V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label Kids Creation. Show all posts
Showing posts with label Kids Creation. Show all posts

Saturday, September 6, 2014

මත් උවදුර මරු කැඳවයි

මත් උවදුර මරු කැඳවයි

ජීවිත කාලෙ පුරාම හැම දිනයකම
දවමින් ගුණ දහම් සිතුවිලි හැමෝගෙම
වස විස පොවා මතු පරපුර හෙළා බිම
මත් රකුසා ගිලගෙන ඇත ලෝකය ම
යට කොට දහම මිල මුදලද මත් පැනට
සට කපටිනට එක් වී ගිජු වී එයට
රට වැනසුණත් කට පිනවන මිනිසුන්ට
කට වටකර වැට බැන්ඳත් පල කුමට
බොරු වට මතුපිටින් පෙන්වා හොඳ නාමේ
කෙරුමෙක් කියයි පැටලී සිතුවිලි දාමේ
මරු වෙක් විලස ‍ගෙට ගොඩවෙයි රෑ ජාමේ
කරු මක්කාර පවුලක වැනසෙයි සාමේ
තනන්නට රුදුරු බිහිසුණු සමාජයක්
හිත්පිත් නැතියෙකුට ඇත එක විනාඩියක්
තිබේ නම් ඔබේ තුළ රට කෙරේ ළයක්
දැහැමින් වළක්වා ගත හැක විනාසයක්
ඩබ්ලිව්.එම්. ගීෂානි නදීමාලි වීරතුංග,
13 ශ්‍රේණිය ‘කලා’,
කයිකාවල ම.ම.වි., මාතලේ.

http://www.silumina.lk/2014/09/07/_art.asp?fn=au140907

Sunday, August 24, 2014

අත් නොහළ යුතු පත පොත


සාහිත්‍ය කලා කෘති අධ්‍යයනය කරන තැනැත්තා නිතැතින්ම සාහිත්‍යකාමියකු බවට පත් වේ. මෙලෙස සාහිත්‍ය කෘති කියැවීමට නැඹුරු වූවන් පමණක් දන්නා සුන්දර රහසක් නම් අප ගෙවනා ජීවිතය සත්‍ය වශයෙන්ම ඇත්තේ අප තුළ නොවේ සැබවින්ම අපේ ජීවිතය ඇත්තේ මේ සාහිත්‍ය කලා කෘති අතරය.
ජීවිතය විඳීමට කැමැත්තක් දක්වන පුද්ගලයා සාහිත්‍ය කලා කෘති කියැවීමට පෙලඹෙන අතර ඔවුන් නොදැනුවත්වම, චින්තනයෙන්, නිර්මාණශීලිත්වයෙන් හා කලා රසඥතාවයෙන් පිරිපුන් වී සමාජයට දියවර සපයන්නන් බඳු සමාජයට අත්‍යවශ්‍යම පුද්ගලයෝ බවට පත්වෙති.
අතීතයේ ඇමෙරිකාවේ තිබූ ගමක පුංචි දුප්පත් පවුලක සිටි පුංචි පුතෙන් ඉගෙනුමට බොහෝ ඇල්මක් දැක්වුව ද ඒ කාලයේ එරට පැවැති කළු සුදු බේදය නිසා මේ පුංචි පුතාට කුඩා කාලයේදීම හිමි වුණේ වහල් සේවයයි. එහෙත් ඔහු කිසිවිටෙක ඉගෙනීමට තිබූ ආසාව අත් නොහැර තමා කරන සේවයට පඩියක් ලෙස ඒ ඒ නිවෙස්වලින් පුංචි පොතක් ණයට ලබාගෙන රාත්‍රී යාමයේ නගරයේ පහන් කණුවක් යටට වී ඒ පොත් කියවීම පුරුද්දක් කර ගෙන සිටියේය.
ඔහුගේ ඒ අධ්‍යාපනය සහ ජීවිතය අතර කුඩා අවධියේ සිට පැනනැඟුණ නොනිමි අරගලයට සාර්ථකව මුහුණ දුන් ඒ පුංචි පුතාට අවසානයේ හිමි වූයේ ඉතා විශිෂ්ට ප්‍රතිඵලයකි. ඒ ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමයි. එවන් වූ අභියෝගාත්මක ජීවිතයකට මුහුණ දී තම චින්තනය ඔප්නංවා ගැනීමට ලින්කන් නමැති ඒ කුඩා දරුවාට උපකාර වුණේ නගරයේ පහන් කණුව යට සිට කියැවූ පොත-පතය.
තාක්ෂණ දියුණුවත් සමඟ මිනිසා සහ පොත අතර තිබූ සබැඳියාව කෙමෙන් ගිලිහී යන්නට විය. ඒ කිසිවක් නිසා නොව තාක්ෂණය හේතුවෙනි. එදා විවේකය ගතකිරීමට පොත්පත් කියවීමට පෙලඹී සිටි ජනයා වර්තමානය වන විට අන්තර්ජාලය දුරකථන ආදී තාක්ෂණික අංග සමඟ ගත කිරීමට පෙලඹී සිටිති.
පුංචි අප හෝ මේ මොහොතේ සිටම අපේ ඇල්ම බැල්ම පොත්පත්වලට ලබා දෙමින් ඒ තුළ සැඟවී ඇති දැනුම් සම්භාරය දායාද කර ගැනීමට පෙලඹෙමු.
එරන්දිනී සෞභාග්‍යා
10 ශ්‍රේණිය ‘ඩී’, ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ.

http://www.silumina.lk/2013/09/15/_art.asp?fn=au130915

සිත්තර මීයෝ


දවසම එළිය පතුරවපු ඉර මාමා බැහැලා යනවා. කුරුල්ලෝ කැදලිවලට පියාඹලා යනවා. සිතුම් බබා ගෙදර මිදුලට වෙලා පාර දිහා බලාගෙන හිටියා තාත්තා ගෙදර එනකම්.
තාත්තා එනවා දැකපු සිතුම් බබා දුවලා ගිහින් තාත්තගේ අතේ එල්ලුණා. තාත්තා සිතුම් බබාත් එක්කම ගේ ඇතුළට ආවා. තාත්තා පුංචි මල්ලක් අරගෙන සිතුම් බබාට දුන්නා. ඒකේ තිබුණේ ලස්සන දිය සායම් පෙට්ටියක්‍.
බබා උදෙන්ම ඇහැරලා දිය සායම් පෙට්ටියත් අරගෙන හරිම සතු‍ටින් ඉස්කෝලේ ගියා. සිතුම් බබා දිය සායම් පෙට්ටිය යහළුවන්ටත් පෙන්නුවා. චිත්‍ර අඳින වෙලාවට ලස්සන චිත්‍රයක් ඇන්දා.
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු බබා ඇඳපු චිත්‍ර අම්මටත් පෙන්නලා, බෑග් එක පැත්තකින් තියලා නංගිත් එක්ක සෙල්ලම් කරන්න ගියා.
බබා ආපහු එනකොට බෑග් එකේ තිබුණ දිය සායම් පෙට්ටිය එළියේ විසුරුවලා තිබුණා. බබාට හිතාගන්න බැරිවුණා කවුද මේ වැඩේ කළේ කියලා. බබා දිය සායම් ටික එකතු කරලා බෑග් එකේ දාලා තියලා නිදාගත්තා.
උදේත් සිතුම් බබා බලනකොට දිය සායම් පෙට්ටිය තිබුණේ එළියේ. බබාට හරි පුදුමයි. බබාට හිතුණා කවුරුහරි බබාව පුදුම කරවන්න මෙහෙම කරනවා ඇති කියලා. බබා ඉස්කෝලේ ගියේ අද හවසට දිය සායම් ඉහිරවන කෙනා හොයාගන්නවා කියලා හිතාගෙන.
සිතුම් ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් දිය සායම් පෙට්ටිය එළියෙන් තියලා නංගිත් එක්ක හැංගිලා බලාගෙන හිටියා.
හරිම පුදුමයි ටික වේලාවකින් පුංචිම පුංචි මීයෝ තුන්දෙනෙක් ඇවිත් දිය සායම් පෙට්ටිය ඇරියා. එක මීයෙක් එතැනම ඉද්දි අනිත් මීයෝ දෙන්නා බබාගේ දිය සායම් සේරම අරගෙන ගියා. ඉක්මනින්ම දිය සායම් ආපහු ගෙනත් තියපු මීයෝ තුන්දෙනාම ගබඩා කාමරේට රිංගගත්තා.
සිතුම් නංගිත් එක්ක ගිහින් හෙමිහිට ගබඩා කාමරේට එබිලා බැලුවා. මීයෝ බිත්තිය මුල්ලේ බරටම වැඩ.
මීයෝ තුන්දෙනා චිත්‍ර අඳිනවා. එක මීයෙක් එයාලගේ ගේ පාට කරනවා. බබාට හරි පුදුමයි. බබා කල්පනා කළා මෙහෙම හැමදාම වුණොත් බබාගේ දිය සායම් ඉක්මනට ඉවර වෙනවා.
එ‍තකොටයි නංගි කතා කළේ “අයියා මට දීපු පරණ දිය සායම් පෙට්ටිය අපි මෙයාලට දෙමු”.
සිතුම්ට මතක් වුණා එයාගේ පරණ දිය සායම් පෙට්ටිය. සිතුම් ඒක අරගෙන ගබඩා කාමරේට ගියා. එතකොට මීයෝ හිටියේ නෑ. සිතුම් දිය සායම් පෙට්ටිය ගබඩා කාමරේ තියලා ඈතට ගිහින් බලාගෙන හිටියා. කොහෝදෝ ඉඳලා ආපු මීයෝ තුන්දෙනා දිය සායම් පෙට්ටිය දැකලා නටන්න පන්ගත්තා.
සිතුම් නංගිවත් අඬගහගෙන එතනින් අයින් වුණේ එයාලා එතැන ඉන්නවා අම්මා දැක්කොත් සිත්තර මීයන්ට වැඩි ආයුෂක් නොවන නිසයි.
ඒ.ඒ.ඒ.ශ්‍රීමාලි අධිකාරි
12 ඒ‍ ශ්‍රේණිය (කලා), පුෂ්පදාන බාලිකා මහ විදුහල, මහනුවර.

