V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Tuesday, June 7, 2016

පිඬු පිදුම _______******සංවේදී********

මැදින් මාසේ උදෑසනකි.
දියණිය ද වැඩට ගොසිනි.
ගෙදර මා පමණ ය.
මම පාර දෙස බලා සිටියෙමි. පාසල් දරුවෝ ලහිලහියේ යති.
මම මිදුල අමදින්නට වීමි.
හාමුදුරු නමක් පිණ්ඩපාතයේ වඩින අයුරු මා දුටුවේ එවිට ය. විටින් විට උන්වහන්සේ උදෑසන මෙසේ පිණ්ඩපාතයේ වඩිති.
දියණියට පාන්දර ම පිසූ අහරින් අඩක් තිබේ. ඉන් කොටසක් උන්වහන්සේට පුදා උදෑසන ම පිනක් සිදු කොට හිත පහත් කර ගත යුතු යැයි මට සිතිණ.
මම ඉදල පසෙක තබා වහා ගේට්ටුව අරින්නට දුව ගියෙමි. ගේට්ටුව වසා තිබුණොත් උන්වහන්සේ ඉවත වැඩිය හැකි ය.
උන්වහන්සේට නිවෙස ඉදිරියට ඒමට හැකි වන පරිදි ගේට්ටුව විවර කළ මම වහ වහා මුළුතැන්ගෙට දුව ගියෙමි.
හනික අහර කොටසක් පිළියෙල කර ගත් මම එය ද රැගෙන ඉදිරියට ආවෙමි. උන්වහන්සේ අප ගේ ඉදිරිපිට නිහඬව බලා සිටියහ. මම එය පුදා උන්වහන්සේ ගේ දෙපා නැමදිමි.
‘සුවපත් වේවා!’
උන්වහන්සේ ආපසු වඩින්නට වූහ. මම පිටුපසින් ගේට්ටුව දෙසට ගියෙමි.
‍ගේට්ටුවට එපිටින් පාර අයිනේ සිසුවෝ දෙදෙනෙක් සිටියහ. ඔවුන් භික්ෂූන්වහන්සේ වඩින තුරු බලා සිටියා විය යුතු ය.
මා සිතුවා නිවැරදි ය. ඔවුහු තමන් අත වූ මුල් දෙකක් උන්වහන්සේ ගේ පාත්‍රයෙහි ලා නැමී වැන්ද හ.
‘සුවපත් වේවා!’
‘සුවපත් වේවා!!!’
ඔවුන් පිදූ එක මුලක තිබුණේ බතක් විය යුතු ය. දෙවැන්නෙහි වූයේ පාන් සහ වෙනත් දෙයක් විය යුතු ය.
භික්ෂූන්වහන්සේට වැන්ද හැටියේ ම සිසුවෝ දෙදෙන ආපසු හැරී වහ වහා පාසල් ගමනෙහි යෙදුණ හ.
තම අහර පිණිස ගෙනා දෙය පිනට දුන් සිසුන් දෙදෙනා කෙරෙහි මසිත හට ගත්තේ විස්මය මුසු දුකකි.
ගේට්ටුව වැසූ මා යළි මිදුල ඇමදීමට වූයේ ඔවුන් කෙරෙහි හට ගත් දයාවෙනි.
පසු දින ඔවුන් හමුවී කතා කළ යුතු යැයි මට සිතිණ.
පසු දින සිසුන් යන වෙලාවේ මම ගේට්ටුව අසලට වී බලා සිටියෙමි.
ඔවුහු ආහ.
‘අනේ පුතේ ඔහොම පොඩ්ඩක් නවතින්ඩ!’
ඔවුහු නැවතුණහ.
‘ඊයෙ දවාලෙ ඔයාල කෑවෙ මොනව ද?’
‘මොකුත් නෑ’
ඒ අහිංසක මුහුණ දෙකෙහි නැගුණේ මඳ සිනාවකි.
‘මං බලාගෙන හිටියෙ ඔයාල ඊයේ කරපු වැඩේ. මට හිතුණ ඔයාලට දවල්ට කන්ඩ දෙයක් නැතිවෙයි කියල. ඒකට මට දුක හිතුණ පුතේ.’
ඔවුහු හිනාවෙන් යුතුව ම යන්නට ගියහ.
