V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label Biography. Show all posts
Showing posts with label Biography. Show all posts

Saturday, September 6, 2014

“උන්ට කවුද හිර දෙන්නෙ”

ගම්පෙරළිය ගැන ලියැවුණු මුල්ම විචාරය පළවුණේ සිළුමිණ පුවත්පතේ

“මාර්ටින් වික්‍රමසිංහ ලොව ජීවත්ව සිටින අති ශ්‍රේෂ්ඨ නවකථාකරුවන්ගෙන් කෙනෙකි”

- ජී. බී. සේනානායක - සිළුමිණ, 1944 මැයි 21
මීට අවුරුදු 70 කට පෙර එනම් 1944 මැයි 01 වැනිදා ලියා හමාර කර ඇති මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය නවකතාව අරභයා මුල්ම විවේචනය ලියන ලද්දේ ජී. බී. සේනානායක විසිනි. ගම්පෙරළියෙන් කොග්ගල ගමේ සමාජ පෙරළිය කියැවෙතත් එය මුළු ලොවටම සාධාරණ බව ඔහු කියයි. එම විවේචනය සම්පූර්ණයෙන්ම මෙහි පළ වෙයි.
ඇසින් ප්‍රතිග්‍රහණය කළ යුතු සත්‍යය, බුද්ධීන්ද්‍රීයෙන් හෝ භාවෙන්ද්‍රීයෙන් හෝ ප්‍රතිග්‍රහණය කළ යුතු සත්‍යය, අනුසන්ධානය යයි චිත්‍රයක ප්‍රධාන කරුණු තුනක් වෙතියි චිත්‍රකලා විචාරකයෝ කියති. මෙරට බෙහෙවින් සුලභ වන්නේ පළමුවන සත්‍යය පමණක් සලකා ගෙන කළ චිත්‍රයි. ඇසින් ප්‍රතිග්‍රහණය කළ සත්‍යයම චිත්‍රයට නැගීම සඳහා කළ සිතුවම ඡායාරූපයක් වැන්න. අප රට පුරාණ ශිල්පීන් සිතුවම් ඇන්දේ දෙවන සත්‍යයට හෙවත් බුද්ධීන්ද්‍රීයෙන් හෝ භාවේන්ද්‍රීයෙන් හෝ වටහාගත යුතු සත්‍යයට මුල් තැන් දීමෙනි. බුදුන් වහන්සේගේ ප්‍රතිරූපය සිතුවම් කළ පැරණි සිත්තරු උන්වහන්සේගේ ශාන්ත චින්තනය ද මෛත්‍රී කරුණාව ද චිත්‍රයට‍ නැඟීමට තැත් කළහ.
උන්වහන්සේගේ ශාන්ත චින්තනය හා මෛත්‍රී කරුණාව සිත්තරුන් විසින් බුද්ධීන්ද්‍රීයෙන් හා භාවේන්ද්‍රීයෙන් ප්‍රතිග්‍රහණය කළ බව සත්‍යයකි. චිත්‍රයක දැක්වෙන වස්තූන් නෙතට ප්‍රිය වන සේ තැන් තැන්වල සිටින සේ සකස් කිරීම අනුසන්ධානයයි. චිත්‍රයක අනුසන්ධානය කවියක වෘත්තයට සමානය. පළමුවන හා දෙවන සත්‍යයන් නොසලකා අනුසන්ධානයට මුල් තැන දෙන චිත්‍ර සම්ප්‍රදාය ඇතිවූයේ ඉතා මෑතකදීය. මේ සම්ප්‍රදාය අනුගමනය කරන චිත්‍රකාරයෝ වස්තූන්ගේ හැඩහුරුකම හෝ බුද්ධීන්ද්‍රීයෙන් වටහාගත යුතු සත්‍යය හෝ නොසලකති. මේ සම්ප්‍රදායට අනුව කළ චිත්‍රයක් ශබ්ද මාධූර්යය පමණක් සලකා අර්ථ ශුන්‍ය වචන යෙදීමෙන් රචනය කළ පද්‍යයකට සමානය.
මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය නමැති නවකථාවෙහි පිට කවරයෙහි එන චිත්‍රය, මේ චිත්‍ර සම්ප්‍රදාය අනුගමනය කොට කළ එකකැයි සිතමි. චිත්‍රකලා විචාරණය පිළිබඳව යට සඳහන් කළ කරුණු මා දැක්වූයේ ඒ චිත්‍රය වටහා ගන්නා සැටි පෙන්නා දීමටම නොවේ. මේ කරුණ චිත්‍රකලා විචාරණයට මෙන්ම සාහිත්‍ය විචාරණයට ද පොදුය. ශ්‍රේෂ්ඨ නවකථාවක් ලෙස සැලකිය යුත්තේ විෂයෙන්ද්‍රීයයන් ගෙන් වටහා ගත් සත්‍යය ද බුද්ධීන්ද්‍රීයෙන් හෝ භාවේන්ද්‍රීයෙන් හෝ වටහාගත් සත්‍යය ද අනුසන්ධානය හෙවත් සන්දර්භය ද එක ලෙස ප්‍රධානකොට සලකාගෙන කරන ලද කථාවය. කවරයෙහි එන චිත්‍රය අනුසන්ධානය හෙවත් සන්දර්භයට ගරුකොට සලකා ගෙන කරන ලද්දක් වුවද පොතෙහි එන කථාව මේ කරුණු තුනම සමව සිටින ලෙස කළ රචනයකි.
චරිතය හා සමාජය පිළිබිඹු කරන නවකථාය, චරිතයන්ගේ සංඝට්ටනය දක්වන නවකථායයි නවකථා දෙකොටසකට බෙදිය හැකැයි සිතමි. මෙසේ නවකථා බෙදීමේදී චරිතාලේඛනය නොසලකා ලියූ නිසරු කථා මා විසින් නවකථා ලෙස නොසලකන ලදී. ගම්පෙරළිය චරිතාලේඛනය ද සමාජ තත්ත්වය ද පිළිබිඹු කොට දැක්වීම සඳහා කළ නවකථාවකි. ගමක විපර්යාසය දැක්වීම වික්‍රමසිංහ මහතාගේ අදහස හෙයින් නවකථාවට තබන ලද නම බෙහෙවින් උචිතය. ගම්පෙරළිය ලියන ලද්දේ දකුණු පළාතේ කොග්ගල නමැති ගමෙහි සමාජ තත්ත්වය විපර්යාස වූ සැටි දැක්වීමකට වුවද එයින් විස්තර වන්නේ නවීන සභ්‍යත්වය නිසා ලොව සියලුම රටවල ගම් වෙනස් වන සැටිය.
