V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label පුරාවිද්‍යා. Show all posts
Showing posts with label පුරාවිද්‍යා. Show all posts

Friday, February 26, 2016

රාවණා රජුගේ මතකය නැති වුණේ කොහොමද?

විජයාවතරණයට පෙර පටන් මේ දිවයිනේ මිනිසුන් සිටි බවට මෑත දශක කිහිපය තුළ කරන ලද ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණවලින් ඕනෑවටත් වඩා තහවුරු වී ඇත. විජයාවතරණය ලක්දිව ජනාවාසකරණයේ ආරම්භය නොවෙතත් එය උතුරු ඉන්දීය සබඳතා ඍජුවම මේ දිවයිනට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස කෙනකුට තර්ක කළ හැකිය. මෙම උතුරු ඉන්දීය සබඳතා විජයාවතරණයේ සිට වැඩි වශයෙන් මේ දිවයිනට බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි. පූර්ව 3 වැනි සියවසේ මහින්දාගමනය හැඳින්විය හැකිය.

මෙම දිවයිනේ ඉතිහාසය විජයාවතරණයට පෙර පටන් ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරන බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත්තේ මහාවංසය විසින් විජයාවතරණයට පෙර ඉතිහාසය මකා දමා ඇති බවයි. ඊට ප්‍රධාන මාතෘකාව කොට ගන්නේ රාවණා කතා ප්‍රවෘත්තියයි. මහානාම හිමි මහාවංසය ලියනු ලැබුවේ ක්‍රි. ව. 5 වැනි සියවසේදී පමණ බවට සාමාන්‍ය විද්වතුන්ගේ පිළිගැනීම වේ. උන්වහන්සේ මහාවංසය සඳහා පාදක කරගන්නා පැරැණිතම කාලපරිච්ඡේදය වන්නේ "තථාගතාභිගමන" නම් බුදුන් වහන්සේගේ ලංකා ගමනය සිදු වූ තැන් පටන්ය. මෙම කාරණාව මහානාම හිමියන් විසින් ලියනු ලබන්නේ තථාගතාභිගමනය සිදු වී වසර 1,100කට පසුව වීම කෙරේ සැලකිලිමත් විය යුතුය.
මහාවංසය ලිවීමෙන් මහානාම හිමියන් අදහස් කළේ ලංකා ඉතිහාසය ලියා තැබීම නොවන බව පැහැදිලිය. උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ ලක්දිව රජවරුන් බුදු සමයට කරන ලද සේවාව පිළිබඳව විස්තර කිරීම පමණි. එබැවින් මේ දිවයිනේ ඉතිහාසය සෙවීමේදී අප මහාවංසයට ලොකු බලපෑමක් කිරීම යුක්තිසහගත නොවේ.

මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය සෙවීමේදී මහාවංසයෙන් ප්‍රයෝජනයක් නොලැබෙන බව පැහැදිලිය. තවද ලංකාවේ ඉතිහාසය සෙවීමේදී ක්‍රි. පූර්ව 6 වැනි සියවසේ සිට මෑතකාලය දක්වා ලියැවුණු ග්‍රන්ථවලින්ද ඉහත සමය කිසිසේත් ආවරණය නොවේ. එබැවින් මහාවංසයට එහා ගිය ඉතිහාසය සෙවීමේ කාර්ය ඉතිහාසඥයාට කළ නොහැකිය. ඒ සඳහා ලෝකයේ මෑත කාලීන දශක කීපයක පටන් ඉතා විශිෂ්ටත්වයට පත්වූ විෂයක් ඇත්තේය. එය පුරාවිද්‍යාවයි.

මහාවංසයෙන් ඔබ්බට ගිය මේ දිවයිනේ ඉතිහාසය සෙවීමේ පර්යේෂණ ආරම්භ වන්නේ විසි වන සියවසේ මුල් භාගයේ පමණ සිට යැයි කීම නිවැරැදිය. ඒ සඳහා අපට හඳුන්වා දිය හැකි ප්‍රබලතම පුද්ගල චරිතය නම් මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන්ය. එතුමා මේ දිවයිනේ සත්ත්ව හා මානව ප්‍රජාවේ ආරම්භය සෙවීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ අග්‍රගණ්‍ය විද්වතෙකි. එතුමාගේම අඩි පාරේ යමින් මෙම විෂයට අනූපමේය සේවයක් කළ අනෙක් පුද්ගලයා වන්නේ දැරණියගල සූරීන්ගේ පුත් ආචාර්ය එස්. යූ. දැරණියගල සූරීන්ය. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් අති විශාල පර්යේෂණ රාශියක් සිදු කරමින් මෙම කාල පරිච්ඡේදය පිළිබඳව විද්වත් පරම්පරාවක් බිහි කිරීමට පුරෝගාමී වූ මෙතුමා මහාවංසයට ඔබ්බෙහි වූ ඉතිහාසය අතැඹුලක් සේ පැහැදිලි කළේය. එම මඟම යමින් මෑත කාලයේ මෙම ක්‍ෂේත්‍රයට අනූපමේය සේවයක් කළ ආචාර්ය නිමල් පෙරේරා සූරීන්ද මේ දිවයිනේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් අනුස්මරණීය සේවයක් කළ විද්වතෙකි.

මෙවැනි ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයන් මහාවංසයට ඔබ්බෙහි වූ ඉතිහාසය මොනවට පැහැදිලි කරමින් අදින් වසර 50,000 දක්වා වූ අෑත කාලපරිච්ඡේදයකට අයත් ප්‍රාග් ඓතිහාසික මානව සාක්‍ෂි මේ දිවයිනෙන් මතුකර ගෙන ඇත. මේ සම්බන්ධ නිදර්ශන ඕනෑ තරම් පාහියංගල, බට‍ෙදාඹ ලෙන ආදී ස්ථානවලින් ලැබී ඇත.
තත්ත්වය එසේ වුවත් මෑත කාලයේ ඉතා ප්‍රබල ලෙස ඉතිහාසඥයන් යැයි කියා ගන්නා පිරිසක් බරපතළ ලෙස රාවණා යුගයක් ගැන කතා කරයි. ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදු කළ ඉහත විස්තර කළ ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් හා ලෝක මට්ටමේ පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මානව ශිෂ්ටාචාරයේ මුල් යුගය පහත දැක්වෙන ලෙසටද බෙදා දක්වා ඇත. එනම්, 1. පූර්වශිලා යුගය, 2. මධ්‍ය ශිලා යුගය, 3. නව ශිලා යුගය ආදී වශයෙනි.

මෙම යුගයන් තුනට අයත් සාක්‍ෂි අඩු වැඩි වශයෙන් ලංකාවෙන්ද ලැබී ඇති අතර නවශිලා යුගයත් සමඟම ආරම්භ වන තවත් යුගයක් පිළිබඳව මෑත කාලයේ පුරාවිද්‍යා පර්යේෂණ රාශියක් සිදුවේ. එනම් මහශිලා යුගයයි. මේ පිළිබඳව සාක්‍ෂි ඉබ්බන්කටුව, හල්දුම්මුල්ල, යටිගල්පොත්ත, මහගල්වැව ආදී කොට ඇති ස්ථාන රාශියකින්ම ලැබී ඇති අතර මෙම යුගය පිළිබඳව ලංකාවේ පුරාවිද්‍යාඥයෝ පර්යේෂණ කටයුතු පවත්වති. මෑත කාලීනව වූ පර්යේෂණ නිසා ක්‍රිස්තු පූර්ව 1,300 දක්වා අෑත කාලපරිච්ඡේදයකට එනම් අදින් වසර 3,300කටත් වඩා අෑත කාලපරිච්ඡේදයක සිට මේ දිවයිනේ තිබූ මානව ශිෂ්ටාචාරයන් පිළිබඳ තොරතුරු පැහැදිලි වෙමින් පවතී.
නමුත් මෙම විශිෂ්ට ගණයේ පුරාවිද්‍යාඥයන් කිසිම කෙනකු ඉතිහාසඥයන් පවසන රාවණා යුගයට අදාළව කිසිදු තොරතුරක් තම පර්යේෂණවලින් හෙළි කරගෙන නැත. අති නවීන පර්යේෂණ ක්‍රම උපයෝගි කරගෙන සිදු කරනු ලබන පුරාවිද්‍යා පර්යේෂණයන්ටද හසු නොවන මෙම රාවණා ශිෂ්ටාචාරය ලංකාවේ පැවැතියේද යන්න ඊළඟට විමසිය යුතුය.

මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය හැදෑරීමට අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාවේ පිහිට පැතිය යුතුමය. පුදුමය වන්නේ ලංකාවේ මෙතෙක් මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කළ කිසිම පුරාවිද්‍යාඥයෙක් රාවණා යුගයට අයත් කිසිදු සාක්‍ෂියක් සොයා නොගැනීමයි. එය පුරාවිද්‍යාවේ වරදක්ද එසේත් නැතිනම් පර්යේෂණවල අඩු පාඩුවක්දැයි අප නොදනිමු. තවද ලංකාවේ කිසිදු පුරාවිද්‍යාඥයෙක් මෙම රාවණා ප්‍රවාදය පිළිගන්නේද නැත. පුරාවිද්‍යාවෙන් යමක් තහවුරු වීමට නම ඒ සඳහා සාක්‍ෂි තිබිය යුතුය. සාක්‍ෂි නොතිබූ පළියට එය නොපිළිගැනීමට තරම් පුරාවිද්‍යාඥයා ඉක්මන් වන්නේද නැත. නමුත් ගැටලුව වන්නේ මේ තරම් සුවිසල් අධිරාජ්‍යයක් ලංකාවේ තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් කිසිදු පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක් ඉතිරි නොකර විනාශ වූයේ කෙසේද? එහෙත් තමා මේ ලියන කියන කාරණා තමාගේ හිතලු ලෙස ප්‍රකාශ නොකර පිළිගත හැකි මූලාශ්‍ර සහිතව කියන්නේ නම් එම ලිපිවල වටිනාකමක් ඇත්තේය.
පුරාණ තල්පත්වල තිබුණා යැයි කියන සමහර කාරණා අපට පිළිගත හැකිද? එම පුරාණ තල්පත් ලියැවී නැති කාලය පිළිබඳව සහ ඒවායේ ඇති කරුණු කෙරේ අපට කෙතෙක් දුරට එකඟ විය හැකිද? මේ ආදී කාරණා කෙරේ කිසිදු වග විභාගයකින් තොරව රාවණා අධිරාජ්‍යයක් ගැන ජනතාව මුළා කරමින් කරනු ලබන හිතලු මත පදනම් වූ මෙම පර්යේෂණ තුළින් සිදුවන්නේ බොරුව සමාජගත වීමයි. මෙසේ බොරුව සමාජ ගත කරන පිරිස් රාවණා රාජධානියේ අගනුවර කිහිපයක් ගැන කියයි. ඉන් එක් ස්ථානයක් නම් සීගිරියයි. සීගිරි ගල මත රාවණා රජු වාසය කළ බව කියයි. සීගිරිය ක්‍රි. පූර්ව තුන් වැනි සියවසේ පටන් බෞද්ධ භික්‍ෂුන්ගේ ආරාමික ස්ථානයක් ලෙසට තිබී ඇත. ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේදී කාශ්‍යප රජු බලකොටුවක් තනා ගෙන වසර 18ක් එහි සිට රට පාලනය කළ බවට වංස කතා ප්‍රමුඛ සාහිත්‍ය මූලාශ්‍රවලින් තහවුරු වී ඇති කරුණකි.
මේ පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ කළ ලංකාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයා ලෙස සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් පවා තම පුරාවිද්‍යා පර්යේෂණ තුළින් ඉහත කාරණා සනාථ කර ඇත. නමුත් එබඳු පුරාවිද්‍යාඥයකුටවත් හසු නොවුණු රාවණා අග නගරයක් සීගිරියෙන් මේ කියන ලද ඉතිහාසඥයන් සොයා ගත්තේ කෙසේද? ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සාක්‍ෂි මොනවාද යන්න පෙරළා අපට විමසන්නට සිදුවේ. වසර 50,000 දක්වා අෑත අතීතයට ගිය මානව සාධක ලැබෙන ලංකාවෙන් සීගිරියෙහි ඔය කියන ලද කාලපරිච්ඡේදයට අයත් සාධක හමු නොවන්නේ මන්ද?

රාවණා මිථ්‍යාව ගැන කරුණු දක්වන සමහර විද්වතුන් ලංකාවේ රාවණා රජුගේ නම සඳහන් සෙල් ලිපිද ලැබෙන්නේ යැයි පවසයි. ඊට අනුව "රාවණ" ලෙස සමහර ලිපි කියවන ඔවුන් එහි රාවණා ගැන සඳහන් වන්නේ යැයි කියයි. මෙය පිළිගත හැකිද? සමහර පූර්ව බ්‍රාහ්මී ලිපිවල "බඹදත" යන නම සඳහන් අවස්ථා ඇත. එම බඹදත යන වචනය මුල් කර ගෙන කෙනකුට ඔහු ඉන්දියාවේ සිටි බ්‍රහ්මදත්ත බවට තර්ක කළ හැකිය.

වාල්මිකී නම් ඉන්දීය ප¾ඩිවරයා වීර කාව්‍යයක් කිරීමේ අදහසින් රාම, රාවණා චරිත ඇතුළත් කරමින් ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවසේදී ලියන ලද ග්‍රන්ථය රාමායණය ලෙස සැලැකේ. මෙම රාමායණයේ සඳහන් පුද්ගල චරිත ස්ථාන නාම වාල්මිකී ප¾ඩිවරයාට අවශ්‍ය ලෙස පෙළ ගැස්සුවා විනා ඒවා ඒ වන විට තිබූ සත්‍ය ස්ථාන හා පුද්ගල නාම ලෙස පිළිගැනීමට තරම් අප හට ඉක්මන් විය නොහැකිය. ඉන්දීය රාම චරිතය ඉස්මතු වන ආකාරයෙන් ලියූ මෙම වීර කාව්‍යයේ එන සෙසු චරිත සියල්ල රාමට පරාජය වේ. රාම යනු හින්දු සාහිත්‍යයේ එන විෂ්ණුගේ දස අවතාරවලින් එකකි. ලෝකය අභාග්‍යයට පත් අවස්ථාවේදී විෂ්ණු විවිධ ස්වරූපවලින් පැමිණ ලෝකය බේරා ගනී. රාවණා රජු ලෙස සැලකෙන චරිතය විනාශ කර රාම ජය ලබන්නේ ඒ නිසාය.

මෙම කතා ප්‍රවෘත්තියට පදනම් වන "ලංකා පුරය" අපගේ දිවයින ලෙසද අද පමණක් නොව අතීතයේ පවා මේ දිවයිනේ සිටි මිනිසුන් පිළිගත් බවට සීතාඑළිය. රාවණා ඇල්ල, රාවණා ගුහාව ආදී ස්ථාන සඳහා භාවිත කළ නම්වලින් කෙනකුට තර්ක කළ හැකිය. වාල්මිකී ලියූ වීරකාව්‍ය එකල ලංකාවේද ප්‍රචලිත විය. එබැවින් එකලද මෙම රාවණා ප්‍රවාදය පිළිගත් පිරිස් මේ දිවයිනේ සිට ඇත. අදද ලංකාවේ සිටින්නේ එම පරම්පරාවේම පිරිස්ය. ඔවුන්ද මෙම රාවණා ප්‍රබන්ධය හෙවත් බොරුව සමාජ ගත කරමින් සිටී. ඉතා විශිෂ්ට ශේ්‍රෂ්ඨ රාවණා රාජධානියක් ගැන කියමින් ජනතාව මොහොතකට හෝ අමුතුම ලෝකයකට ගෙන යයි.
මේ සියල්ල අමතක කර අවසානයේ අප නැවත රාවණා ගැන සොයන ඒ ගැන කියන විද්වත් පිරිස වෙත යොමුවෙමු. අපි ඔවුන්ට අභියෝග කරමු.
1. රාවණා රජු මේ දිවයිනේ රජ කළ කාලය පිළිබඳව සඳහනක් දෙන්න. (පොදු අදහසක් විය යුතුය)
2. එම කාලය පුරාවිද්‍යා දත්තයන් මඟින් තහවුරු කරන්න.

