V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label Paper Articles. Show all posts
Showing posts with label Paper Articles. Show all posts

Sunday, June 30, 2013

තාත්තා කියනවා... මම දඟයිලු - පමුදිත

තාත්තා කියනවා... මම දඟයිලුපමුදිත

යාළුවෝ මට නළුවා කියනවා


ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය වූ සිරිපැරකුම් සාර්ථක ලෙස තිර ගත වන අතර ඔබ එකී චිත්‍රපටය බැලුවානම් එහි පැරකුම්බාගේ ළමා කාලය රඟන සිඟිති පුතු අමතක නැතිව ඇති. පසුගියදා ඒ පුතු සමඟ කතාබහක්‌ කරන්නට අපට අවස්‌ථාව ලැබුණා.


පුතාගේ සම්පූර්ණ නම කියන්න කෝ...?

මොකටද මගේ නම අහන්නේ

පත්තරේට ලියන්නනේ...?

ඇය මං ගැන පත්තරේට ලියන්නේ..?

දැන් පුතා නළුවෙක්‌නේ... ඒ නිසා පුතා ගැන මිනිස්‌සු දැන ගන්න කැමැතියි.. එතකොටනේ හොඳ?

මගේ යාළුවෝ ගැනත් ලියනවද?

ඔව්... අපි ලියමු...

මට යාළුවෝ ගොඩක්‌ ඉන්නවා.

කවුද ඒ යාළුවෝ..?

ඔක්‌කෝගේම නම් කියන්න බැහැ...

එහෙම කියපු පුංචි පුතා ටිකක්‌ ඈතට දුවලා ගියා.

තාම ඔයාගේ නම කිව්වේ නැහැනේ ඉතිං..?

මගේ නම තමයි ප්‍රමුදිත උදයකුමාර ... මේ තව නමක්‌ තියෙනවා. මධුෂ කියලා

පුතාගේ තාත්තාගේ නමත් කියන්නකෝ...?

අපේ තාත්තා අපේ ඉස්‌කෝලෙ උගන්නනවානේ..

හරි එහෙම නම් පුතාගේ ඉස්‌කෝලෙ නම කියන්නකෝ...?

නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය.

ආපහු සැරයක්‌ පුංචි පුතා තාත්තා වටේ රවුමක්‌ කරකැවිලා ඇවිත් අපේ ළඟින් වාඩි වුණා.

තාත්තිගේ නමත් කියන්නකෝ...?

තාත්තා උදය කුමාර... හ්ම් අම්මිගේ නම කුමාරි

හරි එතකොට යාළුවෝ කවුද ?

මට ගැහැනු යාළුවොත් පිරිමි යාළුවොත් ඉන්නවා. අදීෂට අපි කියන්නේ අදියා කියලා.. එයාලා ට්‍රිප් එකක්‌ ගියා මම ගියේ නැහැ.

ඇයි පුතා ගියේ නැත්තේ...?

තාත්ති යන්න එපා කිව්වා මම දඟ නිසා.

ඔයා හුඟක්‌ දඟද..?

නැහැ ටිකක්‌ විතර...

ප්‍රමුදිත තවත් වටයක්‌ දිව්වා. උදැසනම කුරුණෑගල ඉඳලා ඇවිත් ටිකක්‌ මහන්සි බවත් අපට පෙනුණා.

හොඳ පුතා වගේ මෙතනින් ටිකක්‌ වාඩි වෙන්න කෝ.?

අපිට කියන්න පුතා කොහොමද සෝමරත්න මාමගේ චිත්‍රපයට එකතු වුණේ කියලා?

එදා ඉස්‌කෝලේ තිබුණේ නැහැ. උතුරු මැද පළාතේ ඡන්දයනේ.. ඉස්‌කෝලේ තිබ්බේ නැහැ එදා.... තාත්තා එක්‌ක ආවේ.. ළමයි ගොඩක්‌ හිටියා. මාවයි තරිංසායි, සෙනංගයි තෝරා ගත්තා කිව්වා.

පුතාගේ යාළුවෝ චිත්‍රපටය බලලා ද?

ඔව්... එයාලා සමහර අය බලලා. තව අය බලනවා කිව්වා. එයාල මට කියන්නේ නළුවා කියලා.. පුංචි පුතු තවත් තැනකට දුවලා ගියා.

මගේ ෆොටෝ ගන්න එපා.... මගේ යාළුවොත් හිටියානම් තමයි හොඳ නේද?

"පත්තරෙන් ඇවිත්ද මේ ෆොටෝ ගහන්නේ...."

ප්‍රමුදිත පුංචි පුතා තාලයට සිංදුවක්‌ කියන්න පටන් ගත්තා. ඒක නවත්තපු පුංචි දඟයා....

මේ ඉන්නෙ මගේ යාළුවෝ තරිංසයි සෙනංගයි එයාලගේත් ෆොටෝ ගන්නවද? අපෙන් ඇසුවා

ඔව්... අපි එයාලගෙත් ෆොටෝ ගන්නවා. පුතා වැඩියෙන්ම ආදරේ කාටද කියන්න.?

අම්මටයි තාත්තාටයි.. හ්ම් මගේ මල්ලියාටයි සෙනංගටයි තරිංසාටයි.. අපේ ඉස්‌කෝලේ යාළුවෝ තරහාවෙයිද දන්නේ නැහැ. මම එයාලටත් ආදරෙයි කියල ලියනවද? මිනෝලි අකිලා එයාලත් මගේ යාළුවෝනේ.

හරි අපි එහෙම ලිsයන්නම්කෝ පුතා කිව්වා කියලා.

මම නෙවෙයි දඟ... මගේ මල්ලියා... මම එයාට ගහනවා.

පව්නේ මල්ලී...ඔයාට ගොඩක්‌ ආදරෙයිලු නේද ? ඇයි එයාට ගහන්නේ..?

එයා මගේ සෙල්ලම් බඩු ගන්නවනේ ඒකයි. එයා මගේ කොණ්‌ඩෙනුත් අදිනවා එතකොට මට රිදෙනවා. ඒ වුණාට ආයෙ මම යාළු වෙනවා. එයත් එක්‌ක... අංකල් දන්නවද එයාගේ නම මොකක්‌ද කියලා.

නැහැනේ... පුතා ඒ ගැන මට කිව්වේ නැහැනේ?

මගේ මල්ලියගේ නම යෙසිත උදය කුමාර

පුතා ටෙලි නාට්‍ය බලනවද?

අපොයි නැහැ.... මම බලන්නේ ප්‍රවෘත්ති... අටපට්‌ටම විතරයි.

ඇයි ඒවා බලන්නේ...?

තාත්තා කියනවා ඒවායේ ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා. ඇමරිකාවේ ඒවා එහෙමත් පෙන්නවනේ.

ආයෙ රඟපාන්න පුතාට කතා කළේ නැද්ද ?

සෝමරත්න මාමානම් කතා කළේ නැහැ.. එයාටත් මම ආදරෙයි. එයා කිව්වා මම හොඳට රඟපානවා ලස්‌සනයි කියලා.. මේ මට දැන් හරි මහන්සියි. ගෙදර යන්නත් පරක්‌කු වෙනවා. මගේ මල්ලියා බලන් ඇති.

ඉතිං පුංචි දඟයාත් එක්‌ක කළ කතාබහ අපිට නවත්තන් වුණේ එයාට මහන්සි නිසාත් ආපහු නාරම්මලට යන්න ඕනත් නිසයි. ප්‍රමුදිත උදය කුමාරගේ රංගන දිවියට අපි සුබ පතමු.

සුගත් ශාන්ත මොරගහකුඹුර
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන


http://www.divaina.com/2013/06/30/cineart04.html

Friday, June 28, 2013

දරුවනේ, ඉගෙනගනිල්ලා | දිනමිණ: කතුවැකිය |

 http://www.whatsupcolombo.lk/Images/UploadedImages/Movie/Full/98.jpg
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තරම් නරක අධ්‍යාපන ආයතන විශේෂයක් ලෝකයේ කොතැනකවත් නොතිබෙන්නට පුළුවන. ඒවා අවුරුද්දේ වැඩි කාලයක් වසා තිබෙන අතර; විවෘත වූ සැණෙන් ගිනියම් වේ. මේ ආයතන දැන් පවතින්නේ රටටත් - ජාතියටත් - ආණ්ඩුවටත් විශාල හිසරදයක් වන ලෙස ය. ඒවායෙහි ගොඩනැගිලිවල , විද්‍යාගාරවල, පුස්තකාලවල, උයන් වතුවල, ආපන ශාලාවල කිසි වරදක් නැත. එහෙත් එහි ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම ඇතැම් ගුරුවරු ද අන්තිම නරක ය. මේ විද්‍යස්ථාන තුළ ඇත්තේ ස්වල්ප පිරිසකගේ චණ්ඩිකම් ය. එම චණ්ඩිකම්වලට දහස් ගණන් සිසුහු යටත් ව; කාලකණ්ණි ජීවිත ගත කරති.
පෙරේදා හයිලෙවල් පාරට කඩා වැදුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෝ එහි ගමනාගමනය මුළුමනින් ම අඩාල කළහ. ඉතා වැදගත් ගමන් යොදාගෙන තිබුණු සිය ගණනකගේ බලාපොරොත්තු සුන් විය. රෝගීහු අතරමං වූහ. ව්‍යාපාරිකයෝ බලවත් පාඩු ලැබූහ. කොටස් වෙළෙඳ පොළට මෙන් ම කොළඹ ප්‍රධාන වෙළෙඳ ගනුදෙනුවලට මින් සිදු වූ පාඩුව ගණන් බලා නැත. මහජනයාගේ බදු මුදලින් උසස් අධ්‍යාපනය ලබන පිරිසකට මෙලෙස රට අවුල් කිරීමේ අයිතියක් තිබේ ද?
මේ විශ්වවිද්‍යාල සිසුන් මහපාරට පැන යකා නැටුවේ කුමකට ද? ඔවුන්ගේ සටන් පාඨය වූයේ හතළිහකගේ පන්ති තහනම ඉවත් කරනු යන්න ය. ඒ හතළිහ නම්; නවක සිසුනට අමානුෂික ලෙස නවක වදය දුන් නරුමයෝ ය. අමානුෂික නවක වදය අනුමත කළ හැක්කේ පිස්සනට පමණි. ජ’පුර සරසවියේ නවක සිසුන් මඩ වළවල්වල දමා දණ ගස්වා තිබීමෙන් ද, ඔවුන්ගේ දෑත් වැසිකිළි වළවල්වලට එබීමෙන් ද, තවත් ශාරීරික පීඩා කිරීමෙන් ද ඉහත කී හතළිහ යම් මානසික තෘප්තියක් ලබන්නට ඇත. මේ මානසික රෝගීන් තවදුරටත් විශ්වවිද්‍යාල තුළ රඳවා තබා ගැනීම බෙහෙවින් භයානක ය. පන්ති තහනමට අමතරව මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ ඔවුනට නඩු පැවැරිය යුතු ය.
2001 මාර්තුවේ “විශ්ව තරංග“ නම් සඟරාවට ලිපියක් ලියන මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන මෙබඳු සටහනක් තබයි.
“අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුළ රට, ජාතිය හා ආගම ගැන ඇති හැඟීම කනගාටුදායක ය. කුඩා දේශපාලන සිද්ධියකට වුවත්, පෙළපාලි යන ඔවුන් සිය දහස් ගණන් මිනිසුන් මරවන ත්‍රස්තවාදයට එරෙහිව පෙළපාලි ගොස් නැත. වැලන්ටයින් දිනය වැනි විවිධ මුහුණුවරින් බටහිරින් පැමිණෙන සාංස්කෘතික පරිහානිවලට විරුද්ධ වී නැත. අනුරාධපුරයේ හෝ අරන්තලාවේ හෝ නැඟෙනහිර ගම්මානවල හෝ සිදුවන විනාශය ගැන කතා කරන්නේ නැත. උගත් තරුණයෝ රට, ජාතිය හා ආගම ගැන හැඟීමක් නැති නරුමයෝ පිරිසක් ද?”
රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පිළිබඳ කදිම චිත්‍රයක් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ විග්‍රහයෙන් ඇඳගත හැකි ය. මේ පිරිස රට, ජාතිය, ආගම ගැන පමණක් නො ව තමන් ගැන සුබවාදී ව බලන්නේ ද නැත. ඔවුන්ගේ අනාගතය උප කල්පනය කළ නො හැකි තරම් භයානක ය. සමහරුන් නියමිත වර්ෂයේ දී උපාධිය සම්පූර්ණ කර නැත. තවත් සමහරු වසර පහක් - හයක් විභාග අසමත්ව සිටිති. මේ පිරිස් තම දෛනික ජීවිත ගෙවනුයේ හොඳ සිහි කල්පනාවකින් නො වේ. සමහරු සමාජය සමඟ බද්ධ වෛරයකින් පසු වෙති. නවක වදය ඔස්සේ ප්‍රකාශ වන්නේ එම සමාජ වෛරය යි. මේවාට විසැඳුම් තිබිය යුතුය. එසේ නොවුණහොත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන විශාල ධනස්කන්ධය අපතේ ගියා වේ.
රටේ කීර්තිමත් ප්‍රාඥයකු වන ගුණදාස අමරසේකර මහතා වරක් කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු ත්‍රස්තවාදීන් බෝ කරන කඳවුරු විශේෂයක් බව ය. ඒ කතාව මුළුමනින් ම සත්‍යයෙකි. අද විශ්වවිද්‍යාල තුළ ඇත්තේ සටන් පමණි. ඒවායෙහි අධ්‍යාපනයක් නැත. සිසුහු දේශනාවලට සහභාගී නොවී පාරට පැන පෙළපාලි යති. වත්මන් විශ්වවිද්‍යාල පද්ධතිය වසාගෙන ප්‍රචණ්ඩත්වය පැතිර ගොස් තිබේ. අන්තරය හා මහා ශිෂ්‍ය සංගම් ඔස්සේ එම ප්‍රචණ්ඩත්වය පැතිර යයි. අන්තරය පසුපස ද, මහා ශිෂ්‍ය සංගම් පසුපස ද ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය යි. පෙරටුගාමී යයි කියූව ද ඔවුනට ඇත්තේ බෙහෙවින් පසුගාමී අදහස් ය. මේ ශිෂ්‍ය නායකයෝ තමන්ගේ ජීවිත කාලකණ්ණි කරගෙන ඇති අතර සමස්ත සිසු පරපුරේම ජීවිත කාලකණ්ණි කිරීමට උත්සාහ කරති. ඊට ඉඩ දිය යුතු නැත.
මේ දිනවල පවතින සරසවි ශිෂ්‍ය අරගලවල අර්ථය වන්නේ අමානුෂික නවක වදය අනුමත කිරීම ය. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් විශාල පිරිසක් මීට විරුද්ධ වන්නේ වුව අන්තරය හා මහා ශිෂ්‍ය සංගම් ඔස්සේ සිදු කැරෙන බලහත්කාරයට ඔව්හු යටත් වෙති. විද්‍යෝදය විශ්වවිද්‍යාලයයේ ප්‍රථම උප කුලපතිවරයා වූ වැලිවිටියේ සෝරත හිමියන්; විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පර්යේෂණශීලී විය යුතු බවද ගවේෂණශීලී විය යුතු බවද කියා ඇතත්; නූතන ශිෂ්‍යයා තුළ එවැනි දේ නැත. ඔව්හු ස්වාධීන නොවෙති. නිර්මාණශීලී ‍ෙනාවෙති. අවම ලෙස තමන් ගැන තීන්දුවක් ගැනීමේ හැකියාව හෝ ඔවුනට නැත. විශ්වවිද්‍යාල තුළ පළමුව ඒ නිදහස ඇති කළ යුතුය.
සමහරුන්ගේ මතය වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධරයන් ශිෂ්‍ය සංගම් සමඟ සාකච්ඡාකොට මේ ප්‍රශ්නය නිරාකරණය කළ යුතු බව ය. ඒ මතයෙහි කිසිදු යුක්ති සහගත භාවයක් අපට නම්; නොපෙනෙයි. ශිෂ්‍යයන් නේවාසිකාගාර ඉල්ලා සිටිත් ද? ඒ ගැන උද්ඝෝෂණ කරත් ද? එය සාකච්ඡාවට මාතෘකාවකි. ඒ ගැන සාකච්ඡා කළ යුතු ය. එහෙත් අමානුෂික නවක වදය දුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කිරීම ගැන කිසිදු සාකච්ඡාවක් නොපැවැත්විය යුතුය. එසේ සාකච්ඡා කරන අය ද අමානුෂික නවක වදය අනුමත කරන්නන් ලෙස සැලැකිය යුතුය. මේ උද්ඝෝෂණ යටින් දුවන දේශපාලනයට අවශ්‍ය වන්නේ ද සාකච්ඡා නොව පෙළපාලි හා උද්ඝෝෂණ ය.
විශ්වවිද්‍යාල තුළ පවතින විනය පරිහානියට හා නැඟී එන ප්‍රචණ්ඩත්වයට හොඳම විසැඳුම වන්නේ ශිෂ්‍ය ප්‍රජාව තුළින් ම යහපත් ප්‍රති කැරැල්ලක් ඇති කිරීම ය. එය අධ්‍යාපනයට හිතකර ප්‍රචණ්ඩත්වයට එරෙහි නූතන කැරැල්ලක් විය යුතුය. උසස් අධ්‍යාපනයෙන් ඉහළම ප්‍රතිඵලයක් ගෙන තමන්ගේ ඊළඟ ඉලක්කය වෙත ගමන් කිරීමට කැමැති විශාල ශිෂ්‍ය ප්‍රජාවක් විශ්වවිද්‍යාල තුළ සිටිති. මේ පිරිස සංවිධාන කොට එකට පෙළගැස්විය යුතුය. විශ්වවිද්‍යාල ගුරුවරයාට එම කාරිය කළ හැකි ය. එලෙස කොන්දක් ඇති ආචාර්යවරයකු පහළ වුවහොත් ඒ රටේම වාසනාවට ය.
.

Friday, June 21, 2013

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම්වු උතුම් මිනිසා



ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම්වු උතුම් මිනිසා

(2013.06.19 වන දිනට යෙදී ඇති
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙනි.)

පළමුව සිනා සී එසැනින් හැඩූ මිනිසෙකු අපට මුලින්ම හමු වන්නේ බුදු සිරිතේය.

ඒ අසිත තවුසන්ය. ළදරු සිදුහත් කුමරුගේ අඟ පසඟ දුටු ඔහු කුමරු බුදු වන බව දැක පළමුව සිනාසිනි.

ඒ වන විට මහලු තමන් මිය ගොස්‌ ඇති බැවින් බුදුවරයකු දක්‌නට අවස්‌ථාව නොලැබෙන බැවින් හැඬූ බව අසිත තවුසන් කීහ.

අසිත තවුසන්ට මෙන් තුන්කල් දක්‌නා නුවණක්‌ නැතත් මෙයද සිනාසීමටත් එසැනින් හැŽමටත් කරුණු වූ අත්දැකීමකි.

යමෙකුට තම පළමු ගුරුවරයාගේ සියවස්‌ ජන්ම දිනය සමරා ගුණ සමරුවක්‌ ලිවීමට ලැබීම සතුටට කරුණකි. එහෙත් ගුරුවරයා දිවි සංවත්සරය සමරන දා ඔහු ජීවතුන් අතර නොසිටීම එතරමටම සොවට, කනගාටුවට කරුණකි. මේ ගුරුවරයා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. ඔහු ජන්ම ලාභය ලැබුයේ මීට අවුරුදු 100 කට පෙර 1913 ජූනි 19 වන දාය.



ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගී පබැදු "රන්මුතුදූව" චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ තිදෙනා එදා මෙලෙස හමුවිය. මානවසිංහයන්, එහි ගලනි ගඟකි ජීවිතේ... ගීතය ගැයූ විශාරද නන්දා මාලනිය සහ සම්මානනීය ගායන ශිල්පී නාරද දිසාසේකරයන්ද මෙලෙස හමුවූවේ සරසවි සම්මාන උළෙලේ දීය.

ඔහුගේ අවසන් සිසුවා යෑයි හැඟෙන මගේ මතකය නිවැරැදි නම් ශ්‍රී චන්ද්‍රරතන මානවසිංහ ශූරීන් දිවි සැරිය අවසන් කරන විට පනස්‌ විය වත් සපුරා නොතිබිණි.

තවමත් මසිත ජීවත්වන මගේ පළමු ගුරුවරයා හෙවත් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් පිළිබඳ මසිත කිසිදා නොමැකෙන සිතුවමක්‌ වේ.

ඔහුගේ මුව මඬල පුරා සඳ මඬල සේ පැහැපත්ය.

ඔහු සමවන් දසන් පෙන්වා මහ හඬින් සිනාසේ.

නොඋස්‌, නොමිටි එතුමන්ගේ උඩු කය වැසී ඇත්තේ ශ්‍රී නේරු තුමන් පළඳින ආකාරයේ දිගු ලෝගුවකිනි. යටිකය දළ නොවූ වේට්‌ටි පොටක පහස ලබයි. එවක ගමක හැඩරුව ගුණ නොමැකී බොරලැස්‌ගමුවේ සරල නිවහනක පැවති උත්සවයක්‌ යෑයි කිව හැකි සොඳුරු අවස්‌ථාවක්‌ අදටත් මගේ මතකයේ පවතී.

පෙරදිග අහස මත යාන්තමින් ලා අරුණැල්ලක්‌ තැවරිලාය. දැල්වුණු කපුරු පෙති වලින් සුගන්දවත් වූ කුඩා කුටියක සරස්‌වතී දෙවඟනගේ රුව අභියස මම හිඳන් වුණිමි.

ජීවිතයේ මුල් වරට මා අකුරු කියවූයේ එදාය.

