V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

Sunday, August 21, 2016

ගනුදෙනුව


එක ගමක සුප්පන් කියලා පොහොසත් මිනිසෙක් හිටියා. එයාට බූරුවන් ගොඩාක් උන්නා. ඒ බූරුවන්ව කුලියට දීම තමයි එයා කරන්නෙ. කන්දන් කියලා ඒ ගමේ ම තවත් මිනිසෙක් උන්නා. කන්දන් දවසක් සුප්පන් හොයා ගෙන යනවා. බූරුවෙක් කුලියට ගන්න.
“දුර ගමනක් යන්නෙ ඔබත් කැමති නම් මා එක්ක යන්න එන්න”. කන්දන් සුප්පන්ට කිව්වා. සුප්පන් කැමති වුණා. දැන් දෙන්නම ගමන යන්න පිටත් වුණා. බූරුවා දක්කගෙන මේ දෙන්නා ටිකක් දුර යනකොට අව්ව හොඳට ම තද වුණා. පොළොවෙ වැලිත් රත් වුණා. කකුල් තියන්න බෑ, ගින්දර වගේ. මේ දෙන්නට තිබුණ එකම සෙවණ තමා බූරුවගෙ හෙවණැල්ල. ඉතිං දෙන්නා ම බූරුවගෙ හෙවණැල්ල යටට යන්න පොර කෑවා.
අන්තිමේදී කන්දන් කිව්වා “බූරුවා කුලියට ගත්තෙ මමයි. ඒ හින්දා හෙවණ අයිති මටයි” කියලා.
“බූරුවා කුලියට දුන්නට හෙවණට සල්ලි ගත්තෙ නෑ” කියලා සුප්පන් කිව්වා.
දෙන්න හොඳට ම වාද කරන්න පටන් ගත්තා. දහදිය දමමින් වාද කරනවා. පිච්චෙන කකුල් උස්ස උස්ස වාද කරනවා. එකම ගාලගෝට්ටියයි. මේ වාද මිසක් වෙන කිසිවක් මේ දෙන්නගෙ ඔළුවට ආවෙ නෑ.
ඔය අතරෙ අපූරු දෙයක් වුණා. සුප්පන්ට නිකමට වගෙ බූරුවා ඉන්න දිහා බැලුණා. දෙයියනේ! බූරුවා පේන තෙක් මානයක නෑ. බුරුවා ගිහිං.
ඊට පස්සෙ දෙන්නත් එක්ක එකතු වෙලා තද අව්වේ දුක් විඳ විඳ බූරුවා හොය හොයා පයින් ම ගියා!
‍මේක අපේ ඉපැරැණි ජනකතාවක්.
සම්මානි විජේසිංහ
සිතුවම - සිබිල් වෙත්තසිංහ

