V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label Achievements. Show all posts
Showing posts with label Achievements. Show all posts

Thursday, January 9, 2014

අයි. ටී. උපාධිය සමත් ලෝකයේ පුංචිම දරුවා

අයි. ටී. උපාධිය සමත් ලෝකයේ පුංචිම දරුවා

මහනුවර වශින්‍යා

'මගේ බලාපොරොත්තුව ස්නායු වෛද්‍යවරියක් වෙන්නයි'

අවුරුදු තුනේදී ඊමේල් ලිපිනයක් ගත්තා
අවුරුදු නමයේදී වෙබ් අඩවියක් හැදුවා
බහ තෝරන වයසේ පටන් ම ගැහැනු දරුවන් සාමාන්‍යයෙන් පෙම් බඳින්නේ බෝනික්කන්ට ය. තොර තෝංචියක් නොමැතිව දරුවෙකු අඬන විට ඕනෑම මවක් ඔවුන් නළවා‍ ගන්නේ විසිතුරු භාණ්ඩටයක් අතට දීමෙනි. එහෙත් කුඩා කාලයේ සිටම අනෙක් දරුවන් මෙන් සෙල්ලම් බඩුවලට පෙම් නොබැඳ පරිගණකයට ඇලුම් කළ පුංචි වශින්‍යා අද ඒ මඟ ඔස්සේ ගමන් ගෙන ලොවම ජය ගෙන ඇත්තේ උපන් මවු බිමට අතිමහත් කීර්තියක් ද අත් කර දෙමිනි.
ප්‍රේමානන්ද් නඩරාජ් හා ලක්ෂි ප්‍රේමානන්ද ශක්තිවේල් දෙපළගේ එකම දරුවා වන වශින්‍යා ප්‍රේමානන්ද තවමත් පසුවන්නේ එකොළොස් වැනි වියේ ය.
කොළඹ ජාත්‍යන්තර පාසලේ 9 වන වසරේ අධ්‍යාපනය ලබන ඇය මෙලොව එළිය දුටුවේ 2002 මැයි මස 13 දිනයට වයස අවුරුදු 11 කඩඉම පසුකර මාස 07 ක් ගතව තිබියදී ඇය තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT DEGREE) සමත් වී ඇත.
එවැනි දස්කමක් මෙවැනි වයසකදී කළ මෙරට පමණක් නොව ලොවම ප්‍රථමයා ද ඇයයි.
එම උපාධිය ලැබීම පිළිබදව ලිපිය පසුගිය සෙනසුරාදා ඇයට ලැබී ඇත‍. උපාධිය පිරිනැමීම ලබන වසර මුලදී එංගලන්තයේදී සිදුකෙරේ.
අධ්‍යාපනයේ බැරෑරුම් කඩඉම් පසු කරන්නට වයස සාධකයක් නොවන බවට කදිම සාක්ෂිය ඇය යි. යම්තම් වයස අවුරුදු 03 පසු කරද්දී පුංචි වශින්‍යා තනිවම විද්‍යුත් ලිපිනයක් (E mail Adrees) නිර්මාණය කළා ය.
යම්තම් වයස අවුරුදු 08 සපිරෙද්දී ඇය වසර 2010 දී අ.පො.ස. සා. පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට පෙනී සිට අතිවිශිෂ්ට සාමාර්ථයක් ලබා ගනිමින් එය සමත් වූවා ය.
ඊ කොමර්ස් හා වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාධාරිනියක ද වන ඇය අන්තර්ජාතික පරිගණක බලපත්‍රය (International Computor Driving Licence) ලබාගෙන ඇත්තේ වයස අවුරුදු නවයේදී ය. වයස අවුරුදු 05 දී වශින්‍යා තනිව වෙබ් අඩවියක් නිර්මාණය කැරමින් අඩු ම වයසින් එවැනි දස්කමක් කළ මෙරට ප්‍රථමයා බවට පත්විය.
ඇය ලොවෙන් දෙවැනි වූයේ ඉන්දියාවේ උපන් වයස අවුරුදු 08 ක දරුවකුටය.
එම කාල සීමාව තුළම මහනුවර නගරයේ පරිගණක උසස් අධ්‍යාපන ආයතනවලත් තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ උපාධිය සඳහා අයදුම් කළා ය. වසර 2 1/2 ක් ඇතුළත එම උපාධිය සමත්වීමට ඇය සමත්වූයේ වයස අවුරුදු 11 කදී එම කඩඉම ජයගත් ලොව ප්‍රථමයා බවට ‍පත්වෙමිනි.
වශින්‍යා පොඩි කාලේ ඉඳලම සුවිශේෂී ගති ගුණ ඇති දරුවෙක්. අපි හින්දු භක්තිකයින් වුණත් ඇය මාස අටේදී ගැටඹේ විහාරස්ථානය අසලින් යද්දී අත්දෙක එකතු කරලා වඳිනවා.
