V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label ක්‍රීඩා. Show all posts
Showing posts with label ක්‍රීඩා. Show all posts

Tuesday, August 23, 2016

ලොවම පුදුම කරන පියාඹන මාලුවා

කලාතුරකින් හෝ ලොවට අසාමාන්‍ය මිනිසුන් බිහි වෙති. මයිකල් පෙල්ප්ස් නම් පියාඹන මාලුවා ද එවැන්නෙකි.
ඔලිම්පික් රන් පදක්කම් 23ක් යනු විස්මිත සංඛ්‍යාවකි. එකසිය විසි වසරක ඔලිම්පික් වංශ කතාවේ එය අද්විතීය වාර්තාවකි. එය නුදුරු අනාගතයේ බිඳ වැටෙතැයි සිතිය නොහැකි තරම් අසමසම වාර්තාවකි. බොහෝ විචාරකයන් පවසන ආකාරයට ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිහිනුම් ශූරයාද, ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ද පෙල්ප්ස්ය.
අට වසරකට පෙර බෙයිජිං ඔලිම්පික් උළෙලට පෙරාතුව තමාගේ බලාපොරොත්තුව රන් පදක්කම් අටක් යැයි කියූ පෙල්ප්ස්ට සිනාසුනු ලෝකය, ඔහු උමතු මිනිසෙකැයි අපහාස කළ ලෝකය මේ පියාඹන මාලුවා දෙස අද තුෂ්නිම්භූතව බලා සිටිති...
වසර එකසිය විස්සක අතීතයකට නෑකම් කියන ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ එදා මෙදා තුර තරගකරුවෙක් එක් තරගාවලියකදී ගත් වැඩිම පදක්කම් ප්‍රමාණයද ඔලිම්පික් තරග ඉතිහාසය පුරා තරග කරුවෙකු සතු වැඩිම පදක්කම් ප්‍රමාණයටද හිමිකම් කියන මයිකල් පෙල්ප්ස් අසම සම වාර්තා රැසක් තමා සතු කරගෙන සිටී.
1972 වසරේ ජර්මනියේ මියුනිච් නුවර පැවැති ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ දී රන් පදක්කම් හතක් දිනා පිහිනුම් තටාකය උඩු යටිකුරු කළ සුපිරි තරුව බවට පත් වූ මාර්ක් ස්පිට්ස් සතුව තිබූ වාර්තාව ඊට 36 වසරකට පසු මයිකල් පෙල්ප්ස් තමන් සතු කර ගත්තේය.ඇමෙරිකානු එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් හී බෝල්ට්මෝර් ගම්මානයේ දී පොලිස් නිලධාරියෙකු වූ මයිකල් ෆ්‍රෙඩ් පෙල්ප්ස් ට හා විදුහල්පතිනියක් වූ ඩෙබොරා පෙල්ප්ස්ට දාව විටිනි හා හිලරි යන වැඩිමහලු සොහොයුරියන් දෙදෙනෙකු සමගින් පවුලේ තෙවැන්නා ලෙස 1985 ජූනි 30 වැනිදා මෙලොව එළිය දුටු මයිකල් ෆ්‍රෙඩ් පෙල්ප්ස් වයස අවුරුදු 07 දිම තම සහෝදරියන් පරයා යෑමේ අභිලාසයෙන් හා පවුලේ අවධානය තමන් සතු කරගැනීමේ උවමනාවෙන් පිහිනිම තෝරාගනී. පුංචි වේගයක් සමග පිහිනුම් තටාකය තුළ සරඹ පාන මේ කොලු ගැටයා කෙරෙහි පවුලේ අයගේ වගේම කාගේත් අවධානය යොමු වෙයි. ලොව ජයගන්නට නම් අනුන් අභිබවා යා යුතුය. එතැන් සිට ලොව ජයගැනීම උදෙසා මයිකල් පෙල්ප්ස් තම ගමන ආරම්භකරයි. වයස අවුරුදු 10 දී ඔහු ජාතික වාර්තාවක් තැබීමටද සමත් වෙයි.
මයිකල් පෙල්ප්ස් මුලින්ම ඔලිම්පික් තරග බිමට පිවිසෙන්නේ 2000 වසරේදී (පහළොස් හැවිරිදි වියේදී) ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති ඔලිම්පික් තරගාවලියටයි. වසර 68ක් තුළ ඇමෙරිකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගි වූ ළාබාලම පිහිනුම් ශූරයා ඔහුය. 15 හැවිරිදි මයිකල් එම ක්‍රීඩා උළෙලේදී මිටර් 200 සමනළ ආර ඉසව්වට සහභාගි වෙයි. එම ඉසව්වෙන් පස්වැනි ස්ථානය දිනා ගනිමින් ඔහු කාගේත් අවධානයට පළමු වරට ලක්වෙයි.
2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී මීටර් 200 සමනළ ආර පිහිනුම් ඉසව්වෙන් තමන් අභිබවා ගිය ඉයන් තෝර්ප් තබා තිබූ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට 2001 ලෝක ශුරතා තරගාවලියේදී පහළොස් හැවිරිදි මයිකල් පෙල්ප්ස් සමත් වෙයි. මිටර් 200 සමනළ ආර පිහිනුම් ඉසව්වේ නව ලෝක වාර්තාවේ හිමිකරුවා බවට ද පත්වෙයි. එතැනින් නොනවතින මයිකල් වයස අවුරුදු 16 යි මාස 10 දී මීටර් 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන්ද නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වෙයි.
