V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Sunday, November 30, 2014

ගුවන් විදුලි ළමා පිටිය දෙසැම්බර් 01 දා සිට යළි සජීවීව


ගුවන් විදුලි ළමා පිටිය 
දෙසැම්බර් 01 දා සිට 
යළි සජීවීව  ඉදිරිපත් කිරීමට 
ළමා අංශය කටයුතු කර ඇත.

Fm 91.7 ---- Fm 91.9
ඔස්සේ දිනපතා සවස 4 සිට 5 දක්වා 
ඔබට ළමා පිටිය ශ‍්‍රවණය කළ හැක.
ඔබ ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
ළමා පිටියේ සිටි අයෙක් නම් 
ඒ මතකය අවදි කර මෙහි සටහනක් තබා යන්න.

සිංහල ස්වදේශීය සේවය සහ විදුල ළමා ගුවන් විදුලිය 

මොනර පැංචට පාට ලැබුණ හැටි


දවසක් මොනර පැංචා ගඟක් ළඟ අඹ ගහ යට දුකෙන් හිටියා. ඈත අහස දිහා බලාගෙන ඉන්නකොට ලස්සනට දේදුන්න පායලා තියනවා දැක්කා. ඒ ටිකකින් පුංචි සමනලියක් වගේ සුරංගනාවියක් දේදුන්නෙන් බැහැලා මොනර පැංචා ළඟට ආවා.
“ඇයි ඔයා දුකින් ඉන්නෙ. අම්මා බැන්න ද? යාළුවෝ තරහ වුණා ද?” සුරංගනාවි ඇසුවා. මොනර පැංචා කිවුවා “නෑ නෑ එහෙම දෙයක් නෑ.” අනිත් කුරුල්ලෝ කියනවා.
“ඔයා හරිම කැතයි. කළු පාටයි ලස්සන නෑ” කියනවා. ඒ හින්දයි මම දුකෙන් ඉන්නෙ” මොනර පැංචා සුරංගනාවිට කිව්වා. සුරංගනාවිට දුක හිතිලා මෙහෙම කිව්වා.
“දුක්වෙන්න එපා. මම ඔයාට දේදුන්නේ පාට හතම දෙන්නම්” එතකොට මොනර පැංචට සතුටක් දැනුණා. සුරංගනාවි කීවා.
“ඔයා ගඟට බැහැල හොඳට නාල පිහාටු වේලා ගන්න”
මොනර පැංචා සුරංගනාවි කිව්ව විදිහට නාල ආවා. දේදුන්නේ පාට හත භාජනයකට දමා ගත්තා. පින්සලයකින් මොනර පැංචගෙ පිහාටු ලස්සනට පාට කළා.
“ඔයා දැන් ලස්සන කුරුල්ලෙක් ඔයා ලස්සනට පෙනෙන්නට ඔයාගෙ හිසේ අලංකාර ඔටුන්නක් සවි කරන්නම්” කියල හිසේ ඔටුන්නක් පැළැන්දුවා.
සුරංගනාවි කිව්වා “එන්න ගඟ ළඟට ඔයාගෙ ලස්සන බලන්න” මොනර පැංචා ගඟ ළඟට ගිහින් පිල් විහිදාගෙන ලස්සන බැලුවා. මොනරට හරි සතුටුයි. ඉන්පසු සුරංගනාවි “මම දැන් යනවා” කියල දේදුන්ට නැගල සමනළියක් වගේ වලාකුළු අතරින් නොපෙනී ගියා.
කැලේ අවුරුදු උත්සවේදී අවුරුදු කුමාරයා තරගයට මොනර පැංචා ඉදිරිපත් වුණා. තරගයෙන් මොනර පැංචා ප්‍රථම ස්ථානයට තේරුණා. කුරුල්ලෝ හැමදෙනාටම පුදුමයි මොනර පැංචා මෙච්චර ලස්සන වුණේ කොහොම ද? කියල. මොනර පැංචා ලස්සන වුණ රහස කවදාවත්, කාටවත් කීවේ නෑ.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ

http://www.silumina.lk/2014/11/30/_art.asp?fn=au141130

“Devians the All Island winners”

1 1a72e
The Junior Drama crew of Devi Balika Vidyalaya came onto the scene, winning the All – Island English Day Drama competitions 2014, conducted by the Ministry of Education and held at Sirimavo Bandaranaike Vidyalaya, Colombo, on the 12th of October 2014.

The world of Greek mythology, where Zeus reigns in the skies, where nymphs dance in the woods, where Demeter sows the seeds of prosperity and where Persephone, her daughter, sings in the sunshine of a woodland glade – it is a truly exquisite genre that is rarely explored by junior plays on Sri Lankan stages. 

The play itself, vibrant with songs, dance, music and melodrama, received much commendation from the judges and the general audience. Especially, appreciated was the performance of TheshaniMilindiWeligamage, whose portrayal of the unloved, misunderstood Hades brought her the award for the Best performance.
The script which was written by SadiniUpeka, the cast – everything had a certain sense of dynamism to it, changing subtly yet remaining solid throughout the three performances at zonal, provincial and All- Island levels. The entire cast opened up to somehow step out of their comfort zones and enter the magical world of Grecian legend.
2 0483b
It involved tireless effort on the part of the principal, Col. (Mrs.) W.D.P.K. Samarasinghe, whose support of the whole initiative was crucial; the teacher – in-charge, Mrs. ShammikaEdirisinghe, whose relentless guidance and encouragement proved to be a foundation of strength; the cast itself, whose togetherness drove the play into victory-and their parents and sisters to whose undying support, encouragement, assistance and sacrifice, the entire crew would be truly grateful.
All in all, it was a simple play of small origin – the very first prototype version of the script was only six pages long – but it had an epic destiny, just like the tale it drew life from Persephone.

http://www.educationtimes.lk/print-edition-2/3710-devians-the-all-island-winners

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති ලබන 3 වැනිදා සිට සපුරා තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය දෙසැම්බර් මස 9 වැනිදා ආරම්භ කරන බැවින් සියලු උපකාරක පන්ති හා ඉගැන්වීම් ලබන 3 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව සපුරා තහනම් වේ.
මෙම විභාගයට අදාළව එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ,එම පන්ති මෙහෙයවීම,විෂයානුබද්ධ දේශන,සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම ,එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම ඒවා බෙදැ හැරීම ,විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර් බැනර් අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාදය මගින් ප්‍රසිද්ධ කිරිම හෝ එවැනි දෑ ළග ලබා ගැනීම විභාගයට දින පහකට පෙර දිනයේ සිට තහනම් කැර ඇත.3013-06 21 දිනැතිව නිකුත් කැර ඇති ගැසට් නිවේදයේ විභාග පනතතේ 22 වගන්තියට අදාළව මේ නිති ප්‍රසිද්ධ කැර ඇත. ‍
මෙම නීති නොසලකා යම් අයෙක් ආයතනයක් හෝ යම් පාර්ශ්වයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කරන්නේ නම් මෙම පනත යටතේ වරද කරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන් .ජේ. පුෂ්පකුමාර මහතා කියා සිටි.
කිසියම් අයෙක් මේ නීති කඩකිරීමක් සිදු කරන්නේ නම් ළගම පවතින පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට නැතිනම් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි අතර දුරකතන අංක0112784208,0112784537,ක්ෂණික ඇමැතුම් අංක 1011 හෝ පොලිස් මූලස්ථානය 0112421111, හෝ119 අංක වලට ඇමතිය හැක.

