V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label මව්බිම. Show all posts
Showing posts with label මව්බිම. Show all posts

Sunday, May 8, 2016

හොරණ රාජකීය විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය සිසු අයිතියට

හොරණ රාජකීය විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීම 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින්  සිදු විය.

හොරණ රාජකීය විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැදවාගෙන යනු ලැබීය.
සමරු ඵලකය නිරාවරණය කර නව ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
එය සංකේතවත් කරමින් විද්‍යාල පරිශ්‍රයේ නා පැලයක් ද රෝපණය කෙරිණි.
ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විදුහල්පති ඒ.ඩී.බී.එල්. ගුණතිලක මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
විද්‍යාලයේ සිසු දැරියක් විසින් තම නිරිමාණයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි මලිත් ජයතිලක, බස්නාහිර පළාත් අමාත්‍යවරුන් වන රංජිත් සෝමවංශ, සුමිත් ලාල් මෙන්ඩිස්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් වන කිත්සිරි කහටපිටිය, නිමල් චන්ද්‍රරත්න යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් පිරිසක්ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
http://www.mawbima.lk/34-109840-news-detail.html

Friday, February 26, 2016

රාවණා රජුගේ මතකය නැති වුණේ කොහොමද?

විජයාවතරණයට පෙර පටන් මේ දිවයිනේ මිනිසුන් සිටි බවට මෑත දශක කිහිපය තුළ කරන ලද ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණවලින් ඕනෑවටත් වඩා තහවුරු වී ඇත. විජයාවතරණය ලක්දිව ජනාවාසකරණයේ ආරම්භය නොවෙතත් එය උතුරු ඉන්දීය සබඳතා ඍජුවම මේ දිවයිනට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස කෙනකුට තර්ක කළ හැකිය. මෙම උතුරු ඉන්දීය සබඳතා විජයාවතරණයේ සිට වැඩි වශයෙන් මේ දිවයිනට බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි. පූර්ව 3 වැනි සියවසේ මහින්දාගමනය හැඳින්විය හැකිය.

මෙම දිවයිනේ ඉතිහාසය විජයාවතරණයට පෙර පටන් ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරන බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත්තේ මහාවංසය විසින් විජයාවතරණයට පෙර ඉතිහාසය මකා දමා ඇති බවයි. ඊට ප්‍රධාන මාතෘකාව කොට ගන්නේ රාවණා කතා ප්‍රවෘත්තියයි. මහානාම හිමි මහාවංසය ලියනු ලැබුවේ ක්‍රි. ව. 5 වැනි සියවසේදී පමණ බවට සාමාන්‍ය විද්වතුන්ගේ පිළිගැනීම වේ. උන්වහන්සේ මහාවංසය සඳහා පාදක කරගන්නා පැරැණිතම කාලපරිච්ඡේදය වන්නේ "තථාගතාභිගමන" නම් බුදුන් වහන්සේගේ ලංකා ගමනය සිදු වූ තැන් පටන්ය. මෙම කාරණාව මහානාම හිමියන් විසින් ලියනු ලබන්නේ තථාගතාභිගමනය සිදු වී වසර 1,100කට පසුව වීම කෙරේ සැලකිලිමත් විය යුතුය.
මහාවංසය ලිවීමෙන් මහානාම හිමියන් අදහස් කළේ ලංකා ඉතිහාසය ලියා තැබීම නොවන බව පැහැදිලිය. උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ ලක්දිව රජවරුන් බුදු සමයට කරන ලද සේවාව පිළිබඳව විස්තර කිරීම පමණි. එබැවින් මේ දිවයිනේ ඉතිහාසය සෙවීමේදී අප මහාවංසයට ලොකු බලපෑමක් කිරීම යුක්තිසහගත නොවේ.

මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය සෙවීමේදී මහාවංසයෙන් ප්‍රයෝජනයක් නොලැබෙන බව පැහැදිලිය. තවද ලංකාවේ ඉතිහාසය සෙවීමේදී ක්‍රි. පූර්ව 6 වැනි සියවසේ සිට මෑතකාලය දක්වා ලියැවුණු ග්‍රන්ථවලින්ද ඉහත සමය කිසිසේත් ආවරණය නොවේ. එබැවින් මහාවංසයට එහා ගිය ඉතිහාසය සෙවීමේ කාර්ය ඉතිහාසඥයාට කළ නොහැකිය. ඒ සඳහා ලෝකයේ මෑත කාලීන දශක කීපයක පටන් ඉතා විශිෂ්ටත්වයට පත්වූ විෂයක් ඇත්තේය. එය පුරාවිද්‍යාවයි.

මහාවංසයෙන් ඔබ්බට ගිය මේ දිවයිනේ ඉතිහාසය සෙවීමේ පර්යේෂණ ආරම්භ වන්නේ විසි වන සියවසේ මුල් භාගයේ පමණ සිට යැයි කීම නිවැරැදිය. ඒ සඳහා අපට හඳුන්වා දිය හැකි ප්‍රබලතම පුද්ගල චරිතය නම් මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන්ය. එතුමා මේ දිවයිනේ සත්ත්ව හා මානව ප්‍රජාවේ ආරම්භය සෙවීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ අග්‍රගණ්‍ය විද්වතෙකි. එතුමාගේම අඩි පාරේ යමින් මෙම විෂයට අනූපමේය සේවයක් කළ අනෙක් පුද්ගලයා වන්නේ දැරණියගල සූරීන්ගේ පුත් ආචාර්ය එස්. යූ. දැරණියගල සූරීන්ය. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් අති විශාල පර්යේෂණ රාශියක් සිදු කරමින් මෙම කාල පරිච්ඡේදය පිළිබඳව විද්වත් පරම්පරාවක් බිහි කිරීමට පුරෝගාමී වූ මෙතුමා මහාවංසයට ඔබ්බෙහි වූ ඉතිහාසය අතැඹුලක් සේ පැහැදිලි කළේය. එම මඟම යමින් මෑත කාලයේ මෙම ක්‍ෂේත්‍රයට අනූපමේය සේවයක් කළ ආචාර්ය නිමල් පෙරේරා සූරීන්ද මේ දිවයිනේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් අනුස්මරණීය සේවයක් කළ විද්වතෙකි.