අතිශය පැහැදුල් ඒ උදැසන මට ජීවිතයේ මුල් වරට අයන්න කිය වූ ඒ මහ පුරුෂයාගේ ප්‍රසන්න මුහුණුවර දශක ගණනාවකට පසුව අදත් මසිත ජීවත් වේ.

එතුමන් හැඳින්වීමට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන නාමකරණය හැරුණුවිට අන් කිසිදු අටුවාටීකාවක්‌ අවශ්‍ය නොවේ.

තුරුණුවියේ පටන් මානවසිංහයන් ජීවත් වූ බොරලැස්‌ගමුවේ ම උපන් මගේ පියා දෙවන ලෝක යුද සමයේ පළමුව ආරක්‍ෂාව පතා රත්නපුරයට පැමිණ පසුව එහිම පැලපදියම් වූවෙකු විය.

බොරලැස්‌ගමුවේ ජී. එච්. පෙරේරා සහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නමැති දැවැන්තයින් දෙදෙනා සමීපව ඇසුරු කළ ඔහු යම් දිනෙක සිය පුතුණුවන්ට සම්භාවනීය මිතුරකු වූ මානවසිංහයන් වෙතින් අකුරු කිව යුතු යෑයි සිතුවා විය හැක.

ව්‍යාපාරිකයෙකු වූ අපේ තාත්තා සියලු වැඩ නිමවා මැදියම් රැයට එළඹෙන තුරු කුඩා දින පොතක කුරුමිණි අඬු වැනි අකුරු වලින් යම් යම් සඳහන් සටහනක්‌ කරනු මම දැක ඇත්තෙමි.

ගනුදෙනු පිළිබඳ අප්‍රමාණ උනන්දුවක්‌ දැක්‌ වූ අපේ තාත්තා පුදුමයට මෙන් පෙර කී මහා කවීන් දෙදෙනාගේ කවි ගී ඇතුළු අනෙකුත් නිර්මාණයන් පිළිබඳ සටහන් කරන ඉලක්‌කම්වලට වඩා ආලවන්තයෙකු විය.

එම මහා කවීන් දෙදෙනා හා ඔවුන් ඇසුරේ වැඩුණු අප්‍රමාණික රස පුවත් පිළිබඳ අපේ තාත්තාගේ මතකය මතක බැංකුවකට සරිවේ.

රත්නපුරේ නිත්‍යවාසීන් වුවද බොරලැස්‌ගමුවේ උපන් ගම හා නොබිඳුණු සබඳකම් පැවැත්වූ තාත්තා ඉඩ ලද මොහොතක අපද කැටිව නෑගම් යන විට නොවරදවාම බොරලැස්‌ගමුවේ මානවසිංහ නිවසට ගොඩවයැමට අමතක නොකළේය.

අප ඒ ගමන් ගියේ ගුණපාල මුදලාලිගේ සුදු පැහැති බේබි ඔස්‌ටින් කාරයෙනි.

රත්නපුරයේ සිට බොරලැස්‌ගමුවට ගොස්‌ ආපසු රෑ මැදියම රත්නපුරයට පැමිණෙන ඒ ගමනට අය කළ කුලිය රුපියල් 40 ක්‌ හෝ 50 කි. එහෙත් එම කුලියෙන් කියක්‌ හෝ අඩු කර ගැනීමට කාරයෙන් බැස මහ රෑ තවත් විනාඩි හට අටක්‌ ගුණපාල මුදලාලි හා තර්ක විතර්ක කිරීමේ පුරුද්දක්‌ අපේ තාත්තාට විය.

අප ඒ දවස්‌වල සිටියේ රත්නපුර නගරයෙන් සැතපුම් හත අටක්‌ ඉහත්තාවේ ගලබඩ නමැති හද්දා පිටිසර ගම්මානයක ආච්චි අම්මාගේ නිවසේය.

සුද්දන් සතු දැවැන්ත තේ වතුයායෙන් තුන් පැත්තකින් වට වූ අර්ධද්වීපයක්‌ වැනි ඒ හුදෙකලා පාළු ගම්මානයේ එක්‌ කඳු තුඩක පිහිටි ආච්චි අම්මාගේ නිවස එදා සිරිකතගේ වාස භවන සේ වීය.

තේ වතුයාය සහ ආච්චි අම්මලාගේ ඉඩම වෙන් වූයේ මහතුරු පෙළකින් යුතු අපූරු වැට මායිමකිනි.

ඒ තුරු පෙළින් බොහොමයක්‌ අඹ සහ කොස්‌ ගස්‌ය. වරෙක ආච්චි අම්මලාගේ නිවසට පැමිණි මානවසිංහයන් වැට මායිමේ ඇතුළු වත්ත පිටිය පුරා විවිධ ගහ කොළ වලට පැරැන්නන් තබා තිබූ නම් ගොත් විමසමින් මහත් සොම්නසක්‌ විඳි අයුරු මේ දැන් වගේ මට මතකය.

තවත් වකවානුවක අප ගලබඩටත් වඩා හද්දා පිටිසර ගමක පදිංචිව සිටියෙමු. ඒ දෙනවක ගහ සහ ඔවල මූකලාන අසල පිහිටි බෝපැත්තයි.

අපේ පුංචි ගෙදරට එක්‌ දිනක්‌ රාත්‍රියේ මානවසිංහයන් පැමිණියේ ප්‍රින්ස්‌ ගුණසේකර හා පියල් වික්‍රමසිංහ වැනි එදා ලංකාදීපයේ කටයුතු කළ තවත් පත්තර යෝධයින් දෙදෙනකුද සමඟය.

එහෙත් ඔවුන් එදා බෝපැත්තට පැමිණියේ ලෙල්ලුපිටිය හරහා වැටී ඇති පාර දිගේ නම් නොවේ. මුලින්ම ගලබඩට පැමිණ අප ආච්චි අම්මලාගේ ගෙදර නොමැති බැවින් ඔවුන් අඩිපාරවල්, ඒදඬු, කම්බි පාලම් සහ වංගගිරි පසුකර පළමුව බඹරබොටු ගඟත් දෙවනුව දෙනවක ගඟත් තරණය කර බෝපැත්තේ අපේ නිවසට පැමිණෙන විට හොඳටෝම රෑ බෝ වී තිබිණි.

ඒ ඒ දිනවල දෙක හෝ තුන පන්තියේ ඉගෙනුම ලැබූ කුඩා දරුවෙකු විය. අපේ තාත්තා පිරිස සමග බරසාර කතාවක පැටලිලාය.

එ පිළිසඳරේ හඬ මඬිමින් අප නිවහනට හූවක දුරින් දෙනවක ගඟට ඔබ්බෙන් ඔවල මූකළානේ තනි කොටියාගේ ගෙරවිලි හඬ ඇසේ.

ඉන් බිය පත්වූ ලේකම් ආතාගේ ගව රැල ගුරු පාර දිගේ හිස්‌ ලූ ලූ අත දුවයි.

අපේ ගෙදරටම තිබුණේ නො. 19 වශයෙන් හැඳින්වෙන වර්ගයට අයත් චිමිනි ලාම්පුවකි. එම පැරැණි ලාම්පුවෙන් පෙරී ආ දුබල කහ පාට එළියට වඩා මානවසිංහයන්ගේ වටකුරු සඳවන් මුහුණේ වැඩි ආලෝකයක්‌ විය.

මානවසිංහ මහත්මයා ලංකාදීපයේ තවත් පිරිසක්‌ සමග අප නිවසට පැමිණි ආරංචිය අසා අපේ ලොකු ඉස්‌කෝලේ මහත්තයා වූ වැලිකන්නේ මහත්තයත් අපේ අම්මාට අමතරව බෝපැත්තේ ඉස්‌කෝලේ ඉගැන්වූ මුදුන්කොටුවේ නෝනා මහත්මියත් අපේ ගෙදරට පැමිණියහ.

සියල්ලට සාද සංග්‍රහ කිරීමට මදිපාඩු පීරිසි කුට්‌ටම් පිඟන් ඇතුළු අඩුම කුඩුම ගෙන ඒමට වරක්‌ නොව කීප වරක්‌ම අප්පු අයියාගේ ගෙදරට ගෑටීමට මට සිදු විය. ඒ අතරතුර අප්පු අයියාගේ අම්මා එනම් පිස්‌සු ආච්චිට ද මේ ආරාධිතයන් පිළිබඳ යන්නේ කොහෙද මල්ලේ පොල් මාදිලියෙන් පිළිතුරු බැඳීමට මට සිදු විය.

රන්මුතු දුව චිත්‍රපටිය සඳහා පිපී පිපී රේණු නටන ගීතය මානවසිංහයන් රචනා කළේ මෙසේ අපේ ගෙදරට එතුමා පැමිණ ගොස්‌ වසර දෙකක තුනකට පසුවය.

එම ගීත ජවනිකාවන්ට පෙනී සිටියේ බෝපැත්තට අල්ලපු ගම වූ ලෙල්ලෝපිටියේ ඉපිද අපේ ගම්මානවල කරක්‌ ගසා කොළඹට ආ ජෝ අබේවික්‍රමයන් වීම එක අතකින් දෛවෝපගත සිදුවීමක්‌ දැයි විටෙක මට සිතේ.

බෝපැත්තට මෙන් නොව ගලබඩ හද්දා පිටිසර ගම්මානයට මානවසිංහ මහතාත් එම මහත්මියත් බෙහෙවින් ඇළුම් කළහ.

ගලබඩ මහ ගෙදර සිට අඩිපාරවල් ජාලයක්‌ කඳු ඉස්‌මත්තට වැටී තිබිණි. ගමේ වියපත්ම මැහැල්ල වූ පුංචි එතනා ආච්චි ජීවත් වූයේ පේරියපල්ල ලෙසින් හැඳින්වූ බිම් තීරුවේය.

ඇය නැති විටෙක සූරියා යෑයි අපර නමකින් හැඳින්වීමට ගමේ කවුරුත් පුරුදුව සිටියහ. සියවසක්‌ පමණ වයසැති එහෙත් නොතලා කරුන්කා සමග බුලත් කන ඇගේ මුව වටා නොයෙක්‌ රේඛා වල රත්පැහැ බුලත් කෙළ විසිරී තිබුණේ හිරු මඬල හා ඒ වටා රන්වන් රේඛා පරිද්දෙනි.

පුවක්‌ ඇතුළු බව බෝගයන්ගෙන් පිරි ඒ නිසාම ගුලන ලෙසින් හැඳින් වූ අඳුරු බිම් කඩක්‌ එතැන සිට කඳු ඉහත්තාව තෙක්‌ පැතිරෙයි. ගුප්ත කතා රැසකට නිමිති වූ රාමීයක නමැති හැල දිය කඩිත්ත පසුකර අඩිපාරේ තව ටිකක්‌ ගිය විට ගම ගෙදර හමුවේ. කොතෙකුත් කවට බස්‌ දොඩවන ගෙදර ප්‍රධානියාගේ එක්‌ කකුළක ආබාධයක්‌ නිසා ඔහු ඇවිදින්නේ රුවිතයටය. එදා පොල් අතු සෙවිලි ගම ගෙදර ඉදිරිපිට මිදුල කුඩා අපගේ කෙළි මඬල විය.

පළාතම අඳුරු කරමින් නැගී සිටි යෝධ මැංගුස්‌ ගස්‌ පාමුල විටෙක මානවසිංහයන්ගේ රුව උත්තර භාරතයේ දෙව්රුවක්‌ සේ බැබළෙන අයුරු කුඩා මා විමතියට පත් කෙළේය. ඉන් මඳක්‌ ඔබ්බෙන් කොකෝ ගස්‌ පෙළකි. ඒ ආසන්නයේම වැසිකිළියක්‌ සහ කැසිකිළියක්‌ විය. වැසිකිළි බිතක්‌කනේ අපේ මාමා අඟුරෙන් සටහන් කළ හැටේ මහ මැතිවරණ ප්‍රතිඵල බොහෝ කලක්‌ යනතුරු නොමැකී පැවතිණි.

ගමන නොනිමෙයි ලෝකයේ මේ

පුරුදු ජීවන මං තලේ.....

වැනි සනාතන දහමින් හෙබි ගේය කාව්‍ය ඔහුගේ සිතේ පිළිසිඳුණේ මේ සොඳුරු එහෙත් අඳුරු අපේ මහ ගෙදර වටාපිටාව තුළ යෑයි සඳහන් කිරීම අහේතුකද නොවේ.

බොහෝ රෑ බෝ වී ගෙදර එන අපේ තාත්තාගේ දින චර්යාව මානවසිංහයන්ගේ අහඹු සම්ප්‍රාප්තියත් සමග උඩු යටිකුරු වේ. ආච්චි අම්මලාගේ නිවස පසුකර තේ වතු යාය තෙක්‌ තවත් අඩිපාරක්‌ වැටී තිබිණි.

කටුසු කොන්දක්‌ වන් එම අඩි පාර දෙපසින් සුවිසල් තේ වතුයාය නෙක බෑවුම් දිගේ ඈතින් ඈතට පැතිර යයි. ඩෝබි ලයිම ලෙසින් හඳුන්වන හුදෙකලා වතු පේළි නිවහනින් දුම් රොටුවක්‌ අහසට එසවේ. ඉඳහිට බල්ලෙකු බුරයි. මේ අඩිපාර අවසන් වන්නේ තේ වතුයායේ ප්‍රපාතයක්‌ අද්දරිනි. සෘතුවක්‌ හෝ කාල වකවානුවක්‌ නොමැතිව දැඩි සුළං හමනා ප්‍රපාතය අද්දර හුදෙකලා බෝධියක්‌ පිහිටා තිබිණි. කිසිවෙකු වන්දනාමාන නොකළ බොහෝ බෝධීන් අතර දක්‌නට නොලැබෙන තරම් සිරියාවක්‌ එම හුදෙකල බෝ මැඬ පා මුල විය.

ඇතැම් සැඳෑ කලෙක මානවසිංහයන් එම බෝමැඬ පාමුලට ගියේ මා සමගය. කොහොමටත් දඟකාර ඔහුගේ කෙහෙරැල්ල සුළඟට හසුවේ. ප්‍රසන්න ඒ මුව මඬල එවන් විටෙක මා දුටුවේ සොළොස්‌ කලාවෙන් පිරි සඳ මඬල සේය.

ඉතා පිරිසිදු වට මට ගල්කුළක්‌ මත ඈඳි ගන්නා ඔහු නිල්වන් තේ කඳු අතරින් පතර මතුව යළි පෙනී නොපෙනී යන සුදුවන් පීත්ත පටියක්‌ වන් ප්‍රපාතයේ පෙනෙන පාර දෙස බලා සිටී.

දළු ප්‍රවාහනය කරන ලොරියක්‌ දෙකක්‌ එම පීත්ත පටිය දිගේ පෙනී නොපෙනී යයි. ඒවායේ බඳෙහි වයි. එම්. ටී. ඒ. අන්නමලෛයි චෙට්‌ටිආර් ලෙස ඉංග්‍රීසි අකුරු සටහන් කර තිබිණි.

බැලු තෙක්‌ මානයේ නෙක කඳුවලින් වට වූ එම බෝ මැඬ පාමුල සිට අහස බලන ඔහුට පෙනෙන්නේ සැඳෑ වළාකුළු නිර්මාණය කළ අපූරු වර්ණාවලිය සහ විවිධ සිත්තම්ය.

මානවසිංහයන්ගේ පොතක සරස්‌කඩ ලෙස මේ සැඳෑ අහස්‌ සිතුවම් පිළිබඳ විග්‍රහය මගේ නෙත ගැටුණේ මින් බොහෝ කලකට පසුවය.

මානවසිංහයන්ගේ සුරතින් ලිය වූ මහ බෝ වන්නමට නිමිති වූයේ ඔහු බොහෝ කලක්‌ සේවය කළ ටයිම්ස්‌ ගොඩනැගිල්ල පාමුල බෝගසේ සැළෙන ලෙලෙන බෝ පත් යන්න ප්‍රකට වූ මතයයි. එහෙත් එතුමන්ට මහ බෝ වන්නම ලිවීමට එදා ගලබඩ හුදෙකලා ගම්මානයේ අප්‍රකට පිටිසර බෝධියේ සැලෙන ළෙලෙන බෝ දළු ද හේතු වූවායෑයි සඳහන් කිරීම නගරයේ බෝරුකට කරන අවමනක්‌ නොවේ. මා එතුමන් සමග එකම සහ අවසන් ගමනට එක්‌ වූයේ කතරගම වන්දනා ගමනකටය.

නන්දා මාලිනී ගයන ගීයක සේ ලොරි බාගයක නැගී එතුමන් සමග අප කතරගම බලා ගියේ මගේ මතකය නිවැරදි නම් 1960 පමණය.

ඒ ගමනට එතුමන්ගේ කනිටු පුත් උදය මානවසිංහයන් එක්‌ව සිටියේ වයස අවුරුදු 10 ක 12 ක කොලුවකු ලෙසය. රත්නපුර නෝනාගම හරහා හම්බන්තොටට ආසන්න වෙමින් සිටියදී එක පැහැර දුටු තල් ගස්‌ පෙළ සහ තෙරක්‌ නැති වැලි කතර දුටු ඔහු රිය පදවමින් සිටි මහලු ජිනදාස අයියා අමතමින් සඳහන් කළේ බැහැල ටිකක්‌ ඉඳලා යමු කියාය. පරක්‌ තෙරක්‌ නැති ඉන්දීය සාගරේ බොහෝ දුරක්‌ සිට රුහුණු වෙරළට ගොඩ ගැසූ කවඩි හක්‌ බෙල්ලන් දොaතින් ගත් ඔහු ඒ සෑම සමුද්‍ර සම්පතකම රූ රටා අපට විස්‌තර කළේය.

ලෝකය හා රිද්මය පිළිබඳ බොහෝ කරුණු කාරණා එතුමන්ගේ ගීතවල ඇතුළත්ය. එහෙත් ඒ ගේය පදවලට වඩා අද හම්බන්තොට වරායේ කරදියෙන් වැහුණු එදා රතුපස්‌ ගොඩැල්ල මුහුදු වෙරළේදී එතුමන් සිප්පිකටු දොaතින් ගෙන කළ විග්‍රය රිද්මය පිළිබඳ වඩා අර්ථ සහ රස පූර්ණ යෑයි මට සිතේ.

කතරගම අප දිනක්‌ හෝ දෙදිනක්‌ ගත කළෙමු. කතරගම සුරිඳු පිළිබඳ අප්‍රමාණ බැතිමතකු වූ ඔහු එදා මැණික්‌ ගඟ දෙපස නොයිදුල් වන පෙත හා තමන් අතර පැවති සහ සබඳතාවයන්ද නොසඟවා හෙළි කළේය.

ජීවිතයේ එක්‌ වකවානුවක මැණික්‌ ගංතෙර මහ වන වදුලේ ගත කළ අවධිය කෝමල රේඛා ඇතුළු පොත පතෙහි එතුමන්ගේ සඳහනට වඩා එම කථනයන් අතිශය සෞන්දර්යයකාමී විය.

එදා උදය අයියා මා ඇතුළු දරු දැරියන් පිරිසක්‌ පිරිවරාගෙන මැණික්‌ ගඟ දිගේ සෙල්ල කතරගම දෙසට උඩු ගං බලා ගිය එතුමන් යෝධ කුඹුක්‌ ගස්‌ පාමුල සීතල වක්‌කලන් වල සුදොa සුදු වැලි තලාවල විටින් විට දැහැන්ගත වූයේ ඒ සොඳුරු දුරාතීතයට දැයි මම නොදනිමි.

වංග පවුලක අතිශය රූමත් සිරිමතී නමැති තරුණියක පිළිබඳ මානවසිංහයන් කෝමල රේඛා පොතේ සඳහන් කර ඇත. අදින් 50 වසරකට පෙර එදා මැණික්‌ ගං වැලිතලාවේ දී එතුමන්ගේ ප්‍රභාමත් නෙත් සඟල අඳුරු කළේ එම ප්‍රේමය පිළිබඳ අඳුරු මතකය දැයි නොදනිමි.

සුනිල් ලීලානන්ද පෙරේරා

Tuesday, May 7, 2013

ටියුෂන් රැල්ලේ පැද්දෙන තාලේ


ටියුෂන් රැල්ලේ පැද්දෙන තාලේ


වර්තමානයේ දී ටියුෂන් ව්‍යාපාරය අධ්‍යාපන ක්‍ෂේත්‍රය වසාගෙන වර්ධනය වී ඇති දැවැන්ත පිළිකාවක්‌ බවට පත් වී තිබේ. එය කොයිතරම් නම් බරපතළ තත්ත්වයක්‌ බවට පත් වී තිබේ ද කියනවා නම් ටියුෂන් වසංගතය තුරන් කළ හැකි දෙයක්‌ ලෙස සිතන කිසිවකු හෝ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ සිටී දැයි කියා සිතීම පවා උගහට ය.

අද ලංකාවේ සිටින ඉහළම ධන කුවේරයන් අතර ටියුෂන් පංති ගුරුවරුන් විශාල පිරිසක්‌ සිටින බව රහසක්‌ නොවේ. සාමාන්‍ය පාසල් ගුරුවරයකුගේ මාසික වැටුප සහ මෙම ටියුෂන් ගුරුවරුන්ගේ මාසික ආදායම අතර ආලෝක වර්ෂ ගණනක පරතරයක්‌ තිබේ.