පන්සලට කිට්ටු වෙන කොට එකතු ‍කරන අත්දෙක ආපසු ගන්නේ පන්සල පහුවුණාට පස්සෙයි. ගණ දෙවියෝ තමයි අපි අදහන්නේ. දුව පුල්ලයාර් කෝවිලට යන කොටත් පුංචි කාලෙදිම වඳින්න ගත්තා. ඒකට ඇත්තටම පුදුම දෙයක්. වශින්‍යාගේ මව වන ලක්ෂි පවසයි.
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන පුංචි වශින්‍යාගේ ක්‍රියාකාරකම් හමුවේ නම් බිඳ වැටී යයි.
ඒ ඇය පරිගණක අංශයෙන් ලබාගත් ජයග්‍රහණ හා සමඟම ගායනය, පියානෝ හා ඕගන් වාදනය සඳහා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගනිමින් රන් පදක්කම් දිනා ඇති බැවිනි. ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, ජර්මන් හා දෙමළ යන භාෂා පහ කියවන්නට හා ලියන්නට ද ඇය සමත් ය. එපමණක් නොව ඇය කොළඹ මහාධිකරණයේ සංඥා භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ තම ලොකු අම්මා ගෙන් සංඥා භාෂාව ද උගෙනෙමින් සිටින්නී ය.
කුරුණෑගල යුනික් ජාත්‍යන්තර පාසලට දුවව ඇතුළත් කළේ වයස අවුරුදු 03 දීයි. පෙර පාසලේ අවුරුදු 02 ක් තුළ ඉගෙන ගෙන අවසන් කළ යුතු දේවල් ඇය වසරකින් නිම කළා‍.
වයස අවුරුදු 05 දී කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවට ඇය ඇතුළු කළා‍. පළමු වසරේදී දැක්වූ දක්ෂතා නිසා ඇයට ද්විත්ව උසස්වීමක් හම්බවෙලා කෙළින් ම තුනේ පන්තියට පාස් ක‍ළා. හතරේ පන්තියේ දීත් ද්විත්ව උසස්වීමක් ලැබිලා හයේ පන්තියට ගියා.
වයස අනුව ඇය මේ වනවිට හය වන ශ්‍රේණියට අධ්‍යාපනය ලැබිය යුතු වුවත් ඇය සතු සුවිශේෂි දක්ෂතා නිසා ම මේ වනවිට 9 වන ‍වසර පන්තියේ අධ්‍යාපනය ලබන බව මව පවසයි.
මම පරිගණක උපදේශිකාවක් නිසා පුංචි කාලේ සිටම දුවට පරිගණකය හුරුයි. පොඩි දරුවන්ට සෙල්ලම් බඩුවක් දෙනකොට එයින් යම් අධ්‍යාපනයක් ලබන්නත් පුළුවන් ඒවා තෝරා ගැනීම වැදගත්.
විශේෂයෙන් දරුවන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වන සෙල්ලම් බඩු (Toys) තිබෙනවා. මම දුවට දුන්නේ භාෂා ඥානය වර්ධනය වන, වර්ණාවලිය හඳුනා ගැනීමට පෙළඹවීම් ඇති කරන, ක්‍රියාකාරකම් කළ හැකි සෙල්ලම් බඩුයි.
වශින්‍යාගේ සුවිශේෂි දක්ෂතා නිසා ම ඇයට මහනුවර BCAS උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජේ.එම්. නිවාස් මහතා පරිගණක කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence and robotics) පාඨමාලාව හැදෑරීමට පහසුකම් සලසා ඇත. ඒ යටතේ ඇය මේ වනවිට රිමෝකි නමින් කෘත්‍රිම බුද්ධියක්ඇති රොබෝවක් නිර්මාණය කැරමින් සිටී.
මම කාටුන් බලනවා. ක්‍රීඩා කරනවා. සෙල්ලම් කරනවා. පාසලේ වැඩ එදාම කරනවා. වශින්‍යා පවසයි. පරිගණක අංශයෙන් සුවිශේෂි දස්කම් දැක්වීම වෙනුවෙන් ඇයට මැද රට අභිමානී සම්මානය ද පසුගිය වසරේදී හිමිවිය.
මට ඕන මේ පුංචි රට ලෝකයට ගෙන යන්නයි.
අලෝකයේ අවධානය රටට දිනා දෙන්නයි පරිගණක අංශයෙන් ඉදිරියට යන අතරතුර ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු ලෙස රටට ‍සේවයක් කිරීම මගේ අරමුණයි. පුංචි වශින්‍යා පවසයි.