සුභාෂීණී සේනානායක

http://www.dinamina.lk/2014/11/29/_art.asp?fn=n1411296

Tuesday, November 18, 2014

S.L.B.C. - O/L Seminar


ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව 
2014 අපොස සාපෙළ විභාගයට පෙනී සිටින 
දූ දරුවන් වෙනුවෙන්  
උපකාරක සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට 
කටයුතු යොදා ඇත.


2014-11-19 විද්‍යාව
දීපාල් ඩයස් මහතා
විශේෂ පුහුණු විද්‍යා ඩිප්ලෝමාධාරී, මීගමුව නිවුස්ටඞ් බාලිකා ජාතික පාසලේ විද්‍යා ආචාර්ය, 

2014-11-20 ගණිතය
ටී.ඞී.කේ.ඒ. ජයන්ත මහතා

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වැඩසටහන්)

2014-11-21 ඉතිහාසය
චන්දිම බිබිලේ මහතා



B.A.(SP ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය M.A. /B.A (Buddhist Dip:)

2014-11-24 ඉංගී‍්‍රසි
ජයතිස්ස අතාවුදහෙට්ටි මහතා
ඉංගී‍්‍රසි පිළිබඳ ජාතික ඩිප්ලෝමා, කේම්බි‍්‍රජ් E-SOL Teacher

2014-11-25 සිංහල
සුජීව සිරිමෙවන් මහතා 

B.A. ශාස්ත‍්‍රවේදී (ගෞරව) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු කථිකාචාර්ය 












නොවැම්බර් 19,20,21,24,25 දිනවල 
විද්‍යාව, ගණිතය, ඉංග‍්‍රිසි, ඉතිහාසය, සිංහල, 
යන අනිවාර්ය විෂයයන් සම්බන්ධ 
ඉලක්ක ප‍්‍රශ්න ඇසුරෙන් සම්මන්ත‍්‍රණ පැවැත්වේ. 

පෙව 9.30 සිට 12.30 දක්වා 
ආනන්ද සමරකෝන් මැදිරියේදී 
සම්මන්ත‍්‍රණ පැවැත්වේ. 
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව 
2014 අපොස සාපෙළ විභාගයට පෙනී සිටින 
දූ දරුවන් වෙනුවෙන්  
උපකාරක සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට 
කටයුතු යොදා ඇත.

නොවැම්බර් 19,20,21,24,25 දිනවල 
විද්‍යාව, ගණිතය, ඉංග‍්‍රිසි, ඉතිහාසය, සිංහල, 
යන අනිවාර්ය විෂයයන් සම්බන්ධ 
ඉලක්ක ප‍්‍රශ්න ඇසුරෙන් සම්මන්ත‍්‍රණ පැවැත්වේ. 

පෙව 9.30 සිට 12.30 දක්වා 
ආනන්ද සමරකෝන් මැදිරියේදී 
සම්මන්ත‍්‍රණ පැවැත්වේ. 
වැඩිදුර විස්තර සදහා 0112693345 අමතන්න

සිසු සැරිය බස් රථ නිරීක්ෂණය සඳහා GPS තාක්ෂණය යොදා ගැනේ

සියලුම සිසු සැරිය බස් රථ පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී. බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි GPS තාක්ෂණය යොදා ගනිමින් නිරීක්ෂණය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කෙරේ.
ඇතැම් සිසු සැරිය බස් රථ විධිමත්ව ධාවනය නොවන බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
මෙහි පළමු පියවර ලෙස අන්තර් පළාත් සිසු සැරිය බස් රථ සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස GPS තාක්ෂණ යොදා ගෙන නිරීක්ෂණය කිරීම සිදු කරනු ලබයි. මෙම බස් රථ ධාවනය පිළිබඳ නිරීක්ෂණය කිරීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පාලක මැදිරියේ සිට ක්‍රියාත්මක කෙරේ.
මේ වන විට දිවයින පුරා සිසු සැරිය බස් රථ 1135 ක් පමණ ධාවනය කරනු ලබන අතර ඒ සඳහා රජය වාර්ෂිකව රුපියල් ලක්ෂ 05 ක් පමණ වැය කරනු ලබයි. මෙම සේවාව යටතේ බස්නාහිර පළාත තුළ බස් රථ 298 ක්ද, දකුණු පළාතේ බස් රථ 108 ක්ද, වයඹ පළාතේ බස් රථ 242 ක්ද, උතුරු මැද පළාතේ බස් රථ 129 ක්ද, සබරගමුව පළාතේ බස් රථ 122 ක්ද, ඌව පළාතේ බස් රථ 68 ක්ද, නැගෙනහිර පළාත තුළ බස් රථ 100 ක්ද, මධ්‍යම පළාත තුළ බස් රථ 35 ක්ද, උතුරු පළාතේ බස් රථ 23 ක් හා අන්තර් පළාත් බස් රථ 10 ක් ධාවනයේ යොදවා ඇත.

http://www.silumina.lk/2014/11/16/_art.asp?fn=aa14111611

සියලු පාසල්වලට කෘෂි ගොවිපළ















දිවිනැඟුම වැඩ සටහනට සමගාමීව දිවයිනේ සියලුම පාසල්වල හා විද්‍යා පීඨවල කෘෂිකාර්මික ගොවිපළ බැගින් ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
දරුවන්ට වඩාත් හොඳ හෙටක් ගොඩනැඟීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට තාක්ෂණික විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදි විෂය යටතේ කෘෂිකර්මය, පසු අස්වනු තාක්ෂණය, ගොවිපළ කෘෂිකර්මය යන විෂය පාසල් 251 ක දැනටමත් ආරම්භ කර ඇත. පාසල් තුළ කෘෂිකාර්මික ගොවිපළ පිහිටුවීම මඟින් මේ විෂය හදාරන ශිෂ්‍යයන්ට හොඳ අවබෝධයක් ලබාදීම අරමුණ වී තිබේ.

