V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label "අද". Show all posts
Showing posts with label "අද". Show all posts

Saturday, October 25, 2014

අයියණ්ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්වමි'

අයියණ්ඩිය වන ලොකු බණ්ඩාර මරණය අබියස මුලුගැන්වෙද්දී මද්දුම බණ්ඩාර නිර්භීතව ජීවිතය පූජා කළේය. 'දරුවනි බිය නොවන්න, අපි මරණයට නියම වී සිටින්නෙමු. කෘර වඩිගයාගේ පිපාසය අපේ ලෙයින් සංසිදේවා!!! මේ බිලි පූජාවෙන් නුඹලාගේ පියාණන් වහන්සේට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු' යනුවෙන් ඇහැළේපොළ කුමාරිහාමි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඇසෙන සේ හඬ නගා කෑ ගසා කීවාය.
සෙංකඩගල නුවර නාථ දේවාල භූමියෙහි පිහිටි වැලි බෝධිය දකුණුපස වූ 'දේව සංහිඳ' නමින් හැඳින්වෙන ස්ථානයෙහි මෙම සිදුවීම සිදුවිය. ඇහැලේපොළ මහ අදිකාරම්ට සහ ඇහැලේපොළ කුමාරිහාමිට දාව උපන් කිරි දරුවා වංගෙඩියක දමා කෙටීමට කුමාරිහාමිට මෙදින සිදුවිණි. අනතුරු කුමාරිහාමිට බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත්කළාය.
ලංකා ඉතිහාසයේ හෝ සමහර විට ලෝක ඉතිහාසයේ සඳහන් වන රජ කෙනෙකුගේ අතින් කළ කෘරතම මිනිස් ඝාතනය මෙය වෙයි. ඇහැලේපොළ කුමාරිහාමිගේ අභීත වදන් සහ මද්දුම බණ්ඩාරගේ නිර්භිත වදන හා ක්‍රියාව ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.
මව, පියා සහ පුතු යන එකම පවුලක තිදෙනෙකු පිළිබඳ වීර චරිත ලංකාවේ හැරෙන්නට ලෝකයේ කිසිම රටක සිටි බව ඉතිහාසයේ සඳහන් නොවන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එමෙන්ම හත් හැවිරිදි මද්දුම බණ්ඩාර මරණය අබියස පෙන්වූ නිර්භීත බව ලොව කොතැනකවත් එම වයසේ දරුවෙකුගෙන් සිදුවී නොමැති බවද ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
සර් පෝල් ඊ. පීරිස්ගේ කෘතියක සඳහන් වන අන්දමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (ක්‍රි.ව. 1798 - 1815) මහ අදිකාරම් ධුරය දැරූ ඇහැලේපොළ මහ අදිකාරම්ට හිමි වූ ඉරණම විග්‍රහ කර තිබේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෘර පාලනයෙන් රටත්, ජාතියත්, මුදාගැනීම පිණිස 1814 මැයි මස සබරගමුවේ කැරැල්ල ආරම්භ විය. කැරැල්ලට නායකත්වය දුන්නේ ඇහැලේපොළ මහ අදිකාරම් ඇතුළු උඩරට නිළමේවරුය.
'බුද්ධාගම රුකගත යුතුයි, සිංහල සිංහාසනය සිංහලයකුටම උරුම කළ යුතුයි, ඒ වෙනුවෙන් සටන් කරමු' යැයි ඇහැලේපොළ මහ නිළමේ උඩරට නිළමේවරුන් අමතා ප්‍රකාශ කළේය. එවැනි අභීත ප්‍රකාශයක් කළැයි කියන ඇහැලේපොළ මහ අදිකාරම් රට පාවාදුන්නේ යැයි කීම පිළිගැනීමට හැකිද යන්න වර්තාමානයේ පවතින කතිකාවති.
