V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label ලංකාදීප. Show all posts
Showing posts with label ලංකාදීප. Show all posts

Sunday, August 21, 2016

මහ වනයේ තනිවූ අද්භූත සිතුවම්

23-Rasa-P3-01      

මෙය  ඌවේ ගුප්ත බව හා ජන සමාජයේ පැවැත්ම පිළිබඳ තවත් කතිකාවක් ගොඩනැගීමට සමත් ස්ථානයකි. මෙම ස්ථානය පිළිබඳ අනාවරණය වූයේ මීට දශකයකට පමණ පෙරය. නමුත් මෙම ස්ථානයේ වැදගත්කම බොහෝ විට වසර 5000 ක් පමණ අතීතයට දිව යන බව තතු දන්නෝ පවසති. ඇල්ල කරඳගොල්ල මහ වනයක තනිවූ මෙම කඳු ගැටයේ සිරස් තිරයක ඇඳි සිතුවම් සමුදායක ඔබ නොදන්නා කතාවක් ඒ ස්ථානයට ගමන් ගන්නා අතිශය දුෂ්කර ක්‍රියාදාමය පිළිබඳවත් අද මෙසේ දිග හරින්නෙමු.


කුරුලන්ගල යනු අද ගමනේ සන්ධිස්ථානයයි. එය විශාල කඳු ගැටයකි. උමා ඔය ව්‍යාපෘතිය පෙනෙන මානයේ ලඳු කැලයක තනිව නැගී සිටින ත්‍රිකෝණාකාර පැතලි කන්දකි. දළ වශයෙන් කන්දේ උස මීටර 700 ක් පමණ වන නමුත් මෙම කන්ද මීටර 200 කට වඩා පළලින් පිහිටි හොඳින් පාෂාණ ස්ථර දැකිය හැකි කන්දකි. පයිනස් ගස්, පඳුරු අතරින් පතර දැකිය හැකි නමුත් ගල් තලය කහ පැහැතිව හොඳින් දර්ශනය වේ. මෙම ප්‍රදේශයේ තිබෙන තවත් විශේෂ ස්ථානයක් වනුයේ රක්ඛිත්තාකන්ද පුරාණ රාජමහා විහාරයයි. රාවණ ඇල්ල පසුකොට වැල්ලවාය දෙසට කි.මී. 3.5 පමණ එන විට එම නාම පුවරුවක් සවිකොට තිබෙන බැවින් කාපට් ඇතිරූ උමා ඔය ව්‍යාපෘතිය දිවෙන මාර්ගයේ තවත් කි.මි. 2 ක් පමණ යා යුතුය.  අපගේ ගමනේ නවාතැන මෙම පුරාණ භූමිය වන අතර මෙම විහාරය පිළිබඳවද විශේෂයෙන්ම යමක් කිව යුතුමය. සමස්ථ විහාර භූමියම සුවිශාල ගල් වලින් වැසී ඇත. විහාර ගෙය බුදු මැදුර, හිමිවරුන්ගේ කුටි, ආරාධිත කුටි, භාවනා කුටි ඇතුළු සෑම ස්ථානයකම වහළය වනුයේ මහ විශාල ගල් පර්වතයි. විහාර භූමිය පිටුපස අලංකාර දියඇල්ලක් තිබෙන අතර ඊට එහායින් ඇත්තේ මහා කැලයයි. උමං හා ගුහා කිහිපයක් තිබෙන අතර වනගත භාවනා සඳහා සකස් කොට ඇති ස්ථාන වනයේ තැනින් තැන දක්නට ලැබේ.
23-Rasa-P3-03


කෙසේ හෝ උදෑසන 10ට පමණ අප පන්සල් භූමියෙන් පිටත්ව උමා ඔය මාර්ගය අසලට පැමිණියේ වතුර බෝතල් 2ක් හා කැමරාව පමණක් අතැතිවය. මෙම ගමනේ අතිශය දුෂ්කර ජීවිත අවදානම පිරුණු කඳු නැගීම් තිබෙන අතර ඒ සඳහා කිසිදු කඹයක්වත් නොමැතිව ඒවා තරණය කිරීමට අදිටනින් මහ කැලයට පිවිසුනෙමු. ආරම්භයේ පටන් තරමක නැග්මක් තිබෙන අතර පාළු වී ගිය වගාවන් අතරින් දිශාව මානගෙන යා යුතුය. කිසිදු අඩිපාරක්වත් නොමැති අතර මුළු කැලයම අඳුරු ස්වභාවයකින් වෙලී තිබුණි. අහස් කුස වසාගෙන නැගී ඇති මහා රූස්ස ගස් වලින් පාවී වැටෙන වියළි ශාඛ පත්‍ර වලින් මුළු පොලෝ තලයමත් වසාගෙන තිබුණි. මීටර් 300ක් පමණ ගිය පසු හෙමිහිට දකුණු පසට බර වන්නට කැලය තුළට ගමන් ගත් අතර දිරා ගිය කොළ රොඩු යට තිබෙන බුරුල් පසට විටෙක අපව ලිස්සුණි. තවත් අප කැලයට ඇඳුණු අතර අප ආ මග නිවැරදි යැයි දක්නට ලැබුණේ ඉදිරියෙන් පිහිටි මාන පඳුරු යාය නිසාය.

මාන පඳුරු වල උස අඩි 5කටත් වැඩිය. ඒවා පීරගෙන පඳුරු මුල් මත නැග ගල් කුට්ටි මතට නැග අපි ඉදිරියටම ගමන් කළෙමු. මාන පඳුරු යායේ මීටර් කිහිපයක් ගමන් කළ පසු දකුණු පස වූ විශාල ගලට එපිටින් අප රිංගා ගත්තේ ඔඬේ සොයා ගැනීමේ අටියෙනි. අපගේ ගමන් මග නිවැරදි යැයි වැටහුණේ එම ගලට එපිටින් වූ ඔඬේ හමුවීමෙනි. මෙය ගල් ලෙනක් බඳුය. එහි මඳක් නැවතුණු අප පරිසරය විඳින්නට වූයෙමු. ඔඬේ යනු දිය පහර ගලාගෙන යන කුඩා නිම්නයයි. මෙම ඔඬේ නම් මාස ගණනකින් දිය පහරක් ගලාගෙන ගොස් නොමැත. මන්ද වැල් ගල් සහිත පතුල වනන්තරය හා එකලෙසම තිබීමයි. මෙම කැලයේ දිය දහරක් නැවත හමු නොවේ. ඉහත්තාවේ උල්පත් වලින් බට මගින් ජලය රැගෙන යන අතර අපට එම බට මාර්ග නම් හමුවූයේ නැත.

23-Rasa-P3-02

දැන් අපගේ ගමන යා යුත්තේ ඔඩය දිගේය. ඔඬේට ඉහළ බුරුල් පසේ හරහට අඩි තබමින් විටෙක දෑතින් පොළව අල්ලන් අප ඉදිරියට ගමන් කළේ අඩි තබන විට පස ගැලවී යන නිසාය. මෙසේ තවත් මීටර්  500ක් පමණ ගමන් ගත් අප ඔඬේට බැස ගත්තෙමු. ඔඩය දිගේ යෑම පහසුය. නමුත් තරමක් ක්‍රියාන්විතය. මන්ද ඔඬේ පුරා ඇත්තේ විශාල ගල් පර්වත හා ගල් කුට්ටි පමණි. ඒ අතර කඩා වැටී දිරාපත් වූ විශාල ගස් කඳන් බොහෝමයක් දක්නට තිබුණි. ගල් පර්වත වලට නැග පනිමින් ගලින් ගලට ඇවිද යමින් ක්‍රමයෙන් කඳු නැගීමක් නැවත ආරම්භ විය. ශුෂ්ක පළාතට අනුකූල සර්ප ගහණයක් මෙහි පවතින නමුත් අපට නම් කිසිදු සත්වයකු හමු නොවුණි. ඕලු මුවන් හා වල් ඌරන් සිටින බැවින් වනාන්තරයේ එක් පසෙක තුවක්කු බැඳ ඇති බව අපට දැනගන්නට ලැබුණි. එක්තරා අලංකාර ස්ථානයකට පැමිණි අප නැවතත් එහි විවේකයක් ගත්තේ ඒ පරිසරයෙ වූ සුන්දරත්වය නිසාය. විශාල ගස් වල පහළට එල්ලෙමින් ඇති වැල් රාශියකි. ඒවා මත නැග ඔංචිලි පැදීමටත් නිදාගෙන සිටීමටත් පුළුවන. එම වැල් සහිත ප්‍රදේශයේ මද වෙලාවක් නැවතුණු අපට කුඩා කළ සිහිවූයේ මෙම ස්වභාවික සෙල්ලම් රටාවන් නිසාවෙනි.

තවමත් අපට කඳු වළල්ල දැකිය නොහැක. ඒ මන්දයත් උඩු වියන කොළ පාටින් වසාගෙන ඇති හෙයිනි. විශාල ගල් මත නැග එහි වූ අතු රිකිලි මත එල්ලෙමින් අප බොහෝ ඉහළකට ඇදෙන බව දුටුවේ නැවත ආ මග දෙස හැරී බැලුවිටදීය. මෙම ගමන දළ වශයෙන් කිලෝමීටර් 4කට ආසන්නය. ඉතාමත් දුෂ්කර හා වෙහෙසකර ගමනක් වන මෙහි මගපෙන්වන්නෙකු නොමැතිව යා නොහැක. නමුත් අප මග පෙන්වන්නෙකු හෝ කඹයක්වත් නොමැතිව තනිවම මෙම ගමන ආවේ ක්‍රියාන්විත අත්දැකීම් පිණිසය. නැවතත් ගමන ඇරඹූ අපි එක එල්ලේ කිලෝමීටරයක් පමණ ඉදිරියට ඇදුනෙමු. ගිනි කාෂ්ටක අව්වේ අපට සරණය වූ ජල පරිමාවද ක්‍රමයෙන් අඩු වෙමින් පැවතින. කෙසේ නමුත් කටු අකුල් මැදින් ගල් පර්වත නගිමින් අප හිතට සැනසීමක් ගෙන දෙන ස්ථානයකට ආවෙමු. එනම් සිරස් ගල දිගේ ඉහළට නැගීමටයි.