ඉතා කුඩා ගමක සමාජයක් වුවද ස්ත්‍රී පුරුෂයන් සිය ගණනකින් යුක්ත වෙයි. එහෙත් සමාජය පිළිබිඹු කොට දක්වන නවකථාවකට සාමාන්‍යයෙන් ඇතුළත් කළ හැක්කේ චරිත කීපයක් පමණය. වික්‍රමසිංහ මහතා නවකථා කලාවෙහි ශූරයෙකු බව ගමක සමාජයෙහි විපර්යාසය චරිත කීපයක උපකාරයෙන් පිළිබිඹු කොට දැක්වූ සැටියෙන් පැහැදිලි වෙයි. සමාජයක පුද්ගලයන් චරිතයට අනුව කොටස් වශයෙන් බෙදා කොටස්වලට පොදු වූ ගතිගුණ ඇති චරිතයන් නිර්මාණය කිරීමෙන් සමාජය පිළිබිඹු කිරීම සාමාන්‍යයෙන් නවකථාකාරයන්ට හුරු වූ උපක්‍රමයකි. මෙවැනි චරිත මෙරට නවකථාවලට ද නාට්‍යවලට ද බොහෝ සෙයින් සුලභය. ගමේ වෙදා ද මඟුල් කපුවා ද උඩඟුකම හා කුල ගර්වය නිසා විනාශයට පත්වන මුදලිද එවැනි චරිත කීපයකි. මේ චරිත සමාජයේ ඇතැම් පක්ෂයන් හඳුන්වන ලකුණු වශයෙන් මිස පුද්ගලයන් වශයෙන් නොසැලකිය හැක.
සමාජය පිළිබිඹු කොට දක්වන නවකථාවක එන චරිත ශූර නිර්මාණයන් විය හැක්කේ, සමාජයේ නොයෙක් පක්ෂයන් හඳුන්වන ලකුණු වශයෙන් පෙනී සිටින තරම පෞද්ගලික ගතිගුණ ඇත්තවුන් ද වූවොත් පමණය. වික්‍රමසිංහ මහතා ගමෙහි විපර්යාසය දක්වන්නේ කුල ගර්වයම දැඩිකොට ගත් පැරණි ධනවත් පවුලක් ක්‍රමයෙන් පිරිහෙන සැටි ද ගර්වය උපදවා ගැනීමට තරම් පරම්පරාවක් නැති පවුලක් ක්‍රමයෙන් ධනවත් වන සැටි ද දැක්වීමෙනි. මේ දෙපවුලෙහි චරිත මෙන්ම ගමෙහි සෙසු සමාජය පිළිබිඹු කොට දැක්වීම ඇතුළත් කොට තිබෙන චරිත ද පුද්ගලයන් මෙන් හඳුනාගත හැක්කෝය. නන්දා කොග්ගල ගමෙහි ඉතා පැරැණි පරපුරක් ඇති පවුලක තරුණියකි. පියල් පසුව තරමක් වත්පොහොසත් කමක් ඇතිකොට ගත් ධනපතියකුගේ පුතෙකි. ඉංග්‍රීසි උගතකු වූ පියල් නන්දාට ද ඇගේ සොහොයුරියට ද ඉංග්‍රීසි ඉගැන්වීමට ඔවුන්ගේ ගෙදරට ආවේය. නන්දා කෙරෙහි ආලය කරන්නා වූ පියල් නන්දාට විවාහ යෝජනාව කළේය. තමන්ගේ දෙමවුපියන් විවාහය අනුමත කරතොත් තමා ඔහු හා විවාහ වීමට කැමැති බව නන්දාගේ පිළිතුර විය.
“උන්ට කවුද හිර දෙන්නෙ” යනු විවාහ යෝජනාව ගැන ඇසූ නන්දාගේ මවගේ හෙවත් මාතර හාමිනේගේ මුවින් නිතැතින් නිකුත් වූ පිළිතුර විය. උගත් කමක් හෝ වත්පොහොසත්කමක් හෝ නැතත් වැදගත් පරපුරක් ඇති ජිනදාස හා නන්දා විවාහ විය යුතු යයි දෙමවුපියන් යෝජනා කළ විට ඈ කිසිවක් නොකියා ඊට කැමැති විය. නන්දාගේ චරිතය ගම්බද කුලගෙවල දැරියන්ට පොදු වූ චරිතයක් වුවද ඈ වෙනත් කුල දැරියන් ගෙන් වෙන් කොට හඳුනාගත හැකි වන ලෙස නිර්මාණය කොට ඇත. නවකථාවක් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වීමට නම් එහි එන ජීවිතය පිළිබඳ ප්‍රවෘත්තීන්හි දෙවැදෑරුම් වූ සත්‍යයක් ගැබ් විය යුතුය. නවකථාවෙහි එන සිදුවීම් හා චරිත ද නවකථාවට අරමුණු වූ කාලය ප්‍රදේශය සිරිත් විරිත් ආදිය හා ගැළපිය යුතුය. මෙය එක සත්‍යයකි.
විෂයෙන්ද්‍රීයයෙන් වටහාගත යුතු සත්‍යය යයි යට කියන ලද්දේ මෙය. නවකථාවෙහි දැක්වෙන ජීවිත ප්‍රවෘත්තීන් ද චරිත ද සියලුම මනුෂ්‍ය වර්ගයාට පොදු වීම බුද්ධීන්ද්‍රීයෙන් වටහාගත යුතු සත්‍යයයි යට කියන ලද අනික් සත්‍යය වික්‍රමසිංහ මහතා විස්තර කරන ප්‍රවෘත්ති කොග්ගල ගමට මෙන් මිනිසුන් වසන සියලුම පෙදෙස්වලට පොදුය. මෙරට ගමක ජීවිතය මෙන්ම මනුෂ්‍යත්වය ද පිළිබිඹු වන ලෙස මේ නවකථාව ගොතා තිබෙන සැටි සලකන විට මා තුළ ඇති වන්නේ වික්‍රමසිංහ මහතා, ලොව ජීවත්ව සිටින අති ශ්‍රේෂ්ඨ නවකථාකාරයන් අතර ලා සැලකිය යුතු ය යන අදහසය. ගම්පෙරළිය, නවකථා කලාව හදාරන්න වුන් විශේෂයෙන් කියවිය යුත්තකි. 
http://www.silumina.lk/2014/09/07/_art.asp?fn=cr1409073