http://www.silumina.lk/2013/09/15/_art.asp?fn=au130915

Finally, I’m Icarus

I went begging to the birds
Each of them, for just one feather
A sharp one from the
vulture
A red one from the
bird of paradise
A green one with a touch of white from the humming bird
A coloured talking one from the parrot
A shy one from the ostrich
Oh, what amazing wings I’ve made for myself
I’ve attached them to my soul
And I’ve started to fly
Sharp flight of the vulture
Red flight of the bird of
paradise
Green flight (with a touch of white) of the humming bird
Talking flight of the parrot
Shy flight of the ostrich
Oh, how I’ve flown!
Tiyasha Peiris (14 years)
Asian Int. School
http://www.sundaytimes.lk/140824/funday-times/kids-world-114540.html

නිමල් දැන් හොඳ ළමයෙක්

නිමල් දැන් හොඳ ළමයෙක්

ලස්සන පුංචි කැලෑවක උස ගසක් මුදුනෙ ගිරා අම්මයි පුංචි ගිරා බබාලා දෙන්නෙකුයි හිටියා. මේ පුංචි පවුල කැලේ ජීවත් වුණේ හරිම සතුටින්. පුංචි ගිරා පැටවු දෙන්නට තවම පියාඹන්න බැහැ. ඒ නිසා ගිරා අම්මයි තාත්තයි කැලේට ගිහින් කෑම හොයාගෙන ඇවිත් කූඩුවෙ ඉන්න පැටවුන්ට කවනවා. දවසක් ගිරා අම්මයි තාත්තයි කෑම හොයාගෙන එනකොට පැටවු දෙන්නා කූඩුවේ හිටියේ නැහැ. ගිරා දෙමහල්ලෝ හොඳටම කලබල වෙලා හැම තැනම පැටවු දෙන්නව හොයනවා. එයාලගෙ පැටවු දැක්කද කියලා කැලෑවෙ සත්තු හැමෝගෙන්ම අහනවා. ඒත් කවුරුවත්ම පැටවුන් දැකල නැහැ. අඬ අඬා කැලෑව පුරාම පැටවුන්ව හොයන ගිරා දෙමවුපියන්ට කපුටු හාමි මුණ ගැහුණා.
“ඔයාලගෙ පැටවු දෙන්න කැලේට එහා පැත්තේ ගමේ ගෙදරක කූඩුවක ඉන්නවා” කියල කපුටුහාමි ගිරවුන්ට කීවා.
ගිරා අම්මයි තාත්තයි ඉක්මනටම ගම්මානෙට ගියා. එක ගෙදරක කූඩුවකට දාල පැටවුන් දෙන්නා ඉන්නවා. අම්මා තාත්තා දැකපු එයාලා බේරගන්න කියල අඬන්න පටන් ගත්තා. ගිරා අම්මටයි තාත්තටයි හරිම දුකයි. තමන්ගෙ දරුවො දෙන්න බේරාගන්නෙ කොහොමද කියල මේ දෙන්නා අඬ අඬා කල්පනා කළා. මෙහෙම කල්පනා කරන අතරෙදි මේ දෙන්නට ගමේ පන්සල මතක් වුණා. පන්සලේ ඉන්න හාමුදුරුවො හැමෝටම හරිම කරුණාවන්තයි. හැමදාමත් සත්තුන්ට කන්න පලතුරු, බොන්න වතුර පන්සලේ තියෙනවා. පන්සලට ගියාම කවුරුවත් සත්තුන්ට ගල් ගහන්නේ හිංසා කරන්නේ නැහැ. ඒ නිසා කැලේ ඉන්න හුඟාක් සත්තු පන්සලට යනවා. තමන්ගෙ දරුවො දෙන්නා බේරල දෙන්න කියල පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියන්න කතා වුනු ගිරා දෙමහල්ලෝ පන්සලට ගියා. පන්සලේ වැඩඉන්න පොඩි සාමණේර හාමුදුරුවෝ බෝමළුවේ ඉඳගෙන බණ පොතක් කියවනවා. ගිරා දෙමහල්ලෝ පොඩි හාමුදුරු‍වෝ ළඟට ගියා.
“ඇයි පෙත්තප්පු...” තමන් දිහා දුකින් බලාගෙන ඉන්න ගිරවුන්ගෙන් පොඩි හාමුදුරුවෝ විමසුවා. තමන්ට සිද්ධ වෙලා තියෙන කරදරය ගැන ගිරවුන් හාමුදුරුවන්ට කීවා.
“පෙත්තප්පුලා දැන් අඬන්නෙ නැතුව ගෙදර යන්න. මම ඔයාලගෙ දරුවො දෙන්න නිදහස් කරල දෙන්නම්.” හාමුදුරුවෝ ගිරා දෙමහල්ලන්ට පොරොන්දු වුණා.
ඊට පස්සෙ පොඩි හාමුදුරුවො ගිරා පැටවුන් හිර කරගෙන ඉන්න ගෙදරට ගියා. ගිරා පැටවු කූඩුවක ඉන්නවා. පොඩි පිරිමි ළමයෙක් මිදුලෙ සෙල්ලම් කරනවා.
“නිමල්...” හාමුදුරුවෝ ළමයට කතා කළා.
“පොඩි හාමුදුරුවනේ...” දුවගෙන හාමුදුරුවෝ ළඟට ආපු නිමල් හාමුදුරුවන්ට වැන්දා.
“නිමල්... ඔයා කැමතිද ඔයාගෙ දෙමවුපියො ගෙදර නැති වෙලාවක කවුරු හරි ගෙදරට ඇවිත් ඔයා බලෙන් අරගෙන ගිහින් කොහේ හරි හිර කරනවට...”
“අපෝයි... නෑ.. හාමුදුරුවනේ...”
“ඒක තමයි නිමල් කවුරුවත් කැමති නැහැ හිරවෙලා ඉන්න. ඉතිං නිමල් ඔයා කැලේට ගිහින් ගිරා පැටවු අරගෙන ඇවිත් කූඩුවක දමල මේ විදිහට තියාගෙන ඉන්න එකත් වැරදියිනේ. එයාලගෙ අම්මල දැන් එයාලව හොයනවත් ඇතිනේ..” පොඩි හාමුදුරුවෝ නිමල් කරපු වැරැද්ද තේරුම් කරල දුන්නා.
“මට දැන්නේ තේරුනේ මං කළේ ලොකු වැරැද්දක් කියලා. මට ආය කවදාවත් මේ විදිහෙ දේවල් කරන්නේ නැහැ. මං දැන්මම මේ පැටවු දෙන්නා එයාලගෙ ගෙදරට ගිහින් දානවා.” නිමල් පොඩිහාමුදුරුවන්ට පැවසුවා.
ගිරා පැටවු අතට ගත්තු නිමල් කැලයට ගියා. ගිරා දෙමවුපියෝ පැටවු එනකම් මඟ බලාගෙන ඉන්නවා. අමාරුවෙන් ගස උඩට නැගපු නිමල් පැටවු දෙන්නා කූඩුවෙන් තිබ්බා. ගිරවුන්ට හරිම සතුටුයි.
“මං ආය කවදාවත් සත්තුන්ට කරදර කරන්නේ නැහැ.” ගසෙන් බිමට බැහැපු නිමල් කීවා.
‍කේ.ජී. ප්‍රදීපා මහේෂිකා
12 ශ්‍රේණිය කලා (2015),
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය,
හාලි ඇල, බදුල්ල.