http://silumina.lk/2016/08/21/_art.asp?fn=au1608211

Tuesday, June 7, 2016

පිඬු පිදුම _______******සංවේදී********

මැදින් මාසේ උදෑසනකි.
දියණිය ද වැඩට ගොසිනි.
ගෙදර මා පමණ ය.
මම පාර දෙස බලා සිටියෙමි. පාසල් දරුවෝ ලහිලහියේ යති.
මම මිදුල අමදින්නට වීමි.
හාමුදුරු නමක් පිණ්ඩපාතයේ වඩින අයුරු මා දුටුවේ එවිට ය. විටින් විට උන්වහන්සේ උදෑසන මෙසේ පිණ්ඩපාතයේ වඩිති.
දියණියට පාන්දර ම පිසූ අහරින් අඩක් තිබේ. ඉන් කොටසක් උන්වහන්සේට පුදා උදෑසන ම පිනක් සිදු කොට හිත පහත් කර ගත යුතු යැයි මට සිතිණ.
මම ඉදල පසෙක තබා වහා ගේට්ටුව අරින්නට දුව ගියෙමි. ගේට්ටුව වසා තිබුණොත් උන්වහන්සේ ඉවත වැඩිය හැකි ය.
උන්වහන්සේට නිවෙස ඉදිරියට ඒමට හැකි වන පරිදි ගේට්ටුව විවර කළ මම වහ වහා මුළුතැන්ගෙට දුව ගියෙමි.
හනික අහර කොටසක් පිළියෙල කර ගත් මම එය ද රැගෙන ඉදිරියට ආවෙමි. උන්වහන්සේ අප ගේ ඉදිරිපිට නිහඬව බලා සිටියහ. මම එය පුදා උන්වහන්සේ ගේ දෙපා නැමදිමි.
‘සුවපත් වේවා!’
උන්වහන්සේ ආපසු වඩින්නට වූහ. මම පිටුපසින් ගේට්ටුව දෙසට ගියෙමි.
‍ගේට්ටුවට එපිටින් පාර අයිනේ සිසුවෝ දෙදෙනෙක් සිටියහ. ඔවුන් භික්ෂූන්වහන්සේ වඩින තුරු බලා සිටියා විය යුතු ය.
මා සිතුවා නිවැරදි ය. ඔවුහු තමන් අත වූ මුල් දෙකක් උන්වහන්සේ ගේ පාත්‍රයෙහි ලා නැමී වැන්ද හ.
‘සුවපත් වේවා!’
‘සුවපත් වේවා!!!’
ඔවුන් පිදූ එක මුලක තිබුණේ බතක් විය යුතු ය. දෙවැන්නෙහි වූයේ පාන් සහ වෙනත් දෙයක් විය යුතු ය.
භික්ෂූන්වහන්සේට වැන්ද හැටියේ ම සිසුවෝ දෙදෙන ආපසු හැරී වහ වහා පාසල් ගමනෙහි යෙදුණ හ.
තම අහර පිණිස ගෙනා දෙය පිනට දුන් සිසුන් දෙදෙනා කෙරෙහි මසිත හට ගත්තේ විස්මය මුසු දුකකි.
ගේට්ටුව වැසූ මා යළි මිදුල ඇමදීමට වූයේ ඔවුන් කෙරෙහි හට ගත් දයාවෙනි.
පසු දින ඔවුන් හමුවී කතා කළ යුතු යැයි මට සිතිණ.
පසු දින සිසුන් යන වෙලාවේ මම ගේට්ටුව අසලට වී බලා සිටියෙමි.
ඔවුහු ආහ.
‘අනේ පුතේ ඔහොම පොඩ්ඩක් නවතින්ඩ!’
ඔවුහු නැවතුණහ.
‘ඊයෙ දවාලෙ ඔයාල කෑවෙ මොනව ද?’
‘මොකුත් නෑ’
ඒ අහිංසක මුහුණ දෙකෙහි නැගුණේ මඳ සිනාවකි.
‘මං බලාගෙන හිටියෙ ඔයාල ඊයේ කරපු වැඩේ. මට හිතුණ ඔයාලට දවල්ට කන්ඩ දෙයක් නැතිවෙයි කියල. ඒකට මට දුක හිතුණ පුතේ.’
ඔවුහු හිනාවෙන් යුතුව ම යන්නට ගියහ.
මා දැනගත් කාරණාවලට අනුව මේ ආදරණීය දරුවන් ගේ එක් අයකු ගෝනාපීනුවල සාරාලංකාර මහ විදුහලේ ඉසුරු නුවන් හා ඕෂද පබසර ය.
යහපත් පුතුනි, නුඹ දෙපොළ ගේ දිවි මග වාසනාවන්ත වේවා!’
ගෝනාපීනුවල, විශ්‍රාමික ගුරු, සුසිලා ගුරුගේ මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