23-Rasa-P3-09 23-Rasa-P3-10


මෙම ගල් තලාව මැද දෙබොක්කාවකි. වම් පස ගල් තලාව ඉහලට ඇදෙන බැවින් එහි නැගීම කිසිසේත්ම කළ නොහැක. දකුණු පස ගල් තලාව දිගට පැතිර තිබෙන නමුත් කඹයක් නොමැතිව එහි ගමන් කළ නොහැක. එම නිසා ගල් දෙබොක්කාව දිගේ ඉහළට නගින්නට පටන් ගත්තේ අප නිරුවත් දෙපයිනි. ගලේ තිබෙන කුඩා ගැටිති වලට අත් තබමින් ඉහළට එසවෙමින් එම ස්ථානයටම දෙපා තබමින් ගමන් කළ හැක. නමුත් දෙබොක්කාවේ මැද කොටසේ කුඩා දිය සීරාවක් වූ බැවින් ලිස්සන සුලු විය. නමුත් එයද ඉතා දුෂ්කරව ජයගත් පසු ඉහළට නගින අන්තිම කොටසේ කඩා වැටුණ ගස් කඳක් අල්ලාගෙන එය යටින් හීන් සීරුවට රිංගා යා යුතුය. ගස් කඳටද වැඩි බරක් නොදිය යුතුය. මන්ද කඳ ගැලවී ඉදිරි යා හැකි බැවිනි. තනිකරම ගල දිගේ ඉහළට නැගීමක් වූ බැවින් යන්තම් හෝ ලිස්සුවහොත් මරණය නියතය. මන්ද අපගේ දෑතටත් දෙපයටත් ඇති එකම පිහිට වූයේ ගල් තලාව වූ බැවින් කෙසේ හෝ අප එකිනෙකා වෙලාවගෙන පරිස්සමින් ඉහලට නැග ගත් පසු ගිමන් නිවා ගත් සේ ගල මත තිරස්ව වැතිරෙමිනි. මෙතැන සිට ඉහළටම යා යුත්තේ මේ දෙබොක්කාව මැදිනි. ඉහලට යන විට ගස් වැවී තිබෙන බැවින් ඒවා අල්ලගෙන ගල් කුට්ටි මත අඩි තබමින් යා හැක.

එසේ මීටර් 100ක් පමණ ඉතා දුෂ්කරව ඇදුණු පසු මීටර් 5ක පමණ කොටසක් යාමට සිදුවූයේ අගලකට වඩා දිගැති කටු සහිත යායක් මැදිනි. අප යන මගට එම කටු ගස වැටී තිබුණු අතර කටු ගස අල්ලාගෙන ගස යටින් රිංගා ඉතාමත් කුඩා ඉඩකින් ඉහළට නැගිය යුතු විය. ඉතාමත් දුෂ්කර ලෙස අමාරුවෙන් එම කොටස නැග ගත්ත ද කටුවක් දෙකක් අපේ අත් කකුල් වල ඇනී ලේ ගලන්නට විය. නමුත් ඒවා ගණනට නොගෙන ගමන ඉදිරියටම ඇදගත් අපට නැවතත් මීටර් 20ක පමණ ගල දිගේ නගින්නට ස්ථානයක් හමු විය. මෙම ස්ථානයේ දෙබොක්කාව දිගේ භාගයක් නැගිය හැකි නමුත් ඉතිරිය නැගිය නොහැක. ඒ අසල වූ ගුහාව ළඟට පමණක් යා හැක. නමුත් දකුණු පස විවෘත ගල් තලාවේ ඉහළ සිට පහළට වැටුණ විශාල වැල් 3ක් තිබුණා. අප වැරෙන් ඒවා ඇද්දත් කැඩෙන සුලු නොවූ හෙයින් මලිත් ප්‍රථමයෙන් එම වැල් අල්ලාගෙන ගල දිගේ ඇවිද යමින් ඉහළට නැග ගත්තේය. පසුව මාද නැග ආව අතර ඊළඟට අකිල කෙසේ හෝ අමාරුවෙන් නැග ගත්තේ හදිසියේ හෝ වැල කැඩුණහොත් මරණ නියත වූ නිසාය. එම ස්ථානය නම් ඉතාමත් භයානකය. අප ස්වභාවිකවම කඳු තරණය කළේ ගස් වැල් වල එල්ලෙමිනි. මෙය අපට ජීවිත කාලයටම අමතක නොවන අත්දැකීමකි. මෙම ගමන ජීවිත අවදානම සම්පූර්ණයෙන් ඇති භයානක ගමනකි. නමුත් අප ක්‍රමානුකූලව පෙර අත්දැකීම් මගින් ලද පන්නරය තුළින් මේ ගිරි දුර්ගය තරණය කළෙමු.

23-Rasa-P3-06 23-Rasa-P3-07

ඉන් පසු නැවත විශාල පඳුරු යටින් රිංගමින් විටෙක බඩ ගා යමින්ද අවසන් නැග්ම තිබෙන ස්ථානයට ආවෙමු. මෙතැන ගසක් තිබෙන අතර එය මීටර් 10ක් පමණ ඉහළට ඇදී ඇත්තේ වම් පස ගල දිගේය. අප ගල ඉහලට යා යුතු වන්නේ මෙම ගස දිගේය. එහිදී දකුණු පසට ගලත් වම් පසට හිස් අවකාශය නැත්නම් වැටුණහොත් මරණය පමණි. කෙසේ හෝ ක්‍රමානුකූලව ගස දිගේ නැගගත් අප තවත් අඩි 5ක් පමණ ගල්තලාවට නැග නැවතත් මීටර් 6ක් පමණ ගල් තලාවට හේත්තු වීගෙන හරහට ගමන් කළෙමු. ඉන් පසු අප පැමිණියේ කුරුලන්ගල සිතුවම් ඇඳි ස්ථානයටයි. එතැන වර්ග අඩි 100ක පමණ ඉඩක් පවතින අතර ආ පයින්ම ගල් තලාව දිගේ වැතිර ගිමන් හැරියෙමු. 

මෙම ස්ථානය නම් චිත්‍ර කිහිපයක් ඇඳි ගල් තලාවකි. මෙය සිරස් ඉහළ ගල් තලාව පුරා චිත්‍ර ඇඳ ඇත. කොටින්ම කිවහොත් සීගිරි බිතු සිතුවම් ඇඳි ආකාරයටම ඇඳ තිබේ. මෙම චිත්‍ර රේඛාමය චිත්‍ර වන අතර ඇඳ ඇත්තේ රතු වර්ණයෙනි. මෙහි ඉතාමත් පැහැදිලිව දකින්නට ලැබෙන රූප වනුයේ කුරුල්ලන්, මොනරු, පිහාටු, සත්ත්ව හිස්, ලියවැල් රටා, ඩයිනෝසරයින් බඳු රූප වේ. විවිධ ආකාරයේ කුරුල්ලන්ගේ රූප ඇඳ තිබේ. වර්ග අඩි 20ක පමණ ප්‍රදේශය පුරාවටම මෙම සිතුවම් දක්නට ලැබෙයි. මේවා ඇන්දේ කවුරුන්ද? කුමන කාලයේද? මෙහි තේරුම කුමක්ද? මෙම සිතුවම් වර්ෂ ගාණක් පුරා අව්වට වැස්සට ඔරොත්තු දෙන ලෙස ඇන්දේ කෙසේද? මෙම ස්ථානය සොයාගනු ලැබුවේ කෙසේද? මෙහි වාසය කළේ කවුරුන්ද? මෙම සිතුවම් පිළිබඳ තවමත් නිශ්චිත පුරා විද්‍යාත්මක ඇගයීමක් සිදු කොට නොමැත. මන්ද මෙම ස්ථානය පිළිබඳව ලංකාවෙන්ම දන්නේ බොහෝ සුළු පිරිසකි. තවද මෙම ස්ථානයට පැමිණ ඇත්තේ සුළු පිරිසකි. ළඟා වීමට අතිශය අසීරු වන දුර්ගයක පිහිටි මෙම ස්ථානය පිළිබඳ මේ අවට නගරවාසීන් පවා දන්නේ නැත. සුමනරංසි හිමියන් පවසන අන්දමට මේවා වසර 5000ක් පමණ පැරණිය. තවද මෙම පර්වතය ආශ්‍රිත වන ලැහැබ තුළ කුරුල්ලන් බොහෝමයක් දක්නට ලැබෙන අතර හිරු උදාව හා සබැඳියාවක් පවතින බවත් උන්වහන්සේ අපට පැවසීය.
23-Rasa-P3-04

මන්ද මෙම ස්ථානයට දකුණු වෙරළ දක්වා විවෘත ප්‍රදේශය පවා දැක ගත හැකි අතර උදෑසන හිරු කිරණ හා මෙම ස්ථානය හරහා පියඹා යන සියොතුන් අතර යම් සංසිද්ධියක් මෙම ප්‍රදේශයේ තිබේ. එය ස්වභාවධර්මයේ තවත් අපූරු හමුවීමක් විය හැක. කෙසේ නමුත් අපි දැඩි ආයාසයක් ගෙන හැකි පමණ ඡායාරූප ගත්තෙමු. නමුත් මෙම චිත්‍ර මෙහි සිතුවම් කළ ජන කොට්ඨාසය මෙවැනි අතිශය දුර්ග බිමක සිටියේ කෙසේදැයි සිතන විට පුදුමයක් ඇතිවේ. අංශක 180ක සම්පූර්ණ ඉදිරිය පෙනෙන අතර මෙම ස්ථානයේ සුවසේ රාත්‍රිය ගත කිරීමට සුදුසු බව අපට වැටහුණි. නමුත් මෙම කන්දෙන් ඉහළ කොටසේ කිනිතුල්ලන් සිටින බැවින් ප්‍රවේශම් විය යුතුයි. වර්ෂාව නැති නිසාදෝ කුඩැල්ලන්ගෙන් කිසිදු කරදරයක් සිදු නොවුණි.

