V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Saturday, May 7, 2016

අමුතු කවි පොතක්

“අප දෙදෙන මැද මහ මුහුද” කාව්‍ය සංග්‍රහය පිළිබඳ සාහිත්‍ය කතිකාවතක් මෙ මස 12 දා ප.ව. 3.00 ට බොරැල්ල කොටා පාරේ ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ආචාර්ය ආරියවංශ රණවීර, ආචාර්ය සුනිල් සෙනෙවි, නන්දන වීරසිංහ සහ සිසිර කුමාර මහගම යන සාහිත්‍යවේදීහු එහි දී අදහස් දක්වති.
“ඉඳිකඩ ළඟ ඉඳන්
මඟ බලාන
පැලක් නැති හේනක
අකල් වැසි වැටෙද්දී
තුරුලු කර පුතු රකින
තම්බා බතල දලු
ලුණු දියර ඉස කවන
දුම්මල ගලට යන
වඳුරඹින් කොපි පොත් ගේන”
ඒ මගේ අම්මා නොවේ
‘මගේ අම්මා’ මැයෙන් මෙසේ ඇරැඹෙන කාව්‍ය නිර්මාණය ඇතුළත් වන්නේ ඉසුරු චාමර සෝමවීර කවියාගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය වන “අප දෙදෙන මැද මහ මුහුද” කෘතියෙහි ය. විශ්වයේ අසිරිමත් මාතෘ ධාතුව හෙවත් “අම්මා”ගේ ජීවන චර්යා ප්‍රස්තුත කරගනිමින් නිර්මාණය වී ඇති ප්‍රශස්ත කව් ගී කිහිපයක් සලකුණු උක්ත කාව්‍යාර්ථයෙන් පිළිබිඹු වේ. රන්බණ්ඩා සෙනෙවිරත්න ලියූ ‘දවසක් පැළ නැති හේනේ’ මහගම සේකර ලියූ ‘අම්මා’, නන්දන වීරසිංහ ලියූ ‘දුම්මල ගලට ගිය අම්මා’ මෙකී නිර්මාණයෝ වෙත්. එහෙත් ඉසුරු චාමරගේ කවියට විෂය වී ඇත්තේ වෙනස් අම්මා කෙනෙකි.
මතකයි
කුඩා මා අතින් ගෙන
ඇවිද ගිය හැටි ඔබ
තොට ළඟ වීදි වල
මඩ කඩිති තුළ ඇඳි
දේදුනු පෙන්වමින්
සිරි සිරි පොදේ තෙමෙමින්
තාත්තා හොයන්නට
බූස්සට ගිය දවස්වල
බස් එකේ මඟ දිගට
කියා දුන්නෙ ඔබ....
මේ මව කටුක අත්දැකීම් සමුදායකට මුහුණ දී ඇති බව පෙනේ. පොද වැස්සේ තෙමෙමින් වීදිවල මඩ කඩිතිවල දේදුනු පෙන්වන්නට ඇයට සිදු වූයේ ඒ නිසා ය. එ මෙන් ම ඇගේ සැමියා රාජ්‍ය මර්දනයේ ගොදුරක් වී ඇති බව හැ‍ඟේ.
ඇය දරුවා ගඟට විසි කිරීම තරමක් සැහැසි ක්‍රියාවක් සේ හැඟුණ ද, ඇගේ අරමුණ ගොඩට පීනා ඒමේ පුහුණුව දරුවාට ලබා දීම ය. පාලමෙන් පහළට දරුවා වීසිකර ඉවත් ව යන දුගී මවගේත් ඇගේත් වෙනස ඇත්තේ එතැන ය. වෘකයා පැරදවූ රතු හැට්ටකාරිගේ කතාව ඔස්සේ ඇය දරුවාට දැනෙන්නට ඉඩ හරින්නේ ඇගේ ම ජීවන විත්තියේ සාරය විය හැකි ය.
ගුටි කා තොල පැළී ඉදිමී
මා ගෙදර ආ පෙර දිනෙක
නොගෙන ඔබෙ ඔය තුරුලට
තනියෙන් ම අඬන්නට ඉඩ හැර
ජෝතිගේ සින්දු ඇහුවා ඔබ පාඩුවේ
කිසිවක් නොදුටු විලසට
මව නොමැති මොහොතක වුව ද ජීවිතයේ අභියෝගවලට තනි ව මුහුණ දීමේ ශක්තිය දරුවාට ලබා දීමේ අරමුණ මෙහි තිබේ.
සායට රිබන් අල්ලන
තරුණි පත්තර බලා
මල් මෝස්තර හොයන
සුදු කෙස් කළු කරන
අම්මා ඔබයි මගෙ
කිසි දාක සාරි නො අඳින
වේදනා සහ දුක්කම්කටුලුවලින් පරාජිත වනු වෙනුවට ජීවිත අලුතෙන් පටන් ගැනීමේ ධෛර්යය මේ මව සතු බව ඉහත උද්ධෘතයෙන් පෙනේ.
අමතක ව ගිය ඇන්ජිගේ ගීයක
තනුව තාමත් මුමුනන
උපැසින් බලා හෙමිහිට
රිබන් එම්බ්‍රොයිඩර් කරන
පොළට ගොස් කේවල් කරන....
කවිය ආරම්භ වනුයේ මීට පෙර කවීන් අම්මාගේ සෙනෙහසෙහි ගැඹුර පිළිබඳ ගොඩනැඟු කාව්‍යෝක්ති කිහිපයකිනි. මේ අම්මා ඊට සපුරා ම වෙනස් වන්නේ බාහිර හැඩරුවෙනි; ජීවන සිරිතෙනි. එහෙත් මේ මව තම පුතු ලියන කවි රස නොවින්දත් දුරින් හිඳ මඳහස නඟයි. දුර බව බැලූ බැල්මට පෙනුණ ද මේ මව ද අනෙක් මවුවරුන් මෙන් ම තම දරුවා කෙරෙහි උපන් ගැඹුරු සෙනෙහසක් ඇත්තියකි. එහෙත් ඇය උපන් හා ජීවත් වූ සමාජ සංස්කෘතික පරිසරය ඇය මුහුණ දුන් අභියෝග සහ ඇගේ චර්යා ලක්ෂණ අනුව ඇය අපට වෙනස් අයුරකින් පෙනේ. එහෙත් කවියාට ඇය ‘මගේ අම්මා’ ය. අම්මා පිළිබඳ සම්මත වාක් චිත්‍රය සමත්ක්‍රමණය කරන වාක් චිත්‍රයක් මෙහි අන්තර්ගතය. විශිෂ්ට කවියකුගේ ලක්ෂණය වනුයේ ද එයයි. මෙ නයින් ඉසුරු චාමර සෝමවීර අමුතු විදියේ කවි ලියන අමුතු කවියෙකි. ඔහුගේ මේ අමුත්ත ‘සුද’ සහ ‘තාණ්ඩව’ යන කාව්‍ය සංග්‍රහ දෙක ම ඔස්සේ විශද කෙරිණි. ඒ කෘති දෙක ම විවිධ ඇගයීම්වලට ලක් විය.