ආපදාව මතුකල මනුසත්කම



ඇතිවු ආපදා තත්වයෙන් බොහෝ දෙනෙක් අසරණ වුණා. සමහරු ජීවිතයෙන් සදහටම අපෙන් ඈත්වෙලා යද්දි තවත් සමහරු කියාගන්න බැරි දුකකින් තාමත් ජීවත් වෙනවා. ඒත් මේ සියල්ල මැද මනුෂ්‍යත්වය කියන දේ  අපි හොඳින් දැක්කා. ඒකට පාටක් ජාතියක් භේදයක් වයසක් තරාතිරමක් තිබුණේ නෑ. අපි මේ කියන කතාව ටිකක් අහල බලන්න.මේ ඒ ජීවිත වලින් පුංචි සටහනක් විතරයි. අහල ඔබට දැනෙනවා නම් මනුෂ්‍යත්වය මොකක්ද කියලා ඒ හොඳටම ඇති.  
http://silumina.lk/2016/06/05/

Sunday, May 10, 2015

ගිනිකූරු විකිණූ කුඩා දැරිය - [හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්] කතන්දර දෝසි |


http://boondi4kids.blogspot.com/


එය අලුත් අවුරුදු දාට පෙරදා රැයකි. එය දැඩි ශීතලයද රැඳුණු දවසක් විය. දවස පුරාම හිම 

වැටෙමින් පැවතුණා. තවමත් හිම පියලි වැටෙමින් තිබුණා. හැම වහලයක්ම වාගේ හිමෙන් 
වැසී පැවතුණා. ගස්වල අතු හිම වැටී බරට පහතට නැඹුරු වී තිබුණා.

පිටත හිස් වූ වීදියේ එක් දුප්පත් ගිණිකූරු විකුණන කුඩා දැරියක් එහාට මෙහාට ඇවිදිමින් සිටියේ හුඟාක් දුකින්. මුළු දවස පුරාම ඇවිද්දත් එකමෙක ගිණි පෙට්ටියක් වත් ඈට විකුණා ගත නොහැකි වී තිබුණි. ඇයට දැඩි වෙහෙසක් ද දැනුණි. කැඩී ගිය ඇයගේ සෙරෙප්පු කුට්ටම ද නැති වී තිබුණි. ඇය ඇඳ සිටියේ ඉතාම තුනී කඩමාලු රෙද්දකි. ඉතින් අන්තිමට ඇයට ගුලි වී සිටීමට පුලුවන් වන තරමක් වියළි තැනක් දැක ගන්නට ඇයට හැකි වුණා.

බොහෝ ගෙවල ඇතුලත දැල්වෙන පහන් ආලෝකය ඈට පෙනුණා. ඒ ගෙවල් වලින් නික්මෙන රස ආහාර සුවඳත් ඇයට දැනුණා. එක ගිණි කූරක් දල්වන්නට හැකි නම් යයි ඈ සිතුවා. ඉතින් ඈගිනි කූරක් දැල්වූවා. එතකොට ඇය ඒ එළියෙන් දුටුවේ දිලිසෙන තඹ පැහැති ගිනි උඳුනකි. ඇය එයට ළංවුණා. ෂු- හ්... ගිනි දැල්ල නිවී ගියා. ඈ තවත් ගිනි කූරක් දැල් වූවා. මේ ගමන ඒ එළියෙන් ඈ දුටුවේ මහා පුදුමාකාර කෑම වලින් පිරුණු කෑම මේසයක්. එහි තිබුණු කෑම අතර ලස්සනට හැඩ කරන ලද කේක් ගෙඩියකුත් තිබුණා. ප්ලම් ගෙඩි සහ ඉදුණු පළතුරු වර්ගයක් තිබුණා. තව ඉතින් ලස්සනට රෝස් කරපු ආහර පිරවූ කළුකුමෙකුත් තිබුණා.



ඒ රස ආහාර වල රස බලන්නට ඔන්න මෙන්න කියා ටිකක් ඉස්සරහට යනකොටම මොකද වුණේ? ෂු- හ්.... ගිනි දැල්ල නිවී ගියා.

දැල් වූ හුඟාක් ගිනි කූරු වලින් රැය පෙනුනේ හරියටම දීප්තියෙන් යුතු දහවලක් වගෙයි.