2001 වසරේදී ජපානයේ ෆූකෝකා නුවර පැවැති ලෝක ශූරතා තරගාවලියට සහභාගිවන මයිකල් තමා විසින්ම මීට පෙර තබා තිබූ ලෝක වාර්තාව බිඳහෙලමින් මිටර් 200 සමනළ ආර ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් බිහිකරයි.
දහ නව හැවිරිදි මයිකල් නැවතත් 2004 වසරේදී ඇමෙරිකාව නියෝජනය කරමින් ගී‍්‍රසියේ ඇතැන්ස් නුවර ඔලිම්පික් උළෙලට එක්වෙයි. 2004 වසරේ ඇතැන්ස් හි පැවැති ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගි වූ පෙල්ප්ස් එහිදී රන් පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා පදක්කම් 8 ක හිමිකාරයෙක් වෙයි.
මයිකල් පෙලෙප්ස් 2008 බීජීං ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී ඔහු සහභාගි වූ පිහිනුම් ඉසව් අට සඳහාම රන් පදක්කම් අටක් දිනාගත්තේ සතියක කාළයක් තුළදීය. ඔහු දිනාගත් රන් පදක්කම් අටෙන් පහක් ලබාගත්තේ කේවල ඉසව් වෙනුවෙන්ය. ඉතිරි රන් පදක්කම් තුන සහාය (පිහිනුම් රිලේ) ඉසව් සඳහාය.නැවතත් ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය කරන පෙල්ප්ස් එම තරගාවලියෙන් රන් පදක්කම් හතරක් හා රීදී පදක්කම් දෙකක් දිනාගනී.ලන්ඩන් ඔලිම්පික් තරගාවලියෙන් පසු ක්‍රිඩා දිවියෙන් සමුගන්නා බව පැවැසුවත් ඇමෙරිකානුවන්ගේ ඉල්ලීම මත නැවතත් මෙවර රීයෝ ඔලිම්පික් උළෙලට සහාභාගිවන මයිකල් පෙල්ප්ස් ඇමෙරිකානුවන් මෙන්ම මුලු ලෝකයම මවිත කරමින් මේ වන විට රන් පදක්කම් 5 ක් හා රීදි පදක්කමක් ලබා ගැනිමට රීයෝ ඔලිම්පික් උළෙලේදී සමත් වීම අසම සම දස්කමකි.මයිකල් පෙල්ප්ස් මේ වන විට රන් පදක්කම් 23 සමගින් සමස්ත ඔලිම්පික් පදක්කම් 28 ක හිමිකරුවෙක් බවට පත්ව සීටී. එය ඔලිම්පික් ඉතිහාසයේ කි‍්‍රඩකයකු ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස අද්විතීය වාර්තාවකට හිමිකම් කියයි.
පෙල්ප්ස්ගේ පිටුපස සිටි සෙවනැල්ල වී ඇත්තේ ඔහුගේ දිර්ඝ කාලීන පුහුණුකරු බොබ් බෝමන්ය. මයිකල් පෙල්ප්ස් අසාමාන්‍ය පෙනහලු යුගලයකින් සමන්විත පුද්ගලයකි. සාමාන්‍ය මිනිසෙකුගේ පෙනහලු ධාරිතාවයට වඩා දෙගුණයකටත් වඩා වැඩි ධාරිතාවයක් පෙලෙප්ස්ගේ පෙනහලු තුළ පවතී. ඔහුගේ පෙනහලු වල ධාරිතාවය ලීටර් 12 කී. මයිකල් සිය දිනය ආරම්භ කරන්නේ බිත්තර ඔම්ලට් 5 ක්, උදෑසන ආහාර වේල ලෙස ගනිමිනි. ෆ්‍රෙන්ච් ටෝස්ට් පෙති තුනක් හා චොක්ලට් පෙත්තක්, පෑන්කේක් තුනක් ඔහුගේ උදෑසන ආහාරවේල සම්පූර්ණ කරයි. දවාලට හැම් හා චීස් සමග පෝෂ්‍යදායි සුදු පැස්ටා රාත්තලක් ගිල දමන පෙල්ප්ස් රාත්‍රියට පීසා හා පැස්ටා සමඟ ශක්ති ජනක පානයක් පානය කරයි. මේ මස 10 වැනිදා වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක වත්කමක් හිමි මයිකල් පෙල්ප්ස් තමන්ගේ සිනාව අනුන් වෙත නිතරම ලබාදෙන කාරුණික සිතක් ඇති නිරහංකාර පුද්ගලයෙකි. ඔහු වඩාත් පි‍්‍රය කරන්නේ කුඩා දරු දැරියන් සමග එක්ව විමෝද කාමීව පිහිනුම් ක්‍රිඩා පුහුණුවයි.
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අසාමාන්‍ය මිනිසෙකු වන මයිකල් පෙල්ප්ස් පක්ෂියෙක් ගගන තලයේ පියාසර කරන්නේ යම්සේද එයට නොදෙවැනි ලෙස ජලයේ හරඹ කරයි. “පියාඹන මාළුවා” ලෙස ලොව විරුදාවලිය ලත් මයිකල් ලොව බිහිවූ අසහාය පිහිනුම් වීරයාය.