මෙවැනි ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයන් මහාවංසයට ඔබ්බෙහි වූ ඉතිහාසය මොනවට පැහැදිලි කරමින් අදින් වසර 50,000 දක්වා වූ අෑත කාලපරිච්ඡේදයකට අයත් ප්‍රාග් ඓතිහාසික මානව සාක්‍ෂි මේ දිවයිනෙන් මතුකර ගෙන ඇත. මේ සම්බන්ධ නිදර්ශන ඕනෑ තරම් පාහියංගල, බට‍ෙදාඹ ලෙන ආදී ස්ථානවලින් ලැබී ඇත.
තත්ත්වය එසේ වුවත් මෑත කාලයේ ඉතා ප්‍රබල ලෙස ඉතිහාසඥයන් යැයි කියා ගන්නා පිරිසක් බරපතළ ලෙස රාවණා යුගයක් ගැන කතා කරයි. ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදු කළ ඉහත විස්තර කළ ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් හා ලෝක මට්ටමේ පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මානව ශිෂ්ටාචාරයේ මුල් යුගය පහත දැක්වෙන ලෙසටද බෙදා දක්වා ඇත. එනම්, 1. පූර්වශිලා යුගය, 2. මධ්‍ය ශිලා යුගය, 3. නව ශිලා යුගය ආදී වශයෙනි.

මෙම යුගයන් තුනට අයත් සාක්‍ෂි අඩු වැඩි වශයෙන් ලංකාවෙන්ද ලැබී ඇති අතර නවශිලා යුගයත් සමඟම ආරම්භ වන තවත් යුගයක් පිළිබඳව මෑත කාලයේ පුරාවිද්‍යා පර්යේෂණ රාශියක් සිදුවේ. එනම් මහශිලා යුගයයි. මේ පිළිබඳව සාක්‍ෂි ඉබ්බන්කටුව, හල්දුම්මුල්ල, යටිගල්පොත්ත, මහගල්වැව ආදී කොට ඇති ස්ථාන රාශියකින්ම ලැබී ඇති අතර මෙම යුගය පිළිබඳව ලංකාවේ පුරාවිද්‍යාඥයෝ පර්යේෂණ කටයුතු පවත්වති. මෑත කාලීනව වූ පර්යේෂණ නිසා ක්‍රිස්තු පූර්ව 1,300 දක්වා අෑත කාලපරිච්ඡේදයකට එනම් අදින් වසර 3,300කටත් වඩා අෑත කාලපරිච්ඡේදයක සිට මේ දිවයිනේ තිබූ මානව ශිෂ්ටාචාරයන් පිළිබඳ තොරතුරු පැහැදිලි වෙමින් පවතී.
නමුත් මෙම විශිෂ්ට ගණයේ පුරාවිද්‍යාඥයන් කිසිම කෙනකු ඉතිහාසඥයන් පවසන රාවණා යුගයට අදාළව කිසිදු තොරතුරක් තම පර්යේෂණවලින් හෙළි කරගෙන නැත. අති නවීන පර්යේෂණ ක්‍රම උපයෝගි කරගෙන සිදු කරනු ලබන පුරාවිද්‍යා පර්යේෂණයන්ටද හසු නොවන මෙම රාවණා ශිෂ්ටාචාරය ලංකාවේ පැවැතියේද යන්න ඊළඟට විමසිය යුතුය.

මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය හැදෑරීමට අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාවේ පිහිට පැතිය යුතුමය. පුදුමය වන්නේ ලංකාවේ මෙතෙක් මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කළ කිසිම පුරාවිද්‍යාඥයෙක් රාවණා යුගයට අයත් කිසිදු සාක්‍ෂියක් සොයා නොගැනීමයි. එය පුරාවිද්‍යාවේ වරදක්ද එසේත් නැතිනම් පර්යේෂණවල අඩු පාඩුවක්දැයි අප නොදනිමු. තවද ලංකාවේ කිසිදු පුරාවිද්‍යාඥයෙක් මෙම රාවණා ප්‍රවාදය පිළිගන්නේද නැත. පුරාවිද්‍යාවෙන් යමක් තහවුරු වීමට නම ඒ සඳහා සාක්‍ෂි තිබිය යුතුය. සාක්‍ෂි නොතිබූ පළියට එය නොපිළිගැනීමට තරම් පුරාවිද්‍යාඥයා ඉක්මන් වන්නේද නැත. නමුත් ගැටලුව වන්නේ මේ තරම් සුවිසල් අධිරාජ්‍යයක් ලංකාවේ තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් කිසිදු පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක් ඉතිරි නොකර විනාශ වූයේ කෙසේද? එහෙත් තමා මේ ලියන කියන කාරණා තමාගේ හිතලු ලෙස ප්‍රකාශ නොකර පිළිගත හැකි මූලාශ්‍ර සහිතව කියන්නේ නම් එම ලිපිවල වටිනාකමක් ඇත්තේය.
පුරාණ තල්පත්වල තිබුණා යැයි කියන සමහර කාරණා අපට පිළිගත හැකිද? එම පුරාණ තල්පත් ලියැවී නැති කාලය පිළිබඳව සහ ඒවායේ ඇති කරුණු කෙරේ අපට කෙතෙක් දුරට එකඟ විය හැකිද? මේ ආදී කාරණා කෙරේ කිසිදු වග විභාගයකින් තොරව රාවණා අධිරාජ්‍යයක් ගැන ජනතාව මුළා කරමින් කරනු ලබන හිතලු මත පදනම් වූ මෙම පර්යේෂණ තුළින් සිදුවන්නේ බොරුව සමාජගත වීමයි. මෙසේ බොරුව සමාජ ගත කරන පිරිස් රාවණා රාජධානියේ අගනුවර කිහිපයක් ගැන කියයි. ඉන් එක් ස්ථානයක් නම් සීගිරියයි. සීගිරි ගල මත රාවණා රජු වාසය කළ බව කියයි. සීගිරිය ක්‍රි. පූර්ව තුන් වැනි සියවසේ පටන් බෞද්ධ භික්‍ෂුන්ගේ ආරාමික ස්ථානයක් ලෙසට තිබී ඇත. ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේදී කාශ්‍යප රජු බලකොටුවක් තනා ගෙන වසර 18ක් එහි සිට රට පාලනය කළ බවට වංස කතා ප්‍රමුඛ සාහිත්‍ය මූලාශ්‍රවලින් තහවුරු වී ඇති කරුණකි.
මේ පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ කළ ලංකාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයා ලෙස සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් පවා තම පුරාවිද්‍යා පර්යේෂණ තුළින් ඉහත කාරණා සනාථ කර ඇත. නමුත් එබඳු පුරාවිද්‍යාඥයකුටවත් හසු නොවුණු රාවණා අග නගරයක් සීගිරියෙන් මේ කියන ලද ඉතිහාසඥයන් සොයා ගත්තේ කෙසේද? ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සාක්‍ෂි මොනවාද යන්න පෙරළා අපට විමසන්නට සිදුවේ. වසර 50,000 දක්වා අෑත අතීතයට ගිය මානව සාධක ලැබෙන ලංකාවෙන් සීගිරියෙහි ඔය කියන ලද කාලපරිච්ඡේදයට අයත් සාධක හමු නොවන්නේ මන්ද?