ඇයට සිය ආච්ච් අම්මා පෙනුණා. ඇය බොහොම ශාන්ත දාන්තයි. කරුණාවන්තයි. ඒ ආච්චි අම්මා හෙමින් හෙමින් මේ පුංචි දැරිවිය ළඟට ආවා. අන්තිම ගිණි කූර දල්වනවාත් සමගම ආච්චි අම්මා සිය මිනිබිරියට සමීප වී මුදු මොළොක් ලෙස ඇගේ හිස අත ගෑවා.

ඉන්පසු ආච්චි අම්මා මේ ගිනි කුරු විකිණු කුඩා දැරිය තම දෑතින් ඔසවා ගත්තා. දෙන්නට දෙන්න එකිනෙකා තදින් අල්ලාගෙන ඉහළ අහ්ස දෙසට ඇදී ගියා. ආච්චි අම්මයි මිනිබිරියි හිම වැසි අතරින් හුඟාක් දුරට ගමන් කළා. පොළවෙන් හුඟාක් ඉහළට ඇදුනා. දැන්නම් කොහෙත්ම සීතලක් නෑ. බඩගින්නකුත් නෑ. වේදනාවකුත් නෑ. දුකකුත් නෑ.



විශාල නිවසක තාප්පයක් අද්දර ගුලි වී හෙවණක් හොයාගෙන සිටින ගිනි කූරු විකුණන කුඩා දැරියක පසුවදා උදේ නගරයේ මිනිසුන් දුටුවා. පරණ අවුරුද්දේ රැය කාලය ඇය සීතලෙන් පීඩා විඳලා මියගොස් ඇති බව ඒ මිනිස්සු දැන ගත්තා. ඇගේ මුහුණේ සාමකාමී බවකුත් මුදු සිනාවකුත් තිබුණා.

දල්වන ලද ගිණි කූරු ඈ ඉදිරියේ බිම වැටී තිබුණා.

"දුප්පත් අසරණ කෙල්ල" මිනිස්සු කීවා.

"ගිණි කූරු පත්තු කරලා සීතල මග හරවා ගන්න බලන්න ඇති. අනේ මොන තරම් දුකක් විඳින්නට ඇත් ද?"



එහෙත් මෙම කුඩා දැරිය පෙරදා රැයේදී කෙතරම් ලස්සන දේවල් දුටුවද කියනෙක ඒ මිනිස්සුන්ගෙන් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒ වගේම ඇයට තමන්ගේ ආච්චි අම්මා මුණ ගැසී සාමයෙන් ඉන්නට ඉඩ සැලසුන බවත් කිසිවෙකු දැන සිටියේ නෑ.

[හාන්ස් ක්‍රිස්ට්යන් ඇන්ඩර්සන් ගේ 'කෝකිලාව සහ තවත් කතා' ඇසුරිනි. ]

 හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
 පරිවර්තනය - සුනන්ද මහෙන්ද්‍ර



