V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label සරසවිය. Show all posts
Showing posts with label සරසවිය. Show all posts

Wednesday, February 17, 2016

‘අනෝරා තාල VI’ 20 වැනිදා පාදුක්කේ සිරි පියරතන විද්‍යාලයීය රංග ශාලාවේදී

දරු - දැරියන්ගේ නර්තන කුසලතා එළි දක්වමින් අරකවිල නර්තන හා නාට්‍ය පදනම වාර්ෂිකව සංවිධානය කරන ‘අනෝරා තාල VI’ ප්‍රසංගය මෙවරත් මේ මස 20 වැනිදා පස්වරු 6.00ට පාදුක්ක සිරි පියරතන විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වෙයි. උඩරට, පහතරට, භරත නාට්‍යයම්, කථක්, නව නිර්මාණාත්මක නර්තනාංග රැසකින් සමන්විත මේ ප්‍රසංගය නැරැඹීමට සංවිධායක කමිටුව ආරාධනා කරයි. 

මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ ගැමි දරු - දැරියන්ගේ අධ්‍යාපන වටිනාකම් සහ කලා කුසලතා ඔප් නැංවීමේ අරමුණෙනි.

http://www.sarasaviya.lk/

Monday, January 11, 2016

තබ්ලාවෙන් ශිල්ප දක්වන පුංචි හපනෙක්

නලිංක කාවින්ද කැලණිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන තබ්ලා වාදනයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගත් පාසල් ශිෂ්‍යයෙකි. විද්‍යාලයේ නමය වසර පන්තියේ ඉගෙනුම ලබන නලිංක තවමත් දාහතර වන වියේ පසුවන පුංචි හපනෙකි.
දිවයිනේ සියලුම පාසල් අතරින් පැවති සංගීත හා නාට්‍ය තරඟ අංශයෙන් තබ්ලා වාදනයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට 2012 වසරේ සමත් වූ නලිංක, මෙවර කැලණිය විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කළ බිහිදොර අභියස 2015 කලා උළෙලේදී ලංකාවේ සෞන්දර්ය විෂය උගන්වනු ලබන පාසල් අතර පැවති කනිෂ්ඨ ඒකල තරඟාවලියෙන් තබ්ලා වාදනයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ද සමත් විය.
තබ්ලා වාදනයේ නමක් දිනා සිටින තම පියාණන් වූ චන්ද්‍රජිත්තගේ ප්‍රියන්ත ගේ මඟ පෙන්වීම මත සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මිල්ටන් දයාවංශ යටතේ තබ්ලා වාදනය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක නියැලී සිටින ඔහු ඉදිරියේදී තබ්ලා වාදනයේ ප්‍රවීණයකු වී සෞන්දර්ය විෂය මූලික කොටගත් කථිකාචාර්යවරයකු වීමේ ස්ථිර අධිටනින් පසු වේ.
තබ්ලා වාදනයට අමතරව ගිටාර් හා වයලීන් වාදනය කිරීමේ හැකියාවෙන් ද පොහොසත් නලිංක, පුෂ්පා නියන්ගොඩ ගුරු මහත්මිය යටතේ වයලීන් වාදනය හා ගායනය පිළිබඳව ද හැදෑරීමක් සිදු කරයි.
පෙර පාසල් අවධියේ පටන් තබ්ලා වාදනයට ඇලුම් කළ කාවින්ද මුල්වරට වයස අවුරුදු හතරේදී පෙර පාසල් ප්‍රසංග වේදිකාවට තබ්ලා වාදනයක් ඉදිරිපත් කළේය. තම පාසලේ සංගීත ගුරුතුමිය වූ සුමිත්‍රා වන්නිආරච්චි ගුරු මෑණියන්ගේ ගුරුහරුකම් මධ්‍යයේ තම සහජ හැකියාවන් දිනෙන් දින ඔප මට්ටම් කර ගන්නා කාවින්ද මෙවර බිහිදොර අභියස කලා උළෙල සඳහා තම විද්‍යාලයෙන් ඉදිරිපත් කළ අනෙකුත් ගායන වාදන අංශයන්හි කණ්ඩායම් සඳහා සිතාරය හා සර්පිනාව වාදනයෙන් මෙන්ම ගායනයෙන් ද සහාය වූ අතර එම කණ්ඩායම් ද පළමු ස්ථානය දිනා විද්‍යාලයට කීර්තියක් අත්කරදීම ද සුවිශේෂී සිද්ධියක් විය.
තබ්ලා වාදනයෙන් මෙවර ප්‍රථම ස්ථානය දිනාගත් කාවින්ද තමන්ට එම ජයග්‍රහණය ලැබීමට හාර්මෝනියම වාදනය කරමින් අනගි සහායක් ලබා දුන් තම විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන හිරාන් චාරුකව ද කෘතවේදීව සිහිපත් කිරීමට අමතක නොකළේය.
 http://www.sarasaviya.lk/news/?fn=sa16010716