V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label සත්ත්ව. Show all posts
Showing posts with label සත්ත්ව. Show all posts

Friday, June 12, 2015

තණකොළපෙත්තා

ගොවිතැනේ මිතුරෙක් තමයි තණකොළපෙත්තා කියන්නේ. ඉංග්‍රීසියෙන් grasshopper ලෙසත් caelifera යන විද්‍යාත්මක නාමයෙන්ද තණකොළපෙත්තා හැඳින්වෙනවා.


තණකොළපෙත්තා
ගොවිතැනේ මිතුරෙක් තමයි තණකොළපෙත්තා කියන්නේ. ඉංග්‍රීසියෙන් grasshopper ලෙසත් caelifera යන විද්‍යාත්මක නාමයෙන්ද තණකොළපෙත්තා හැඳින්වෙනවා.
අහිංසක වගේම හරිම අලස සතෙක් ලෙස තණකොළපෙත්තා හඳුන්වන්න පුළුවන්. කොළ, දුඹුරු වැනි ශරීර වර්ණවලින් තණකොළපෙත්තන් දැකිය හැකියි. ලෝකය පුරාම මොවුන් ව්‍යාප්ත වී සිටිනවා. කොරියාව, ජපානය, චීනය, රුසියාව වැනි රටවල තණකොළපෙත්තන් ආහාරයටද ගන්නවා. ආලෝකයට, අඳුරට, ස්පර්ශයට හා සුවඳට සංවේදී ඇන්ටනා යුගලයක් තණකොළපෙත්තාට පිහිටා තිබීම විශේෂයි. ශාක පත්‍ර හා පලතුරු යුෂ ආහාරයට ගන්නා තණකොළපෙත්තා පරිසරයේ සමතුලිතතාව සඳහා ඉතා අත්‍යවශ්‍ය සතෙක්ද වෙනවා.
සටහන - රෂිනි මෙන්ඩිස්