Saturday, January 31, 2015

අන්දරේගේ කතා - කැස්ස නැවැත්වීම




අන්දරේ කටකාරය බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. හැබැයි අන්දරේ තමන්ගෙ ගෞරවය ගැන මනාවට හිතපු කෙනෙක්. රජ්ජුරුවන්ට උසුළු විසුළු කිරීමට ඔහු කටයුතු කලාට ඔහුට විහිළුවක් කරන්න කාටවත් බැරිවුනා. ඒ අන්දරේ පරද්දන්න කාටවත්ම බැරි වුන හින්ද. විහිළු වගේම අන්දරේ වස් වදින්න ගණ පිහිටුවා කවි කියන්නත් දක්ෂයි කියල දන්නවනෙ.
ඉතින් මේ විදිහට තමන්ගෙ දක්ෂතාවයන් පෙන්වමින් ඉන්නකොට දවසක් අන්දරේට නඩුවක සාක්ෂියකට කැදවීමක් ලැබුන. අද වගෙම ඒ කාලෙත් අධිකරණය තිබුනෙ කොටස් කිහිපයකින් සමන්විත වෙලායි. බරපතල නඩු රජ්ජුරුවන් අහනකොට මහා අධිකාරම්වරු , නිලමේවරු හා ගම්මුලාදෑනීන් සුළු නඩු විසදන්න කටයුතු කලා. අන්දරේටත් කැදවීම ලැබුනෙ නිලමේවරයෙක් අසන ලද සුළු නඩුවක් සදහායි. අන්දරේ මෙයට සහභාගීවුනේ කැමැත්තකින් නොවෙයි. නොගිහින් බැරි නිසයි.
‘‘ සියල්ලොම නිෂ්ශබ්දවෙනු ‘‘ අධිකරණයෙ වැඩ ආරම්භ කලා. නමුත් නිශ්ශබ්දතාව කඩකරමින් අන්දරේට කැස්ස.
නිලමෙ නැවත වරක් ‘‘ සියල්ලොම නිෂ්ශබ්දවෙනු ‘‘ කියල කිව්වෙ අන්දරේගෙ කැස්ස කරදරයක් වුන නිසයි.
නමුත් අන්දරේ අත ඇරියෙ නෑ. දිගටම කැස්ස. මහ හයියෙන් කැස්ස. කහින ගමන් කෙදිරි ගෑව. වැඩේ කරගෙන යන්නම දුන්නෙ නෑ.
‘‘ යුෂ්මතාට සිංහල තේරෙන්නෙ නැද්ද ? ‘‘ නඩුකාර උන්නාන්සෙට කේන්ති ගිහින්. අන්දරේ ඇහුනෙ නෑ වගෙ ඉන්නව.
නැවත රාජකාරි ආරම්භකලා. පුදනකොටම කාපි යකා කියල අන්දරේ පෙරටත් වඩා හයියෙන් කහිනව.
මේකට මළ පැනල නඩුකාර උන්නාන්සෙ ‘‘ නිශ්ශබ්දතාව කඩකිරීමේ වරදට යුෂ්මතාට පතාග දහයක් දඩ ‘‘ යැයි නියමකරනව.
ඔන්න එතකොට අන්දරේට මළ පනිනව. ‘‘ ස්වාමිණි මම සාක්ෂි දීල ඉවරවෙනකම් මේ කැස්ස නතර කරල දෙන්න පුළුවන්ද ? ‘‘ නක්කලෙටයි අහන්නෙ. ‘‘ ඒක කරල දුන්නොත් මම ඔබ වහන්සෙට පතාග දහයට සීයක්ම ගෙවන්නම් ‘‘
නඩුකාර උන්නාන්සෙට තරු පේනව..
ඔන්න එතකො ඇවිත් ඉන්න ඔක්කොම හිනා වෙනව. තමන්ට දෙන්න උත්තරයක් නැති තැන නඩුකාර උන්නාන්සෙ දඩය අකුල ගන්නව.
http://andaremamas.blogspot.com 

අන්දරේගේ කතා - ගොරකා මුලේ කතාව

http://sithuwilisuwadakakulu.blogspot.com




රජ ගෙදර මුළුතැන්ගෙයි එදා ගොරකා ඉවර වෙලා. ඉතින් ගොරකා ඉවර වුනාම
හැමදාම රජ බිසව කරන්නේ ගමේ කවුරු හෝ ගෙන්නගෙන ගොරකා
මුලක් ගෙන්වා ගැනීමයි. ඔන්න ඉතිං බිසව ඒ වැඩේ පවරන්න කෙනෙක්
ගැන සිතමින් ඉන්න කොට අන්දරේ මාලිගාවේ මුළුතැන්ගේ
පැත්තට ආවා. ඉතිං අන්දරේට කතා කරපු බිසව
“අන්දරේ මට උදව්වක් ඕනෑ....කියලා කිව්වා.
“කියන්න බිසවුන් වහන්ස, ඕනෑ දෙයක් කියන්ට....අපි නිතරම බැදී සිටින්නේ
ඔබතුමියට හා රජතුමාට සේවය කිරීමටයි....අන්දරේ කිවුවා.
“එහෙනම් අන්දරේ මට ගොරකා මුලක් ගෙනැත් දෙන්න...බිසව කිව්වා.