http://www.silumina.lk/2014/08/24/_art.asp?fn=au140824

Saturday, August 16, 2014

මට දුක හිතුණ දවසක්

මට දුක හිතුණ දවසක්

කුරු­ල්ලන්ට ලේන් පැංචන්ට අම්මා හැම­දාම ලාවුළු ගහ යට ලෑල්ලට කෑම දානවා. බත්, පාන්, පල­තුරු, ඇට වර්ග එහෙම. දෙම­ළිච්චෝ කොබෙ­යියෝ, කොණ්ඩ කුරුල්ලෝ, මයිනෝ, ගිරවු කිචි බිචි සද්දෙත් පුංචි හොට දික්කර කර කෑම අහුල අහුලා කනවා. මේ අත­රට ලේන් පැංචොත් අතු අගින් පැන පැන ටිං ටිං නාද­යෙන් කෑම ලෑල්ලට එනවා. ලේන් පැංචෝ, කුරුල්ලෝ සමඟ කෑම කනවා. ලේන් පැංචෝ පුංචි අත්ව­ලින් කෑම අල්ලා­ගෙන කෑම­වල රස බල­නවා. මේ අය අතර පුංචි පුංචි රණ්ඩු ඇති­වෙ­නවා. පුංචි අපි වාගේ. ලේන් පැංචන්ගෙ වලි­ග­ව­ලින් කුරුලු පැංචෝ අදි­නවා. ලේන් පැංචන් නිකං ඉන්නෙ නෑ කුරුලු පැංචන්ගෙ පිහා­ටු­ව­ලින් අදි­නවා. රණ්ඩු වෙවී යාළු වෙවී මේ හැමෝම සම­ඟි­යෙන්, සතු­ටින් කෑම කනවා.
පාසලේ නිවාඩු දව­සක මම ලෑල්ලට කෑම දාලා පැත්ත­කට වෙලා ගොඩාක් වෙලා බලා­ගෙන සිටියා. වෙනදා වගේම කුරුලු පැංචෝ ලේන් පැංචෝ රණ්ඩු වෙවී යාළු වෙවී කෑම කනවා. ඔන්න ටික­කින් සුදු කිටි­යත් පුරු පුරු ගගා මගෙ කකු­ල්වල දැවටි දැවටී සිටියා. කුරුලු පැංචෝ කෑම කාලා කිචි බිචි සද්දෙන් ලාවුළු ගසේ අතු උඩට ඉගි­ළුණා. ලේන් පැංචෝ නම් තාම කෑම කනවා. මම ලාවුළු ගසෙන් ටිකක් ඈතට ගිහින් මිදුලේ ඇවිද ඇවිද සිටියා. සුදු කිටි­යත් මගෙත් එක්ක එහෙට මෙහෙට පැන පැන සිටියා.
ටික වෙලා­ව­කින් “දඩස්” ගාල ශබ්ද­යක් ඇසුණා. බල­න­කොට සුදු කිටියා මගෙ ළඟ නෑ. ඉක්ම­නට මම ලෑල්ල ළඟට යන­කොට සුදු කිටියා ලේන් පැංචෙක් අල්ලා­ගෙන. අනික් ‍ෙල්න් පැංචෝ ටිං ටිං නාදෙන් කෑග­ස­නවා. ලේන් පැංචා සුදු කිටි­ය­ගෙන් බේරා ගන්න අම්මයි මමයි උත්සාහ කරා. අනේ ඒ වුණත් මට ලේන් පැංචා බේරා ගන්න බැරි වුණා. සුදු­කි­ටියා ලේන් පැංචා අර­ගෙන ගෙදර වහලේ උඩ­ටම පැනල ගියා. ඒ දවසේ මට ගොඩක් දුක හිතුණා. අම්මා කීවා “පුතේ දුක්වෙන්න එපා. ඔය වගේ සිද්ධි වෙනවා” කියල. මට එත­කොට මතක් වුණා අම්මා කියල දුන් ජන කවි­යක්.
මා බාලේ ඇති කළ තල­ගොයි පැටියා
මා තනි­වට මිදුලේ පෙම් කෙළ සිටියා
උගෙ මරුවා ඌ ඇවි­දින් කැටුව ගියා
නිවන් පුරේ පල­යන් තල­ගොයි පැටියා
තල­ගොයි පැටියා වගේ ලේන් පැංචත් නිවන් පුරේ යයි කියල මට හිතුණා.
එනිඳු සුප­සන් ප්‍රේම­සු­න්දර
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදු­හල,
කොළඹ 8.
 

Sunday, August 10, 2014

ගුරු උපහාර

පොත පත දැනුම ආදරයෙන් ලැබ දුන්න
හොඳ ඔවදන් නිති මා වෙත ලැබ දුන්න
ජීවන ගමන ජය ගන්නට අත දුන්න
තෙවැනි බුදුන් නුඹලයි මේ ලොව ඉන්න
වරදක් කළ විටදි දඬුවම් කෙරුවාට
අහිතක් මගෙ හිතේ නම් නෑ කිසිදාක
මට සිප් කිරි පෙවූ ගුරු මවුපිය සැමට
පතනෙමි දිගාසිරි නිදුකින් වැජඹෙන්ට
කේ.ජී. ප්‍රදීපා මහේෂිකා
12 ශ්‍රේණිය කලා (2015 කලා)
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය,
හාලි ඇල, බදුල්ල.

Saturday, February 15, 2014

කොටියා මෙල්ල කළ හැටි

කොටියා මෙල්ල කළ හැටි

එක් කාලයක එක් පළාතක ඉතා අලංකාර ගම්මාන දෙකක් තිබුණා. ඒ ගම්මාන දෙක අතර විශාල වනාන්තරයක් තිබුණු අතර ගම් දෙක යා කරන අඩිපාර තිබුණේ මේ වනාන්තරය හරහා. එක් ගමක ඉඳන් අනිත් ගමට යන්න මේ ගම්මුන්ට තිබුණු එකම පාරත් මේ වනාන්තරය හරහා තිබෙන පාරමයි. වනාන්තරේ හිටියා මහා භයානක කොටියෙක්. ඌ හැමදාම මේ අඩි පාරේ යන මිනිසුන් මරාගෙන කනවා. ඉතින් ගම්මුන්ට මේ ගම්වලට යන්න වෙන පාරක් නැති නිසා කරන්න දෙයකුත් නෑ. කවුරු හෝ කෙනෙක් මේ අඩිපාරේ යනවා නම් බයේ තමයි යන්නේ.
“අපි මේ ප්‍රශ්නය විසඳා ගන්නේ කොහොමද?” කියා දිනක් ගම්මු කතා වුණා. කිහිප දෙනෙක් රටේ රජතුමාටත් පැමිණිලි කළා. මේ වෙනකොට රජතුමා තමන්ට අනුශාසනා කරන උපදේශකයෙකුත් සොයමිනුයි සිටියේ. කොටියා ගැන තොරතුරු දැනගත් රජතුමා කෙසේ හෝ පණ පිටින් කොටියා ගෙන අවුත් බාරදෙන කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවත් කවුරු හෝ කොටියා මැරුවහොත් මරණ දඬුවම ලැබෙන බවත් රටවැසියන්ට අණ කළා. වස්තු තණ්හාව නිසා කොටියා අල්ලාගන්නට ගිය බොහෝ දෙනෙක් මැරුම් කෑවා. කොටියා නම් කෙසේවත් අල්ලා ගන්න බැරි වුණා. ගම්මුන්ටත් එහා මෙහා යන්නට නොහැකි වුණා.
මේ අතර එයින් එක් ගමක ඉතා කාරුණික, අහිංසක තරුණයෙක් සිටියා. එයා සතුන්ට හරිම ආදරෙයි. හැම සතෙකුටම මෛත්‍රී කළා. නිතර නිතර මෛත්‍රිය වැඩුවා. කවදාවත් මදුරුවෙකුවත් මැරුවේ නැහැ. ඔහු කල්පනා කළා මිනිසුන්ට කොටියා අසුවුණොත් කොටියා මරා දමයි කියා. එහෙම සිතන කොට ලොකු දුකකුත් ඇති වුණා. හෙතෙම කල්පනා කළා කොහොම හරි කොටියා අල්ලා රජුට බාරදී ගම්මුන් බේර ගන්න ඕනේ කියා. ඔහු ගියේ වස්තු තණ්හාවට නොවේ. මිනිසුන්ටත් සතුන්ටත් ඇති ආදරය නිසා. මේ තරුණයා හොඳ මන්දකුත් සාදා තනිවම මහ වනයට ගියා. ඔහුට කොටියා හමුවුණා. කොටියා ගොරවගන ළංවෙද්දී තරුණයා මෛත්‍රී කළා. කොටියා ටිකක් දුරින් නැවතී ආපසු හැරෙන්න හදද්දී මන්ද දමා ඌ අල්ලා ගත්තා. මේ තරුණයාට කොටියා කීකරු වුණා. රජතුමා ළඟට ගෙන ගියා. එතැනදී “අනේ රජතුමනි මේ අසරණ සතා මරන්න එපා” කියා උගේ හිස අත ගෑවා. බලා සිටි මිනිසුන් පුදුම වුණා.
රජතුමා කොටියා ඈත කැලෑවකට ගෙන ගොස් මුදා හරින්නට රාජ පුරුෂයින්ට නියම කළා. ඒ බුද්ධිමත් තරුණයා කෙරෙහි පැහැදුණු රජතුමා ඇතෙක් බර වස්තුවද දී තමන්ගේ අනුශාසක තනතුරට ද පත් කරගත්තා.