රාවණා මිථ්‍යාව ගැන කරුණු දක්වන සමහර විද්වතුන් ලංකාවේ රාවණා රජුගේ නම සඳහන් සෙල් ලිපිද ලැබෙන්නේ යැයි පවසයි. ඊට අනුව "රාවණ" ලෙස සමහර ලිපි කියවන ඔවුන් එහි රාවණා ගැන සඳහන් වන්නේ යැයි කියයි. මෙය පිළිගත හැකිද? සමහර පූර්ව බ්‍රාහ්මී ලිපිවල "බඹදත" යන නම සඳහන් අවස්ථා ඇත. එම බඹදත යන වචනය මුල් කර ගෙන කෙනකුට ඔහු ඉන්දියාවේ සිටි බ්‍රහ්මදත්ත බවට තර්ක කළ හැකිය.

වාල්මිකී නම් ඉන්දීය ප¾ඩිවරයා වීර කාව්‍යයක් කිරීමේ අදහසින් රාම, රාවණා චරිත ඇතුළත් කරමින් ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවසේදී ලියන ලද ග්‍රන්ථය රාමායණය ලෙස සැලැකේ. මෙම රාමායණයේ සඳහන් පුද්ගල චරිත ස්ථාන නාම වාල්මිකී ප¾ඩිවරයාට අවශ්‍ය ලෙස පෙළ ගැස්සුවා විනා ඒවා ඒ වන විට තිබූ සත්‍ය ස්ථාන හා පුද්ගල නාම ලෙස පිළිගැනීමට තරම් අප හට ඉක්මන් විය නොහැකිය. ඉන්දීය රාම චරිතය ඉස්මතු වන ආකාරයෙන් ලියූ මෙම වීර කාව්‍යයේ එන සෙසු චරිත සියල්ල රාමට පරාජය වේ. රාම යනු හින්දු සාහිත්‍යයේ එන විෂ්ණුගේ දස අවතාරවලින් එකකි. ලෝකය අභාග්‍යයට පත් අවස්ථාවේදී විෂ්ණු විවිධ ස්වරූපවලින් පැමිණ ලෝකය බේරා ගනී. රාවණා රජු ලෙස සැලකෙන චරිතය විනාශ කර රාම ජය ලබන්නේ ඒ නිසාය.

මෙම කතා ප්‍රවෘත්තියට පදනම් වන "ලංකා පුරය" අපගේ දිවයින ලෙසද අද පමණක් නොව අතීතයේ පවා මේ දිවයිනේ සිටි මිනිසුන් පිළිගත් බවට සීතාඑළිය. රාවණා ඇල්ල, රාවණා ගුහාව ආදී ස්ථාන සඳහා භාවිත කළ නම්වලින් කෙනකුට තර්ක කළ හැකිය. වාල්මිකී ලියූ වීරකාව්‍ය එකල ලංකාවේද ප්‍රචලිත විය. එබැවින් එකලද මෙම රාවණා ප්‍රවාදය පිළිගත් පිරිස් මේ දිවයිනේ සිට ඇත. අදද ලංකාවේ සිටින්නේ එම පරම්පරාවේම පිරිස්ය. ඔවුන්ද මෙම රාවණා ප්‍රබන්ධය හෙවත් බොරුව සමාජ ගත කරමින් සිටී. ඉතා විශිෂ්ට ශේ්‍රෂ්ඨ රාවණා රාජධානියක් ගැන කියමින් ජනතාව මොහොතකට හෝ අමුතුම ලෝකයකට ගෙන යයි.
මේ සියල්ල අමතක කර අවසානයේ අප නැවත රාවණා ගැන සොයන ඒ ගැන කියන විද්වත් පිරිස වෙත යොමුවෙමු. අපි ඔවුන්ට අභියෝග කරමු.
1. රාවණා රජු මේ දිවයිනේ රජ කළ කාලය පිළිබඳව සඳහනක් දෙන්න. (පොදු අදහසක් විය යුතුය)
2. එම කාලය පුරාවිද්‍යා දත්තයන් මඟින් තහවුරු කරන්න.

3. රාවණා ලංකාවේ සිටි බවට පිළිගත හැකි පුරාවිද්‍යා සාක්‍ෂියක් ඉදිරිපත් කරන්න.
වැයිහේනේ බුද්ධි නාගොඩවිතාන
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය - ගාල්ල.

http://mawbima.lk/95-90274-news-detail.html

Saturday, December 19, 2015

එවන් ගුරුවරු වෙත් නම්...!

දරුවන් ඉලක්ක කොට පවත්වනු ලබන නමුදු ශිෂ්‍යත්ව විභාගය මවුපියන්ගේ සිහිනයකි. බහුතරයක් දරුවන්ට එය උසුලාගත නොහැකි තරමේ පීඩනයකි.මවුපියන් මේ සිහිනය දකින්නේ දරුවන් වෙනුවෙනි. දරුවාට ජනප්‍රිය පාසලකට ඇතුළු වීමේ වරම ලබාදී ඒ මඟින් ඔහුගේ අනාගතයට මහඟු සහතිකයක් ලබාදීමේ අරමුණ වෙනුවෙනි. මේ අරමුණට ළඟාවීම සඳහා දරුවන් උසුලන බර ඔවුන් දකින්නේ දරුවන් වෙනුවෙන් තමා ඉටුකරන යුතුකමක් ලෙසිනි.