අන්දරේ ඒ එක්කම රජවාසලින් පිටත් වුණේ බිසවුන් වහන්සේගේ ඉල්ලීම ගැන සිතමින්.  
අන්දරේගේ ඉඩමට කිට්ටුව ඉඩමේ ලොකු ගොරකා ගහක් තිබුණා.
හැබැයි මේ ගොරකා ගහ අන්දරේට පුදුම කරදරයක් වෙලයි තිබුණේ.
ඇයි ඉතින් ගහේ අතු ඔක්කෝම අන්දරේගේ වත්තට පාත්වෙලා.
මේ ගහේ කොළ සේරම අන්දරේගේ වත්තේ.
ඒත් අනුන්ගේ ඉඩමක ගහ තිබුණ නිසා
ගහේ අතු කපන්නත් බැහැනේ.
ඉතින්....මේ අවස්ථාව අන්දරේගේ අදහස ඉටු කරගන්න 
හොදම වෙලාව.  අන්දරේ කෙලින්ම ගියේ 
ගහේ අයිතිකාරයාගේ ගෙදරට.
“ගෙදර කවුරුත් නැද්දෝ......??????
ආ....ලොකු උන්නැහේ මම ආවේ රජ ගෙදර ඉදන් රාජ ආඥාවක් අරගෙන.
වහාම මේ ගොරකා ගහ කපලා ඒකේ මුල රජ ගෙදරට අරගෙන එන්න කියලා රාජ ආඥාවක්
නිකුත් කරලා තියෙනවා.....අන්දරේ කිව්වා.
රාජ ආඥාවකට පිටුපෑම මරණය පවා අත්වන්නට පුළුවන් කාරණාවක්.  ඒ හින්දම ගොරකා ගහේ අයිතිකාරයා තවත් දහපහලොස් දෙනෙක් එකතු කරගෙන ගොරකා ගහ කපලා ගැලෙව්වා.  
එයින් මුල වෙන්කරගන්ත කට්ටිය  මුලත් කරතියාගෙන රජ ගෙදරට ගියා.  
අන්දරේ තමයි ඉස්සරහින්ම ගියේ.
විශාල ගොරකා මුලක් මිදුලේ තබනු දුටු රජතුමා..
“මොකද අන්දරේ මේ.......??කියාලා පුදුම වුණා.
“කුමන කාරණාවකට ගේන්න කිව්වද කියලා මම නම් දන්නේ නැහැ දේවයන් වහන්ස.
ඔබ වහන්සේගේ අග බිසවුන් වහන්සේ තමයි මට ගොරකා මුලක් 
ගේන්න කියලා කිව්වේ. අන්දරේ කිව්වා.  
බිසවුන් වහන්සේගෙන් කාරණාව විමසූ රජතුමාට හොදටම හිනා.
බිසවට මේකට ටිකක් කේන්ති ගියත් ඇය අන්දරේගේ තරම
දන්නා නිසා මොනවත් කියන්නට ගියේ නැහැ. 