http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=au140216

මෙන්න අපට පාඩමක්

මෙන්න අපට පාඩමක්


දිනක් කාමරයේ සිටින ‍මම මකුළුවෙකු දැලක් වියන අයුරු දුටුවෙමි.
මකුළුවා සෙමින් සෙමින් උඩට ඇදෙයි. ඌ ගමන් කරන්නේ කුමක් මතදැයි මම විමසිලිමත් වීමි. ඇසට නොපෙනෙන ඉතා කුඩා සිහින් නූලක් ඌ පසු පසින් ඇදී එයි. මද දුරක් ගිය මකුළුවා ආපසු මේසය මතට වැටිණි. යළිත් ඌ ගමන මුල සිට ආරම්භ කළේ ය. අනතුරුව ඌ නැවත ගොස් ඇඳුම් අල්මාරියේ කෙළවරක රැදිණි. යළි එහාටත් මෙහාටත් ගමන් කරමින් ඒ නූලින් කටු සටහනක් කරන්නට විය. වරෙක එක මත එක යමින් ඌ කරන මේ වියමන අපූරු චිත්‍රයකි. විස්මිත නිර්මාණයකි. මේ මොහොතේ මට පුංචි කතන්දරයක් මතක් වේ. එය ද මකුළුවා හා බැඳුනකි.
ස්කොට්ලන්තයේ සිටි බෲසස් නමැති රජතුමා වරක් සතුරු සේනාවකට පරාද විය. එහිදී ඔහු තමන්ගේ ඉතිරි සේනාවේ හා මිනිසුන්ගේ ආරක්ෂාව පතා පසු බැස පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ගල් ගුහාවකට වී ගිමන් හරින්නට විය. දැලක් බදින්නට උත්සාහයක යෙදෙන මකුළුවෙකු ඔහුට දැකගත හැකි විය. මකුළුවා හය වතාවක් ම තමන්ගේ ඉලක්කයට යාගත නොහැකිව බිමට වැටුණි. එහෙත් උත්සාහය අත් නොහළ මකුළුවා හත් වැනි අවස්ථාවේදී දැල වියමනට අවස්ථාව සලසා ගත්තේ ය. මේ දුටු බෲසස් රජතුමා එඩිතර මකුළුවා ඔබ මගේ ගුරුවරයා යැයි ප්‍රසංසා කොට ඉන් උත්සාහය පිළිබඳව පණිවුඩය හිතේ තබාගෙන පැමිණ යළි සේනා සංවිධානය කොට තම රට අල්ලාගෙන සිටි සතුරන් පලවා හැරියේ ය.
මකුළුවා උත්සාහයේ අගය පිළිබඳ පණිවුඩය අපට ප්‍රකාශ කරයි. අනලස්ව කටයුතු කොට අරමුණ ජයගත යුතු බව මකුළුවා සිය ක්‍රියාවෙන් ම අපට පෙන්වා දෙයි.
මකුළුවා වියන දැල අපූරු විස්මිත නිමැවුමකි.
යූ. අහිංසා සඳමිණී,
6 ශ්‍රේණිය ‘ඩී’,‍
රත්නාවලී බාලිකා විද්‍යාලය,
ගම්පහ

http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=au140216

Sunday, February 9, 2014

බින්දුගේ සතුට

බින්දුගේ සතුට

බිංදුලා ගෙදර රිලවෙක් ඇති කරන නිසා ළමයි එයාට “රිලවා” කියා විහිළු කරනවා. බිංදුගෙ තාත්තගෙ රස්සාව පාරේ රිලවා නටවලා සල්ලි හොයන එක. තාත්ත හම්බකරන සල්ලිවලින් අරක්කු බොන නිසා එයාල හරිම දුප්පත්.
බිංදුලාගේ රිලවා රාජු. තාත්තා රාජු කැලෙන් අල්ලගෙන ඇවිත් තියෙන්නෙ බිංදු ගොඩාක් පොඩි දවස්වලදියි. බිංදු රාජුට ගොඩාක් ආදරෙයි.
එක දවසක් රාජු අසනීප වුණා. කන්නෙ නැතුව, සෙල්ලම් කරන්නෙ නැතුව මුල්ලකට වෙලා නිදියගෙන හිටපු රාජුට තාත්ත දන්න වෙදකම් කළත් දවස් දෙකකට පස්සෙ රාජු මැරුණා. රාජු මැරුණ එක බිංදුවට ලොකු දුකක් වුණා. එයා ගොඩාක් ඇඬුවා. හරිහැටි කෑමක් බීමක් නැතුව රාජු ගැන කල්පනා කර කර දුක්වෙන බිංදු ගැන තාත්තටත් ගොඩාක් දුකයි.
“පුතාට මං තව රිලා පැටියෙක් ගෙනත් දෙන්නම්කො.” තාත්ත කීවා.
පහුවෙනිදා ඉස්කෝලෙ නිවාඩු දවසක් තාත්ත උදෙන්ම බැද්දට යන්න ලෑස්ති වුණේ එයා අටවපු උගුලට රිලා පැටියෙක් අහුවෙලාද බලන්න. බිංදුත් ඒ ගමනට එකතු වුණේ එයාට ඉක්මනටම යාළුවෙක් හම්බ වෙන එක ගැන ගොඩාක් සතුටින්.
කැලෑව ළංවෙද්දි කැලෑව ඇතුළේ රිලවුන්ගේ කෑ ගැහිල්ල අහල තාත්තගෙ මුහුණ සතුටින් පිරෙනවා බිංදු දැක්කා.
“ඇයි තාත්තෙ උන් කෑ ගහන්නෙ?”
“එකෙක් උගුලට අහුවෙලා ඇති. අනිත් එවුන් ඌව බේරගන්න බලනව ඇති. ඒකයි කෑගහන්නෙ.” ඒක අහපු බිංදුට තවත් සතුටුයි.
එයාලා උගුල ළඟට ගියා. පැටියෙක් උගුලට අහුවෙලා කෑ ගහනවා. අනිත් රිලවු කෑ ගහ ගහ ඌව බේරගන්න දඟලනවා. ගෙනියපු අහස් කූරු දාලා උගුල ව‍ෙට් හිටපු ලොකු රිලවු ඈතට එළවපු තාත්ත පුංචි පැටියව උගුලෙන් අතට ගත්තා. පුංචි පැටියා හයියෙන් කෑගහගහ බේරෙන්න දඟලන හැටි දැකල නම් බිංදුගෙ හිතට ඇති වුණේ දුකක්.
බිංදුල පැටියත් අරන් එන පස්සෙන්ම ගහින් ගහට පැන පැන රිලා රංචුවත් ආවා. කැලෑවෙ මායිමේදී රංචුවම නැවතුණත් එක රිලවෙක් නම් කෑ ගහගහ බිංදුල පස්සෙම ගහින් ගහට පැන පැන ආවා.
“ඒ පැටියගෙ අම්මා. ඒකයි කෑගහ ගහ පස්සෙන් ම එන්නේ” තාත්ත කිවුවා.
“පව් තාත්තෙ.”
“පව් වෙන්නෙ කොහොමද? අපි මූට හොඳට කන්න දෙනව, බලා ගන්නව, ඉතිං මොන පවුද?” එහෙම කියපු තාත්ත ආයිමත් අහස් කූරක් දාලා රිලා අම්මා එළවල දැම්මා.
ගෙදරටම ආවත් පැටියගෙ කෑගැහිල්ල නැවතිල නෑ. පැටියගෙ කකුලක් උගුලට තුවාල වෙලා. තාත්තා තුවාලෙට බෙහෙත් දාලා පැටියට කිරි ටිකක් පොවන්න බැලුවත් ඌ කිරි බිව්වෙ වත් කෑගැහිල්ල නතර කළෙවත් නැහැ.
“තාම අම්ම හොයනවා. බඩගිනි වෙන‍කොට කන්න බොන්න පටන් ගනියි. මූව පුරුදු කරල ගත්තම දෙවියනේ කියලා කීයක් හරි වැඩිපුර හොයා ගන්න පුළුවනි.” පැටිය රාජු හිටපු කූඩුවට දාලා වහන ගමන් තාත්ත කීවා.
බිංදුගෙ හිතට නම් කිසිම සතුටක් නැහැ. පැටියව අරගෙන එද්දි පස්සෙන් කෑ ගහ ගහ ආව රිලවිගෙ මුහුණ බිංදුට මැවි මැවී පෙනුණා. ගමේ කෙලවර කැලෑවෙන් විටින් විට ඇහෙන රිලා අම්මගෙ කෑ ගැහීමත් පුංචි පැටිය විටින් විට අම්මට කතා කරල කෑ ගහන සද්දෙත් නිසා බිංදුගෙ හිතට දැනුනෙ ලොකු දුකක්.
පහුවෙනිද උදේ බිංදු ඇහැඇරුනේ තාත්ත කෑගහන සද්දෙට. පැටියා හොයාගෙන ඇවිත් වත්තෙ කොස්ගහ උඩ ඉඳගෙන රිලව් කෑ ගහනවා. තාත්තා උං එළවන්න ගල් ගහනවා. කලින් දවසෙම බඩගින්නෙ හිටපු පැටියට නම් හයියෙන් කෑ ගහන්න වත් බෑ. අම්මගෙ හඬට පැටිය හිමීට කෙඳිරි ගානවා.
“මං කඩේට යනව අහස් කූරු ගේන්න. අහස් කූරු නැතිව මූ එළවන්න බෑ” කියාගෙන කඩේට යන තාත්තා දිහා බිංදු ටික වේලාවක් බලාගෙන හිටියා. ගෙට දුව ගිය බිංදු පැටියව කූඩුවෙන් ගෙනත් කොස් ගහ පාමුල තියල ටිකක් දුරට ගිහින් බලාගෙන හිටියා. පැටිය ගහ උඩට නගින්න බැලුවත් ඌට නගින්න බෑ. රිලව් ඉක්මනටම ගහෙන් බැහැල ඇවිත් පැටියවත් අරගෙන ගහ මුදුනට ගියා. බඩගින්නෙ හිටපු පැටිය අම්මගෙන් කිරි බොනව දැකපු බිංදුට දැනුණු සතුට කියල නිම කරන්න බැරි තරම්.
තාත්ත ළඟට ඇවිත් බිදුගෙ අතින් අල්ලගන්න කම්ම බිංදු හිටියෙ ගහ උඩ බලාගෙන. උඩ බලපු තාත්තට බිංදු පැටිය අතඇරල කියල තේරුනා.
“මොකක්ද යකෝ මේ කරපු වැඩේ?” පරුෂ වචනෙන් බණිමින් තමන්ට තඩිබාන තාත්තගෙන් බේරෙන්න බිංදු ගොඩක් උත්සාහ ගත්තා.
බැරිමතැන එක පාරටම තාත්තගෙ අතින් මිදුණු බිංදු දුවන්න පටන් ගත්තා.
බිංදු දුවලා ගිහින් කැලේ හැංගුණා. කැලේ හැංගිලා හිටි බිංදු හොයාගෙන තාත්තා ආවා.
“හොඳටම බඩගිනියි. කමු පුතේ.”
“තාත්ත මාත් එක්කල තරහද?”
“නෑ මගෙ පුතේ.. පුතා කළේ හොඳ වැඩක්නේ. අපි හෙට උදේම බැද්දට ගිහින් පැටිය බලල එමුකො..” බිංදුගෙ හිස අතගාමින් තාත්ත කීවා.
කේ.ජී. ප්‍රදීපා මහේෂිකා
12 ශ්‍රේණිය ‘කලා’,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය,
හාලි ඇල, බදුල්ල.