කෙසේ හෝ හෝරා දෙකක් පමණ නිදහසේ මෙහි කාලය ගත කළ අප නැවත කන්ද බැසීමට පටන් ගත්තෙමු. අප කන්ද නැගි සමහර ස්ථාන බසින විට ඉතාමත් අමාරු කාර්යයක් වූ බැවින් ඉදිරියෙන් ගිය මම සෙසු සගයන්ට නිවැරදි ඉරියව්ව හා ආ යුතු ආකාරය පෙන්නුවෙමි. පසුව එක එල්ලේ බැසගත් අප වැල් වල එල්ලී පහළට බැසීමට පටන් ගත්තේ කන්ද නැගී ආකාරයෙන්ම පිටුපසට යමිනි. ස්වභාවධර්මයේ චමත්කාරය විඳිනු පිණිස අප මෙවැනි ආකාරයේ ජීවිත අවදානමක් ගැනීම විටෙක අපට ද පුදුමයක් විය. මන්ද ගවේෂණශීලි මනසින් සිටි අප අපට හමුවන බාධක වල බැරෑරුම් කම ගැන නොසිතා ඉදිරියට ගමන් කළේ මෙවැනි අත්දැකීම් නැවත විඳීමට නොහැකි වේ යැයි සිතමිනි.

23-Rasa-P3-13


ගලේ නැගි අවස්ථා දෙකම ඒ ආකාරයටම පසුපසට යමින් බැසගත් පසු කටු අකුල් කැලයට බට ඔඬේ දිගේ ඉදිරියට ගමන් කළෙමු. නමුත් එක් සලකුණකදි ඔඬේ මග හැර කැලය දිගේ පාරක් සොයාගෙන ගිය අප අතරමං වුණි. නමුත් ස්වභාවධර්මයේ හැසිරීමට අනුව දිශාව තීරණය කරමින් අපි නේක විධ බාධක මැද දෑත දෙපා සීරෙමින් ඉදිරියටම ඇදුනෙමු. එහිදී අපට මීටර 200ක පමණ දිග මාන පඳුරු යායක් මැදින් යාමට සිදුවුණි. අපටත් වඩා උසයි. මාන පඳුරු පීරගෙන ගල් කුට්ටි මතින් පනිමින් ඉදිරියක් නොපෙනෙන ඉසව්වක් බලා හිතේ මිම්මකට ගමන් කළෙමු. පසුව අප එක්තරා රූස්ස ගස් පිරි ප්‍රදේශයකට පැමිණ මදක් විවේක ගෙන වම් පසට බරව ගමන් කළෙමු.  කෙසේ හෝ ගම්මානයට ජලය ගෙන යන බට පේලිය අපට හමුවුණි. එම බටයෙන් පිපාසය නිවාගෙන විඩාව නිවාගත් අප මීටර් 20ක් පමණ ඇවිද ගිය අතර එහිදී අපට ත්‍රීරෝද රථයක හඬ ඇසුණි. සියල්ලන්ගේම සිතට සැනසීම ආවේ එවිටයි.
කෙසේ හෝ අප පැමිණ තිබෙන්නේ අප ගමන ආරම්භ කළ තැනට මීටර් 100ක් පමණ පසුපසිනි. ප්‍රධාන මාර්ගයට ආ අපි එහි වැතිර නිදාගත්තෙමු.
සවස 6 වූ අතර අඩ අඳුර ප්‍රදේශයට ගලමින් තිබුණි. විහාරයට ගිය පසු ගත දොවාගෙන ආහාර ගෙන රාත්‍රී 8.30ට ඇල්ලෙන් පිටත් වූ අපි කිටි කිටි ගාන සීතලේ බණ්ඩාරවෙල, හපුතලේ පසු කරමින් පසු දින අලුයම 2.30 වන විට කොළඹට පැමිණියෙමු. අපගේ දෙපා හා දෑත හතළිස් පලක් පමණ සීරි ඇත. නමුත් අපගේ ක්‍රියාදාමය අතිශය සාර්ථකය. Travel in Sri Lanka-Sobasini හරහා එකතුව සම්පූර්ණ ඡායාරූප හා තවත් ගමන් නැරඹීමට ආරාධනා කරන්නෙමු.
විශේෂ ස්තූතිය මුහුණුපොතේ Adventure Holidays & Tours yg


m

http://www.lankadeepa.lk/index.php/articles/408687

Friday, May 27, 2016

එවරස්ට් ජයගත් පළමු ශී‍්‍ර ලාංකිකයා ජයන්ති


 
හිමාලය කඳු වැටියේ පිහිටි ලොව උසම කන්ද වන එවරස්ට් කඳු මුදුන (මීටර් 8,848) තරණය කළ පළමු ශී‍්‍ර ලාංකිකයා ලෙස ජයන්ති කුරුඋතුම්පාල  ඉතිහාසයට එක්විය. ජයන්ති ඇතුළු පිරිස එවරස්ට් කඳු මුදුනට පැමිණි බව කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ සටහන්ව තිබිණ.

ජයන්ති ඇතුළු පිිරිස  අලූයම 5.00 ට පමණ එවරස්ට් කඳු මුදුනට අවතීර්ණ වූ බව වාර්තා වේ.
ඇයගේ කණ්ඩායමට කඳු තරණය කරන්නන් 9 දෙනෙක් සහ ෂර්පා ජාතිකයෝ 15 දෙනෙක් ඇතුළත් වූ බවද කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ සටහන් වී තිබේ.
කෙසේ වෙතත් ජයන්ති කුරු උතුම්පාල සමග හිමාලය තරණය කිරීමට ගිය අනෙක් ශී‍්‍ර ලාංකිකයා වන ජොහාන් පීරිස් තරණයේ අවසන් කොටසේදී ඇය සමග සිට නැත. ජොහාන් පීරිස් 4 වැනි කඳවුර දක්වාම ජයන්ති සමග සිට ඇතත් අවසන් කොටසේදී ජයන්ති සහ ෂර්පා ජාතිකයෝ ඉදිරියට ගියහ.
හිමාලය තරණය කරන්නන් විසින් ඔවුන්ගේ බඩු බාහිරාදිය ඔසවාගෙන යාම සඳහා හිමාලයේ කඳු ආශි‍්‍රතව දිවිගෙවන ෂර්පා ජාතිකයන් යොදා ගැනේ.
4 වැනි කඳවුර පිහිටා ඇත්තේ මුහුද මට්ටමේ සිට අඩි 26,000 ක උසිනි.
20 වැනිදා රාති‍්‍රයේ 9.00 ට පමණ ජයන්ති ඇතුළු කණ්ඩායම තරණයේ අවසන් කොටසේ නැග්ම ආරම්භ කරන විට එහි තිබී ඇත්තේ චන්ද්‍රාලෝකය පමණි. එවරස්ට් කඳු මුදුනට මුහුදු මට්ටමේ සිට ඇති උස අඩි 29,029 කි.
මරණයේ කලාපය යනුවෙන් හැඳින්වෙන අඩි 26,000 කට ඉහළින් පිහිටි කොටසේදී හිමාලය තරණය කරන්නන්ට විඳින්නට සිදුවන දුෂ්කරතා කෙළවරක් නැත. උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ අගයක් ගන්නා එම කොටසේදී වායු ගෝලයේ පවතින ඔක්සිජන් ප‍්‍රමාණය මුහුදු මට්ටමේ පවතින ප‍්‍රතිශතයෙන් තුනෙන් එකකි. එබැවින් ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම ඉතා අසීරුය.
ජයන්ති සහ ජොහාන් ඇතුළු පිරිස එවරස්ට් පදනම් කඳවුරෙන් පිටත් වූයේ මැයි 15 වැනිදාය.
ජයන්ති සහ ජොහාන් අපේ‍්‍රල් මාසයේ මුල සිට හිමාලය කඳු ආශ‍්‍රිතව පුහුණුව ලැබූ අතර පසුගිය මාසය පුරාම එවරස්ට් පදනම් කඳවුරේ සිට තවත් කඳවුරු තුනක් දක්වා වූ ඉතාමත් උස කඳු සහ උස් ප‍්‍රදේශ කරා ඉහළට සහ පහළට ගමන් කිරීමේ පුහුණුව ලබාගත්හ.
ඉතාමත් අසීරු මෙන්ම වඩාත් අවදානම් සහිත කුම්බු අයිස් ඇල්ලේ නිතැතින්ම වෙනස් වන අයිස් ග්ලැසියර කඩා වැටෙන ස්ථානය හරහා ගමන් කිරීමත්, ඊට මුහුණලා ඍජුව පිහිටා තිබෙන ලෝට්ස් නම් වූ අයිස් වලින් සැදුණු බිත්තියට පහළින් ගමන් කර පිහිටි කඳවුරු අංක 3 වෙත ළඟාවීමත් එම පුහුණුවට ඇතුළත් විය.
වසර 30 පමණ පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර උපදේශක කණ්ඩායමක් සමග ජයන්ති සහ ජොහාන් එවරස්ට් කඳුමුදුනට යාමට එක්වී සිටියහ. මෙම ගමනට සම්බන්ධ වීමට ජයන්තිට සහ ජොහාන්ට ඔවුන්ගේ උස් කඳු නැගීමේ අත්දැකීම්, අයිස් කඳුනැගීමේ කුසලතා සහ ලණු බැඳීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන්හි පළපුරුද්ද එම කණ්ඩායම ඉදිරියේ පෙන්නුම් කිරීමට අවශ්‍ය විය.