ටියුෂන් ක්‍ෂේත්‍රයේ ආදායම් ජනනය තේරුම් ගැනීමට පහත සඳහන් තොරතුරු කීපය ප්‍රයෝජනවත් වේ. අගනුවරට ආසන්න 'කණ්‌ඩායම් පංතියක්‌' (Group Class) ලෙස නම් කරනු ලැබ ඇති ආර්ථික විද්‍යා ටියුෂන් පංතියක ආදායම් තත්ත්වය පිළිබඳ දළ තක්‌සේරුවක්‌ මෙසේ ය. මෙහි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 400 ක්‌ පමණ වේ. මාසිකව පැය 8 ක්‌ පංති පැවැත්වෙන අතර මාසික ගාස්‌තුව රු. 1500 කි. ඒ අනුව පැයක ආදායම (400x1500= 600,000+8= 75,000) රු. 75,000 කි. දැනගන්නට ඇති ආකාරයට මෙම ආදායමෙන් 75% ක්‌ හෝ 80% ක්‌ ගුරුවරයාට හිමි වේ. ඉතිරි 25% හෝ 20% පංති පැවැත්වෙන ආයතනයටයි. ඒ අනුව ගුරුවරයාගේ කොටස 80% ක්‌ ලෙස සලකා බැලුවහොත් මෙම පංතියෙන් පමණක්‌ අදාළ ටියුෂන් ගුරුවරයා පමණක්‌ මාසිකව උපයන ආදායම රු. 480,000 කි. මෙය අදාළ ගුරුවරයා මාසයකට පැය 8 ක්‌ පමණක්‌ වැයකරන එක්‌ පංතියක ආදායම පමණක්‌ ලෙස සැලකූ කල්හී ඔහුගේ මාසික ආදායමේ ප්‍රමාණය ගැන අවබෝධයක්‌ අපට ලබාගත හැක.

අගනුවරින් බැහැර තවත් එක්‌ සමූහ ටියුෂන් පංතියක සිසුන් 3000-4000 අතර ප්‍රමාණයක්‌ සිටින අතර මාසික ගාස්‌තුව රු. 800 කි. සිසුන් ප්‍රමාණය 3500 ලෙස ගණන් බැලුවහොත් අදාළ ගුරුවරයාට එයින් ලැබෙන ආදායම මෙසේය( 3500x800=2,800,000-560,000=2,240,000+8=280,000 මේ අනුව මෙම ටියුෂන් ගුරුවරයා එක්‌ පංතියකින් පමණක්‌, එනම් පැය 8 කදී රු. මිලියන 2.24 ක මුදලක්‌ උපයයි. ඔහුගේ පැයක ආදායම රු. 280,000 කි.

ටියුෂන් ගුරුවරයකුගේ මෙම ආදායම අපට රජයේ පාසල් ගුරුවරයෙකුගේ මාසික වැටුප සමඟ සංසන්දනය කර බැලීමට පුළුවන. ශ්‍රී ලංකා ගුරු සේවයේ ආරම්භක තලය වන 3.2 ශ්‍රේණියේ ගුරුවරයකුගේ ආරම්භක වැටුප රු. 19,320 කි. (13,120 - 10x145 - 05x180 = 15,470 + 6,200), උපාධිය සහිත ආරම්භක ශ්‍රේණිය වන 3.1 ශ්‍රේණියේ ගුරුවරයකුගේ ආරම්භක වැටුප රු. 20,335 කි. (14,135 - 09x180 - 05x240 = 16,835 + 6,200).

රජයේ පාසල් ගුරුවරයකුට සිය වෘත්තිය තුළ ළඟා විය හැකි ඉහළම තලය වන්නේ ගුරු සේවයේ පළමුවන පංතියයි. මෙම පංතියේ උපරිම වැටුප් වර්ධක ප්‍රමාණය ලබාගත් කල්හි එවැනි ගුරුවරයකුගේ වැටුප රු. 40,745 (21,645 - 20 x 645 = 34,545 + 6200) මෙම උපරිම වැටුප් තලයට ළඟා වීම සඳහා ගුරුවරයෙක්‌ ගුරු සේවයේ වසර 40 ක්‌ ගත කළ යුතුය. ඩිප්ලෝමාධාරියකුට හෝ උපාධිධාරීයකුට ඒ ප්‍රමාණයෙන් වසරක්‌ අඩුකර ගත හැක.

මෙම එකම සේවාව සපයන දෙපිරිස අතර මෙතරම් විශාල ආදායම් පරතරයක්‌ ඇති වී තිබෙන්නේ ටියුෂන් ගුරුවරු පාසල් ගුරුවරුන්ට වඩා දක්‌ෂ වීම නොව, ටියුෂන් ගුරුවරුන් සිදුකරන්නේ හුදෙක්‌ ඉගැන්වීමක්‌ පමණක්‌ නොව අධ්‍යාපනය හුවමාරු භාණ්‌ඩයක්‌ ලෙස අලෙවි කිරීමත් වන නිසා ය. තරගකාරී විභාග ක්‍රමය හා එම තරගකාරී විභාග ක්‍රමය තුළ තම දරුවන් ඉහළ සාමාර්ථය වෙත ළඟා කරවීමට දෙමාපියන් තුළ ඇති නොතිත් ආශාව නිසා මේ ආකාරයට ටියුෂන් ස්‌වරූපයෙන් අධ්‍යාපනය හුවමාරු භාණ්‌ඩයක්‌ බවට පත්කිරිමට හැකියාව ලැබී ඇත.

අප ටියුෂන් ව්‍යාපාරය පිළිකාවක්‌ එහෙමත් නැත්නම් වසංගතයක්‌ ලෙස හඳුන්වන්නේ ඇයි? ඒ හේතු කීපයක්‌ නිසා ය. පළමුවෙනුව ටියුෂන් ව්‍යාපාරය සමස්‌ත අධ්‍යාපන ක්‍රමයේ මූලික අර්ථය ම මුළුමනින්ම ඛාදනය කර දමන නිසාවෙනි. දෙවනුව එය දෙමව්පියන් මත දැවැන්ත ආර්ථික බරක්‌ නිර්මාණය කර ඇති නිසාවෙනි.

පළමුවෙනිව සඳහන් කළ කාරණයට අදාළව පවසතොත් ටියුෂන් ව්‍යාපාරයේ වර්ධනය නිසා මූලික විෂයමාලාව ඉගැන්වීම සහ විභාග සමත්වීමේ පැත්තෙන් ගත් කල්aහී පාසල් යනු අනවශ්‍ය ආයතන පද්ධතියක්‌ බවට පත්වී ඇත. ටියුෂන් පංතිවල මූලික ඉගැන්වීමේ ආකෘතිය වන්නේ Rජු ලෙස ඉලක්‌ක කරන ලද විභාග සඳහා සිසුන් පුහුණු කරවීමයි. ටියුෂන් පංතිවල ඉගැන්වීමේ ආකෘතිය මගින් සිසුන් තුළ කිසිදු ආකාරයක අධ්‍යාපනික වර්ධනයක්‌ ඇතිවන්නේ නැත. සිදුවන්නේ විභාගවලට පිළිතුරු දීම සඳහා ගුණාත්මක වශයෙන් ඉතාම පටු දැනුමක්‌ ලැබීම පමණි.

ටියුෂන් පංතිවලින් ලැබෙන මෙම බෙහෙවින් පටු පුහුණුව මත විභාග සමත් වී විශ්වවිද්‍යාලවලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිසේත් ම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන ඉතාම වැදගත් නිපුණතා ලැබෙන්නේ නැත. මේ නිසා දැන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය 'මෘදු කුසලතා' නැංවීම යන අලංකාර වචනය පෙරට දමා විශාල මුදල් නාස්‌තියක්‌ සිදු කරමින් සිටී. ඇත්ත වශයෙන්ම මෙම ඊනියා මෘදු කුසලතා ක්‍රමවත් පාසල් අධ්‍යාපනයක්‌ හරහා ලබාදිය යුතු ඒවා ය.

ටියුෂන් වසංගතය නිසා පහළ මධ්‍යම පංතික පවුල් මත දැවැන්ත ආර්ථික බරක්‌ පැටවී ඇත. අ.පො.ස. (සා.පෙ.) සඳහා සූදානම් වන මට්‌ටමේ දරුවන් දෙදෙනෙක්‌ සිටින පවුලකට අවම විෂයන් ප්‍රමාණයක්‌ සඳහා වුව ද මසකට රු. 2,500 ක්‌ පමණ ටියුෂන් සඳහා වියදම් කිරීමට සිදුවේ. අ.පො.ස. (උ.පෙ.) සම්බන්ධ තත්ත්වය මීට වඩා බරපතළ වේ. එහිදී විෂය ධාරාව සහ සහභාගි වන ටියුෂන් පංතිවල ස්‌වභාවය (කණ්‌ඩායම් පංති ද සමූහ පංති ද යන කරුණ මත) සිසුවෙකුට සාමාන්‍යයෙන් මසකට රු. 6000-10,000 අතර මුදලක්‌ ටියුෂන් සඳහා වැයකිරීමට සිදු වේ.

මෙය දෙමව්පියන්ගේ දෘෂ්ටිකෝණයෙන් ගත් කල මුළුමනින්ම නිෂ්ඵල මුදල් නාස්‌aතියක්‌ ලෙස හැඳින්විය හැකි ය. ඒ සඳහා මුළුමනින් ම වගකිව යුත්තේ පවත්නා අවිධිමත් අධ්‍යාපන ක්‍රමයයි. විශේෂයෙන් ම බෙහෙවින්ම යල්පැන ගොස්‌ ඇති විභාග ක්‍රමයයි. අධ්‍යාපන බලධාරීන් සහ ටියුෂන් කර්මාන්තය අතර ඇති කිට්‌ටු සම්බන්ධය නිසා ටියුෂන් ව්‍යාපාරයට හානිකර වන්නාවූ පියවර මෙම අධ්‍යාපනය බලධාරීන් විසින් ගනීවි යෑයි සිතිය නො හැකි ය.

(විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් එළිදක්‌aවනු ලැබ ඇති "අධ්‍යාපනය විකිණීමට තිබේ" ග්‍රන්ථයෙනි.)


රැකගමු නිදහස්‌ අධ්‍යාපනය - ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි


රැකගමු නිදහස්‌ අධ්‍යාපනය

පොල් සම්බෝල සමග බත් ආහාරයට ගෙන පන්පැදුරේ නිදාගෙන නීතිඥයකු, දේශපාලනඥයකු හා ජාතික නිදහස්‌ සටනේ සාමාජිකයකු වු ආචාර්ය ක්‍රිස්‌ටෝපර් විලියම් විජෙකොන් කන්නන්ගර මැතිතුමාණෝ ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයේ පියාණෝය.

ඉංගී්‍රසි අධ්‍යාපනය තුළින් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ එතුමා 1907 ක්‍රේම්බ්‍රි- ජ්‍යෙෂ්ඨ විභාගයෙන් අංක ගණිතය හා උසස්‌ ගණිතය යන විෂයන් දෙකෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සියලු අපේක්‌ෂකයන් අභිබවා මුල් තැන දිනාගත් අතරම වසරේ දක්‌ෂතම ශිෂ්‍යයා ද විය.

දුප්පතකු වශයෙන් ඉපිද රටට, ජාතියට, නිදහස්‌ අධ්‍යාපනය තුළින් ආලෝකය ලබා දුන් ඒ විශිෂ්ටම උගතා තම ජීවිතයේ අවසාන කාලය ගතකළේ රජය විසින් ලබාදුන් සහනාධාරයෙනි. නිදහස්‌ අධ්‍යාපනයේ පියා දුප්පතකු වශයෙන්ම මිය යාමෙන් රටේ වත්මන් දේශපාලන පන්තියට ආදර්ශය සපයා ඇත්තේ දේශපාලනය තමාට හෝ තම පවුලේ අනාගතය වෙනුවෙන් හරිහම්බ කර ගන්නා ව්‍යාපාරයක්‌ නොවන බව තමන් විසින් ම ක්‍රියාවෙන්ම ඔප්පුකරලමිනි.

ලෝකයේ පිළිගත් උගතකු වු එතුමාණෝ සැබැවින්ම රටට, දැයට ආදරය කළ අතර පොදු ජනතාවගේ දේපළ වලට හෝ පොදු සම්පත් වලට මෙන්ම මිල මුදල් වලට අනිසි ලෙස ආදරය නොකළ අතර සැබැවින්ම රටේ අනාගත පරපුරට මහත්සේ ආදරය කළහ.

"මා දන්නා තරම් දුප්පත්කමේ පීඩාව හදුනන එකදු පුද්ගලයකු හෝ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නොමැති බවත්, එම නිසාම රට පුරා ජීවත් වන ගමේ කොලුවන්ට යහපත් අධ්‍යාපනික අනාගතයක්‌ වෙනුවෙන් තමන් කැප වන බව එතුමාණෝ නිතරම ප්‍රකාශ කළහ". නිදහස්‌ අධ්‍යාපනය පිළිබඳව එතුමා විසින් දරන අදහස්‌ පිළිබඳව එකල මාධ්‍ය මගින් නොඑක්‌වර එතුමාට සමච්චල් කර ඇත. ක්‍රිකට්‌ ක්‍රීඩාව පිළිබඳව එතුමා කරන ලද ප්‍රකාශයක්‌ අල්ලා ගත් කාටුන් ශිල්පියෙක්‌ තම කාටුනයේ සටහන් කර තිබුණේ අපි හිතුවේ ඔලුවේ තුවාලයක්‌ කියලා යෑයි රූප ඇඳ තිබිණි. නමුත් එතුමාණෝ ශ්‍රී ලාංකික අභිමානවත් ජාතියට ස්‌වභාෂාවෙන් ඉගෙන ගෙන පෘථිවිගෝලයේ ඉහළම තැනට යාමට අවශ්‍ය අධ්‍යාපනය ලබාගැනීම සඳහා රටට නිදහස්‌ අධ්‍යාපනය දායද කර දෙන ලදී. ජනතාවගේ අධ්‍යාපනයෙහිලා එතුමන්ගෙන් ඉටුවුණු සේවාවේ වැදගත්කම වටහා ගැනිම පිණිස නිදහස්‌ අධ්‍යාපනයේ පසුබිම පරික්‌ෂා කර බැලීම වටනේය. දළ වශයෙන් එකල පාසල් දෙවර්ගයක්‌ විය. එක්‌ වර්ගයක්‌ වුයේ ඉංගි්‍රසි පාසල්ය. අනෙක පිරිවෙන් ඇතුළු ස්‌වභාෂා පාසල්ය. ඉංගී්‍රසි පාසල් මගින් පාලක පක්‌ෂය සඳහා ලිපිකරු ප්‍රජාවක්‌ බිහිකළහ. ඉංගි්‍රසි අධ්‍යාපනය හදුන්වාදීමත් සමඟම කුලය, ධනය කෙරෙහි අවධානයක්‌ යොමුකළ වැඩවසම් සමාජයේ යල් පිනු අදහස්‌ හා ආකල්ප වෙනුවට නිදහස, පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය වැනි නව්‍ය සංකල්ප බිහිවනු ඇතැයි ඉතා දැඩිව අපේක්‌ෂා කරන ලදී.

උක්‌ත ඉංගී්‍රසි පාසල්වල අධ්‍යාපනය ලැබු නාගරික ධනවත් ලාංකික සුළු සංඛ්‍යාව ගැන සලකා බැලිමේදී ඉහත කී නව්‍ය සංකල්ප ඔවුන්ගේ සමාජ, දේශපාලන චින්තනය කෙරෙහි බලපා ඇති බව පැහැදිලි වනුයේ රටේ නිදහස්‌ සටනේ ප්‍රබල නායකයන් බහුතරය ඔවුන් අතරින් බිහි වී ඇති හෙයිනි. එකල රට තුළ පැවැති ඉංගී්‍රසි පාසල් බහුතරය පවත්වා නඩත්තු කරන ලද්දේ ආගමික සංවිධාන මගිනි.

"1799 ජනවාරි 15 දින ගාලු සම්මේලනයේදී ෙµඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාරවරයා විසින් පැවැත්වු දේශනයේ එක්‌ අදහසක්‌ වූයේ ලංදේසීන් විසින් පටන්ගන්නා ලද අධ්‍යාපනික වැඩපිළිවෙල නිහඬව නොකඩවා අනුගමනය කිරීමට හැකි වූවා නම් මුළු සිංහල ජාතියම යථා කාලයේදී අපේ ආගමට හරවා ගත හැකි යෑයි විශ්වාස කිරීමට කරුණු යෙදී තිබුණු බවයි. 1901, 1911, 1921 යන වර්ෂවල ජන සංගණනයන්හිදී කියවීමේ හා ලිවිමේ හැකියාව පිළිsබඳ ප්‍රතිශතය ආගම් අනුව පහත සටහනින් දැක්‌වේ

අගමික සමිති මගින් පවත්වා නඩත්තු කරන ලද බොහෝ ඉංගී්‍රසි පාසල්වල තවත් ඉලක්‌කයක්‌ වූයේ භාෂාව ඉගැන්වීම හරහා ඔවුන්ගේ ආගමද ප්‍රචලිත කර ගැනීමය.

ක්‍රිස්‌තියානි පාසල්වල ප්‍රධානාචාර්යධුර දැරීම පිණිස එංගලන්තයේ විශ්වවිද්‍යාලවලින් සුදුසුකම් උපයාගත් විද්වතුන් ගෙන්වාගෙන ඇත. ඔවුහු ලංකාවේ පාසල් එංගලන්තයේ ක්‍රමයටම ක්‍රියාත්මක කළහ. විභාග ක්‍රමය කේ්‍රම්බ්‍රි- ජ්‍යෙෂ්ඨ විභාගය කේන්ද්‍රකොටගෙන කෙටුම්පත් කර ක්‍රියත්මක කර ඇත්තේ අධ්‍යාපන පටිපාටියට සමාන්තරවම ක්‍රීඩා, චරිත, විනය සංවර්ධනය පිළිබඳව වඩාත් කැපවිමෙනි. සැබැවින්ම ඉංගී්‍රසි අධ්‍යාපනයේ මහඟු ප්‍රතිඵල නෙලාගත් ලාංකිකයන් ඉතාම විශිෂ්ට අයුරින් නීතී හා වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ ක්‍රියාත්මක වූ අතර සිවිල් සේවාවේ සහ පොදු රාජකාරි සේවාවේ නියුතු වුවන්ගේ ප්‍රමිතියද ඉතාමත්ම ඉහළ මට්‌ටමක තිබිණ.

ලංකාවට නිදහස ලැබෙනවිට වෙළඳපොළ කළමනාකරණය, වැවිලි ආර්ථික භෝග ඇතුළු ආනයන අපනයන ක්‍රියාවලිය, මානව සංවර්ධනය යටිතල ව්‍යqහය සංවර්ධනය පිළිබඳව ඉහළ පරිචයක්‌ හා පුහුණුවක්‌ ඇති නිලධාරින් අප සතුවීම රටේ අනාගත දියුණුවට මහත් ප්‍රයෝජනවත් විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා අනෙකුත් යටත් විජිතයන්ගෙන් නිදහස ලබාගත් රටවල සමාජ සංවර්ධනයට වඩා ලංකාවේ සමාජ සංවර්ධනය ඉහළ ප්‍රමිතියක්‌ තිබීමට ප්‍රධාන හේතුව උක්‌ත සිවිල් සේවාවේ හා පොදු රාජකාරි ක්‍රමයේ පැවති උසස්‌ ප්‍ර්‍රමිතියයි. මෙකී තත්ත්වය පිළිබඳව හොඳම නිදර්ශනය වනුයේ අප්‍රිකානු මහද්වීපයයි. වර්තමානයේද අප්‍රිකානු මහාද්වීපයේ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලකයන් දක්‌නට නැති අතර ජනප්‍රිය නුගත් දේශපාලකයෝ රට පුරාම සිටිති. එමෙන් ම සිsවිල් හා පොදු රාජකාරි සේවාව සඳහා දක්‌ෂ විශිෂ්ට පුද්ගලයන් නොමැති වීම අප්‍රිකානු මහාද්වීපයේ සංවර්ධනයට මහත් අභියෝගයක්‌ වී ඇති බව විද්වතුන්ගේ අදහසයි.

පුද්ගල නිදහස ප්‍රජාතන්ත්‍රවාදය, මානව හා මූලිsක අයිතිවාසිකම් නීතියේ ආධිපත්‍ය සහ යහපාලනය පිළිබඳව ගැඹුරු දැනුමක්‌ නොමැති ජනප්‍රිය දේශපාලකයන් සහ අකාර්යක්‌ෂම රාජ්‍ය සේවාව නිසා අප්‍රිකානු ජනතාව තවදුරටත් දුක්‌විඳිමින් සිටිනු දක්‌නට ඇත්තේ විශාල ස්‌වභාවික සම්පත් ප්‍රමාණයක්‌ හා ශක්‌තිමත් මානව සම්පතක්‌ තමන් සතුව තිබියදීය. එය තවදුරටත් කටෝර වි ඇත්තේ ලෝක මට්‌ටමේ සුදුසුකම් සපුරාගත් අවංක දේශපාලනඥයින් තාමත් අප්‍රිකානු මහාද්වීපයේ පහළ වී නොමැති හෙයිනි. ඒ අනුව බලන විට නිදහසින් පසුව ශ්‍රී ලංකාව එවැනි අභියෝගයකට මුහුණ නොදී ම අපේ වාසනාවකි. නමුත් එංගලන්තයේ ක්‍රියාත්මක වූ ඉංගී්‍රසි අධ්‍යාපන ක්‍රමය ලංකාවේදී ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් අඩුපාඩුකම් නොයෙක්‌ වර ඉස්‌මතු වී ඇත. මෙම අඩුපාඩුකම් පිළිබඳ නොයෙකුත් අදහස්‌ උදහස්‌ සමාජයේ ඇති වී ඇති අතර 1871 ප්‍රසිද්ධ ඉගැන්වීම් අධ්‍යක්‌ෂක වූ වොල්ටර් යෙන්දල් ඉංගි්‍රසි අධ්‍යාපනය මගින් ලංකාවේ තරුණ පරපුර ස්‌වදේශිය ජනතාවගේ එසේ නැතහොත් ග්‍රාමීය බහුතර ජනතාවගේ සාම්ප්‍රදායික සංස්‌කෘතිය අවඥාවෙන් සැළකීමටත් රැකියා අපේක්‌ෂාවන් වෙනුවෙන් කාර්යාල වල දොරටු අසල රැඳී සිටීමටත් පුහුණු කළ බව කියමින් මේ විවේචනය දිගින් දිගටම පෙන්වා දුන්හ.