සර් පොල්. ඊ. පිරිස්ගේ කෘතියේ සඳහන් වන අන්දමට මාම්පිටියේ වාසල බණ්ඩාර උඩරට සිහසුනට ඔටුනු පළන්දා යළි සිංහල රාජ්‍ය වංශයක් පිහිටුවීමේ අදහස උඩරට නිළමේවරුන් අතර විය. ශ්‍රි දළදා මැදුරේ දියවඩන නිලමේ ධුරය දැරූ ඔහු මාම්පිටියේ දුග්ගන්නා දේවියගේ පුත්‍රයෙකි. මාම්පිටියේ වාසල බණ්ඩාර විසින් ඇහැලේපොළ මහ අදිකාරම්ට යවන ලද ලිපියක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතට පත් වී ඇහැලේපොළ මහ අදිකාරම්රාජ උදහසට පත්විය. මාම්පිටියේ වාසල බණ්ඩාරට මරණීය දඬුවම නියම විය.
මාම්පිටියේ වාසල බණ්ඩාරයන් යටතේ සිංහල රාජ්‍ය වංශයක් පිහිටුවීමේ පිළිමතලාවේ අදිකාරම්ගේ සැලසුම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හෙළි විය. මේ වනවිට ලංකාවේ මුහුදුබඩ පළාත්වල බලය තහවුරු කරගෙනසිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට මුළු ලංකාව තුළම ඉංග්‍රිසී බලය තහවුරු කිරීමට අවශ්‍ය විය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා උඩරට රදලයන් අතර පැවැති අරගලය දිනෙන් දින දරුණුවිය. 1814 මාර්තු මස දිනක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වුණු පිළිමතලාවේ මහඅදිකාරම්ගේ හිස ගසා මරණයට පත්කළේය. සබරගමුවේ මහ අදිකාරම්ව සිටි ඇහැළේපොළ මහ අදිකාරම්ට පිළිමතලාවේ මහ අදිකාරම් මරණයට පත්කළ බව දැනගන්නට ලැබී දැඩි වේදනාවටත්, කෝපයටත් පත්විය.
උඩරට නිළමේවරු රජු සමග දැඩි ලෙස උරණ වූහ. ඇහැලේපොළ මහ අදිකාරම් සබරගමුවේ ප්‍රාදේශිය නායකයන් ඒකරාශී කොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එම කැරැල්ල සාර්ථකව  මර්දනය කළේය. අනතුරුව රජු ඇහැලේපොළ මහ අදිකාරම් අල්ලාගෙන එන ලෙස රාජ නියෝගයක් නිකුත් කළේය. ඇහැලේපොළ මහ අදිකාරම් ඉංග්‍රිසීන්ට එකතු විය.
ඉංග්‍රීසින්ට එක්වූ ඇහැලේපොළ මහ අදිකාරම් සමග උරණ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ මහ අදිකාරම්ගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ හිස ගසා මරා දැමීමටත්, කිරි දරුවා කුමාරිහාමි ලවා වංගෙඩියක දමා කොටා මැරීමටත්,කුමාරිහාමි නුවර වැවේ ගිල්වා මරාදැමීමටත් නියෝග කළේය. මේ සැහැසි ක්‍රියාවට උඩරට රදලයන් සහ රටවැසියන් කෝපයට පත්වූහ. ඔවුන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජකමෙන් නෙරපා දැමීමට ඉංග්‍රීසින්ට උදවු කළහ.
මැද මහනුවරදී ශ්‍රී වික්‍රම රජු ඇතුළු පිරිසක් ඉංග්‍රිසී හමුදාව යටතට පත්වූහ. 1815 මාර්තු 02 වැනිදා  උඩරට රදලයන් හා හෙන්රි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා අතර උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව මුළු ලංකාවම බ්‍රිතාන්‍ය කිරීටය යටතට පත්විය.
ඇහැලේපොළ මහ අදිකාරම්ගේ ඡන්ම භූමිය උතුරු මාතලේ උඩුගොඩ උඩසියපත්තුවට අයත් ඇහැලේපොළ ග්‍රාමයයි. විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ නම් වූ ඇහැලේපොළ මහ අදිකාරම්ගේ බිරිඳ ඇහැලේපොළ කුමාරිහාමි කැප්පෙටිපොළ මහ දිසාවගේ සහෝදරියකි.
මද්දුම බණ්ඩාර ළමා වීරයා අභීතව ජීවිතය පූජා කොට අවුරුදු දෙසීයක් පිරීම නිමිතිකර ගුණ සමරු උත්සවයක් ඇහැලේපොළ රජමහා විහාරයේදී පසුගිය 17 වැනිදා පැවැත්විණි. 
මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න