Saturday, March 30, 2013

දුවගේ සිනාව - විමලරත්න කුමාරගම


දුවගේ සිනාව
විමලරත්න කුමාරගම

අඩ හඳ පළුව මගෙ පොඩි දියණිගෙ කටය

ඇගෙ වත තමා පසු තල සුදුවෙල කැටය

ලොකු පොඩි තාරුකා ඇගෙ කෙළි බඩු වටය

ඈ හිනැහුණේ වෙන කෙනකුට නොව මටය


තව බඹ දෙකයි නිදියන මොහොතටද දුවේ

ඔබෙ මව සිටී යම් තැන පස්‌ අතර ලොවේ

ඈ නිදි නිසා ම හදෙහි දැන් රැය ද දෙවේ

නිදියන් ඔබත් එහි කෙළි බඩු සමඟ දුවේ


මඳ නළ නමුත් මෙහි වෙන කිසිවකු නැතද

මගෙ කෙහෙ අදින්නේ ඔබෙ කිරිකැටි අතද

ඔබ හට කැමති නම් දෙමි මගෙ හද වතද

ඇස පියවෙන්නෙ ඇයි ඔතරම් නිදි මතද


ඇවිටිලි කළත් නැත නැළවිලි නවති න්නේ

මට සුව සැලසු ඔබ ඇයි එය වළක න්නේ

ඇයි ඇයි දුවේ ඔය හෙමිහිට සැඟ වෙන්නේ

ඔබ ළඟ නැතුව මා කොහොමද නිදිය න්නේ


නල වැල සසල ගති අද මට සතුරු වුණේ

හුරු තනිකම ද ගෙන එයි දැන් වියරු වුණේ

දැන් නොපෙනුණත් මගෙ දුවගේ උවන අනේ

අඩ සඳ පළුව ඇති විට ඇගෙ රුව ද පෙනේ


හැම සම්පත ම සලසමි මා අයින් නොවේ

ඔබ වත සිඹින්නට නැති මා දුකින් තැවේ

මගෙ හද තොටිල්ලට ලැබුමට හොඳින් සුවේ

තරු කොල්ලනුත් අඬගහගෙන වරෙන් දුවේ

කොළඹ යුගයේ දෙවැනි කවි පරපුර නියෝජනය කළ විමලරත්න කුමාරගම කවියා (1919 ජනවාරි - 1962 දෙසැම්බර්) නිසැක වශයෙන්ම කොළඹ යුගයේ අන් සියලු කවීන්ගෙන් වෙන්කොට ගත හැකි විශිෂ්ටතම කවියා බව විචාරක මතයයි. ජන හදට සමීප ජීවිතානුභූතීන් හෘදයාංගමව හා අව්‍යාජ ලෙස පද්‍ය කාව්‍ය ලෙස නිර්මාණය කිරීමට ඔහු තුළ වූ ප්‍රතිභාවට නිදසුන් සේ දැක්‌විය හැකි රචනා බොහෝය. වලස්‌ දඩයම, හේරත්හාමි, අය්යනායක වැනි නිර්මාණ ඒ අතර ප්‍රමුඛ වුවත් ඔහු විසින් රචිත පද්‍ය කාව්‍ය රාශියක්‌ ද කාව්‍ය ග්‍රන්ථ කිහිපයක්‌ ද කුමාරගම කවියාගේ නාමය ඉදිරියේ සටහන් වී ඇති බව ඔහුගේ කාව්‍යාවලි විමසන කල්හි පෙනේ. දුවගේ සිනාව නම් ඉහත නිර්මාණය මෙවර කවි මිහිර සඳහා මවිසින් උපුටා ගන්නා ලද්දේ පී. එම්. සේනාරත්න විසින් සංගෘහිත විමලරත්න කුමාරගම කාව්‍යාවලී නම් කෘතියෙනි. ඔහු විසින් තම දියණිය පිළිබඳව මෙන්ම ඔහුගේ මිතුරන්ගේ දියණියක පිළිබඳව ද රචනා කරන ලද කාව්‍ය නිර්මාණ හමු වේ. ඔහුගේ මිතුරකුගේ දියණියක්‌ වූ මායා පිළිබඳ කුමාරගම කවියා විසින් රචිත අපූරු නිර්මාණයක්‌ ලිපිය නමින් හමු වේ. ඔහු ඈ බලන්නට නිවසට යන කල ඈ මියගොසිනි. එහෙත් ඈ විසින් ලියා තිබුණා යෑයි කවියා දකින ළමා කවියෙන් ඈ අමතා තිබුණේ ඇගේ පියාටයි. කවියා ඉතා අපූරුවට ළමා මනස චිත්‍රණය කොට ඇති විලාසය බලන්න.

"තාත්තට මං

විහිළු කෙරුවා

තාත්තේ මට හරි දුකයි

තාත්තේ මං

මීට පස්‌සේ

දඟ කරන්නේ නෑ අනේ..."

එහෙත් කුමාරගම කවියා තම දියණිය පිළිබඳ නිර්මාණය කළ රචනාවේදී ඔහුට සුපුරුදු සිව්පද ආකෘතියම තෝරාගෙන මියගොස්‌ ඇති ඔහුගේම දියණිය පිළිබඳ මතකයට පිවිසෙයි.

කවියා තම දියණියගේ හැඩරුව පාඨකයා ඉදිරියේ මවන්නට සොබාදහමේ වස්‌තූන් උපමා ලෙස යොදාගනී. පොඩි දියණියගේ මුව අඩ හඳ පළුවක්‌ සේය. ලොකු පොඩි තාරුකා ඇගේ සෙල්ලම් බඩු වැන්න. ඈ ඔහු දෙස බලමින් සිනාසෙන්නීය. එහෙත් තවත් කෙටි මොහොතකින් ඈ මව සිටිනා තැනට යන බව කවියා පවසයි. මව මියගොසිනි. දියණියගේ කෙළිබඩු ද රැගෙන මව සිටිනා ලොවට ගොස්‌ නිදියන්නැයි ඔහු දියණියට පවසයි. කවියාට දියණියගේ මතකයෙන් ඈත්වන්නට නොහැකිය. හමා යන මඳ නල හැර අන් කිසිවෙකුත් නොවූවත්, ඔහුගේ හිසෙහි කෙස්‌ කවුරුන් හෝ අදිනා බවක්‌ ඔහුට දැනේ. ඇගේ සියුමැලි කිරිකැටි දෑතින් ද ඔහුගේ කෙස්‌ අදින්නේ?

"මඳ නල නමුත් මෙහි වෙන කිසිවෙකු නැතද

මගෙ කෙහෙ අදින්නේ ඔබෙ කිරි කැටි අතද..."

බිරිඳකගේ වියෝවෙන් තැවෙන හිමියෙකුට තම දියණියගේ වියෝවක්‌ කෙසේ දරා ගැනීමට හැකිවේ දැයි සිතා ගැනීම අපහසුය. කවියාට දැනෙන, ඔහු වට කොටගෙන ඔහු වෙළා ගන්නා, පාළුව, ඔහු සිත රිදවයි. කෙමෙන් කෙමෙන් ඈ ඔහු වෙතින් සැඟවී යන මොහොතේ ඔහුගේ පාළුව තනිකම තීව්‍ර වේ. ඈ නොමැතිවා ඔහුට නින්ද නොඒ"

"ඇයි ඇයි දුවේ ඔය හෙමිහිට සැඟවෙන්නේ

ඔබ ළඟ නැතුව මා කොහොමද නිදියන්නේ..."