1911 දී ලංකාවේ ද්විතීsය අධ්‍යාපනය පිළිබඳ වාර්තා කිරීමට ලංකාවට ආරධනා කළ රජයේ පාසල් පරික්‌ෂක වන ෙ-. ෙ-. ආර්. බ්‍රි-ගේ අදහස වූයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා අධ්‍යාපන පටිපාටිය ලාංකික දරුවාගේ අධ්‍යාපනික අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි සකස්‌ කිරීම අතිශය වැදගත් අවශ්‍යතාවයක්‌ බවය. විශිෂ්ට ප්‍රංශ අධ්‍යාපනඥයකු වු කොළඹ රාජගුරු ප්‍රසාදි වු ක්‍රිස්‌ටෝපල් අනර්ස්‌ට්‌ බොන්ර්යන්ගේ විවේචනය වූයේ සිංහල දෙමළ මුස්‌ලිම් දරුවන්ට ඉංගී්‍රසි භාෂාවෙන් ඉගැන්වීම තරුණ පරපුරේ බුද්ධිය හීන කරන්නක්‌ බවය. කෙසේ නමුත් ඉංගි්‍රසි අධ්‍යාපනය පිළිබඳ නොයෙක්‌ මතිමතාන්තර තිබියෙමුත් රටපුරා බොහෝ නගරවල ඉංගී්‍රසි පාසල් පිහිටුවනු ලැබිය. උක්‌ත ඉංගී්‍රසි පාසල් වෙතින් නාගරික ධනවත් ප්‍රජාවගේ දරුවන් අධ්‍යාපනය ලබාගත් අතර අධ්‍යාපනය ජීවිතයට වටිනාතම ආභරණයක්‌ විය. රාජ්‍ය සේවාවෙහි හෝ සිsවිල් වෛද්‍ය අධිකරණ සේවාවන්හි වේවා සමාජ, ආර්ථික දියුණුව ලබාගත හැකි වූ එකම මාර්ගය වූයේ ඉංගී්‍රසි අධ්‍යාපන ක්‍රමයයි. එම නිසා සැබැවින්ම එකල ඉංගී්‍රසි අධ්‍යාපනය යනු නාගරික ධනවතුන්ගේ පවුල්වල දරුවන් සඳහා වූ මිල අධිකතම ආභරණයක්‌ විය. මෙකී තත්ත්වය පිළිබඳ මහත් පළල් අවබෝධයකින් සිටි කන්නන්ගර මැතිඳුන් 1947 මැයි මස 27 වන දින නිදහස්‌ අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිsරිමේදී පැය තුනක්‌ පුරා කළ කථාවෙන් ඉතා දීර්ඝ විස්‌තරයක්‌ කර ඇත.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිටි ඉන්දියානු රාජ්‍යය නිලධාරියකු වන එච්. එම්. අන්නේ මහතා එතුමාගේ කථාවෙන් පසු පාර්ලිමේන්තු ලොබියේදී එතුමා හමුවී පවසා ඇත්තේ ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ඔබ මේ පනත ඉදිරිපත් කළේ නම් ඉන්දියානුවන් ඔබ ජාතික වීරවරයකු වශයෙන් මෙන්ම දෙවියකු වශයෙන් ද සළකනු ලබන බවය. නමුත් ඒ වන විටත් රටපුරා කිS්‍රයාත්මක වු ස්‌වභාෂා පාසල් ජාලයේ මූලීක පරමාර්ථය වී තිබුණේ මහා සමාජයේ පොදු වු දරුවන්ට මව් බස පිළිsබඳ දැනුමක්‌ ලබාදීමය.

අධ්‍යයන පහසුකම් මෙන්ම වෙනත් මූලික අවශ්‍යතා අවම වශයෙන් තිබු මෙම ස්‌වභාෂා පාසල්වල පොදු ලක්‌ෂණය වූයේ දිගු විශාල ශාලාවල තදබදයෙන් සිටි දරුවන්ය. ඉංගී්‍රසි අධ්‍යාපන ක්‍රමය මඟින් ඉදිකරනු ලැබු දැවැන්ත පාසල් ජාලය සතුව තිබු අධ්‍යාපන ක්‍රියා පටිපාටි, පුස්‌තකාල, විද්‍යාගාර හා ක්‍රීඩා පහසුකම් මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන් නිමවූ ගොඩනැගිලි ආදීය ස්‌වභාෂා පාසල් වලට සිහිනයක්‌ වූ අතර ඒවා අතිශය විස්‌මය ජනකද විය. සැබැවින්ම ස්‌වභාෂා පාසල් වල අධ්‍යාපනය පොතටම සීමා විය. එමෙන්ම වෙනස්‌ වන සමාජ ආර්ථික අව්‍යතා සඳහා අවශ්‍ය දැනීමද අවම විය.

ස්‌වභාෂා පාසල්වල අධ්‍යාපනය හැදැරූවූ දරුවන්ට උසස්‌ අධ්‍යාපනය සඳහා ඉංගී්‍රසි පාසල් ජාලය වෙත යොමු වීමටද රටේ පොදු ජනතාවට විශේෂයෙන්ම බෞද්ධ බහුතරයට හැකියාවක්‌ තිබුණේම නැත. එම නිසා ස්‌වභාෂාවෙන් ඉගෙනිම ලැබු දරුවකුට ඵලදායි රැකියාවක්‌ පිළිබඳ එකම බලාපොරොත්තුව වූයේ පාසල් ගුරුවරයකු වීමය. එතකුදු වූවත් සියලු අඩුපාඩුකම් මැදවුවත් ස්‌වභාෂා පාසල් ජාලය රටට ජාතියට වාසියක්‌ම විය. ප්‍රධානතම වාසිය වූයේ ස්‌වදේශිය ජනතාවගේ මව් භාෂාව නොහොත් ජාතියේ භාෂාව වන සිංහල භාෂාව ප්‍රගුණ කිරීමට රටපුරා දරුවන් ට හැකිවීමය. අද්‍යතනව මව් භාෂාව වූ කලී දරුවකුට ඉගැන් වීමට ඇති හොඳම සන්නිවේදන මාධ්‍ය බව අධ්‍යාපනඥයෝ පිළිගනිති. තවදුරටත් සඳහන් කළ යුතුවන්නේ උක්‌ත ස්‌වභාෂා පාසල්වල ජාතියේ රටේ ස්‌ංස්‌කෘතික ආගමික උරුමයේ ජීවය හා සාරය ගැබ්වූ නොයෙකුත් කරුණු ඉගැන්වූ බවය. ඒ අතරින් සිංහල හා දෙමළ භාෂා සාහිත්‍යයත්, ඉතා ලැදියාවක්‌ තිබු විෂයයන් විය.

නිදහස්‌ අධ්‍යාපනය ස්‌ථාපිත වීමෙන් කන්නන්ගර මැතිඳුන් රට පුරා බිහි කළ මධ්‍ය මහා විද්‍යාලයන් යුරෝපිය ගෘහ නිර්මාණය හා සමාන අයුරින් ඉදි කළ අතර ක්‍රීඩා පිට්‌ටනිද, පුස්‌තකාලාදි පොදු අවශ්‍යතාද ඊට සපයා දෙන ලදී. එයින් නොනැවතුන එතුමාණෝ මධ්‍ය මහා විද්‍යාල වෙනුවෙන් වෙනම නිලධාරියකු ද පත් කළහ.

මීට පෙර සඳහන් කළ පරිදි බොහෝ සෙයින් පිළිකුල් කරන ලද ස්‌වභාෂා පාසල් ජාලය අධ්‍යයන හා සංස්‌කෘතික මෙන් ම ආගමික වශයෙන් සැබෑම ජාතික පාසල් බවටම පත් විය. සැබැවින්ම සාර්ථක ජාතික අධ්‍යාපනයක්‌ විය යුත්තේ එය ජාතියේ ජීව ධර්මය පදනම්කොට විය යුතුය යනුවෙන් ඇමරිකානු සුප්‍රසිද්ධ අධ්‍යාපනඥයකු වන අයි. එල්. කැන්ඩල් (1881-1965) තම Comparative Education  යන ග්‍රන්ථයේ දක්‌වා ඇත.

ඉහත සඳහන් කරන ලද ස්‌වභාෂා පාසල්වලට පින් සිදු වන්නට ලංකාවේ අකුරු දත් මහා සමාජයේ සාමාජිකයන් ප්‍රමාණය සැළකිය යුතු තරම් ඉහළ යන ලදී. ඒ කෙතරම් ද යත් ආසියාතික රටවලින් දෙවන තැනට ලංකාව පත් වී ඇත. ඉංගී්‍රසි හා ස්‌වභාෂා පාසල් පද්ධතීන් දෙක අතර සැබෑ වෙනස්‌කම් තිබිණි. එපමණක්‌ නොව ඉංගී්‍රසි අධ්‍යාපනය හේතුවෙන් අපේ සාම්ප්‍රදායික පොදු මහා සමාජය පන්ති දෙකකට බෙදිණී. මේ පන්ති බෙදීම පිළිබඳ ආචාර්ය කන්නන්ගර මැතිඳුන් පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවක කොටසක්‌ මෙසේය. "අපේ රටේ ජනයා කොටස්‌ දෙකකට බෙදා ඇත. එක්‌ කොටසක්‌ උසස්‌ය අනෙක්‌ කොටස පහත් ය. එක කොටසක්‌ දිඟ කලිසම් අඳින අතර අනෙක්‌ කොටස අඳිනුයේ රෙද්දය. ඉංගි්‍රසි අධ්‍යාපනය හේතුවෙන් අපේ රටේ සමාජය පන්ති දෙකකට බෙදී ඇත. ඉසුරුමත් වුත්, ධනවත් වූත්, බලසම්පන්න වූත්, ගෙවීමට හැකියාව ඇත්තාවූත් අය විදෙAශීය භාෂාවකින් උසස්‌ අධ්‍යාපනය දෙන පාසලකට යති. ඔවුන් ඒ සඳහා මුදල් ගෙවිය යුතුය. එසේ මුදල් ගෙවීම ප්‍රයෝජනවත් ය. කවර හෙයින්ද යත් මේ රටේ රාජ්‍ය භාෂාව ඉංගී්‍රසි වන හෙයිනි. එසේම ඉංගී්‍රsසි නොදන්නා කිසිවෙකුට කිසිදු උසස්‌ නිලයකට පත් විය නොහැකි හෙයිනි යනුවෙනි. (1944 හැන්සාඩ් වාර්තාව). මීට තවත් උදාහරණයක්‌ වනුයේ 1931 දී තිබුණ 4023ක්‌ වූ මුළු පාඨශාලා ප්‍රමාණයෙන් 7% ඉංගී්‍රසි පාඨශාලා වු අතර පාසල් ගිය මුලු සංඛ්‍යාව 553701 වූ අතර ඉහත ඉංගී්‍රසි පාඨශාලා වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ප්‍රමාණය 62706 කි. එහෙත් අධ්‍යාපනය සඳහා යටත් විජිත රජය වියදම් කළ මුදලින් 37% ක්‌ම වියදම් කොට ඇත්තේ එම 7% වු සුලු පිරිසට වන අතර ඉතිරි 93% සඳහාම වියදම් කර ඇත්තේ මුළු මුදලින් 63% කී. මේ තත්ත්වය හොඳින්ම තේරුම් ගැනීමට නම් උගත් ලාංකික ඡන්ද බලය වෙනුවට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කළ අවස්‌ථාවේ ඒකීය ජාතියක්‌ හෝ පොදු මහා සමාජයක්‌ ගොඩනැගීමට ජනතාවගේ ආධාර නොලැබීම පිළිබඳ අධ්‍යයනය කළ යුතුය.

මේ පිළිබඳව ඉතා ගැඹුරු අවධානයක්‌ යොමු කර ඇති කන්නන්ගර මැතිඳුන් ඊට නිසි ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියා කළේ ඔහු ඉංගී්‍රසි අධ්‍යාපනය හදාරා තිබූ බැවින් වෙනස හොඳීන්ම වටහාගෙන තිබුණා පමණක්‌ම නොව අත්දැකීම් ද තිබණු හෙයිනි. නිදහස්‌ අධ්‍යාපනයේ පියා වශයෙන් එතුමා සිංහලයන් ප්‍රමුඛ ලාංකිකයන් වෙත ලබා දුන් අගනා දායාදය, එසේ නැතහොත් නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීම, වත්මන් පරපුර විසින් අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු අති දැවැන්තම යුතුකමයි.

රටේ මහා සමාජයේ සියලු රට වැසියන්ගේ දූ දරුවන් එසේ නැතහොත් පොදුවේ රටේ ජාතියේ අනාගත පරපුර වෙනුවෙන් නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීම වත්මන් පරපුරේ උරුමයකි වගකීමකි. නිදහසින් පසු බිහිවූ සියලු විශිෂ්ටයන් හා විද්වතුන් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ දැක්‌මේ, දහදියේ ප්‍රතිඵල නෙළා ගත් උස්‌ මිනිසුන්ය. රට ජාතිය පවතින තාක්‌කල් එතුමාණෝ අපේ රටේ නිදහස්‌ අධ්‍යාපනයේ පියාණෝය.

මාද ආචාර්ය උපාධිය දක්‌වා උගත්තේ එතුමාගේ සිතුවිලි ගංඟාවේ පිහිනා එතුමාගේ දහදිය සුවඳින් ඔපවත් වූ නිදහස්‌ අධ්‍යාපනයේ අනුහසිනි. අපේ ජාතියේ සමස්‌ත ලාංකිකයන්ගේ සැබෑ යුතුකම වනුයේ එතුමන්ගේ මහා පාරමිතාවේ ප්‍රතිඵල අනාගත පරපුර වෙත කාන්දු කර සිංහල ජාතිය ප්‍රමුඛ ලංකිකයන් ගෝලීය මහා පඬිවරුන් බවට පත්කරලීමය.

මේ මහා පුරුෂයාගේ අවංක දුර දක්‌නා දැක්‌ම දිගේ නිදහස්‌ අධ්‍යාපනය නමැති මහානර්ඝ දායාදය අපේ රටට හිමි වී ජාතිය, රට ඒ මතින් නෙළාගත් ප්‍රතිඵලය අමිලය. නමුත් අද්‍යතනව එම මහානර්ඝ දායාදය වූ නිදහස්‌ අධ්‍යාපනය මුහුණ දී තිබෙනුයේ අතිශය ෙ€ද ජනක තත්ත්වයකටය. නිදහස්‌ අධ්‍යාපනයේ මහා සම්පත් පොදු ජනතාවගේ දූ දරුවන්ට සාර්ථකව නෙලා ගැනීමට නම් ඒ සඳහා අවශ්‍ය සේවා සහ පහසුකම් සඳහා අවශ්‍ය තරම් ප්‍රාග්ධන ආයෝජනය කළ යුතුය. නමුත් අද්‍යතනව නිදහස්‌ අධ්‍යාපනයට යොදවන ප්‍රාග්ධනය ජාතික ආදායමෙන් සියයට 2 කටත් අල්ප වීම මහත්වූ කනගාටුවට කරුණක්‌ වනුයේ සැබෑවටම අනාගත පරපුරට ආදරය කරන අවංක පුද්ගලයන්ටය. අනාගත පරපුරේ දියුණුවේ අත්තිවාරම නිදහස්‌ අධ්‍යාපනයයි. එය රැක ගැනීම සියලු රට වැසියන්ගේ යුගයේ තීරණාත්මක උරුමයයි, වගකීමයි, යුතුකමයි.

නිදහස්‌ අධ්‍යාපනයේ පියාණන් වූ අචාර්ය ක්‍රිස්‌ටෝපර් විලිsයම් විඡේකෝන් කන්නන්ගර මැතිදුන්ගේ හා එතුමාගේ පියාණන් වූ ජෝන් ඩැනියෙල් විෙ-කෝන් කන්නන්ගර මැතිතුමාගේ, එතුමාගේ ආදරණීය මෑණියන් වු එම්ලි විෙ-සිංහ මැතිනියගේත් භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ එතුමාන්ලාගේ උපන් ගම වන කළුතර දිස්‌ත්‍රික්‌කයේ ඉත්තෑපාන ලුල්බද්දූව ග්‍රාමයේය. එම ඓතිහාසික ස්‌ථානයේ මේ මහා පුරුෂයාගේ පිළිරුවක්‌ ඉදිකිරීමට ආචාර්යය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ගුණානුස්‌මරණ පදනම සියලු කටයුතු ගොනුකර ඇත. නිදහස්‌ අධ්‍යාපනය නමැති මහා ගංඟාවේ පිහිනු සියලු ලක්‌ වැසියන්ද එම මහා ගංගාවේ පිහිනා කරණම් ගසා විශිෂ්ටයන් වූ ජාතියේ දූ දරුවන්ද තවදුරටත් එම මහා ගංගාවේ කිමිදෙමින් තම අනාගතය සොයන අනාගත පරපුරේ අවධානය මේ පිළිබඳ යොමු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය ඉත්තෑපාන
ධම්මාලංකාර අනුනාහිමි

