V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label සුරංගනා කතා. Show all posts
Showing posts with label සුරංගනා කතා. Show all posts

Sunday, August 24, 2014

‘සුජාතා’ ලෙස රඟන සිඟිති සුරතලිය සහේලි සදිත්මා

මම බොරුවට අඬන්න ඉගෙන ගත්තේ පුංචිගෙන්

‘සුජාතා’ ලෙස රඟන සිඟිති සුරතලිය සහේලි සදිත්මා
අද අපේ ‘සරසවියම’ සුරතල් කටහඬකින් පිරී ඉතිරී ගිහින්. හරියට පුංචි රිදී සීනුවක් හඬ නඟනවා වගේ සද්දයි. විටෙක සිඟිති සිනා වැසි වසිනවා. ආයෙත් තොරතෝංචියක් නැති කියවිල්ල.
* කවුද මෙතරම් චණ්ඩිකම් පාන්නේ?
වෙන කවුරුවත් නෙවෙයි. මේ ඇවිත් ඉන්නේ සුජාතා දුව. ඇයව ඔබ හඳුනන්නේ නැහැ කියන්න බැහැ. සුජාතා ටෙලි සිතුවම හැඩ කරන සුජාතා ගැන මුළු රටම දන්නවා.
සහේලී සදිත්මා සතරසිංහ.
* දුවගෙ නම හරි නේද?
හරියටම හරි.
ඇගේ දඟකාරකම ඇයට ආභරණයක් වන්නට ඇතැයි මට දැනිණ.
* මෙයා නම් හරිම දඟකාරයෙක්?
ආයෙත් අහලා. හරිම දඟමල්ලක්. ඒ වගේම බයත් නැහැ. ඒකනේ සුජාතා නාට්‍යයට තෝර ගත්තේ.
සහේලි මුව විවර කරන්නට ප්‍රථම ඇගේ මව් දුවගේ නිකට අල්ල ගනිමින් කීය.
* මෙහෙට එන්නකො පුංචි දූ. සුජාතා ද දූගේ පළමු නාට්‍යය?
ඔව්, ඔව්. ඊට කලින් ඇඩ් කිහිපයක රඟපෑවා.
* කවුද දුවව සුජාතා සඳහා තෝර ගත්තේ?
දීපානි නැන්දා තමයි මං ගැන සුජාතා අධ්‍යක්ෂණය කරන රවින්ද්‍ර විජේරත්න මාමාට කියලා තියෙන්නේ. ඒ මාමා මට එන්න කියලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා සුජාතා නාට්‍යයට තෝරා ගත්තා.
* රඟපාන්න ආසද?
ගොඩක් ආසයි.
* කැමරාව ඔන් කරලා, ලයිට් දාලා කට්ටිය වට වෙලා ෂූටිං කරද්දී බය හිතිලා නැතිද?
අපෝ නැහැ. චුට්ටක්වත් මං බය නැහැ.
* දූ කොහොමද දෙබස් මතක තියා ගන්නේ?
සීන් එක ගැන මුලින්ම සහාය අධ්‍යක්ෂ මාමලා කියලා දෙනවා. ඊට පස්සේ දෙබස් දුන්නාම මං ඒවා හරියටම පස් වතාවක් පාඩම් කරනවා. ඊට පස්සේ වරද්දන්නේ නැතුව රඟපානවා. ටිකක් ඉන්න මාමෙ . . .
* ඇයි?
ඊළඟ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කලින් වතුර ටිකක් බොන්න ඕනෑ. නැත්නම් කටහඬ යනවා.
* ඇයගේ කතාවට සිනහ නොවී බැරිය. වතුර ජෝගුවක් බිව් සහේලි විනාඩියක් පමණ නිශ්ශබ්දව සිටියාය.
දැන් හරි. මාමා දැන් ප්‍රශ්න අහන්නකෝ.
* සහේලි අනාගතයේ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?
මං නිළියක් වෙනවා.
* ඇත්තද මේ කියන්නේ? මම සහේලිගේ මව දෙසට හැරුණෙමි.
එයා එහෙම තමයි කියන්නේ. හැමෝටම පුදුමයි මෙයා රඟපාන විදිහට. මොකද කිසිම චකිතයක් නැහැනෙ.