ඡයාරූප : කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි


- See more at: http://kelimandala.lankadeepa.lk

Friday, February 26, 2016

2MASS J16281370-2431391 වීඩියෝ සහිතයි

අලුත් ග්‍ර‍හ මණ්ඩලයක් නිර්මාණය වෙයි
වැඩෙමින් පවතින තරුණ තරුවක් වටා පිහිටි දූවිලි වළාවන් වර්ධනය වන ආකාරයෙන් නව ග්‍ර‍හ මණ්ඩලයක් නිර්මාණය වන ආකාරය හොදින් අධ්‍යයනය කිරිමට හැකියාව ලැබී ඇතැයි තාරකා විද්‍යාඥයෝ පිරිසක් පවසති. ඔවුන් පෙන්වාදෙන්නේ මෙය අධ්‍යයනය හේතුවෙන් සෞරග්‍ර‍හ මණ්ඩලය බිහිවීම පිළිබද මෙතෙක් පැවති මතය ද අභියෝගයට ලක්විය හැකි බවයි.
තාරුකාව වටා තැටියක් මෙන් පාවෙමින් පවතින දුහුවිලි හා වායු අංශු සිසිල් වෙමින් නව ග්‍ර‍හ මණ්ඩලය නිර්මාණය වෙමින් පවතින බව ඔවුහු කියති. මේ සූර්යයා වටා නිර්මාණය වෙමින් පවතින ග්‍ර‍හක තැටිය තවමත් පවතින්නේ ප්‍රාථමික අවධියේය.
මෙය විද්‍යාඥයන් විසින් 2MASS J16281370-2431391 ලෙස නම් කර තිබේ.  එහි ඇතැම් ස්ථානයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක සිට සෙල්සියස් අංශක 266ක් දක්වා විචල්‍යය වන බව විද්‍යාඥයන් විසින් ගණනය කැර ඇත.
අලෝක වර්ෂ 400ක් පමණ ඈතින් පිහිටා ඇති නිර්මාණය වෙමින් පවතින මේ නව ග්‍ර‍හ මණ්ඩලය මුලින් ම නිරීක්ෂණය කර ඇත්තේ ස්පාඤ්ඤයේ පිහිටි ඉරාම් දුරේක්ෂයෙනි



http://www.lankadeepa.lk/index.php/articles/382961

හදිසියේ අතුරුදන් වූ අයිස් මිනිසා

දඩයම් කරමින් අදින් වසර 15,000ට පමණ පෙර යුරෝපයේ ජීවත් වූ නොදන්නා මිනිස් කොට්ඨාශයක් පිළිබද කරුණු අනාවරණය වී ඇතැයි පර්යේෂකයෝ කියති.
ඔවුන්ගේ අස්ථි හා දත් පරීක්ෂාකරමින් ඩී.එන්.ඒ ගැලපීමේ දී මේ මිනිසුන් යුරෝපයේ සිට අයිස් යුගය අවසන්වීමේ දී අතුරුදන් වන්නට ඇතැයි ගවේෂකයන්ගේ මතය වී ඇත. ඔවුන් පවසන්නේ මේ මිනිසුන්ගේ ජාන නූතන ආසියානු, ඇමෙරිකානු, ඔස්ට්‍රේලියානු හෝ යුරෝපීය ජන කොටස් සමග නොගැලපෙන බවයි. ඔවුන් අප්‍රිකාවෙන් සංක්‍ර‍මණය නොවූ ජන කොට්ඨාශයක් ද යන්න පිළිබදව ද පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත.
පර්යේෂණය සිදුකර ඇත්තේ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ මානව ඉතිහාස විද්‍යාව පිළිබද පර්යේෂකයන් පිරිසක් විසිනි. අප්‍රිකානු සම්භවයක් නොමැති මේ ජනතාව වසර 50,000ට පමණ පෙර නැගෙනහිර ආසියාව හා ඕස්ට්‍රේලියාව කරා ගමන් ගන්නට ඇති බවත් පර්යේෂකයෝ සැකකරති.
මෙම පර්යේෂණය මෙහෙයවන ටියුබින්ජන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොසිමෝ පොස්ත් පවසන්නේ මේ මිනිසුන් අදින් වසර 14,500ට පෙරාතුව අතුරුදන්ව ඇත්තේ පුදුම සහගත ලෙස බවයි.
30E135AE00000578-3432060-New_analysis_of_remains_of_ancient_Europeans_from_as_far_back_as-a-1_1454625139364 30E135C100000578-3432060-DNA_was_extracted_from_the_teeth_and_bones_of_ancient_human_rema-a-3_1454625139763
http://www.lankadeepa.lk/index.php/articles/385036

තවත් ගූගල් ලූන් බැලුනයක් ලක් ගුවනට

ලබන සතියේ තවත් ගූගල් ලූන් බැලූනයක් ශ්‍රී ලංකා ගුවනට යොමු කරන බව ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ විද්‍යායතනයේ කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පවසයි.
මෙරට විවිධ ප්‍රදේශවල පවතින අන්තර්ජාල සංඥා නොමැතිවීම ආදී ගැටළුවලට බලපාන සාධක ගූගල් ලූන් බැලූන මගින් විසඳනු ඇතැයි ඔහු කියයි.
කඳුකරය ආශ්‍රිත ගම්මානවලට පවා තාක්ෂණික පහසුකම් සලසා ගැනීමට මෙයින් ඉඩකඩ ලැබෙන බවද ගූගල් ලූන් මධ්‍යස්ථානය කියයි.

‘බ්ලැක්හැම් විජේවර්ධන’


කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 53 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය මේ මස 26 සහ 27 දෙදින කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති මහ ක‍්‍රිකට් තරග වලදී තර්ස්ටන් විදුහල තරග 5 ක්ද, ඉසිපතන විදුහල තරග 4 ක්ද ජය ලබා ඇති අතර තරග 42 ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. තර්ස්ටන් විදුහල 1992 වසරේද, ඉසිපතන විදුහල 1999 වසරේද අවසන් වරට ජය ලබා තිබේ.

ඉසිපතනය - ජයග‍්‍රහණ 4 යි
තර්ස්ටන් - ජයග‍්‍රහණ 5 යි
විසඳුම් නැති තරග - 42 යි

මෙවර තර්ස්ටන් විදුහල් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩක චරණ නානායක්කාරද, ඉසිපතන විදුහලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ආරම්භක පිතිකරු සාලින්ද උෂාන්ද, කටයුතු කරති.

බංග්ලාදේශයේදී පසුගියදා පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ඉසිපතන විදුහලේ සාලින්ද උෂාන් සහ විෂාද් රන්දික මෙන්ම තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර මෙම තරගයට ක‍්‍රීඩා කිරීම නිසා මෙවර මහ ක‍්‍රිකට් තරගය වඩාත් තරගකාරීවනු ඇති බවට විශ්වාසය තැබිය හැකිය.
ඉසිපතන විදුහල මේ වන විට ‘සිංගර්’ ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටින අතර තර්ස්ටන් විදුහල පෙර අර්ධ අවසන් පූර්ව තරගය දක්වා පැමිණියේය.

‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන තර්ස්ටන් විදුහල මෙම තරග වාරයේ තරග 16 කදී වෙස්ලි, කොළඹ මහානාම, පානදුර රාජකීය, මරදාන සහිරා, මීගමුව මාරිස්ටෙලා සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් හයට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීය. කොළඹ නාලන්දා විදුහල හමුවේ පමණක් පරාජයට පත්විය.
සජිත් ගුණතිලක ලකුණු 581 ක්ද, චරණ නානායක්කාර ලකු-ණු 503 ක්ද, රැස්කරමින් මෙවර තර්ස්ටන් විදුහල් පිලේ ප‍්‍රබලතම පිතිකරුවෝ බවට පත්ව සිටිති. සාලින්ද සමරනායක ලකුණු 402 ක් රැස්කර සිටියි.
වමතින් දඟ පන්දු යවන ඩිලාන් මධුසංඛ කඩුලූ 59 ක් දවා ගනිමින් මෙවර තර්ස්ටන් විදුහලේ ප‍්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. තුෂාල් මධුසංඛ සහ නවීන් ගුණවර්ධන කඩුලූ 40 බැගින් දවා ගැනීමට සමත්ව සිටිති.
‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන ඉසිපතන විදුහල මෙම තරග වාරයේ තරග 19 කට සහභාගි වී අම්බලන්ගොඩ ධර්මාශෝක, කළුතර සිරිකුරුස සහ අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත් විය. ඉසිපතන විදුහල මෙම තරග වාරයේ පරාජය නොවීම කැපී පෙනේ.  
සංජුල අබේවික‍්‍රම ලකුණු 1300 ක් ද, ප‍්‍රමෝද් මධුවන්ත ලකුණු 1040 ක් ද, රැස්කරමින් ඉසිපතන විදුහල් පිලේ ඉහළතම ලකුණු ලාභීන් බවට පත්ව සිටිති.
අයන සිරිවර්ධන ලකුණු 635 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්ව සිටියි. පසුගිය සති අන්තයේදී පැවැති සිංගර් කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ රාජකීය පිලට එරෙහිව ලකුණු 199 ක් ලබාගැනීමට විශාද් රන්දික සමත් විය.
වමතින් දඟ පන්දු යවන ළහිරු ඩිල්ෂාන් කඩුලූ 76 ක් දවා ගනිමින් මෙවර ඉසිපතන විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. ප‍්‍රමෝද් මධුවන්ත කඩුලූ 72 ක් සහ තිවංක සංජුල කඩුලූ 63 ක් දවා ගනිමින් මෙවර ඉසිපතන විදුහල් පන්දු යැවීමේ බලෑනිය ශක්තිමත් කරති.
දෙවිදුහල් අතර වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මාර්තු මස 13 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.