‘අප දෙදෙන මැද මහ මුහුද’ කාව්‍ය සංග්‍රහය පැදි 41කින් සංගෘහිත ය. මේ වායින් ඇතැම් කවිවල කවි සංකල්පනා අතිශයින් සියුම් ය; එමෙන් ම සංකීර්ණ ය. එහෙත් බස මටසිලිටි ය. මානව බන්ධුතාවන්හි සියුම් තැන් ස්පර්ශ කිරීම අතින් ප්‍රබලය. එහෙත් ඒවා පුද්ගලත්වයට සීමා වූ අත්දැකීම් යැයි කීම කවියාට කරන අසාධාරණයකි. එය මානව බන්ධුතා බිඳී විසිරී යන සමාජයක් පිළිබඳ දර්පණයකි. පුද්ගල යථාර්ථය තුළ සමාජ යථාර්ථය දැකීමේ සූක්ෂ්මාත්වතාවක් කවියා සතු ය.
ප්‍රේමය, විරුද්ධ ලිංගිකයන් අතර ඇති වන බැඳීමකට සීමා කිරීමේ සම්මත ආකල්පය ඉසුරු චාමරට නොදිරවයි. ස්ත්‍රී ලිංගික, පුරුෂ ලිංගික සහ සංක්‍රාන්තික ලිංගික යනාදී වශයෙන් ලිංගිකත්වය විවිධ වෙයි. මේ විවිධත්වය පිළිබඳ දැනුමක් හා සංවේදී භාවයක් නොමැති අයකු හට භාෂාමය හා සංස්කෘතිකමය වශයෙන් මානව වර්ගයාගේ විවිධත්වය අවබෝධ කර ගත නොහැකිය. ජාතිය, ආගම සහ ලිංගිකත්වය අනුව අනෙකා මත ප්‍රචණ්ඩත්වය මුදා හරින්නේ ද කොන් කිරීමට ලක් කරන්නේ ද එහෙයිනි. මේ අනුව ඉසුරු චාමරගේ කවියෙහි නිදන්ගත මානව ප්‍රේමය කොටු පවුරකින් වට කොට නොමැත. කවි කිහිපයක කොටස් උද්ධෘත කොට දක්වමි:
‘මගෙං උත්තර නැතත්
ලියනවා උඹ තාමත්
බලන්නෙ ම නෑ කියා හිතුවත්
බැලෙනවා උඹෙ ලියුං හේරත්
(පොඩි හේරත් වෙත - 22 පිටුව)
“අපි හිතන හැටි හරි වෙනස්
කනට කර කොඳුරයි යළි
ඉහිරෙයි ඔබෙ හිනා
හැම තැන
අලුත් ඉර කිරණක් සේ
(දෙන්නෙක් දෙවිදියක්)
රබර් හේඩෑවක
අඳුරේ තනිව යොවුනෙකි
නොගයා ගයන ගීයට
රෑහි වැලපුම තනුවකි
(හිතක්, සිරුරක්, රහසක්)
මේ කෘතියෙහි ඇතුළත් ‘තාත්තට පඩි දාට’, ‘අත්තම්මා’ යන කවි තම පැටි දිවියෙහි අනුස්මරණීය මතක යළි කැන්දන සුන්දර වාක් චිත්‍ර වැන්න.
මංජරී
ගිලෙනවා අපි
පිච්ච මල් වට්ටියක පතුලට
බලු දත් වගේ පෙති තියන
සුවඳට හුස්ම හිරවෙන
පිච්ච මල් වට්ටියක පතුලට
‘පිච්ච’ මැයෙන් යුත් කවියෙහි කොටසකි ඒ. සුන්දර පිච්ච මලේ පෙති බලු දත් වැනි ගොරහැඬි අමිහිරක සංකේතයක් බවට පත් වූ බිහිසුණ යුගයක් කවියා සිහි කැඳව යි.
එහෙත් ඇතැම් කවියක් අත්දැකීම පරයා ගිය කාව්‍යානුභූතියක් බවට පත් කිරීමට කවියා අසමත් වෙයි. පැටි වියෙහි මිතුරු මතක ප්‍රස්තූත කර ගත් ‘සාන්ත’ එවැනි නිර්මාණයකි. ජනප්‍රිය බුද්ධාගමේ නිලංකාරය සහ සඟ විනය අතර ඇති නොගැලපීම උත්ප්‍රාසයට නැංවූ ‘නාහිමි ගිලානය’ තියුණු සමාජ විවේචනයකි. වෙනස් ව හිතන්නට කැමති අමුතු කවියකුගේ අමුතු නිර්මාණ ‘අප දෙදෙන මැද මහ මුහුද’ කෘතියෙන් හඳුනාගත හැකි ය.
හොඳ කවියකු වීමට පිබිදුණු පහන් සිතක් හා තියුණු සංවේදනා ශක්තියක් ද වුවමනා යැයි මාර්ටින් වික්‍රමසිංහ පැවසී ය. සම්ප්‍රදාය ගැන වාද නඟන බොහෝ දෙනා කාව්‍යයේ වඩා නොවැදගත් අංගය වන ආකෘතියෙහි එල්ලෙන බව ප්‍රකාශ කළේ ටී. එස්. එලියට් ය. සිංහල කවියෙහි අතීතයෙහි සහ වර්තමානය අනුව අපට හැ‍ඟෙනුයේ කාව්‍ය සම්ප්‍රදායෙහි සාරවත් අංග අතර ජීවිතය නිරීක්ෂණය කිරීමේ නව්‍ය දෘෂ්ටිකෝණ සහ ඊට උචිත කාව්‍ය රිතීන් පවතින බව ය. නව්‍ය පරිකල්පනයක් සඳහා ඒවා ද උපස්තම්භක වන බව ය. ඉසුරු චාමර සෝමවීර, කාව්‍ය සම්ප්‍රදාය එලෙසින් ම රකින්නකු හෝ සම්ප්‍රදාය මුළුමනින් ම බිඳ හෙළන්නකු හෝ නොවන බව කීම යුක්ති යුක්ත ය.