සුභාෂිණී ජයරත්න

http://www.silumina.lk/2014/11/16/_art.asp?fn=aa1411164

Monday, November 17, 2014

කුරුල්ලාට වැරැදිලා


එක කැලයක කොබෙයි කුරුල්ලෙක් සහ කිරිල්ලියක් වාසය කළා. මේ දෙන්නා සමඟියෙන් වැඩ කරලා ලස්සන කැදැල්ලක් හදා ගත්තා. දෙන්නම සමාදානයෙන් පියාඹා ගිහින් කෑම සොයාගෙන කාල සතුටින් ඉන්නවා. සුපුරුදු පරිදි මේ දෙන්නා කෑම ‍‍සොයාගෙන පියඹා යනකොට දැක්කා එක ගමක ගමරාලයි ගමහාමිනෙයි මහන්සි වෙලා කැලෑව කොටලා හේනක් හදල බිම සකස් කරනවා. පසුව උඳු, මුං, තල, කුරහන් ධාන්‍ය වර්ග වපුරනවා දැක්කා.
‍Óමේ හේනේ වපුරපු ධාන්‍ය වර්ග ටික ටික අරන් ගිහින් කැදැල්ලේ තැන්පත් කළොත් වැසි කාලයට සහ ඉඩෝර කාලයට අපිට ප්‍රයෝජනවත් වෙයි” කිරිල්ලි කීවා. පහුවැනිදා කුරුල්ලයි කිරිල්ලියි පුංචි හොටෙන් පස් පීර පීරා උඳු, මුං, තල, කුරහන් සොයාගෙන ටික ටික ගෙනල්ලා කැදැල්ලේ පැත්තක තැන්පත් කළා.
ටික දවසක් යන විට තද ඉඩෝරයක් ආවා. කැදැල්ලේ තිබුණු ධාන්‍ය අඩුවෙන්න පටන් ගත්තා. කුරුල්ලා කිරිල්ලිගෙන් ඇසුවා,
“ඔයා මේ ධාන්‍ය වර්ග හොරෙන් හොරෙන් කෑවා නේද?” කියල. කිරිල්ලි කීවා “නෑ නෑ මම හොරෙන් කෑවේ නෑ” කියල. කුරුල්ලා කිරිල්ලි කියපු කතාව පිළිගත්තේ නෑ.
“ධාන්‍ය වර්ග හොරෙන් කෑවා මදිවට බොරු කියනවා” කියල තරහ ගිය කුරුල්ලා කිරිල්ලිට හොටෙන් අනින්න පටන් ගත්තා. කිරිල්ලිට හොඳටම තුවාල වුණා. කිරිල්ලී මේ නපුරු කුරුල්ලත් එක්ක කැදැල්ලේ ඉන්න බෑ කියල වෙන ගසක කැදැල්ලක් හදාගෙන තනියම හිටියා. ටික දවසක් යනකොට වැසි වහින්න පටන් ගත්තා. අව්වේ සැරට වේලිලා අඩුවුණු ධාන්‍ය වර්ග වැස්ස නිසා ඒ තෙතමනයට අර ධාන්‍ය මහත් වෙලා ධාන්‍ය ගොඩ ලොකු වුණා. මේ ධාන්‍ය ගොඩ දැකපු කුරුල්ලට හිතුණා “කිරිල්ලී හොරෙන් ධාන්‍ය කෑවා කියල ඉක්මන් වෙලා හොටෙන් කොටල කරදර කරපු එක මෝඩකමක්. හරි හැටි දෙයක් සොයා බලන්නැතුව වැඩ කරාම සිදුවන පාඩුව මේ නිසා මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා” කියල කුරුල්ලා හිතුවා “කිසි දෙයක් හරියට සොයා බලන්නැතුව කිරිල්ලිට කරදර කරා” කියල දුක්වුණා. ඉන්පසුව කුරුල්ලා කිරිල්ලී සොයාගෙන පියාඹා ගිහින් කරපු වරදට කිරිල්ලියගෙන් සමාව ගත්තා. ඉන්පසු කුරුල්ලයි කිරිල්ලියි ඉස්සර වගේම සතුටින් සමාදානයෙන් කැදැල්ලේ ජීවත් වුණා.
(ජනකතාවක් ඇසුරෙනි)
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ 8

http://www.silumina.lk/2014/11/16/_art.asp?fn=au141116

වන සිරියාව


නැ‍ඟෙනහිරින් පායා එන හිරු එළියයි වැටෙන්නේ
ගස්වැල් අතරින් වැටි එන ආලෝකය එඹෙන්නේ
උදෑසනයි කියා ඇසෙන මියුරු ගීත ඇසෙන්නේ
කුරුළු පවුල් මුළු වනයම පණ ගන්වන්නේ
මුව පොව්වන්, හා පැටවුන්, කුරුළු පැටව් නේ
දුවමින් පනිමින්, නටමින් රැඟුම් රඟන් නේ
කුඹුරු උඩින් සමනල් කැළ පියඹා යන්නේ
වන ගොමුව වන මල් සුවඳින් නැහැවෙන් නේ
මී අඹ වල රස විඳින්න ලේනුන් එන් නේ
රූස්ස ගස් මුඳුන් අතරෙ වඳුරෝ ඉන් නේ
මී මැස්සෝ මී වඳවල පැණි පුරවන් නේ
මොනරුන්ගේ පිල් අතරින් රටා මැවෙන් නේ
ගිනි බෝලය සේ ඈතින් හිරු බැසයන් නේ
කුරුල්ලෝද කැඳලි කරා පියඹා යන් නේ
වවුලො, බස්සො, නයි, සරපයි එළියට එන් නේ
මුළු වනයම කළුවර වී අඳුර වැටෙන් නේ
එල්. චෝලිකා හේෂානි ලියනගේ
9 ශ්‍රේණිය ‘සී’,
පන්නල ජාතික පාසල,
පන්නල.

http://www.silumina.lk/2014/11/16/_art.asp?fn=au141116

Monday, November 10, 2014

දහම් තක්සලාව පැරණි වැඩසටහන් දැන් නැවත ශ‍්‍රවණය කළ හැක


"දහම් තක්සලාව" සෑම සෙනසුරාදා දිනකම උදෑසන 8 සිට 9.30 දක්වා ස්වදේශිය සේවයෙන්
දහම් තක්සලාව පැරණි වැඩසටහන් දැන් නැවත ශ‍්‍රවණය කළ හැක 







ජාතික ගුවන් විදුලියෙන් අපොස සාපෙළ විභාගයට අත්වැලක්



ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව 
2014 අපොස සාපෙළ විභාගයට පෙනී සිටින 
දූ දරුවන් වෙනුවෙන්  
උපකාරක සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට 
කටයුතු යොදා ඇත.

නොවැම්බර් 19,20,21,24,25 දිනවල 
විද්‍යාව, ගණිතය, ඉංග‍්‍රිසි, ඉතිහාසය, සිංහල, 
යන අනිවාර්ය විෂයයන් සම්බන්ධ 
ඉලක්ක ප‍්‍රශ්න ඇසුරෙන් සම්මන්ත‍්‍රණ පැවැත්වේ. 

පෙව 9.30 සිට 12.30 දක්වා 
ආනන්ද සමරකෝන් මැදිරියේදී 
සම්මන්ත‍්‍රණ පැවැත්වේ. 
වැඩිදුර විස්තර සදහා 0112693345 අමතන්න

වෘකයා හා ලේනා

දව­සක් ලේනෙක් අත්තෙන් අත්තට පනින කොට නිදා හිටපු වෘකයකුගේ ඇඟ උඩට කෙලින්ම වැටුණා. වෘකයා එක පාරට ගැස්සිලා ඌ අල්ල­ගෙන කන්න හැදුවා. ලේනා පින්සෙන්ඩු වෙන්න ගත්තා:
“අනේ මාව අත හැර­පන්.” වෘකයා එත­කොට කිව්වා:
හොඳා, මං උඹ අත හරි­න්නම්, ඒත් උඹ මට කිය­පන් මොකද මට හැම­දාම කාන්සි, ඒකට උඹලා ලේන්නු හැම තිස්සෙම බොහොම විනෝ­දෙන් ඉන්නේ කියලා විත­රක්.”
ලේනා මෙහෙම කිව්වා:
“ඉස්සෙල්ලා මට ගහට නගින්න දීපන්, මං ගහේ ඉඳන් කිය­න්නම්, නැත්නම් මං උඹට බයයි.”
වෘකයා ඌ නිද­හස් කළා, ලේනා ගහට නැගලා, ගහ උඩ ඉඳන් කිව්වා:
“උඹට කාන්සි, උඹ නපුරු හින්දා. නුඹේ හද­වත නපු­රු­ක­මෙන් පිච්චෙ­නවා. අපි විනෝ­ද­යෙන් ඉන්නේ මොකද අපි කරු­ණා­වන්ත යි, කාට­වත් නපු­රු­කම් කරන්නේ නැහැ.”
 