3. රාවණා ලංකාවේ සිටි බවට පිළිගත හැකි පුරාවිද්‍යා සාක්‍ෂියක් ඉදිරිපත් කරන්න.
වැයිහේනේ බුද්ධි නාගොඩවිතාන
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය - ගාල්ල.

http://mawbima.lk/95-90274-news-detail.html

හදිසියේ අතුරුදන් වූ අයිස් මිනිසා

දඩයම් කරමින් අදින් වසර 15,000ට පමණ පෙර යුරෝපයේ ජීවත් වූ නොදන්නා මිනිස් කොට්ඨාශයක් පිළිබද කරුණු අනාවරණය වී ඇතැයි පර්යේෂකයෝ කියති.
ඔවුන්ගේ අස්ථි හා දත් පරීක්ෂාකරමින් ඩී.එන්.ඒ ගැලපීමේ දී මේ මිනිසුන් යුරෝපයේ සිට අයිස් යුගය අවසන්වීමේ දී අතුරුදන් වන්නට ඇතැයි ගවේෂකයන්ගේ මතය වී ඇත. ඔවුන් පවසන්නේ මේ මිනිසුන්ගේ ජාන නූතන ආසියානු, ඇමෙරිකානු, ඔස්ට්‍රේලියානු හෝ යුරෝපීය ජන කොටස් සමග නොගැලපෙන බවයි. ඔවුන් අප්‍රිකාවෙන් සංක්‍ර‍මණය නොවූ ජන කොට්ඨාශයක් ද යන්න පිළිබදව ද පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත.
පර්යේෂණය සිදුකර ඇත්තේ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ මානව ඉතිහාස විද්‍යාව පිළිබද පර්යේෂකයන් පිරිසක් විසිනි. අප්‍රිකානු සම්භවයක් නොමැති මේ ජනතාව වසර 50,000ට පමණ පෙර නැගෙනහිර ආසියාව හා ඕස්ට්‍රේලියාව කරා ගමන් ගන්නට ඇති බවත් පර්යේෂකයෝ සැකකරති.
මෙම පර්යේෂණය මෙහෙයවන ටියුබින්ජන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොසිමෝ පොස්ත් පවසන්නේ මේ මිනිසුන් අදින් වසර 14,500ට පෙරාතුව අතුරුදන්ව ඇත්තේ පුදුම සහගත ලෙස බවයි.
30E135AE00000578-3432060-New_analysis_of_remains_of_ancient_Europeans_from_as_far_back_as-a-1_1454625139364 30E135C100000578-3432060-DNA_was_extracted_from_the_teeth_and_bones_of_ancient_human_rema-a-3_1454625139763
http://www.lankadeepa.lk/index.php/articles/385036

Monday, November 30, 2015

මහ පුදුම සතෙක් හමුවෙයි

ලොව සිටි වඩාත් අරුම පුදුම සත්ත්වයාගේ රුව අවසානයේ සම්පූර්ණ කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. හළුසිගේනියා නමින් හැඳින්වූ මේ ඉතා කුඩා මුහුදු ජීවියා අදින් අවුරුදු කෝටි 50ට පමණ පෙර පෘථිවිය මත ජීවත් වූ බව ද ඔවුහු කියති.
කලින් හමුවූ ෆොසිල සියල්ල හමුවී තිබුණේ සත්ත්වයාගේ හිස නොමැතිවය. එසේ වුව ද පසුගිය දිනක කැනඩාවේ බර්ගේස් හි ගල්පොතු අතර තිබී හමුවූ ෆොසිලයක හිස කොටසත් තිබිණි. එය අමුතුම ආකාරයේ හිසකි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්ටින් ස්මිත් පවසන්නේ හළුසිගේනියාගේ හිස විකාරරූපී බවයි. මේ සතා පිටසක්වල සිටිතැයි කියන මනංකල්පිත ජීවියකු සේ පෙනේ යැයි ද ආචාර්යවරයා කියයි.
මේ සත්ත්වයා ගැන විස්තර ජාත්‍යන්තර නේචර් සඟරාවේ විස්තර කැර ඇත. එම වාර්තාව අනුව මේ සත්ත්වයාගේ අදින් වසර 100ට පමණ පෙරදී ය.
විද්‍යාඥයන් පවසන්නේ දිගින් සෙන්ටිමීටරයකටත් වඩා අඩු මේ ප්‍රාණියා හිසකෙස් ගසකටත් වඩා තුනී බවයි. සිරුර එක් පැත්තකින් සිහින්ය. සිලින්ඩරාකාර සිරුර ගාම්භීර ශක්තිමත් කශේරුකා යුගල දෙකකින් ආවරණය වී තිබෙන අතර ඉතා තුනීය. නියපොතුවලින් යුතු උපාංග මගින් අනෙක් පසින් එල්ලා වැටෙයි.
ආචර්ය මාර්ටින් පවසන්නේ මේ සත්ත්වයා පිළිබඳ පළමුවරට කරණ ලද විස්තරය වැරදි බවයි.
කෙසේ වෙතත් කැනඩාවෙන් හමුවූ නව ෆොසිලය සියුම්ව ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමේ දී කුඩා ඇස් යුගලක් හා ඊට යටින් අර්ධ කවාකාර කොටසක් හමුවූ බව ද පර්යේෂකයෝ කියති.
මේ ජීවියාගේ මුඛයේ වළල්ලක් ආකාරයේ දත් සහ උගුරේ සිට උදරය දක්වා දිවෙන තවත් දත් පෙළක් ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. අමුතු මුඛ පිළිවෙල මගින් හළුසිජේනියා ආහාර උරාබී පසුව මේ ආහාර තම උදරයට යවා ඇතැයි විද්‍යාඥයෝ කියති.
Face of 1 Face of 2

Friday, June 12, 2015

කවුද මේ පෝල්.ඊ. පීරීස්.....

Rukshila Weththamuni

පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල

අද මං හිතුවා බ්ලොග් කියවන හිතවතුන්ට අපේ රටේ සිටි වටිනා බුද්ධිමතෙක් ගැන කරුණු ටිකක් දැන ගන්න සැලැස්සුවා නම් හොඳයි කියල. පුරාවිද්‍යාව විෂයක් විදියට හැදෑරූ නිසා මං නම් මේ වගේ ලිපි වලට පුදුම විදියට කැමතියි. සෙනරත් පරණවිතාන යන නම කිවූ පමණින් බොහෝ අය ඔහුව හඳුනා ගත්තත් පෝල්.ඊ. පීරීස් දැරණියගල එහෙමත් නැත්නම් පී.ඊ.පී. දැරණියගල කිව්වා නම් බොහෝ දෙනෙක් නොදන්නා ඇති බවට විශ්වාසයි.මේ ලිපිය 2011 වසරේදී දිවයින බදාදා අතිරේකයෙ පළ වුවකි. මෙය සම්පදානය කළ මා හිතවත් කැලුම් මනමේන්ද්‍රආරච්චි සොයුරා වර්තමානයේ අප රටේ ඉන්නා දක්ෂතම සත්ත්ව විද්‍යාඥයෙකි.ඔහු පිළිබඳ සටහනක් නුදුරේදීම ඔබ හා බෙදා ගන්නට බලාපොරොත්තු වෙමි