Tuesday, November 12, 2013

හපනාගේ සිහිනය

දිනමිණ පුවතට ජනපති අවධානය

උතුරු මැද ශිෂ්‍යත්ව හපනාගේ සිහිනය සැබෑවක් වෙයි

මිහින්තලේ පතිරාජ තෙන්නකෝන් පාසලේ ඉගෙනුම ලබමින්, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උතුරු මැද පළාතෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් ජනිඳු චිරන්ත සිසුවා සිය සිහිනය සැබෑ කරගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වීමට ඊයේ (3) අවස්ථාව උදා කර ගත්තේය.
ලකුණු 190ක් ලබා ගනිමින් උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගත් ජනිඳුගේ එකම ප්‍රාර්ථනය වූයේ ජනාධිපතිතුමා මුණගැසීම බව දිනමිණ ඔක්තෝබර් මස 31 වැනිදා තෙවැනි පිටුවෙන් වාර්තා කළේය. උතුරු මැද පළාත් ඇමැති එච්. බී. සේමසිංහ මහතා මුණගැසුණු අවස්ථාවේදී සිය ප්‍රාර්ථනය ගැන ප්‍රකාශ කර තෙදිනක් ගතවත්ම ජනාධිපතිතුමා මුණගැසීමේ අගනා අවස්ථාව හිමි කර ගැනීමට මෙන්ම ජනාධිපතිතුමන්ගේ අතින් තිලිණ ලැබීමටත් ජනිඳු වාසනාවන්තයකු විය.
දිනමිණ වාර්තාව දුටු ජනාධිපතිතුමා අනුරාධපුර ජනාධිපති මන්දිරයට ජනිඳු කැඳවා පුතේ අපි එහෙනම් රෝයල් එකට යමු දැයි විමසා සිටියේය. ලැප්ටොප් පරිගණකයක්, ශබ්ද කෝෂයක් හා පාසල් උපකරණ ජනාධිපතිතුමාගෙන් ජනිඳුට තෑගි වශයෙන් ලැබිණ.
විදුහල්පතිනී මල්ලිකා මැණිකේ, පන්ති භාර ගුරුවරිය වන වයි. ඉන්ද්‍රාණි සුමුදුලතා මහත්මීන් ඇතුළු සියලු ගුරුභවතුන්ටත් ජනාධිපතිතුමා හමුවීමට මඟ විවර කළ එච්. බී. සේමසිංහ මහතා සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමටත් ජනිඳු ස්තුතිය පළ කළේය.
නියෝජ්‍ය ඇමැතිවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, ඩබ්ලිව්. බී. ඒකනායක, උතුරු මැද පළාත් මහ ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන්, පළාත් ඇමැති එච්. බී. සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, පළාත් සභාවේ සභාපති ටී. එම්. ආර්. සිරිපාල, දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න, අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස මහත්වරුන් සමඟ ජනිඳු දරුවාගේ පියා වන ජී. එදිරිසිංහ, ඉනෝකා ප්‍රියදර්ශනී ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.
.