http://sithuwilisuwadakakulu.blogspot.com

Saturday, May 4, 2013

ජල බඳුනේ හා කැඩපතේ උපමාව


ජල බඳුනේ හා කැඩපතේ උපමාව


බුදුරජාණන් වහන්සේ බුදුවන්නට පෙර සිදුහත් කුමරුව සිටියදී යශෝධරා දේවිය ලත් පුත් කුමරා වූ රාහුල පසුව බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි බිමට ඇතුළත් කර ගනු ලැබීය. ඒ කුඩා රාහුල හිමියන් අරභයා කය, වචනය හා චර්යාවන් හසුරුවා ගත යුතු ආකාරය ගැන කරුණු පැහැදිලි කිරීමක් ඇතුළත් වූ අපූරු උපමා කතාවක් තිබේ. ඒ මෙසේය.
ජල බඳුනේ හා කැඩපතේ උපමාව
රාහුල සාමණේරයන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි වැඩ වසන දිනෙක බුදුරාජාණන් වහන්සේ එම සාමණේරයන් දැකීමට වැඩියහ. බුදුරජාණන් වහන්සේ දුර දීම දුටු රාහුල සාමණේරයන් බුදුරජාණන් වහන්සේට වැඩ සිටීමට අසුනක් පනවා පා සෝදා ගැනීමට කුඩා ජල බඳුනක් ද තැබීය. බුදුරජාණන් වහන්සේ බඳුනෙහි ජල ස්වල්පයක් ඉතිරි වන සේ පා සෝදා එම ජල බඳුන පෙන්නා රාහුල සාමණේරයන් වහන්සේගෙන් මෙසේ විමසූ සේක. 

”රාහුල මේ බඳුනෙහි තිබෙන වතුර ස්වල්පය පෙනෙනවාද?”
”එසේය බුදුරජාණන් වහන්ස.”
”රාහුල යම් ශ‍්‍රමණයෙක් දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ පැවිද්ද මේ බඳුනෙහි ඉතිරි ජලය මෙන් ස්වල්ප වෙයි.” 

අනතුරුව බුදුරජාණන් වහන්සේ බඳුනෙහි ඉතිරි ජලය ස්වල්පය ද ඉවත ලා මෙසේ ඇසූ සේක.
”රාහුල, මේ බඳුනෙහි දැන් ජලය ඉතිරි ව තිබේ ද?” 
”නැත ස්වාමීනි.”

”රාහුල යම් පැවිද්දෙක් දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ පැවිද්ද මෙම හිස් බඳුන මෙන් අවසානයේ දී මුළුමනින් හිස් වේ. ඒ නිසා රාහුල අනුන් සිනා ගැන්වීම සඳහා විහිළුවටවත් බොරු නො කිව යුතු ලෙස හික්මිය යුතුය. දැන දැන බොරු කියන්නාට නො කළ හැකි පවක් නැත්තේය.” 
”රාහුල, කැඩපතක් ඇත්තේ කවර ප‍්‍රයෝජනයක් සඳහා ද?” 
”මුහුණ පරීක්ෂා කිරීම සඳහායි.”

”රාහුල කැඩපතින් බලා අඩුපාඩු සකස් කර ගන්නා සේ සියලූ අවස්ථාවල දීම කයින් වචනයෙන්, සිතෙන් කි‍්‍රයා කරන විට කිරීම, කීම, සිතීම ගැන හොඳ අවධානයකින් සිටිය යුතුය.” 

රාහුලෝවාද සූත‍්‍රයෙහි එන මේ උපමාව සඳහා යොදා ගෙන ඇත්තේ අදත් අප ඉදිරියේ ඇති කැඩපතය. අද අප බොහෝ දෙනෙකු කරන්නේ කැඩපතින් බලා අපේ අඩුපාඩු ‘වසා’ ගැනීමය. එසේ කරනවා වෙනුවට කැඩපතින් අප දෙස බලා මොහොතක් කල්පනා කොට අපේ ඇති අඩුපාඩුකම් ගැන සිතා ඒවා ‘නැති’ කර ගන්නට කඩපත යොදා ගන්නා ලෙස උපමා කොට දක්වා ඇත.  