මා දැනගත් කාරණාවලට අනුව මේ ආදරණීය දරුවන් ගේ එක් අයකු ගෝනාපීනුවල සාරාලංකාර මහ විදුහලේ ඉසුරු නුවන් හා ඕෂද පබසර ය.
යහපත් පුතුනි, නුඹ දෙපොළ ගේ දිවි මග වාසනාවන්ත වේවා!’
ගෝනාපීනුවල, විශ්‍රාමික ගුරු, සුසිලා ගුරුගේ මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

සටහන් පොත් නෑ : පාඩම් පොත් නෑ ඒත් අපි ඉස්කෝලෙ ආවා

පාඩම්වලට හිත එකලස් කරන්න විදුහල්පතිවරු-ගුරුවරු සූදානම්

විනාශයට එකකට එකක් දෙවැනි නැහැ. සෑම පාසලක්ම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරනවා. ගංවතුර ඇවිත් බැස ගියේ යළිත් නෑවිත් ඉන්නටම නොවේ. යළි යළිත් එන සලකුණු බොහොමයක්ම ඉතිරි කරමින් බැසගිය ගංවතුර අනාගතයක් ඉල්ලා හඬන දරු පැටවුන්ට ඉතිරි කළේ අමිහිරි අතීතයක කටුක මතක සටහන් පමණි. පුංචි දරු පැටවුන්ගේ පෙළපොත පමණක් නොව, අකුරු ලියනා පෑන පැන්සල පමණක් නොව, අකුරු කරනා පාසල් බිම අද ඔවුනට අහිමි වී ඇත. ඔවුන්ගේ හෙට දවස ගංවතුරත් සමඟ ගසා ගෙන ගියේ හිත් පිත් නැත්තා සේ ය. සිදුවු බොහෝ දේ අද අතීතයට එක්වී හමාරය. ඒ අතීතය වෙනුවෙන් හැඬූ කදුළුද මහා සැඩ පහරට යටත්ය. ඒ මිනිසත්කම පවා පරදවන සොබා දහමේ හැටිය.
ගංවතුරින් නිසා කතා කරන්නට බොහෝ දේ තවමත් ඉතිරිව ඇතැයි සිතේ. නොවිසදුණු අනාගතයකට අතවනනා පුංචි එවුන්ගේ ඉරණම තවමත් විසඳී නැත. ජීවිතය ගොඩ නඟා ගන්නට කිසිදු දෙයක් ඉතිරි නොවූ මේ පැටවුන්ට අද අකුරු කරන්නට පාසලක් නැත.
නිරල්ගම බුද්ධවංශ හිමි
තමරා ගුණරත්න මිය
ඩී.එම්.යූ.පී. දිසානායක මිය
අෆික්
“බස්නාහිර පළාතේ පාසල් 120 විනාශ වෙලා. දරුවෝ 69 000 කට වඩා අනාථ වෙලා. ” මේ නපුරු ආරංචිය පසුගිය දිනවල රට පුරාම පැතිර ගියේ සොබා දහමට සාප නොකර කරන්නට බොහෝ දේ ඉතිරි කරමින්. පොතපත අහිමි වූ පුංචි එවුන්ට පොතපත ලැබුණත්, හිතේ බයක් නැතිව දුව පැන ඇවිද ගිය සුන්දර පාසල් බිම අද ඔවුනට අහිමිය. සුදු ඇඳුමින් සැරසුණු පුංචි යාළුවෝ අද නැත.
“අපේ පන්ති කාමර ඔක්කොම වතුරට ගිහිල්ලා. ටීචර්ලා අපිට පොත් දෙයි. සුදු ඇඳුමුත් දෙනවා කිව්වා. ” ඒ මේ පුංචි හිත් වලට තේරෙන හැටිය. පුංචි සිත් වලට නොදැනුණද සිදුවු දෑ ඊට වඩා බරපතළය. අනාගතයද බොහෝ සේ අවිනිශ්චිතය.