http://www.silumina.lk/2014/02/09/_art.asp?fn=au140209

උදෑසන එක් දිනක්

උදෑසන එක් දිනක්

හිමිදිරි උදෑසන සැබැවින් ම සුන්දරය. ඉතා රමණීය ය. තුරු වදුලේ හරිත සේලය අතරින් මිහිමතට පතිත වන උදා ළහිරු කිරණ, රන් රිදී ඈ නෙක විධ වර්ණ මවනුයේ මිහිමඬල මත නැවුම් සේලයක් වියන්නාක් මෙනි.
තුරු වදුලේ දැවැන්තයකු සේ ම, අතිශය සුන්දර රටා මවන, කුඹුක් ගස් තුමු ගාම්භීර ලීලාවෙන් වැජඹෙති. වනයේ නිහඬබවට අපූරු සුමියුරු නාදයක් එක් කරමින් ගී මියැසියක නියුතු වන කුරුලු පාරාදීසයේ කුරුලු වැසියෝ වන දෙව්ලිය අපූරුවට සරසතී.
කුරුලු පාරාදීසයේ ගෘහ නිර්මාණ ශිල්පියා උදෑසන සිය රාජකාරිය ඇරඹූ සෙයකි. තම සොඳුරිය කැන්දන් ඒමට අපූරු කැදැල්ලක් තනනුයේ, ඇගේ අවසරය පරිදිය. “දරුවනේ නුඹලට නැළවෙන්න, කුරුලු පියා සදයි කූඩුව මන බඳින” යනුවෙන් වඩු කිරිල්ලිය සිතනවා විය හැකිය.
ඩබ්ලිව්.ජී. ඉනෝකා හංසනී


13 ශ්‍රේණිය, බෞද්ධ වි., ගම්පොල.

Wednesday, January 8, 2014

කුමුදු කීකරු ළම­යෙක්

හොඳ ළමයෙක් මම


කුමුදු කීකරු ළම­යෙක්. එයා දව­සම වෙහෙ­සිලා වැඩ කර­නවා. ඇගේ මල්ලි රවිඳු හරිම නරක ළම­යෙක්. ඔහු පුංචි ළම­යෙක් වුවත් රාත්‍රියේ රූප­වා­හි­නිය නර­ඹන්න පුරුදු වුණා. යාළු­වන් සම­ඟින් සවස් යාමේ සෙල්ලම් කර­මින් විනෝද වුණා. පාස­ලෙන් දුන් වැඩ කළේ නෑ‍. ඒ නිසා රවිඳු පන්තියේ අන්ති­මයා.
කුමුදු කොච්චර කීවත් වැඩ කරන්න කියා ඔහු ඒ අණට කීකරු වුණේ නෑ. රවිඳු බඩු තියා­ග­ත්තෙත් හරිම අපි­ළි­වෙ­ළ­ටයි. දව­සක් පන්තියේ පළ­මු­වෙ­නි­යයි, දෙවැ­නි­යයි, තෙවැ­නි­යයි වූ බිංදු, චමරි, නයනා පන්තියේ ඉදි­රියේ තෑගි ගන්නට පැමි­ණියා. රවි­ඳුට ගොඩක් දුක හිතුණා. රවිඳු ගෙදර ඇවිත් අක්කට මෙහෙම කිය කියා අඬ­න්නට වුණා. “මම අක්කා කියන දේ අහල පාඩම් කළා නම් මෙහෙම වෙන්‍ නෑ” ඔහු තවත් හයි­යෙන් ඇඩුවා.
මල්ලි ඔයා දැන් ඉඳ­ලම පාඩම් කරන්න කුමුදු කීවා‍. රවිඳු හොඳට පාඩම් කරලා පන්තියේ පළ­මු­වෙ­නියා වුණා. ඔහු ඔහුගේ බඩු ද පිළි­වෙ­ළට තබා ගත්තා. රවිඳු හොඳ ළම­යෙක් වුණා. රවි­ඳුට හොඳ ළම­යාට හිමි තෑග්ග ද ලැබුණා.

එම්.ඩී. අෂාණි මධු­භා­ෂණී,
7 ශ්‍රේණිය ‘ඊ’,
මිහිඳු ම.ම. විද්‍යා­ලය,
අග­ල­වත්ත

Sunday, November 10, 2013

සෙල්ලමට ගන්නෑ

හොඳ යහළුවෝ

කිචි - බිචි... කිචි - බිචි.... කුරුලු කොබෙයියන්ගේ සද්දෙන් මුළු කැලෑගමම අවදිවෙලා. ඉර මාමා කන්ද උඩින් එබිලා බලනවා. කැලෑ බබාලා උදෙන්ම සෙල්ලම් කරන්න එකතු වෙලා. මොනර පැංචා, හා පුංචා, ලේන් පුංචා වගේ ගොඩාක් අය එකතුවෙලා සෙල්ලම් කරනවා. මමත් ඔයගොල්ලන්ගේ සෙල්ලමට එන්නද? දළඹු පුංචා ඇහුවා.
“ඊයා... ඔයාට පුළුවන්ද අපිත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාව ගෑවීලා අප කසාවි ඊටත් බලන්න ඔයාගේ කැත. මොනර පැංචා කිව්වා.
“ඒක ඇත්ත. ඔයා යන්න. එන්න එපා අපේ සෙල්ලමට.” අනිත් අයත් කිව්වා.
“දළඹු පුංචට ගොඩක් දුක හිතුණා. මමත් ළඟදිම ලස්සන සමනලයෙක් වෙනවා. එතකොට ඔයාලා ඔහොම කියන එකක් නෑ” දළඹු පුංචා කිව්වා.
“අනේ යන්න බොරු නොකියා යහළුවෝ දළඹු පුංච එළවා ගත්තා.” දළඹු පුංචට ගොඩක් දුක හිතුණා. දළඹු පුංචා ගහක් උඩට වෙලා අඬ අඬා හිටියා.
“යහළුවා ඇයි ඔයා අඬන්නේ හීන් කටහඬක් ඇහුවා.” දළඹු පුංචා වටපිට බැලුවා. බැලින්නම් ඒ ගොළුබෙලි පුංචයි කූඹි පුංචයි. එයාලවත් සෙල්ලමට ගන්නෑ කියලා දළඹු පුංචා දැන හිටියා.
“ඔයා අඬන්න එපා එන්න අපිත් එක්ක සෙල්ලම් කරන්න” ගොළුබෙලි පුංචා කිව්වා. දළඹු පුංචට ගොඩක් සතුටුයි. එයා ගොළුබෙලි පුංචයි කූඹි පුංචයි එක්ක ඇතිවෙනකම් සෙල්ලම් කළා. ගොළුබෙලි පුංචි කූඹි පුංචවයි දළඹු පුංචවයි පිට උඩ තියාගෙන කැලේ පුරාම ඇවිද්දා. මේ තුන්දෙනා ගොඩක් හොඳ යහළුවෝ වුණා. එයාලා හැමදාම උදේ ඉඳන් හවස් වෙනකල් සෙල්ලම් කළා.
දවසක් දළඹු පුංචා මෙහෙම කිව්වා “දන්නවද යහළුවා මම ළඟදීම සමනලයෙක් වෙනවා.”
“ඒ කොහොමද” ගොළුබෙලි පුංචා ඇහුවා.
“එහෙම තමා ඒ අපේ හැටි. මගේ අම්මා ලස්සන සමනලියක්. අපි බිත්තරවලින් ඉපදෙන්නේ පස්සේ. අපි කෝෂයක් හදාගෙන ටික කාලයක් ඉන්නවා. අපි ඒකෙන් එළියට එන්නේ ලස්සන සමනල්ලු වෙලා.”
“එහෙමද එතකොට ඔයාට අනිත් අයත් එක්ක‍ සෙල්ලම් කරන්න පුළුවන්.” ගොළුබෙලි පුංචා කිව්වා.
“මම කැත කාලේදි නැති යාළුවෝ මට ලස්සන කාලේදිත් එපා හැමදාම ඔයාලා තමයි මගේ යාළුවෝ” දළඹු පුංචා කිව්වා.
පස්සේ දවසේ උදේ දළඹු පුංචා සෙල්ලම් කරන්න ආවේ නෑ. එයාට කරදරයක්වත්ද ගොළුබෙලි පුංචටයි කූඹි පුංචටයි හිතුණා. එයාලට ගොඩක් දුක හිතිලා ඇඬුවා.
එතකොට ලොකු සමනලයෙක් එතැනට ඇවිත් ඇයි ඔයාලා අඬන්නේ ඇහුවා. ගොළුබෙලි පුංචා කිව්වා දළඹු පුංචා නැති නිසා කියලා. සමනලයා කිව්වා “ඔයාලා බයවෙන්න එපා දළඹු පුංචා කෝෂයක් හදාගෙන ඉන්නේ ටික දවසකින් ඔයාලා බලන්න ඒවි” කියලා. ගොළුබෙලි පුංචයි කූඹි පුංචයි තනියම සෙල්ලම් කළා. ටික දවසක් ගෙවිලා ගියා.
“යහළුවනේ මම ආවා.” දවසක් එයාලට දළඹු පුංචගේ කටහඬ ඇහුණා. ඒත් පුංචා පේන්න හිටියේ නෑ. “යහළුවනේ මේ මම.” එතකොටයි එයාලා දැක්කේ ලස්සන සමනලයෙක් තමා එයාලට මේ කථා කරන්නේ කියලා. එයාලට හරිම සතුටුයි.
“සමනල පුංචා එන්න අපිත් එක් සෙල්ලම් කරන්න.” එතකොටම එතනින් ගියපු මොනර පැංචා කිව්වා.
සමනල පුංචා කිව්වා “මම මගේ යහළුවෝ දාලා එන්නේ නෑ කියලා. මොකද හොඳ යහළුවෝ කවුද කියලා සමනල පුංචා දැනගෙනයි හිටියේ.
ඒ.ඒ.ඒ. ශ්‍රිමාලි අධිකාරි
12 ශ්‍රේණිය ‘බී’ (කලා)
පුෂ්පදාන බාලිකා මහ විදුහල,
මහනුවර.