http://ada.lk/





අටුවැහිළිහිණියන් ඔබත් දැක තිබේද?







කාගේත් අවධානය ගනිමින් සෑම වසරකම මෙම කාලයේදී රත්නපුරයේ විදුලි කම්බි වල රාත්‍රිය ගතකරන දහස් ගණනක් වූ අටුවැහිළිහිණියන් ඔබත් දැක තිබේද? වසරක් පාසා ලංකාවට සංචාරය කරනා අටුවැහිළිහිණියා නම් වූ මේ කුරුල්ලන් (Barn Swallow) ගොම්මන් අඳුරත් සමග රත්නපුරයේ විදුලි කම්බිවල දහස් ගණනින් ලැගුම් ගැනීම සිරිතකි. මේ වසරේ මුල්ම අටුවැහිළිහිණියන් රංචුව සැප්තැම්ර් 8 වැනි දින නිරීක්ෂණය කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය පවසයි. ඉදිරි සති කිහිපයේදී තවත් බොහෝ කුරුල්ලන් ලංකාවට පැමිණෙනු ඇත.
සෑම වසරකම මේ කාලයේදී ශ්‍රී ලංකාව බලා සංචරණය කරන කුරුල්ලෝ සමූහය වඩාත් නිවැරදිව නිහැරියන් ලෙස හඳුන්වයි. මේ සංචාරක කුරුල්ලන් සමහරෙක් අපේ ගෙවත්තේ පවා දැකගත හැකිය. අවිච්චියා, සුදු රැහැන්මාරා, නිල්පෙද බිඟුහරයා වැනි පොදු කුරුල්ලන් වසරක් පාසා ශ්‍රී ලංකාවට එන අටුවැහිළිහිණියන් මෙන්ම අපේ ගෙවත්තේ පවා දැකගත හැකි අපේ නෑදෑයෝ වෙති.
කුරුල්ලන් නැරඹීම ප්‍රචලිත කිරීමටත්, නිහැරියන් පිළිබඳ දත්ත සටහන් කරගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය නිහැරි නිකසුම  (Migrant Watch) නමින් වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙයට කුරුල්ලන් අධ්‍යයනයට උනන්දුවක් දක්වන නවකයන්ටද සහභාගී විය හැකි අතර, ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ශ්‍රී ලංකා කේෂ්ත්‍ර පක්ෂි අධ්‍යයන කවය විසින් සංවිධානය කර ඇත. මේ වසරේදී මේ තාක් දුටු නිහැරියන්ගේ ඡායාරූප සහ වැඩි විස්තර 
www.migrantwatch.wordpress.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මෙම වසරේ නිහැරි නිකසුම (Migrant Watch) හි ප්‍රධාන දේශනය, වසරක් පාසා ශ්‍රී ලංකාවට එන නිහැරියන් මාතෘකාව යටතේ මහාචාර්ය දේවක වීරකෝන් විසින් හෙට (27දා)  පෙ.ව. 9.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ පවත්වනු ලබන අතර, ක්ෂේත්‍ර වැඩසටහන (කුරුල්ලන් නැරඹීමේ වැඩසටහන) කුරුලු පාරාදීසයක් වූ පැලවත්ත, බත්තරමුල්ල, තලංගම වැව අසලදී හෙට (28දා) උදෑසන 7.00 – 10.30 දක්වා පවත්වනු ලබයි. කුරුල්ලන් නැරඹුම හා ඔවුන්ගේ සංරක්ෂණයේ අවශ්‍යතාවය ඉස්මතු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන නොමිලේ පවත්වනු ලැබේ.




Sunday, August 24, 2014

ඔබේ අදහස් නිර්මාණශීලීව ගොනු කරගන්නට- FreeMind

බුද්ධිමය සිතියම් ගත කිරීමක් (Mind mapping)යනුවෙන් හැඳින්වෙන්නේ තොරතු‍රු හෝ දත්ත, දෘෂ්‍ය සටහනක් ලෙසින් ප්‍රස්තාරයක/දළ සටහනක ක‍ටු සටහන් කිරීමයි.සාමාන්‍යයෙන් මෙම 'බුද්ධිමය සිතියමක්' යන ක්‍රියාවලියේදී සිදුවන්නේ යම් මූලික අදහසක් හෝ සංකල්පයක් හිස් කොළයක නැතිනම් ඩිජිටල් අවකාශයක මධ්‍යයේ සටහන් කර, එතැන් සිට අතු බෙදෙමින් යන පරිදි විවිධ තොරතු‍රු, රූප වැනි ඕනෑම දෙයක් උපයෝගී කර ගනිමින් සිතියම්ගත කිරීමයි. මෙහි ඇති වාසිය වන්නේ ඔබගේ සිතේ යම් අදහසක් සම්බන්ධයෙන් අක්‍රමවත්ව පෙළගැසී ඇති තොරතු‍රු ක්‍රමවත් තලයකට ගෙන ආ පසුව වඩාත් නිරවුල්ව සහ නිර්මාණශීලීව එය හැඩගැස්වීමේ හැකියාවක් ලැබීමයි.
මෙය අතිශයින්ම සංකීර්ණ තාක්ෂණික ක්‍රියාවලීන් සඳහා මෙන්ම ඔබ ලියන්නට බලාපොරොත්තු වන නවකතාවක චරිත සහ සැකිල්ල හැඩගැස්වීම සඳහාද භාවිත කළ හැකිවේ.
සාමාන්‍යයෙන් හිස් කොළයක් ගෙන ඔබට බුද්ධිමය සිතියමක් ඇඳිය හැකි වුවත්, වර්තමාන ඩිජිටල් යුගයේ මේ සඳහා විවිධ මෙවලම් දක්නට ලැබේ. FreeMind යනු ඒ සඳහා ලබාගැනීමට හැකි විශිෂ්ටතම මෘදුකාංගයකි. එසේම FreeMind යනු නිදහස් මෘදුකාංගයක් බවද මෙහිදී සඳහන් කළ යුතුවේ.
Java Runtime Environment හරහා Microsoft Windows, Linux සහ Mac OS Xයන මෙහෙයුම් පද්ධතීන් සමගින් ක්‍රියාත්මක වන FreeMind මෘදුකාංගයවෙනත් ඕනෑම බුද්ධිමය සිතියම් මෘදුකාංගයක මෙන් ධූරාවලීන් අනුපිළිවෙලකට දත්ත කුලකයන් සකස් කරන්නට ඔබට ඉඩ ලබාදේ.එසේම ඔබට නිර්මාණශීලී ලෙසින් ඔබේ බුද්ධිමය සිතියමට දත්ත ඇතුළත් කිරීමට පහසුකම සලසා දෙන දියුණු මෙවලම් විශාල ප්‍රමාණයක් ඒ තුළ තිබේ. ඔබගේ අවසාන ප්‍රතිඵලය HTML, XHTML PDF, OpenDocument PNG, SVG ලෙසින් නැතිනම් JPEG ලෙසින් වුවත් නිර්යාත කිරීමටද මේ තුළ පහසුකම් සැපයේ. 
: http://ada.lk/