* එතකොට ඉගෙනුම් කටයුතු?
ඒවත් කරගෙන යනවා. කොච්චර ෂූටිං තිබුණත් මං ගෙදර ආවට පස්සේ පොත්පත් බලලයි නිදා ගන්නේ.
සහේලි දූ එවිට මවට ඉස්සර විය.
* සහේලි දුවගෙ පුංචි අම්මත් රංගන ශිල්පිණියක් කියලා දැනගන්නට ලැබුණා. ඇය ගැනත් කියන්නකෝ?
අගේ නම ධනංජි තරුකා. අම්මගෙ නංගි. එයා තමයි මාව මුලින්ම ඇඩ් එකකට රඟපාන්න යවන්නේ. පුංචි මට රඟපෑම ගැන ගොඩක් දේවල් කියලා දෙනවා. මං බොරුවට අඬන්න ඉගෙන ගත්තේ එයාගෙන්.
* සහේලිගේ ගෙවල් තියෙන්නේ කොහේද?
බොරැල්ලේ.
* ඉස්කෝලේ යාළුවෝ දූගෙ රඟපෑම් බලලා මොකද කියන්නේ?
එක එක ඒවා කියනවා. එයාලට හරිම සතුටුයි.
* සුජාතා දැන් හරිම ජනප්‍රිය නිසා පාරේ යද්දී නැන්දලා මාමලා දුවට කතා කරනවා ඇති?
අම්මෝ, මට දැන් ගොඩාරියක් රසික රසිකාවෝ ඉන්නවා. පාරෙදි සමහර අය සුජාතා කියලා හයියෙන් කෑගහනවා. මං එතකොට හිනාවෙලා ඒ අයත් එක්ක කතා කරනවා. මට අම්මා කියලා දීලා තියෙන්නේ සුජාතා නරඹන අය ළඟට ඇවිත් මගෙන් විස්තර ඇහැව්වොත් හොඳට හිනා වෙලා උත්තර දෙන්න කියලා. ඉතින් මං එහෙම කරනවා.
* සුජාතා දර්ශන තලයේ දූ වැඩිපුරම හිනා වෙච්ච දවසක් තියෙනවාද?
දීපානි නැන්දගෙ දෙබසක තිබුණා ගොයම් ගස් කියන වචනය. එයාට ඒ වෙනුවට කියවුණේ දොඩම් ගස් කියලා. මට එදා හොඳටම හිනා ගියා.
* නාට්‍ය රඟපාන අතරතුර සෙල්ලම් බත් ඉව්වා කියලත් මට දැනගන්නට ලැබුණා?
ඔන්න එදා සෙල්ලම් බත් උයන සීන් එකක් තිබුණා. ඉතින් හැමදාම ඒ වගේ චාන්ස් ලැබෙන්නේ නැහැනෙ. සීන් එක අරගෙන ඉවර වෙලා රවී මාමා කට් කිව්වට පස්සෙ මං ඇති වෙනකම්ම සෙල්ලම් බත් ඉව්වා.
* දූගෙ පවුලේ අයගේ විස්තර කියන්නකො?
මමයි, අම්මයි, තාත්තයි. අම්මා ඉමානි ශෂිකා. තාත්තා වසන්ත සතරසිංහ. මට තව නංගියෙක් ඉන්නවා. ආ . . . මගේ ආච්චි අම්මා ගැන කියන්නම ඕනෑ. මං එයාට කියන්නේ අම්මා අම්මා කියලා. අම්මා අම්මා මට ගොඩ ක් උදව් කරනවා රඟපාන කටයුතුවලට.
* දුවට ලොකේෂන් එකේදී වැඩිපුර බිස්කට් දෙන්න ඕනලු නේද?
ඒ මං ආස කෑම බිස්කට් හින්දා. මේ මේ මාමේ .
* මොකද?
ඒකත් පත්තරේ දානවද?
* ඔව්.
අයියෝ ඒක පත්තරේකට සුදුසු නැහැනේ.
* හප්පේ සහේලිගේ පැහිච්චකම. මට ඉබේටම කියවිණ. දූට උදව් කරපු පිරිසත් මතක් කරමු?
සන්ධ්‍යා මෙන්ඩිස් මැඩම්, රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක, දයා සහ තුසිත් කියන මාමලා, දීපානි නැන්දා. සුසිල නිෂ්පාදන ආයතනයේ හැමෝම මතක් කරන්න ඕනෑ.
සහේලි දුවට අපි සුබපතනවා.
බොහෝම ස්තුතියි. සරසවියේ මාමලා නැන්දලා හැමෝටම. ඔයාලා හරිම හොඳයි.