Monday, January 11, 2016

කුමාරගම කවියාගේ අවසන් මොහොත


කුමාරගම ජීවත්ව සිටි මුළු කාලයේම සේවය කර ඇත්තේ, වන්නිය, පස්සර, අලියාවැටුණු වැව, කොත්මලේ සහ කොලොන්න ආදි දුෂ්කර ප්‍රදේශවලය. ඒ වනගත ගැමි පරිසරය ඔහුගේ කවිත්වය වඩාත් ඔප් නැංවීමට හේතු වන්නට ඇත.
හේරත් හාමි, අයියනායක, සහ ආරච්චි රාල වැනි වටිනා කවි පන්ති ඔහු අතින් ලියැවී ඇත්තේ ඒ දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදී සිටියදීය.
විමලරත්න කුමාරගම කවියා මිය යන විට ඔහුගේ වයස වසර 43 කි. ඔහු ගැන මේ ලිපිය ලියන විට ඔහු මිය ගොස් වසර 53 කි. 1962 දෙසැම්බර් 29 වැනිදා රාත්‍රියේ රෝගාතුර වී අසාධ්‍යව සිටි කුමාරගම මහනුවර මහ රෝහලට ගෙන ආ බව අසන්ට ලැබී එදින රාත්‍රී 10ට පමණ ආරියවංශ පතිරාජ කවියාත් මමත් වහා එහි ගියෙමු. එහි 10 වැනි වාට්ටුවේ ඇඳක් මත වැතිර සිටි ඔහුට කථා කිරීමට නොහැකි බව දක්නට ලැබිණ.
සිහිසන් නැතිව මෙන් සිටි ඔහු මගේ අත අල්ලා ගැනීමට උත්සාහයක් දරන වග පෙනිණ. ඒ මොහොතේ ඔහු දෙනෙත් විවර කොට අප දෙස බලා සිටියේ අප හඳුනාගෙන ද නැද්ද යන්න නොදනිමු. ගතවූයේ මොහොතකි. අල්විස් පෙරේරා කවියා ද එතැනට පැමිණියේය.
ඒ මූසල රාත්‍රියේ අප තිදෙනා ඉදිරියේදීම කුමාරගම ඇරගෙන සිටි දෙනෙත් පියා ගත්තේය. එදින එතැන සිටි අයගෙන් අද ජීවතුන් අතර සිටින්නේ මා පමණය. අල්විස් පෙරේරාත් ආරියවංශත් මියගොස් බොහෝ කල්ය.
ඒ මොහොතේම මා විසින් ලියැවුණු කවි තුනකින් එකක් මෙසේ ය.
මිනිසුන් අතර නොම දත් මිනිහගෙ අගය
ජීවිතයට වඩා සැප මරණය ළඟය
මට වැටහුණේ මෙහිදිත් ඔබ හරි වගය
අප යා යුතුත් හිතවත ඔබ ගිය මඟය
ඒ අවස්ථාවේම කඩදාසි කැබැල්ලක් සොයාගෙන අල්විස් පෙරේරා කවියා ද දිග විරිතකින් කවි හතරක් ලී‍වේය. එහි අවසන් කවිය මෙසේ ය.
මෙරට කවියන් අතර නොව ලොව
කවින් අතරත් ඔබට තැන ඇත
කන්ද උඩරට උපන් කිසිවකු
ඔබ ලැබූ කවි කුසල ලැබ නැත
තටු දැවී ගිය කුරුල්ලකු මෙන්
වැටී ළතැවෙමි නොදැන යන අත
සදාකාලික සොහොන වේවා
ඔබට මින්පසු මගේ හදවත
කොළඹ යුගයේ ස්වර්ණමය කාල පරිච්ඡේදය හැටියට සැලකෙන එක්දහස් නවසිය හතළිස් ගණන්වල සිට හැටේ දසකය දක්වා වූ කාලය තුළ විමලරත්න කුමාරගම ලියා ඇති කවි ගණන අතිවිශාලය. අල්විස් පෙරේරා කවියා පවත්වාගෙන ගිය 'දේදුන්න' සඟරාවේත් ගාල්ලේ ජෝන් රාජදාසගේ 'මීවදය' සඟරාවේත් මාස්පතාම කුමාරගමගේ කවි පෙළක් පළ විය. පද්‍යාවලී වැනි පොත්වලට ඇතුළත් කර ඇත්තේ ඒවායින් තෝරා ගත් සමහරෙකි.
මීට බොහෝ කලකට පෙර මා පාසල් සිසුවකුව සිටියදී එකල ප්‍රකට කවියකු වූ බඹරකොටුවේ සුධර්ම හිමි කුමාරගමගේ කුලුපග මිතුරෙකි. ඒ හිමි­ෙයා් ඉංග්‍රීසි ඉගෙනීම සඳහා අප විදුහලට පැමිණ සිටියහ. (එකල සිසුන්ට වැඩි වයස් සීමාවක් තිබුණේ නැත) රත්නපුර සීවලී විද්‍යාලයේ සිසුන් වූ අපි සුධර්ම හිමිගේ සහාය ලබාගෙන රත්නපුර සීවලී කලා මණ්ඩලය (ර.සි.ක.) නමින් සංවිධානයක් පිහිටුවාගෙන දේශන පැවැත්වීම සඳහා සුප්‍රකට කවීන් ගෙන්වා ගතිමු. සුධර්ම හිමිගේ මිතුරකු වූ කුමාරගම එකල සේවය කළේ රත්නපුරයට නුදුරු කොලොන්න ප්‍රදේශයේය. සුධර්ම හිමි මඟින් අපේ කලා මණ්ඩලයේ දේශනයකට කුමාරගම කවියා ගෙන්වා ගතිමු.