ශ්‍රී ලංකාවට විශාල කීර්තියක්‌ මෙන්ම විශේෂයෙන්ම සත්ත්ව විද්‍යාව, පාෂාණිභූත විද්‍යාව හා ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව උදෙසා අතිමහත් සේවයක්‌ කළ දැරණියගල මහතා පිළිබඳ ඔබට සුළු විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීම මේ ලිපියේ මූලික අරමුණ වේ. මෙම ලිපියට අදාළව එතුමා පිළිබඳව සුළු විස්‌තරයක්‌ පමණක්‌ ඉදිරිපත් කිරීමට මා උත්සාහ කළ නමුදු ඔහු සම්බන්ධව සුවිසල් ග්‍රන්ථයක්‌ පළ කිරීමට තරම් කරුණු මේ වන විට මා සතුව ඇත. 1980 දීමා හට මුණගැසුණු පුංචි බණ්‌ඩා කරුණාරත්න සහ 1985දී මුණගැසුණු පී.බී. සරනේලිස්‌ යන නැසීගිය මහතුන් දෙපළ මෙම ලිපිය සම්පාදනය කිරීමේදී ප්‍රථමයෙන් හ`දුන්වා දීමට කැමැත්තක්‌ දක්‌වනුයේ ඔවුන් දැරණියගල මහතා පිළිබඳව බොහෝ පෞද්ගලික කරුණු කාරණා මා වෙත ලබාදුන් නිසාවෙනි. කරුණාරත්න මහතා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥයෙකු ලෙස සේවය කළ අතර ඔහු ආචාර්ය පී.ඊ.පී. දැරණියගල සහ ආචාර්ය සිරාන් දැරණියගල සම`ග සමීප ඇසුරක්‌ දක්‌වමින් ඔවුන් සම`ග පර්යේෂණවල නිරත වූ ස්‌වභාව විද්‍යාඥයෙකි. සරනේලිස්‌ මහතා පී.ඊ.පී. දැරණියගල මහතා සම`ග ඔහුගේ කැණීම්, ගවේෂණ හා සතුන් එකතු කිරීමේ චාරිකාවලට සහභාගී වෙමින් එතුමා සම`ග සමීප ඇසුරක්‌ පැවැත්වූ අයෙකු විය. මෙම දෙපළ විසින් පී.ඊ.පී. දැරණියගල පිළිබඳව බොහෝ කරුණු මා වෙත යොමු කළද මෙහි අඩංගුව ඇත්තේ එයින් අල්පයකි. 

වසර 1900 මැයි මස 8 වන දින පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතා උපත ලැබීය. එවකට මෙරට විසූ ධනවත්, උගත් හා බලවත් පවුලක සාමාජිකයකු ලෙස උපත ලැබූ දැරණියගලගේ පියා වූයේ සර් පෝල් එඩ්වඩ් පීරිස්‌ ය. මව වූයේ හිල්ඩා ඔබේසේකර මැතිණියයි. සර් පෝල් පීරිස්‌ භාෂාව හා ඉතිහාසය පිළිබඳ පුළුල් දැනුමකින් හෙබි බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර සමයේ කැපී පෙනෙන සිවිල් නිලධාරියකු මෙන්ම එවකට පැවති පාලනයේ නීතිය පිළිබඳ විශාරදයෙකුද වෙයි. ළාබාල දැරණියගල තම මුල්ම අධ්‍යාපනය රජයේ පුහුණු විද්‍යාලයෙන් ද (Government
Training Collage) ඉන් අනතුරුව මට්‌ටක්‌කුලියේ පිහිටි පසු කලෙක ගල්කිස්‌සේ ස්‌ථාපිත කරන ලද සාන්ත තෝමස්‌ කොලීජියෙන්ද හදාරන ලදි. මෙරට මූලික අධ්‍යාපනික වැඩ කටයුතු නිමවා කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම අතරතුර පැවති කාලයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව කායවිච්ඡෙ¨දන විද්‍යාව (Anatomy) හැදෑරීය. 1919 දී සත්ත්ව විද්‍යාව හැදෑරීමට කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයටත්, ඉන් අනතුරුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයටත් ඇතුළත් විය. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය නිමවීමෙන් අනතුරුව 1925 දී ශ්‍රී ලංකාවට පැමිණ කෞතුකාගාර සහ ධීවර දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. ඉන් අනතුරුව 1937 දී සමුද්‍ර ජීවවිද්‍යාඥයෙකු ලෙස කොළඹ කෞතුකාගාරයේ වැඩබලන අධ්‍යක්‌ෂ තනතුරක්‌ ලැබිණි. තිස්‌නව වියෑති පී.ඊ.පී. දැරණියගල වසර 1939 අප්‍රේල් මස විසිහත් වන දින කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ලෙස පත් විය. මෙතුමා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයා විය. 1963 ජූලි මාසයේ එම තනතුරින් විශ්‍රාම යන තෙක්‌ම කෞතුකාගාර අධ්‍යක්‍ෂ ධුරය දරමින් පර්යේෂණ හා ප්‍රකාශන ගණනාවක්‌ම ලොව හමුවේ තබමින් එම දෙපාර්තමේන්තුවට ජාත්‍යන්තර මට්‌ටමින් කීර්තියක්‌ ලබා දුන්නේය. වසර 1934 ජූනි මස 28 වන දින හෙතෙම දහනව වියෑති ප්‍රීණි මොලමුරේ මෙනෙවිය සම`ග විවාහ ගිවිස ගත්තේය. මෙම දෙපළ පුතුන් සිව්දෙනෙකුගේ දෙමාපියන්a වූහ. ඒ අර්ජුන්, රනිල්, සිරාන් සහ ඉසාන්ත් ය. මේ අතරින් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව ප්‍රගුණ කරමින් පියාගේ අඩිපාරේ ගමන් ගත්තේ සිරාන් පුතුය.