http://www.mawbima.lk/85-87278-news-detail.html

Saturday, August 16, 2014

පැණි කළ ගෙනයන කුහුඹුවෝ

පැණි කළ ගෙනයන කුහුඹුවෝ

පැණි කළ ගෙනයන කුහුඹුවෝ . . .
පැණි කඳුළකට පොරකන කුහුඹුවන් ගැනත්, පැණි හැළියට වහ වැටුණු ඇඹලයන් ගැනත් ඔබ නොයෙක් විට අසා ඇති මුත් පැණි කළ ඔසවා ගෙන යන කුහුඹුවන් ගැන නම් අසා නැතුවා විය හැකිය. එහෙත් තම සනුහරේ අය වෙනුවෙන් මියෙන තුරා පැණි කළ ඔසවාගෙන සිටින, චමත්කාරජනක ගතිපැවතුම් වලින් හෙබි කුහුඹු විශේෂ දෙකක් ඕස්ට්‍රේලියාවේ කාන්තාර ආශ්‍රිත වියළි වනපෙත්හි දකින්නට ලැබේ.
පොදුවේ පැණි කළ කුහුඹුවන් (Honeypot ants) ලෙස හඳුන්වන මේ කුහුඹි Melophorus bagoti හා Camponotus inflatus යන විශේෂ දෙකට අයත් සමාජිකයෝ වෙති. මෙයින් පළමු ආකාරය ඕස්ට්‍රේලියාවේ මධ්‍ය ප්‍රදේශයේත් පසුව සඳහන්කළ විශේෂය ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේත් වෙසෙති.
මෙම කුහුඹුවෝ පොළොවේ මීටරයක් පමණ ගැඹුරින් උමං සාදා තම ජනපද පිහිටුවා ගනිති. ඔවුන් ඇකේශියා ශාක විශේෂයක්වූ මුල්ගා ගස් සඹනක තම නිවහන ගොඩනගා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇත. මෙහි සිටින හැබෑ පැණි කළ කුහුඹුවන් වන්නේ තම ජනපදයේ පැවැත්ම සඳහා වෙහෙසවී වැඩකරන ඉහතකී විශේෂවල වැඩකාර කුහුඹුවන්ය.
සතුරෙකු දුටුවිට සටන් වැදීමට ඇති, දිගු අධෝහණු යුවළ හැරෙන්නට සාමාන්‍යය අවසථාවේදී , මොවුන්ගේත් අනෙකුත් සාමාජිකයන් අතරේත් බැලූබැල්මට පෙනෙන වෙනසක් නැත. එහෙත් අනෙකුත් අයගේ මෙන් නොව ටිකෙන් ටික පැණි රැස්කර ගන්නාවිට මිදිගෙඩියක් තරම් ප්‍රසාරණය වන උදරයක් ඔවුන්ට ඇත. විනිවිද පෙනෙන උදරය පැණියෙන් පිරුණුවිට පෙනෙන්නේ පැණි කළයක් මෙනි.
කුහුඹුවකු ආහාරයට ගන්නා ආදිවාසිකයෙක්
වැඩකාර කුහුඹුවන්ගෙන් කොටසක් ජනපදය තුළ වැඩකටයුතු වල නිරතවන අතර තවත් කොටසක් ගුල් වලින් පිටත පැමිණ, අහර සොයා යති. එහිදී ඔවුහු අවට කුඩා ගස්වල පිපී ඇති මල්වලිනුත්, ඇතැම් ගස්වලින් පිටකරන සීනි සහිත දියර වලිනුත් පැණි රැස්කර ගනිති. මේ අතර එක්තරා කූඬිත්තන් විශේෂයකින්ද පැණි ලබාගැනීමේ පුරුද්දක්ද ඔවුන් තුළ ඇත. කෙසේ හෝ මිදිගෙඩියක් තරම් ලොකු වනතුරු තම උදරය පැණියෙන් පුරවාගන්නා මෙම වැඩකාර කුහුඹුවෝ අමාරුවෙන්හෝ තම ගුලකරා ළඟා වෙති. ඔවුන් අතර මගදී වෙනත් කුහුඹු කණ්ඩායම්වල ප්‍රහාරයට ලක්වන අවස්ථාද එමටය.
ගුලට ළඟාවූ පසු, මේ කුහුඹුවෝ ගෙන එන අහර තම සොයුරන් අතර බෙදා දෙති. ඒ ටිකින් ටික ඔවුන්ගේ මුවින් පැණි බිඳු වැමෑරීමෙනි. සියලු පැණි බෙදාදී අවසන්වූවිට ඔවුන්ගේ ජීවිත කාලයද අවසන්වේ. කුමක් නිසාද යත්, පැණි රැස්කිරීමේදී විශාලවූ ඔවුන්ගේ උදරය නැවත මුල් තත්ත්වයට නොපැමිණ වියැළී යන බැවිනි. ආහාර බහුල කාලයක නම් තමන්ගෙන් පැණි ලබාගැනීමට කෙනෙකු එනතුරු දිගු කාලයක් ඔවුන්ට බර ඔසවාගෙන උමං පියැස්සේ එල්ලී සිටීමට සිදුවේ. එසේ උමං තුළ එල්ලී සිටින මෙම කුහුඹුවන් ඈතට පෙනෙන්නේ පැණි පුරවා ඇති කළගෙඩි ලෙසය.
ප්‍රමාණයෙන් විශාල සත්ත්ව විශේෂයක් නොවූවත්, මෙම කුඩා කුහුඹුවන් කැලෑබදව වෙසෙන ආදිවාසී ඇබොරිජීනියානුවන්ගේ ඉමහත් අවධානයට ලක්වන්නන්ය. ඒ, ළමා ළපටියන් පමණක් නොව වැඩිහිටියන්ද පැණි කළ කුහුඹුවන්ගේ මිහිරි රසයට බෙහෙවින් ප්‍රිය කරන බැවිනි. මුල්ගා ගස්වල ඉව ඔස්සේ ගොස්, රිටි වලින් වියළි පොළව හාරා සැඟවී සිටින පැණි කළ කුහුඹුවන් රෑන් පිටින් එළියට ගැනීමට ඔවුහු රුසියෝය.
ඕස්ට්‍රේලියාවේ වියළි වනපෙත් ආශ්‍රිතව ජීවත්වන අදිවාසීන්ගේ ජීවිත වලට මෙම කුඩා කුහුඹුවන් කෙතරම් සමීපද යත් ඔවුන්ගේ පාරම්පරික චිත්‍රවල පැණි කළ කුහුඹුවන්ට ලැබී ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි.
කුහුඹු ගුලක්
උමං තුළ එල්ලී සිටින කුහුඹුවෝ


http://www.silumina.lk/2014/08/17/_art.asp?fn=as1408173