http://www.silumina.lk/2016/08/21/_art.asp?fn=sp1608215

Sunday, May 8, 2016

ඉසිපතන ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියට



වයස අවු. 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ සිය අපරාජිත බව තවදුරටත් තහවුරු කරගත් ඉසිපතන කණ්‌ඩායම, ගල්කිස්‌ස විද්‍යා විද්‍යාලයීය කණ්‌ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 29-23 ක්‌ වශයෙන් ජය වාර්තා කරගැනීමට සමත් වූවේය.

ඒ අනුව ඉසිපතන කණ්‌ඩායම මෙවර තරග වාරය තුළදී අඛණ්‌aඩව වාර්තා කරන ලද පස්‌වැනි ජය වශයෙන් මෙය සටහන් විය.

ඉසිපත ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 4 ක්‌ ගෝල ප්‍රවර්ථන තුනක්‌ හා එක්‌ දඬුවම් පහරක්‌ සාර්ථක කරගනිමින් සිය ලකුණු රැස්‌කරගන්නා අතරවාරයේ විද්‍යා ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් තුනක්‌, ගෝල ප්‍රවර්ථනයක්‌ මෙන්ම දඬුවම් පහර දෙකක්‌ මගින් අදාළ ලකුණු වාර්තාකර ගත්හ.