එසේ ම අද සමාජයේ ඉවසීම නැතිකම නිසා එදිනෙදා ජීවිතයේ දී නොයෙක් පාඩු කර ගන්නා අය එමටය. ඉවසීම කෙතරම් වැදගත් ද? ඉවසීමේ සීමාව කොතැන ද? මේ බෞද්ධ උපමා කථාවක එය දකින අයුරුය.
http://www.malkakulu.com/2011/11/1_10.html

ඇතාටත් උඩින් යන උරුලෑවා : අන්දරේගේ තවත් කතාවක්


එදා අන්දරේ රජවාසලට යන විට රජතුමා ඇමතිවරුන් සමග උයනේ ඇවිදින්න ගිහින්. රජතුමා ගියේ මඟුලැතා පිටින්. අන්දරේ වාසලට එන කොටම රජතුමා උයන්සිරි විඳින්නට ගිය බවත් අන්දරේට උයනට එන්න අණ කළ බවත් රජවාසල සේවකයකු කීවා

අන්දරේ ඉක්මනින් ඉක්මනින් ගියා රජතුමාව සොයා ගෙන. අන්දරේ උයනට යන කොට රජතුමා දෙපස රූස්ස ගස් තියෙන පාරක මඟුලැතා පිටින් යනව. අන්දරේ තමා එන බව රජතුමා දුටු බව දැකල ටිකක් තිගැස්සුණා. ඔහු හෙමින් හෙමින් ඇතු අසලට කිට්ටු කළා. අන්දරේ හිතුවෙ රජතුමා උදහස් වෙලා ඇති කියලයි. ඒත් එහෙම ගතියක් රජතුමාගේ මුහුණේ තිබුණෙ නැහැ. රජතුමා හොඳ සිනහමුසු මුහුණින් හිටියා. 

අන්දරේ එනව දැකල ඇතා පිට හිටි රජතුමා තමන්ගෙ මුහුණෙ ගෑවුණු ගහක අත්තකින් කොළ මිටක් කඩා ගෙන ඇතා අසලින් ගමන් කරමින් සිටිය ඇමතිවරුන්ට දීලා මෙහෙම කිව්වා:

”ඇමතියනි, මේ කොළ උරුලෑ ගඳයි නේද? මේ ඉඹලා බලාපල්ලා” රජු කිව්වා.

රජතුමා දුන් නිසා ඊට විරුද්ධව කිසිවක් කියා ගත නොහැකි වූ ඇමතිවරුන් එකිනෙකා ඒ කොළ මිට නැහැයට ළං කර බලා, ”එහෙමයි, දේවයන් වහන්ස, මේ කොළ උරුලෑ ගඳ තමයි.” කියා කීවා.

ඒ එක්කම රජතුමා අන්දරේ දෙසට හැරුණා. හැරිලා මෙහෙම කීවා: ”අන්දරේ, මොකද කියන්නේ මේ කොළ උරුලෑ ගඳයි නේද? උඹටත් උරුලෑ ගඳ දැනෙනවද බලපන්”  

අද කාලේ ඇමතිවරුන් වගේ ම එදා ඇමතිවරුනුත් කළේ රජතුමා උදහස් වෙයි කියන බයට එතුමා සතුටු කරන්න බොරු කීමයි. ඇමතිවරුන් බොරු කියන බව අන්දරේට එක්වරම තේරුණා. ඒත් අන්දරේ රජතුමාව බොරු කියල සතුටු කරන්න කැමති වුණේ නැහැ. ඒ හින්ද ඒ කොළ ඉඹලා බැලූවෙත් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ කවිය කිව්වා:

රැළියට දිය රැගෙන යන තෙප්පම      ලූද්ද
නිරිඳුට අනුව පවසති බොරු කර       සුද්ද
කෙළියට නමුත් කී කල බොරු පව්   නැද්ද
ඇතකුට උඩින් යන උරුලෑවෝ       ඇද්ද

අන්දරේ රජතුමාව ඇතා පිට යන උරුලෑවාට සමාන කර විහිලූ කළත් රජතුමා ඊට උදහස් වුණේ නෑ. ඒ වෙනුවට අන්දරේගේ අදහස අනුමත කරලා ප‍්‍රශංසා කළා. ඇමතිවරුන්ට තමා රවටන්න බොරු කිව්වාට දොස් කීවා. 

http://www.malkakulu.com/2011/12/blog-post_183.html