මහනුවර දිස්ත්‍රික්කයේ නාරම්පනාව නමැති සුන්දර ගමේ 1918 ජනවාරි 18 වැනිදා උපන් කුමාරගම හත්දෙනකුගෙන් යුත් පවුලක දෙවැන්නාය. රජයේ පාසලක මුල් ගුරුවරයකු වූ පුංචි බණ්ඩාර කුමාරගමත් කේ. එම්. බණ්ඩාර මැණිකේ මහත්මියත් කුමාරගමගේ දෙමාපි­ෙයා්ය.
මඩොල්කැලේ වේරපිටිය විද්‍යාලයට මුලින්ම ඇතුළත් වූ කුමාරගම සිසුවා පසුව තෙල්දෙණියේ විද්‍යාලෝක විද්‍යාලයේත් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබ 1930 වසරේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය.
තරුණ සිසුවකු වශයෙන් මහනුවරට පැමිණි කුමාරගම පාසල් ගොස් ඇත්තේ මහනුවර ත්‍රිකුණාමල වීදියේ (ඩී.‍ එස්. සේනානායක වීදියේ) දැනට අබාන්ස් වෙළෙඳ ‍සල ඇති තැන විසූ නාරම්පනාවේ වෙද මහතාගේ නිවසේ සිටය. එකල සුප්‍රකට වෛද්‍යවරයකු වූ නාරම්පනාව වෙද මහතා කුමාරගමගේ ළඟම ඥාතිවරයෙකි.
දුම්බර කඳු රැළියෙන් වට වූ නාරම්පනාවේ ස්වාභාවික සෞන්දර්යයෙන් රසවත්ව සිටි කුමාරගම මහනුවර පැමිණීමෙන් පසු එහිදී දක්නට ලැබුණේ වඩාත් ශාන්ත නිසල පරිසරයකි.
නුවර වැවේ සහ අවට පරිසරයේ ශාන්ත සුන්දරත්වයෙන් රස විඳිමින් ඔහු කවි ලියන්නට පටන්ගෙන ඇත්තේ පාසල් වියේ සිටියදීමය.
එදා ඔහු ලියූ කවියක් මෙසේ ය.
නිසලය සාන්තය ගස්වැල් වැව අවට
මා විසි කළේ පොඩි ගල් කැටයක වැවට
රස රැළි වළලු දී දිය රඟ ගති රුවට
එක කවියකින් නොකළැකි මොනව ද ලොවට
එකල පැවැති මැට්‍රිකියුලේශන් විභාගයෙන් සමත්ව රජයේ ලිපිකරුවකු ලෙසින් සේවයට බැඳුණු කුමාරගම ක්‍රමයෙන් උසස්වීම් ලැබ ආදායම් නිලධාරියකු (D. R. O.) ලෙස පත්වීමක් ලැබුවේය. කවි ලියමින් විනෝද වෙමින් සිටි ඔහු විවාහ වී සිටියේ නැත. කවිය ඔහුගේ බිරිය බවට පත්ව තිබිණි.
කුමාරගම වන්නියේ ආදායම් පාලක නිලධාරී ලෙස සේවය කළ කාලයේ නිවාඩු ලත් විට ඔහු පාසල් වියේ නැවතී සිටි මහනුවර නිවසට පැමිණ විවේකීව සිටියේය. එහි සිටි තවත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ විමලරත්නගේ ඥාති සොහොයුරකු වූ ඩී. බී. කුමාරගම මහතාත් මැණික්දිවෙල මහතාත් (පසු කලෙක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් වූ) යන අය සමඟ විනෝදයෙන් කාලය ගෙවීමට කුමාරගම පුරුදුව සිටියේය. මගේ වැඩිමහල් සොහොයුරු අභාවප්‍රාප්ත ගාමිණී බුලත්ගමත් ඩී. බී. කුමාරගමත් මිතුරන් වූ නිසා අපි ද නිතර ඒ නිවසට යෑමට පුරුදුව සිටියෙමු.