තර්ස්ටන් විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: අයේෂ් වීරරත්න, කසුන් අබේරත්න, ලක්‍ෂ්මන් ගුණතිලක මහතා (නියෝජ්‍ය විදුහල්පති), චරණ නානායක්කාර (නායක), ඊ. එම්. එස්. ඒකනායක මහතා (විදුහල්පති), සජිත් ගුණතිලක (උප නායක), ලෙස්ලි හරිස්චන්ද්‍ර මහතා (කණ්ඩායම් බාර ආචාර්ය), සුනෙත් ගුණතිලක මහතා (පුහුණුකරු) සහ නිපුන් ලක්‍ෂාන්
පසු පෙළ වමේ සිට: සාලින්ද සමරනායක, ප‍්‍රගීෂ මෙන්ඩිස්, තිසෙර ඩිෂාන්, ඉමේෂ් විරංග, යෙෂාන් වික‍්‍රමාරච්චි, ඉසිත විජේසුන්දර, ඩිලාන් මධුසංඛ, නවීන් ගුණවර්ධන, නවෝද් සමරකෝන්, තුෂාල් මධුසංඛ සහ පන්සිළු දේශාන්




ඉසිපතන විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: ජයතු නිලවීර මහතා (සහාය පුහුණුකරු), සංජුල අබේවික‍්‍රම, ආර්. ඒ. ඒ. රණසිංහ මහතා (කණ්ඩායම් බාර ආචාර්ය), ප‍්‍රමෝද් මධුවන්ත, ප්‍රෙම්සිරි ඈපා මහතා (විදුහල්පති), සාලින්ද උෂාන් (නායක), ඞී. එච්. ප‍්‍රියංකර මහතා (නියෝජ්‍ය විදුහල්පති), විෂාද් රන්දික, සනත් ඉලේපෙරුම මහතා සහ ප‍්‍රදීප් නිශාන්ත මහතා (ප‍්‍රධාන පුහුණුකරු)
පසු පෙළ වමේ සිට: පැතුම් නිශ්ශංක, මධූෂික සදරුවන්, හර්ෂ රත්නායක, හේෂාන් ධනුෂ්ක, නිරංජන් වන්නිආරච්චි, ළහිරු ඩිල්ෂාන්, අයන සිරිවර්ධන, සංජුල බණ්ඩාර, කලික් අමනත්, කලන පෙරේරා, ඉවන්ක සංජුල සහ දිල්සර සමින්ද


 යොහාන් භාසුර 
- See more at: http://kelimandala.lankadeepa.lk

Monday, February 15, 2016

අශ්ව හිසක් ඇති කුරුල්ලෙක්


නූතන අශ්වයකුගේ වැනි හිසක් සහිත පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂි විශේෂයක් අදින් වසර ලක්ෂ 500ට පෙර මිහිතලය මත දිවි ගෙවා ඇතැයි පර්යේෂකයෝ පිරිසක් කියති.
මේ සත්ත්ව විශේෂය ආක්ටික් පෙදෙසේ සිට යුරෝපය හා ආසියාව තෙක් පැතිර සිටින්නට ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත.
කොලරාඩේ විශ්වවිද්‍යාලය, බෝල්ඩර් විද්‍යාලය හා චීන ෆොසිල අධ්‍යයන ආයතනයට එක්ව මේ පර්යේෂණ සිදුකර ඇත. පර්යේෂකයන් පවසන්නේ අශ්වයකුගේ හිසකට සමාන හිසකින් යුතු මේ අපූරු පක්ෂියා අශ්වයකුට වඩා විශාල හා බරැති සත්ත්ව විශේෂයක් වන බවයි.
මොවුන් ශාක පත්‍ර‍, ඇට වර්ග හා පලතුරු ආදිය බුදිමින් ජීවත් වී ඇති බව හොටය අනුවර්ථනය වී ඇති ආකාරය අනුව විද්‍යාඥයෝ කියති.
පර්යේෂණ ප්‍ර‍ධානී මහාචාර්ය ජීලින් එබර්ල් පවසන්නේ මොවුන්ගේ ෆොසිල් පරීක්ෂාවේ දී පෙනි ගියේ ඔවුන්ට යෝද පිහාටු ද පිහිටි බවයි. 3124C5E100000578-0-image-a-51_1455315190544 - Copy

Friday, December 18, 2015

අරලිය මැදුරට කලින්ම නත්තල් එයි (වීඩියෝ සහිතයි)

‘නත්තල් දරුවන්ට‘ යන තේමාවෙන් අගමැති කාර්යාලය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය එක්ව අද (17) අරලියගහ මන්දිරයේදී නත්තල් ප්‍රසංගයක් පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වූ අතර දිවයින පුරා පිහිටි කතෝලික දහම් පාසල් දරුවන් මෙන්ම ළමා නිවාසවල වෙසෙන දරුවන්ද විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.
සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග, දක්ෂිණ සංවර්ධන, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, අගමැති කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු රැසක් එම අවස්ථාවට එක්වූහ.
xmas_2015121792 xmas_2015121793 xmas_2015121794 xmas_2015121798 xmas_20151217954 xmas_20151217966
http://www.lankadeepa.lk/index.php/articles/369985

දරුවන් රකින්න දරුවෝ බඹර කපති (වීඩියෝ සහිතයි)

මහනුවර ඔගස්ටා වත්ත ‘ටිකිරි ළමා සෙවණ‘ ළමා නිවාසය ඉදිරිපස අඹ ගසේ  මිටර් එකහමාරක් පමණ විශාල බඹරයක් බැඳ තිබීම හේතුවෙන් එහි සිටින කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සලකා එම බඹරය බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් කපා ඉවත් කැරිණි.
මෙම ළමා නිවාසයේ කුඩා දරුවන් 44 දෙනකු වෙසෙන බව එහි ප්‍රධාන පාලිකාව කියන්නීය.
බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් බණ්ඩාර තඹවිට ප්‍රකාශ කළේ එය විශාල බඹරයක් බවත් ලක්ෂයකට ආසන්න බඹරුන් සිටිය හැකි බැවින් මෙම ළමා  නිවාසයේ දරුවන් ගැන හා අසල්වාසීන් ගැන සිතා මෙය ඉවත් කළ බවයි.
බඹර කැපීමේ හසල අත්දැකීමක් ඇති පාසැල් සිසු සිසුවියන් වන මෙගා සමාධී, කළණි ආලෝකා, සදෙවූ රශ්මික යන තිදෙනා ද බඹරය කැපීමට දායක වූහ.
babara_2015121742 babara_2015121743 babara_2015121745 vlcsnap-2015-12-17-06h03m39s140

Monday, November 30, 2015

මහ පුදුම සතෙක් හමුවෙයි

ලොව සිටි වඩාත් අරුම පුදුම සත්ත්වයාගේ රුව අවසානයේ සම්පූර්ණ කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. හළුසිගේනියා නමින් හැඳින්වූ මේ ඉතා කුඩා මුහුදු ජීවියා අදින් අවුරුදු කෝටි 50ට පමණ පෙර පෘථිවිය මත ජීවත් වූ බව ද ඔවුහු කියති.
කලින් හමුවූ ෆොසිල සියල්ල හමුවී තිබුණේ සත්ත්වයාගේ හිස නොමැතිවය. එසේ වුව ද පසුගිය දිනක කැනඩාවේ බර්ගේස් හි ගල්පොතු අතර තිබී හමුවූ ෆොසිලයක හිස කොටසත් තිබිණි. එය අමුතුම ආකාරයේ හිසකි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්ටින් ස්මිත් පවසන්නේ හළුසිගේනියාගේ හිස විකාරරූපී බවයි. මේ සතා පිටසක්වල සිටිතැයි කියන මනංකල්පිත ජීවියකු සේ පෙනේ යැයි ද ආචාර්යවරයා කියයි.
මේ සත්ත්වයා ගැන විස්තර ජාත්‍යන්තර නේචර් සඟරාවේ විස්තර කැර ඇත. එම වාර්තාව අනුව මේ සත්ත්වයාගේ අදින් වසර 100ට පමණ පෙරදී ය.
විද්‍යාඥයන් පවසන්නේ දිගින් සෙන්ටිමීටරයකටත් වඩා අඩු මේ ප්‍රාණියා හිසකෙස් ගසකටත් වඩා තුනී බවයි. සිරුර එක් පැත්තකින් සිහින්ය. සිලින්ඩරාකාර සිරුර ගාම්භීර ශක්තිමත් කශේරුකා යුගල දෙකකින් ආවරණය වී තිබෙන අතර ඉතා තුනීය. නියපොතුවලින් යුතු උපාංග මගින් අනෙක් පසින් එල්ලා වැටෙයි.
ආචර්ය මාර්ටින් පවසන්නේ මේ සත්ත්වයා පිළිබඳ පළමුවරට කරණ ලද විස්තරය වැරදි බවයි.
කෙසේ වෙතත් කැනඩාවෙන් හමුවූ නව ෆොසිලය සියුම්ව ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමේ දී කුඩා ඇස් යුගලක් හා ඊට යටින් අර්ධ කවාකාර කොටසක් හමුවූ බව ද පර්යේෂකයෝ කියති.
මේ ජීවියාගේ මුඛයේ වළල්ලක් ආකාරයේ දත් සහ උගුරේ සිට උදරය දක්වා දිවෙන තවත් දත් පෙළක් ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. අමුතු මුඛ පිළිවෙල මගින් හළුසිජේනියා ආහාර උරාබී පසුව මේ ආහාර තම උදරයට යවා ඇතැයි විද්‍යාඥයෝ කියති.
Face of 1 Face of 2

ඩිප්ප්‍රෙෂන්

  

නොමළ ගෙයකින් අබ මිටක් සොයා යනවාට වඩා නිරෝගී අයකු සොයා යෑම වර්තමානයේ සැබෑම අභියෝගයකි.
සූතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා ගෙවා දමනා කාල පරාසයේදී අප කොපමණ නම් රෝගවලට ගොදුරු වී ඇද්ද?

5
කෙසේ නමුත් අපි සැවෝම කායිකව රෝගී වෙනවාට වඩා වැඩි වාර ගණනක් මානසිකව රෝගී වී ඇති බව සැබෑවකි. කායිකව රෝගී වූ කල වෛද්‍යවරුන් සොයා ගියත්, මනසින් රෝගීවන අපි ඒ වෙනුවෙන් කුමක් කළ යුතු ද යන්න නොදනිමු.

බොහෝ දෙනකු මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වීමට හේතු වී තිබෙන්නේ සමාජිය සහ ආර්ථික කරුණු ගණනාවක් මුල්කොට ගෙනය.

මවුපියවරුන් නීතියෙන් වෙන්වීම, මවුවරුන් විදේශගත වීම, විභාග අසමත් වීම, තරගවලින් පරාජය ලැබීම, මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම, ළඟම ඥාති හිතවතුන්ගෙන් දරාගත නොහැකි ආකාරයේ අඩංතේට්ටං, බැණ වැදීම්වලට, පහරදීමට ලක් වීම, ආදර සබඳතා බිඳ වැටීම, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, අප‍්‍රියයන් හා වාසය කිරීමට සිදු වීම, දිළිඳු බව, බෝනොවන රෝගයන්ගෙන් දිගු කලක් පීඩා විඳීම, විවාහය, රැකියාව බලාපොරොත්තු වන ආකාරයෙන් නොලැබීම ආදී කරුණු එකක් හෝ කිහිපයක් බලපායි.