දරුවන්ට පාසලෙන් පසු රැකියාගතවීමට සුදුසු අධ්‍යාපනයක් ලබාදීමට ගත හැකි සියලු පියවර අපි ගන්නවා

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය හා දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන මෙන්ම ඉටුකළ යුතු හා වගකීම් සමුදායක් දැරිය යුතු අමාත්‍යාංශයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වාදිය හැකිය. එහි නූතන ගැටලු හා අනාගත ඉලක්ක පිළිබඳ මෙසේ අද හා සංවාදයකට එක්වූයේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතායි.

  • මෙරට තුළ අධ්‍යාපනයේ වත්මන වන විට පවතින ගැටලු මොනවාද?

  • ප්‍රධාන ගැටලු කිහිපයක් හඳුනාගන්නට පුළුවන්.
  • පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ පවතින තරගාකාරීත්වය
  • පහ වසර ශිෂ්‍යත්වයෙන් ජනප්‍රිය පාසල් හඹායාම නිසා දරුවන්ට ඇතිවන පීඩනය
  • සාමාන්‍ය ‘පෙළ සමත්ව හෝ අසමත්ව පාසල් පද්ධතියෙන් පිටවන දරුවන්ගෙන් කෙතරම් ප්‍රමාණයක් රැකියා වෙළෙඳ පොළට යොමුවෙනවාද, එසේත් නැත්නම් සාමාන්‍ය අධ්‍යාපනය රැකියා වෙළෙඳ පොළ හා ගැළපෙනවාද යන ගැටලුව
  • ගුණාත්මක බවේ අඩුපාඩු හා සම්පත් බෙදීයාමේ විෂමතාව
  • රැකියා වෙළෙඳ පොළේ ඉල්ලුමට සරිලන අන්දමට ඉංග්‍රීසි භාෂාව නොදැනුවත් බව
  • දරුවන්ගේ සදාචාරය පිරිහීම (ප්‍ර‘දේශ අනුව 8,9 ශ්‍රේණිවල දරුවන් පාසලින් ඉවත්වීම වැනි)
  • මෙම ගැටලුවලට යම් ආකාරයක විසඳුම් ගනිමින් තිබෙනවාද?

මේ ප්‍රශ්න හුඟක් එකට බැඳිලා තියෙන්නෙ. ද්විතීය පාසල් දහසේ වැඩපිළිවෙළ මේ ප්‍රශ්න සියල්ලටම විසඳුම් ලැබෙන ආකාරයේ ක්‍රියාවලියක්. එම පාසල් දහස හදන්නට තෝරාගෙන තියෙන්නෙ දිවයින පුරා සමාකාරව විහිදෙන ආකාරයටයි. දිවයින පුරා තිබෙන ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 334 හි හැම එකකින්ම ද්විතීය පාසල් තුනක් තෝරාගෙන තිබෙනවා. මේවා දැනටමත් පවතින හොඳින් ඉඩකඩ තියෙන පාසල්. මේ විදිහට අරගෙන ඒවා සංවර්ධනය කරගෙන යනවා. සම්පත් බෙදීයාමේ විෂමතාව පිළිබඳ තිබුණු මූලික ප්‍රශ්නයක් තමයි ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 334 න් 72 ක උසස් පෙළ විද්‍යා හා ගණිත විෂයයන් උගන්වන කිසිම පාසලක් තිබුණෙ නෑ. ඊට හේතුව ඒ දුෂ්කර ප්‍රදේශවල පරීක්ෂණාගාර නොතිබීම වගේම උපාධිධාරී ගුරුවරුන් ඒ පළාත්වලට යන්නට අකමැති වීම.
ඒ ප්‍ර‘දේශවල උසස් පෙළ හදාරන්නට තිබුණෙ කලා හා වාණිජ අංශ විතරයි. ඒ දරුවන්ට උවමනාව තිබුණත්, දක්ෂකම තිබුණත්, විද්‍යා හෝ ගණිත අංශ හදාරන්න බාධා තිබුණා. ඒ හින්දා මේ පාසල් දහස තෝරාගෙන ඒ දහසටම විද්‍යාගාර කිහිපයක් තියෙන ඒකකයක් හඳුන්වාදුන්නා. ඒකට තමයි මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඒකකය තියෙන්නෙ.