ඔහු එලෙසින් ප්‍රශ්න කරන්නේ එබැවිනි. ඔහුට තම දියණියගේ මුහුණ නොපෙනේ. එහෙත් අඩ සඳ පළුව ඔහු නෙත ගැටේ. එවිට ඔහුගේ මතකයට ඈ පිවිසේ. මන්ද යත් ඇගේ මුව ඔහුට පෙනෙන්නේ අඩ සඳක්‌ විලසින් බැවිනි. ඇගේ වත සිපගන්නට නොහැකි සොවින් ඔහු තැවේ. ඔහුගේ හදවත නමැති තොටිල්ලට ඇගේ කෙළිබඩු වූ තරු ද රැගෙන එන්නැයි කවියා ඇයගෙන් ඉල්ලා සිටී.

දියණියකගේ වියෝව පිළිබඳ පෞද්ගලික අත්දැකීමක්‌ තම නිර්මාණය සඳහා වස්‌තු විෂය කරගන්නා කවියා, දියණියගේ බාහිර ස්‌වරූපය අතීත ස්‌මරණයට නගමින් ඈ නොමැති කල දැනෙන පාළුව සියුම් ලෙස සරල වදන් මාලාවක්‌ ඔස්‌සේ ගොඩනගමින් පාඨක සිත්හි ශෝක රසයක්‌ උපදවීමට සමත් වේ. මෙවන් අත්දැකීමක්‌ පැවසීමට වඩාත් උචිත ආකෘතිය සිව්පද ආකෘතිය බව පාඨකයනට ඒත්තු යයි. මියගිය දුවගේ සිනාව තුළ කවියාගේ මතකය පිබිදේ. කොළඹ යුගයේ බොහෝ කවීන්ගේ පද්‍ය කාව්‍ය තුළ මෙවැනි අත්දැකීම් රැගත් නිර්මාණ ඇත ද දුවගේ සිනාව නිර්මාණය ඒවාට වඩා වෙනස්‌ මුහුණුවරක්‌ ගන්නේ කවියා භාවාතිශය නොවී, සංයමයෙන් යුතුව තම අත්දැකීම ගොඩනංවා ඇති බැවිනි. දියණිය නොමැති මොහොතෙහි සිහිපත් වන ඇගේ කිරිකැටි සිනහව ඔස්‌සේ හඬා වැළපීමට තැත් නොකරන ඔහු තම හදවතෙහි මෝදු වූ ශෝකය විඳ දරා ගැනීමට වෙරදරයි. තම ජීවිතයට සමීප වූ චරිතද්වයකින් වියෝවන්නට සිදුවීම සාමාන්‍ය දුකක්‌ විඳ දරා ගැනීමට වඩා දුෂ්කර හා අපහසු කර්තව්‍යයකි. විශේෂයෙන්ම තම ලෙයින් ලොව ජනිත වූ දියණියකගේ වෙන්වීම, ජීවිතයේ යථා ස්‌වභාවය, අනිත්‍ය යයි කල්පනා කොට විඳ දරා ගැනීම කෙතරම් අසීරුදැයි කුමාරගම කවියා විසින් නිර්මිත පියාගේ ශෝකය මගින් අපට පහදා දේ. ඔහු ඒ තනිකමකින්, තවත් තනිකමකට එක්‌වී සිටිනවා නොවේද යන සිතිවිල්ල සමඟ පාඨක අපගේ සිත්හි ද ඔහු පිළිබඳ ශෝකයක්‌ උපදී. අනුකම්පාවක්‌ මතු වේ. ඔහුගේ සෝකය අප විසින් ද බෙදාගත යුතු යෑයි යන හැඟීම අප සිත්හි ජනිත වේ. කවියාගේ දුවගේ සිනාව අපගේ සිත්හිද පිළිබිඹු වෙමින් ඈ පිළිබඳ ස්‌නේහයකින් අප සිත් පුරවාලයි.