කුමාරගම අභාවප්‍රාප්ත වී හරියටම වසර හතරකට පසු පූජ්‍ය හික්ගොඩ ඛේමානන්ද හිමියන්ගේ සහ ප්‍රේමතිලක මාපිටිගම (පසුව ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂව සිටි) මහතාගේ මැදිහත් වීමෙන් 1966 දෙසැම්බර් 28 වැනිදා පළ කරන ලද කුමාරගමගේ 'මහ පාර' නමැති පොතේ එතෙක් පළ නොවී තිබුණු ඔහුගේ කෘතී රැසක් දක්නට ලැබේ.
එම පොත ගැන හැඳින්වීමක් ලියන ආචාර්ය වල්පොළ රාහුල හිමියන් මෙසේ සඳහන් කර ඇත.
කුමාරගමගේ කවි නවීනත්වයට හා පාරම්පරික සම්ප්‍රදායට ගැති නොවූ 'විප්ලවකාරි' නිවහල් බවකට පත්ව තිබුණා පමණක් නොව, ඔහුගේ පිරිසිදු සිතත් තාරුණ්‍යය හා දාර්ශනිකත්වයත් එයින් පිළිබිඹුව පැවතුණි.
කුමාරගම විසින් ලියන ලද මෙතෙක් කිසිවක පළ නොවූ කවි රැසක් මා ළඟ තිබුණු නමුත් දැන් ඒවා අස්ථාන ගත වී ඇත.
කුමාරගමගේ මලණුවන් මියගිය අවස්ථාවේ ඔහු විසින් මෙසේ ලියන ලදි.
මොන මොන වෙලාවෙත් ඇවිදින විට දි රටේ
වනපෙත් උයන් වතුවල ඇති හතර වටේ
වටිනාකමක් නැති මල් ගොමු නුවන ගැටේ
සුවඳැති රුවැති පැණි ඇති මල් බිමට වැටේ
කඳුළත් හිනාවත් ලොව අමුතුම දෙකකි
එනමුත් ඒ දෙකම පිටවන තැන එකකි
හිනැහෙන්ට ද අඬන්ට ද නොදැනුම දුකකි
මා වියරුව ද නැද්දැයි මට නම් සැකකි
රාහුල හාමුදුරුවන් සඳහන් කළ පරිදිම කුමාරගමට යමක් ඒ අයුරින්ම කියන්ට වුවමනා වූ විට පැරැණි සම්ප්‍රදාය බිඳ දමා හිතට එන දෑ එලෙසම ලියයි. ඔහුගේ 'මහ පාර' පොතේ ඇති මෙ කව ඊට හොඳ නිදසුනකි.
මහ පාරේ නව වැලි දා
දවසක් නැත ගතවුණේ
රාලහාමි පොලිසියේ
රාලහාමි ඇවිදිනවා
ජරස්! බරස්!
ජරස්! බරස්!
රාලහාමි ඇවිදිනවා...
කුඩා කෙල්ල මහ පාරේ
බඩගින්නේ ළතැවෙනවා
ඇගේ අතේ පොල් කටුවකි
මළකඩ කෑ ටිං කබලකි
රෑ මුරයට ඉන්න අපේ
රාලහාමි ඇවිදිනවා
ජරස්! බරස්!
ජරස්! බරස්!
රාලහාමි ඇවිදිනවා...
වන්නියේ සේවය කරද්දී වැව් බැම්ම දිගේ මොටෝ රිය පදවාගෙන යද්දී ඒ අසල වැවේ තනිවම දිය නාමින් සිටි සුරූපී තරුණියක දුටු කුමාරගම කවියා හිතෙන් කවිය හදාගෙන ගොස් මෙසේ ලියා තැබුවේය.
ලස්සන තරුණියක් දුටු විට එතන හද
දැක්කෙමි නාන හැටි තනියම වැවෙහි හිඳ
එක්කරගෙන යන්ට හිතුණත් අතින් ඇද
රැක්කෙමි දිසාපතිකම දුක් විඳල ලද
කුමාරගම ජීවත්ව සිටි මුළු කාලයේම සේවය කර ඇත්තේ, වන්නිය, පස්සර, අලියාවැටුණු වැව, කොත්මලේ සහ කොලොන්න ආදි දුෂ්කර ප්‍රදේශවලය. ඒ වනගත ගැමි පරිසරය ඔහුගේ කවිත්වය වඩාත් ඔප් නැංවීමට හේතු වන්නට ඇත.
හේරත් හාමි, අයියනායක, සහ ආරච්චි රාල වැනි වටිනා කවි පන්ති ඔහු අතින් ලියැවී ඇත්තේ ඒ දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදී සිටියදීය.
විමසිල්ලට ලක්විය යුතු ඔහුගේ තවත් කවියක් මෙසේ ය.
ඉර හඳ තිබේ බටපොතු පෙට්ටියක වසා
ලොව හොඳ නොහොඳ ඇත මගෙ ලේ බිඳු ද අසා
ලෝකය වටකුරුය කීවොත් එය ද මුසා
බල්ලෝ බුරති හඳ හතරැස් නොවන නිසා