එහි පරිගණක විද්‍යාගාරයක්, භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපන ඒකකයක් හා ගණිතාගාරයක් තිබෙනවා. එතකොට මේ හතරට අමතරව පාසලේ විද්‍යා හා ගණිත විෂයයන් නැත්නම් භෞතික විද්‍යාගාරයක්, උද්භිද විද්‍යාගාරයක් හා රසායන විද්‍යාගාරයක්ද හදනවා. එතකොට මේ ආකාරයට තෝරාගත් පාසල්වල විද්‍යාගාර 07 ක් හැදෙනවා. ගොඩනැගිල්ල සහ සියලු උපකරණත් එක්ක මේ විද්‍යාගාරයක  වියදම රුපියල් මිලියන 20 ක් පමණ වෙනවා. 
ද්විතීයික පාසලක් කියන්නෙ 06 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා තිබෙන පාසලකටයි. දැන් මේ හැම පාසලකටම ළඟම තියෙන ප්‍රාථමික පාසල් කිහිපයක් (4/5) සම්බන්ධ කරලා තියෙනවා. මේවට කියන්නෙ පෝෂිත පාසල්, එහෙමත් නැත්නම් ළමා මිතුරු පාසල් කියලයි. එතකොට ද්විතීය පාසල් 1000 ට සම්බන්ධ වන පෝෂිත පාසල් සංඛ්‍යාව පන්දහසකට ආසන්නයි. ළමා මිතුරු පාසල් පන්දහස කියලා හඳුන්වන්නෙ මේවායි. ඒවත් දියුණු කරගෙන යනවා. පසුගිය වසර දෙක තුන තුළ එම පාසලකට ලක්ෂ 5 බැගින් මුදල් දුන්නා. එම මුදලුත්, දෙමාපියන්ගේ සහ පළාතේ වෙනත් අයගේ ආධාරත් එකතු කරලා ශ්‍රමදාන සහ වෙනත් වැඩ කටයුතු හරහා සනීපාරක්ෂක කටයුතු, ජලය, වැසිකිළි, ගේට්ටු, තාප්ප, ළමා මිදුල ආදී සංවර්ධන කටයුතු සිදුකළා.
මෙම ද්විතීය පාසල් වසර 10 ක් පුරා දියුණුවෙන්නට ඕනෙ. ඒ නිසා මෙය එක දවසින් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි.  මේවට උපාධිධාරී ගුරුවරුන් 4000 ක් බඳවගෙන පත්කරලා යැවුවා. කොහොම වුණත් අපේ බලාපොරොත්තුව මේ අනෙකුත් පහසුකම් ලැබිලා, ගුරුවරුන් පත්කරලා ජනප්‍රිය පාසල් තරමටම දියුණු කරන්නටයි. එයට කාලයක් ගතවේවි. එහෙම වුණත්, පාසල්වල 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලු විෂයයන් උගන්වනකොට, හොඳ ගුරුවරුන් ඉන්නකොට ඒවට සම්බන්ධ ප්‍රාථමික පාසල්වලට දරුවො දාන්න දෙමවුපියන්ට අකමැත්තක් ඇතිවෙන්න හේතුවක් නෑ. මොකද පෝෂිත පාසලකට යන දරුවෙකුට පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මොනවා වුණත් ඒ අයගෙ පාසලට සම්බන්ධ ද්විතීය පාසලට ඇතුළුවන්නට නීත්‍යනුකූල අයිතිය තියනවා.
  • ද්විතීය පාසල් දියුණු කළාම, ශිෂ්‍යත්වයෙන් පසු දරුවන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළුවෙන්න තිබෙන අවස්ථාව නැති කරනවද?

නෑ. ඒ අවස්ථාව ලබාදෙනවා. පහ වසර ශිෂ්‍යත්වය අපි අහෝසි කරන්නෙ නෑ. පහේ ශිෂ්‍යත්වයට දෙමවුපියන්ට උවමනා නම් දරුවා වාඩි කරන්න පුළුවන්. එහෙම කරලා ඔය ඉහළම පාසලකට යන්න පුළුවන්. ලංකාවට තියෙන්නෙ ජනප්‍රිය කියන පාසල් 56යි. මේ ජනප්‍රිය පාසල්වලට යාම හැරුණුකොට ශිෂ්‍යත්වය මගින් දරුවාට ලැබෙන පීඩනය, මානසික ආතතිය වැනි දේ දෙමාපියන් තේරුම්ගත්තාම ද්විතීය පාසල්වලින් ලැබෙන වාසියත්, තරගය මගින් ඇතිවන පාඩුවත් ඔවුන් හඳුනාගනීවි. ළඟම හොඳ පාසලක් තියෙද්දි වියදම් කරගෙන තමන්ගේ ග්‍රහණයෙන් මුදලා, හොස්ටල් එකක නවත්තලා මුහුණදෙන ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්. මට හිතෙනවා ක්‍රමයෙන් දෙමවුපියන් මීට අනුගත වේවි. අපි කියන්නෙ පහේ ශිෂ්‍යත්වය ඒ තත්ත්වය යටතේ ඉබේම දියවෙලා ගිහින් ස්වාභාවික මරණයකට පත්වෙයි කියලයි.
  • දැනට පාසල තුළින් එළියට එන දරුවා රැකියාගතවීම අඩු නම්, එයට පිළියම් ලෙස යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවාද?