Sunday, April 28, 2013

මේ “පිස්සු පූසා” ‘සුජාත’ කෙළේ ඉසිපතනයයි


මේ “පිස්සු පූසා” ‘සුජාත’ කෙළේ ඉසිපතනයයි

අද කොළඹ ඉසිපතනෙ
රූපවාහිනී හඬ කැවීම් අංශයේ ප්‍රධානී අතුල රන්සිරිලාල්
එදා රජයේ චිත්‍රපට අංශයෙන් ඉවතට වීසිකළ දළසේයාපට එකිනෙක පුරුද්දා අමුතුම උපහාසාත්මක නිර්මාණ හැදු ‘ටයි’ මහත්මයා පසු කාලෙක ලංකාවේ ප්‍රවීණ සිනමා කරුවෙක් විය. අසූව දශකයේ දී පමණ සිනමාවට ආයුබෝවන් කී එතුමා ජාතික රූපවාහිනියට එක්වී කාටුන් චිත්‍ර කලාවේ ස්වර්ණමය දොරක් විවර කළේය. ඒ වනස්පතිය සෙවණේ වැඩුණු අද කාලයේ සුන්දර මිනිසෙක් දැන් මා අභිමුව සිටී. ඒ අතුල රන්සිරිලාල් ය.
‘ටයි’ මහත්මයා ගැන කතා නොකොට රන්සිරිලාල් ගැන කතා කිරීම නොවටින දෙයක් තරමට මොවුන් ගේ සුසංයෝගය රූපවාහිනි විචිත්‍රාංග, කාටුන් හඬ දෙකැවි ක්ෂේත්‍රයට මහ මෙහෙයක්ම විය.
“හිත හොඳ දොස්තර”, “පිස්සු පූසා” වැනි නිර්මාණ අතර ටයි මහත්තයාගේ ඇසුරේ වැඩුණු ඒ සුහුඹුල් පැළෑටිය අද මහා වනස්පතියක් මෙන් මට පෙනේ. ඒ එසේ වන්නේ ගෙදර බත් මුට්ටිය රොස් වෙද්දී ඉන්දියානු මුද්‍රාවේ හරසුන් ටෙලි නාට්‍ය බැලු ගෙදර පොඩි එකාගේ සිට බිරිය ආච්චි අම්මා දක්වා සියල්ලන් “සුජාත දියණිය” ටෙලි නාට්‍යයෙන් ගෙදර මැද සාලයට ඇද ගැනීමට ඔහු සමත් වූ බැවිනි. ඒ කාලයේ කරණවෑමියන් හැන්දෑවේ හයයි තිහේ සිට හතයි තිහ දක්වා රැවුල් කොණ්ඩා නොකපන බවට ‘බෝඩ්’ දැමූහ. පහේ කෝච්චිය කොට්ට පොල් ඇසුරුවක් මෙන් මඟීන්ගෙන් පිරී ඉතිරී ගියේය. හයයි තිහෙන් පසු පිටවන දුම්රිය පවා හතයි තිහ වන තුරු හිස්ව තිබුණේය.
මේ ආකාරයේ විප්ලවයක් කළ ඒ පුංචි මිනිසා දැන් “අභීත දියණිය” හරහා තවත් පෙළහරක් පාමින් සිටියි. ඔහුගේ රමණීය පාසල් මතක අතරින් ඒ පෞරුෂය ගොඩ නැඟුණ හැටි මෙතැන් සිට.
මගේ පියා ප්‍රසිද්ධ වෙද මහත්තයෙක්. බමුණුසිංහ ආරච්චිලාගේ දොන් හේමචන්ද්‍ර නම. තාත්ත වෙද මහත්මයා නිසා ඉස්කෝලෙ කොල්ලො මට විහිළුවට කිව්වෙ වෙදා කියලයි. අපේ තාත්තා කළුතර, අම්මා කළුබෝවිල. අපේ පදිංචිය දෙහිවල කිට්ටුවයි. මොන්ටිසෝරි ගියායින් පස්සෙ තාත්තා මාව දැම්මෙ ඉසිපතනෙට. ඉසිවරුන් බැස්ස ස්ථානය ඉසිපතනය ලෙසින් බරණැස හඳුන්වනව. ඒ වගේම මේ ස්කෝලෙත් බොහොම විදග්ධයන් බිහිකළ තැනක්. 1962 පමණ කාලෙ මං නමෝ විත්තියෙන් ඉස්කෝලෙ යනකොට විදුහල්පති තුමා හැටියට සිටියෙ විජේසූරිය මහත්තයා. ටයිකෝට් ඇන්ද හරිම ප්‍රතාපවත් කෙනෙක්. අපේ නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩා නිවාස නම් කර තිබුණෙ ලෝකෙ ප්‍රකට කවීන්ගෙ නම් වලින්. මිල්ටන්, රාහුල, ඉක්බාල්, තාගෝර් මේ අපූරු නම්. ඇත්තටම ඉසිපතනෙ තමයි මට ජීවිතය දුන්නෙ.
අපි පුංචිම කාලෙ ඉඳන් කල්ලි වශයෙන් පන්තියෙ හිටියෙ. ගුරුවරුන් ඉදිරියට කැඳෙව්වත් අපි හිටියෙ අන්තිම පේළියෙ. උදේ පාන්දර බුදුන් වඳින්න අපේ කල්ලිය ලෑස්තියි. ඇයිද දන්නව ද? පන්තියෙ ළමයි බුදුන් වැඳල නැවත ගියහම අපි දෙතුන් දෙනා එක්වෙලා බුද්ධ පූජාව කනවා. ඒකෙ සදාචාරයක්, වැරැද්දක් හානියක් තියෙනව ද කියල අපි ඒ කාලෙ දන්නෙ නැහැ. ඒත් අපි කාටත් හොරා බුද්ධ පූජාව කාපු හැම දවසෙම බුදු හාමුදුරුවන් ගෙන් යටි සිතෙන් සමාව ගත්තා. සුදත්, උපුල්, කමල් මේ වැඩේට මාත් එක්ක ‘සෙට්’ වෙච්ච යාළුවො. එක දවසක් එහෙම වුණාට පස්සෙ කමල් අහනව මට මතකයි, අපි හෙටත් බුදු හාමුදුරුවන්ගෙන් සමාව ගමුද කියලා. ඒකෙ යටි අරුත හෙටත් ඒ වැඩේ කරමු ද කියන එකනෙ.
වැල්ලවත්ත විහාර ලේන් එකේ අංක 55 තැන තමයි තාත්තගෙ බෙහෙත් ශාලාව තිබුණෙ. ඒ කාලෙ ඔතන ඔය ඇළ උඩින් තිබුණෙ ලෑලි පාලමක්. උදේ හතට පාර පැනල මං බලන් ඉන්නව බෂීර්ගේ බස් එක එනකන්. ඇල්ප්‍රඩ් අයිය තමයි මේකෙ රියදුරු. බෂීර් කොන්දොස්තර. මේ තට්ටු දෙකේ බස් එකේ උඩම තට්ටුවේ ජනේලය ළඟ පේළි අපේ කොල්ලන්ගෙ. ටිකට් එක සත තුනයි. ඩික්මන් පාරෙන් දාල තිඹිරිගස්යායට යන්නෙ. ඒ කාලෙ මාර ගස් තිබුණ පාර අයිනෙ. ඒ ගස්වල අතු තට්ටු දෙකේ බස් එකේ වහලෙ වදින කොට අපිට හරිම විනෝදයි. අපි පාරෙ යන කෙල්ලන්ට විහිළු කරනවා. බිග් මැච් කාලෙට එකම ගාලගෝට්ටියක්. සමහර දවස්වල ටිකට් ගන්නෙත් නැහැ. මා ළඟ තිබුණෙ මාලා සූට්කේස් එකක්. මේක ඇතුළෙ සමහරදාට තාත්තගේ තෙල් බෙහෙතුත් තියෙනවා. ඒ කොල්ලන්ට කන්ට. බොන්ට. ඒක පස්සෙ කියන්නම්.
පාසල් වත්තෙ කෙළවරේ ගල් සියඹලා ආච්චි ඉන්න දවසට තමයි ගෙදර යන්න සල්ලිත් නැති වෙන්නෙ. අච්චාරු ගෙනාපු ආච්චි කෙනෙකුත් හිටිය. මං දවසක් තාත්තගෙන් රුපියල් හයක් හොරකම් කරල පන්තියෙ හැමෝටම කැන්ටිමෙන් පොල් ටොෆි අරන් දුන්න. මං කුඩා කාලෙ ඉඳල ගණිතයට රුසියෙක්. කවදාවත් චක්කරේ වැරදිලා නැහැ. මගේ යහළුවො චක්කරේ බැරුව අව්වෙ දණ ගහල විජේසේකර මිස් ගෙන් ගුටි කන කොට මං වීරයා වගෙ උඩ ඉඳන් පල්ලෙහාටත් පහළ ඉඳන් උඩටත් හැම චක්කරයක්ම කියනව.
ඉස්කෝලෙදි මං ආසා කළේ නාට්‍ය හදන්න, රඟපාන්න, වේදිකා පරිපාලනය කරන්න, නිවේදකයකු වෙන්න. මේ ඔක්කොම ආශාවල් මට තිබුණ. මේ හැම අංශයකම ඉස්කෝලෙ දීප්තිමත් සිසුවෙක් කියල කියන්නෙ නිහතමානීව.
පාසලේ කථික හා විවාද තරගවලදී මං සමස්ත ලංකා දක්වා තරග දිනල තියනව. වරක් ලංකාවෙ දක්ෂතම කථිකයා බවටත් පත්වුණා.
එක් අවස්ථාවක විදුහල් විවාද තරගයකදී සිදු වූ දෙයක් අද වගේ මට මතකයි. අපත් සමඟ තරගයට වැටුණෙ මොරටුවෙ වේල්ස් කුමරි විදුහල. ඉසිපතනෙ විවාද කණ්ඩායමේ නායකයා මමයි. මාතෘකාව සමාජ සංවර්ධනය කළ හැක්කේ තරුණයන්ට ද? එසේත් නැතිනම් වැඩිහිටියන්ට ද? අපට ලැබුණෙ වැඩිහිටියන්ගෙ පැත්ත. එක්තරා කටකාර කෙල්ලක් ‘සාත්විකාභිනය’ (මුහුණෙන් හැඟුම් නිරූපණය) පාමින් හඬ උස් පහත් කරමින් සභාව විනෝද සයුරක ගිල්වමින් මෙහෙම කීව. “මේ නහින දෙහින වයසෙ අයට තරමක කළුගලක් වත් ඔසොවා ගන්න බැරිව මොන සමාජ සංවර්ධනයක් කරන්න ද? මේ වචන වලින් සභාව තුෂ්ණිම්භූතව සිටිත්දී මං නැගිට්ට. නාට්‍ය කලාවට මං එදා ඉඳල කැමතියි නෙ.
මං ඒ කෙල්ලට වඩා රඟපෑමක් කළා. මං එක පාරටම මගේ හඬ වියපත් කෙනෙකුගේ හඬට සමානව වෙනස් කර ගත්තා. “අනේ මගේ රත්තරං දුවේ, බොලා ගේ මොළය සංවර්ධනය කරන්ඩ අතපය හයි කොරන්ඩ මාත් මගේ මායියාත් කොයි තරං නම් නැහුණ ද? මායියා අද හිටිය නම් පරලොව යන්නෙ මේ කථාව අහල. උඹල වගේ එවුන් හදල සමාජ සංවර්ධනයක් තබා පවුලක සංවර්ධනයක්වත් කරන්ඩ බෑ. ඒක මට දැන් තේරෙනව.” එහෙම කියල මං කඳුළක් වගුරනව වගෙ අභිනය පෑව. ඒ හෘදයාංගම අවස්ථාව ගැන සිතූ විනිශ්චය මණ්ඩලය අපිට ලකුණු දුන්න.
ටී. එස්. ලීලානන්ද විදුහල්පති තුමා ඉන්න කාලෙ එතුමාගෙ මැතිනිය හිටියෙ නුගේගොඩ අනුලාවෙ විදුහල්පතිනිය හැටියට. නිතරම ඉසිපතන - අනුලා විවාද තිබුණා. ගෑනු ළමයින්ගේ ඉස්කෝලවලට යන්න ලැබුණහම අපිටත් ඉතිං ඉහේ මලක් පිපුණා වගේ. අවු. 15 - 16 ගැටවර වයසෙ අයනෙ. අපි විවාද කරන්නෙත් බොහොම ජව සම්පන්නව කෙල්ලෝ ඉස්සරහ වීරයෝ වගේ. ඒ කාලේ අද වගේ මොබයිල් නෑ. එස්. එම්. එස්. නැහැ. තිබුණෙ ඔටෝ ග්‍රාෆ් විතරයි. කෙල්ලො මේව දික්කළහම අපිත් සතුටෙන් අස්සන් කරනව.
කථික තරගවලට යන නිසා නෑදෑ මඟුලකදී හෝ අවමඟුලකදී අනිවාර්යයෙන්ම කතා පවත්වන්න වෙන්නෙ මටයි. ඒක තාත්ත බලාපොරොත්තු වෙන දෙයක්. හොරණ මාම නැති වුණාම දෙහිවල මහප්ප නැති වුණාම මාත් ඉතිං රැහැයිය වගෙ ගුණ කථන අතර කෑගහනව. තාත්ත ගෙදරදි ඉතාම අපූරු තෙල් බෙහෙත් හිඳින කෙනෙක්. එතුමා ‘කුෂ් මුණ්ඩ’ රසායනය හිඳින්න දන්නව. නීල්‍යාදි තෛලය හිඳිනව. ඊටත් අමතරව ‘අශ්වගන්ධ තෛලය’ හිඳින්නත් දක්ෂයි.
කුෂ් මුණ්ඩ රසායනය හිඳගෙන යනකොට එක්තරා අවස්ථාවක් තියෙනව ඒක ජෙල් එකක් වගේ වෙනව. මං ඒව ටිකක් හොරාට ගෙන ගිහින් යාළුවොත් එක්ක බෙදාගෙන කනව. දවසක් එහෙම ජෙල් වර්ගයක් මං ඉස්කෝලෙ ගෙනිහින් ළමයින්ට දුන්නා. කාපු වෙලාවෙ ඉඳන්ම ඔක්කොම ළමයි ‘ටොයිලට්’ යන්න ටීචර්ගෙන් අවසර ගැන්මමයි කරන්නෙ. එදා පන්තියෙ කිසිම වැඩක් කෙරුණේ නැහැ. බලනකොට මං ගෙනත් දීල තියෙන්නෙ විරේක චූර්ණයක්. මමත් තෙල් බේත් හිඳින්න තාත්තගෙන් ඉගෙන ගෙන තියෙනව. ඒත් මෙතන උනේ ලොකු වැරැද්දක්. ඒත් ගුරුවරු මට ගැහුවෙ බැන්නෙ නෑ.
තාත්ත දහම් පාසලට මාව යැව්වෙ මුලින්ම බම්බලපිටියෙ වජිරාරාමයට. ඒකට ආවෙ ලොකු තැන්වල කොල්ලො කෙල්ලො. ඒ නිසා මට එතන ඇල්ලුවෙ නැහැ. ඊළඟට මං ගියේ දෙහිවල පින්වත්තෙ දහම් පාසලට. ඒ කාෙලෙ වෙසක් නාට්‍ය ජනප්‍රියයි. දෙහිවල වොලිෂ් ඡායාරූප ශාලාවේ නාට්‍ය. අපිත් මේ වගේ නාට්‍ය හැදුවා. “බිංකුංඩෝ”, “බවයක ආශා”, “ධීවර ගීතය” කීපයක්. එතනදිත් මං බොහොම නාට්‍ය කළා. සමහර නාට්‍යවල රඟපෑවා. සාමාන්‍ය පෙළ විභාගෙදි මගෙ ගණන් පේපර් එකෙන් තමයි අනෙක් කොල්ලො ටිකත් පාස් වුණේ.
උත්තර පත්‍ර මාරු කරගත්තෙ කාගෙත් ඇස් වහල. රත්නායක කියල කොල්ලෙක් හිටිය. එයා කලින් සකස් කරගත් පිළිවෙළකට එළියෙ ටිං කබල් දෙකක් තියලා හොල්ලනව. එයා ඇතුළෙ හිටියත් බෙලෙක්ක හෙල්ලෙනවා. පරීක්ෂක ඒක බලන්න ගියහම උත්තර පත්‍ර මාරු වෙනව. රසායන විද්‍යාව ලැබ් එකේදිත් හයිඩ්‍රො ක්ලෝරික් අම්ලය තියෙන බීකරයට සල්ෆර් කලින්ම දාල මුළු රසායනාගාරයම කුණු ගඳ ගස්වනව. ළමයින් වැඩ කරන්න බෑ කියනව. රණසිංහ ගුරුතුමා කම්පා වෙනව. මේ වගෙ දඟ වැඩත් අපි නොකළා නොවේ. එහෙත් අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන ගියා. වෙසක් නාට්‍ය ඉවර වුණු සමහර දවස්වලට අපි නිදියගන්නෙ දෙහිවල මිනී පෙට්ටි සාප්පුවක මිනී පෙට්ටිවල.
‘ඒ’ ලෙවල් ලියපු කාලෙත් අපි කොහොමහරි ගොඩ දාගත්ත. හැම ප්‍රශ්න පත්තරයකටම පස්සෙ කොල්ලො ටික හිටියෙ ‘එම්පයර්’ සිනමා හලේ ‘මධුමතී’ බල බලා. ඒත් පාසල් වැඩ ටික අත්හරින්න ලෑස්තිත් නැහැ. හත්බෝධිය පන්සලේ අටවිසි පින්කම කාලෙට අපට හරි ජොලි. පන්සලේ පිළිමවල සායම් පින්තාරු කරල රෑවෙන කොට පන්සලේම නිදියනව. විමලසිරි ලොකු හාමුදුරුවෝ සැතපුණාම පන්සලේ කුරුම්බ ගස්වල කරටියෙම ඉන්නෙ මම. කොල්ලො මා කඩාදාන කුරුම්බා අල්ලන්නේ ලොකු හාමුදුරුවන්ගෙ අඳනකඩයෙන්.
එක දවසක් ඉරිච්ච අඳනකඩය දැකල ලොකු හාමුදුරුවො අපට පන්සල තහනම් කළා. එක් වතාවක් කොල්ලො ටික තමන්ම හදාගත්ත අධ්‍යාපන චාරිකාවකට පොළොන්නරු ගියා. ලොකු ඇළ මාර්ගයක් ඉස්මත්තේ තිබුණු වන වදුලේ වටු කුරුලු කූඩු කැඩීමයි අපේ අරමුණ වුණේ. බොහොම අමාරුවෙන් ඇළ කණ්ඩිය උඩින් නැඟල මං වටු කුරුලු කූඩුවක් කඩන්න අත දැම්ම. දැවැන්ත නාගයෙක්. ‘පුෂ්’ ගාගෙන අත්තෙ ඉඳල නැගිට්ටා. අත හැරුණ විතරයි අපි ඔක්කොම ඇළ පතුළෙ. මේ වගෙ රසවත් අත්දැකීම් ගොඩක් තියෙනව. ‘රෑන ගිරව්’ ‘මාතලන්’ ‘කල්‍යාණි ගංගා’ වැනි චිත්‍රපට අපි පාසල් ‘කට්’ කරල ගිහිල්ල ‘රිට්ස්’ එකේ බැලු අවස්ථා තියෙනව.
පාසලෙන් ලැබුණ ශික්ෂණය නිසයි අපට සමාජයේ ඕනම තැනක නැගී සිටින්න පෞරුෂය ලැබුණෙ. අපේ දඟකම්වලට ගුරුවරු ඉවසුව. අපට යහපත් මාර්ගය කියල දුන්න. පාසල් වැඩ අත්හැරියෙ නැති හින්ද ගුරුවරු අපට ආදරෙයි. ගහ බැන ගන්නව වගේම පාසලේ බාහිර අන්තර් වැඩ අතර සාහිත්‍ය, නාට්‍යය ආදි වැඩවලත් අපි පෙරමුණේ හිටිය. ටයි මහත්තයට මා කිට්ටු කළේ ඒ ශික්ෂණයයි. ‘කස්තුරි සුවඳ’ වගේ චිත්‍රපටයක් කරල සරත් දසනායක ‘හිට්’ එකේ ඉන්න කාලෙ මගේ ඉස්කෝලෙ නාට්‍යයකටත් සංගීතය සැපයුවා. ගුවන් විදුලියට මා මුලින්ම සම්බන්ධ වුණේ දයා නෙල්ලම්පිටිය හා සේන ෆොන්සේකා සමඟ විරිදු ගායනා ඉදිරිපත් කරලා ඒවා රචනා කරලයි. ඊළඟට රූපවාහිනිය. ‘ටයි’ මහත්තය කරපු බොහෝ වැඩවලට ගීත ලියුවෙ ප්‍රේමකීර්ති.
‘පිස්සු පූසා’, ‘දොස්තර හොඳහිත’ මේ හැම එකක්ම. එක් වරක් ප්‍රේමකීර්ති බරපතළ අනතුරකට මුහුණදීල දකුණු අත තුවාල වෛලා බැඳගෙන හිටිය. හෙට විකාශය වන කොටසකට ගීතය අවශ්‍යයි. මං කොළඹ මහ රෝහලට ගිහිල්ල ප්‍රේමකීර්ති හම්බ වුණා. ඒත් ගීතය ඉල්ලන්න බැහැ. ප්‍රේමකීර්තිත් මගෙ තත්ත්වය තේරුම් ගත්තා. ඔහු අනිත් අතින් ‘ඇඳ ඉහපත’ අරගෙන ඒ උඩ තියන් ගීතය ලිව්ව.
අඩි ගණනක වළක් කපලා
අඩි ගාණක් අනුන් හෙළලා
අඩියක්වත් ඉහළ යන්න
නුඹට බෑ පුතේ
ඒ ගීතය වගේම ලබාගත් අවස්ථාව සුන්දරත්වයත් එහෙමයි. ‘සුජාත දියණිය’ කරන්ඩ මට ඒ ගුරු ආභාසය ලැබුණා. ඒ නාට්‍ය මේ රටේ අතිශය ජනප්‍රිය වුණානම් ඒකට ගෞරවය ලබන්න ඕනෑ ටයිටස් තොටවත්ත මහත්තයා වගේ මහ ගුරුවරු. මගෙ පාසල් ගුරුවරු වගේම මගේ ශිල්පීය දක්ෂතා මතුකළ ගුරුවරුත් ඉන්නවා. මොහාන් සමරනායක සභාපතිතුමා විධායක නිලධාරී රාසපුත්‍රම් මහත්මයත් අදත් මට උපදේශ සපයනවා. මේ ජීවිතය ම එක්තරා විදියක තක්සලාවක්. මං තවමත් ජීවිතය ඉගෙන ගන්නා ගෝලයෙක් විතරයි.

සිරිමාවෝ බාලිකාවේ සා. පෙළ ශිෂ්‍යාවන්ගෙන් විදුහල්පතිනියට උපහාර

සිරිමාවෝ බාලිකාවේ සා. පෙළ
ශිෂ්‍යාවන්ගෙන් විදුහල්පතිනියට උපහාර




2012 වසරේ අ.පො. ස. (සා. පෙළ) විභාගයෙන් A-9 විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් 58 දෙනකු සමත් වී ඇති අතර දිවයිනේ සමස්‌ත ප්‍රතිඵල මත දහවන ස්‌ථානය ලබා ගැනීමටද හැකියාව ලැබිණි. ඒ අනුව හිටපු විදුහල්පතිනියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ පාසලේ නියමුවාණන්ට උපහාර පිදීම සිසු දරුවන්ගේ යුතුකමක්‌ සහ වගකීමක්‌ සේ දකින ගුරුවරුන් සහ දෙමව්පියන් මේ වසරේදී ද එම උපහාර පිදීම සිදු කරන්නට යෙදීම පැසසිය යුතු කරුණකි. ඒ අනුව වත්මන් විද්‍යාලයීය විදුහල්පතිනි ධම්මිකා සී. ජයනෙත්ති මහත්මිය වෙත මල් කළඹක්‌ පිරිනමමින් ශිෂ්‍යාවන්ගේ සුභාශිංෂණ පිරිනැමුණු අයුරු සහ විදුහල්පතිනිය, ගුරුමණ්‌ඩලය සහ ශිෂ්‍යාවන් සමගින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
සටහන හා ඡායාරූප - සුජාතා ජයරත්න


http://www.divaina.com/2013/04/27/news23.html

සිව් නිවුන් දැරියන්ට සපිරිලා පස්‌ වසක්‌

සිව් නිවුන් දැරියන්ට සපිරිලා පස්‌ වසක්‌
ඒ උනත් ජීවිතේ සොයයි තව සැනසුමක්‌




ඒ ජයෝද්‍යා ඔෂදී මුතුකුමාර දැරිය බහ තෝරමින් දණ ගා ඇවිදින කාල සීමාවයි. මේ වකවානුවේදී ඕ වඩාත් ආශාවෙන් සිදු කළ එක්‌තරා කෙළි සෙල්ලමක්‌ විණි. කුමක්‌ද ඒ....? තමාට සෙල්ලම් කිරීමට තිබුණු බෝනික්‌කන් හතර පස්‌ දෙනා අතට ගත් ඕ එම බෝනික්‌කන් කොට්‌ට මෙට්‌ට අතර රැඳවූවා ය. ඉනික්‌බිති ඒ බෝනික්‌කන් කූඩයකින් වැසීමට ද ඕ කටයුතු කළාය. ඉන් පසු ගෙදර සැම දෙනාටම ඇසෙන පරිදි "ෂ්..... ෂ්....... සද්ද කරන්න එපා....... බබාලා නිදි...... සද්ද කළොත් එයාලා ඇහැරෙයි." යනුවෙන් පවසා ඕ ලැබුවේ අපමණ සතුටකි. ඊටත් වඩා ජයෝද්‍යා දියණිය, දමිතා නදීශානි (31) මවගේ සහ නයනජිත් මුතුකුමාර (35) පියාගේ තුරුලට වී සුරතල් වෙමින් සැම විටම පැවසුවේ "අම්මී මට සෙල්ලං කරන්න එක නංගියෙක්‌ නොවෙයි. නංගිලා ගොඩාක්‌ ඕනෑ" යනුවෙනි. සැබැවින්ම ඒ වන විට ඇගේ හැසිරීම නිවසේ සැම දෙනාටම පැනයක්‌ වී තිබිණි. ජයෝද්‍යා උපන්නේ 2003 වර්ෂයේ අප්‍රේල් මස 24 දා ය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී ජයෝද්‍යාගේ මව වන දමිතා නදීෂානී 2008 වර්ෂයේ අප්‍රේල් මස 22 දා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී දියණිවරු සිව්දෙනෙක්‌ම මෙලොවට ජනිත කළ අතර, සතුට නිම් හිම් නැතිව ගිය ජයෝද්‍යා, අම්මේ........ රෝස කැලේ බබාලා ඔක්‌කොම අරන් ආවදැයි......?" යි අසමින් අප්‍රේල් මස 24 දා රෝහලට ගොස්‌ තමන්ට ලැබුණු උපන් දින තෑග්ග හොඳ හැටි බලා කියා ගත්තාය.