මානව දයාවෙන් පිරුණු හදවතක් නැති කෙනකුට කවිත්වයක් පිහිටන්නේ නැත. ඒ බව කුමාරගමගේ කවිත්වයෙන් පැහැදිලි වෙයි. ඔහු ලියා ඇති හැම කවියකින්ම ඒ බව පැහැදිලි වෙයි. නූගත් අහිංසක ගැමියන්ගේ චර්යාවන් දෙස ඔහු බැලුවේ සානුකම්පික හැඟීමකින් යුතුවය. ගැමියන්ගේ පාරම්පරික විශ්වාසයන් සහ ඇදහිලි නිවැරැදි කරන්ට ඔහු ගියේ නැත. ඒවා තමා නොකළත් ඒ දෙස දයානුකම්පාවෙන් බලා සිටියේ මෙසේ ය.
සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලෙක දැවටීම
මා නොකෙරුවත් නො කරමි එය ගැරහීම
කුමාරගම වන්නියේ සිටියදී ලියන ලද කවි අතුරින් වඩාත්ම අගනා කවිපෙළක් ලෙස 'අයියනායක' කවිපෙළ හැඳින්විය හැකිය. වනගත ගැමි පරිසරයේ වෙසෙන අහිංසක මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ හැඟීම් නිර්ව්‍යාජ ලෙස මේ කවිවලින් පිළිබිඹු වෙයි. වනගත දෙවි දේවතාවුන් කෙරෙහි ඔවුන්ගේ ඇති ගෞරව සම්ප්‍රයුක්ත බියජනක බව කුමාරගම මනා ලෙස කවියෙන් විස්තර කරයි.
දෙවි දේවතාවුන් වෙසෙන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකට ද දැනේ
මොළයෙන් තමා ලෝකයෙ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ
මළ හිරු බැස යන හැන්දෑවේ වනය මත තෙරපී සඳ රැස් ගලා යන චමත්කාරය දැක කවියා උද්දාම වී මෙසේ කියයි.
වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳ රැස් ගලන විට තෙරපී වනය මත
එක දෙවියෙක් නොවේ දහසක් එතැන ඇත
සෞන්දර්ය ලෝලීයකු වූ ජීවිතයේ යථාර්ථය මනැසින් දැක කවි ලියූ කුමාරගම කවියා හදිසියේ බරපතළ ලෙස රෝගාතුරව සිටියදී රෝහල්ගත වීමට කලින් කවි දෙකක් ලියා පී. බී. අල්විස් පෙරේරා කවියාට තැපැල් කර යවා ඇත. ඒ ඔහුගේ අතින් ලියැවුණු අන්තිම කවි දෙකය.
එය මෙසේ ය.
අලුත් එළියක ලකුණු මතු වෙයි
එදෙස හිරු රැස් අනුව යන්නම්
මගේ අදහස් මැරෙන්නේ නෑ
ඔබට එය අඩු නැතිව දෙන්නම්
උදෑසන මල් වී පිපෙන්නම්
රෑට හඳ එළියකින් එන්නම්
ඔබේ සුවඳත් මගේ සුවඳත්
එකට කැටි කළ සුළඟ වෙන්නම්
ගමෙන් පිට ඈත පළාත්වල මුළු කාලයම ගෙවී ගියත් තමා දිනූ ගම ඔහුට අමතක වූයේ නැත. කොහේ කොතැනක විසුවත් තමාට හිමි උරුමය ඇත්තේ නාරම්පනාවේ බව ඔහු ලියා තැබුවේය.
නිතරම නිවෙස් වූ හුදු වාසනාවට
කඳු වැටිවලින් මා දිනු ගම උනා වට
මෙලෙසට ගමෙන් පිට පියවර ගෙනා වට
මා උරුමයකි මගෙ නාරම් පනාවට
වෙනසට පත්වුවද අද ඔබෙ මුහුණු වර
සැනසුම ලබමි නම සිහි වන සියලු වර
ඔබ හැර මෙසේ අද පසුවන නමුදු දුර
රැක ගනු මැනවි මගෙ ඇටකටු තුරුලු කර
කුමාරගම ලියූ පරිදිම ඔහුගේ දේහය මිහිදන් කරන ලද්දේ ඔහුගේ උරුමය වූ නාරම්පනාවේ නිවස අසලම ඇති කඳු ගැටයකය.
පසුගිය දා මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැතිව සිටි ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා කුමාරගම කවියාට උපහාරයක් වශයෙන් නාරම්පනාව විද්‍යාලය විමලරත්න කුමාරගම මහා විද්‍යාලය යනුවෙන් නම් කළේය.