බුද්ධදාස ගලප්පත්ති

Friday, March 29, 2013

පුංචි ළමයින්ගේ සතුට මා ලබන සම්මානයයි


පුංචි ළමයින්ගේ සතුට මා ලබන සම්මානයයි

ප්‍රවීණ හඬ කැවීම් ශිල්පී පරාක්‍රම පෙරේරා
“සූටි බූටි කොට කලිසන්
රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද පැදුරේ හෙට මැදුරේ
පිස්සු පූසා මේ...
පිස්සා මේ... පිස්සා මේ...
පිස්සු පූසා මේ
ගීතයත් සමඟ අපේ මතකයට නැඟෙන්නේ පිස්සු පූසාගේ හඬයි. පිස්සු පූසා රූපවාහිනි වැඩසටහනක් වුව ද රූපයට වඩා එහි දෙබස් අප මතකයේ රැඳී ඇත්තේ එහි පැවති හාස්‍ය මුසු අපූර්වත්වය නිසාමය.
“පුරු පුරූ... මාළු කට්ටා අපි දැං වැඩ පටාං ගන්නයි යන්නේ...”
අප මතකයේ රැදි ඒ පූස් ලොක්කාගේ හඬෙහි සැබෑ හිමිකරුවා වන්නේ ප්‍රවීණ හඬ නළුපරාක්‍රම පෙරේරාය. එපමණක් නොවේ. බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ‘දොස්තර හොඳ හිත’, ‘ගලිවර්ගේ සුවිසැරිය’, ‘මල්ගුඩි දවස’ හැරුණුකොට, ‘සුජාත දියණිය’, හි ඩුක්කු මාමා මෙන් ම මේ දිනවල විකාශය වන ‘අභීත දියණිය’ නාට්‍යයේ දොංඊ වෙනුවෙන් නිතර කරදර වන සංගීත අංශයේ ප්‍රධානියා සඳහාත් හඬ රංගනයෙන් දායක වී ඇත්තේ මොහුය.
“පුංචි දවස්වල මට පොත් කියවන එක වගේ ම ගුවන් විදුලියට ඇහුන්කන් දීමේ පිස්සුවක් තදටම තිබුණා. පාරක ගියත් ගුවන් විදුලියක හඬ ඇහෙනවා නම් නතරවෙනවා. අපේ පවුලේ ඥාතියෙක් සිටිනවා ආරියදාස පෙරේරා කියලා එතුමා අදටත් කලා කටයුතු වලට සම්බන්ධයි. ආරියදාස මාමා ගෙදර ආවම මම කරදර කරනවා ගුවන් විදුලියට එක්ක යන්න කියලා ඒ වනවිට මට අවුරුදු 12 ක් විතර ඇති මේ විදිහට ගුවන් විදුලියට ගිය මට ළමා පිටියට සම්බන්ධවීමේ අවස්ථාව හිමි වුණා.
කරු අයියගේ ළමා පිටියේ මට කරන්න දුන්නේ, පිටතින් එවන නිර්මාණ ඉදිරිපත් කිරීම. කවි, කතා, රචනා මේ විදිහට ඉදිරිපත් කළා. කිසි විදිහකින්වත් වැරැද්දකට ඉඩක් නෑ. වැඩසටහන සජීවීවමයි විකාශය වන්නේ.
සමහර දවස්වලට කරු අයියගෙන් හොඳ ටොක්කක් හම්බවෙනවා ඒ උච්චාරණ වැරදි නිසා. එදා ටොකු ලැබුණත් කරුණාරත්න අබේසේකර මහත්තයා අපිට හොඳ දැනුමක් ලබාදුන්නා. ඒ දිනවල එතුමා පටන්ගත්තා “ජිල් ජෝනා හා වැන්දබෝනා” නමින් ගුවන් විදුලි නාට්‍යයක්. ඒකේ වැන්දබෝනාගේ චරිතය රඟපෑවේ මම. ඒක හරිම හාස්‍යජනක කතාවක්. ඒ දවස්වල ළමයින් අතර ඒක ජනප්‍රිය වුණා. එතැනින් පස්සේ කරුණාරත්න අබේසේකර මහත්තයා කළ නිර්මාණ ගණනාවකටම දායකත්වය ලබාදෙන්න මට හැකි වුණා.s
‘මඩොල්දූව‘, ‘අඹයාළුවෝ’ ඒ දවස්වල ගුවන් විදුලියේ ළමා රංගපීඨයෙන් ඉදිරිපත් කළා. මේ නාට්‍ය දෙකේම මම රඟපෑවා. මඩොල්දූවේ ජින්නාගේ චරිතය රඟපෑවේ මම. උපාලිට රඟපෑවේ රෝහණ සිරිවර්ධන. දවසක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කරු අයියත් එක්ක කියලා තිබුණා මාවත් රෝහණවත් බලන්න ආසයි කියලා. අපි දෙන්නා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගේ ගෙදර ගියා ඒ වෙලාවේ අපිව පිළිගත්තේ හරිම ආදරෙන්.
“ප්‍රේමා මෙන්න ඇවිල්ලා මගේ ‘මඩොල් දූවේ’ උපාලියි ජින්නයි” කියලා එතුමාගේ බිරියටත් කතා කරලා අපේ චරිත ඉදිරිපත් කිරීම ගැනත් ප්‍රශංසා වෙන් කතා කළා.”
පරාක්‍රමගේ හඬින් ඉදිරිපත් වූ ගුවන් විදුලි නාට්‍ය චරිත අතර “හන්දියේ ගෙදර” රසිකයින්ට තවමත් මතකයි. ඒ පිළිබඳව පරාක්‍රම පැවසුවේ...
“ඒ නාට්‍යය ලිව්වේ ආනන්ද සිරිසේන. මම එහි ඉදිරිපත් කළේ නවරත්නම්ගේ චරිතය. ඒ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.”
පරාක්‍රමගේ ළමා පිටියේ මිතුරන් අතර ප්‍රේමකීර්ති ද අල්විස් සුවිශේෂී මිතුරෙක් වුණා. රූපවාහිනිය ආරම්භ වීමෙන් පසුව ටයිටස් තොටවත්ත මහතාට පරාක්‍රමව හඳුන්වා දෙන්නේත් ප්‍රේමකීර්තියි.
පරාක්‍රම හඬ නළුවෙකු වුවත් ඔහු රැකියාව කළේ කොළඹ මහ නගර සභාවේ. පසුගිය දිනෙක පරාක්‍රම එහි සේවයෙන් විශ්‍රාම ගියා. ඔහු මහ නගර සභාවේ සේවයේ නියුතුව සිටියේ වැඩ පරීක්ෂක ලෙසයි. වසර 42 ක පමණ කාලයක් මහ නගර සභාවේ කළ මෙහෙවර මෙන් ම කලාකරුවකු ලෙස ඉටු කළ සේවාව අගයා පසුගියදා කොළඹ මහ නගර සභාව පරාක්‍රම වෙනුවෙන් උපහාර උලෙළක් සංවිධානය කර තිබුණා. එදින නගර ශාලාව ඉදිරිපිට ඇති ජාතික ධජය එසවීමේ අවස්ථාව ලබාදී තිබුණේත් පරාක්‍රමටයි.
පරාක්‍රමගේ කට හඬින් ඉදිරිපත් වන චරිත බොහෝ දුරට එකිනෙකට වෙනස්. අප ඒ පිළිබඳවත් විමසුවා.
“මම මුලින් චරිතගේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කරනවා මේ දවස්වල ‘අභීත දියණිය’ මම රඟපාන චරිතය හරිම කලබලකාරියි. වෙලාවකට අඬනවා වෙලාවකට හිනාවෙනවා. ඒ චරිතයේ තරමක මෝඩ විසුළු ස්වභාවයක් තිබෙනවා. ඒ බව ඉස්මතු වෙන ආකාරයටයි මම මගේ හඬ යොදාගත්තේ. ඒ නිසා මගේ ස්වභාවික හඬ ඊට ගැළපෙන්නේ නැහැ. මම වෙනම හඬකින් දෙබස් උච්චාරණය කරනවා.”
මේ වනවිට පරාක්‍රමගේ හඬ නළු ජීවිතයට වසර 48 ක්. ඒ නිසා ම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමඟ කටයුතු කර ලබාගත් අත්දැකීම් බොහෝමයි.
“මගේ ජීවිතේ දී ගුවන් විදුලිය මගේ මුල් ම මහගෙදරයි. එතැනදී මට ලැබුණු අත්දැකීම් ගුරුහරුකම් අපමණයි. රූපවාහිනියෙන් ඉදිරිපත්කළ ‘පිස්සු පූසා’, ‘දොස්තර හොඳ හිත’ වගේ චරිත අදටත් පුංචි ළමයි රසවිඳිනවා සමහර තැන්වලදී. ඒ චරිත කළේ මම කියල දැන ගත්තම බේරෙන්න බෑ කොටසක් කියලා පෙන්වන්න කියලා මම ඒ වෙලාවට ඒ අය සතුටු කරන්න වචනයක් දෙකක් කියනවා. එහෙම වෙලාවට පුංචි අයගේ මූණේ තියෙන සතුට දැක්කම මටත් හරිම සතුටුයි. හඬ නළුවකු විදිහට මම ජීවිතේ ලබන ලොකුම සම්මානය ඒකයි.”

Tuesday, March 26, 2013

බුබම්බා,යෝධයා,පඬිතුමා හා බටකොළ ආච්චි ළමා ලෝකයට රැගෙන ආ ඇස්.ඒ.දිසානායක


බුබම්බා,යෝධයා,පඬිතුමා හා බටකොළ ආච්චි ළමා ලෝකයට රැගෙන ආ ඇස්.ඒ.දිසානායක
2013 මාර්තු මස 24 15:02:40 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
තෙළිතුඩ ඔහුගේ ආත්මයයි. 1961  නවයුගය පුවත්පත ‘‘රත්තරං පුතා’’ චිත‍්‍රකතාවෙන් සැරසූ ඔහු ‘‘යෝධයා හා පඬිතුමා’’ ‘‘ඔන්න බබෝ’’ වැනි චිත‍්‍රකතා තුළ ගොඩනැගූ යෝධයා,  පඬිතුමා, බටකොලආච්චි හා බූබම්බා වැනි චරිත අදත් ළමා ලොවේ විරයෝය.
 