"ඒ නයනී නදීරා, නඳුනි දිනාරා, නුවනි පුලාරි. සහ නිදුලි තිනාරා යන දූ සිඟිත්තියන් සිව්දෙනා ය. ඇත්තෙන්ම මේ සිද්ධිය ලොකු දුවගේ හීනය සැබෑ වීමක්‌ විදියට තමයි අපි දකින්නේ. එයා හැමදාම ඉල්ල ඉල්ල හිටිය දේ උපන්දින තෑග්ගක්‌ විදියටම එයාට ලැබුණා. අදටත් ලොකු දුව නංගිලා හතර දෙනාට පුදුම ආදරයක්‌ තියෙන්නේ. හරියටම කියනවා නං අම්මා කෙනෙක්‌ වගේ එයා නංගිලාව රැක බලා ගන්නවා. අපේ ලොකු දුව තමයි පවුලේ හැමෝම අතරින් වැඩිමල්ම දරුවා. ඒ නිසා එයාටත් පවුලේ හැමෝගෙන්ම පුදුම ආදරයක්‌ හිමි වුණේ."

දමිතා ගේ සහ නයනජිත්ගේ සිත් සතුටින් පිරීතිරී ගොස්‌ ඇති සෙයකි. සතුටේ තරම කොතරම් ද යත් ඇතැම් තැන්හිදී ඔවුනට වදන් එකිනෙක හා ගලපා ගනුද අසීරුය.

කුළුඳුල් දියණිය ඉපදුනායින් පසු නැවත දරු උපතක්‌ ගැන සිතන්නට දමිතා සේම නයනජිත් ද යොමු වන්නේ ඉන් වසර තුන හමාරකට පමණ පසුවය. යළි දරු ප්‍රසූතියක්‌ සඳහා සූදානම් වූ දමිතා තම ගම් පියසේ වූ සෞඛ්‍ය මධ්‍යස්‌ථානයට ගොස්‌ සායන වලට ද සහභාගි වූවාය. එහිදී ඇගේ උදරය නියමිත මාස ගණනට වඩා ඉදිරියට නෙරා ඇති බැවින් විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා ගන්නා ලෙස යම් උපදෙසක්‌ ලැබෙන්නේය. ඒ අනුව කළුතර - නාගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වන ඕ, තමා නිවුන් දරුවන් සිව්දෙනකුගේ මවක්‌ බව දැනගන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා විසින් සිදු කරන ලද ස්‌කෑන් පරීක්‍ෂණයකින් අනතුරුවය. ඉන් පසු මාසයක පමණ කාලයක්‌ නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඕ අනතුරුව ස්‌ව කැමැත්තෙන් ම කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් වන්නීය. සති 17 ක කාල සීමාවේදී ඕ රෝහලට ඇතුළත් වූ අතර, සති 31 ක්‌ ගෙවී ගිය තැන දරුවන් බිහි කළ ද තවත් මාසයක්‌ පමණ ඇයට රෝහලේ රැඳී සිටීමට සිදු වූයේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තුරුය. එමතුද නොව දරුවන් සිව්දෙනා නිසි පරිදි වර්ධනය විය යුතු හෙයින් ද ඇයට ඒ කැප කිරීම සිදු කිරීම කිරීමට වූවාය.

"ඇත්තෙන්ම රෝහල්ගත වෙලා හිටපු කාල සීමාව තුළදී රෝහල් කාර්ය මණ්‌ඩලයෙන් පුදුම සහයෝගයක්‌ ලැබුණේ. කිසිම අඩුපාඩුවක්‌ දැනෙන්න ඉඩ තිබ්බේ නෑ. හරියට ගෙදර ඉන්නවා වගේ සතුටකුයි හිතට දැනුණේ. හොඳම ආහාර වේලක්‌ පවා ඒ අය මං වෙනුවෙන් ලබා දුන්නා. ජපානයෙන් රෝහලට තෑග්ගක්‌ විදියට ලැබිලා තිබුණු අලුත්ම 'ඉන්කියුබීටර' ටික තිබුණ එකත් ඒ වෙලාවේ හැටියට ලොකු දෙයක්‌ වුණා. ඒවා නියමිත කාලයට භාර දෙන්නත් පෙර තමයි, මගේ බබාලා හතර දෙනා ඒවායේ තැන්පත් කරන්න රෝහල් කාර්ය මණ්‌ඩලය කටයුතු කළේ. ඒ වගේම නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා මාව බලන්න ඇවිත් අපේ මූලික කටයුතු ටික කරගන්න කියලා ලබා දුන්න රුපියල් පනස්‌දහසක (50,000) මුදලත් අපිට එදා ලොකු ප්‍රයෝජනයක්‌ වුණා.

දමිතා නදීෂානී එලෙසින් අතීතාවර්ජනයක නියෑළුණා. සැබැවින් ම ඒ අතීතාවර්ජනය නම් හෘදයාංගම වූත්, ස්‌තුති පූර්වක වූත් අතීතාවර්ජනයක්‌මය.

දැන් පුංචි දියණියන් සිව්දෙනා කෙමෙන් කෙමෙන් ලොකු මහත් වී දුව පැන ඇවිදින විට මුළු ගෙදරම බලන්න සිරියාවය. දෙන්න දෙමාල්ලන්ගේ ජීවිතවල කාර්ය බහුල බව නම් කොතෙක්‌ වුවද ඒ බැව් එක මොහොතකට මුත් ඔවුනට හිරිහැරයක්‌ නම් වී නැත්තේ තුන් හතර දෙනාම දඟලා කියා ඉන්නවා දකින විට දැනෙන සතුට වදන්වලින් කියා නිම කළ නොහැකි එකක්‌ම වන හෙයිනි. එහෙත් ඒ සුන්දරත්වය පසුපසම සැඟ වී ඇති අසුන්දර කතාවක්‌ ද වෙයි. කටුක වුවද, තිත්ත වුවද ඒ අසුන්දර කතාවද මෙහිලා ගෙන හැර පෑ යුතුව ඇත්තේ මුතුකුමාරගේ සේම නදීෂාගේ ද කැදැල්ල කඳුළුකැට ආයාසයෙන් මුත් යටපත් කරගෙන සිනාසෙන එකක්‌ම බැව් කියා පෑම සඳහා ය. නයනජිත් (35) ගේ මුවින් පිටවන මේ වදන් කිහිපය දෙස ඔබ මඳක්‌ අවධානය යොමු කර බලන්න. සැබැවින් ම අප කියන දේ අතිශයෝක්‌තියක්‌ නොව සැබෑවක්‌ම බැව් කියා පෑමට ඊට වඩා උදාහරණ අවශ්‍ය නැතැයි සිතේ.

අපි සෑහෙන කාලයක්‌ පදිංචි වෙලා හිsටියේ කළුතර - මතුගම. එහෙම හිටපු අපිට එක පාරටම නුවරට එන්න සිද්ධ වුණා. නුවරට ඇවිත් දැන් මාස හතක්‌ (07) විතර වෙනවා. අපි මෙහෙට එන්න හිතාගෙන හිටිය අය නොවෙයි. අහම්බෙන් වුණත් එන්න සිද්ධ වුණේ නෝනාගේ තාත්තාට අයිති වෙලා තිබුණු කුලියට ගත්ත කඩ කාමරයක්‌ ව්‍යාපාරයක්‌ කරගෙන යන්න කියලා අපිට භාරදෙනවා කීව නිසයි. කිව්ව වගේම අපිට ඒ කඩ කාමරේ භාර දුන්නා. අපි සුළු ව්‍යාපාරයකුත් ටික දවසක්‌ කරගෙන ගියා. ඒක ඒ විදියට කරගෙන යද්දී තමයි කුඩම්මා මැදිහත් වෙලා ප්‍රශ්නයක්‌ ඇති කරලා කඩේ ආපහු ගත්තේ. එයා අපි ගැන කේලාම් කියලා තාත්තාව වෙනස්‌ කළා. දැන් මෙහේ ජීවත් වෙන එක හරිම අමාරුයි. ගමේදී නං නෑයෙක්‌ගෙන් හරි යමක්‌ ඉල්ලාගෙන ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒත් මෙහේ හැමදේම සල්ලිවලට ගන්න වෙලා. ඒකත් ලොකු ප්‍රශ්නයක්‌.

කුඩම්මලා දරුවන්ට වස කවන බවද අපි අසා ඇත්තෙමු. එහෙත් වස නොකෑවුවද දරු පවුලක්‌ම අනාථ කර මහ මඟට ඇද දමමින් ඒ කුඩම්මා හැසිරී ඇත්තේ යකිනියක සේම නොවේද?

වැලේ ගෙඩි වැලට බර නැත්තේ යම් සේද මේ මවට හා පියාට ද ඒ දරුවන් කිසිදු අයුරකින් බරක්‌ නම් නොවේ.

එහෙත් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ගොඩ ගැසෙන්නා වූ ආර්ථික ප්‍රශ්න, ස්‌ථිර වාසස්‌ථානයක්‌ තමන්ටම කියා නැතිකම, ස්‌ථිර

රැකියාවක්‌ හෝ ආදායම් මාර්ගයක්‌ නොමැතිකම සේම දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක්‌ ලබාදීමට නොහැකිවේ දෝ යන සැකය යනාදී කාරණා සියල්ල එක පිට එක ගොඩ ගැසෙද්දී ඒ අයගේ ජීවිත තුළින් 'සන්තුට්‌ඨ§ය' කෙමෙන් කෙමෙන් පලා යන බව නම් සක්‌ සුදක්‌ සේම පැහැදිලිය. සැබැවින්ම අද වන විට ඔවුන්ගේ ජීවිතවල කඩාවැටීම් බහුලය. ඊට මූලිකම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ආදායම් මාර්ග සියල්ලක්‌ම ඔවුනට අහිමි වී ගොස්‌ තිබීමය. අද වන විට ඔවුනට මුහුණ පෑමට සිදුව ඇත්තේ තමන් සිහිනෙකිනිදු නොසිතූ නොපැතූ ෙ€දවාචකයකටය. මෙවන් විපතකට මුහුණ පෑමට සිදුවේ යෑයි ඔවුහු සිහිනෙකිනිදු හෝ සිතුවේ නම් එවන් ගමනකට මුල නොපුරනවා නොඅනුමානය. දැන් කවර හෝ සුළු ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේ අදහස නයනජිත් සතුව ඇත්තේය. ඒ අතරම "දරුවෝ වෙනුවෙන් අනේ දෙයියනේ කියලා කවුරු හරි උදව් කරනවා නං ඒක ලොකු දෙයක්‌." යන සිතුවිල්ල සෑම විටම ඔවුන්ගේ සිත් තුළ ජීවමානය.

දූලා හතර දෙනා මොන්ටිසෝරි යන්නේ හරිම ආශාවෙන්. එයාලා හැමදාම ඇහුවේ කවදාද අම්මේ අපි මොන්ටිසෝරි යන්නේ.." කියලා. මොන්ටිසෝරියේ ලොකු මැඩම් දෙන්නෙක්‌ වෙනුවෙන් විතරයි මාසික ගාස්‌තු අය කරන්නේත්. ඇතුළත්වීමේ ගාස්‌තුවක්‌ අය කළෙත් නෑ. බබාලා හතර දෙනාම එයාලාගේ මූලික වැඩ ටික කරගන්නවා. ඒ නිසා අපිට ලොකු බරක්‌ දැනෙන්නේ නෑ. නමුත් අපි දැන් මෙහේ පදිංචිවෙලා ඉන්නේ කුලියට නිසා බබාලා හතරදෙනා ඉස්‌කෝලෙකට දාගන්න එක සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක්‌ මතුවෙනවා. ආයෙ මතුගමට යන්න අපේ අදහසකුත් නෑ. නමුත් මෙහේ ඡන්ද හිමි නාම ලේඛනයේ අපේ නම ලියාපදිංචි වෙළත් නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේදී බබාලාව ඉස්‌කෝලේ යවාගන්න එක සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක්‌ මතුවෙනවා. ඒ නිසා කවුරු හරි කමක්‌ නෑ අධ්‍යාපනයට සම්බන්ධ ඉහළ පෙළේ කෙනෙක්‌ගේ මැදිහත්වීම මත දරුවෝ හතරදෙනා නුවර ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර ගැනීමට වටාපිටාව සකස්‌ කර දෙනවා නම් ඒක ලොකු පිංකමක්‌ කියන එක තමයි, කියන්න තියෙන්නේ. අපි විශ්වාස කරනවා, මේක දකින කවුරුන් හෝ බලධාරියෙක්‌ අපිට උදව් කරන්න ඉදිරිපත් වෙයි කියලා.

එලෙසින් වදන් බවට පත්ව අප ඉදිරිපිට දිග හැරුණේ තම දරු පැටවුන් වෙනුවෙන් දමිතා සේම නයනජිත් ද ඉටු කරන්නට සිතාගෙන සිටින්නා වූ යුතුකම් සමුදායෙන් අංශු මාත්‍රයක්‌ පමණි. සැබැවින් ම සල්ලි භාගෙ පොදි බැඳගෙන විසල් මන්දිර ද තනාගෙන මහ ඉහළින් ජීවත් වීමේ බලාපොරොත්තුවක්‌ ඔවුන්ගේ චිත්ත සන්තාන තුළ අබමල් රේණුවක තරමින් හෝ නැත. ඔවුනට ඇති එකම වස්‌තුව සේම සම්පත ද ඔවුන්ගේ දරු පැටවුන් ය. ඉදින් ඒ දරු පැටවුන්ට යහපත් හෙට දිනක්‌ උරුම කර දීම තම යුතුකම හා වගකීම යෑයි මේ මවුපිය දෙපළ සෑම විටම විශ්වාස කරන්නේය. ඔව්........· එය නම් සැබෑවක්‌ මය. එසේ නම් ඒ අහිංසක ප්‍රාර්ථනාවෝ මල්පල ගන්වාලනු වස්‌ අත හිත දිය හැකි කවරෙකු හෝ වේ නම් 0713777733 අංකයට අමතා ඔබේ දැත් ඔවුන් වෙත දිගු කිරීමට මේ හොඳම අවස්‌ථාවයි. ඒ තුළින් එක්‌ පසෙකින් මව්පිය දෙපළකගේ අහිංසක පැතුම් සමුදායකට යම් හෝ සාධාරණත්වයක්‌ ඉටුවන්නේය. තවත් පසෙකින් මල් කැකුළු වන් පුංචි සිඟිත්තියන් සිව්දෙනකුට තම දක්‍ෂතා කලඑළි දක්‌වාලීම ඔස්‌සේ ලොව බබළවාලීමට ද ඉඩ හසර විවිර වන්නේය.

අමිල දොළපිහිල්ල
 

http://www.divaina.com/2013/04/28/feature03.html

පිපුනි තරුෂිකා පළමුවැන්නී වී මාතරින්....

පිපුනි තරුෂිකා පළමුවැන්නී වී මාතරින්....
විභාගයක්‌ කියන්නේ ජීවිතයේ කොටසක්‌ මිස මුළු ජීවිතයම නෙවි. ජීවිතයම විභාගය කර ගැනීම එතරම් ඥනවන්ත දෙයක්‌ නෙවි. මේ සරල සත්‍යය තරුෂිකා හොඳ හැටි වටහා ගෙන තිබුණා.

තරුෂිකා විභාගය ගැන හිතුවේ බොහොම සැහැල්ලුවෙන්. ඇය විභාගය තම හිස මත පැටවූ බරක්‌ කර ගත්තේ නැහැ. හිත සැහැල්ලුවෙන් ගිහින් ඈ විභාගයට ලිව්වේ ඒ නිසයි.

කවුරුවත් නොසිතූ විදියට ඇයවත් නොසිතූ විදියට ඕ විභාගයෙන් සමත් වී තිබුණා. මාතර දිස්‌ත්‍රික්‌කයේ පළමුවැනියා විදියට මුළු ලංකාවෙන්ම දහවැනියා විදියට. තරුෂිකා කියන්නෙ පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දැරියකට. පිපුනි තරුෂිකා ඉගෙන ගන්නේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ. ඇය සුජාතාවේ සුජාත දියණියක්‌ බවට පත්වුණා. පහත දැක්‌වෙන්නෙ අප ඇය සමග කළ කතාබහක සටහනක්‌.

"මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 2,68,995 ක්‌ සිසුන් අතරින් ඔබ ලංකාවෙන්ම දහවැනියා බවට පත්වුණා. එය දැන ගත්තාම ඔබ පුදුම වෙන්න ඇති?"

"(මඳ සිනා ඇතිව) නෑ. මම එහෙම පුදුම වුණේ නැහැ. ඒ ගැන ලොකුවට හිතුවෙත් නැහැ. මම හොඳට විභාගයට ලිව්වා. අනිවාර්යයෙන්ම මම ඉහළින් පාස්‌වෙන බව මම දැන සිටියා. ඒ නිසා ඒක මට පුදුමයට කාරණයක්‌ වුණේ නැහැ."

"ඔබගේ මව්පියන් විභාගය ඉහළින් පාස්‌ වෙන්නැයි ඔබට ඉඟි කළාද?"

"අනේ නැහැ. කවදාවත් නැහැ. මට විභාග කටයුතු කර ගන්නට ඉඩදී ඒ අය තමන්ගෙ පාඩුවේ හිටියා. මට කිසිදු බලපෑමක්‌ කළේ නැහැ. මට උදව් කළා පමණයි. අම්මා තමයි මට ගණිතය ඉගැන්නුවේ..."

තරුෂිගේ අම්මා නොයෙලි ගුණරත්න මාතර පඹුරන ශාරිපුත්‍ර විද්‍යාලයේ ගණිත ගුරුවරියක්‌. තාත්තා පියදාස වන්නිආරච්චි. ජාතික සංවර්ධන බැංකුවේ නිලධාරියකු හැටියටයි වැඩ කරන්නේ.

"ඔබ ඉගෙනීම් කටයුතු කරන්නේ කාලය කළමනාකරණය කරගෙනයි කියා පුවත්පතකට කියා තිබුණා. ඇත්තටම ඔබ කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ?"

"මෙහෙමයි මම මගේ දෛනික කාලය කාලසටහනකට අනුව බෙදා ගන්නවා යයි සිතන්නට එපා. මම එහෙම කරන්නෙ නැහැ. මම සාමාන්‍ය ජීවිතයෙන් කිසි විටෙක අයින් වුණේ නැහැ."

මම ගෙදර වැඩටත් අම්මාටත් උදව් වුණා. රූපවාහිනිය බැලුවා. පරිගණකය සමග කටයුතු කළා. හැබැයි මම සෑම දිනකම පැය කීපයක්‌ එක්‌ විෂයක්‌ වෙනුවෙන් වෙන්කළා. මම පාඩම් කරන වෙලාව උදේ වෙන්නත් පුළුවන්. රාත්‍රි වෙන්නත් පුළුවන්. නැතුව අහවල් වෙලාවේ සිට අහවල් වේලාව දක්‌වා පාඩම් කළ යුතු යයි මම ලියා ගත්තේ නැහැ. මගේ කාලසටහන උදාවෙන දවසේ වටපිටාව අනුව වෙනස්‌ කරගත්තා."

"අදාළ විෂය සඳහා වෙන්කළ දිනයේදී ඔබ එම විෂය හැදෑරුවේ කොහොමද?"

මම මුලින්ම පාඩම් සටහන් කියෙව්වා. කියවන ගමන් එහි අඩංගු කරුණු වෙන වෙනම ගොනු කරගත්තා. ඉන් පස්‌සෙ මම ඒවා අවබෝධ කරගන්නට උත්සාහ කළා. අනතුරුව ඒවා යළිත් මතකයෙන් කිව හැකිදැයි විමසා බැලුවා. මම ඒ කරුණුවලට අදාළ ප්‍රශ්නයක්‌ සොයා ගෙන පිළිතුරු කෙටියෙන් සපයමින් අභ්‍යාස කළා. එහිදී මා බැලුවේ එම කරුණු ස්‌ථාවරව සිතේ තැන්පත් වී ඇත්දැයි සොයා බැලීමයි. ඒ නිසා මට එම පාඩම් නැවත නැවත බැලීමට අවශ්‍ය වුණේ නැහැ.

ඔබ වෛකල්පිත විෂයයන් ලෙස වාණිජ හා ගිණුම්කරණය, තොරතුරු තාක්‌ෂණය හා ඉංග්‍රීසි සාහිත්‍ය තෝරා ගත්තේ අධ්‍යාපන ගමනේ ඉදිරි අපේක්‌ෂාවක්‌ හැටියටද?