දරුවන් ඉලක්ක කොට පවත්වනු ලබන නමුදු ශිෂ්‍යත්ව විභාගය මවුපියන්ගේ සිහිනයකි. බහුතරයක් දරුවන්ට එය උසුලාගත නොහැකි තරමේ පීඩනයකි.මවුපියන් මේ සිහිනය දකින්නේ දරුවන් වෙනුවෙනි. දරුවාට ජනප්‍රිය පාසලකට ඇතුළු වීමේ වරම ලබාදී ඒ මඟින් ඔහුගේ අනාගතයට මහඟු සහතිකයක් ලබාදීමේ අරමුණ වෙනුවෙනි. මේ අරමුණට ළඟාවීම සඳහා දරුවන් උසුලන බර ඔවුන් දකින්නේ දරුවන් වෙනුවෙන් තමා ඉටුකරන යුතුකමක් ලෙසිනි. දරුවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් සිහින දකින මවුපියන්ට ‍ෙදාස් පැවරිය නොහැකිය. එහෙත් දරුවන් විඳින ගැහැටද නොතකා හැරීම කළ නොහැකිය.
දරුවන්ට ඉසිලිය නොහැකි, පීඩනයක් නොදැනෙන සේ ඔවුන්ගේ ජීවිතය සැලැසුම් කිරීමෙන් මේ අභියෝගය දිනා ගැනීමේ සූදානම ලබාදිය හැකි ගුරුවරු අප අතර වෙත් නම්...!
අලුත් ගුරුතුමිය එවැන්නියක දැයි විමසන්නට මම ඔබට ඇරයුම් කරමි.
මහනුවර කිංස්වුඩ් විදුහලේ හිටපු ආචාරිනි,
ළමා නාට්‍ය අනුමණ්ඩලයේ හිටපු සභාපතිනි,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ හා රන්වල පදනමේ නාට්‍ය උපදේශිකා කලාභූෂණ
ශාස්ත්‍රපති අමිතා රබ්බිඩිගල 

Friday, July 24, 2015

උසස් පෙළ විභාගයටපිටත් වීමට



විභාගයට පෙර දින සන්ධ්‍යා කාලයේ ආගමික ස්ථානයකට ගොස් මිදුල් අමදා පිරිසුදු කොට තෙල්, මල්, පහන් පුදා බුදුන් වැඳ නමස්කාර කොට බෝධි පූජාවකට සහසම්බන්ධව ජය ප්‍රාර්ථනා කර තමාටද සෙත් පතා ගන්න. විභාග දින උදේ සුදුමල් වට්ටියක් බුදුන්ට පූජා කොට පහන් දල්වා තෙරුවන් නමදින්න.
උසස් පෙළ විභාගයේ ඒ අනුව පළමුවැනි අදියර 2015 අගෝස්තු 04 අඟහරුවාදා සිට අගෝස්තු 13 වැනි බ්‍රහස්පතින්දා දක්වාද දෙවැනි අදියර අගෝස්තු 24 සඳුදා සිට සැප්තැම්බර් 08 අඟහරුවාදා දක්වා පැවැත්වීමට මේ වන විට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබේ.

විභාගයට පෙර දින සන්ධ්‍යා කාලයේ ආගමික ස්ථානයකට ගොස් මිදුල් අමදා පිරිසුදු කොට තෙල්, මල්, පහන් පුදා බුදුන් වැඳ නමස්කාර කොට බෝධි පූජාවකට සහසම්බන්ධව ජය ප්‍රාර්ථනා කර තමාටද සෙත් පතා ගන්න. විභාග දින උදේ සුදුමල් වට්ටියක් බුදුන්ට පූජා කොට පහන් දල්වා තෙරුවන් නමදින්න.
නිවෙසින් පිටත්වීට පෙර ජය පිරිතේ සඳහන්
"ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ - අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා - ඒතේන සච්චේන ජයස්සු මය්හං" 
යන ගාථාව තෙවරක් කියන්න.

දකුණු පය පෙරට තබා පහත දක්වා ඇති සුබ මොහොතකින් සුබ දිශාව බලා විභාගයට පිටත්වන්න. සුදු මලක් දමන ලද පිරිසුදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙර මඟට හමුවන ලෙසින් ගමන් ඇරඹීම වඩා ශුභ වේ.

බුදුන් ජීවමාන සමයේදිත් සිංහල අකුරු

1996 වසරේදී ලංකාව විල්ස් ලෝක කුසලානය දිනාගන්නා තෙක් ඇතැම් ලෝකවාසීන් ලංකාව කියා රටක් ඇත්දැයිවත් දැන සිටියේ නැත. ලෝක සිතියමේ වූ මේ කුඩා තිතක් සම ලංකාව ඔවුන්ට වටිනාකමක් ඇති බිමක් ලෙස හැඟුණේ නැත. එහෙත් මතක හිටින්නට යමක් කරන්නට ලොකු පොඩි කතා, දුප්පත් පොහොසත් කතා, කිසිදු විටක බලනොපාන වග කියන්නට අප ළඟ අපමණ හේතු සාධක ඇත. ඉන් එකක් ලෙස බොහෝ අභිමානයෙන් ලංකාවේ පුරාවිද්‍යා සොයා ගැනීමක් නම් කළ හැකි බව පවසා සිටිමු.

මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී.
ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද ඔබ ඉතිහාසයට පෙම් බඳින්නෙක්ද? එසේ නම් අසනු මැන ඔබට ඔබේ හදවත ආඩම්බරයෙන් පුරවාගත හැකි ඒ අරුම පුදුම ඓතිහාසික සොයාගැනීම පිළිබඳව.

පුංචි දවස්වල අපි ඉගෙන ගත් ඉතිහාසයේ වූවේ අපිට සංස්කෘතියක්, ආගමක්, කලාශිල්ප, අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනය සමඟය. එය ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් අප හට ලබාදුන් ත්‍යාගයක් බවය. ඒ එදාය. ඒත් අද වනවිට ඒ ඉතිහාස පාඩම් අමතක කළ යුතුව ඇත. මහාවංසයටද තම ඉතිහාසය යළි ලියවාගත යුතු කාලය උදාවී ඇත. මන්ද අපිට අක්ෂර කලාව ලැබුණේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ නොව එය ඊට වසර තුන්සියයකට පෙරද මෙරට තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති හෙයිනි.

අපි ඔබෙන් එක් ප්‍රශ්නයක් අසමු. ඔබ කවදාහරි අනුරාධපුරයට ගිහින් තිබේද? එහි පිළිතුර 'ඔව්' නම් එහි දෙවන පැනය ලෙස ඔබ කවදාහරි අනුරාධපුරයේ ඇතුළු නුවරට ගිහින් තිබේද? එහි උත්තරය බහුතරයකගේම 'නෑ' යන්න බව අපි දනිමු. ඊයේ නොගියද අදින් පසු අනුරාධපුරයට යන ඔබට ඇතුළු නුවර නම් වූ ඒ අප රටේ පමණක් නොව දකුණු ආසියාතික මානව ශිෂ්ටාචාරයම පුදුම කළ ඒ බිමට ගොස් එහි උරුමය මනසින් විඳිනා ලෙසට ආයාචනා කරමු.