දැනට 81 වැනි වියේ පසුවන එස්.ඒ. දිසානායක නම් වූ මෙම සොඳුරු සිතුවම් ශිල්පියාගේ ‘‘යෝධයා සහ පඬිතුමා* චිත‍්‍රකථා එකතුව ළමා පොතක් ලෙස මෙම මස 27 වැනිදා සවස 3.30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී එළිදැක්වේ. රජයේ ලියාපදිංචි සී.පී.යූ. නම් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන පරිගණක අධ්‍යාපනය ලබාදෙන ළමා සුබසාධනය වෙනුවෙන් කැපවන ආයතනයේ ළමා අරමුදලට මෙම පොත අලෙවියෙන් ලැබෙන ආදායම බැරවෙයි. අපි ඔහුගේ වසර  81ක සොඳුරු කලා දිවියට එබී බලමු.
‘‘පුංචි සන්ධියේ ඉඳන්ම තෙළිතුඩ හසුරවන්න ඔබට හැකියාවක්  තිබුණද? මා  එහි යන තුරුත් ඔහු ඇඳි සිතුවම් සහිත පුවත් පත්වල පිටු ඇලවූ ඇල්බමයක් හා තවත් නිර්මාණ ගොන්නක් මේසය මත තබාගෙන සන්සුන්ව අසුන්ගෙන සිටි එස්.ඒ. දිසානායකයන්ට පළමු පැනය යොමු කළෙමි.
‘‘පුංචි කාලෙ මට මේ ලෝකෙ දෙයක් අඳින්න බෑ. චිත‍්‍ර කලාව කියන දේ මගේ ඇඟේ තිබුණෙ නැහැ. මගේ ගම අවිස්සාවේල්ල. මම පාසල් ගියේ කතෝලික හා බුද්ධාගමේ දරුවන් මිශ‍්‍ර වූ දියුරුම්පිටිය කනිටු විදුහලටයි. මගේ මව මට වයස අවුරුදු 7ක් වෙද්දි මිය ගියා. තාත්තා වතුපිටි බලා කියා ගන්නා රැකියාවක් කළේ. පියාටත් හදිසියේම රැකියාව නැති වුණා. ඊට පස්සෙ බලංගොඩ පැත්තට පදිංචියට ගිහින් තැන තැන කුලී නිවාසවල පදිංචි වෙලා හිටියා.
ඔහුගේ දිවියේ අඳුරුතම හා අපූරුතම කාලපරිච්ෙඡ්දය  දිගහැරෙන්නේ ඒ වකවානුවේදීය. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී අනාගතය පිළිබඳ අවිනිෂ්චිත හැඟුම් සමුදායකින් ඔහුගේ මනස ඔද්දල් වෙයි. දරුවකුට පාසල් අධ්‍යාපනයේ වටිනාකම දැනෙන ඔහුගේ පියා යළිත් මේ කුඩා දරුවා අවිස්සාවේල්ල මාදොළ පදිංචි ඔහුගේ මෑණියන්ගේ නිවෙසට රැගෙන එයි. ආච්චිගේ සහයෙන් යළිත් මේ දරුවා යාබද පාසලේ 4 වැනි පංතියට ඇතුළත් කෙරෙයි.
‘‘කලින් පාසලේම 4 වැනි පංතියට ආයෙත් මාව ඇතුළත් කළාට පංතියේ අධ්‍යාපන කටයුතු කිසි දෙයක් මට කරන්න බැහැ. ඒ තරමට මම අදක්ෂයි. ඇති වනතුරු ගුරුවරුන්ගෙන් ගුටි කෑවා.  ගුටි කෑවට ගෙදර ගිහින් කිසි දෙයක් මම කියන්නෙ නැහැ. ගෙදර අය හිතන් ඉන්නෙ මම අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යනවා කියලයි. ඒ කාලෙ මගේ මාමලත් ගුරුවරු. ඒත් අම්මා නැති වුණාට පස්සෙ ඒ නෑයොත් තරහවුණා. තාත්තටත් ඒ වෙද්දි හරිහමන් රැකියාවක් නැහැ. තාවකාලික රැකියා කළේ. මා ගැන කවුරුත් සොයා බැලූවේ නැහැ. නමුත් මම 8 පන්තියට ගියාම යාන්තම් 8 පාස්වුණා. මම වෙළෙඳ ලිපිකරු රැකියාවක් හොයා ගත්තා. තරඟ  විභාගෙකින් තමයි මට ඒ රැකියාව ලබුණේ. ඒක කරන අතරේ දැන්වීම් පුවරු අඳින්නත් පුරුදු වුණා. දිගටම ඇන්දා.
තාත්තගේ ආර්ථිකයත් මේ වෙද්දි හොඳ අතට හරුණා. ඊට පස්සෙ මම කළුතර, කලපුගම පාසලකට ඇතුළ් වුණා. ඒ පාසලේ දී මට හොඳ පිළිගැනීමක් තිබුණා. මගේ කලාහැකියාවන් ඒ අය අඳුනා ගත්තා. ගුරුවරුන්ගේ කලා කටයුතුත් මට ගෙනත් දුන්නා. සියල්ල හොඳින් කළා.
මේ අතරතුරේ ලංකාදීප පත්තරේටත්  ඇන්දා. පත්තරේට ලිපිත් ලිව්වා. කුඹුරු පනත ගැන ඒ පත්තරේ ‘‘ලියුං කියුං’’ තීරයටත් ලිව්වා. ඒ කාලෙ අපි වැඩකළ කුඹුරුවලිනුත් අස්වැන්නෙන් අපට ලැබුණෙ සොච්චමයි. වෙන වෙන කොටස් කාරයො අස්වැන්නෙන් ගොඩක් පටවාගෙන යනවා. මේවා ගැන මම ලිව්වා. ඒ කාලෙ ගුරුවරයෙක්වත් පත්තරයකට ලිපියක් ලියන්න බයයි.’’
ඔහුගේ ජීවිතය යම් තාක් දුරකට කළඑළි වන්නට පටන් ගත්තේ මේ අවධියේය. ඔහු තුළ එතෙක් කලක් නොතිබූ අලූතින් ගොඩනැගුණු මානසික සුවය ඔහුව නිර්මාණශීලී ලෝකයකට රැගෙන ගියේය. ජීවිතය අලූතින් ප‍්‍රතිනිර්මාණය වන බවක් ඔහුට දැනෙන්නට විය.
 