"ඇත්තෙන්ම මම එහෙම කළේ නැහැ. එම ක්‌ෂේත්‍ර තුනට මගේ ලොකු කැමැත්තක්‌ තිබුණා. මගේ අරමුණ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරියක වීමටයි. එහෙත් එම විෂයයන් අනාගතයේ කුමන හෝ අවස්‌ථාවක මගේ පිහිටට ඒ යෑයි මා තුළ හැඟීමක්‌ තිබුණා."

"උපකාරක පන්ති ගැන ඔබේ අදහස කුමක්‌ද? පාසලෙන් ලැබෙන දැනුමට අමතරව උපකාරක පන්තිවලටත් යා යුතුද?"

"(මදක්‌ සිනා) උපකාරක පන්ති එක පාරටම ඉවත් කර දමන්නට අමාරුයි. මීට අවුරුදු ගණනකට ඉහත විභාගවලට වඩා අද විභාග සඳහා ඇති තරගයත් නිර්දේශවල ඇති පුළුල් බවත් බැරෑරුම්. ඒ නිසා වඩාත් දැනුම ලබා ගන්නට අවශ්‍යයි."

"ඔබ හොඳ දැනුමක්‌ ප්‍රදර්ශනය කර තිබෙනවා. අවස්‌ථාවක්‌ ලැබුණොත් කොළඹ වඩා ජනප්‍රිය පාසලකට යනවාද?

"කොහෙත්ම නැහැ. ශිෂ්‍යත්වය සමත් වෙලත් මම මගේ පාසල අත්හැර ගියේ නැහැ. ගෙදර ඉඳල ඉස්‌කෝලෙ යන්න ලැබෙන එකට මම වඩා කැමැතියි."

ඔබ සිතන විදියට ඉගෙන ගන්නා ළමයෙකුට තම කටයුතු සාර්ථකව කර ගැනීමට තිබිය යුතු වටිනාම දේ කුමක්‌ද?

"මානසික නිදහස. මනස සමබරව තබා ගැනීමට පරිසරය උදව් වෙනවා නේ. ඒ නිසා ගෙදර සාමකාමී හොඳ පවුල් පරිසරයක්‌ තිබීම හොඳයි. දුප්පත්ද, පොහොසත්ද, ලයිට්‌ තියනවාද, ලාම්පු ද තියෙන්නෙ කියන එක නෙවී මම කියන්නේ. සුහද පරිසරයක්‌ ගැන. හිත් රිදවීම් නැති එකක්‌ ගැන.

ඔබ ලංකාවෙන්ම 10 වැනියා ලෙසත්, මාතර දිස්‌ත්‍රික්‌කයෙන් ප්‍රථමයා ලෙසත් විභාගය සමත් වුණා කොහොමද ඔබට මෙය දැනගන්නට ලැබුණේ?

"ජනාධිපති මන්දිරයට යනකම් මා එය දැන සිටියේ නැහැ. එහෙත් අපි වගේ දරුවන්ගෙ උත්සාහයත්, දක්‌ෂතාවයත් ඇගයීමට ලක්‌ කිරීම ගැන සතුටක්‌ මට තියෙනව. ඒ ගැන ජනාධිපතිතුමාට ස්‌තුති කරන්න ඕන. එයින් අපේ ඉගෙනීමට ඇති ආශාව වැඩි වෙනවා. එය දකින රටේ අනිත් සිසුන්ගෙත් උනන්දුව වැඩි වේවි."

"තරුෂිකා· ජයග්‍රාහිකාවක්‌ හැටියට ඔබේ සහෝදර සිසු සිසුවියන්ට දෙන පණිවිඩයක්‌ තියෙනවාද?"

"(සිනාසෙමින්) "ඇල්මෙන් අකුරු උගෙනිව්" කියලා තමයි කියන්න තියෙන්නේ. එය කවද හරි තමාගේ පිහිටට එනවා. ජීවිතයේ අත්තිවාරම වැටෙන්නෙ ඉගෙනීම තුළින්. හිතට එකඟව උත්සාහයෙන් පාඩම් කටයුතු කළොත් බිය සැක නැති විභාගයක්‌ වෙත යන්න පුළුවන්."

ලීලානන්ද වික්‍රමසිංහ

http://www.divaina.com/2013/04/28/nimna06.html

Thursday, April 25, 2013

Thillanduwa KV is on a steady path to progress…


1957 was a year of dreams which came true for residents of Thillanduwa in Negombo. A long felt need for a school was fulfilled on
Principal Mrs. S. Peries
January 8 with the establishment of St. Joseph’s Junior School in the parish church premises.
The Reverend Father Joseph Jaysooriya had the honour of declaring open the school in the presence of the Parish Priest Father Stanley Fernandopulle. A large gathering of parishioners and well-wishers was there to watch the teaching of the Sinhala alphabet to two students. The birth of the school was the result of hard work put in by a group of concerned parishioners. Mr. W.L Fernando was appointed as the first Principal. Then and there he admitted more than fifty students to the establishment and Mrs. W.M. Therese joined the school as an assistant teacher.
A year later, Mr. Lucas Perera replaced Mr. Fernando and was the principal for the next decade. This was a significant developmental period in the school’s history. At the onset of his tenure, he expanded the single classroom building of 60 by 20 feet and added two more buildings, one permanent and one temporary. With this expansion the number of students and teachers rose to 423 and 21 respectively. In 1963 the first batch of students took the G.C.E.
The school entrance
Ordinary Level exam. By this time, the school was popular in Negombo and started to attract students from the outskirts such as Kurana and Bolawalana.
Progress continued in the seventies as the state procured the adjoining one and half-acres of land which enabled them to have a playground and more classrooms. Mr. L.G.S Fernando, the then principal, who had a passion for sports revived the houses and initiated the annual inter-house sports meet by mustering support from parents and residents of Thillanduwa. It was in the early eighties that the name of the school was changed from St. Joseph’s KV to Thillanduwa KV.
“The emergence of a host of private schools in the area has reduced the intake of student to our school,” complains Mrs. Shiromi Peries, the current Principal of the school. Hailing from the same locality she has a better understanding of the mindset
The teaching staff
and needs of the community, and has been in office since 2009. She is assisted with eighteen dedicated teachers who come to school during school vacations to conduct extra help classes for those who are in Grades 10 and 11. Even though it is a Catholic school, 30% of the 225 students follow Buddhism and Hinduism. Buddhism is taught as a subject in school as well.
The principal and the teachers have a close relationship with students and every student is personally known to them. Their concern about the nutritional intake of the students is heartening. The free mid-day meal that the school provides to all primary students is, in a way, a motivation for some students to come to school. Mr. Peries has already made a request to the authorities to extend this free mid-day-meal to the upper school as well. Students sharing some candy with their classmates
Experimenting with computers
and teachers on their birthday are a common practice in schools but at Thilllanduwa KV they do it differently. Teachers, whose birthday falls within a particular term, share a simple meal of rice and curry with the entire school.
The absence of a strong School Development Society and a Past Pupils Association was a hindrance to the growth of the institution. Realising this setback, the principal recently formed the first ever Past Pupils’ Association with the last batch of Ordinary Level students. With its strong backing, the first Prize Giving took place successfully last year, and it was thought to have had some positive influence on the students who are generally not inclined to study. A past pupil Mr. Donald has volunteered to shape up the skills of the two new-found but enthusiastic football
Singing Vesak devotional songs
teams.
Ever since its inception, the parish priests of the St. Joseph’s church have been rendering a monumental service in the areas to encourage spiritual development and also fulfil the basic needs of students. The school remembers commitment of the church with reverence and gratitude. “There is a lot to be done but resources are extremely limited,” sighs the principal. “Nonetheless, this year, I am working towards achieving two goals. First we need to separate class rooms using partitions to reduce disturbance. If a teacher is absent, the disturbance is more. Also there is no play area for primary school students. I have set my mind to build one,” said the determined Principal.
It is the sheer perseverance of the principal and the teaching staff that keeps schools of this nature functioning well.
- Muditha Fonseka

Tuesday, April 23, 2013

ජාතික පුස්‌තකාලයේ ජාතික කාර්යභාරය

http://www.whatsupcolombo.lk/Images/UploadedImages/Business/Full/929.jpg
ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලයේ 23 වැනි සංවත්සරය නිමිත්තෙනි

උසස්‌ මට්‌ටමේ පුස්‌තකාල හා තොරතුරු සේවා පද්ධතියක්‌ පැවැතීම රටක සංවර්ධනය පෙන්නුම් කරන එක්‌ සාධකයකි. වත්මන් සමාජයේ ඕනෑම ක්‍රියාවලියක්‌ සඳහා තොරතුරු සම්බන්ධ කර ගැනීමට සිදුවේ. අධ්‍යාපනය, ආර්ථික කටයුතු, සමාජ සංවර්ධනය, විනෝදාස්‌වාදය ආදී සෑම මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ සඳහාම තොරතුරු අවශ්‍යවේ. එබැවින් ඵලදායි තොරතුරු කළමනාකරණය රටක සංවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වේ.

රටක පුස්‌තකාල හා තොරතුරු සේවාවන්හි කේන්ද්‍රස්‌ථානය වන්නේ එම රටේ ජාතික පුස්‌තකාලයයි. රටක ජාතික පුස්‌තකාලයකට විශාල ජාතික වගකීමක්‌ පැවරේ. ඒ යටතේ ඕනෑම රටක ජාතික පුස්‌තකාලයකට පැවරෙන කාර්යයන් ගණනාවක්‌ ඇත. එම කාර්යයන් පහත සඳහන් පරිදි දැක්‌විය හැකියි.

1. රටතුළ පළවන ප්‍රකාශනවල ජාතික සංචිතයක්‌ පවත්වාගෙන යැම.

2. අප්‍රකාශිත අත්පිටපත් (මබචමඉකසියෑd ප්බමිජරසචඑs) වල තැන්පතුවක්‌ පවත්වාගෙන යැම.

3. විදේශ ප්‍රකාශන එකතුවක්‌ පවත්වාගෙන යැම.

4. රටේ පුස්‌තකාල හා තොරතුරු විද්‍යා කටයුතු සඳහා ජාතික නායකත්වය ලබාදීම.

5. රටේ පුස්‌තකාලයාධිපතිත්වයේ කේන්ද්‍රස්‌ථානය ලෙස කටයුතු කිරීම හා රටේ පුස්‌තකාල පද්ධතිය සංවර්ධනය කර මෙහෙය වන්නා ලෙස කටයුතු කිරීම.

6. ජාතික හා පෞද්ගලික මට්‌ටමින් ආර්ථික හා සමාජ සංවර්ධනය පහසු කිරීම සඳහා ජාතික තොරතුරු පද්ධතියක්‌ ලබා දීම.

7. නීත්‍යනුකූල තැන්පතු නීතිය යටතේ පිටපත් ලබා ගැනීම.

8. රටතුළ පළවන ග්‍රන්ථ සම්භාරය ලේඛන ගත කිරීම හෙවත් ග්‍රන්ථ විඥපන සේවා පවත්වාගෙන යැම.

9. ජාතියේ ලේඛන උරුමය සංරක්‍ෂණය කිරීම.

10. පුස්‌තකාල හා විඥපන ක්‍ෂේත්‍රයේ පර්යේෂණ පැවැත්වීම.

11. ආබාධිත අය සඳහා තොරතුරු සේවා ලබා දීම.

12. ජනතාවගේ කියවීම වර්ධනය කිරීම.

ලෝකයේ ඕනෑම රටක ජාතික පුස්‌තකාලයකට පොදුවූ මෙම මූලික කාර්යයන් ශ්‍රී ලංකාවේ ජාතික පුස්‌තකාලයද දැනට ඉටුකරමින් පවතී. ශ්‍රී ලංකාවේ පළවන ප්‍රකාශන සම්භාරය ඒකරාශි කිරීම ජාතික පුස්‌තකාලයට පැවරෙන ප්‍රධාන වගකීම වන අතර මෙම ප්‍රකාශන ඒකරාශි කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කෙරේ. පොත් මිලදී ගැනීම, පරිත්‍යාග වශයෙන් ලබාගැනීම හා නීත්‍යනුකූල තැන්පතු පිටපත් ලබා ගැනීම ප්‍රධාන ක්‍රමවේ. නීත්‍යනුකූල තැන්පතු පිටපත් ලැබීම ජාතික පුස්‌තකාල එකතුව වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. නීත්‍යානුකූල තැන්පතු නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසිනි. එම නීතිය අනුව ශ්‍රී ලංකාවේ පළ කරන සෑම ප්‍රකාශනයකම පිටපත් පහක්‌ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කළ යුතුවේ. මෙය නීතිමය අවශ්‍යතාවයකි. මෙම පිටපත් පහෙන් එක්‌ පිටපතක්‌ ජාතික පුස්‌තකාලයට ලැබේ.

ජාතික පුස්‌තකාලය සතු විවිධ එකතූන් රාශියකි. ශ්‍රී ලංකා එකතුව, විමර්ශන එකතුව, පුවත්පත් එකතුව, රජයේ ප්‍රකාශන එකතුව, නීත්‍යනුකූල තැන්පතු එකතුව, විද්‍යා හා තාක්‍ෂණ එකතුව, පුස්‌තකාල හා විඥපන විද්‍යා එකතුව, සිතියම් එකතුව, ශ්‍රව්‍ය දෘෂ්‍ය එකතුව, විද්යුත් මාධ්‍ය එකතුව, පුස්‌කොළ පොත් එකතුව, යුනෙස්‌කෝ එකතුව, සූක්‍ෂම සේයා පට එකතුව, නාට්‍ය අත්පිටපත් එකතුව, ජනශ්‍රැති එකතුව මෙම එකතූන් වේ. ජාතික පුස්‌තකාලය මගින් ලබා දෙන සේවාවන් ද රාශියකි. විමසීම් සේවය, විමර්ශන සේවය, පාඨක අධ්‍යාපන සේවය, ඡායාපිටපත් සේවය, අන්තර් ජාල සේවය, අන්තර් පුස්‌තකාල පිරුළු සේවය, ප්‍රවර්තන සාවධාන සේවය, තොරතුරු ප්‍රති ඇහිරීමේ සේවය මෙම සේවාවන් වේ.

ජාතික පුස්‌තකාල සාමාජිකත්වය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුටම ලබාගත හැකිය. දෛනික සාමාජිකත්වය, ස්‌ථිර සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වය (ඛසෙe පැපඉeරියසච) ආයතනික සාමාජිකත්වය (ෂබිඑසඑමඑසදබ්ක පැපඉeරියසච) ආදී වශයෙන් සාමාජිකත්ව වර්ග කිහිපයකි. රටතුළ පළවන ප්‍රකාශන ලේඛනගත කිරීම හෙවත් ග්‍රන්ථ විඥපන සේවා පවත්වාගෙන යැම ද ජාතික පුස්‌තකාලයේ කාර්යයකි. මේ යටතේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ නාමාවලිය (Sරස ඛ්බන් භ්එසදබ්ක ඊසඉකසදටර්චයහ) පළ කෙරේ. මෙය මාසික ප්‍රකාශනයක්‌ වශයෙන් පළ කරන අතර ශ්‍රී ලංකාවේ පළවන නවතම ප්‍රකාශන පිළිබඳ තොරතුරු මෙන්ම ඉදිරියේ දී පළවීමට නියමිත ප්‍රකාශන පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් වේ. රටතුළ පළවන ප්‍රකාශන පිළිබඳ තොරතුරු සොයන පාඨකයන්ට විද්වතුන්ට මෙන්ම පුස්‌තකාලයාධිපතිවරුන්ට ද මෙය ප්‍රයෝජනවත් මූලාශ්‍රයකි. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය ආරම්භ කරන ලද්දේ 1962 වර්ෂයේ දීය. මුද්‍රණ කර්මාන්තයේ ආරම්භයේ සිට 1962 දක්‌වා පළවූ ප්‍රකාශන පිළිබඳ තොරතුරු ඇතුළත් කර ශ්‍රී ලංකා පූර්වකාලීන ජාතික ග්‍රන්ථ නාමාවලිය (Reඑරදිචැජඑසඩැ භ්එසදබ්ක ඊසඉකසදටර්චයහ) සම්පාදනය කර ඇත. පාඨක ප්‍රජාවගේ තොරතුරු ගවේශනය පහසු කිරීම සඳහා ප්‍රලේඛන සේවා (Dදජමපැබඒඑසදබ Seරඩසජැs) ගණනාවක්‌ ද ජාතික පුස්‌තකාලය පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකා පුවත්පත් ලිපි අනුක්‍රමණිකාව, පශ්චාත් උපාධි නිබන්ධන අනුක්‍රමණිකාව, ජාතික ඒකාබද්ධ සූචිය, ශ්‍රී ලංකා සමුළු අනුක්‍රමණිකාව, ජන වාර්ගික ගැටළුව පිළිබඳ දත්ත පදනම ප්‍රධාන ප්‍රලේඛන මූලාශ්‍ර වන අතර මෙම දත්ත පදනම් අන්තර්ජාලය මගින් ගවේශනය කිරීමේ පහසුකම් සලසා ඇත. අඅඅගබ්එකසඉගකන වෙබ් අඩවිය ඔස්‌සේ මෙම දත්ත පදනම් ගවේශනය කළ හැකිය. මීට අමතරව රජයේ ප්‍රකාශන නාමාවලිය ශ්‍රී ලංකාවේ පර්යේෂණ වාර්තා පිළිබඳ අනුක්‍රමණිකාව වැනි මුද්‍රිත මූලාශ්‍ර ද සම්පාදනය කෙරේ. ජාතික පුස්‌තකාලයක්‌ මගින් ඉටු කළ යුතු යයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික මට්‌ටමේ පුස්‌තකාල හා තොරතුරු සේවා සංවර්ධන කාර්යයන් ගණනාවක්‌ ද ජාතික පුස්‌තකාලය ඉටු කරයි.

ජාතික පුස්‌තකාලයක්‌ විසින් ඉටු කළ යුතු යයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සෑම කාර්යයක්‌ම ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලය දැනට ඉටු කරයි. ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලය පසුගිය වසර විසි තුන තුළත් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය පසුගිය වසර හතළිස්‌ තුන තුළත් ශ්‍රී ලංකාවේ පුස්‌තකාල හා තොරතුරු සේවා සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇත. මේ තුළින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා දායක වී ඇත.