අද කර්මාන්ත ක්ෂේත්‍රයට වැඩිපුර අවශ්‍ය වෙන්නෙ තාක්ෂණය. ඊට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනයත් ඇතුළත්ව තාක්ෂණ විෂයයක් පාසල්වලට හඳුන්වාදෙන්න අපි තීරණය කළා. ඒ සඳහා අපි ද්විතීය පාසල් 1000 අතුරින් 250 ක් තෝරාගත්තා. එහිදී තාක්ෂණ දෙකක් අන්තර්ගතයි. එකක් ඉංජිනේරු තාක්ෂණය එහිදී ඉංජිනේරු පැත්තට අදාළ මූලික කරුණු එහි ඇතුළත් කරනවා. ඒ ආශ්‍රිත ප්‍රා‘යෝගික ක්‍රියාකාරකම් සිදුකරමින් ඉගෙනගත යුතුයි. වැඩ කිරීමත් එක්කයි මේ පාඨමාලා ඉදිරියට යන්නෙ. උසස් පෙළ විභාගයේදී සිද්ධාන්ත පාඨමාලාවට ලැබෙන්නෙ 75% යි. ඉතිරි 25% ලැබෙන්නෙ ප්‍රා‘යෝගික වැඩවලටයි.
අනෙක් අංශය තමයි ජෛව පද්ධති තාක්ෂණය. ඒ ජෛව පද්ධති තාක්ෂණය යටතේ තියෙන මෘදු තාක්ෂණය, කෘෂි, ගොවිපොළ, ආහාර, පසු අස්වනු, සමුද්‍රීය සම්පත්, කාලගුණ විද්‍යාව, තම පළාත තුළ පිහිටි ජෛව සම්පත් ආදී තාක්ෂණයන් පිළිබඳ, තම පළාතේ කෘෂිකාර්මික අස්වනු පිළිබඳ, ඒවායේ සංරක්ෂණය හා ප්‍රවාහනය, ගබඩා කිරීම, කල්තබාගැනීම ආදී සියලු දේ ඉගැන්වෙනවා. මේ අංශ දෙකම අපේ රටට ඉතා විශාල වශයෙන් අවශ්‍යයි.

මීට සහාය දෙමින් කටයුතු කරන්නෙ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය. එහිදී මම මෙහි නියෝජ්‍ය ඇමතිවරයා හැටියටත්, එහි අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසත් හිඳිමින් කටයුතු සැලසුම් කරනවා. මේ අමාත්‍යාංශ දෙක අපි එකට බද්ධ කරනවා. එමගින් තාක්ෂණ විෂයයට අවශ්‍ය උපදෙස්, ක්‍රියාකාරකම්, පරීක්ෂණාගාර හා වැඩපොළ පහසුකම් සියල්ල සපයන්නෙ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින්. කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන යොදාගනිමින් ළමයි පරීක්ෂණ පවත්වනවා. ඒවායේ ඉන්න උපදේශකවරු පාසල්වලට එනවා. 
පළමු වසරේදීම 15,000කට අධික ශිෂ්‍ය ප්‍රමාණයක් මෙම විෂය ධාරාවට ඇතුළත් වුණා. එහි දෙවැනි වසර ආරම්භ කරද්දි දැනට පියවන්නට අපහසු තරම් ඉල්ලුමක් තියෙනවා. මේ පාසල් 250 ක් කරගන්න බැරි තරම්. දරුවන් 40,000 ක පමණ ප්‍රමාණයක් මෙම විෂය ධාරාවට ඇතුළුවෙන්න ඉල්ලනවා.
මේ අයට තියෙන වාසිය ඔවුන් උසස් පෙළ සමත්වුණාම ඔවුන්ට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. අලුතෙන්ම ඒ අය සඳහා පාඨමාලා හැදුණා. ඒ අයට දෙන්නෙ Bsc උපාධිය. තාක්ෂණවේදය පිළිබඳ විද්‍යා‘වේදී උපාධිය තමයි ඒ අනුව ලැබෙන්නෙ. ඒ අනුව පළමුවරට පුරප්පාඩු 2000 ක් පමණ හදනවා. ඊළඟ අයට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ අලුත් සංකල්පයක් යොමුකරනවා. ඒ විශ්වවිද්‍යාල විද්‍යායතන සංකල්පය. අපේ රටේ සම්මත විශ්වවිද්‍යාල 17 ක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල විද්‍යායතනත් විශ්වවිද්‍යාල වගේමයි. හැබැයි මේවායේ උගන්වන්නෙ තාක්ෂණය පැත්තෙන්. මේවා සුදු කරපටි රැකියාම නොවෙයි. නමුත් වැඩකරන ගමන් ළමයට තාක්ෂණයත්, එක්ක කර්මාන්තවල ඉහළට යන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිත් එක්ක අධීක්ෂණය කරන අය, වැඩ පරීක්ෂකවරු, මැදපෙළ කළමනාකාරවරු, ඉහළ පෙළ කළමනාකාරවරු වගේ ඉහළට යන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ සඳහා උවමනා දැනුම තමයි මේවයෙ දෙන්නෙ. මේ වගේ විශ්වවිද්‍යාල විද්‍යායතන 25 ක් පිහිටුවන්න යෝජනා කරලා තියෙනවා. 10 ක වැඩ ආරම්භ කරලා තියෙනවා. 2016 වෙනකොට ඒ වැඩ අවසන් කරලා ළමයි ඒවට ගන්න පුළුවන්.