‘‘මේ අතරේ මම කනිෂ්ඨ විභාගෙන් සමත් වුණා. සාමාන්‍ය පෙළ විභාගය පටන් ගත්තෙන් 1952. ඒකත් මම සමත් වුණා. එතැනින් මගේ අධ්‍යාපනය අවසන් වුණා. ලිපිකරු සේවයට කොළඹ ගියේ ඉන් පස්සෙ. ඒ රැුකියාව කරන අතරේ පොත් කඩවලින් පොත් කවර අඳින්න වැඩ ඉල්ලගෙන අවිද්දා. මුලින්ම මාරක කතා පොතක පිටකවරයක් ඇන්දා. ඒ කාලෙ ඒකට රුපියල් 7.50ක් ලැබුණා. වෙසක් බකට් පහකට චිත‍්‍ර ඇන්ඳා. සල්ලි ලැබුණේ නැහැ. ඒ පුද්ගලයා මට මුදල් නොදී දෙමළ අයෙකුගේ වෑන් රථයක  අකුරු නිර්මාණය කරන්න අල්ලලා දුන්නා. ඒ දෙමළ පුද්ගලයා මගේ හිතට ඇල්ලූවා. එයා මට උපදෙසක් දුන්නා. කොළඹ රස්තියාදු නොවී ගමට ගිහින් නිදහසේ කලා කටයුතු කරන්න කියලා බොහොම ලෙන්ගතුව කිව්වා. ඒක මගේ හිතට ඇල්ලූවා.
ඊට පස්සෙ ‘‘රාජකාරිය’’ කියලා චිත‍්‍රකතාවක් නවයුගය පුවත්පතට මම ඇඳගෙන ගියා. ලේක්හවුස් ආයතනයට ගිහින් නවයුගය කරන ශ්‍රී ලාල් ලියනගේ කියන මහත්තයා හමුවුණා. එයා කිව්වා මගේ චිත‍්‍රකතාව ලංකාදීප, දිණමිණ වගේ පත්තරේකට තමයි හොඳ කියලා.  අන්තිමට මම ඒ චිත‍්‍රකතාවත් අරගෙන ටයිම්ස් මන්දිරයට ගිහින් නතරවුණා. ‘‘රසවාහිනී’’ කාර්යාලයටම ගියා. කර්තෘ මහත්තයා කාර්යාලයේ හැමෝටම ඇහෙන්න මගේ චිත‍්‍රකථාව කියෙව්ව. මට හරිම පුදුමයි. සුසිල් පේ‍්‍රමරත්න, ජී.එස්. ප‍්‍රනාන්දු වගේ නමගිය චිත‍්‍ර ශිල්පීන් ඉන්න ඒ කාර්යාලෙ මගේ චිත‍්‍රකතාව රසවිඳිමින් මෙහෙම අගය කරන එක මට දරාගන්න බැරිවුණා. මම බලාපොරොත්තු වුණේ මගේ චිත‍්‍රකතාව කුණු කූඩෙට දාලා අලූත් එකක් ඇඳගෙන එන්න කියයි කියලයි. මට කිසි දෙයක් හිතාගන්න බැරුව වෙන දේ බලාහිටියා. කොහොමහරි   අන්තිමට ඒ දේම වුණා. 1961 නවයුගය සඟරාවෙ  මගේ මුල්ම චිත‍්‍රකතාව ‘‘රත්තරං පුතා’’ නමින් පළවුණා. මම සඟරාව මුද්‍රණයෙන් එළියට එනකම් හිටියේ නොඉවසිල්ලෙන්. ආයෙත් චිත‍්‍රකතාවක් ඇන්දා. ඒකත් පළවුණා. දිගටම ඇඳපු චිත‍්‍රකතා පළවුණා. ලියනගේ මහත්තයා නවයුගය සඟරාවේ පිටු 4ක් මට දුන්නා. කෙටිකතා, නවකතා වලට ‘‘හෙඞ්ලයින්’’  ඇන්දා. විකට කතාවකුත් අඳින්න කීවා. මොකද ඒ වෙද්දිි නවයුගය සඟරාවට චිත‍්‍ර  ශිල්පියෙක් හිටියේ  නැහැ. මම ‘‘පඬිතුමා’’ කියන විකට කතාව ඇන්ඳා ඒකත් පළවුණා.
ඒ වන විට ඔහුට ‘‘නවයුගය’’ තුළ ස්ථාවරයක් නිතැතින්ම ගොඩනැගිණි. තමන්ගේ තෙළිතුඬින් ඔප් නැංවෙන ‘‘නවයුගය’’ දෙස ඔහු බැලූවේ මහත් ගෞරවයෙනි.
ජීවිතය ජීවත්වන බවක් ඔහුට දැනිණි.

‘‘මේ කාලයේදී ලියනගේ මහත්තයා අලූත් පත්තරයක් පටන් ගන්නවා කියලා මට කිව්වා. ඒකට ළමා කතාවක්  ඕනෙ කියලත් කිව්වා. මම ‘‘ඔන්න බබෝ’’ කියන කතාව කොටස් තුනක්, හතරක්, ඇඳගෙන ගියා. ලියනගේ මහත්තයා ඒක අල්මාරියෙ දාලා තියාගත්තා.  පත්තරේ පටන් ගන්න තරමක් ප‍්‍රමාද වුණා.
මේ අතරේ මට කළුතරට ගුරු පත්වීමක් ලැබුණා. තරඟ විභාගයක් පවත්වලයි ගත්තෙ. මම කළුතර දිස්ත‍්‍රික්කයෙන් 6 වෙනියට ලකුණු අරන් සමත් වුණා. ලියනගේ මහත්තයා පත්තරේ පටන් ගත්තා. ඒකෙ නම ‘‘මිහිර’’. මගේ ‘‘ඔන්න බබෝ’’ කතාවත් පිටුවක් පුරාම මුද්‍රණය වුණා. මහාවංශය කතාවටත් චිත‍්‍ර අඳින්න  ඕනෑ. නවයුගයේ ‘‘පඬිතුමා’’ කතාවත්, ළමා කතාවත් දිගටම පළවෙනවා. ඒ අතරේ ගුරුවෘත්තියත් කරනවා. පාසලේ අතිරේක වැඩ ගොඩකුත් කරනවා. ජීවිතේ හරිම යාන්ත‍්‍රික වුණා.
‘‘ලියනගේ මහත්තයා තවත් කාන්තා පත්තරයක් පටන් ගත්තා. නවයුගය සඟරාව වෙනත් කාර්තෘ කෙනෙකුට දුන්නා. ඔහු පළමු සඟරාවෙන්ම ‘‘පඬිතුමා’’ සහ ළමා නවකතාව’’ කපලා දැම්මා. ඒත් මගේ හිතේ කිසිම කනගාටුවක් ඇති වුණේ නැහැ. මට ඒකෙන් පුංචි නිදහසක් ආවා. ඒ ගැන සතුටු වුණා. ලියනගේ මහත්තයා ඊට කළින් මිහිර පත්තරේට ‘‘යෝධයා’’ කතාව පළකළා. දවසක් ඔහු කිව්වා. ‘‘පඬිතුමා’’ නවයුගයේ පළවෙන්නෙ නැති නිසා කාන්තා පත්තරයට කතාවක් අඳින්න කියල. මම යෝධයා සහ පඬිතුමා යන චරිත එකට එකතු කරලා. ‘‘යෝධයා සහ පඬිතුමා” යන කතාව ගොඩනැගුවා.
‘‘ලේක් හවුසියේදී ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පීන් කවුරුත් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මම මොටා ගෙදර වනිගරත්න මහත්තයාගෙන් චිත‍්‍ර ඉගෙන ගන්න ගියා. එයාගෙ  ගෙදර ඉස්සරහ කඬේ මම ඇඳපු පත්තර පිටකවරයක් තිබුණු පත්තරයක් එල්ලලා තිබුණා. ඒත් මම ඒක මම ඇඳපු එකක් බව කිව්වෙත් නැහැ. මට චිත‍්‍ර  අඳින්න පුළුවන් බව කිව්වෙත් නැහැ. අවුරුදු 55 වෙද්දි මම අසනීප වුණා. අවුරුදු 55න් මම ගුරු සේවයෙන් විශ‍්‍රාම ගත්තා. මගේ කලා කෘතිවලට සම්මාන කිහිපයකුත් ලැබුණා. ‘‘නැන්දයි මාමයි’’ පොතට මම මුල්ම රාජ්‍ය සම්මානය ලැබුවා. අද මට වයස අවුරුදු 81 වෙනවා. මම අදත් චිත‍්‍ර අඳිනවා. දුව නදී දිසානායකත් පුතා චරිත දිසානායක එක්කත් ගෙවෙන  මගේ ජීවිතේ හෙටත් බොහොම නිදහස්. ඒ වගේම ඒක හරිම සුන්දරයි’’.
ජීවිතයේ සැඳෑසමය විඳින ඔහුගේ තෙළිතුඩු එදා සේම තවමත් සොඳුරුය. තවත් චිරාත් කලක් ඒ තෙළිතුඩට පණදෙන්නට ඔහුට ශක්තිය, ධෛර්ය ලැබේවායි පතමින් අපි ඔහුගෙන් සමුගතිමු.