ජී. ඩී. අමරසිරි
අධ්‍යක්‍ෂ
ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය


http://www.divaina.com/2013/04/23/feature02.html

Wednesday, April 17, 2013

ගුරුවරයකු නැති වේලාවට මං හිටියේ ඉස්කෝලේ පහළ ඇළේ

ගුරුවරයකු නැති වේලාවට මං හිටියේ ඉස්කෝලේ පහළ ඇළේ

මහාචාර්ය සරත් කොටගම
සරත් කොටගම කොළඹ විශ්ව විද්‍යාලෙ සත්ත්ව විද්‍යා අංශයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු ලංකාවේ කුරුල්ලන් පිළිබඳ පර්යේෂණ රැසක් සිදු කොට අපේ රටට ආවේණික පක්ෂීන් ගැන විශේෂ තොරතුරු රාශියක් ලොවට හඳුන්වා දුන් පුරෝගාමී පරිසර විද්‍යාඥයෙක්.
කවදාහරි පරිසරවේදියෙක් වෙනවා’ යන අධිෂ්ඨානය මා සිත තුළ ඇති වුණේ පුංචි කාලෙදිමයි. ගුරුතලාවෙ ශාන්ත තෝමස් විද්‍යාලෙ හිටපු නේවාසිකාගාර පාලක ගුරුතුමා ආර්. ඒ. හේමන් ගුරුතුමාගෙ පෙලඹවීමෙන් පරිසරය අධ්‍යයනය කරන්න වඩාත් නැඹුරු වුණා. එතකොට මට අවුරුදු 13 ක් විතර ඇති.
නවසිය පනහේ අගෝස්තු මාසෙ විසි දෙවැනිදා බණ්ඩාරවෙල කටුගහ නම් වූ සුන්දර ගම්මානෙදි ඔහු මෙලොව එළිය දුටුවේ අම්මගේ මහ ගෙදරදි. මද්දුම බණ්ඩාර කොටගම ඔහුගේ පියා. අම්මා විමලාවතී කටුගහ කුමාරිහාමි.
පවුලට කුළුදුලේම එක් වුණු සිඟිති පුතාට ඔවුන් නම තිබ්බේ “සරත් විමල බණ්ඩාර කොටගම” කියලා. සරත්ට බාල මල්ලිලා තුන් දෙනයි. නංගිලා දෙන්නයි.
කටුගහ ගමේ උපන්නට සරත් හැදී වැඩුණේ ඔහුගේ පියා ගෙ ගමේ. බිබිල කොටගම.
ගොඩ මඩ ඉඩම් රැසක් සරත්ලගෙ අපුච්චාට තිබුණා. ගේ අහල පහල කැලෑ රොදවල දුව පැන ඇවිදින්න, ඇළ දොළේ පැනල නාන්න පීනන්න ඔවුන්ට ඇති තරම් නිදහස තිබුණා. සරත්ට අකුරු කියෙව්වෙ කොටගම පන්සලේ නායක හාමුදුරුවො.
ඔහු මුලින්ම අධ්‍යාපනය ලැබුවේ කොටගම ප්‍රාථමික පාසලේ. ඒ පාසලේ මාස හයක් පමණ ඉගෙන ගත්තට පස්සෙ අපුච්චා සරත් ඇතුල් කළා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලෙට.
“ඒ වසරේ පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ පුංචිම ළමයා මමයි. ඒ නිසා පාසලේ විදුහල්පතිතුමා වූ ඩබ්ලිව්. ඩී. කීබන් මහත්තය මාව ඔහුගෙ ගෙදරම මාස තුනක් නවත්තා ගත්තා. බෝඩිමේ ජීවිතේ ගෙදරට වඩා හුඟක් වෙනස් වුණාට ඉක්මනින්ම මම ඒ පරිසරයට හුරු වුණා. මගේ වයසට සමාන තව ළමයි හිටපු නිසා මට ගෙදරින් ඈත් වීමේ පාළුව ඒ තරම් දැනුණේ නෑ.
පාසලේ ඉගැන්වීමේ මාධ්‍ය ඉංගී‍්‍රසි වුණත් අපිට තද බල විදියට නීති පැනෙව්වෙ නෑ. සිංහල දෙමළ වගේම බර්ගර් හා විදේශික ළමයිනුත් අපි එක්ක එකට සිටි නිසා අපේ ව්‍යවහාර භාෂාව වුණේ ඉංගී‍්‍රසි.
පුංචි කාලෙ අපි හරිම නිදහසේ විනෝදයෙන් සතුටින් ඉගෙන ගත්තා. අද වගේ ගෙදර වැඩ ගොන්නක් එදා අපිට නෑ. පාසලේ වැඩ පාසලේදීම කළා. පාසලින් පසුව වැඩි වශයෙන් ම කළේ සෙල්ලම් කිරීම. අපි පාසල් නේවාසිකාගාරෙ ශිෂ්‍යයො නිසා අපිට ක්‍රීඩා කරන්න ඕනෑ තරම් අවස්ථාව ලැබුණා.
පුංචි කාලෙ ඉඳන්ම පරිසරයට ඇලුම් කළා. බොහෝ වේලාවට ගුරුවරයකු නැත්නම් මම ඉන්නෙ පන්තියෙන් පිට. පාසල් වත්තේ. පාසල පිහිටා තිබුණේ පුංචි කඳු ගැටයක් උඩ. මේ කන්ද පාමුලින් සුන්දර දිය කඳුරක් ගලා ගියා. මේ කඳුරේ බැහැලා දඟලන්න, වතුරෙ පීනන මාළු බලන්න මම හරිම ආසයි. ඉතින් විවේකයක් ලැබුණු ගමන්ම මම දුවන්නෙ ඒ දිය කඳුර ගාවට. ගුරුවරුන් ඒ බව දැන ගෙන හිටියා. “කොටගම පන්තියෙ නැත්නම් දිය පාර අසල ඇති” කියලයි ඔවුන් මා හොයාපු කෙනෙක් වෙතොත් කිව්වෙ.
පාසල් පිට්ටනියේ කෙළවර විශාල දැලක් ගහලා තිබුණා. නානා ප්‍රකාර වර්ගවල පාට පාට සමනළුන් පියාඹාගෙන යන විට මේ දැලේ පැටලෙනවා. පුංචි අපේ සතුට මේ සමනළුන් අල්ලා නිදහස් කිරීම. සමනල්ලු අල්ලන්න දවසට කී වරක් ඔය දැල දිගේ බඩ ගාලා ඇත්ද...?” මහාචාර්යතුමා සිතින් ආයෙත් ඒ සමනළ වියට පිවිසෙනවා.
“පුංචි කාලේ මම ඒ හැටි කැපී පෙනෙන දස්කම් දක්වාපු ශිෂ්‍යයෙක් නොවෙයි. ගණන් වරද්දලා වේවැල් පාර කාපු හැටි මතකයි. අපේ පාසලේ ‘කේන් මාස්ටර්’ කියලා තනතුරක් දීපු ගුරුවරු දෙන්නෙක් හිටියා. ඉහළ ශ්‍රේණිවලට සහ පහළ ශ්‍රේණිවලට වෙන වෙනම. ළමයෙක් කිසියම් වරදක් කළොත් දඬුවම් දෙන්නේ මේ ගුරුවරු දෙදෙනා ගෙන් කෙනක් පමණයි. වරද සොයා ගත් ගුරුවරයා ළමයා අතේම කළ වරද සටහන් කළ පුංචි තුණ්ඩුවක් ලියා දීලා කේන් මාස්ටර් ළඟට යවනවා. එවිට වරදට අදාළ දඬුවම ලබා දෙනවා. දඬුවම ලබන්නට හේතුව දරුවා දැන සිටිය යුතුයි.” මහාචාර්යතුමා කියනවා.
පාසලේදී මම කළ හැකි හැම ක්‍රීඩාවක්ම කළා. අනිවාර්යයෙන්ම උදේ පාන්දර අවදි වී පිහිනන්නට ඕනෑ. වැස්ස, පින්න, ශීතල මේ කිසිවක් සමාවට කරුණු නොවෙයි දිනපතා පිහිනීමෙන් හොඳ ව්‍යායාමයක් වගේම පිහිනුම් ශූරයකු බවට පත්වෙන්නට මට අවස්ථාව ලැබුණා.
මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ නිසා පාසලේ නාම පුවරු ඇඳීම බොහෝ විට මට භාර වුණා. පාසල් ජීවිතය බොහොම පී‍්‍රතිමත්. ඒ නිසාම නිවාඩුව දුන්නත් දවසක් දෙකක් පහුවෙලා ගෙදර යන්නත් පාසල පටන් ගන්න දවසක් දෙකක් කලින් පාසලට එන්නත් අපි කණ්ඩායමක් පුරුදු වෙලා හිටියා.
මම පාසලට ඇතුල් වෙලා වසර දෙකක් පමණ යන විට මගේ මල්ලිලාත් වරින් වර පාසලට ඇතුල් වුණා. ඔය විදිහට අපි හතර දෙනාම ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුල් වුණා.
නිවාඩු කාලෙ ගමේ ගියාම ඒක වෙනම ලෝකයක්. අපි සහෝදර සහෝදරියො හය දෙනයි අහල පහල ගෙවල්වල දරු දැරියොයි එකතු වෙලා උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කළා. කැලේ ඇවිද්දා. ගම පුරා දුව ඇවිදිනවා. අපේ ගම්වල අදටත් සම්ප්‍රදායික කුල සිරිත් විරිත් අනුගමනය කෙරෙනවා. ඒත් පුංචි ළමයි විදිහට අපිට දෙමව්පියො ගමේ ඕනෑම තරාතිරමක ළමයෙක් එක්ක සෙල්ලම් කරන්නට තහංචි දැම්මෙ නෑ.
හයේ පන්තියෙන් පස්සේ ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුල් වෙන්න මටත් වරම් ලැබුණා. ඇතුළත් වීමේ තරග විභාගයෙන් ඉහළ ලකුණු ගත් සිසුන් ඇතුල් කළේ ගල්කිස්සෙ ශාන්ත තෝමස් විද්‍යාලෙට. මං තේරුණේ ගුරුතලාවට. මගේ ජීවිතේ වර්තමාන ජයග්‍රහණ සියල්ලට පසුබිම සකස් වුණේ පාසලේදී කියලයි මට හිතෙන්නෙ.
ගුරුතලාවෙ පාසල මනරම් පරිසරයක පිහිටා තිබුණා. පාසලේ වත්ත පුරාම අලංකාර මල් වවල හරියට උද්භිද උද්‍යානයක් වගේ.
ශාලාවෙන් ශාලාවට ක්‍රීඩා පිටියට නේවාසිකාගාරයට බොහෝ දුරක් පයින් ඇවිද යා යුතුයි. ඒ කාලෙ හිටපු පාලකයින් මේවා සැලසුම් කළේ ළමයින්ගේ සිතට සැනසීමත් කයට ව්‍යායාමයත් එකවර ලැබෙන විදිහට. එක තැනක සිට තව තැනකට යන අතරතුර කිසිම ගහකින් කොලයක්වත් කැඩීම තහනම්. අතරමග කෙළ ගැසීම තහනම්. කෙළ ගහනවා නම් තමා ගේම ලේන්සුවට කෙළ ගහලා එය නිසි පරිදි ඉවත් කළ යුතුයි. වැරදිලාවත් කොළයක් කඩල අහු වුණොත් අනිවාර්යයෙන්ම විදුහල්පතිතුමාගේ කාමරයට කැඳවා දඬුවම් ලබා දෙනවා. ගස් වැල්වලට ආදරය කරන්න පරිසරය රැක ගන්න පුංචි කාලෙදිම අපි හුරු පුරුදු වුණේ එහෙමයි.”
හැම සතියකම අපි ගෙදරට ලියුමක් ලියන්න ඕනෑ. ඉතින් හැමෝම ලියන්නෙ ඔබ හැම සතුටින් ද? අපි බොහෝම සතුටින් සිටිමු.” කියන වාක්‍ය දෙකයි. පාසලේ නේවාසිකාගාරෙ මිදුල අලංකාර කරගන්න පිඩලි අල්ලා තණ පිටියක් හැදුවෙ ළමයි. ඒ වගේම පාසල් සමූපකාරේ හැදුවෙ ළමයි පස්වලින් ගඩොල් කපලා. ඒ ගොඩනැගිල්ල අදත් හොඳට තියෙනවා. පරිසර හිතකාමී ගඩොල් කියලා දැන් අපි ඒවා විදේශිකයන් ගෙන් ඉගෙන ගන්න හැදුවට අපේ රටේ මේ බොහෝ දේ ඈත අතීතයේ පටන්ම තිබුණා.
බාල දක්ෂ කටයුතුවලට සහභාගි වුණු නිසා මට හොඳට උයන්න හුරු පුරුදු වුණා. බාල දක්ෂ ජම්බෝරියකට පිට කඳවුරකට ගියාම මුළු කණ්ඩායමටම කෑම උයන්නෙ මම. මට ඉතින් ‘කෝකියා’ කියලා නමකුත් පට බැඳුණා.
නේවාසිකාගාරෙ ශිෂ්‍යයන්ටත් බාල දක්ෂයන්ටත් ගම හරහා දුවන්නට තිබුණා. මම මේ ගම හරහා දිවීමට ඉතාම කැමැතියි. සෑම මසකටම වරක් අවට කන්දක් නඟින්නට හෝ පෙර නොගිය තැනක් හොයාගෙන ගිහින් ආපහු එන්නට ඕනෑ නියම කළ කාලයට. මේ ගමන අපිට බොහෝ අත්දැකීම් ලබා දුන්නා. හතේ අටේ පන්තිවල අපට භෞතික විද්‍යාව ඉගැන්වූ ආර්.ඒ. හේමන් ගුරුතුමා තමයි මට කුරුල්ලන් නැරැඹීමේ මුල් පාඩම කියා දුන්නෙ. ඔහුගේ විනෝදාංශය ගමේ අවට කැලෑවල ඇවිදිමින් කුරුල්ලන් නැරැඹීම හා උන් ගැන අධ්‍යයනය කිරීම.
එතකොට මට අවුරුදු දහතුනක් විතර ඇති. හේමන් සර් එක්ක කුරුල්ලන් බලන්න යන්න කවුද කැමැති කියලා ඇහුවම මම ඉදිරිපත් වුණා. එදා තමයි කවද හරි කුරුල්ලො ගැන ඉගෙන ගෙන පරිසරවේදියෙක් විය යුතුය යන අදහස මගේ හිතට ආවේ. ඉන් පස්සෙ මම හැම දේ ම කළේ ඒ අරමුණ ඉටුකර ගන්න අදහසින්.
බොහෝ විට නිවාඩු කාලවල හේමන් සර් සිය පවුලත් සමඟ රට පුරා වනෝද්‍යානවල සංචාරය කළා. මාත් ඒ ගමන්වලට සහභාගි කරවා ගත්තා. යාල, කුමන, විල්පත්තු, සිංහරාජ වගේ ම ලංකාවේ අප්‍රකට වනාන්තරවලත් අපි සංචාරය කළා.
පාසලේ හොකී කණ්ඩායමේ නායකයා මමයි. පාපන්දු බාස්කට් බෝල් වගේ ම ජවන හා පිටියේ ක්‍රීඩාවලටත් හැම වසරේ ම තෑගි ගත්තා. 1965 දී ත්‍රිකුණාමලයේ ශාන්ත මයිකල් විද්‍යාලය සමඟ බාස්කට් බෝල තරඟෙට ගිහින් නතරවෙලා හිටපු එවරස්ට් හෝටලේ දී තමයි ජීවිතේ මුල් වරට කොත්තු රොටීවල රස බැලුවේ. පාසලේ විෂයයන් සඳහා කවදාවත් තෑගි ලැබුණේ නැති වුණාට පළමු වතාවට ‘පක්ෂි අධ්‍යයනය’ සඳහා පාසලෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තෙ මමයි. තෑග්ග රුපියල් විසි පහක පොත් වවුචරයක්. කොළඹ එච්.ඩබ්ලිව්. කේවිස් පොත් සාප්පුවෙන් පොත් ගන්න. ජීවිතේට කොළඹ ආපු නැති මම පළමු වතාවට තාත්තත් එක්ක කොළඹට ආවා. ඒ 1965 දී තාත්තා අඳුරන ලියනගේ ලියන මහත්තයා හිටියේ කිරුලපනේ. ඒ ගෙදරට ඇවිත් නැවතිලා පහුවදා ඒ මහත්තයා එක්ක ම ගිහින් ගත්තේ ජී.එම්. හෙන්රි ගේ ලංකාවේ කුරුල්ලෝ පොත. තෑග්ග රුපියල් 25 යි. පොත රුපියල් 35 යි. තාත්තා ගෙන් රුපියල් 10 ක් ඉල්ලගෙන පොත අරන් ආවේ රටක් රාජ්‍යයක් දිනුවා වගේ.”
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස් පෙළ ලියන්න මම ගල්කිස්සෙ ශාන්ත තෝමස් විද්‍යාලෙට ඇතුල් වුණා. පී.සී.එන්. ජයසූරිය, ජේ.ඩී.එස්. ජයසිංහ, අරිසෙන් අහුබුදු වගේ ගුරුවරු අපිට ඉගැන්නුවා මතකයි. අපි එන්නට කලින් කුමාරතුංග මුනිදාස මහත්තයත් ඒ පාසලේ උගන්වලා තිබෙනවා. ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වුණාට ලංකාවේ හෙළ බස උගත් ප්‍රමුඛයන් කිහිප දෙනෙක් ම පාසලේ උගන්වලා තියෙනවා. ඒ නිසා ම අපිත් සිංහල භාෂාවට සාහිත්‍යයට බොහෝ ම නැඹුරු වුණා. සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍ය සංගම්වලට සම්බන්ධ වෙලා වැඩ කළා.
අපට රසායන විද්‍යාව උගන්වාපු ගුරුතුමා එරල් ප්‍රනාන්දු. ඒ වනවිට ලංකාවෙ අමතර පන්ති ක්‍රමය ඇරැඹෙන කාලෙ එරල් ගුරුතුමා අපිට උගන්වන නිසාම ඔහුගෙ පන්තිවලට යන්න තහනම්. ඔහුට මාස තුනකට කැනඩාවට යන්න සිදුවූ නිසා අපිට අමතර පන්තියට එන්න අවසර දුන්නා. ඒත් අපෙන් මුදල් අය කළේ නෑ” ඔහු කියනවා.
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය විද්‍යාලෙට යන්න තරම් සුදුසුකම් ඇතුළු විභාගෙ සමත් වුණත් සරත් වෛද්‍ය විද්‍යාලෙට ගියෙ නෑ. ඔහු ජීව විද්‍යා විෂය ධාරාව තෝරා ගත්තේ කුරුල්ලන් පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්න ඔහු තුළ වූ ආශාව සපුරා ගන්නා අදහසින්මයි.
1969 ඔහු කොළඹ විශ්ව විද්‍යාලෙ විද්‍යා පීඨයට ඇතුල් වුණා. ඒ කාලෙත් නවක වදේ තිබුණා. ඒත් එහි අවසාන අරමුණු වුණේ සිසුන් සමාජගත කිරීම මිස අද වගේ හිංසා පීඩා කිරීම නොවෙයි. විශ්ව විද්‍යාලෙදිත් සරත් ක්‍රීඩා කළා. දිවීමෙන් හොකී පිහිනුම් හා බාස්කට් බෝල් තරගවලින් ශූරතා දිනා ගත්තා. දේශපාලනේටත් යොමුවුණා. වාමාංශික ව්‍යාපාරයට යොමුවුණා. හැත්තෑ එකේ කැරැල්ල කාලෙ ඔහු විශ්ව විද්‍යාලෙ නේවාසිකාගාරෙ ඉඳල එන අතර මගදී පොලිසියෙන් අල්ලගෙන ගියේ හැඳුනුම්පත නැතිව හිටි නිසා. දවස් තුනක් කුරුඳුවත්ත පොලිසියේ රඳවලා තියාගෙන ඉඳල නිදහස් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කාලෙ නීති පීඨ සිසුවෙක්. සරත් විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වෙලා හිටියා.
සරත් 1974 දී විශ්ව විද්‍යාලෙන් පිට වුණේ දෙවැනි පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් ලබාගෙන. ඒ අවුරුද්දෙම සරත් කන්තලේ සීනි කම්හලේ පර්යේෂණ නිලධාරියකු ලෙස පත්ව ගියේ ජාතික විද්‍යා සභාව හරහා. කන්තලේ උක් වගාවන්ට වල් ඌරන් ගෙන් වන හානිය පිළිබඳ පර්යේෂණ කළ ඔහු පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ කතිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණා.
සරත් තමන්ටම ආවේණික ශෛලියකට අඳින පළඳින හැසිරෙන පුද්ගලයෙක්. දහදිය හොඳින් උරා ගන්නා පහසු ටී කමිසයකින් සැරසීමටත් කොණ්ඩය වවාගෙන සපත්තු වෙනුවට සෙරෙප්පු පැළඳ ගෙන ඉන්නත් ඔහු කැමැතියි. විශ්ව විද්‍යාල කතිකාචාර්ය තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණෙත් එහෙම.
සම්මුඛ පරීක්ෂණයේදී මහාචාර්ය අරූල් ප්‍රකාසම් ඔහුගෙන් ඇහුවා උගන්වන්න යන්නෙන් ඔහොමද? කියලා ඒ සඳහා දෙන්නට සාධාරණ පිළිතුරක් ඔහුට තිබුණා. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවෙ ශිෂ්‍ය ණයක් ලබා ගෙන. මවුපියන්ට කරදර කරන්න අකැමැති නිසා. ලැබුණු වැටුපෙන් ශිෂ්‍ය ණය බේරලා ජීවත් වෙන්න වියදම් කළාම මිල අධික කලිසං කමිස සපත්තු මිලට ගන්න මුදලක් ඉතිරි නොවන බවයි ඔහු කීවෙ.
ශ්‍රී ලංකාවට ආවේණික මාල ගිරවාගේ හැසිරීම් හා ආහාර ගැනීමේ රටාව ආශ්‍රිත පර්යේෂණය සිදු කොට කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් සරත් ඇබර්ඩින් විශ්ව විද්‍යාලයෙන් පී.එච්.ඩී. උපාධිය ලබාගත්තා.
මධ්‍යම පරිසර අධිකාරියේ වැඩ කරන අතරතුර හැඳිනගත් නාමලී පෙරේරා සමඟ විවාහ වූ සරත්ට තරිණි හා ඕදාත නමින් දියණියක් හා පුතෙක් සිටිනවා. 1984 දී විවෘත විශ්ව විද්‍යාලයට සම්බන්ධ වූ ඔහු 1997 දී කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධූරය සඳහා පත්වුණා. 1989 සිට 1992 දක්වා වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පත්වූ මහාචාර්යතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ කුරුලු විද්‍යාව පිළිබඳ හා පරිසරය ආශ්‍රිත පාඨමාලා රැසක් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබුවා.
විශ්ව විද්‍යාලය හා ප්‍රජාව සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ මහාචාර්යතුමා 1976 දී විශ්ව විද්‍යාලයේ අනුමැතියෙන් බිහි කළ ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය තවමත් ක්‍රියාත්මක වෙනවා.
1980 සිංහරාජ සංරක්ෂණ ව්‍යාපෘතිය ඇසුරින් “සංරක්ෂණය සඳහා පානගමු”, ප්‍රජා අධ්‍යාපන පදනම, ශ්‍රී ලංකා පාරිසරික කොංග්‍රසය, මිහිකත ආයතනය වැනි සංවිධාන රැසක් බිහි කළා. පරිසරය හා කුරුල්ලන් පිළිබඳ කරන ලද පර්යේෂණ හා සංරක්ෂණ ව්‍යාපෘති අගයමින් දෙස් විදෙස් සම්මාන රැසක් මහාචාර්යතුමාට ලැබී තිබෙනවා.
“2004 ජනාධිපති සම්මානය, 1994 ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමුණු සම්මානය 2003 වසරේ විද්‍යාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ජාතික විද්‍යා පදනමෙන් පිරිනැමුණු විශේෂ සම්මානය 2003 අන්තර්ජාතික ජීව විද්‍යා සංරක්ෂණ සංගමය මගින් පිරිනැමුණු සම්මානය ඒ සම්මාන අතරින් විශේෂයි.
එක්සත් ජාතීන්ගේ පරිසර විද්‍යා හා විද්‍යාඥයන්ගේ විද්‍යායතනයේ සමථ කමිටුවේ සාමාජිකයෙකු ලෙස වසර දහයක් මුළුල්ලේ කටයුතු කරන මහාචාර්යතුමා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ඌව වෙල්ලස්ස පදනමින් වගේ ම 2009 සංස්කෘතික අමාත්‍යාංශය මගින් දේශමාන්‍ය සම්මානයෙන් ද පුදනු ලැබුවා.
සාගරිකා දිසානායක ජයසිංහ
ඡායාරූපය – විමල් කරුණාතිලක
http://www.silumina.lk/2010/07/18/_art.asp?fn=ay1007181