ශ්‍රේෂ්ඨ රුසි­යානු ලේඛක ලියෝ­තෝ­ල්ස්තෝයි උපන්නේ වැඩුණේ හා තම ජීවි­ත­යෙන් වැඩි කලක් ගත කළේ ගම්බද පරි­ස­ර­යක යාස්නයා පල්යානා පෙදෙ­සෙ­හිය. ඔහු ළම­යින්ට ඉතා ඇළුම් කළ අතර සිය ගමේ ළමා ළප­ටි­යන්ට බොහෝ කෙටි­කතා හා කත­න්දර ලිව්වේය.
ඔහු ළම­යින් සඳහා ලියූ තම කෙටි­කතා සහ කත­න්දර මුද්‍ර­ණය කළේ හෝඩිය හා රුසි­යානු කිය­වීම් පොත් නමැති පොත්ව­ලය.
ලොව විවිධ ජාතීන්ගේ ජීවි­ත­යෙන්, පැරැණි සාහි­ත්‍ය­යෙන් ගත් බොහෝ ඉති­හාස පුවත් හා මිථ්‍යා කතා තෝල්ස්තෝයි ඒවාට ඇතුළු කළේය. පුරාණ ග්‍රීක පඬි­ව­ර­යෙකු වූ ඊසොප්ගේ සරල හා කෙටි උපමා කතා ඔහුගේ සිත් ඇද ගත්තේය.

මෙය පළ­වෙන්නේ තෝල්ස්තෝ­යිගේ කූඹියා හා පරෙ­වියා නම් උපමා කතා එක­තු­වෙහි කතාවකි.
(සූරිය ප්‍රකා­ශ­න­ය­කින් උපුටා ගැනිණි.)



ඉස්සර රස කතා


ඉස්සර කාලේ ආච්චිලා
ඇහුවලු හොඳ රසට කතා
ඒවා මේ දැන් නැහැනේ
අපට අහන්ටා
ඉබ්බා අහසින් ගිය හැටි
නරියා මිදි කෑව විදිය
බොහොම රසට ඒ කාලේ
ආච්චිලා ඇහුවා
ගම ලොක්කගෙ පුහුල් හොරා
හොයා ගත්තෙ කර දැකලා
අලි රාලගෙ හැට්ටෙ එල්ලි
ගමයා දෙව්ලොවට ගියා
හාවයි නරියයි දෙන්නා
ලබු කිරිබත් ඉව්වා එදා
අපෙ ආච්චිලා මෙවැනි කතා
රස විඳිමින් ඇහුවා එදා
අද කොයින්ද මෙවැනි කතා
ඇත්තේ හරසුන් ඒවා
අනේ අනේ ඉතිරි වෙන්න
මෙවැනි කතා ඉදිරියටා

හිරුදිනී කුමාරි විජේතිලක,
9 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව.

නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ

බෞද්ධ පුනරුදය ඇති කරමින් රටට ජාතියට වැඩදායී පුරවැසියන් රැසක් බිහි කළ නාලන්දා විද්‍යාලය 2014 නොවැම්බර් 1 වැනිදා වසර අනූවට පා තැබීය. එදා මෙදා තුර විශිෂ්ටයන් රැසක් බිහි කළ නාලන්දාව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ එහි සිසු කැළ මෙහෙයවමින් සාර්ථක විභාග ප්‍රතිඵල නිරන්තරයෙන් ම ලබා ගෙන සිටින විදුහලකි.
වසර අනූවකට එළඹෙන නාලන්දාවේ දිගු ඉතිහාසය ප්‍රෞඩත්වයෙන් සපිරුණු ගමන් මඟකි. නාලන්දාවේ නියමුවන් වූ විදුහල්පතිවරුන්ගේ පරමාර්ථය දර්ශනය හා ඉලක්කය වූයේ විභාග සමත්වීම ඉලක්ක කැර ගත් සිසු පරපුරක් බිහි කිරීමට වඩා අධ්‍යාපනයෙන් විනයෙන් දක්ෂතාවයෙන් රටේත් ලෝකයේ අන් ඕනෑම තැනකටත් නාලන්දා දරුවන් සුදුස්සන් බවට පත් කිරීමටය.
නාලන්දා විද්‍යාලය බිහිවන්නේ එවකට අප රටේ බෞද්ධ විද්‍යාල පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවරක් ජාතියට ඉටුකර දුන් කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ මැදිහත් වීමෙනි.
නාලන්දාවේ නිර්මාතෘවරයා වන්නේ ගණිතඥයකු අධ්‍යාපනඥයකු සහ දේශ හිතෛෂි දේශපාලනඥයකුව සිටි පී ද එස්. කුලරත්න මහතාය. එල්.එච්. මෙත්තානන්ද මහතා නාලන්දාවේ ප්‍රථම විදුහල්පතිවරයාය.
අප රටේ ශ්‍රේෂ්ඨ උගත් සංඝ පීතෘවරයාණන් වහන්නේ නමක්ව සිටි බළන්ගොඩ ආනන්ද මෛත්‍රේ ස්වාමීන් වහන්සේ ‘නාලන්දා’ යන නම තැබීමට සහ පාසල් පාඨය ලෙස ‘අපදාන සෝභිණී පඤ්ඤා’ පාඨය යෙදීමට යෝජනා කර තිබේ.
ආනන්දයේ ශාඛාවක් ලෙස නාලන්දාව බිහි වන්නේ ආනන්දයේ එවකට ඉගෙනුම ලබමින් සිටි සිසුන් 330 දෙනකු නාලන්දාවට ඇතුළත් කර ගැනීමෙනි.
නාලන්දාව අද වන විට සිසුන් 4300 ක් ඉගෙනුම ලබන තක්සලාවකි.
එල්.එච්. මෙත්තානන්ද, මහාචාර්ය ගුණපාල මලලසේකර, ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා, ජේ.එන්. ජිනේන්ද්‍රදාස, ඩී.සී. ලෝරිස්, එම්.ඩී.එස්. ජයරත්න, එම්. ඩබ්ලිව් කරුණානන්ද, කේ.එම්.ඩබ්ලිව්. කුරුප්පු, ඩී.ජේ. එදිරිසිංහ, ගුණපාල වික්‍රමරත්න, සුගුණදාස අතුකෝරල, ධර්ම ගුණසිංහ, ඩී.ජී. සුමනසේකර, එඩ්වඩ් ‍රණසිංහ, හේමන්ත ප්‍රේමතිලක, නාලන්දාවට නායකත්වය දෙමින් නාලන්දාව මෙහෙයවූ විදුහල්පතිවරුය.
ගතවූ වසර හතරක පමණ කාලයක් තුළ නාලන්දාව තව තවත් ඉහළට ඔසවා තබමින් නාලන්දාව මෙහෙයවීමේ නියමුවා ලෙස කටයුතු කරන්නේ වත්මන් විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතාය.
නාලන්දාවේ අතීත සිසු පරපුර දෙස බැලීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ද නාලන්දාවෙන් සිප් සතර හදාරා තිබීම පිළිබඳව නාලන්දාවට ඇත්තේ මහත් අභිමානයෙකි.
හිටපු ඇමැතිවරුන් වන අභාවප්‍රාප්ත මෛත්‍රිපාල සේනානායක, එම්.ඩී. බණ්ඩා, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල, ඩී.බී. වෙලගෙදර මහත්වරු ද ආදි නාලන්දීයයෝය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ලේකම්වරයකු ලෙස ක්‍රියා කළ මේජර් සී.ඒ. ධර්මපාල මහතා ද නාලන්දාවෙන් බිහි වූවෙකි.
වර්මානයේ සිටින ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, නිර්මල කොතලාවල, දොස්තර රාජිත සේනාරත්න, තිස්ස කරල්ලියද්ද, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ගාමිණි ජයවික්‍රම පෙරේරා ඇතුළු තවත් මන්ත්‍රීවරු කිහිප දෙනකුම නාලන්දාවට ගෞරවය ගෙන දෙන ආදි සිසුවෝය.
කොළඹ නාලන්දා විද්‍යාලය 90 වැනි වියට පා තැබීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී නාලන්දා විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතා අදහස් දක්වයි. ඡායාරූපය - සුදත් මලවීර
රටට හා පිටරටට ධර්මඤාණය බෙදා දෙමින් අමිල මෙහෙවරක් ඉටුකළ අපවත් වී වදාළ වජිරාරාම වාසි පූජ්‍ය පියදස්සි හිමිපාණෝ ද ආදි නාලන්දියෙකි.
කුප්පියාවත්තේ බෝදානන්ද බුද්ධංගල ආනන්ද, පාගොඩ ජනිතවංශ, කඩවත සුමිත ඇතුළු නාලන්දාවෙන් බිහිවුණ බුදු පුතුණුවන් වහන්සේලාගේ සංඛ්‍යාව විසි නමකට අධිකය.
අපවත් වී වදාළ නුගේගොඩ රේවත හිමියන් ගැනද මෙහිදී සිහිපත් කළ යුතුය.
තාරකා විද්‍යාඥ සරත් ගුණපාල, මහාචාර්ය චිත්තාදිමන්ත ඇතුළු කීර්තිධර විද්‍යාඥයන් ඇතුළු විසිදෙනකුගෙන් පමණ යුත් ආදි නාලන්දීයන් පිරිසක් නාසා ආයතනයේ සේවය කිරීමත් අප විදුහලට ආඩම්බරයට කරුණකි.
මහාචාර්ය පත්මජීව ගනේපොල ඇමෙරිකාවේ ආයතන කිහිපයක අධ්‍යක්ෂ ධුර දරන ආදි නාලන්දියෙකි.
තායිලන්ත රජුගේ ආර්ථික උපදේශක තනතුරක් දැරුවේ ද කලකට පෙර අප අතරින් සදහටම වෙන්ව ගිය ආචාර්ය ගාමිණි අබේසේකර මහතා ද දීප්තිමත් ආදි නාලන්දියෙකි.
තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න, මහාචාර්ය දසරත ගුණවර්ධන, මහාචාර්ය ‍කේ.එන්.ඕ. ධර්මදාස, ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග යන විද්වත්හු ද නාලන්දා නම ඔපවත් කරන ආදි සිසුහු වෙති.
ශ්‍රමදාන ව්‍යාපාරයක් මුල් කරගෙන ‘සර්වෝදය’ ව්‍යාපාරයට මුල බීජය එකතු කළ එහි නායක වන ආචාර්ය ඒ. ටී. ආරියරත්න, මහතා ඇතුළු නාලන්දාවේ ගුරුවරුන් ලෙස ක්‍රියා කළ ධර්ම ගුණසිංහ, ඩී.එස්. සේනානායක, ටී.එස්. සිල්වා සහ එවකට නාලන්දාවේ සිසුන් මෙහෙයවමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල නොදියුණු සමාජයෙන් කොන්කර ජන කොට්ඨාසයක් පදිංචිව සිටි ‘කනතොළුව’ ගම්මානය නඟා සිටුවීමට පියවර ගත්තේය. එදා නාලන්දාවේ මේ ගුරුවරුන් ඇතුළු සිසු පිරිස ශ්‍රමදාන ව්‍යාපාරයට යොමු කොට මෙහෙයවීමට මඟ පෙන්වූයේ එවකට විදුහල්පති ධුරය දැරූ එම්.ඩබ්ලිව්. කරුණානන්ද මහතාය. ශ්‍රමදාන ව්‍යාපාරයක් දීප ව්‍යාප්ත සර්වෝදය ව්‍යාපාරයක් බවට පත්වී ජනසම්මානයට හා ගෞරවයට පාත්‍රවීමේ අභිමානය ඇත්තේ ද නාලන්දාවටය.
කන‍තොළුව ගම්මානයට පසු නැ‍ඟෙනහිර පළාතටත් මායිම් වූ අනුරාධපුරයේ ඈත කෙළවරක පිහිටි විල්ගම් වෙහෙරට යාමට මාවතක් ශ්‍රමදානයෙන් සකස් කරදීමට නාලන්දා සිසුන්ට හැකිවිය.
රටේ කාගේත් අවධානයට යොමුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ජගත් තලයට රැගෙන යාමට මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ද නාලන්දා මාතාව දායාද කොට තිබේ.
වර්තමානයේ ‍ලෝකයේම ප්‍රසිද්ධ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ද ආදි නාලන්දියෙකි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ බන්දුල වර්ණපුරය. රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, කුමාර ධර්මසේන ඇතුළු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ 30ක් පමණ නාලන්දාවෙන් ජගත් තලයට ගිය ක්‍රිකට් තරුය. අභාවප්‍රාප්ත අරුණ රණසිංහ ද මේ අතර සිටි බව සිහිපත් කරමි.
පාසලකින් ප්‍රථම වරට චෛත්‍යයක් ඉදිකිරීම අතින් ද නාලන්දාව ඉතිහාස පොතට එක්වෙයි. ඒ නාලන්දා ධර්මග්‍රාම සංසදය මඟින් ඓතිහාසික මහසෙන් පුර දලුක්ගල ග්‍රාමයේ නාලන්දා සෑය ඉදිකර සසුනට පූජා කිරීමය.
නාලන්දාවේ දරුවන්ට සිප්සතර කියා දුන් ගුරුමෑණිවරු සහ පියවරු විශ්‍රාම ලබා විදුහලෙන් සමුගත් පසු ඔවුන්ට විවේක කාලය ගත කර පැමිණීමට විශ්‍රාම නිකේතනයක් ද කඩුවෙල ඉදිකර තිබේ. මේ සඳහා ඉඩම ‍පරිත්‍යාග කළේ ද නාලන්දාවේ සේවය කර විශ්‍රාම ලැබූ රුද්‍රිගු ගුරු මෑණියන්ය.
නාලන්දය බිහි කළ කලාකරුවෝ ද රැසකි. මේ අය අතර කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, යූ.ඒ.එස්.පෙරේරා ( සිරි අයියා) හෙන්රි ජයසේන, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කිවිපති සුගතමුණි ඤාණසිරි, කමල් දේශප්‍රිය, ගාමිණී හෙට්ටිආරච්චි සහ සමන් ද සිල්වා ඇතුළු පිරිසක් සිටිති.
කරුණාරත්න අබේසේකර, ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා, කමල් දේශප්‍රිය ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන් ලෙස ද අනභිභවනීය නමක් දිනා ගත් ආදි නාලන්දීයෝය.
එල්ටීටීඊ යුද්ධයේ දී රට බේරා ගැනීමේ සටනේදී හමුදා සේවාවල නිරතව සිට රට වෙනුවෙන් දිවි දුන් ආදි නාලන්දීය රණවිරුවන්ගේ සංඛ්‍යාව 41කි. මේ මොහොතේ ඔවුන් සිහිපත් කරන්නේ ඔවුන් පිළිබඳ මතකයන් එක්කරමින් සදා බැතියෙනි.
ක්‍රීඩා ඉසව් 34 සිසුන්ගේ දක්ෂතා සඳහා විදුහල පවත්වාගෙන ගිය ක්‍රිකට් - රගර්, වොලිබෝල්, පිහිණුම්, කරාටේ, වූෂූ, ජවන හා මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා රැසකින්ම නාලන්දාව සෙසු විදුහල් පරදවා ජයග්‍රහණ ලබා ගත් වාර අපමණය.
ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගම් නාලන්දාවට ඉටු කරන්නේ අමිල මෙහෙවරකි. බෞද්ධ සංගමය - සිංහල සංගමය, තාරකා විද්‍යා සංගමය, කලා සංගමය, සන්නිවේදන අංශය, පියසර සංගමය, කඳු නඟින්නන්ගේ සංගමය ඇතුළු නාලන්දාවේ පිහිටුවා ඇති සංගම් 46ක් නාලන්දාව ඔසවා තබන්නට ගන්නා වෑයම ප්‍රශංසනීයය.
අනූවැනි වසරට පා තබන මොහොතේ නාලන්දාවේ අරමුණ තවත් වසර දහයක් ගිය තැන වසර 2025 දී එළැඹෙන නාලන්දාවේ සියවස් උලෙළට නාලන්දාව සූදානම් කිරීමය.
එසේම අනූව වසරට පා තැබීමෙන් පසු ලබන වසර (2015) නොවැම්බර් 1 වැනිදා දක්වා වූ එළැඹෙන වසර පුරාම නාලන්දාවට වසර අනූවක් පිරීම සමරමින් ක්‍රියාකාරකම් සිදු කිරීමය.
ඩෝල්ටන් වක්වැල්ල
1963 - 64 නාලන්දා විද්‍යාලයීය
ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති
http://www.silumina.lk/2014/11/09/_art.asp?fn=af14110912