Thursday, August 28, 2014

ගාලු කරණම්


http://www.divaina.com/2014/08/28/sarasavi.html

Tuesday, June 18, 2013

ඉර පායයි උදේ හයයි - හඳ බැස යයි ඒත් හයයි

ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් ලියූ ළමා ගී සහ කවි

උදය සහ සවස
ඉර පායයි උදේ හයයි
හඳ බැස යයි ඒත් හයයි
මේ පැත්තට නැඟෙන හිරයි
ඒ පැත්තෙන් ඉර පායයි
මේ පැත්තට බස්නාහිර
ඒ පැත්තට ඉර බැස යයි
හඳ පායයි හවස හයයි
ඉර බැස යයි ඒත් හයයි
උදේ හයට හවස හයට
ඔරලෝසුවෙ හය වදීවි
උදේ හයට නැඟිටී ලා
පොත පාඩම් කරමී මම්


පරෙවියා - මගේ යාළු

පියාඹඹා ගෙයි වහලේ
ඉන්නේ ඇයි පරවියෝ
මමයි උඹේ යාළුවා
මට වරෙන් පරෙවියෝ
අන්න අතන කාක්කෙක්
වරෙන් වරෙන් පරවියෝ

බය උණා ද ඌ මෙහාට
එන්නේ නැහැ පරෙවියෝ
උඹත් එක්ක පියාඹන්න
මටත් හිතයි පරෙවියෝ
කොච්චරවත් ගුරු ගුරු ගුරු
යන්න එපා පරෙවියෝ


මගෙ පූසා
අන්න අත කිරි බෙලෙක්කෙ
බීපන් මගෙ පූසෝ
මගේ ඇඟේ ඇඟ උලන්නෙ
මොකට ද උඹ පූසෝ

පොත පාඩම් කරන්න මට
ඉඩ ඇරපන් පූසෝ
ගෙයි මුල්ලේ මොකෙක් ද අර
බලාපන්කො පූසෝ

මෙන්න මෙහෙන් ඌ දිව්වා
ඔහොම හිටින් පූසෝ
ඌ අල්ලා නො ගෙනාවොත්
මට කිරි නෑ පූසෝ


පලතුරු ගොඩ

මේ බලන්න ජම්බු පේර
පැහිල ඉදිල බිමට වැටිල
රතු පාටයි ජම්බු ගෙඩිය
කහ පාටයි පේර ගෙඩිය
ඹට එකයි මට එකයි
නංගිටත් එකයි
හොඳ හොඳ ගෙඩි කඩා ගනිමු
වැඩිය එපා දැන් ඔය ඇති

Source 
http://www.lakehouse.lk

Saturday, March 30, 2013

හේරත් හාමි - විමලරත්න කුමාරගම


හේරත් හාමි - විමලරත්න කුමාරගම

අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි
මා වැනියකු වුවද මම වැදගත් වී                           මි
මිනී කපන මුත් ඒ හේරත් හා                               මි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                      වේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                          රිය
වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය
කිසිවෙක් තවම නැත පැවසුමට බා                    රිය
මට පුදුමයකි ඔහු මේ කරන කා                         රිය

මා වැනියෙකුට තද සංවේගයම දි                         දී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                     දී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                දී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු               ලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක     ළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මො           ළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ             ලේ

අවනත සිනා රැලි වත නිතරම පතු                      රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                         රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                  නේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ        නේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි               නේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ           නේ

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි                සින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ             සින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්

නූපන් නිසා දනවත් මහරු පා                           යක
පන්සල වෙතට යයි හැම විටම පෝ                 යක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                  යක
ඊටත් වඩා සලකයි අයියනා                             යක

                                    ----------------------------------------------------------------------------


 1919 ජනවාරි 18 දින පාතදුම්බර පාලිස්පත්තුව බස්නාහිර කොරළේ නාරම්පනවේ දි ජන්මය ලැබු විමලරත්න බණ්ඩා කුමාරගම ගේ පියාණෝ විමලරත්න කුමාරගම 1928 ජනවාරි 18 වන දින පාතදුම්බර පාලිස්පත්තු බටහිර කෝරලයේ නාරම්පනාව ග්‍රාමයේ උපත ලැබිය.පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත දෙනෙක් ගෙන් යුක්ත පවුලක දෙවනියා විය.
                            ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර ,පාසැල කාලයේද සිංහල කවිය පිළිබද උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේද නියැළුණි.

  පොත්
  • නිල්සීනය (1941)
  • ඔරුව (1942)
  • සංවේග වේදනා (1946)
  • සපුමලී (1946)
  • සුරතල්ලු (1961)

කවි
  • හේරත් හාමිනේ
  • අයියනායක
  • දඩයම
  • වන්නියෙ මල්
  • ගමේ වැව
  • කිරා
  • ආරච්චි රාළ
  • සිරගෙය
  • යන්තම් බේරුනා
  • හරක් හොරා
  • බුදුරුව
  • සුන්දර හාමි
  • ආගන්තුක සත්කාරය
  • අවුරුදු නිවාඩුව
  • මුතුගේ ප්‍රශ්න
  • වන්නියෙ දොස්තර