http://www.sarasaviya.lk/2014/08/21/?fn=sa14082125

Sunday, July 28, 2013

වින්දනීය රාජධානිය

ක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති. ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිිරහසකි.
රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු සතු ව මායාකාරී තොප්පියක් තිබිණි. එය පැළැඳි විට තරුණයා නොපෙනී යයි.
පිය රජුගේ අනුදැනුමින් යුතු ව තරුණයා රාත‍්‍රි කාලයක දී මාලිගාවට ඇතුළු විය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. කුමාරියෝ ගමනට සූදානම් වූහ. ඔවුහු වටිනා වස්ත‍්‍ර හැඳ, වටිනා සැරසිලි කළහ. වැඩිමහල් සොහොයුරිය සිය යහන පසෙකට කළ විට එතැන අබිරහස් දොරටුවක් මතු ව ආවේ ය. මායාකාරී හිස්වැස්ම පැළඳ ගත් තරුණයා මේ සියල්ල දුටුවේය.
විවර වූ අබිරහස් දොරටුවෙන් කුමාරියෝ ඇතුළු වූහ. එතැන වූ පිය ගැට පෙළ අවසානයේ වින්දනීය රාජධානිය හමුවිය. එහි සංගීතය වැයේ. ඒ හඬ අතිශය මියුරු විය.
මේ රාජ කුමාරියන් හට සිය පිය රජු ගේ රාජධානියෙහි සියලු ඉසුරු තිබූ නමුත් වින්දනයට යමක් තිබුණේ නැත. පිය රජතුමා සංගීතය ප‍්‍රිය නො කෙළේ ය. එහෙයිනි මේ දූ කුමාරියන් වින්දනීය රාජධානිය සොයා පැමිණ තිබුණේ.
මේ රාජධානියේ රන්වන් රෝස පිපේ. තරුණයා එයින් එකක් ද නෙළා ගත්තේ රජතුමාට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට යි.
රැය පහන් වන තුරුම මධුර සංගීත ස්වර අතර රඟමින් ගත කළ දූ කුමාරියෝ යළි උදාසන මාලිගයට ආහ. තරුණයා ද යළි ආවේ ය. කිසි ම අයකුට ඔහු පෙනුණේ නැත.
දැන් තරුණයා ගේ වාරය යි. ඔහු සියලු කරුණු රජතුමාට හෙළි කෙළේ ය. ධනවත් වීමට නම් පාවා දීම් කළ යුතුª බව ඔහු දැන සිටියේ ය. ඔහු ගේ පාවා දීම අකුරට ම වැඩ කළේ ය.
සිය රාජධානියෙන් අඩක් ද, ළාබාල ම කුමරිය ද ඔහුට රජතුමාගෙන් තිළිණ සේ ලැබිණි. ඔහු මේ කුමරිය සිය බිරිය කොට ගෙන සතුටින් දිවි ගෙවී ය.
එහෙත් කුමරිය සතුටින් දිවි ගෙව්වා දැයි කිසිවෙක් නොදනී.