'ලොවින් එකෙක්‌ එක්‌ දෙයකට වෙයි සමත' යන කියමන අරුත් සුන් කරමින් දැරණියගල තම ජීවිත කාලය තුළ විෂය ක්‌ෂේත්‍ර ගණනාවකම කෙළ පැමිණීමට තරම් දක්‌ෂයෙකු විය. එතුමා තම ජීවිත කාලය තුළ පළ කරන ලද ශාස්‌ත්‍රීය ලිපි, ග්‍රන්ථ, පරිපාලන වාර්තා ආදිය හාරසියයක්‌ පමණ වේ. මත්ස්‍ය විද්‍යාව, උර`ග හා උභයජීවී විද්‍යාව, පක්‌ෂී විද්‍යාව, ක්‌ෂීරපායී විද්‍යාව, පාෂාණිභූත විද්‍යාව ආදී ස්‌වභාව විද්‍යා විෂයන්ද ඊට අමතරව ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව, පැරණි බිතු සිතුවම්, දැව කැටයම්, ඇත් දළ කැටයම්, පැරණි සටන් ක්‍රමෝපායන්, කුකුළන් කෙටවීම ඇතුළු අනෙකුත් සතුන් පොරයට යෙදවීම, පැරණි ආයුධ ඇතුළු පුරාවස්‌තූන් ආදි ක්‌ෂේත්‍ර ගණනාවක්‌ම සම්බන්ධව පර්යේෂණවල නියුතු වෙමින් ශාස්‌ත්‍රීය ලිපි ගණනාවක්‌ පළකොට ඇත. ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි 1929 සිට 1975 තෙක්‌ම අඛණ්‌ඩව පළ විය. මීට අමතරව තෙල් සායම්, දිය සායම් චිත්‍රවලට ද, දැව කැටයම්වලට ද දැරණියගල මහතා උපන් හපනෙකි. ඔහු විසින් රචිත ශාස්‌ත්‍රීය ලිපි හා ග්‍රන්ථ සඳහා අවශ්‍ය වූ බොහෝ චිත්‍ර අඳින ලද්දේ ඔහුමය. ඒ චිත්‍ර නිර්මාණයන් අතර ප්‍රකාශයට පත් නොකළ චිත්‍ර 500 කට වැඩි සංඛ්‍යාවක්‌ ආචාර්ය සිරාන් දැරණියගල මහතා සතුව ඇත. ඒ අතරින් බොහෝමයක්‌ මා විසින් පිටපත් කරගැනිණි. ඒවා අතර මසුන්, සර්පයින්, කටුස්‌සන්, හූනන්, පක්‌ෂීන් ආදි සතුන් ඇඳ ඇත්තේ පරිමාණ චිත්‍ර ලෙසය. මසුන්ගේ, සර්පයින්ගේ, කටුස්‌සන්ගේ ශරීරයේ වූ කොරළ සංඛ්‍යාව, පිහිටීම ආදිය මෙන්ම ඒ ඒ අවයවල පිහිටීම ද ඉතා නිවැරදි ව දක්‌වා ඇත. මේ නිසා ඒ සත්ත්ව රූප වැදගත් වනුයේ හුදෙක්‌ චිත්‍ර ලෙසින් පමණක්‌ම නොවේ. පී.ඊ.පී. දැරණියගල විසින් දිය සායම් මාධ්‍යයෙන් අඳින ලද පක්‌ෂී රූප රැසක්‌ වුවද ඒවා මේ වන තෙක්‌ පළ කොට නොමැත. ඒ අතර රාජාලීන්, උකුස්‌සන් හා කෑදැත්තන් වේ. එතුමා කෞතුකාගාර සේවයෙන් විශ්‍රාම ගැනීමට සමීප සමයේ ක්‌ෂීරපායින් පිළිබඳව ග්‍රන්ථයක්‌ සම්පාදනය කරමින් සිටි අතර ඒ සඳහා නිර්මාණය කරන ලද රූප රැසකි. නමුත් අභාග්‍යයකට මෙන් ඒ ග්‍රන්ථය එළිදැක්‌වීමට ඔහුට නොහැකි විය. මසුන්, සර්පයන්, කටුස්‌සන්, හූනන් හා ඉදිබුවන් ඇතුළත් වර්ණ රූප සහිත ග්‍රන්ථ තුනක්‌ පළ කෙරිණි. A coloured atlas of some vertebrates from Ceylon යනුවෙන් වෙළුම් තුනක්‌ ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා ශාස්‌ත්‍රීයව ලියා ඇති මේ ග්‍රන්ථ ත්‍රිත්වය 1950 දශකයේදී කෞතුකාගාර ප්‍රකාශන ලෙස එළිදැක්‌විණි. මීට අමතරව කැස්‌බෑවුන් හා උර`ගුන් පිළිබඳවද, අලින් පිළිබදවද, ප්ලයිස්‌ටොසීන අවධිය පිළිබඳවද ශාස්‌ත්‍රීය ග්‍රන්ථ කිහිපයක්‌ම එළි දක්‌වා ඇත. අලින් පිළිබඳව ග්‍රන්ථයක්‌ ඇතුළු ශාස්‌ත්‍රීය ලිපි ගණනාවක්‌ම එළි දක්‌වන ලද දැරණියගල මේ සත්ත්වයා කෙරෙහි විශේෂ උනන්දුවක්‌ දක්‌වා ඇති බව පෙනේ.

දැරණියගල විසින් අඳින ලද වනජීවින්ගේ රූප කිහිපයක්‌






දැරණියගල දුටු බළංගොඩ මානවයා










  පොතු කැස්‌බෑවා










කරමල් බෝදිලිමා








කෙනත් පේඡ් ඕක්‌ලී නම් පුරාවිද්‍යාඥයා 1980 දී සම්පාදනය කළ පුරාවිද්‍යාව පිළිබඳ ශාස්‌ත්‍රීය ලිපියක පී.ඊ.පී. දැරණියගල මහතා රුක්‌අත්තන දැවයෙන් නිම වූ ශ්‍රී ලංකාවේ ආදි මානවයා හෙවත් බලංගොඩ මානවයාගේ කැටයමක රේඛා චිත්‍රයක්‌ ඇතුළත් කොට තිබුණි. මේ සුවිශේෂී කැටයම ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති බව එහි වැඩිදුරටත් සඳහන් විය. 1996 දී සත්ත්වවිද්‍යා පර්යේෂණ කටයුතු සඳහා මා ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිය මොහොතේ එම දැව කැටයම පිළිබඳව මා නෙත ගැටිණි. එවකට ඒ කැටයම බාරව සිටි මහත්මියට කල්තියාම ලිපි යොමු කොට එය අධ්‍යයනය කිරීමට අවසර ඉල්ලා තිබුණි. එහිදී එතුමිය ඒ කැටයම තැන්පත් කොට ඇති බ්‍රිතාන්‍ය ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ පිහිටි විශේෂ කුටියට මා කැඳවාගෙන ගියාය. ලොව නන් දෙසින් පැමිණි සුවිශේෂී කලා කෘති මෙම දැවැන්ත ශාලාවේ තැන්පත් කොට තිබෙනු මට දැකගත හැකි විය. විස්‌මය උපදවමින් ඒ කුටියේ මේසයක්‌ මත තැන්පත් කොට තිබූ පී.ඊ.පී. දැරණියගල මහතාගේ නිර්මාණයක්‌ වූ බලංගොඩ මානව කැටයම දැකගත හැකිවිය. අඩියක්‌ පමණ උසැති මේ කැටයමින් නිරූපණය වනුයේ බලංගොඩ මානවයාගේ උඩුකයයි. මිල කළ නොහැකි ලොව වටිනා චිත්‍ර හා දුර්ලභ ගණයේ කලා කෘතිවලින් පිරි තිබුණු මේ කුටිය විදුලි බුබුළුවලින් ආලෝකවත් කර නොතිබුණේ චිත්‍රවල වර්ණයන් තවදුරටත් සුරක්‌ෂිතව තබා ගැනීමට අවශ්‍ය වන නිසාය. මේ කැටයම අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඡායාරූප ලබා ගැනීමට අවශ්‍ය යෑයි එම එතුමියට දැන්වූ අතර කැමරාවේ ක්‌ෂණික විදුලි බුබුළ දැල්වීමට ඇයගෙන් අවසර නොලැබිණ. කෙසේ වුවද විශේෂ අවසරයක්‌ මත කැමරා ආලෝකය සහිතව එක්‌ ඡායාරූපයක්‌ පමණක්‌ ගැනීමට අවසර ලැබිණි. මේ කැටයම සත්‍ය ලෙසම උසස්‌ හා අග්‍රගන්‍ය නිර්මාණයක්‌ බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. මෙයට අමතරව එතුමා විසින් නෙළන ලද තවත් කැටයම් කිහිපයක්‌ ශ්‍රී ලංකාවේ ඇත. ඒවා නම් ප්ලයිස්‌ටොසීනයේ ජීවත්ව සිට වඳවී ගිය හස්‌තියෙකුගේ රුවක්‌, අප්‍රිකාවේ ජීවත්ව හිඳ වඳව ගිය හිපොපොටේමසෙකුගේ හිසක්‌, පොර කුකුළෙකු ආදිය වේ. ඒ කැටයම් ආචාර්ය සිරාන් දැරණියගල සතුව කුරුවිට එක්‌නැළිගොඩ වලව්වේ ඇත. පී.ඊ.පී. දැරණියගල මහතාගේ චිත්‍ර හා කැටයම් රැසක හිමිකරුව ඇත්තේ ආචාර්ය සිරාන් දැරණියගලය. ඔහු ඒ කෘති වසර ගණනාවක්‌ ඉතා සුරක්‌ෂිතව තබා ගැනීම පිළිබඳව අප ස්‌තූතිවන්ත විය යුතුය. 