සමහර රියැලිටි තරග දරුවන්ට සුදුසුම නෑ


විශාරද නන්දා මාලිනි
බාල, තරුණ, මහලු ආදි සෑම තරාතිරමකම සුවහසක් ගීත ශ්‍රාවකයින්ගේ සිත් සනහාලමින් ඇගේ ගී හඩ ගුවන් තලය සිසාරා පාවී එයි. අඩ සියවසක් සපුරා ඈ ගී ගයන්නී ය. මධුර තනු මවන්නී ය. “සුභාවිත ගීතයේ සිංහල ලකුණ” යයි පණ්ඩිත් අමරදේවයන් ඇය පිළිබඳව පෙර දිනෙක සඳහන් කර ඇත්තේ සත්‍ය ය.
සුභාවිත ගීතයේ ඒ සිංහල ලකුණ මත පරම්පරාවට ද දායාද කර දෙමින් පවත්වා ගෙන එන ඇයගේ “සංගීත ආශ්‍රමය” අරඹා මේ වන විට දශක තුනකි. ප්‍රවීණ සංගීතවේදිනී හා ගායන ශිල්පිනි නන්දා මාලිනි ඇය යි. සිය සංගීත ආශ්‍රමයට වසර 30 ක් පිරිම නිමිත්තෙන් නන්දා මාලිනිය ‘රසඳුන’ සමඟ කළ කතාබහයි මේ.
මල් කියන්නේ කාට කාට
ළමයින්ටයි පාට පාට
පෙළක් ළමයි සුවඳ ගොඩයි
පෙළක් ළමයි හරිම හැඩයි
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ...!
 
(පද - පී. බී. අල්විස් පෙරේරා)