තරගයේ පළමු භාගය නිමාවන විට ලකුණු 21-8 ක්‌ වශයෙන් ඉසිපතන කණ්‌ඩායම පෙරමුණේ පසුවිය. එහිදී ඉසිපතන කණ්‌ඩායම වෙනුවෙන් චමෝද් අංජන, වගීෂ වීරසිංහ මෙන්ම හරිත් බණ්‌ඩාර උත්සාහක දිනුම බැගින් වාර්තා කරගත් අතර එම ගෝල ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට ගයාන් වික්‍රමරත්නට හැකිවිය.

වී.එස්‌. හංසජ වාර්තා කරන ලද දඬුවම් පහරින් හා තරිඳු මධුරංග වාර්තා කරන ලද උත්සාහක දිනුමෙන් විද්‍යා විදුහල පළමු අර්ධයේ ලකුණු රැස්‌කරන ලදී.

අනතුරුව දෙවන භාගයේදී ලකුණු 26-23 ක්‌ ලෙස විද්‍යා කණ්‌ඩායම ඉසිපතන කණ්‌ඩායම ආසන්නයට පැමිණියද, අවසන් විනාඩි කිහිපයේ ගයාන් වික්‍රමරත්න සාර්ථක කරගත් දඬුවම් පහරින් ඉසිපතන ජය තහවුරු විය.
 

ගයාශාන් විතානආරච්චි

http://www.divaina.com/2016/05/02/sports03.html

Friday, February 26, 2016

‘බ්ලැක්හැම් විජේවර්ධන’


කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 53 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය මේ මස 26 සහ 27 දෙදින කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති මහ ක‍්‍රිකට් තරග වලදී තර්ස්ටන් විදුහල තරග 5 ක්ද, ඉසිපතන විදුහල තරග 4 ක්ද ජය ලබා ඇති අතර තරග 42 ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. තර්ස්ටන් විදුහල 1992 වසරේද, ඉසිපතන විදුහල 1999 වසරේද අවසන් වරට ජය ලබා තිබේ.

ඉසිපතනය - ජයග‍්‍රහණ 4 යි
තර්ස්ටන් - ජයග‍්‍රහණ 5 යි
විසඳුම් නැති තරග - 42 යි

මෙවර තර්ස්ටන් විදුහල් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩක චරණ නානායක්කාරද, ඉසිපතන විදුහලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ආරම්භක පිතිකරු සාලින්ද උෂාන්ද, කටයුතු කරති.

බංග්ලාදේශයේදී පසුගියදා පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ඉසිපතන විදුහලේ සාලින්ද උෂාන් සහ විෂාද් රන්දික මෙන්ම තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර මෙම තරගයට ක‍්‍රීඩා කිරීම නිසා මෙවර මහ ක‍්‍රිකට් තරගය වඩාත් තරගකාරීවනු ඇති බවට විශ්වාසය තැබිය හැකිය.
ඉසිපතන විදුහල මේ වන විට ‘සිංගර්’ ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටින අතර තර්ස්ටන් විදුහල පෙර අර්ධ අවසන් පූර්ව තරගය දක්වා පැමිණියේය.

‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන තර්ස්ටන් විදුහල මෙම තරග වාරයේ තරග 16 කදී වෙස්ලි, කොළඹ මහානාම, පානදුර රාජකීය, මරදාන සහිරා, මීගමුව මාරිස්ටෙලා සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් හයට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීය. කොළඹ නාලන්දා විදුහල හමුවේ පමණක් පරාජයට පත්විය.
සජිත් ගුණතිලක ලකුණු 581 ක්ද, චරණ නානායක්කාර ලකු-ණු 503 ක්ද, රැස්කරමින් මෙවර තර්ස්ටන් විදුහල් පිලේ ප‍්‍රබලතම පිතිකරුවෝ බවට පත්ව සිටිති. සාලින්ද සමරනායක ලකුණු 402 ක් රැස්කර සිටියි.
වමතින් දඟ පන්දු යවන ඩිලාන් මධුසංඛ කඩුලූ 59 ක් දවා ගනිමින් මෙවර තර්ස්ටන් විදුහලේ ප‍්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. තුෂාල් මධුසංඛ සහ නවීන් ගුණවර්ධන කඩුලූ 40 බැගින් දවා ගැනීමට සමත්ව සිටිති.
‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන ඉසිපතන විදුහල මෙම තරග වාරයේ තරග 19 කට සහභාගි වී අම්බලන්ගොඩ ධර්මාශෝක, කළුතර සිරිකුරුස සහ අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත් විය. ඉසිපතන විදුහල මෙම තරග වාරයේ පරාජය නොවීම කැපී පෙනේ.  
සංජුල අබේවික‍්‍රම ලකුණු 1300 ක් ද, ප‍්‍රමෝද් මධුවන්ත ලකුණු 1040 ක් ද, රැස්කරමින් ඉසිපතන විදුහල් පිලේ ඉහළතම ලකුණු ලාභීන් බවට පත්ව සිටිති.
අයන සිරිවර්ධන ලකුණු 635 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්ව සිටියි. පසුගිය සති අන්තයේදී පැවැති සිංගර් කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ රාජකීය පිලට එරෙහිව ලකුණු 199 ක් ලබාගැනීමට විශාද් රන්දික සමත් විය.
වමතින් දඟ පන්දු යවන ළහිරු ඩිල්ෂාන් කඩුලූ 76 ක් දවා ගනිමින් මෙවර ඉසිපතන විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. ප‍්‍රමෝද් මධුවන්ත කඩුලූ 72 ක් සහ තිවංක සංජුල කඩුලූ 63 ක් දවා ගනිමින් මෙවර ඉසිපතන විදුහල් පන්දු යැවීමේ බලෑනිය ශක්තිමත් කරති.
දෙවිදුහල් අතර වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මාර්තු මස 13 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.



තර්ස්ටන් විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: අයේෂ් වීරරත්න, කසුන් අබේරත්න, ලක්‍ෂ්මන් ගුණතිලක මහතා (නියෝජ්‍ය විදුහල්පති), චරණ නානායක්කාර (නායක), ඊ. එම්. එස්. ඒකනායක මහතා (විදුහල්පති), සජිත් ගුණතිලක (උප නායක), ලෙස්ලි හරිස්චන්ද්‍ර මහතා (කණ්ඩායම් බාර ආචාර්ය), සුනෙත් ගුණතිලක මහතා (පුහුණුකරු) සහ නිපුන් ලක්‍ෂාන්
පසු පෙළ වමේ සිට: සාලින්ද සමරනායක, ප‍්‍රගීෂ මෙන්ඩිස්, තිසෙර ඩිෂාන්, ඉමේෂ් විරංග, යෙෂාන් වික‍්‍රමාරච්චි, ඉසිත විජේසුන්දර, ඩිලාන් මධුසංඛ, නවීන් ගුණවර්ධන, නවෝද් සමරකෝන්, තුෂාල් මධුසංඛ සහ පන්සිළු දේශාන්




ඉසිපතන විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: ජයතු නිලවීර මහතා (සහාය පුහුණුකරු), සංජුල අබේවික‍්‍රම, ආර්. ඒ. ඒ. රණසිංහ මහතා (කණ්ඩායම් බාර ආචාර්ය), ප‍්‍රමෝද් මධුවන්ත, ප්‍රෙම්සිරි ඈපා මහතා (විදුහල්පති), සාලින්ද උෂාන් (නායක), ඞී. එච්. ප‍්‍රියංකර මහතා (නියෝජ්‍ය විදුහල්පති), විෂාද් රන්දික, සනත් ඉලේපෙරුම මහතා සහ ප‍්‍රදීප් නිශාන්ත මහතා (ප‍්‍රධාන පුහුණුකරු)
පසු පෙළ වමේ සිට: පැතුම් නිශ්ශංක, මධූෂික සදරුවන්, හර්ෂ රත්නායක, හේෂාන් ධනුෂ්ක, නිරංජන් වන්නිආරච්චි, ළහිරු ඩිල්ෂාන්, අයන සිරිවර්ධන, සංජුල බණ්ඩාර, කලික් අමනත්, කලන පෙරේරා, ඉවන්ක සංජුල සහ දිල්සර සමින්ද