Friday, June 28, 2013

අපරාජිත ධර්මරාජයෝ ලීග් ශූරතාව දිනති

අපරාජිත ධර්මරාජයෝ ලීග් ශූරතාව දිනති
2013 ජූනි මස 28  | යොහාන් භාසුර







තරගාවලිය පුරාම සිය අපරාජිත බව රැකගත් මහනුවර ධර්මරාජ කී‍්‍රඩකයෝ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද වයස 20 න් පහළ රග්බි (ලීග්) තරගාවලියේ පළමු කොටසේ ශූරයන්ට හිමි ‘සිංගර්’ කුසලාන දිනාගැනීමට අද (28 වැනිදා) සමත් විය.
ධර්මරාජ විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පැවැති ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගය ලකුණු 17-17 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන්වීමත් සමග ධර්මරාජ විදුහල තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය.
ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර ධර්මරාජ විදුහල වසර 10 කට වැඩි කාලයක් ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කර තිබේ. ධර්මරාජ විදුහල් පිල මෙවර තරගාවලියේදී තරග 9 කට සහභාගි වෙමින් ජයග‍්‍රහණ 7 ක් අත්කරගැනීමට සමත් වූ අතර තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-3 ක් ලෙස ධර්මරාජ විදුහල පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේදී තරගය සම කිරීමට රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. විදුහල් දෙකම ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූහ. 
ධර්මරාජ විදුහල වෙනුවෙන් ප‍්‍රදීප් බණ්ඩාර සහ තිළිණ විජේසිංහ උත්සාහක දිනුම් ලබාගත් අතර තිළිණ විජේසිංහ විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කරමින් ගෝල ප‍්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහරක් සම්පූර්ණ කළේය.
උදේෂ් රණවීර සහ භානුක ගමගේ රාජකීය විදුහලට උත්සාහක දිනුම් එකතු කළ අතර රිස්වි ජමාල්ඞීන් රාජකීය විදුහල් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් ගෝල ප‍්‍රවර්ථන සහ දඩුවම් පහර සම්පූර්ණ කිරීමට සමත් විය.
 
(ඡයාරූප: ශාන්ත රත්නායක)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ධර්මරාජ විදුහල් ක‍්‍රීඩක ප‍්‍රදීප් බණ්ඩාර උත්සාහක දිනුම සම්පූර්ණ කළ අවස්ථාව..
 

 
 
 
 
 
 
 
 
 
 
 ධර්මරාජ විදුහල් රග්බි පිල ශූරතා කුසලාන ලබාගැනීමෙන් පසු..
 
 

 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ (වෙළෙඳ සහ අළෙවි) මහේෂ් විජේවර්ධන මහතා අතින් ධර්මරාජ විදුහල් පිලේ නායක රෝෂණ හෙට්ටිආරච්චි ශූරතා කුසලාන ලබාගත් අවස්ථාව.
 


http://www.lankadeepa.lk/index.php/articles/144468

Tuesday, June 18, 2013

Best Child Actor - Thisal Moragoda

Best Child Actor 

Thisal Moragoda of "Mouse" fame won Best Child Actor at the third SAARC Film Festival held in Colombo . He was selected because of his highly acclaimed performance in the Children's Movie "Mouse'.
The awards ceremony was held recently at the Sri Lanka film Corporation..The Film Festival is yet another SAARC initiative and bring to the forefront films from the SAARC countries that have reached international standards.

http://www.sundayobserver.lk/2013/06/09/main_Junior.asp