“මුලින්ම දරුවන් වෙනුවෙන් 1984 දී තමයි මම මේ සංගීත ආශ්‍රමය ආරම්භ කළේ. මම ගායනයට පිවිසිලා, සංගීත අධ්‍යාපනය ලබලා, භාත්ඛණ්ඩේ පරීක්ෂණයෙන් සමත් වෙලා, විශාරද ලබාගෙන ස්වාධීනව මගේ ජීවිතේ ගොඩ නඟා ගන්නත් ඉගෙන ගත්ත දෙයින් කිසියම් මෙහෙවරක් කරන්නත් කියා හිතලා මගේ හිතවතුන්ට හා හිතවතියන්ට කියලා අඬගහ ගත්ත දරුවන් දහතුන් දෙනෙකු තමයි මුලින්ම මෙහි සිසු දරුවන් වුණේ. එහෙම අරඹා ටික ටික දියුණු කරගෙන අද ඉතාම ඉහළ තැනකට මේ සංගීත ආශ්‍රමය ගෙන එන්න මට පුළුවන්කම ලැබිලා තියෙනවා.
මං එහෙම කියන්නේ අපේ මේ සංගීත ආශ්‍රමයෙන් බිහි වෙච්ච දක්ෂයන් බොහෝ දෙනෙක් අද මේ රටේ ගුරු පත්වීම් ලබලා ජීවිකා වෘත්තියේත් අපේ සංගීත ක්ෂේත්‍රයේත් නියැළි ඉන්නා නිසයි. මට එය විශාල සතුටක්. මට ඒ සතුට ලැබුණේ මේ සංගීත ආශ්‍රමය හින්දයි.”
. ඔබේ සංගීත ආශ්‍රමයේ සෙවණ ලැබු සිසු දරුවන්ව සිට අද සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රසාදය දිනාගෙන සිටින ශිල්පීන් කවුරුන් ද...?
අප සෙවණේ සිට අපේ මඟ ගිය දරුවෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් බොහොමයක් ප්‍රධාන පාසල්වල ගුරුවර ගුරුවරියන් ලෙස කටයුතු කරනවා. අපෙන් ඉගෙන ගත් සිසුන් දෙදෙනෙකුත් දැන් ගුරු වෘත්තියේ නියැළෙන අතර මෙහි පැමිණ සංගීත ආශ්‍රමයේ දී දරුවන්ට ශිල්ප ලබා දෙනවා.
විශේෂයෙන් අපේ සංගීත ආශ්‍රමය සෙවණේ සිටි දයාන් විතාරණ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, හේෂාන් ගමගේ වැනි ශිල්පීන් හා ශිල්පිනියන් මේ රටේ ජනතාවගේ ආදරය දිනා ගනිමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. ඔවුන්ට අපේ ක්ෂේත්‍රයේ අනන්‍යතාවක් තියෙනවා.”
. දක්ෂ ගායන ශිල්පියකු හෝ ශිල්පිනියක වීමට ප්‍රමිති ගත ශිල්පීය දැනුමක් උවමනා වෙනවා ද...?
අපේ මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් යම්කිසි ප්‍රමිති ගත ශිල්ප ක්‍රම ප්‍රගුණ කර තිබීම වැදගත් වෙනවා. වර්තමානයේ බොහෝ පිරිස් එයට එකඟයි. ඇත්තටම ශිල්පය ප්‍රගුණ කර ගන්නේ නැතුව මේ ක්ෂේත්‍රයේ රැ‍ඳෙන්න බැහැමයි. ඒක ස්ථිරයි. ඉගෙන ගන්නම ඕනේ. අපේ රටේ ඉන්න හැමෝටම වගේ සින්දු කියන්න පුළුවන්. එය ශිල්පීය දස්කමත් සමඟ යොදා ගැනීමෙන් තමයි ගායක ගායිකාවන් වීමට හැකි වෙන්නේ.
නිකම් අතපත ගාලා සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ජනප්‍රියත්වයට පත් වී මේ ක්ෂේත්‍රයේ ගමන් කළාම අතරමගදී කඩා වැටෙනවා. ඒ නිසා තමයි අද නම් වශයෙන් කියන්න පුළුවන් ඉතාම සුළු පිරිසක් අපේ රටේ මේ ක්ෂේත්‍රයේ ඉතුරු වෙලා ඉන්නේ. බොහෝ දෙනෙකු ආවා, ගියා. ඔවුන්ට රැඳී ඉන්න නොහැකි වුණේ ප්‍රමිති ගත ශිල්පය ඔවුන් ප්‍රගුණ කර නොතිබීම නිසයි. අපේ සංගීත ආශ්‍රමයේ සිසු දරුවන් ලොකු මහත් වෙන්නේ ප්‍රමිති ගත ශිල්ප ප්‍රගුණ කරමිනුයි.”
. සමාජයට යහපත් පුරවැසියෙක් බිහි කිරීමේ දී සෞන්දර්ය විෂය මොනතරම් දුරට අදාළ කර ගන්න පුළුවන් ද?
දැන් පවතින සමාජයේ හැමදේම විෂමයිනේ. අපිට පේනවා ලොකු කලබලයක් වගේ ජීවිතය. සෞන්දර්ය විෂයයකට හුරු පුරුදු කළ දරුවෙක් කියන්නේ බොහෝ විට අනාගතයේ හොඳ පුරවැසියෙකුටයි. ඒ ළමයා අම්මාගේ, තාත්තාගේ දුක හඳුනන ළමයෙකු වෙනවා. ඒ ළමයා දෙමවුපිය, ගුරුවර, වැඩිහිටියන්ව මෙන්ම අසල්වැසියාව හොඳින් හඳුනනවා. මේ ලෝකයේ තියෙන, දකින, දකින හැමදේටම ඒ දරුවා ආසා වෙන්නේ නැහැ. එයා තෝරා ගැනීම් කරනවා.
එයාගේ අදහස් උදහස් වෙනස්. කතාබහ, ඇඳුම් පැලඳුම් පවා වෙනස්. ඒ දරුවා දකින ගහකොළ මල් පවා ලස්සනයි. සෞන්දර්යට හුරු පුරුදු දරුවෙක් මුහුදේ රැල්ල පා ගන්න ගියොත් එයා එය පුදුම රසයකට විඳ ගන්නවා. මට හිතෙන්නේ හික්මීමක්, පෞරුෂයක් ඇති දියුණු දරුවකු බිහි කරන්න පුළුවන් වෙන්නේ සෞන්දර්ය විෂයෙනුයි.”
. සෞන්දර්යෙන් දුරස් වන දරුවකුගේ ස්වභාවය ඔබ දකින්නේ කෙලෙස ද?
එවැනි දරුවෙකුට කිසිවක් වැටහෙන්නේ නැහැ. ඒ දරුවාට කිසි දේක ලස්සනක්, අගයක් නැහැ. ඔහුගේ හෝ ඇයගේ මනස සන්සුන් නැහැ. ගහකට මලකට තියා අම්මාට තාත්තාට වත් ඔවුන් ආදරය කරන්නේ නැහැ. අද දෙමවුපියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මෙය - ‘කොහොමද මගේ දරුවාව හරි මාර්ගයේ ගෙන යන්නෙ’ කියන ප්‍රශ්නය. මම දෙමවුපියන්ගෙන් හැම වෙලේම ඉල්ලන ඉල්ලීමක් තමයි - ‘තමන්ගේ දරුවාව ටික කාලෙකට හරි සෞන්දර්ය විෂයකට යොමු කරන්න’ කියන ඉල්ලීම.
එමඟින් තමයි දරුවකුගේ පෞරුෂය වර්ධනය වෙන්නේ. මං හිතන්නේ අපිට දුක්, වේදනා, කරදර, ප්‍රශ්න පීඩා විඳ දරාගෙන මේ කලබල ගොඩ මැද්දේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබී තියෙන්නේ මේ සෞන්දර්ය විෂය ක්ෂේත්‍රය නිසයි. ඉන් අපිට හොඳ උත්තේජනයක් ලබා දීලා තියෙනවා.
. වර්තමානයේදී දරුවන් රියැලිටි තරග හා ප්‍රසංග කරා යොමු කිරීම සම්බන්ධයෙන් ඔබ දරන මතය කුමක් ද?
ඔය සමහර ඒවා දරුවන්ට සුදුසුම නැහැ. දෙමවුපියන්ගේ ආසාවන්ට තාවකාලික ජනප්‍රියත්වයක් උදෙසා ඇත්තටම දරුවන්ට කරන්නේ ලොකු හානියක්. මල් පිපෙන්න ඉස්සෙල්ලා බලහත්කාරයෙන් පුබුදුවනවා වගේ ක්‍රියාවක් තමයි ඔවැනි වැඩ සටහන් හා ප්‍රසංග වලින් කෙරෙන්නේ. සොබා දහමේ නියමය ලෙස මල් පිපෙන්න ඉඩ නොදී පිබිදුවාම නිකම්ම පර වෙනවා. සහජයෙන් ලබා ගෙන එන දස්කමක් ඇති දරුවකු මිස ඔය බලෙන් පුබුදුවන මල් වැනි දරුවන් පවතින්නේ නැහැ. උපතින් ලබා ගෙන එන දක්ෂතාව හැකියාව තමයි අපිට දියුණු කරන්න පුළුවන්.
එසේ නැති දරුවකුට වින්දනයක් ලබා දෙන්න විතරයි අපිට පුළුවන් වෙන්නේ. දෙමවුපියන් තමයි නිවැරැදි තීරණය ගන්න ඕනේ. ඔවුන් හැම විටකම හිතන්නේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමය පස්සේ දරුවාව රැගෙන දුවන්නයි. එවිට ඔවුන් පස්සට දමන්නේ සාහිත්‍ය, සංගීතය වැනි දරුවාගේ පෞරුෂය වර්ධනය කරන මාධ්‍ය ඇතුළත් සෞන්දර්ය විෂයයි. ගණන් පන්තියකට යන්න සංගීත පන්තිය වෙනස් කරලා දෙන්න බැරි ද අහන දෙමවුපියන් ඉන්නවා. එහෙම බැරි නම් සංගීත පන්තියෙන් දරුවාව අයින් කර ගන්න හිතන වැඩිහිටියොත් ඉන්නවා.
. මේ දිනවල ඔබේ සංගීත ආශ්‍රමයේ කෙරෙන විශේෂ කටයුතු මොනවා ද?
දෙසැම්බර් මාසයේ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටින දරුවන්ගේ කටයුතු සහ අලුතින් ළමයි බඳවා ගන්නා කටයුතු තමයි විශේෂයෙන් මේ දවස්වල කෙරෙන්නේ. මම හැම අවුරුද්දෙම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී තමයි මගේ සංගීත ආශ්‍රමයට අලුතින් ළමයි බඳවා ගන්නේ. අපේ මේ සංගීත ආශ්‍රමයෙන් අපි කරන්නේ සාහිත්‍ය හා සංගීත කලාව කියන පෝෂ්‍යදායක විටමින් එකක් දරුවන්ගේ ඔළුවට දාලා ඒ තුළින් ඔවුන්ට උත්තේජනයක් ලබා දීමයි. අම්මලා තාත්තලා කොච්චර කන්න අඳින්න දීලා දරුවන්ව වෙන මොන විදිහට සතුටු කළත් ඵලක් නැහැ.
අපි මේ දෙන සාහිත්‍ය හා සංගීතය සංකලන වුණු සෞන්දර්ය විෂය ආශ්‍රිත විටමින් එක දරුවන්ගේ ඔළුවට දැම්මේ නැත්නම්. හැම ‍දරුවෙක්ම අමුයි. ඒ දරුවා දන්නේ නැහැ කිසිවක්. සින්දු කවි කියන්න, නටන්න, චිත්‍ර අඳින්න දරුවකුට බැරි වෙන්න පුළුවන්. ඒත් කුමක් හෝ කලා විෂයක් දරුවා ප්‍රගුණ කළ යුතුයි. අනිවාර්යයෙන්ම සෞන්දර්ය විෂයක් තම දරුවන්ට ප්‍රගුණ කරන්න සලස්වා දීම මේ රටේ සෑම දෙමවුපියකුගේම වගකීමක්. එය සමාජයට ගුණ යහපත් පෞරුෂයක් ඇති පුරවැසියෙක් තනා දෙන හැම වැඩිහිටියකු‍ ගෙන්ම මේ රටට ඉටු කෙරෙන යුතුකමක් ද වේවි.