බිරියෝසා කුමාරී

රුසියාවේ ජනශ‍්‍රැති ජනකතා සහ සුරංගනා කතා

එක්තරා ඈත කාලයකදී එක්තරා රුසියානු හමුදා භටයෙක් සිය නිවාඩු කාලය ගත කරනු පිණිස ගමරට බලා පිටත් ව ගියේ ය. එසේ ඔහු යා යුතු ව තිබුණේ මහා වනාන්තරයක් මැදිනි.
මේ වනයේදී ඔහුට මායාකරුවකු මුණගැසිණි.
මායාකරුවාට වනයෙන් බැහැර ව යෑමට වුවමනා වූ හෙයින් ඔහු බාරයේ සිටි රාජාලියන් සිව් දෙනකු හමුදා භටයා ගේ භාරයට පත්කරවන්නට ඔහුට අවශ්‍ය ව තිබිණි.
තම නිවාඩු කාලයේදී කළ හැකි අන් යමක් ද නො වූ නිසා සොල්දාදුවා මේ කාර්යයට අත ගැසුවේ ය. ඔහුට වාසය සඳහා දැවමුවා නිවෙසක් ලැබිණි.
කෑම බීම සියල්ල එහි තිබේ. රාජාලියෝ ද සිටිති. කිසිවකින් අඩුවක් නැත. එහෙත් වස කම්මැළි ය. මිනිස් හඬක් නැත. පුදුමාකාර පාළුවකි!
හමුදා භටයාට ඉක්මනින් ම මේ සියල්ල එපා විය. ඔහු ගෙයින් බැහැර ව යාබද වනයට පිවිසියේ ය. එවිට ම ඔහුට මිනිස් කටහඬක් ඇසිණි. ඒ බිරියෝසා ගසකිනි.
”කරුණාවන්ත තරුණය, මා අද බිරියෝසා ගසක්ව සිටින්නේ මායාකාරයා නිසා. ඔහු මා සරණ පාවා ගැනීමට උත්සාහ කළා. මා ඊට අකමැති වූ විට මා බිරියෝසාවක් කළා. ඔය රාජාලියන් මගේ සහෝදරයන්. ඔවුන් මා බේරාගන්නට ඇවිත් ශාපයට හසුවෙලා.”
මේ පුවතින් කරුණාවන්ත සොල්දාදු සිත රිදිණි. ඈ බේරාගන්නට කළ යුත්ත ඔහු අසා සිටියේ ය.
”එසේ නම් නුඹ එහා ගමට යා යුතුයි. එහි යහපත් මිනිසෙක් සිටිනවා. ඔහු නුඹට පොතක් තෑගි කරාවි. නුඹ එය දින තුනක් කියැවූ විට මේ ශාපය නිමාවේවි”
හමුදා භටයා ඒ වචන එසේ ම පිළිපැද්දේ ය. ඔහු බිරියෝසා ව පාමුල සිට පොත කියවන විට ගහේ කඳ දෙපළු වෙමින් රූබර කාන්තා රුවක් ඉස්මතු වන්නට විය. තෙවැනි දින අවසානයේදී ගසින් බට රූබරිය හමුදා භටයාගේ බිරිය වන්නට කැමැත්ත පළ කොට සිටියා ය.
එවිට රාජාලියෝ ද පියාඹා’විත් අළු පැහැති පොළොවේ හැපී ශක්තිමත් තරුණයෝ බවට පත්වූහ. ඔවුන් සියල්ලන් යාබද රාජධානියක රජුගේ දරුවන් බව ද හෙළිවිණි. ඔවුහු හමුදා භටයා ද රැගෙන සිය මාලිගය වෙත ගියෝ ය.
මිනිසුන් ගස් ගල් බවට පත් නොවන්නට නම් පොත් පත් පරිශීලනය කළ යුතු ය.