේවාවක් කරනා තැනක්. සෑම ළමයෙකුට භේදයකින් තොරව සලකනවා. පාලනාධිකාරයත් තම වැඩකොටස ඉතා හොඳින් කරනවා. මෙය ප්‍රදේශයට අත්‍යාවශ්‍ය වටිනා තැනක්,

Finally, I’m Icarus

I went begging to the birds
Each of them, for just one feather
A sharp one from the
vulture
A red one from the
bird of paradise
A green one with a touch of white from the humming bird
A coloured talking one from the parrot
A shy one from the ostrich
Oh, what amazing wings I’ve made for myself
I’ve attached them to my soul
And I’ve started to fly
Sharp flight of the vulture
Red flight of the bird of
paradise
Green flight (with a touch of white) of the humming bird
Talking flight of the parrot
Shy flight of the ostrich
Oh, how I’ve flown!
Tiyasha Peiris (14 years)
Asian Int. School
http://www.sundaytimes.lk/140824/funday-times/kids-world-114540.html