“අද අපේ පාසල්වල දරුවන්ට ඉගෙන ගන්න සුදුසු පරිසරයක් නැහැ. පාසලේ ගොඩාක් දේ විනාශ වෙලා. හරිම අනාරක්ෂිතයි. දරුවො රඳවන්න සුදුසු පරිසරයක් නැහැ. මේ පාසලේ 1800 ක් අනාථ අය හිටියා. යන්න අකමැති අය තවත් ඉස්කෝලෙ ඉන්නවා. මම ගිය සතියේ ඒ අයගෙන් ඉල්ලීමක් කළා ඒ අයගේ දරුවන්ට පාසල සුද්ද පවිත්‍ර කරගන්න සහය දෙන්න කියලා. පස්සේ ගෙවල්වලට යන්න පුළුවන් අය ගියා. අපේ පාසලේ ප්‍රධාන ශාලාව ළඟදි අලුත්වැඩියා කළේ . ඒත් දැන් සියල්ල විනාශ වෙලා. තිර රෙදි මුකුත්ම නැහැ. පයිප්ප කරාම කැඩිලා ගිහින්. දරුවන්ට පාවිච්චි කරන්න සුදුසු වැසිකිළි නැහැ. ඒවායේ වැසිකිළිවළවල් උතුරලා ගිහින්. දරුවන්ගේ පොත්පත් විතරක් නෙමේ පංති වාර්තා පොතුත් විනාශ වෙලා. පංති කාමර අස්පස් කරගන්න කලින් අනාථ අයට ඉඩ දෙන්න වුණා. ඒ නිසා සමහර අය පන්ති කාමරවල දෙරගුළු කඩලා තමයි ගොඩාක් අය ඇතුළට ගිහින් තියෙන්නේ. අද අපිට ඒ හැම දේම හදන්න වෙලා ”අප හා එසේ පැවසුවේ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විදුහලේ විදුහල්පතිනිය වන ඩී.එම්.යූ.පි දිසානායක මහත්මියයි.
ගංවතුර තර්ජන දරුණුවටම බලපෑවේ බස්නාහිර පළාත් පාසල්වලටය. තවමත් නිවෙස්වල ආරක්ෂාව නොපතන මේ පිරිස පිහිට පතන්නේ දරුවන්ගේ පාසලය. වැල්ලම්පිටිය විද්‍යාවර්ධනයට ගං වතුරින් බොහෝ හානි සිදු වුවද තවමත් ප්‍රධාන ගොඩනැගිලි කිහිපයකම අනාථ වූ පිරිස් කාලය ගත කරති.
“ අපි කොහේ යන්නද නෝනා. අපිට යන්න තැනක් නැහැ. ගෙදර වතුර පිරිලා. ලැට් වළවල් උතුරනවා. දරුවෝ තියාගෙන ඉන්න බැහැ. ඒ නිසයි තවමත් පාසලේ ඉන්නේ. ඒත් මේවා දරුවන්ගේ. තවත් හිටියොත් මේවා අපිරිසුදු වෙනවා. ඒ නිසා අද රෑට අපි යනවා. ” එතෙක් පාසලේ නතරව සිටි සරස්වතී පැවසුවාය. සරස්වතී මෙන්ම ඇය වැනි බොහෝමයක් දෙමවුපියන්ගේ දරුවන්ට අනාගතයක් කැන්දන්න තනන පාසල අද අහිමි වී ඇත. මේ පුංචි පන්ති කාමර අද හැඩ වෙන්නේ පොතක් පතක් නැතිව පාට කඩමළු ඇදුමින් සැරසී ගිය පුංචි පැටවුන්ගෙනි. කදුළට සුසුමක් එක්කළ මේ පුංචි ජීවිත උදෑසන පාසල් එති. සවස යති. එහෙත් අකුරු කරන්නට හොඳ මනසක් හෝ පරිසරයක් අද ඔවුනට අහිමිය.