ක්‍රි.පූ. තුන්වැනි සියවසේදී මෙරට පාලකයා වූ දේවානම්පියතිස්ස රජු වෙතට තම මිත්‍රත්වය පිළිබිඹු කිරීමේ ත්‍යාගයක් ලෙස ධර්මාශෝක රජු විසින් බුදුදහම එව්වේය. ඒ සමඟ මෙරට සංස්කෘතික උරුමයන් ස්ථාපිත විය. මේ අපි උගත් ඉතිහාසයයි. ඒ අනුව අක්ෂර කලාවද මෙරටට දායාද වූ වගයි. මන්ද බ්‍රාහ්මී අක්ෂර කලාව ධර්මාශෝක රජු යුගයේදී ඉන්දියාවේ ඇතිවූවක් බවට ඉන්දියාවද පිළිගෙන තිබිණි. එහෙත් මෙරට පුරාවිද්‍යාඥයන්ට එම කතාව බොරු කරන්නට හැකි වූයේ මීට අවුරුදු විසි හතකට එහා දිනයකදීය. ඒත් ඒ ඇත්ත පිළිගන්නට ඉන්දියාව මැළිවූවේ ඊට සමාන පුරාවිද්‍යාත්මක සාධක ඔවුන්ගේ බිමේ නොමැතිවීම හේතුවෙන්ය. ඔවුන් අවුරුදු විසිහතක් පුරා බලා උන්නේ අප ඉදිරිපත් කළ මතය සනාථ කරන්නට හෝ බිඳ දමන්නට හැකි සාධකයක් ලැබෙන තෙක්ය. සියල්ල කාලයා විසඳුවේය. ලොව හොඳම විසඳුම් දෙන්නා කාලය වග තවත් වරක් සනාථ කරමින් පසුගියදා අප මතය සනාථ කරන්නට හැකි සාධක භාරත දේශයෙන්ද හමුවිය. දැන් අපි එම විප්ලවයේ පර්යේෂණ බළකායේ ප්‍රබලයන් සේම ප්‍රථමස්ථානයද දිනාගෙන අවසානය.

ඒ විප්ලවයේ මුල, මැද, අග පවසන්නේ නම් එය මෙසේ සිදුවිය. ඒ පිළිබඳ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන හා නාණක විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා කරුණු දක්වාලමින් සිටියේ මෙසේය.
මීට වසර විසිහතකට එහා ගිය දිනක මෙරට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා. ඔහු තම දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැමවිටම නිසි ක්‍රමවේදයකින් යුතුව පර්යේෂණ කටයුතු සිදුකිරීමට ඇවැසි උපරිම සහාය ලබා දුන්නේය. ඒ අනුව එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් උපදේශක තනතුර දැරූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා යටතේ වන පර්යේෂණ කණ්ඩායමක් අනුරාධපුර ඇතුළු නුවර කැණීමක් ආරම්භ කරන්නට විය.

එම කැණීම් ක්‍රියාවලිය කැණීම් දහතුනකින් සමන්විත විය. ඒ වනවිට ඇතුළු නුවර සල්ගහවත්ත කැණීම, මහා පාලි දාන ශාලාව ආදී කැණීම් ක්‍රියාත්මක විය. මෙම කැණීම්වලදී එහි මතුපිට ස්තරය අඩි තිහක් යටට යනතුරුම සංස්කෘතික සාධක හමුවන්නට විය. එසේ හමුවන සියලු සාධකවල කාල නිර්ණය කිරීම සඳහා එම ස්තර සතු අඟුරු සාම්පල් කාබන් 14 කාල නිර්ණයටද යොමු කෙරිණි.

මෙම කැණීමේ පහළම ස්තරය ක්‍රි.පූ. 900 දක්වා අතීතයකට අයත් බවට පැහැදිලි සාක්ෂි ලැබිණි. මේ සාධක අතර විවිධ සංස්කෘතික අවධීන්ට අයත් සාධක රැසක් හෙළිදරවු වන්නට විය. ඒ අනුව ලෝහමය ඇණ, උසස් තත්ත්වයේ මැටි බඳුන්, ගවයා භාවිත වූ බවට සාධක මෙරට අශ්වයන් උන් බවට අශ්ව දත් එසේම එපමණ අතීතයකදී මෙරට ධාන්‍ය වගාව වූ බවට සාධකද ලැබිණි.

මේ ඇතුළු නුවර කළ පර්යේෂණ අනුව මුල්ම කාලයේදී ඇතුළු නුවර අක්කර 35-65 පමණ වපසරියක් තුළ ව්‍යාප්ත වූ ගම්මානයක් ලෙසද, එය ක්‍රි.පූ. 700 පමණ වන විට අක්කර 25ක් පමණද ක්‍රි.පූ. තුන්වැනි සියවස වන විට එනම් දේවානම්පියතිස්ස රාජ යුගය වනවිට අක්කර දෙසිය පනහක් පමණට ව්‍යාප්තව තිබිණි. එය ඉන්දියාවේ නගර සමඟ සසඳන්නේ නම්, උතුරු ඉන්දියාවේ පිහිටා ඇති උජ්ජෙනි හෙවත් උදේනි නගරයට සමාන තත්ත්වයට වර්ධනය වී තිබිණි. එසේම එය තවත් පසුකාලීන වනවිට ඉන්දියාවේ දෙවැනි නගරායනය ලෙස සලකන කෞෂම්බි නගරායනයේ බලපෑමටද ලක්වී ඇත.

එපමණට දියුණු තත්ත්වයක පැවැති අනුරාධපුර ඇතුළු නුවරින් හමුවූ අප්‍රමාණ පුරාවිද්‍යා සාධක අතර මුළු ලොවම මවිත කරවන්නට සමත් වූ සාධකය හමුවිය. එය වළංකටු කැබැල්ලකි. එය හමුවූයේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් හා කෞතුකාගාර සේවක එසේම කැණීම් කටයුතු භාරව උන් පසුකලෙක ලංකාවේ විශිෂ්ටතම පස් ස්තර සොයා ගැනීමේ විශේෂඥයා වූ ඇල්ෆ්‍රඩ්ද මෙල් අතටය. එදවස ඔහුගේ ගුරුවරයා වූ මඟ පෙන්වන්නා වූ ආචාර්ය සිරාන් දැරණියගල නම් විශිෂ්ටයා හැමවිටම කැණීම් බිමේ රැඳී සිටිමින් පර්යේෂණ මෙහෙයවූ අතර ඇල්ෆ්‍රඩ්ද මෙල් තම ගුරුවරයාට එම වළං කටු කැබැල්ල පිළිබඳ දැනුම් දුන්නේය. එය නිරීක්ෂණය කළ ආචාර්ය සිරාන් දැරණියගල මෙහි වූ අක්ෂර හා තාක්ෂණවේදය
පර්යේෂණයට බඳුන් කළේය.