වර්තමානය වන විට නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවන්නන්ගෙන් කාන්සාව, භීතිකාව, ශ‍්‍රස්ථිය සහ මානසික ආතතිය වැනි සුළු මානසික රෝග බහුල ලෙස වාර්තා වීමට පටන්ගෙන තිබේ. 

මැදිවයසේ පසුවන්නන් අතර බහුලව දක්නට ලැබෙන උග‍්‍ර මානසික රෝග ලෙසට හීනෝන්මාදය, විෂාධය, ඩිප්ප්‍රෙෂන් දැකිය හැකිය.
වයසට යෑම, රෝග පීඩාදියට ගොදුරු වීම, දරුවන් නොබැලීම හා හුදකලා වීම, ආදී කරුණු මෙවැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වන්නට සෘජුලෙස බලපායි.
SLTK_08.qxd
වයසට යාමේදී සෑදෙන රෝගී තත්ත්වයන් තරමක් වෙනස්ය. විශේෂයෙන්ම වයසට යාමේදී ස්වභාවිකවම සිදුවන මොළේ මියයාමේ රෝගයට ගොදුරු වන්නන්ට බහුලව මානසික රෝග ඇති විය හැකිය. ඩිමෙන්ෂියාව එලෙස ඇතිවන ප‍්‍රධාන මානසික රෝගී තත්ත්වයකි. වයස අවුරුදු 60 ඉක්මවූවන්ගෙන් වැඩිපුර දක්නට ලැබෙන මෙම රෝගයේදී පුද්ගලයාගේ හැසිරීම් රටාව වෙනස් වීම මූලික වශයෙන් සිදුවේ.

රෝගී ලක්ෂණ දෙස බැලීමේදී මොවුනට කෙටි කාලීන මතකය ගිලිහී යන අතර අතීත මතකයන් හොඳින් රැඳී තිබීම සාමාන්‍ය පරිදි දැක ගන්නට පුළුවන්. උදාහරණයක් ලෙසට උදෑසන ආහාරයට ගත්තේ කුමක්ද යන්න මතකයේ නැතත්, අතීතයේ රට පාලනය කළ දේශපාලනඥයන් ආගිය තැන් ආදී මතකයන් ඔවුන් සතුය. මොළේ මිය යෑම ටිකෙන් ටික සිදුවීමේ ප‍්‍රතිඵලයක් ලෙසට ඇන්සයිමර් රෝගයට ගොදුරුවෙන අතර දිගු කාලීනව පවතින දියවැඩියාව පාලනය නොකිරීම ද මොළේ මිය යෑම ඇති වීමට බලපෑ හැකි කරුණක් බව මේ වනවිට හඳුනාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකු කුමන හෝ මානසික ව්‍යාකූලතාවෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ.

ලොව පුරා මිලියන 450 පමණ මිනිසුන් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරුවන බව හඳුනාගෙන ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකු මානසික ව්‍යාකූලතාවකින් පසුවේ.

කායික රෝග වාර්තා වීම් අභිභවා මානසික රෝගවලට ගොදුරු වන රෝගීන් වැඩිවන මෙවන් යුගයක, අපි ඔවුන්ගේ සැබෑ තතු සොයා ගියෙමු. 

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය ඒ වෙනුවෙන් අපට මග පෙන්නුවාය.

වසර එකසිය අසූවක් පැරණි රෝහල් භූමියේ කුමන හෝ මානසික යහ පැවැත්මට හානියක් සිදුවීම සම්බන්ධයෙන් රෝගී වූ අපේම මිනිසුන්ගේ හදවත් කම්පා කරවන විටෙක පුදුම සහගත තොරතුරු සොයා අපි රෝහලේ සැරිසැරුවෙමු.

වෙලාව දහවල් දොළහට ආසන්නය. සාමාන්‍ය රෝහල් ගේට්ටු අසල තම රෝගී ඥාතීන් දැක බලා ගැනීමට රැුස් කන ඥාති හිතවතුන් මෙම රෝහල් ගේට්ටුවේ රැස් කන බවක් දක්නට ලැබෙන්නේ නැත.

එක් කෙනකු දෙදෙනෙකු හැරෙන්නට රෝගීන් බලන වේලාවේදී රෝහලට පැමිණෙන්නෙක් නැති තරම්ය.

වෙනත් රෝගයකට මෙන් ඉක්මනින් ප‍්‍රතිකාර ගෙන නිවසට යන්නට මෙහි රෝගීන්ට පුළුවන් කමක් නැත.

ඥාති හිතවතුන්ට ද රෝහල් ගත කරනා රෝගියා නැවත නිවසට ගෙන යෑමට වූවමනාවක් නැතිසේය.

වෙනත් රෝහලකට රෝගී ලක්ෂණ පහළ වූ පසුව රෝගියා රැුගෙන ගියත් මෙම රෝහලට රෝගීන් යොමුවන්නේ කිසියම් හෝ කෙනකුගේ මගපෙන්වීම යටතේ වීම විශේෂත්වයකි.


අපි වෛද්‍යතුමියක් සමග කතා කළෙමු.


”නිරෝගී පුද්ගලයකු යහපත් මානසික මට්ටමෙන් පසුවන බව අප හඳුනාගනු ලබන්නේ පුද්ගලයාගේ ශාරීරික යහපැවැත්ම මානසික යහපැවැත්ම, සමාජීය සහ අධ්‍යාත්මික යන අංශ හතරින්ම උසස් තත්ත්වයක සිටීමෙනි.

සාර්ථකව ගැටලූ විසඳීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව, ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව, ඇති පුද්ගලයකු උසස් මානසික යහපැවැත්මෙන් සිටින්නෙකු ලෙසට හඳුනා ගන්න පුළුවන්.

වෛද්‍ය විද්‍යාත්මකව මානසික රෝගියකු යනු මානසික යහපැවැත්මට හානියක් සිදු වූ අයෙකි. එනම් සාමාන්‍ය ආකාරයෙන් සිතීමේ හැකියාව, යමක් තේරුම් ගැනීමේ හැකියාව, හෝ යම් ආකාරයකට හැසිරීමේ වෙනසක් හෝ ඇති අයකු ලෙසට මොවුන් පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම යම් කිසි පුද්ගලයකුට සන්නිවේදනයේ ප‍්‍රශ්නයක් ඇත්නම්, හිතිීමේ හැකියාවේ බාධාවන් ඇත්නම්, තමන්ට අන් අයට නොදැනෙන ආකාරයේ සිතුවිලි ඇති වන්නේ නම් සාමාන්‍ය පුද්ගලයකුට වඩා වෙනස් හැසිරීමේ රටාවක් ඇති මොවුන් ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

මානසික රෝගයකට ගොදුරු වීමට බලපෑ හැකි කරුණු
ජානමය හේතූන්, සාමාජීය, ආර්ථික, දේශපාලනික, ආගමික ප‍්‍රශ්න ඊට සෘජු හෝ වක‍්‍රාකාරයෙන් හෝ බලපෑ හැකි වෙයි.

ලොව පුරා මිලියන 450 පමණ මිනිසුන් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරුවන බව හඳුනාගෙන ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකු මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙනා බව හඳුනාගෙන ඇත.

මානසික රෝග දෙස බැලීමේදී එහි ස්වභාවය අනුව උග‍්‍ර මානසික රෝග, සුළු මානසික රෝග වශයෙන් වර්ග කෙරේ.

හීනෝන්මාදය, විශාදය, මැනික් ඩිප්ප්‍රෙෂන් සයිපෝසියාව උග‍්‍ර මානසික රෝග තත්ත්වයන් යටතට ගැනේ. සුළු මානසික රෝගයන්ට කාන්සාව, භීතිකාව, ග‍්‍රස්තිය, මානසික ආතතිය ගැනෙන අතර මෙම රෝග බහුලව වර්තමානයේ දක්නට ලැබේ.

චිත්ත වික්ෂෝපය විවිධ හේතු නිසා බලපා හැකිය
මොළේ මිය යෑම (ඇන්සයිමර් රෝගය) රුධිර නාල අවහිර වීමෙන් ඒ තත්ත්වය ඇති විය හැක.

ආගාධ රෝග තත්ත්වය
දිගුකාලීනව පවතින දියවැඩියාව පාලනය නොකිරීම
මොළේ මිය යෑම නිසා ද උග‍්‍ර මානසික තත්ත්වයන්ට ගොදුරු විය හැක.

වයසට යාමේදී ඇති වන රෝග ලක්ෂණ තරුණ කාලයට වඩා වෙනස් අතර අමතක වීමෙන් මොළේ උසස් ක‍්‍රියාකාරීත්වය ගිලිහී යාම ද මෙම නිසා සිදුවේ.
උග‍්‍ර මානසික රෝග අතර බහුලව දක්නට ලැබෙන්නේ විෂාදය රෝගයයි. අප රටේ ජනගහණයෙන් සියයට 3ක් පමණ විෂාදය රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර හින්නෝන්මාදයෙන් පෙළෙන්නන් සිටින්නේ සියයට 1 පමණි.

කාංසාව, භීතිකාව වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන්නන් බහුලව වාර්තා වෙන අතර, එය ප‍්‍රමාණාත්මකව ගත් කල සියයට 20-30 ප‍්‍රතිශතයක්.


හිනෝන්මාදය


මෙම උග‍්‍ර මානසික රෝගී තත්ත්වය ප‍්‍රවේණිගතව ඇති විය හැකිය. පරිසරය අනුව ද සියයට 50 පමණ හින්නෝන්මාදය ඇති වීමට බලපානු ලැබේ. රෝගය ඇති වීමට ජානමය හේතු බලපෑව ද හොඳ පරිසරයක ජීවත් වීමෙන් රෝගය මතුවීම අවම කර ගත හැක.

හඳුනාගෙන ඇති පරිදි වයස අවුරුදු 15-16 අතර පසුවන පිරිමි දරුවන්ටත්, වයස අවුරුදු 25 පසු තරුණ දියණිවරුන්ටත් සමාජිය, අර්ථික ප‍්‍රශ්න මත හින්නෝන්මාදයට, ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් තිබේ. විශේෂයෙන්ම එදිනෙදා කටයුතුවලට බාධාවල් ඇති වීම අධ්‍යාපනය කඩාකප්පල් වීම වැනි දේ ඇති වේ.