“අපේ පාසලට දරුවෝ එන්න ගත්තේ අද. පහෙන් හතරක්ම ඉන්නේ ගංවතුරින් හැමදේම නැතිවුණු අය. සමහර දරුවන්ගේ දෙමවුපියන් පවා නැතිවෙලා. ඒ නිසා මේ දරුවන්ගේ මානසිකත්වය හොඳටෝම බිඳවැටිලා. ඉගෙන ගන්න තරම් මානසිකත්වයක් නැහැ. තවම මේ දරුවෝ ඉස්කෝලේ පරිසරයට හැඩ ගැහිලා නැහැ. එන්න ඕන නිසා අම්මලා ඉස්කෝලෙ එවනවා. ඒත් ඒකත් ලොකු දෙයක්. හැම දේටම කලින් ගුරුවරු විදියට අපිට ඒ ගැන හිතන්න වෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් හැරුණු කොට කාටවත් සුදු ඇදුම් නැහැ. සපත්තු නැහැ. කවුරු හරි දුන්නු පාට ඇදුම් ඇඳ ගෙන පාසලට ආවහම මේ දරුවෝ හැසිරෙන්නේ පාසල් පරිසරයට ගැළපෙන්න නෙමේ. ඉන්නේ හරිම විනෝදයෙන්. ඒ නිසා අපි ටිකෙන් ටික උත්සාහ කරනවා මේ දරුවන්ව පාසලේ වැඩ වලට හුරු කරවගන්න.
අපේ පාසලේ ප්‍රාථමිකය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. දරුවෝ රඳවන්න බයයි. තට්ටු තුනේ ගොඩනැගිල්ලක් ගිලා බැහැලා. ගොඩනැගිල්ලේ බිත්ති පැත්තකට ඇලවෙලා. පිරිසුදු කරන්න තියා ඒ පැත්ත පලාතටවත් යන්න බැහැ. ඒ තරම්ම අපිරිසුදුයි. ප්‍රාථමිකයේ තිබූ දරුවන්ගේ අත්වැඩ සේරම විනාශ වෙලා. නාම ලේඛන පංති වාර්තා පොත් කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. පංති කාමරයේ තිබුණ දරුවන්ගේ ක්‍රියාකාරකම් සියල්ල විනාශ වෙලා. ඒ හැම දේටම වඩා විෂබීජ. දරුවෝ කොහොමද මේවායේ රඳවන්නේ. ” ඒ සේදවත්ත සිද්ධාර්ථ විදුහලේ සහකාර විදුහල්පතිනිය වන තමරා ගුණරත්න හා තනුරිකා ගුරු මහත්මිය අප හා පැවසූහ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙන්ම විවිධ පරිත්‍යාගශීලීන් දරුවන්ට අත්‍යවශ්‍ය දේ ලබා දුන්නද මේ පුංචි පැටවුන්ට ඉගෙන ගන්නට සුදුසු පරිසරයක් මෙන්ම මානසිකත්වයක්ද තවමත් නැත. නිල ඇඳු‍ම් රෙදි ලැබුණත් මේ දෙමවුපියන්ට ඒවා මසා අන්දවන්නට තරම් වත්කමක්ද නැත. දරුවන්ට එදා වේල පවා දෙන්නට නොහැකි අන්දමට කිසිදු දෙයක් ඉතිරි නොවූ මේ දරුවන්ට දවාලට කන බත්පත පවා පිසගෙනැවිත් දෙන්නේ ගුරුවරුය.
“අපි දරුවන්ට නිල ඇඳුම් රෙදි දුන්නා. ඒත් ඒ අයට ඒවා මසා ගන්නවත් ඒ අයට තාම පුළුවන්කමක් නැහැ. දරුවන්ට පොත් පත් පවා ගෙනත් දෙන්නේ අපේ ගුරුවරු. දරුවන්ගේ විනාශ වෙච්ච සටහන් ෆොටෝ කොපි කරලා හරි අපි දෙන්න ඕන. ඒත් ඒක කරන්නේ නොහොමද කියෙන එක ප්‍රශ්නයක්. විශාල මුදලක් ඒකට වැය වෙනවා. දරුවන්ගේ අපිළිවෙළ පිළිවෙළක් කර ගන්න ඕන. දරුවන්ගේ සෙල්ලම් පිට්ටනිය කුණු ගොඩවල්වලින් විෂබීජවලින් පිරිලා. විෂබීජ යන්න නම් මුළු පිට්ටනියම පස් වලින් පුරවන්න ඕන. ඒත් මේ දේවල් කරන්න ටික කාලයක් යයි. ” සේදවත්ත විදුහලේ විදුහල්පති නිරල්ගම බුද්ධවංශ හිමියෝ පැවසූහ.