ඔහු සතුවූ විශිෂ්ට දැනුම් පරාසය අනුව මෙම වළං කටු කැබැල්ල විශේෂ වූවක් වග දැන එය කාබන් කාල නිර්ණයට යොමු කළේය. ඒ අනුව ලැබූ ප්‍රතිඵලය නම් මෙම අක්ෂර සහිත වළං කටු කැබැල්ල හෙවත් මැටි බඳුන් කැබැල්ල මෙරට ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වීමය.
ලංකාවේ ඓතිහාසික යුගය ආරම්භ වූවේ ක්‍රි.පූ. තුන්වැනි වැනි සියවසේ සිට යැයි තිබූ මතය බිඳ හෙළමින්, මෙරට ඓතිහාසික යුගය ක්‍රි.පූ. හයවැනි සියවස දක්වා දිවයන බව සනාථ කරන්නට ඒ අනුව හැකිවිය.

'බිය අනුරධ' නම් බ්‍රාහ්මී අක්ෂර සහිත එම මැටි බඳුන් කැබැල්ල ක්‍රි.පූ. හයවැනි සියවස හෙවත් ක්‍රි. පූ. 600ට පමණ අයත් වග තහවුරු විය. එහි විශේෂත්වය වූයේ ඓතිහාසික යුගය ආරම්භය තීරණය කරනු ලබන්නේ අක්ෂර භාවිතය ඇරැඹීමත් සමඟ වීමය. මේ අනුව අක්ෂර භාවිතය මෙරට මීටත් පෙර සිට සිදුවූ බව මේ ඔස්සේ තහවුරු වීමත් සමඟ එය මෙම ඓතිහාසික යුගය තවත් අතීතයට රැගෙන යන්නට විය.

ඉතා කෙටියෙන් සරලව ප්‍රකාශ කළහොත් අප මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු සමයේදී අශෝක රජුගේ අනුග්‍රහයෙන් මෙරටට ගෙන ආ බවට සැලකූ අක්ෂර කලාව, මිහිඳු හිමිත්, දේවානම්පියතිස්ස රජුත් ධර්මාශෝක රජුත් ඉපදෙන්නට පෙර සිටම මෙරට භාවිත වූ බව සක්සුදක් සේ තහවුරු වීමය. එනම් බුදුන් වහන්සේ ජීවමානව සිටි යුගය වන විටත් ලංකාවේ විසූ ආදි මුතුන්මිත්තන් අක්ෂර භාවිත කර තිබූ බවට තහවුරු වීමයි.
ආචාර්ය සිරාන් දැරණියගල තම පර්යේෂණ තවදුරටත් නිවැරැදි කරගැනීම උදෙසා එංගලන්තයේ පුරාවිද්‍යාඥයන් වූ එෆ්.ආර්. ඔල්ඩිං ප්‍රමුඛ රොබින් කනින්හැම් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් කැණීම් කොට පරීක්ෂණ පවත්වන්නට විය. ඒ අනුව ඔවුන්ටද පෙරදී ලද වළං කටුවේ කාලයටම අයත් ස්තරවලින් බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි ලැබීමත් සමඟ ඒවා කාලනිර්ණයට ලක් කිරීමත් සමඟ ඒවා ක්‍රි.පූ. 450 දක්වා කාලයට අයත්වන බවය. තවත් එවැනි අක්ෂර සහිත වළං කටු කැබලි අටක් මෙම ඇතුළු නුවරින් සොයා ගැනිණි.

මේ පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එවකට ඉන්දියාවේ අක්ෂර පිළිබඳ විශිෂ්ටතමයා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා මහාචාර්ය ඉරවදන් මහාදේවන් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවෙන්ද මේ යුගයට අයත් එවන් සාධක ලැබෙන තෙක් ලංකාවේ පර්යේෂණ ප්‍රතිඵල පිළිගත නොහැකි බවය.
එහෙත් මේ බව කාලයත් සමඟ බොහෝ දෙනකුට අමතකව ගිය සිදුවීමක්ව තිබිණි. පසුගියදා ඒ සත්‍යයම වැලි පිසලා නැඟිට්ටේය. ඒ අප ඒ හපන්කම කොට අවුරුදු විසිහතකට පසුය. ඉන්දියාවේ පොන්ඩි චෙරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. රාජන් විසින් තමිල්නාඩුවේ කොන්ගු ප්‍රදේශයේ වූ කොඩුමනල් හා පෙරුන්තාල් නමැති මෙගලිතික සුසාන කැණීමෙන් බ්‍රාහ්මී අක්ෂර සහිත වළං කටු කැබලි සොයාගනු ලැබිණි.

ඒ අනුව ඔවුන් ඒවා කාල නිර්ණය කළ අතර එම මැටි බඳුන් කැබලි ක්‍රි.පූ. 490 දක්වා කාලයට අයත් බව පිළිගැනිණි. ඒ අනුව මහාචාර්ය රාජන් විසින් ලංකාව කළ පර්යේෂණයේ වටිනාකම තහවුරු කරන ලදී. මහාචාර්ය ඉරවදන් මහාදේවන්ගේ විශ්වාසයද තහවුරු විය. දැන් දකුණු ආසියාවම පිළිගනු ලබන්නේ ධර්මාශෝක අධිරාජ්‍යයාට පෙර සිට බුදුන් වහන්සේගේ කාලයේ සිට ලංකාවත් ඉන්දියාවත් බ්‍රාහ්මී අක්ෂර කලාව පවත්වාගෙන ගිය බවය.

මෙවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද ඒදජඪඥදබ ඛ්ඥරතධද අංක 24 කලාපයට ලිපියක් යොමු කරමින් නාමල් කොඩිතුවක්කු මහතා මේ බව ප්‍රකාශයට පත්කොට ඇත. එසේම මේ බිමේ කළ පර්යේෂණ වෙනුවෙන් තම දහඩිය හෙළුෑ සියලු කම්කරුවන්, පර්යේෂණ නිලධාරීන් ඇතුළු පිරිසකටද හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිරාන් දැරණියගල මහතා තම ස්තුතිය පුදකර සිටින්නේය. එසේම නාමල් කොඩිතුවක්කු මහතා යෝජනා කර සිටින්නේ මෙවන් අමිල උරුමයන් සහිත ඇතුළු නුවර භූමිය පුරාවිද්‍යා ආඥා පනත යටතේ සීමාවන් යොදා ආරක්ෂා කළයුතු බවයි.