එතකොට හොඳම ටික විශ්වවිද්‍යාලයට. ඊළඟ ටික විශ්වවිද්‍යාල විද්‍යායතනවලට. ඒවයේ පටන්ගන්නෙ NVQ 5 මට්ටම. එය ලබාගත්තම NVQ 06 මට්ටමට යන්න පුළුවන්. NVQ 5 කියන්නෙ ඩිප්ලෝමාව, NVQ 6 කියන්නෙ උසස් ජාතික ඩිප්ලෝමාව (HND).  ඕනෙ නම් එතැනින් එළියට ගිහින් රැකියාවක් කරලා ආයෙ එන්නත් පුළුවන්. එහෙම නැත්නම් NVQ 7 කියන්නෙ Btec උපාධිය. මේ සේරම සම්බන්ධ වෙලා තියෙන්නෙ රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට. ඊට සම්බන්ධ ශාඛා පද්ධතියක් විදිහට තමයි එය පැතිරිලා යන්නෙ.
එතනිනුත් පහළ ටිකට තාක්ෂණ විද්‍යාව කරලා වැඩ ඉගෙනගෙන එළියට එද්දි ඔවුන්ට විභාගය හොඳින් සමත් නොවුණත්, විෂය සමත්නම් NVQ 3 සහතිකය ලැබෙනවා. උසස් පෙළින් එළියට එද්දි ඔවුන් වෘත්තියකට සුදුසුයි. රැකියාවකට යන්න, නැතිනම් කාර්මික විද්‍යාලයකට ගිහින් ඉදිරියට ඉගෙනගන්නත් ඔවුන්ට පුළුවන්. NVQ 4 කරලා ඔවුන්ට විශ්වවිද්‍යාල විද්‍යායතනයකට යා හැකියි. මේ මගින් දරුවාට මාර්ගයක් හැදෙනවා. ඒ අනුව රැකියා වෙළෙඳ පොළත්, අධ්‍යාපනයත් මනාව ගැළපෙනවා. ඉදිරියේදී මෙම පාසල් හැම එකකටම මිලයන 07 බැගින් යොදා පාසල් 250 ම තාක්ෂණ විද්‍යාපීඨ හදන්නත් සූදානම් කර තිබෙනවා. ඒවා පර්යේෂණ සඳහායි. ඉදිරියට සංචාරක ව්‍යාපාරය වැනි ක්‍ෂේත්‍රවල ඉහළ තනතුරුවල ඉල්ලුමට හරියන්නත් අධ්‍යාපනය හදන්න අපි සූදානම් වෙනවා.
කලා විෂයයන් කරලා උපාධිය ගත්තත්, රැකියා දීමේ හැකියාව තියෙන්නෙ 2.5% ක් පමණයි. ඒ නිසා අපි ඉදිරියේදී කලා විෂය ධාරාවේ අන්තර්ගතයන් වෙනස් කරන්න තීරණය කර තිබෙනවා.
ප්‍රශ්නය තියෙන්නෙ දුෂ්කර පළාත්වලට යොමුකරන ගුරුවරුන් එම ප්‍ර‘දේශ අතහැරලා පසුදාම ආපසු එනවා. එහෙමත් නැතිනම් නොයා ඉන්නවා. ඉදිරියේදී අපි ආයෙත් මේ පිළිබඳ ගැසට් කරලා ගුරුවරුන් පුහුණු කරලා බඳවාගන්නවා.

  • ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට උසස් පෙළ සඳහා රජයේ පාසල්වලට ඇතුළත් වීමේ ගැටලුවක් මතු වී තිබෙන්නෙ ඇයි?