උසස් රචනාවලින් සිංහල සාහිත්‍යය පෝෂණය කරනු ලැබූ බොහෝ කවියන් කොළඹ යුගයේ වූ බැව් නොරහසකි. ඒ අතරිනුත් එක්තරා පද්‍ය රචකයකු විශේෂත්වයට භාජනය වූයේ කරුණු කිහිපයක් නිසයි. ඒවා නම් මානව භක්තිය, අව්‍යාජත්වය, තොරොම්බල් ගණයේ නොවන අරුත් බර වචන මාලාවක් වේ.
සදහම් රුවන්වැල ලියූ ධර්මසේන හිමියන් සේ හෙතෙමේ සිංහල කවියට අත්‍යවශ්‍ය මානව භක්තියෙන් පිරිපුන් වූ අතර එහෙයින්මැ වන්නි සනුහරයට ලේ නෑයා ද වූයේ ය. මොහු අනෙකකු නොව කොළඹ යුගයේ සිංහල කාව්‍ය වංශයේ දීප්තිමත් රචකයකු වූ නාරම්පනාවේ විමලරත්න කුමාරගමයි.
”වනපෙත දැවෙන විට
වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට
ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී
සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක්
එතැන ඇත”
යන කවිය ඉමහත් විමසුමෙන් බලන විට ගැමි ජනතාවගේ දෙවියන් ඇදහීමට නොගැරහීමේ විශාල මානව භක්තියක් කවියා තුළ නොඅඩුව අඩංගු වූ බැව් මනාව ඔප්පු වනු නිසැකය. “හැමදා උදේ – හවසට බොන ගිනි වතුරයි – ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි” යනුවෙන් ඉතාම පහළ මධ්‍යම පාන්තික ශ්‍රමිකයකුගේ පපුව තුළට සැබෑවටම එබී බලා අදාළ මිනිස්කම හොඳාකාරව අවබෝධ කරගත් විමලරත්න කුමාරගමයෝ එමඟින් සහෘදයා කදිමට දැනුවත් කරලූහ.
එකල ද පැවැති වෙළෙඳ ඒකාධිකාරයක දැඩි බලපෑම නැති බැරි උදවියගේ පීඩනයට හේතුවන ආකාරය සිත්කලු ලෙස සමාජ ශෝධකයකු ලෙසින් මොහු දැක්වූ අන්දම මනහර වනු ඇත. “ඔහු වැඩිපුරම බය, ලොකු සයිබු නානට” යනුවෙන් පවසා ඉන්පසු දැක්වූයේ “නැඟගෙන හරක් හොරුගේ කර උඩට දැඩි – පස්සා කකුල් දෙක ඔහුගේ ගෙයට වඩී” කියලා ය.
විශේෂයෙන් කොළඹ යුගයේ ඇතැම් සුකිරි බටිලි කවිවලින් කුමාරගමගේ කවිත්වය වෙනස් වන්නේ යථාර්ථවාදිත්වය හේ ගරු සරු කළ නිසා බැව් පිළිගත යුතුව තිබේ. මෙකල බොහෝ කවියන්ගෙන් වර්ණනා වූයේම කාන්තාවගේ නිලුපුල් වන් තොල් පෙතිය; දේදුනුවන් ඇහි බැමිය. එය එසේ වුවද අප විශේෂිත කවියාට මෙනෙහි වූයේ ළඳකගේ රූප ලාවණ්‍යයට එහා ගිය යථාර්ථය තත්ත්වයකි. ඒ හේතුවෙනි, මේ ප්‍රතිභාපූර්ණ කවියා ස්ත්‍රිය මස් ලේ දන් දිදී ලෝකය රකින බවත් ඒ නිසාම ඇයට හිමිවිය යුතුව ඇත්තේ ආගමික නායකයන්ට පවා සුදුසු වන ආසනයක් බවත් ගෙනහැර දැක්වූයේ.
”මස් ලේ දන්දිදී මේ ලෝකය රකින
ලස්සනවතිය ඔබගේ සේවය පමණ
කළහොත් සමය නායකයන්ට ද වටින
අසුනකි ඔබට හිමි මල් සුවඳින් ගහණ”
ඔහු ඒ කවි පොත මඟින් ම මාතාවක් වන ඉතිරිය සම්බන්ධ ව මෙසේ ද විමසුවේ ඇයි?
”පුදසුන මතේ සිට අතු ගා දමන ලද
මල යා යුතුය විසුමට කුණු ගොඩක වැද”
එදා සිටම ඉටු සිදු වූ සමාජ අර්බුදයක් වන කාන්තා හිංසනය වෙත සහෘද ඇස යොමු කරවීමට නොවේදැයි කිවහොත් එය අසාධාරණ නොවේ යයි සිතමි.
සමහර කොළඹ කවියන් මෙන් නොව මේ ආදායම් පාලක නිලධාරි කවියා පැදියෙහි පරමරුත මොනවට අවබෝධකොටගෙන සිටියේ ය. ඔහුගේ වෙනස් ගමන් මඟට ඊට සාක්ෂි සපයනු ඇත. මෙතෙම තමාගේ එක්තරා මිත්‍රයකුගේ සැමරුම් පොතක මෙසේ ලියා තිබෙනු මම දුටුවෙමි.
”කවියේ පරමරුත දති නම් සහ විතර
බ කවි කෙළෙහි දුර දුක සහ නිවන්තර!”
යථෝක්ත කවියාගේ උදාරතර කිවියාව නිසාම ඔහු සිංහල කාව්‍ය වංශයේ ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන් අදත් නොනැසී මෙන් ඉඳී. මේ උසස් පද්‍ය නිබන්ධකයා විසින් කරන ලද්දේ කවිය මඟින් පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමට ය. එසේ නැතුව අද වැජඹෙන ඇතැම් අති උගතුන් මෙන් ප්‍රඥාවෙන් ප්‍රඥාවට රසකාමිය වැඩමවා ගෙන යාම නොවේ. මා සිතන අයුරු විය යුත්තේත් මෙහි කී පළමු ගැම්මයි.