ශ්‍රී ලංකාවේ පාෂාණිභූත අධ්‍යයනය ප්‍රථමයෙන්ම ආරම්භ කරන ලද්දේ පී.ඊ.පී. දැරණියගල මහතා විසිනි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ වූ තබ්බෝව, ආ`ඩිගම හා පල්ලම පිහිටි වසර මිලියන 100 ක්‌ පමණ පැරණි, ජුරාසික්‌ යුගයට අයත් පර්ණාංග ආදී ශාක ෆොසිලත්, යාපන අර්ධද්වීපයේ හා ගිනිකොනදිග ශ්‍රී ලංකාවේ වූ මිනිහා ගල් කන්දේ පිහිටි, වසර මිලියන 2505ත් අතර පිහිටි මයෝසීන යුගයට අයත් සත්ත්ව ෆොසිලත්, රත්නපුර කේන්ද්‍ර කොට ගත් ඒ ආශ්‍රිත කලාපයේ දියලු තැන්පතු අතරේ මැණික්‌ බොරැල්ලේ හමුවන වසර මිලියන 2 - වසර 10,000 කාලයට අයත් ප්ලයිස්‌ටොසීන අවධියේ ජීවත් වූ විශාල ක්‌ෂීරපායී සතුන්ගේ ෆොසිලත් එතුමාගේ පර්යේෂණ සඳහා බ`දුන් විය. මයෝසීන යුගයට අයත් සමුද්‍ර ෆොසිල අතර එකයිනොඩොමෙටාවන්, මොලුස්‌කාවන්, කකුළුවන් ආදී අපෘෂ්ඨවංශී සතුන්ද, කාටිලේජීය මසුන්, අස්‌ජික මසුන්, කැස්‌බෑවුන්, ඉබ්බන්, තල්මසුන්, ඩොල්ෆින් හා මුහුදු ඌරන් ආදි සතුන් ද සම්බන්ධව පිළිබඳව දැරණියගල පර්යේෂණ සිදුකොට ඇත. මේ පුරාණ සතුන් අතරින් නව විශේෂ කිහිපයක්‌ද නම් කිරීමට හෙතෙම සමත් විය. ඔහු ශාස්‌ත්‍රීය ලිපි බොහෝ ගණනක්‌ ලියා පළ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්ලයිස්‌ටොසීන අවධියට අයත් විශාල ක්‌ෂීරපායී සතුන් පිළිබඳවය. ඉන්දියාවේ නර්මදා හා ෂිවාලික්‌ ෆොසිල තැන්පතුවලට සමීප ඥාතීත්වයක්‌ දක්‌වන ශ්‍රී ලංකාවේ ප්ලයිස්‌ටොසීන ෆොසිල නියෝජනය කරන සත්ත්ව කාණ්‌ඩයට 'රත්නපුර සත්ත්ව සන්තතිය' යනුවෙන් එතුමා විසින් නම් කෙරිණි. ශ්‍රී ලංකාවේ රත්නපුර සන්තතිය ප්‍රධාන වශයෙන් නියෝජනය කරනුයේ හස්‌තීන්, ක`ගවේනුන්, ගවරා, සිංහයා, හිපොපොටේමස්‌ ආදී විශාල ක්‌ෂීරපායින් මෙන්ම කිරි ඉබ්බන් සහ ගල් ඉබ්බන් ආදි උර`ගුන්ද වේ. මේ ෆොසිල පිළිබඳව 1940 දශකයේ සිටම එතුමා උනන්දුවෙන් තම පර්යේෂණ සිදුකළ බව ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි අනුව සනාථ වේ. මැණික්‌ ගරන්නන් විසින් ඔහුට ලැබෙන්නට සැලැස්‌වූ මේ ෆොසිල ම`ගින් නෂ්ටප්‍රාප්ත වූ ජීවවිවිධත්වය පිළිබඳව ඉතා සිත්ගන්නාසුලු විද්‍යාත්මක කරුණු ගොඩනැංවීමට එතුමා උත්සුක විය. අවිස්‌සාවේල්ල හා රත්නපුරය අතර වූ සමතල ප්‍රදේශය ප්ලයිස්‌ටොසීනයේ විශාල වගුරක්‌ව පැවති බවත්, එහි හිපොපොටේමස්‌ ජීවත් වූ බවත් එම කලාපයෙන් සුලබව හමුවන හිපොපොටේමස්‌ ෆොසිල අනුව එතුමා දක්‌වා ඇත. දත්වල ප්‍රමාණයන් හා එහි රූපවිද්‍යාත්මක ලක්‌ෂණ අනුව ක`ගවේනුන් හෙවත් රයිනෝසිරස්‌ විශේෂ දෙකක්‌ අප රට ජීවත් වූ බව දැරණියගලගේ ෆොසිල අධ්‍යයන ම`ගින් සනාථ වී ඇත. ගවරා පිළිබඳව දීර්ඝ වශයෙන් පර්යේෂණ පැවැත් වූ හෙතෙම පවසනුයේ අදින් වසර 200 ක්‌ පමණ වන තෙක්‌ම උන් අප වනාන්තරවල විසූ බවයි. ගවර හිස්‌කබල් කොටස්‌, හකු, දත් ඇතුළු ශරීරයේ අනෙකුක්‌ කොටස්‌ මැණික්‌ පතල්වලින් හමුවූ අතර ඒ ගවර විශේෂය අප රටට ආවේණික බව එතුමාගේ මතය විය.

එතුමාගේ ප්ලයිස්‌ටොසීන සොයාගැනීම් අතර සිංහයෙකුට අයත් ෆොසිල වූ හක්‌කේ පිහිටි දතක්‌ හමුවීම මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. එවකට දකුණු ආසියානු කලාපයේ සිංහයින් පුළුල්ව වාසය කළ බව දැරණියගලගේ සොයාගැනීම් අනුව සනාථ වේ. වර්තමානයේ ආසියානු සිංහයන් ගුජරාටයේ ගිරි නැමැති වනයට පමණක්‌ සීමා වී ඇත.

දැරණියගල විසින් ප්ලයිස්‌ටොසීනයේ ජීවත් වූ, විද්‍යාත්මකව හෝමෝ සිංහලේයුස්‌ සහ හෝමෝ පිතෙකස්‌ සිංහලේයුස්‌ නමින් වූ මානව විශේෂ දෙකක්‌ පිළිබඳව විස්‌තර කොට ඇත. මීට අදාළ නළල් තල ප්‍රදේශයට අයත් හිස්‌ කබල් කොටසක්‌ සහ උඩු හණුවේ කෘන්තක දතක්‌ එතුමාට හමු වී ඇත. නූතන භෞතික මානව විද්‍යාව තුළ දැරණියගල විසින් කරුණු හෙළිකෙරුණු මේ මානව විශේෂ දෙක වලංගු නොවූවද හෝමොපිතෙකස්‌ සිංහලේයුස්‌ට අයත් කෘන්තක දත නැවත පරීක්‌ෂා කිරීම සුදුසු යෑයි සිතමි. මෙම දත ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර පරිණාමීයව ප්‍රාථමික මානවයෙකුට අයත් යෑයි රූපවිද්‍යාත්මක ලක්‌ෂණ අනුව පැහැදිලි වේ. 

ප්ලයිස්‌ටොසීනයේ ජීවත් වූ එම සත්ත්ව සන්තතිය අනුව, වර්තමාන දේශගුණයට වඩා වෙනස්‌ දේශගුණික තත්ත්වයන් එවකට පැවති බව එතුමාගේ අධ්‍යයන ම`ගින් සනාථ වේ. ග්ලැසියර හා අන්තර් ග්ලැසියර අතර උස්‌ පහත් වූ මුහුදු මට්‌ටමත්, ඒ ඇසුරෙන් වෙරළබඩ තීරයේ රට තුළට වන්නට තැන්පත්ව ඇති බෙලි කටු නිධි පිළිබඳවත් තම ශාස්‌ත්‍රීය ලිපිවල විස්‌තර කොට ඇත.ප්ලයිස්‌ටොසීනයේ මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා රට තුළ තැන්පත් වූ බෙලි කටු නිධි පිළිබඳව එතුමා තම පර්යේෂණ දියත් කළ අතර අකුරළ පිහිටි සමුද්‍ර තැන්පතුව පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදි. ප්ලයිස්‌ටොසීනයට අදාළව එතුමා විසින් අධ්‍යයනය කරන ලද ෆොසිල කොළඹ කෞතුකාගාරයේ ස්‌වාභාවික විද්‍යා අංශයේ මැදිරිවලත්, රත්නපුර කෞතුකාගාරයේත් ප්‍රදර්ශනයට තබා ඇත. එතුමා ජීවත්ව සිටි සමයේදී තම පර්යේෂණවලට භාජනය කළ සිංහ දත ඇතුළු තවත් සුවිශේෂී ෆොසිල එකතුවක්‌ ලන්ඩනයේ පිහිටි ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කොට ඇති අතර එම එකතුව 1996 දී මා විසින් පර්යේෂණයට භාජනය කෙරිණි.