එහෙම දෙයක් තිබුණා. 1961 උපකෘත පාසල් හා පුහුණු කිරීමේ විදුහල් පිළිබඳ පනතක් තියෙනවා. ඊට අනුව වයස අවුරුදු 05 සිට 14 දක්වා ළමයින්ට ඉගෙනගන්න පාසල් ඇරඹීම තහනම් කළා. පෞද්ගලික පාසල් ඊට විරුද්ධ නම් රජය විසින් ගුරුවරුන්ට මුදල් ගෙවන නමුත්, නඩත්තු කටයුතු දරුවන්ගෙන් මුදල් අය කරගෙන කළයුතු පාසල් තිබුණා. ඒවා අර්ධ රාජ්‍ය පාසල් ලෙස හඳුන්වනවා. 1977 විවෘත ආර්ථිකය පැමිණීමත් සමග විදේශිකයන් එද්දි, අපේ අය රට යද්දි, ඉංග්‍රීසි විතරක් දන්න දරුවන්ට පාසල් අවශ්‍ය වුණා. Overseas Children’s School එක විතරයි රජයේ අනුමත ඉංග්‍රීසි පාසලකට තිබුණෙ. ඒවායින් ඉගෙනගත්තෙ තානාපතිවරුන්ගෙ දරුවො. 
මෙහෙම විදේශිකයන්ගෙ දරුවන් එද්දි මුලින්ම 1978 දී Colombo International School පටන්ගත්තා. පනත තියෙද්දිම බොහෝ ජාත්‍යන්තර පාසල් ඇතිවෙන්න ගත්තා. ඒවයේ London O/L, London A/L උගන්වද්දි තවත් පාසල් හැදුණා. ලංකාවේ විෂය නිර්දේශය ඉංග්‍රීසියෙන්ම උගන්වන මේ පාසල් නගරයෙන් පිටත් හැදෙද්දි ගොඩක් පාසල්වල පන්ති තිබුණෙ සාමාන්‍ය පෙළ දක්වා පමණයි. ඒ දරුවන්ට උසස් පෙළට පාසල් අවශ්‍ය නිසා ළඟම තිබුණ රජයේ පාසලට ගියා. එහෙම කෙරීගෙන යද්දි 2013 කැබිනට් පත්‍රයක් ගෙනාවා ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් නියාමනය කිරීම සඳහා.
පෞද්ගලික පාසල් කටයුතු අංශයක් තිබුණා. එය ලේකම් කාර්යාලයක් බවට පත්කරලා ඒක යටතෙයි නියාමනය කරන්නට කටයුතු කළේ. ඒ අනුව එම පාසල් පළමු, දෙවැනි, තුන්වැනි ලෙස ශ්‍රේණිගත කිරීමත්, අනාගතයේ ඉදිවන පාසල්වල ප්‍රමිතිය පෙන්වා අවසරගැනීමත් වැනි දේ මෙහිදී අවශ්‍ය වුණා. ඒ වගේම සියලු පෞද්ගලික පාසල්වල සිංහල, මේ රටේ ඉතිහාසය හා ආගම ඉගැන්වීම නිර්දේශ කරලා තිබුණා. එය නීතියක් විදිහට ආවා.
පෞද්ගලික පාසල්වල දරුවන් රජයේ පාසලට එද්දි රජයේ පාසල්වල දරුවන්ට අඩුපාඩුවක් වෙයිද කියන ප්‍රශ්නය ඇමතිතුමාට ආවා. ඒ නිසා ඒ පිළිබඳ අදහස් දැක්වීමක් කළා සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමක් කළා. ඒ අනුව විදුහල්පතිවරුන් සිසුන් බඳවාගැනීමෙන් වැළකී සිටියා. කැබිනට් එකේ අනෙක් ඇමතිවරුන් ප්‍රශ්න කළාම ඒ පිළිබඳ පැහැදිලි කිරීමේ වාර්තාවක් කැබිනට් එකට ඉදිරිපත් කළා. මෙහි කැළඹිලිකාරී තත්ත්වය මඟහැරගන්න නම් ඇත්තටම සාකච්ඡා කරලා, හොඳ පිළිතුරකට එන්න ඕන.

ඒ වගේම අතරමැද කඩාකප්පල් වන ජාත්‍යන්තර පාසල් තිබෙන නිසා ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතුයි. දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීමටයි මුල්තැන දියයුත්තේ. ලංකාව තුළ මම හිතන විදිහට ජාත්‍යන්තර පාසල් දෙසීයක් පමණ තියෙනවා. කොහොම වුණත් දැනට ලියාපදිංචි කිරීමක්වත් නැති නිසා කවුරුත් නිවැරදි ගණනක් දන්නෙ නෑ. නියාමනය කිරීමකුත් නෑ. අපේ රට තුළ සාර්වත්‍ර අධ්‍යාපන ප්‍ර‘වේශයක් තියනවා. උපදින දරුවන් අධ්‍යාපනයට යොමුවීම 100%ක්ම වගේ සිදුවෙනවා. නමුත් ගණන් බැලීමේදී ප්‍රශ්නයක් එනවා. සුළු කොටසක් ලියාපදිංචියක් නැති, ජාත්‍යන්තර පාසල්වලට යන නිසා. එහිදී සාර්වත්‍ර ප්‍ර‘වේශය 98% ක් වගේ යැයි කියවුණොත් ඒක රටටත් හොඳ මදි. ඒ නිසා මේ ගැන නියාමනය අතිශය වැදගත්. මං හිතනවා නිවැරදි තීරණයකට යා යුතුයි. වසර 37 ක් පමණ නොවිසඳුණු මේ ප්‍රශ්න දැන්වත් විසඳිය යුතුයි.
ඡායාරූප - ඉසුරු පෙරේරා
http://ada.lk/
-