"මල් ගුඩි දවස" නිමවුම් කරු ආර්. කේ. නාරායන්


විශ්ව ඥනයේ වර්ධනයට පහන් දැල්වීම යනු පත් පොත් පරිශීලනය කිරීමය. ඥන වර්ධනයට පත පොත නැතිවම බැරි දෙයකි. විශ්ව සාහිත්‍යයේ අමරණීය ලේඛකයන්ගේ තොරතුරු දැනගැනීමට කැමැත්තෙන් සිටින අය බොහෝ වෙති. විශේෂයෙන් පාසල දරු දැරියන්ට විශ්ව සාහිත්‍යකරුවන්ගේ අදහස්‌ උදහස්‌, නිර්මාණ දැනගැනීමට සැලැස්‌වීමෙන් ළමා ජීවිතවලට උසස්‌ තත්ත්වයක්‌ හිමිවෙයි.

උසස්‌ සාහිත්‍ය නිර්මාණකරුවන් අතරින් ඉහළින් කැපී පෙනෙන අයකු ලෙස ආර්. කේ. නාරායන් ඉදිරියෙන් සිටින්නේ ඔහු ළමුන් වෙනුවෙන් ඉමහත් දායාදයක්‌ පිරිනැමීම නිසාය. ළමුන්ගේ සිත් සතන් කථාන්දර මගින් ප්‍රබෝධයට පත්කරවමින් අපූරු ලොවකට රැගෙන ගිය මෙම කෘතහස්‌ත ලේඛකයා "මල් ගුඩි දවස" කථාන්තරයේ නිමවුම් කරු වන්නේය. රූපවාහින ඔස්‌සේ "මල් ගුඩි දවස" අපේ ළමුන් නරඹන්නේ අභිරුචියෙනි.

රාසිපුරම් ක්‍රිෂ්ණසාමී නාරායන් නමැති විශ්ව සාහිත්‍යධරයා, ලේඛකයා උපත ලැබුවේ දකුණු ඉන්දියාවේය. මදුරාසියේ පුරසවලිතාම්හි 1906 ඔක්‌තෝම්බර් 10 දින උපත ලැබූ මෙම සුවිශේෂී පුද්ගලයා තම නිර්මාණ තුළින් විශ්වයට දොරටු විවරකර දුන්නේය. ඔහුගේ කෘති පාසල් දරුවන්ට පමණක්‌ සීමා නොවී පොත්පත් කෙරෙහි වැඩි රුචියක්‌ දක්‌වන සාමාන්‍ය පාඨකයන්ටද ඉතා වැදගත්විය.

ආර්. කේ. නාරායන් බ්‍රාහ්මණ වංශිකයකු වූ අතර මොහු පවුලේ තුන්වැන්නා විය. සිය මිත්තනියගෙන්, මවගෙන්, පියාණන්ගෙන් ළමා වියේදී සිටම රසබර කථා ඇසීමට වඩාත් කැමැති වූයේය. පවුලේ සමීප වැඩිහිටියන්ගේ සිඟිති සේම වැදගත් කථාන්තර අසා ඒවා යළි තම සිහි මිතුරන්ට පොහොර දමා තවත් රසකර කියාදීම පමණක්‌ නොව අලුතින්ද කථා ගොතා කීමටද සහජ හැකියාවක්‌ දැක්‌වීමට මොහුට පුළුවන් විය. තම මිත්තනිය සිහිකරනු වස්‌ "මිත්තනියගේ කථා" නමින් කථා එකතුවක්‌ද නිර්මාණය කළේය.

තමන් ළමා වියේදී ඇසූ දුටු දේවල් පසක්‌ කරමින් "මල් ගුඩි දවස" කථා සම්පාදනය කෙරිණි. තම ප්‍රථම නවකථාව ලෙස 1935 වර්ෂයේදී "ස්‌වාමි සහ යහළුවෝ" එළිදැක්‌වීය. අනතුරුව නව කථා තිස්‌ ගණනක්‌ පමණ ලියා තිබේ. කෙටි කථා මෙන්ම සංචාරක කථාද මොහු නිර්මාණය කර තිබේ.

ආර්.කේ. නාරායන් පළමුවරට ලිපිකරුවකු වශයෙන් සේවයට බැඳී, පසුව ගුරු වෘත්තියේ නියෑලුනේය. අනතුරුව පුවත්පත් කලාවටද යොමුවිය. තීරු ලිපි, විචාර ලිපි සහ ගුවන් විදුලි නාට්‍ය රැසක්‌ද නිර්මාණය කර තිබේ. පරිවර්තකයකු ලෙසද කටයුතු කරමින් මහා භාරතය ඉංග්‍රීසි භාෂාවට පෙරළා තිබේ. නාරායන් සාහිත්‍යධරයා විසින් රචිත කථාවල හාස්‍ය රසය මෙන්ම උපහාස රසයද ගැබ්ද තිබේ. අශ්වයා සහ එළුවන් දෙදෙනා මැයින් රචිත කථාව ඉතා ජනප්‍රිය බවට පත්විය. "මල් ගුඩි දවස" ටෙලි නාට්‍ය කථා ලොව පුරා ප්‍රේක්‍ෂක ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍රවී තිබේ. සිත් දිනාගෙන ඇත. මල්ගුඩි දවස කථාවලට අයත් "දූත" නමැති කථාන්තරයද ළමුන්ගේ සිත් ගත් එකක්‌ විය.

1958 දී රචිත "මාර්ගෝපදේශකයා" නමැති කෘතියේ වැඩි ගණනක්‌ ප්‍රථම වරට විකිණී තිබේ. මෙම කථාවට ඇකඩමි සම්මානය ලැබුණි. 1994 දී දකුණු ආසියාවේ විශිෂ්ට සාහිත්‍ය සූරයාට පිරිනැමෙන යාත්‍රා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

නාරායන් විසින් එළිදැක්‌වූ කෘති අතර මල්ගුඩියේ "මිනී මස්‌ කන්නා," "මුදල් විශේෂඥයා," මහත්මා එනතුරු, සම්පත් මහත්තයා, බූන්දි වෙළෙන්දා, මල්ගුඩියේ ව්‍යාඝ්‍රයා, ඉංගී්‍රසි ගුරුවරයා, ආචාර්ය රාන්, සැරිසරන සිත්තරා වැනි කෘතිද වේ. නාරායන් විසින් රචිත කෘති අතුරින් ස්‌වාමි සහ යහළුවෝ, වීදුරු බිත්ති, ආත්තම්මා, මගේ කල දවස, ඉංගී්‍රසි ගුරුවරයා නාගරාඡ්ගේ ලෝකය, සදාකාලික කල්යාන මිත්‍රයා වැනි කෘතීන් සිංහල භාෂාවට පෙරළා තිබේ.

මෙම ශේ්‍රෂ්ඨ ලේඛකයා 2001 මැයි 13 දා මෙලොවින් සමුගත්තේය.
මීරිගම - ආර්. ඇම්. ටී. බී. රත්නායක 
 

http://www.divaina.com/2009/11/08/siya08.html

Friday, November 7, 2014

ජාතික ගුවන් විදුලියෙන් අපොස සාපෙළ විභාගයට අත්වැලක්


ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව 
2014 අපොස සාපෙළ විභාගයට පෙනී සිටින 
දූ දරුවන් වෙනුවෙන්  
උපකාරක සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට 
කටයුතු යොදා ඇත.

නොවැම්බර් 19,20,21,24,25 දිනවල 
විද්‍යාව, ගණිතය, ඉංග‍්‍රිසි, ඉතිහාසය, සිංහල, 
යන අනිවාර්ය විෂයයන් සම්බන්ධ 
ඉලක්ක ප‍්‍රශ්න ඇසුරෙන් සම්මන්ත‍්‍රණ පැවැත්වේ. 

පෙව 9.30 සිට 12.30 දක්වා 
ආනන්ද සමරකෝන් මැදිරියේදී 
සම්මන්ත‍්‍රණ පැවැත්වේ. 
වැඩිදුර විස්තර සදහා 0112693345 අමතන්න