මෙම රෝගයට ගොදුරු වන්නන්ගෙන් ප‍්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන රෝගී ලක්ෂණ වන්නේ අස්වාභාවික ලෙස බාහිර පාර්ශවයන් සැක කිරීමට පටන් ගැනීමය.

මිථ්‍යා විශ්වාස කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ගන්නා ඔවුහු, බාහිර පාර්ශ්වය තමන්ට විරුද්ධව කටයුතු කරන බව සිතති. තමාට වසදී මරාදමති යැයි සිතනා ඔවුහු තනියෙන් කතා කරති. සිනාසෙති.

භ‍්‍රස්තිය තත්ත්වයේදී තවත් කෙනකු තමා සමග නිතර කතා කරන බව ඇසේ. අනෙක් අයට නොඇසෙන ශබ්ද හා කටහඬවල් අසන්නට ලැබේ.

තමන්ට විරුද්ධව කතා කරන බව හැෙඟන අතර පුද්ගලයකු සිටියත් නැතත් කටහඬවල් ඇසෙන්නට පටන් ගැනේ.

මානසික රෝගවලට ගොදුරුවන බොහෝ දෙනකු රෝහල් ගත කෙරෙන්නේ බොහෝ කලක් ගොසිනි. මානසික රෝගයක් ලෙස රෝගය නිශ්චය කර ගැනීමට නොහැකි බොහෝ දෙනකු විසින් කරනු ලබන්නේ තමාට හෝ තම හිතවතාට හෝ භූත දෝෂයක්, යක්ෂ දෝෂයක් ඇතැයි සිතා රුපියල් ලක්ෂ ගණන් වියදම් කර බලි තොවිල් කිරීමයි. එතනින් ද නොනවතින රෝගියාගේ රෝග ලක්ෂණ පහළ වන විට මළගිය ඥාතිවරු ආරූඪ වී ඇතැයි, නැවත නූල් දැමීම, දෙහි කැපීම, ආදී දේවලට නැඹුරු වීමේ ප‍්‍රවණතාවක් තිබේ. සමහරුන් බලිතොවිල් කරන්න ගිහින් මිය ගිය අවස්ථා පවා වාර්තා වූ අවස්ථා අප මතකයේ ඇත. මේ දේවල් එදා වගේම තාක්ෂණයෙන් දියුණු යැයි කියනා මෙවන් යුගයක අඩුවක් නැතුව අද වන විට ඇතැම් කපුමහත්වරුන් තමා ළඟට එන ආතුරයන්ගේ රෝගී තත්ත්වයන් හඳුනාගෙන මානසික රෝහලට යොමු කරන අවස්ථාත් තිබේ.

රෝහලේ ප‍්‍රතිකාර ලබන එක් හැඩි දැඩි තරුණයකුගේ නිධාන කතාව අපි හාරා ඇවිස්සෙමු.

ඔහු නමින් රාජුය. ආර්ථික අපහසුතාවලින් මිරිකෙන ජීවිතයේ ඔහුගේ ජීවන වෘත්තිය වූයේ කැලණි ගෙඟ් වැලි ගොඩදැමීමය. දෛනික වෘත්තියෙහි යෙදෙන්නට පෙර හෙරොයින් භාවිතා කිරීම පුරුද්දක් කර ගත් රාජු, වැලි කූඩයක් දිය යටට ගොස් රැුගෙන එන වාරයක් පාසා හෙරොයින් බීම පුරුද්දක් විය. කාලයක් මෙසේ ගතවන විට ඔහුගේ මොළයට දැඩි හානි සිදු වී තිබුණේ අධික මත්කුඩුවලට ඇබ්බැහි වීමේ ප‍්‍රතිඵලයක් ලෙසටය. රාජු මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු වී සිිටියේ වයස අවුරුදු 16 සිටය. හුස්ම තද කරගෙන ගෙඟ් වතුර යටට යන ඔහු වැලි කුඩය පුරාව ගන්නා තෙක්ම හුස්ම තද කරගෙන සිටිති.

මෙහි අවසාන ප‍්‍රතිඵලය වූවේ රාජුගේ මොළයට දැඩි හානි සිදු වී තිබීමය. මෙහි අවසාන ප‍්‍රතිඵලය වී තිබුණේ සිහි විකල් වූ පුද්ගලයකු බවට පත් වීමය.
රෝගය හඳුනා ගැනීමට හෝ ප‍්‍රතිකාර කිරීමක් නොකර සිටීමෙන් කෙටි කාලීන මතකය ගිලිහී ගොස් අරමුණක් නොමැතිව ඉබාගාතේ ඇවිදින්නට විය. අධික ලෙස මත්පැන් පානය කිරීමත්, හුස්ම තද කිරීමත් හේතුවෙන් රාජුගේ මොළයට දැඩි හානි සිදු වී තිබූ අතර, එයින් මොළයේ සදාචාරාත්මකතාව වැඩෙනා අංශවලට සම්පූර්ණයෙන් හානි වී තිබුණි. මෙලෙස මොළයේ කොටස් විනාශ වී යාමේ තත්ත්වයට මුහුණ දෙන්නන්ට තමන්ගේ දරුවන් පවා හඳුනාගත නොහැකි අතර බොහෝ අපචාර, දූෂණ සිද්ධීන් මොවුන් අතින් ඉටුවන්නේ ඔවුන් නොදැනුවත්මය. රාජු මානසික විද්‍යා ආයතනයේ ප‍්‍රතිකාර ලබනා රෝගියකු බවට පත් වන්නේ ඉබාගාතයේ යමින් මහ මග මුත‍්‍රා කරමින් මළ පිටකරමින්, මහ මග ගමන් ගන්නන්ට කුණුහරුපයෙන් බැණ වදිමින් යන අතරතුරය. මෙලෙස ඉබාගාතේ ඇවිදින රාජුව ගම්වාසීන්ගේ මැදිහත් වීමෙන් රෝහල් ගත කෙරී ඇත. රාජුගේ මානසික සෞඛ්‍ය අද වන විට කෙබඳුද? අපි වෛද්‍යවරියගෙන් ඇසුවෙමු. රෝහල් ගත කළ මෙම අය හැඩි දැඩි වයස අවුරුදු 45 පමණ කෙනෙක්. නමුත් සීටී ස්කෑන් එකකට භාජනය කළ ඔහුගේ මොළයට දැඩි හානි සිදුව ැඅති බව පෙනීගියා. අද ඔහු රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නෙක්
එලෙස වෛද්‍යවරිය පැහැදිලි කරමින් කියා සිටියාය.

පිස්සෙක්, පිස්සු වැඩ, පිස්සන් කොටුව ආදී වශයෙන් එදිනෙදා ජීවිතයේදී අපි මානසික රෝගයක් ගැන සැහැල්ලූවෙන් සිතුවත්, මානසික ව්‍යාකූලතාවට ගොදුරු වීම සුළු පටු නොවන බව රෝහලට පා තැබූ මොහොතේදීම අපට පසක් විය. එහෙයින් අද ඔවුන් මුහුණ දෙන ගැටලූවට හෙට අප ද පත්වන්නට පුළුවන් බව මතකයේ තබා ගත යුතුය.
m
http://www.lankadeepa.lk/index.php/articles/363818

Wednesday, November 11, 2015

පොත් නැවේ දවසක්

ලෝගෝස් හෝප් ලොව පුරා සංචාරය කරන පොත් නැව මේ දිනවල ලංකාවට පැමිණ ඇත. නොවැම්බර් 12 වැනිදා දක්වා එය කොළඹ වරායේ නැංගුරම් ලා ඇත.

Saturday, October 17, 2015

ළමා නළුවෝ සම්මාන ලබති

රාජ්‍ය ළමා  නාට්‍ය උළෙල 2015 ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන්  මහරගම ශ්‍රි ලංකා  තරණසේවා  රඟහලේ දී  පැවැත්විණි.
එහිදි සිංහල විවෘත අංශයේ වසරේ හොඳම ළමා නළුවා  ලෙස  සමනල පොත ළමා නාට්‍යයේ  සමනලයාගේ  චරිතය නිරූපණය කළ ඩී.එස් චරිත් දේවප්‍රිය හා ඉංග්‍රීසි සීමිත අංශයේ වසරේ හොඳම ළමා නිළිය ලෙස කර්ඩ් ඇන්ඩ් ද ට්‍රේසල් ළමා නාට්‍යයේ දුලන්මා මෙත්ලිනි සම්මාන ලබාගත්තේය.
ඡායාරූප-ලහිරු හර්ෂණ (ලංකාදීප)

http://www.wijeya.lk/archives/3613

Tuesday, October 6, 2015

ලොව ප‍්‍රථම මිනිස් හිස් බද්ධයට සූදානම්

විවිධ රෝගාබාධ හේතුවෙන් මරණය අබිමුව සිටින මිනිසුනට වෙනත් පුද්ගලයකුගේ අවයව බද්ධ කොට තවත් කාලයක් ජීවත්වීමට අවස්ථාව උදාකර දීමට වෛද්‍ය විද්‍යාව සමත්වූයේ මින් දසක කිහිපයකට ඉහතදීය. හෘදය, වකුගඩු, අක්මාව, පෙනහලූ, අග්න්‍යාශය, අන්ත‍්‍රය, තෛමස වැනි ශරීර කොටස් බද්ධ කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. වෛද්‍ය ඉතිහාසයේ පළමුවරට මියගිය පුද්ගලයකුගේ සිරුරට ජිවත්වන මිනිසකුගේ හිසක් බද්ධ කිරීමට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන සර්ජියෝ කැනවෙරෝ සහ චීන ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන රෙන් ෂියා ඕපිං සූදානම් වෙති.