පී.ඊ.පී. දැරණියගල මහතාගේ සත්ත්වවිද්‍යාත්මක පර්යේෂණ ජීවිතය අතිශයින් වැදගත් වේ. සමුද්‍රජීවී විද්‍යාඥයෙක්‌ ලෙස කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරියට බැ`දුණු එතුමාගේ විශේෂ අවධානයක්‌ සමුද්‍ර හා මිරිදිය මසුන් කෙරෙහි යොමු විය. ගැඹුරු මුහුදේ වසන පොතු මාළුවා, තෙත් කලාපයේ වැසි වනාන්තර ආශ්‍රිතව දිය කඩිතිවල වසන මල් පුළුට්‌ටා, හල්මල් දණ්‌ඩියා, ජොන්ක්‌ලාස්‌ ඇහිරාවා ආදී නව විශේෂ නම් කිරීමත්, තවත් මත්ස්‍ය විශේෂවල උප විශේෂ තත්ත්වයන් පිළිබඳවද ඔහුගේ අවධානය යොමු විය. 

පෘෂ්ටවංශී සත්ත්ව කාණ්‌ඩ අතර එතුමා අඩුවෙන්ම පර්යේෂණවල නිරත වූයේ උභයජීවීන් පිළිබඳවය. හෙතෙම තෙත් සහ බුරුල් පසේ ජීවත්වන පාද රහිත උභයජීවී කාණ්‌ඩයක්‌ වන හිරිදණ්‌ඩන් පිළිබඳවත්, පාද කීපයක්‌ සහිත විකෘති තත්වයෙන් වූ උභයජීවීන් පිළිබඳවත් ශාස්‌ත්‍රීය ලිපි කිහිපයක්‌ පමණක්‌ ප්‍රකාශයට පත්කොට ඇත. දැරණියගල උර`ගයින් පිළිබඳව පර්යේෂණ සඳහා විශේෂ කැපවීමක්‌ කළ බව පැහැදිලිය. මේ අතරින් ලංකාවේ ජීවත් වන සර්පයින්ගේ උප විශේෂ තත්ත්වයන් සහ එම විශේෂ දකුණු ඉන්දියානු සතුන් සම`ග දක්‌වන සබඳතා පිළිබඳවත් පුළුල් ලෙස විමර්ශනය කොට ඇත. 

මේ අතරින් වැලි පොළ`ගා, දාර පිඹුරා, මුදු කරවලා සහ වැලි පිඹුරා ආදී තවත් සර්ප විශේෂ කිහිපයක්‌ එතුමාගේ විශේෂ අවධානයට යොමු විය. මීට අමතරව පොළොව තුළ ජීවත් වන පාංශු සර්ප විශේෂ කිහිපයක්‌ම එතුමා විසින් නව විශේෂ ලෙස නම් කරන ලදී. කටුසු විශේෂ අතර කරමල් බෝදිලියා, කුරු බෝදිලියා සහ අං කටුස්‌සන් ලංකාවේ උර`ග පරපුරේ මෙරට මුල්ම පදිංචිකරුවන් බවට එතුමා විසින් දක්‌වන ලද මත වර්තමාන පර්යේෂණ ප්‍රතිඵල ම`ගින්ද සනාථ වීම තුළින් දැරණියගලගේ සත්ත්ව විද්‍යා දැනුම මොනවට පැහැදිලි වේ. දැරණියගලගේ විශේෂ අවධානයට ලක්‌ වූ උර`ග කාණ්‌ඩ දෙකකි, කිඹුලන් සහ මිරිදිය ඉදිබුවන්. කිඹුලන්ගේ කැදලි තැනීම, බිත්තරවල විකසනය සහ හැසිරීම් රටා පිළිබඳවත් සමුද්‍ර කැස්‌බෑවුන්ගේ ඉහළ සහ පහළ ඵලකවල රූපවිද්‍යාත්මක ලක්‌ෂණ පිළිබඳවත් මැනවින් විස්‌තර කොට ඇත. වියළි කලාපයේ ගස්‌ කඳන් අතර ජීවත් වන දිවාසැරි හූනෙකු වන පොඩි හූනා ඇතුළු සිකනළුන්, කබරගොයින් හා තලගොයින් පිළිබඳවද තම අධ්‍යයනය පුළුල්ව සිදු කරන ලදී. 

පී.ඊ.පී. දැරණියගල ඉතිහාසය, භූ විද්‍යාව, පුරාවිද්‍යාව, පාෂාණිභූත විද්‍යාව, ඛණිජ පිළිබඳ විද්‍යාව, ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව ඇතුළු ක්‌ෂේත්‍ර ගණනාවකම ශාස්‌ත්‍රීය ලිපි පළ කොට ඇති, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උගතෙකි. ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි බොහොමයක්‌ පළ වූයේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්aතුවේ 'ස්‌පෝලියා සිලැනිකා' ශාස්‌ත්‍රීය සංග්‍රහයේය. ඊට අමතරව රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රකාශයේද පළවිය. ලොව අග්‍රගන්‍ය ශාස්‌ත්‍රීය ප්‍රකාශයක්‌ වන භ්එමරු ස`ගරාවට තම ජීවිත කාලය තුළ ලිපි හතරක්‌ සපයමින් එතුමා තමා සතු බුද්ධියේ මහිම ලොවට කියා පා ඇත. වසර 1947 දී එතුමා අප්‍රිකාවේ පැවැත්වූ ගවේශනය සමස්‌ත ශ්‍රී ලංකාවටම ගෞරවයක්‌ ගෙන දුනි. ස්‌පෝලියා සෙලනිකා 25 වන වෙළුමට ඒ පිළිබඳව දීර්ඝ ලිපියක්‌ සපයමින් එහිදී අනාවරණය කරගත් නව සොයාගැනීම් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ඒ ගවේශනයේදී නව හිපොපොටේමස්‌ විශේෂ, මානව විශේෂ, හස්‌තීන්, ඉදිබුවන්, කිඹුලන් ඇතුළු මානව විද්‍යාත්මක තොරතුරු බොහොමයක්‌ අනාවරණය කර ගනිමින් ලොව රටවල් කිහිපයකින් ඒ කණ්‌ඩායම නියෝජනය කළ විද්වතුන් අතර එතුමා ප්‍රමුඛත්වයක්‌ හිමිකර ගත්තේය.1945 දී එතුමාගේ දිවියේ විශේෂිත සොයාගැනීම් අතර අපගේ ආදීම මුතුන්මිත්තා හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා නොඑසේ නම් 'බලංගොඩ මානවයා' පිළිබඳව අනාවරණය කිරීම අප රට ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ විය. එතුමා එම මානවයා නව උප විශේෂයක්‌ ලෙස නම් කළේය. එනම් 'හෝමෝ සේපියන් බලංගොඩෙන්සිස්‌' ලෙසය. මෙහි ප්‍රථම නිදර්ශකය එතුමා විසින් අනාවරණය කරන ලද්දේ රාවණා ඇල්ල ගුහාව තුළින්ය. 

ඉන් අනතුරුව 1958 දී ස්‌පෝලියා සෙලනිකා හි 28 වන වෙළුමට දිගු ශාස්‌ත්‍රීය ලිපියක්‌ ලියමින්බලංගොඩට ආසන්න වළවේ ගං ඉවුරේ බෙල්ලන්බැ`දි පැලැස්‌සෙන් බලංගොඩ මානවයාට අයත් තවත් මානව අවශේෂ සොයා ගන්නා ලදී. බලංගොඩ මානව අවශේෂ සමග එම මානවයා පරිහරණය කළ ශිලා මෙවලම්, සත්ත්ව අස්‌ජි මෙවලම්, දඩයමින් ඉතිරි අවශේෂ වූ සත්ත්ව අස්‌ජි සහ දත් ආදියඅනාවරණය කර ගැනීමට එතුමා සමත් විය. මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව ස්‌විට්‌සර්ලන්ත ජාතික සරසින් සහ සරසින් යන දෙමස්‌සිනන්ට අමතරව සවිස්‌තරාත්මක විස්‌තරයක්‌ සැපයීමේ ගෞරවය පී.ඊ.පී. දැරණියගලට හිමි වේ. 