හැම දේම නැති වුණත් මේ පුංචි පැටවු පාසල් එන්නේ අමුතු සතුටකිනි. කැඩී බිඳී ගිය බිත්ති ඔවුනට කම් නැත. සෙල්ලම් කරන්නට ඉඩක් ඇත්නම් දුව පැන ඇවිදින්නට ඉඩක් ලැබේනම් එය ඔවුන්ට පමණටත් වඩා වැඩිය.
“ ඉස්කෝලෙ දොර ඇරලා තියෙනවා කියලා අම්මා යන්න කිව්වා. ” ඒ ආෆික්ය.
“ ඒත් ඉස්කෝලෙ ඉස්සර වගේ ලස්සන නැහැ ” ඒ ආෆික්ගේ යහළුවෝය.
“ගෙදර තිබ්බ එකම පාට ඇඳුම ඇඳගෙන ඉස්කෝලේ ආවෙ. ඒත් හිස් අතින් ” ඒ තවකෙකුගේ හඬය. වැඩි යමක් කියන්නට මේ පුංචි දෙතොල් විවර වෙන්නේ නැත. පුංචි ඇඟිලි තුඩු වෙහෙසවමින් කළ අත්වැඩවලින් සැරසි පංති කාමර අද ඔවුනට සිහිනයක් පමණි.
බස්නාහිර පළාතේ බොහෝමයක් පාසල්වල වූ අලාභය මනින්නට තවමත් සිතා නොමැත. එය ලෙහෙසි පහසු කාර්යයක්ද නෙවේ. ගංවතුර සමයේ ඔවුන්ගේ බොහෝ දේ විනාශ වූයේ අලාභය මුදලින් සීමා කරන්නටත් නොහැකි පරිදීය. පුංචි එවුන්ගේ අලංකාර චිත්‍රයෙන් විචිත්‍ර වූ බියගම කනිෂ්ට විද්‍යාලයේ ආරක්ෂාවට තිබූ තාප්පය අද නැත.
“බියගම කනිෂ්ට විද්‍යාලයටත් ලොකුම හානියක් වුණා. තාප්පයේ අලාභය රුපියල් ලක්ෂ 33 ක් වෙනවා. දරුවන්ගේ පන්ති කාමරයක් යටට ගිලා බැහැලා. ගංවතුර දවස්වල බස්නාහිර පළාතේ ගොඩාක් පාසල්වල තිබුණු බඩු හොරකම් කළා. අද අපි ඒ හැම පාසලකටම පොලිස් ආරක්ෂාව යොදවලා තියෙනවා. පාසල් 120 ක් විනාශ වුණා වගේම දරුවන් 68 758 දෙනෙක් අසරණ වුණා. මේ පාසල් නැවත ගොඩනැගීම බස්නාහිර පළාතට ලොකු අභියෝගයක්. විනාශය එකකට එකක් දෙවෙනි නැහැ. බොහෝමයක් පාසල්වල අලාභය මිල කරලා නැහැ. අද මේ පාසල්වල දරුවෝ ඉගෙන ගන්නේ ඒගොල්ලන්ට තියෙන එකම ඇඳුම ඇඳගෙන. මේ හැම දේම සාමාන්‍ය තත්ත්වයට ගේන්න ටික කාලයක් යාවි. ඒත් අපි හැම පාසලක්ම පෙර තිබුණු මට්ටමට ගේනවා. ” ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ජේ.ඒ.ඩි.එල් හේමචන්ද්‍ර මහතාය.
දරුවන් වෙනුවෙන් කැපවුණු මේ ගුරු මවු‍ පියවරුන්ට අද පිහිටට ඇත්තේ මෙම රජයේ බලධාරීන් පමණය. මුදලකට සීමා නොකරන මේ සේවා සඳහා ඔවුන් වෙහෙසෙන්නේ දැයේ දරුවන්ට යළිත් අනාගතයක් තිළිණ කරන්නටය. අද හෙට නොවූවත්, මේ භාරධූර වගකීම හෙට දිනයේ හෝ ඔවුන් මල්පල ගන්වනු ඇත.