Tuesday, October 29, 2013

S A - G A





The children of Royal College Colombo presented ‘Saga’, a concert of music and dance on Saturday, October 19,  at the Navarangahala.
Keeping up the tradition for the eighth year in succession, the children put up a colourful show, including a fitting tribute to late director Titus Thotawatte. It was a memorable night as the children performed their hearts out, capturing the true beauty of childhood.

Monday, October 21, 2013

බල්ලො බළල්ලු ගැන පුංචි කතාවක්...

බල්ලො බළල්ලු ගැන පුංචි කතාවක්...

අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වයිට් සහ ටෙරී. වයිට් සුදු පාටයි. එයා අලුතෙන් ම අපේ ගෙදර එද්දි නම් සුදු පාටයි. ඒ නිසා තමයි වයිට් කියලා දැම්මේ. ඒත් දැන් එයාගේ හැටි බලනකොට අපිට දාන්න නමකුත් නැහැ. එක දවසක් අපේ ගෙදර අමුත්තෙක් ආවා. එයා අපිත් එක්ක ඉද්දි එයාට පෙන්නන්න වයිට් ට අඬ ගැහුවා. වයිට් අඬ ගහපු ගමන් ම දුවගෙන ආවා. “මේ ඉන්නේ වයිට්” මම කිව්වා. ඒක අහපු අමුත්තාගේ මුහුණ වෙනස් වුණා. ඊට පස්සේ “නමේ හැටියට නම් හොඳ වැඩියි වගේ” කියලා අපි මොනවත් කියන්නත් කලින් ඒ මනුස්සයා අඩියට දෙකට ගෙදරින් එළියට පැනගත්තා. එයා ගියාට පස්සේ මට තේරුණා එයා නොකියා කිව්වේ ‘අපෝ! මෙයාගේ හැටි!!! සුදු පාට මයිලක්වත් පේන්න නෑ” කියලා. තව කෙනෙක් කිව්වා මං හිතුවේ මූගේ නම ඩ(ර්)ටි කියලා. ඒකට නම් ටිකක් විතර ලැජ්ජයි. මොකද මූණට ම කිව්වනේ. ඒත් වයිට්ට නම් ගාණක්වත් නෑ. ටෙරී දුඹුරු පාටයි. ඌ සමහර වෙලාවට සැරයි. ඒත් එයා හැම තිස්සෙම ඉන්නේ පොල් ලෙල්ලක් එක්ක. වෙන එකක් තියා ඌ නිදියන්නෙත් පොල් ලෙල්ලක් ළං කරගෙන. ටෙරී පූසන් පන්නන්නේ නෑ. ඒත් වයිට් නම් පන්නනවා.
මේක තමයි පුදුම වැඩේ! ඔන්න එක දවසක් අපේ ගෙදරට හදිසියේ ම පූසියක් ආවා. එයාගේ ඇ‍ඟේ කළු, දුඹුරු, සුදු පාට තිබුණා. ඒ නිසා මම ඌට මික්සි කියලා නම තිබ්බා. පස්සේ තමයි දැනගත්තේ මේ මං ළඟ හිටපු මිස්ටි පූසිගේ දුව කියලා. ඌ දිගට ම අපේ ගෙදර ආවා. තවත් දවසක, මේන් තව එක්කෙනෙක් එනවා. එයා අලු, සුදු, කහ පාටට හුරු දුඹුරු පාටයි. එයාගෙ නම ඩේෂී. ඊට ටික දවසකට පස්සේ අපි එහා ගෙදරට රෑ සාදයකට ගියා. එහේ හිටියා තවත් පූසෙක්. උගේ පාටත් මික්සිගේ පාට වගේමයි. ඒ හිටිය පූසා මික්සිගේ සහෝදරයෙක්. ඒ නිසා මම ඌට බික්සි කියලා නම තිබ්බා.
එදා අපි රූපවාහිනිය නරඹමින් හිටියේ. ඒ අතර අපිට සද්දයක් ඇහුණා. රූපවාහිනී බලල ඉවර වෙලා ජනේල වහන්න ගියා. රස්නය නිසා ඇරලයි තිබුණේ. මම ඒ කාමරයට ගිහින් බලද්දි මේන්! පුංචි පූස් පැටියෙක් අම්මගේ පොත්වලට මැදිවෙලා හොඳට නිදි!! මම ජනේලෙත් නොවහා අම්මා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අම්මා මෙන්න වයිරං පැටියෙක් ඇවිල්ලා!!!” එතකොට අක්කත් තාත්තාත් ආවා. කළුරේ එද්දි අක්කා පැටියා හිටපු මේසෙ “දඩාස්” ගාලා හැපුණා. ඒත් එක්ක ම ඇහැරුණු පැටියා ඉක්මනට ජනේලයෙන් මාරු වුණා. හැබැයි පහුවදා, මේං එනවා!! එයා අපිත් එක්ක යාළුවෙලා හැම තැනම නැග නැග ඉඳලා අන්තිමට තාත්තාගේ ඇඳටත් නැංගා. එයා හොඳට හරිබරි ගැහිලා ලස්සනට ඉඳගත්තා. එතකොට ම තාත්තා ආවා. ඒක දැකලා ඌව උස්සද්දි දැක්කේ හරිම හිරිකිත දෙයක්. ඇත්තම කිව්වොත්... ඌ ඇ‍ඳේ චූ දාලා තිබුණා. ඉතින් අම්මට මුළු පොරෝනයම හෝදන්න වුණා. අම්මා ඌට කතා කළේ චූ බබා කියලා. මම ඒක චූබී කියලා හැදුවා.
ටික දවසකින් තවත් පූසියක් ආවා. මම එයාට දැම්මේ රික්සි කියලා. එයත් මික්සිගේ සහෝදරියක්. කවදාවත් පූසෝ එන එක නතර නොවේවි කියලා මට හිතුණා.
ඊළඟ දවසේ වයසක පාට කෝප්පයක් වගේ මූණක් තියෙන පූසෙක්. එයා වයසක නිසා මම ඌට ‘ඔඩී’ කියලා දැම්මා. ඊළඟට ආවේ චූබීගේ අම්මා. ඌට ‘ඩිටී’ කියලා නම දැම්මා. අන්තිමයා ‘බ්ලී'. එයා කළු පාටයි.
එදා ඉරිදා දවසක්. තාත්තා ගෙදර හිටියෙ නැහැ. මේ අතරෙ චුබී පුරුදුවෙලා හිටියා අපේ වයිට් නිතරම චුබීට කුරුමානම් අල්ලනවා. ඒවා වැරදුණා. ඉතින් මෙදා චුබී අව්ව තපින්න එළියට බැස්සා. එහෙම ඉද්දි එකපාරට ම වයිට් පැනලා උගේ බෙල්ලෙන් අල්ලගත්තා. ඌ පුළුවන් විදිහට දැගළුවා බේරෙන්න. ඒත් එක්කම වයිට්, ඌව ළඟම තිබුණ ගලක ගැහුවා. ඒක දැකලා අක්කා කෑ ගැහුවා. ඒත් වයිට් උඩ ගෙදරට ගිහින් ඌව හයියෙන් වැනුවා. ඒ ගෙදර මාමා වයිට්ට ගලකින් ගැහුවා. ඌ චුබීව දාලා දිව්වා. එතන තිබුණ ගරාජ් එකේ කාර් එක යටට ඌ ඇදිලා ගියා. මම කෝටුවක් දාලා ඌව ඇදලා ගත්තා. උගේ කකුල් උළුක්කු වෙලා තිබුණා. ඉන් පස්සෙ මම ඌව දර මඩුවට ම දැම්මා. රෑ වුණහම අම්මා උගේ කකුල් තෙල් ගාලා ඇද්දා දැන් නම් ඌ හොඳට ඉන්නවා. මෙහෙම වෙලා පූසෝ හදන්ඩ බල්ලො එක්ක බෑ තමයි.