කවුරුත් සුළුවට සැලකූ ලංකාව අද දකුණු ආසියානු ඓතිහාසික යුගය තවත් අතීතයකට රැගෙන යන්නාවූ ඒ මහා විප්ලවයේ පූර්ව ප්‍රකාශයන්ව අවසානය.
ඒ මහා විප්ලවයේ ඉදිරි කටයුතු සිදුකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භාරදූර වගකීම්ද වන්නේය. එතෙක් ලංකාවේත්, ඉන්දියාවේත් අතීතය සොයා යන පුරාවිද්‍යාඥයනි ඔබට අප 'මව්බිමේ' සැබෑ උත්තමාචාරය පිළිගන්වා සිටිමු.
සඳරැසි සුදුසිංහ

http://www.mawbima.lk/55-90973-news-detail.html

Wednesday, June 17, 2015

හූපූ
















වඳ වී යෑමේ තර්ජනයට ලක්ව සිටින පක්ෂියෙක් ලෙසත් ඊශ්‍රායලයේ ජාතික පක්ෂියා ලෙසත් හූපු පක්ෂියා හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන්  Hoopoes ලෙසද හැඳින්වේ. හූපූගේ විද්‍යාත්මක නාමය Upupa epopsx.  සෙන්ටිමීටර 44-48ක් පමණ විශාල වන හූපූ දුඹුරු පාට, සුදු හා කළු පාට මිශ්‍ර අලංකාර කුරුල්ලෙක් වන අතර හිසේ තියෙන ඔටුන්න හේතුවෙන් කැපී පෙනෙයි.
ආසියාව, යුරෝපය, උතුරු අප්‍රිකාව උපසහරානු අප්‍රිකානු රටවල හා මැඩගස්කර යන කලාපවල හූපූ පක්ෂියා ව්‍යාප්ත වී සිටී. කෘමීන්, උරගයන්, මැඩියන් ආහාරයට ගන්නා මේ පක්ෂියා සර්වභක්ෂක වේ. බිත්තර මඟින් බිහිවන හූපූ පැටවුන් සතියක් පමණ මවුපියන් සමඟ රැඳෙන අතර බිත්තර රැකගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ගැහැනු සතාටය.


http://www.mawbima.lk/

සරස්වතී යන්තරේ මතක හිටින මන්තරේ


අද රටේ පවතින දැඩි තරගකාරී රටාව තුළ අධ්‍යාපනය සඳහාද ඇත්තේ දැඩි තරගයකි. එයට හොඳම සාක්ෂිය ලෙස රටපුරා පවතින උපකාරක පන්ති සංඛ්‍යාව දැක්වීම වරදක් නොවේ. එමෙන්ම අධ්‍යාපනයේදී දරුවන්ට විවිධ කඩඉම් පසු කිරීමට සිදුවන බවද කිව යුතුය. පහ වසර ශිෂ්‍යත්වය, අ. පො. ස. (සා/පෙළ), උසස් පෙළ විභාග ආදිය එයට උදාහරණයි.

යමකුගේ අධ්‍යාපනය ගැන සැලකිල්ලේදී ඔහුගේ, ඇයගේ ජන්ම පත්‍රයේ පළමු වැන්න, තෙවැන්න, පස් වැන්න, නව වැන්න, දස වැන්න ආදිය සැලකිල්ලට ගත යුතුය. යමකුට අධ්‍යාපනය ලැබීමේදී ලග්න භාවය ලග්නාධිපති පීඩා නොවිය යුතුය. අධ්‍යාපන සඳහා තෙවැන්නේ බලයද උපයෝගී කර ගත යුතුය. ප්‍රධාන වශයෙන් පස් වැන්න පිළිබඳව සැලකිල්ලට ලක් කෙරේ. යමකුට අධ්‍යාපනය ලැබීමට පූර්ව පිනක්, වාසනාවක් තිබිය යුතු අතර ඒ සඳහා නව වැන්න හා දස වැන්න පිළිබඳවද සැලකිය යුතුය. එම භාවාධිපතියන් හා එම භාව ශක්තිමත් වීම වැදගත් හෙයිනි.
හින්දු ජේ‍යාතිෂයට අනුව බුධ - ගුරු කාරකයා වන අතර ගුරු ශිල්පයට අධිපතියාය. ශනි, කුජ, රාහු ඉගෙනුමට බාධක එල්ල කරන ග්‍රහයන් ලෙස සැලකේ. යමකු අධ්‍යාපනය ලබන අවධියේදී ශනි, කුජ, රාහු දශා එළැඹීම එතරම් සුබ පල නොවේ. නමුත් රාහු සැමවිටම නරක පල නොදෙන අතර සමහරවිට රාහු යහපත්ව පිහිටීම දෙස් විදෙස් අධ්‍යාපනය සඳහාද ඉවහල් වෙයි.

යමකුගේ පස් වැනි භාවාධිපති රාහු සමඟ යෝගවීමද අධ්‍යාපනයට බාධාවකි. ශනි, චන්ද්‍ර යෝගය, සඳු, රාහු යෝගය, සඳු නීචව ආදී ලෙස පස් වැන්නේ යෙදීම පස් වැන්න රාහුගෙන් හෝ ශනිගෙන්, කුජගෙන් පීඩාවට පත්වීම සහ අධිපතියා 6, 8, 12 රාශිවල වීම පහ අධිපතියා 22 දෙකර්ණාධිපති වීම දරුවන්ගේ අධ්‍යාපනයට බාධක යෙදේ.
ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව ජන්මියාගේ මූලික අධ්‍යාපනය 4 වැනි භාවයෙන්ද, ඒ සඳහා ඇති උනන්දුව, කැපවීම, ධාරණය කර ගැනීමේ හැකියාවද, නව වැන්නෙන් උසස් අධ්‍යාපනයද, එහි ස්වභාවය 11 වැනි භාවයෙන්ද පෙන්නුම් කරනු ලබයි. 4 වැනි භාවයේ උප අධිපති 4, 9, 11 භාවයන්ට නිවේදකත්වයක් වීම දක්වා ඇත්නම් දරුවාට උසස් අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබෙනු ඇත. යමකුගේ 4 වැනි භාව උප නව වැනි භාවයට පමණක් සම්බන්ධයක් ඇති කල මූලික අධ්‍යාපනය පමණක් ලබා ගනු ඇත. 9 වැනි භාව උප 4, 10 යන භාවවලට නිවේදයක්ව ලබා දීම ඔහු හෝ ඇය කාර්මික හෝ වෘත්තීය අධ්‍යාපනය කරා යොමු කරවයි. ක්‍රිෂ්ණ මූර්ති ප¾ඩිතුමාට අනුවද ශනි ඉගෙනීම කඩාකප්පල් කරන ග්‍රහයකු වෙයි. යමකුගේ 4 වැනි භාව උප අධිපති ශනි හෝ 4 වැනි භාව උප අධිපති 8 වැනි භාවයට සම්බන්ධ වීම අහිතකරය. ජන්ම පත්‍රයේ 3 වැනි භාව උප ශනි නම් අධ්‍යාපනයට ඇති උනන්දුව ආශාව අඩු කිරීමට හේතු වෙයි. 3 වැනි භාව උප ශනි නම් අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු කරයි. 3 වැනි භාවයේ ශනි - කුජ සංයෝගයද 3 වැනි භාවයේ උප 10 වැනි භාවයේ හෝ 2 වැනි භාවයේ නම් දරුවාගේ මූලික අධ්‍යාපනය අඩාලයි.
අද බොහෝ විට දරුවන් පෙම් සබඳතා නිසා අධ්‍යාපනය අඩාල කර ගන්නා අවස්ථා ඔබ දැක ඇත. එයට හේතුව සිකුරු 5 වැනි භාවයේ තැන්පත්ව 7 වැනි භාව උප අධිපති 5 වැනි භාවයට සම්බන්ධ වීමයි.