මෙම ශීර්ෂ බද්ධ සැත්කම සාර්ථක වුවහොත් මස්පිඩු දියවීමේ රෝගයෙන්, සුවකළ නොහැකි ස්නායු ආබාධවලින් හා දරුණු පිළිකාවලින් පෙළෙන පුද්ගලයනට වැඩි කලක් ජීවත්වීමේ වාසනාව උදාවනු ඇතැයි වෛද්‍ය කැනවෙරෝ ස`දහන් කරයි. ඇනාපොලිස්හි ඇමෙරිකානු ස්නායුවේදී සහ විකලාංග ශල්‍ය වෛද්‍ය සමුළුවේදී ඔහු මෙම සැත්කම සිදු කෙරෙන ආකාරය පිළිබ`දව පැහැදිලි කළේය.
26-page1-S2-2

මේ ස`දහා උපයෝගී කරගනු ලබන්නේ ජීවත්වන පුද්ගලයකුගේ හිස සහ මියගිය පුද්ගලයකුගේ සිරුරය. පුද්ගලයන් දෙදෙනාගේ හිස් එක්වර ඉවත් කරනු ලබන අතර හිස සහ සුෂුම්නාව පැයක කාලයක් ඇතුළත බද්ධ කෙරෙනු ඇත. හිස සහ සිරුර ඔක්සිජන් නොමැතිව බොහෝ වේලාවක් තබා ගැනීමට අව්‍යශ්‍ය වන හෙයින් ඒවා සීත කිරීමට ලක් කෙරෙනු ඇත. ගෙල අවට ප‍්‍රදේශයේ පටක ඉතා සීරුවෙන් විච්ෙඡ්දනය කොට එහි ඇති රුධිර නාළ සියුම් කුඩා නාළිකාවලට බද්ධ කරනු ලබයි. ජීවත්වන පුද්ගලයාගේ හිස මියගිය පුද්ගලයාගේ සිරුරට බද්ධ කෙරෙනුයේ ඉන් අනතුරුවය. සුෂුම්නාව නිවැරැුදිව සවි කිරීමෙන් පසු එහි කෙළවර පොලිඑතලින් ග්ලයිකෝල් නම් රසායනිකය ආධාරයෙන් සිරුරට සම්බන්ධ කෙරේ. ඉන්පසු මස්පිඩු සහ රුධිර නාළිකා  සියුම්ව මසනු ලැබේ. සිරුර සති හතරක කාලයකට අධිමූර්ජාවට ලක්කරනු ලබන්නේ සිරුර සෙලවීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාලීම ස`දහාය. මේ කාලය තුළ ඉලෙක්ට්‍රෝඩ මගින් සුෂුම්නාව උත්තේජනයට ලක් කෙරේ. සති හතරකට පසු මූර්ජාවෙන් මිදුණු පසු එම පුද්ගලයාට තම හිස සෙලවීමට සහ ස්පර්ශ කිරීමට හැකිවනු ඇත. ඔහු තම හ`ඩින්ම කථා කරනු ඇත. වසරකට පමණ පසු ඔහුට ඇවිදීමට හැකිවනු ඇත.
26-page1-S2-3
වෛද්‍ය කැනවෙරෝ ප‍්‍රථම වරට මෙම අදහස ඉදිරිපත් කරනු ලැබුවේ 2013 වසරේය. එහෙත් වෛද්‍ය විශේෂඥයන් විසින් එය ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි.
නිව් සයන්ටිස්ට් සඟරාවට ප‍්‍රකාශයක් කළ වෛද්‍ය කැනවෙරෝ ‘‘සමාජය මෙම වැඩපිළිවෙළ ප‍්‍රතික්ෂේප කරන්නේ නම් මම එම සැත්කම සිදුකරන්නේ නැහැ. එහෙත් යුරෝපය හෝ ඇමෙරිකාව හෝ එය ප‍්‍රතික්ෂේප කළත් ලොව කොහේ හෝ රටක් මෙය අනුමත කරාවි. බොහෝවිට චීනයේදී මෙය කළ හැකියැයි මා විශ්වාස කරනවා. ඇතැම්විට මට සිරද`ඩුවම් වි`දින්නට සිදුවේවි. එයට මා සූදානම්. මා උත්සාහ කරන්නේ නිවැරැුදි මගක ගමන් කිරීමටයි. ඒත් ඊට පෙර ජනතාව මා අනුගමනය කරනවාද යන්න මා දැනගතයුතුයි.’’ යනුවෙන් කියා සිටියේය.

සතුන් උපයෝගී කර ගනිමින් ප‍්‍රථම වරට ශීර්ෂ බද්ධයක් කැරුණේ 1970 ඇමෙරිකාවේ ක්ලෙවලන්ඞ්හි කේස් වෙස්ටන් රිසර්ච් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රොබට් වයිට් විසිනි. රේසස් නම් කුඩා ව`දුරකුගේ සිරසක් එම වර්ගයේම වෙනත් ව`දුරකුගේ සිරුරට බද්ධ කළේය. බද්ධ ව`දුරා ජීවත් වූයේ දින නවයක් පමණි. ශරීර ප‍්‍රතිශක්තිය හිස මගින් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌ මියගියේය. සතුන් ඇසුරින් මෙතෙක් සිදුකළ පර්යේෂණ බද්ධ කිරීම් තවමත් සාර්ථක වී නොමැත. විශේෂයෙන් සුෂුම්නාව බද්ධ කිරීම සාර්ථකව සිදුකළ නොහැකි විය. විද්‍යා ප‍්‍රබන්ධ කථාවක ස`දහන් වන ෆ‍්‍රන්කන්ස්ටයින් ගණයේ සැත්කමක් සිදු කිරීම ස`දහා අවශ්‍ය තාක්ෂණවේදය තමන් සතු බවත්, එහෙයින් මෙම අත්හදාබැලීම සිදු කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බවත් වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ ස`දහන් කරයි.

ශීර්ෂ බද්ධ සැත්කම ස`දහා අවම වශයෙන් 100කට ආසන්න වෛද්‍ය සහ හෙද කණ්ඩායමකගේ සහය ලබාගැනීමට වෛද්‍ය කැනවෙරෝ අපේක්ෂා කරයි. මේ ස`දහා අවම වශයෙන් පැය 36ක පමණ කාලයක් ගතවනු ඇති බවද, පවුම් මිලියන 8.5 මුදලක් වැය වෙනු ඇති බවද ඔහු ස`දහන් කළේය.

සැත්කමට අවශ්‍ය හිස ලබාදීමට දායකයකු මේ වනවිට ඉදිරිපත්ව සිටියි. ඔහු 30 හැවිරිදි රුසියානු පරිගණක විද්‍යාඥයකු වන වැලරි ස්පිරිඩොනොව්ය. ඔහු බොහෝ කාලයක්  වර්ඞ්නිග් හොෆ්මන් නමැති මස්පිඩු දියවීමේ දුර්ලභ ජානමය රෝගයකින් පෙළෙන පුද්ගලයෙකි. තමා මිය යමින් සිටින පුද්ගලයකු බවත්, මියයාමට පෙර අලූත් ශරීරයක් ලබා ගැනීම තම අරමුණ බවත් ඔහු ප‍්‍රකාශ කර තිබිණි. මෙම සැත්කම අසාර්ථක වුවහොත් සිදුවන දෙය පිළිබ`දව ඔහු දරන්නේ කුමන අදහසක්දැයි මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කීවේ කිසියම් බියක් තමා තුළ පැවතියද තමාට වෙනත් විකල්පයක් නොමැති බවය.
26-page1-S2-4

වෛද්‍ය කැනවෙරෝගේ ප‍්‍රයත්නය පිළිබ`ද ඇතැම් වෛද්‍ය විශේෂඥයන් දක්වන්නේ සෘණ ආකල්පයකි. සුෂුම්වේදී ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය හන්ට් බාටියර් පවසන්නේ මෙවැනි සැත්කම් ස`දහා තමා කිසිවකුට අනුබල නොදෙන බවය. ඇතැම්විට මෙය මරණයටත් වඩා බියකරු වනු ඇතැයිද හිස සහ ශරීරය එකිනෙක ප‍්‍රතික්ෂේප කළහොත් එයට බ`දුන් වූ පුද්ගලයාට භයානක ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

ෂින්හුවා ප‍්‍රවෘත්ති සේවය ස`දහන් කරන ආකාරයට මෙම සැත්කමට සහභාගී වන චීන ශල්‍ය වෛද්‍ය රෙන් ෂියා ඕපිං මීයන් 1000කට අධික ප‍්‍රමාණයක් ශීර්ෂ බද්ධ සැත්කමට බ`දුන් කොට ඇති අතර ඔවුන් දිනකට වඩා ජීවත් නොවූ බැව් පෙන්වා දෙයි. මෙම සැත්කම සිදු කිරීමේදී ස්නායු පද්ධතිය බද්ධ කිරීමේ තාක්ෂණික ගැටලූ තමාට පැනනැගුණු බවත් ප‍්‍රධාන ස්නායු පද්ධතිය ප‍්‍රතෘතිභාවට පත්කිරීමේ සුවිශේෂි හැකියාව වෛද්‍ය කැනවෙරෝ සතු බවත් වෛද්‍ය රෙන් ෂියා ඕපිං පැවසීය.

2017 දෙසැම්බරයේ මෙම සැත්කම චීනයේ හාර්බින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේදී සිදුකෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ ස`දහා චීන වෛද්‍ය කණ්ඩායමට අමතරව ලොව විවිධ රටවල ශල්‍ය වෛද්‍යවරුන් සහභාගී වීමට කැමැත්ත පළකොට තිබේ. මෙම සැත්කම සාර්ථක වුවහොත් එය සමස්ත මිනිස් ප‍්‍රජාවට වැඩි කලක් ජීවත්වීමට අවකාශ සලසනු ඇත. මෙවැනි ශීර්ෂ සැත්කමක් පිළිබ`දව අප අසා ඇත්තේ අපේ පුරාකථාවලිනි. ඒ ගෝඨයිම්බර යෝධයා පා පහරක් දී ජයසේනගේ හිස ගලවා දැමූ අවස්ථාවේ එම හිස වෙනුවට වලසකුගේ හිසක් බද්ධ කිරීම පිළිබ`ද පුවතය. එම ශීර්ෂ බද්ධයෙන් මහසෝනා ඉපැදිණි. මෙම සැත්කමින් කවරකු උපදිනු ඇතිදැයි කිව නොහැකිය. ඇතැම්විට නිරෝගී මිනිසකු විය හැකිය. නැතිනම් මහසෝනකු හෝ ෆ‍්‍රැන්කන්ස්ටයින් කෙනකු හෝ විය හැකිය. 

26-page1-S2-5

m