සිය හසල දැනුම සහ ශාස්‌ත්‍රීය ප්‍රකාශයන් නිසා ලොව බොහෝ ආයතනවලට එතුමා සම්බන්ධ කරගැනිණි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ධුරය හොබවමින් රාජකීය ආසියාතික සංගමයේ සභාපති ධුරයේද, ඊට අමතරව ඇමෙරිකානු පෘෂ්ඨවංශී පාෂාණීභූත සංගමයේද, ඉන්දියානු සිස්‌ටමැටික්‌ සූලොජී සංගමයේද, ඉන්දියානු පැසිපික්‌ ධීවර කවුන්සිලයේද, ඉන්දියානු සත්ත්ව විද්‍යා ඇකඩමියේද, මිනිසා පිළිබඳ අධ්‍යයනයේ ඇමෙරිකානු පදනමේද, ලෝක ආහාර හා සෞඛ්‍ය සංගමයේද, ජාත්‍යන්තර ප්‍රාග් ඉතිහාසය පිsළිබඳ කොන්ග්‍රසයේද, ප්‍රාග් ඓතිහාසික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංගමයේද, යුනෙස්‌කෝ සංවිධානයේද ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක නිල තල ඉසිලීය. එතුමා වෙතින් විද්‍යා ක්‌ෂේත්‍රයට ඉටු වූ සේවයට ගෞරවයක්‌ වශයෙන් 1960 දී විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය ම`ගින් ගෞරව ආචාර්ය උපාධියක්‌ පීරිනැමිණි. 

එතුමාගේ පුතුන් සතර දෙනා අතරින් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල පියාගේ අඩිපාරේ යමින් මෙරට ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට අති විශාල සේවයක්‌ ඉටු කළේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල වගකීම් ඉසිලු හෙතෙම 90 දශකයේදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් තනතුරද ඉන් අනතුරුව එහි උපදේශක තනතුරද හෙබවීය. පසුගිය වසර 50 තුළ සමස්‌ත ශ්‍රී ලංකාව තුළම සිදුකළ ගවේශන හා කැණීම් අතර 'ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය' යන මැයෙන් ආචාර්ය නිබන්ධනය නිම කළ ආචාර්ය සිරාන් දැරණියගල 1992 දී එය ග්‍රන්ථයක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එම ග්‍රන්ථය ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව සමස්‌ත දකුණු ආසියාවේම ප්‍රාග් ඉතිහාසය පිළිබඳව වූ මව් පොත ලෙස සැළකිය හැකිය. තම පියා කැණීම් කළ හා ගවේශනය කළ ස්‌ථානයන් නැවතත් පර්යේෂණයට භාජනය කරමින් නූතන කාලනීර්ණ ක්‍රමවේදයන්ට අනුව කාලනීර්ණය කරමින් නව මත සහ අදහස්‌ ඉදිරිපත් කළේය. ආචාර්ය සිරාන් දැරණියගලගේ සොයාගැනීම් අතරට බුන්දල වැලිකදු අතරින් හමු වූ වසර 1,25,000 ක්‌ පැරණි ශිලා මෙවලම් සහ වසර 37,000 ක්‌ පැරණි ස්‌ථරායනයක්‌ ඇති කුරුවිට බටදොඹලෙන විශේෂයෙන් සඳහන් කළ හැකිය. ආචාර්ය සිරාන් දැරණියගල කුඩා කළ සිටම ඔහුගේ පියා වූ පී.ඊ.පී. දැරණියගල සම`ග ගවේශන සහ කැණීම්වලට සහභාගී විය. ඒ තුළින් හෙතෙම පියාගේ ආදර්ශය සහ ම`ග පෙන්වීම නොඅඩුව ලද බවට සැකයක්‌ නැත.

පී.ඊ.පී. දැරණියගල මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනවල නව මාවතක්‌ විවෘත කළ අතර ආචාර්ය සිරාන් දැරණයගල එහි බොහෝ දුර ගමන් ගත්තේය. සිරාන් දැරණියගල මහතා තම සේවය හා අත්දැකීම් නොඅඩුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දෙමින් ප්‍රාග් ඓතිහාසික හා ප්‍රොටෝ ඓතිහාසික යන යුගයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළේය. ඔහු ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‌ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය ඩබ්. විඡේපාල සහ වර්තමාන නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ආචාර්ය නිමල් පෙරේරා සමගින් අනුරාධපුර ඇතුල් නුවර හා වසර 40,000ක්‌ පැරණි බුලත්සිංහල පාහියන් ලෙන, දොරවක ලෙන, කෑගල්ල අළු ලෙන, පල්ලෙමලල, මිණීඇතිලියආදී ඉතා සංකීර්ණ වූ කැණීම් ගණනාවක්‌ම මෙහෙයවන ලදී. මීට අමතරව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අදිකාරි සීගිරිය අසල පොතාන, අලිගල සහ අලවල පොත් ගුල් ලෙන යන ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට දායක විය. සමකයට ආසන්න රටක්‌ ලෙස ජීවවිවිධත්වයෙන් ඉතා ඉහළ රටක්‌ වූ ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ගුහා කැණීම්ද ඉතා සංකීර්ණ වේ. ඉතා තුනී සංස්‌කෘතික ස්‌තර සහිත සංකීර්ණ ගුහා කැණීම්, කැණීම සහ නිවැරදිව දත්ත පෙළ ගැසීම පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තුළ අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියකි. පී.ඊ.පී. දැරණියගල විසින් නව මාවතකට යොමු කරන ලද ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ තව දුරටත් විද්‍යාත්මක ක්‍රමවේද මත සංයමයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳව අප ඔවුනට ස්‌තූතිවන්ත විය යුතුය. 

පී.ඊ.පී. දැරණියගල සහ සිරාන් දැරණියගල ඇතුළු ඉහත ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයෝ ප්‍රාග් ඓතිහාසික ගුහා සහ එළිමහන් වාසස්‌ථාන සබැ`දිව නිවැරදිව සංස්‌කෘතික ස්‌ථර හ`දුනාගනිමින් කාලනීර්ණයන් සහ ඒ තුළින් ලද මානව අවශේෂ, සත්ත්ව අවශේෂ, ශිලා මෙවලම්, අස්‌ජි මෙවලම්, ප්‍රාග් මානව පළඳනා ආදි ද්‍රව්‍යයන් අර්ථකථනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය නැවත ගොඩනැගීමට සුවිසල්ව දායක වූහ. ඔවුන් විද්‍යාත්මක පසුබිමක හිඳ එම විෂයට ගරු කරමින් සංයමයකින් එම කර්තව්‍ය තවදුරටත් ඉටු කරමින් සිටිති. පුරාවිද්‍යාඥයා තමා හදාරනු ලබන විෂය තුළ කැණීමෙන් මතුකර ගන්නා වස්‌තූන් සඳහා කාලනීර්ණයන් අතැතිව සාධාරණ අර්ථකථනයන් දිය යුතුය. එසේ නොවුවහොත් හෙතෙම දවල් සිහින දකිමින්, නොමැති දත්ත මවමින්, විකෘති ඉතිහාසයක්‌ ජනතාව ඉදිරියේ තබනු ඇත. දැරණියගල පිය පුතු දෙපළද, ඉහත කී සෙසු ප්‍රාග් ඓතිහාසික විද්වතුන්ද ඉදිරිපත් කරනු ලබන සාධක ජාත්‍යන්තරය පිළිගන්නා විනිවිදභාවයකින් යුක්‌ත ඒවා වේ. පී.ඊ.පී. දැරණියගල තරුණ පුරාවිද්‍යාඥයන්ට දෙන ආදර්ශය වනුයේ හික්‌මීමෙන් සහ සාධාරණ ලෙස විෂයානුබද්ධ විය යුතු බව නොවේද.