යමකුගේ අධ්‍යාපනයට ඇති දුර්වලතා හඳුනාගෙන බුද්ධිමත් මවුපියන් ඒ සඳහා පිළියම් කිරීම තුළ ඉතා සාර්ථක ප්‍රතිඵල ලද හැකිය. මේ සඳහා මැණික් ප්‍රතිකාර මෙන්ම ගණපති, සරස්වතී ආදී දෙවිවරුන්ගේ පිහිට ද ලබා ගත හැකිය. අෑත අතීතයේ අද මෙන් පොත් පත් බහුල නොවීය. ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගත් අධ්‍යාපනයක් විය. එහිදී එක්වරක් කියාදෙන දෙය තම මතකයේ ග්‍රහණය කර ගැනීමට නොයෙක් ගුප්ත විද්‍යාත්මක ක්‍රම අනුගමනය කළහ. ඊට උදාහරණයක් ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සරස්වතී තෛලය පානය කිරීම දැක්විය හැකිය. සරස්වතී මෑණියන්ගේ පිහිට ලබා අධ්‍යාපනයේ ඉහළ කඩඉම් ජය ගැනීමට පහසු ක්‍රම කිහිපයක් පහත දැක්වෙයි.
එහිදී ගිතෙල්, වතුර, තැඹිලි මතුරා දීම, පොතට මතුරා පාඩම් කිරීම, සරස්වතී යන්ත්‍රය භාවිතය ආදී විශාල ක්‍රම රාශියක් ප්‍රයෝජනයට ගත හැකිය. නමුත් යම් දෙයක් භාවිත කිරීමේදී පිළිහුඩු මස් මාංස භාවිතය අත්හළ යුතුය. යම් දෙයක් කිරීමේදී යම් කැපකිරීමක් අවශ්‍යය. නමුත් මවුපියන් නඟන ප්‍රශ්නයක් නම් දරුවන්ට මස් මාංස අවශ්‍ය බවය. එවැනි අයට සරස්වතී යන්ත්‍රය තුළින් පිහිට ලබා ගත හැකිය.

සරස්වතී යනු සහශ්‍රයට අධිපති දෙවඟනයි. රූපශ්‍රීයෙන් ඇය අගපත්ය. සුදුවතින් සැරැසී, සුදු නෙලුමක වාසය කරයි. හංස වාහනය, එක් අතක වීණාවක්ද, අනෙක් අත සුදු පද්මයක්ද වෙයි. ඇයට පිරිසුදුව පහත පූජාව තැබීමෙන් ඉහළ ඵල ලැබේ. තැඹිලි, ‍ෙදාඩම්, අඹ, දෙළුම්, සුව¼දැල් කෙසෙල් ආදී පලතුරුද, උඳු, මුං, තල වැනි ධාන්‍ය වර්ගද, අතිරස, කැවුම්, අග්ගලා, කිරිබත් වැනි කැවිලිද, ලදපස් මල්ද යොදා ගත යුතුය. කහ දියර ඉස පිරිසුදු කර ගත් කාමරයක උඩු වියන් බැඳ සුදු වස්ත්‍රයක් එළුෑ මේසයක් මත බුලත්, පඬුරු පූජා ද්‍රව්‍ය තබා පහන් දල්වා පූජාව තැබිය යුතුය.

නමෝ සා - සර්වාංගනී සදා නන්දි සර්ව දේව නමෝ නම--
නමෝ ශුද්ධස්ඵටික සංගීතේ සූක්‍ෂම රූපී නමෝ නම--
නමෝ මූල මන්ත්‍ර රූපායි මූල ශක්ති නමෝ නම--
නමෝ මුක්තා ලක්ෂණ සංගීති නාමරූපි නමෝ නම--
නමෝ නාරායනී ඝෝර රූපී වරදේවි නමෝ නම--

ක්‍රමය

පිළිවෙත් ගරුකව උදේ සවස තේජස නුවණ ධාරණ ශක්තිය ලබා ගැනීම සඳහා කියැවීම සුදුසුය. ගිය තැන ජය ලැබේ.


ඕං නමෝ පඤ්ඤා පාරමිතා එහි එස්ව--
ඕං ශ්‍රී බුද්ධිවර්ධනී, වර්ධනී නමෝ නමෝ ප්‍රඥා පාරමිතා එහි එස්ව--
ඕං සරස්වතී ධාරණේ ධාරණේ ඒස්ව--

හත්වරක් පිරිසුදුව පෙරා ගත් ජලය නැවුම් කොතලයක බහා මල් යහනක තබා 1008 වරක් ජප කර උදේට දින 7ක් මුහුණ සෝදන්න.


ඕං සරස්වතී මහා දේවි - වීණා පුස්තක ධාරණී
හංස වාහන සමායුක්තං විද්‍යා දානං කුරු කුරු මම--

පොතට හත් වරක් මතුරා ගන්න. පාඩම් හිටී.
විවිධ වූ ක්‍රම මඟින් සරස්වතී පිහිට ලබා අධ්‍යාපනය දුර්වල අයට යහපත් පල ලබා ගත හැකිය. නමුත් යම් දෙයක් කිරීමේදී ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් යොදා ගත යුතුය. අපේ මවුපියන් කරන වැරැද්දක් නම් විභාගයට සතියකට දෙකකට පෙර බෝධි පූජා තැබීම, යන්ත්‍ර දැමීම ආදිය කිරීමයි. නමුත් එය ප්‍රමාණවත් නොවේ.
උඩුනුවර ඩී. එම්. නිලන්ත කුමාර ධනසේකර

http://www.mawbima.lk/