විශ්වනී මදාරා විජේරත්න
7 ශ්‍රේණිය,
උසස් බාලිකා විද්‍යාලය,
මහනුවර

Monday, September 30, 2013

සිත්තර මීයෝ

සිත්තර මීයෝ

දවසම එළිය පතුරවපු ඉර මාමා බැහැලා යනවා. කුරුල්ලෝ කැදලිවලට පියාඹලා යනවා. සිතුම් බබා ගෙදර මිදුලට වෙලා පාර දිහා බලාගෙන හිටියා තාත්තා ගෙදර එනකම්.
තාත්තා එනවා දැකපු සිතුම් බබා දුවලා ගිහින් තාත්තගේ අතේ එල්ලුණා. තාත්තා සිතුම් බබාත් එක්කම ගේ ඇතුළට ආවා. තාත්තා පුංචි මල්ලක් අරගෙන සිතුම් බබාට දුන්නා. ඒකේ තිබුණේ ලස්සන දිය සායම් පෙට්ටියක්‍.
බබා උදෙන්ම ඇහැරලා දිය සායම් පෙට්ටියත් අරගෙන හරිම සතු‍ටින් ඉස්කෝලේ ගියා. සිතුම් බබා දිය සායම් පෙට්ටිය යහළුවන්ටත් පෙන්නුවා. චිත්‍ර අඳින වෙලාවට ලස්සන චිත්‍රයක් ඇන්දා.
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු බබා ඇඳපු චිත්‍ර අම්මටත් පෙන්නලා, බෑග් එක පැත්තකින් තියලා නංගිත් එක්ක සෙල්ලම් කරන්න ගියා.
බබා ආපහු එනකොට බෑග් එකේ තිබුණ දිය සායම් පෙට්ටිය එළියේ විසුරුවලා තිබුණා. බබාට හිතාගන්න බැරිවුණා කවුද මේ වැඩේ කළේ කියලා. බබා දිය සායම් ටික එකතු කරලා බෑග් එකේ දාලා තියලා නිදාගත්තා.
උදේත් සිතුම් බබා බලනකොට දිය සායම් පෙට්ටිය තිබුණේ එළියේ. බබාට හරි පුදුමයි. බබාට හිතුණා කවුරුහරි බබාව පුදුම කරවන්න මෙහෙම කරනවා ඇති කියලා. බබා ඉස්කෝලේ ගියේ අද හවසට දිය සායම් ඉහිරවන කෙනා හොයාගන්නවා කියලා හිතාගෙන.
සිතුම් ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් දිය සායම් පෙට්ටිය එළියෙන් තියලා නංගිත් එක්ක හැංගිලා බලාගෙන හිටියා.
හරිම පුදුමයි ටික වේලාවකින් පුංචිම පුංචි මීයෝ තුන්දෙනෙක් ඇවිත් දිය සායම් පෙට්ටිය ඇරියා. එක මීයෙක් එතැනම ඉද්දි අනිත් මීයෝ දෙන්නා බබාගේ දිය සායම් සේරම අරගෙන ගියා. ඉක්මනින්ම දිය සායම් ආපහු ගෙනත් තියපු මීයෝ තුන්දෙනාම ගබඩා කාමරේට රිංගගත්තා.
සිතුම් නංගිත් එක්ක ගිහින් හෙමිහිට ගබඩා කාමරේට එබිලා බැලුවා. මීයෝ බිත්තිය මුල්ලේ බරටම වැඩ.
මීයෝ තුන්දෙනා චිත්‍ර අඳිනවා. එක මීයෙක් එයාලගේ ගේ පාට කරනවා. බබාට හරි පුදුමයි. බබා කල්පනා කළා මෙහෙම හැමදාම වුණොත් බබාගේ දිය සායම් ඉක්මනට ඉවර වෙනවා.
එ‍තකොටයි නංගි කතා කළේ “අයියා මට දීපු පරණ දිය සායම් පෙට්ටිය අපි මෙයාලට දෙමු”.
සිතුම්ට මතක් වුණා එයාගේ පරණ දිය සායම් පෙට්ටිය. සිතුම් ඒක අරගෙන ගබඩා කාමරේට ගියා. එතකොට මීයෝ හිටියේ නෑ. සිතුම් දිය සායම් පෙට්ටිය ගබඩා කාමරේ තියලා ඈතට ගිහින් බලාගෙන හිටියා. කොහෝදෝ ඉඳලා ආපු මීයෝ තුන්දෙනා දිය සායම් පෙට්ටිය දැකලා නටන්න පන්ගත්තා.
සිතුම් නංගිවත් අඬගහගෙන එතනින් අයින් වුණේ එයාලා එතැන ඉන්නවා අම්මා දැක්කොත් සිත්තර මීයන්ට වැඩි ආයුෂක් නොවන නිසයි.

ඒ.ඒ.ඒ.ශ්‍රීමාලි අධිකාරි
12 ඒ‍ ශ්‍රේණිය (කලා), පුෂ්පදාන බාලිකා මහ විදුහල, මහනුවර.

http://www.silumina.lk/2013/09/15/_art.asp?fn=au130915

Tuesday, July 23, 2013

මඩොල් දූව























 මා කියවූ රසවත්ම පොත

කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි. කිසිදිනෙක අකුරක් නොකියවූ මිනිසා ජිවත්ව සිටිය ද ඇතුළතින් මැරුණු මිනිසෙකි. ඕනෑම කෙනෙකුට ජීවය දෙන්නට කියවීමට හැකිය. අකුරින් අකුර කියවා නව නිපැයුම්වලට පණ දී, දියුණු නව ලොවකට මංපෙත් විවර කරන්නට හැකිවන්නේ කියවන්නාට පමණි. සියල්ලෝම දැනුම ලබාගන්නේ, තොරතුරු හුවමාරු කරගන්නේ, රසවින්දනයට යොමු වන්නේ, ඕනෑම දෙයක් වටහාගන්නේ කියවීමෙනි. එනිසා මේ සුවිසල් ලොව තුළ කියවීම ඉටුකරන මෙහෙවර, කියවීමේ අගය නිම කළ නොහැකිය.
මුලින්ම අකුරු කියවූ දිනයේ පටන් අද වනතුරු අපි කියවා ඇති දෑ ගතහොත් කියා නිම කළ නොහැකි තරම්ය. නමුත් එතැනින් ද යමෙකුගේ කියවීම අවසන් නොවේ. මිය යන තෙක්ම අපි මොනවා හෝ ඉගෙනගත යුතුය.
කියවිය යුතුය. මේ දක්වා අපි කියවූ දේ අතරින් වඩාත්ම ඇලුම් කරන යම් සිද්ධියක් හෝ පොතක් සෑම කෙනෙකුටම ඇත. මා කියවූ රසවත්ම පොත වන්නේ ‘මඩොල් දූව‘ නමැති ළමා නවකතා පොතයි. එය රචනා කොට ඇත්තේ ‘හෙළයේ මහා ගත්කතුවරයා’ ලෙස හා දකුණු පුරවරයෙන් බිහිවූ ‘කොග්ගල ප්‍රාඥයා’ ලෙස විරුදාවලිය ලැබූ මාටින් වික්‍රමසිංහ මහතායි.
මඩොල් දූව කෘතිය මාගේ පමණක් නොව කියැවූ ඕනෑම කෙනෙකුගේ නෙත් සිත් වශී කිරීමට සමත් වේ. ඒ එම නවකතාව සතු සිත් ඇද බැඳ ගන්නා සරල බස් වහර, භාෂාව රසවත් කරන විවිධ සම්ප්‍රදායික යෙදුම්, මෙම කතාවට පණගන්වන ප්‍රධාන චරිතවල ක්‍රියාකලාපය, නවකතාවේ ඇති හාස්‍ය දනවන සුළු හා විස්මය හා භය දනවනසුළු සිද්ධීන්, ඒ ළමයින්ගේ උත්සාහවන්ත බව, දඟකාරකම, නිර්භීතකම ආදී ගුණාංග හා කර්තෘවරයාගේ අතිවිශිෂ්ට දක්ෂතාවය ආදී විශේෂ ගුණාංග නිසාය. මෙය අප රට තුළ පමණක් නොව, මුළු ලෝකය තුළම ළමා ලොවේ සිහින කතාවක් ලෙස අතිශයින් ජනප්‍රිය වී ඇත.
මේ සියලු ගුණාංගවලින් හෙබි මඩොල් දූව නවකතාවේ හරවත් සාරාංශය මෙසේ එක් ඡේදයකට සිරකර තැබීම ඉතා අසීරුය.
නොපසුබට උත්සාහය, සහයෝගීතාවය, අධිෂ්ඨානය, මිථ්‍යාමත විශ්වාස නොකිරීම හා ඕනෑම දෙයක් තමන්ට හැකි බව සිතමින් කටයුතු කිරීම ආදී ගුණාංග ජීවිතයට එකතු කරගනිමින් ජීවිතය සාර්ථක කරගැනීමට අපටත් හැකිය. එබැවින් මා කියවූ රසවත්ම පොත වන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘මඩොල් දූව‘ කෘතිය ලෝකයේ අනර්ඝම කෘති අතරට එක් වූ කෘතියක් බව නොඅනුමානය.