 

සටහන : දුෂ්‍යන්ත කුමාර - ඡායාරූප : ඇලෙක්සැන්ඩර් බාලසූරිය



බුබම්බා,යෝධයා,පඬිතුමා හා බටකොළ ආච්චි ළමා ලෝකයට රැගෙන ආ ඇස්.ඒ.දිසානායක
2013 මාර්තු මස 24 15:02:40 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


Sunday, March 10, 2013

කුමාරතුංග මුනිදාස

Kumaratunga Munidasa – කුමාරතුංග මුනිදාස

‘හෙලයේ මහා පඬිරුවන’ ලෙස විරුධාවලිය ලද් කුමාරතුංග මුනිදාසසූරීන් ක්‍රි.ව.1887 ජූලි මස 25 වන දා උපත ලැබී ය.එතුමා විසින් ඉටු කරනු ලැබූ ජාතික මෙහෙවර  විශිෂ්ට ය.එතුමා බිහිවූ යුගයේ සිංහල භාෂා සාහිත්‍යය පසුබෑමකට ලක්ව පැවතුණි . නමුත් එවන් පසුබිමක නිරවුල් චින්තනයට මඟ පාදමින් නව ප්‍රබෝධයක් ඇති කිරීමට එතුමානන්ට හැකියාව ලැබුණි.එතුමා එයින් නොනැවතී නිසි බස්වහර හසුරවමින් සාහිත්‍යකරණයට ද පිවිස  විශිෂ්ට ළමා සාහිත්‍ය ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කරන ලදි. කුමාරතුංග මුනිදාසයානන් විසින්  ලියැවුණු  කාව්‍ය  නිර්මාණ  අතර හාවගේ වග, දොරට වැඩුම, නැලවිල්ල යන නිර්මාණ ඉන් කිහිපයකි. එතුමා විසින් නිර්මාණය කල ළමා සාහිත්‍ය කෘති අතර පද්‍ය වලට අමතරව ගද්‍ය නිර්මාණ ද කිහිපයක්  ඇත. හත්පණ, මගුල් කෑම, හීන්සැරය  යන ළමා කතා කුමාරතුංග මුනිදාස සූරීන්ගේ නිර්මාණ කුසලතාව ප්‍රකට කරන විශිෂ්ට නිර්මාණ ලෙස හැදින්විය හැකි ය.
මෙතුමා විසින් මිනිසුන් හා සතුන් යොදා  ගනිමින් හාස්‍ය  හා  උපහාසය ප්‍රධාන  රසය බවට පත්කර  අර්ථවත් ජීවන අත්දැකීමක් ලබා දීමට  සුදුසු  පරිදි කතා නිර්මාණය කර ඇත .එයින් ‘හත්පණ ‘කතාව පිළිබඳ  සැලකුවහොත් මෙතුමා අතින් නිර්මාණය වුන විශිෂ්ඨ කතාවකි . මෙම  කතාවෙන් පිලිඹිඟු වන්නේ මෝඩ  ගැමි තරුණයකුගේ හාස්‍යජනක ක්‍රියාකාරකම් සහිත සිද්ධි මාලාවකි.මෙහි ප්‍රධාන චරිතය වන්නේ කිරිහාමි ය. මෙම  කතාව ගැමි  ජීවිතයේ විවිධ අවස්ථා හා  සිද්ධි උපයෝගී කර ගනිමින් නිර්මාණය වූව කි. ශික්ෂා මාර්ගය, කියවන නුවණ එතුමා  අතින් නිර්මාණය වුන  තවත් පොත් පෙලකි.මෙම පොත් පෙල මගින් දරුවන්ගේ කියවීමේ රුචිය දියුණු කරන අතර භාෂා කුසලතාව ද වර්ධනය  කරයි .  කුමාරතුංග මුනිදාසයන් විසින් සිංහල  භාෂාව  තුල ව්‍යාකරණ  සම්බන්ධයෙන්  එතෙක් පැවති ගැටලු නිරාකරණය කරමින් ව්‍යාකරන විවරණය, ක්‍රියා විවරණය යන නම් වලින් ව්‍යාකරණ  ග්‍රන්ථ 2ක් එලිදක්වන ලදි.
මීට අමතරව කාව්‍ය නිර්මාණ සදහා උපදෙස් දෙන ග්‍රන්ථයක් ලෙස ‘විරිත් වැකිය’ ද  එතුමා අතින් නිර්මාණය  වුන විශිෂ්ට  ග්‍රන්ථයකි .මෙවැනි  විශිෂ්ට නිර්මාණ  රැසක්  දැයට  නිර්මාණය  කල  කුමාරතුංග  මුනිදාස  සූරීන්  ක්‍රි.ව.1944  මාර්තු  මස 2 වන දින දැයෙන්  සමුගත්හ.