 යොහාන් භාසුර 
- See more at: http://kelimandala.lankadeepa.lk

Thursday, July 30, 2015

ඔබ්සවර්-මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මානය රිච්මන්ඩ් විදුහලේ අසලංකට


ඔබ්සවර්-මොබිටෙල් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකා පිලේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනෝල්ඩ් මහතා අතින් සම්මාන ලබාගත් අයුරු. (වමේ සිට) ලේක්හවුස් සමාන්‍යාධිකාරී අභය අමරදාස, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ සභාපති පී.ජී.කුමාරසිංහ, ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ‍කාවන් රත්නායක, සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලක්ෂ්මන් ගුණසේකර මහත්වරුද සිටිති.
 සන්ඩේ ඔබ්සවර් පුවත්පත සහ මොබිටෙල් සමාගම එක්ව 37වැනි වරටත් මෙහෙයවූ 'ඔබ්සවර්-මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මාන රාත්‍රිය පෙරේදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි. එහිදී වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක සමත්විය.
ශ්‍රී ලංකා පිලේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වූ සම්මාන රාත්‍රියේ ගෞරවනීය ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා සහභාගි විය. ලේක්හවුස් ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක, ශ්‍රී ලංකා ටෙලි‍කොම් සමාගමේ සභාපති පී.ජී.කුමාරසිංහ, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සහ ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මේ සම්මාන රාත්‍රිය පැවැත්විණි.
ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා අතින් වසරේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක සම්මාන ලබමින්ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ සභාපති පී.ජී.කුමාරසිංහ මහතා අතින් සම්මානයක් පිරිනමමින්. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ මහතාද සිටි.
වයඹ පළාතේ හොඳම කණ්ඩායම් අනුශූරතාව දිනූ කටුනේරිය සා.සෙබස්තියන් විදුහලට හිමි සම්මානය ලේක්හවුස් ආයතනයේ අලෙවි හා බෙදාහැරීමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව ජයතිලක මහතා අතින් ලබාගත් අයුරු.
වසරේ ක්‍රීඩකයාට හිමි ප්ලැටිනම් සම්මානය දිනූ සාන්ත පීතර විදුහලේ ලක්ෂින රොද්‍රිගු සන්ඩේ ඔබ්සවර් ප්‍රධාන කර්තෘ ලක්ෂ්මන් ගුණසේකර මහතා අතින් සම්මාන ලබමින්.
වසරේ හොඳම පාසල් කණ්ඩායමට හිමි ජාතික ශූරතාව දිනූ ත්‍රිත්ව විදුහල් පිල ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා අතින් සම්මාන ලබාගත් අයුරු.
හොඳම පිතිකරු සඳහා ප්ලැටිනම් සම්මානය දිනූ ඩී.එස්.සේනානායක විදුහලේ අකීල් ඉන්හාම් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා අතින් සම්මාන ලබමින්..
හොඳම තුන් ඉරියව් ක්‍රීඩක රන් සම්මාන අනුශූරතාව දිනාගත් කරන්දෙනිය මැදි විදුහලේ යොහාන් මදුසංඛ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාරද සුමනරත්න මහතා අතින් සම්මාන හිමිකර ගනිමින්..
ඡායාරූප-  විපුල අමරසිංහ, ලලිත් සී.ගමගේ තිලක් පෙරේරා


http://www.dinamina.lk

Wednesday, June 17, 2015

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය අද ඇරඹේ

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය අද ඇරඹේ

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය අද (17) දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

ජාතික හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන මෙම ක්‍රීඩා උළෙල ලබන 19 දින දක්වා පැවැත්වේ.

මෙවර ශූරතාවලියට පාසල් 350ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට වැඩි සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය. අවුරුදු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ කාණ්ඩ 3ක් යටතේ තරග ඉසව් 102කින් සමන්විත මේ තරගාවලිය මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් හා සී.බි.එල්.සමාගමේ රිට්ස්බරි අනුග්‍රහයෙන් යුතුව පැවැත්වේ.

මෙරට පැරැණිතම පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 85 වැනි වරටය.

SDF