ආර්.ඒ.හිරුණි සමීරා රණසිංහ
8 ශ්‍රේණිය ‘සී’,
රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ.

Saturday, July 20, 2013

"විදුල" ට එක්වන්න, මෙන්න කදිම අවස්ථාවක්













විදුල ළමා ගුවන් විදුලියේ මෙම බ්ලොග් අඩවියේ,
ඔබගේ වටිනා නිර්මාණ පල කිරීමට අවස්ථාව ලබා දීමට, 
විදුල ළමා ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.

තෝරාගත් පිරිසකට ඔවුන්ගේ නිර්මාණ, 
මෙම බ්ලොග් අඩවියේ ඔවුන්ටම පල කිරීමේ අවස්ථාවද, 
අනෙක් පිරිසගේ නිර්මාණ අපගේ ඊමේලය වෙත ලබාගෙන, 
සුදූසු අයුරින් සකසා පල කිරීමේ අවස්ථාවද මෙහිදී හිමි වනු ඇත.
vidularadio@gmail.com
වටිනා සාහිත්‍යයික ලිපි එක්තැන් කොට ගබඩා කිරීමටත්,
නව නිර්මාණ කරුවන්ට අත දීමටත් යන කරුණු මූලික කරගෙන 
මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

සැමදින ළමා පරපුර වෙනුවෙන් කැපවූ, 
ශී‍්‍රලංකා ගුවන් විදූලි සංස්ථාවේ
විදුල ළමා ගුවන් විදූලිය සමග එක්වීමට කැමති ඔබ 
ඔබේ නිර්මාණයක් අපවෙත යොමු කරන්න.
vidularadio@gmail.com
මෙය සිංහල යුනිකෝඩ භාවිතා කරමින් හෝ 
සිංහල වෙනත් ෆොන්ට් යොදාගෙන 
වර්ඩ් ඩොකියුමන්ට් ලෙස අප වෙත ඊමේල් කරන්න
සුදූසු නිර්මාණ අපගේ බ්ලොගයට, 
ඔබේ නමින් අන්තර්ගත කරනු ඇත.
ඉන් තෝරාගත් පිරිසකට 
අපගේ බ්ලොග් අඩවියට ලිවීම සදහා පාස්වර්ඞ් ලබා දෙනු ඇත.

ලංකාවේ ළාබාලම ‘ඩ්‍රම්ස්’ වාදකයා

ලංකාවේ ළාබාලම ‘ඩ්‍රම්ස්’ වාදකයා

උදේශ කරුණානායක
මේ කාලවකවානුවේදී බිහිවන සංගීත කණ්ඩායම් බොහෝයි. ඒ අතරින් තමන්ටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනඟා ගනිමින් සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත්වූ සංගීත කණ්ඩායමක් ලෙස ‘චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස්’ හැඳින්විය හැකි ය. මෙහි ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පියා දැනට ලංකාවේ සිටින ළාබාලතම ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පියා ලෙස මේ වනවිට වාර්තා වෙනවා. ඔහු නමින් උදේශ කරුණානායක. උදේශ තවමත් පාසල් යන එකොළොස් වියැති පුංචි පුතෙක්. උදේශ ගේ ගම් ප්‍රදේශය ගම්පහ. තමාගේ ඩ්‍රම්ස් වාදන හැකියාව ගැනත් ඔහුගේ කලා ජීවිතයේ තොරතුරු ගැනත් උදේශ අපිත් එක්ක කතා බහ කළා.
“මම පුංචිම කාලේ ඉඳලම සංගීතයට ආසයි. මොකද මගේ පියාත් එකම සොයුරාත් සංගීතයට හුඟක් ම කැමැතියි. මගේ සොයුරා රුක්ෂාන් කරුණානායක. ඔහුගේ තමයි ‘චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස්’ සංගීත කණ්ඩායම.
මේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා ලෙසයි මම දැනට කටයුතු කරන්නේ. මම ‘චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස්’ සංගීත කණ්ඩායමේ පළමුවන සංගීත ප්‍රසංගයේ දී ක්ලැරන්ස් විජේවර්ධනගේ ‘සිහින ලොවක්’ ගීතයට ඩ්‍රම්ස් වාදනය කළා. එය තමයි මගේ මුල්ම ප්‍රසංග අත්දැකීම. ඒ වගේ ම මගේ සොයුරා රුක්ෂාන් සංගීතය අධ්‍යක්ෂණය කළ නලින් ජයවර්ධනගේ “පාට පාට සමනලයින්” සංයුක්ත තැටියේ ‘තරු කැට යුවළක්’ ගීතයට ඩ්‍රම්ස් වාදනය කළේ මම.
එය හරහා තමයි මම මුල් ම පටිගත කිරීමේ අත්දැකීමක් ලැබුවේ.
මේ වනවිට මම බොහෝ ප්‍රසංගවල ඩ්‍රම්ස් වාදනය කර තිබෙනවා. ඒ වගේ ම රූපවාහිනී වැඩසටහන් සඳහාත් මගේ දායකත්වය ලබාදී තිබෙනවා. ඒ අතර ‘ශනිදා ආයුබෝවන්’, ‘ආදරණීය යෞවනය’, ‘හලෝ ශ්‍රී ලංකා’, ‘වෙනස’, වැඩසටහන් විශේෂයි. මම හුඟාක්ම ප්‍රිය කරන ගායක ගායිකාවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතර ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන, අනිල් භාරතී, ඉන්ද්‍රානි පෙරේරා වැනි ප්‍රවීණයන් විශේෂයි.‍
මේ වනවිට මම ගීත පටිගත කිරීම් 50 කට පමණ ඩ්‍රම්ස් වාදනයෙන් සහාය වී තිබෙනවා. ඒ අතර ‘චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස්’ සංගීත කණ්ඩායමේ ප්‍රථම සංයුක්ත තැටිය ‘පියාණනී’ ගීත 10 කට ඩ්‍රම්ස් වාදනය කළා. ඒ වගේ ම භද්‍රජි මහින්ද ජයතිලකගේ ‘ගමෙන් ආ කෙල්ලේ’ සංයුක්ත තැටියේ ‘බට්ටිත්තා, ‘අපි රාග වයනවා’, ‘බලන්න අරුණ සමඟ’ සහ ‘මරියා’ යන ගීත වලට ඩ්‍රම්ස් වාදනය කළා.
මේ විදියට ජනප්‍රිය ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත පටිගත කිරීම්වලට මම ඩ්‍රම්ස් වාදනයෙන් සහාය වෙනවා. ඒ වගේ ම ඩ්‍රම්ස් වාදනය කියන්නේ හරිම සුන්දර කලාවක්. ඒ කලාවේ නිරත වෙන්නට මම කැමැතියි. මගේ අනාගත බලාපොරොත්තුවත් ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පියෙක් වීමයි. ඒ සඳහා මගේ පියා ලලිත් කරුණානායකත් මව ගංගානි කරුණානායකත් නිරන්තරයෙන් ම මට දිරි දෙනවා. ඒ වගේ ම එකම සොයුරා රුක්ෂාන් කරුණාරත්නත් මට සෙවණැල්ලක් සේ මඟ පෙන්වනවා.
විශේෂයෙන් ම මම අධ්‍යාපනය ලබන ගම්පහ සුමේධ විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය වගේ ම මගේ පාසලේ මිතුරු මිතුරියන් ගෙන් ලැබෙන සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මට හැමදාමත් ශක්තියක්.
අංක 104/ 7, පල්ලිය පාර, ගම්පහ උදේශගේ ලිපිනයයි.

ළමුන් 2500 ක්‌ එක්‌වී මඩ නාති

2500 ක්‌ එක්‌වී මඩ නාති
26 වැනි මඩ නෑමේ දිනය ඇමරිකාවේදී



26 වැනි මඩනෑමේ දිනය ඇමරිකාවේ මිචිගන්හිදී පසුගියදා පවත්වනු ලැබීය. මෙදින මඩ නෑම සඳහා ළමුන් 2500 ක්‌ පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් වතුර ලීටර් 76,000 ක්‌ යොදා පස්‌ මෙටි්‍රක්‌ ටොන් 80 ක්‌ යොදා විශාල මඩ පොකුණක්‌ සකස්‌ කර තිබිණි. මේ මඩ නෑමෙන් මම ගොඩාක්‌ සතුටු වූවායෑයි 9 හැවිරිදි රෙබෙකා හෝල් ප්‍රකාශ කර තිබිණි දරුවන්ගේ මඩනෑම මවුවරුන්ටත් මහත් ප්‍රිතියක්‌විය. මඩ නෑමෙන් පසුව ගොඩට එන අයට වතුර සැපයීමට ගිනි නිවන හමුදා භටයෝ වතුර ටැංකිද සමග කැඳවා තිබිණි.