“පසුගිය සතියේ මැද වන විට අපි දරුවන්ට කෙසේ හෝ පාසල් ඇරලා දුන්නා. දරුවෝ පුළු පුළුවන් හැටියට පොත් පත් නැතිව පාට ඇදුම් ඇඳගෙන ඉස්කෝලේ ආවා. මේ ප්‍රමාණය දවසෙන් දවස වැඩි වුණා. ඒ දරුවන්ට අපි රෙදි දුන්නා වගේම මහන්න ක්‍රමයක් නැතිනම් ඒවාත් මහලා දෙනවා. පෙළ පොත් පවා බෙදා දීමට සූදානම්. ඒවගේම සියලු පාසල් අලුත්වැඩියා කරන්න චක්‍රලේඛ අභිබවා මුදල් දෙනවා. දරුවන්ට සපත්තු ගන්න වවුචර් දෙනවා. දරුවන්ට පාසල් තුළ සෞඛ්‍ය සම්පන්න බව රකින්න සෞඛ්‍ය කමිටු පිහිටුවනවා. ඒ වගේම මඟ හැරුණු වැඩ පියවන්න විශේෂ ව්‍යාපෘති ඇතිකරලා දරුවන්ට හොඳින් විභාගයට සුදානම් කරනවා. මේ මොහොත වන විට බස්නාහිර පළාතේ මෙන්ම අනිකුත් ප්‍රදේශවල විනාශ වුණු පාසල් නැවත නගා සිටුවීම පිළිබඳව ජනාධිපතිතුමා විශේෂ අවධානයක් ‍යොමු කර තියෙනවා. ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා හමුදාවේ සහාය ලබා ගනිමින් විනාශ වුණු මේ පාසල් නැවත ගොඩනඟන්නට. ඒ වගේම කිසිදු අඩුවකින් තොරව මුල්‍යමය පහසුකම් දෙන්නත් පොරොන්දු වෙලා තියෙනවා. හමුදාව යොදවා මේ කටයුතු සිදු කිරීමෙන් එය කඩිනමින් , වගකීමෙන්, අරපරිස්සමෙන් මෙන්ම පූර්ණ ආරක්ෂාව යටතේ සිදුකරන්නට හැකි වෙතැයි අපි විශ්වාස කරනවා‍. මේක දරුවන්ගේත් අපේත් සතුටට කාරණයක්. “ බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ මහතා අපිට එහෙම පැවසුවේ කරන්නට තිබෙන වැඩ කටයුතු පිළිබඳ ඉඟි කරමිනි.
හිත හිතා ළතැවෙන්නට නොව නෙතගට දිස්වුණු අභියෝග හරහා සිතට දිරියක් ගන්නට කාලය උදාවී ඇත. නැවතත් මෙවන් දේ සිදුවන්නට බොහෝ දුරට ඉඩ ඇත. එහෙත් ඒ සියලු දේ කාලයට හෝ දෛවයට ඉඩදී බලා සිටිනවා හැර වෙන කරන්නට දෙයක්ද නොමැත. හෙට දිනන අනාගතයක් තනන්නට නම් සැවොම එකාමෙන් එක්වී මේ පුංචි පුටවුන්ගේ දෙපා අඩි ඉහළට එසවිය යුතුය.
(විශේෂ ස්තූතිය - බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ජේ.ඒ.ඩි.එල්. හේමචන්ද්‍ර මහතාට)
http://silumina.lk/2016/06/05/_art.asp?fn=ss1606051

ආපදාව මතුකල මනුසත්කම



ඇතිවු ආපදා තත්වයෙන් බොහෝ දෙනෙක් අසරණ වුණා. සමහරු ජීවිතයෙන් සදහටම අපෙන් ඈත්වෙලා යද්දි තවත් සමහරු කියාගන්න බැරි දුකකින් තාමත් ජීවත් වෙනවා. ඒත් මේ සියල්ල මැද මනුෂ්‍යත්වය කියන දේ  අපි හොඳින් දැක්කා. ඒකට පාටක් ජාතියක් භේදයක් වයසක් තරාතිරමක් තිබුණේ නෑ. අපි මේ කියන කතාව ටිකක් අහල බලන්න.මේ ඒ ජීවිත වලින් පුංචි සටහනක් විතරයි. අහල ඔබට දැනෙනවා නම් මනුෂ්‍යත්වය මොකක්ද කියලා ඒ හොඳටම ඇති.  
http://silumina.lk/2016/06/05/