V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Wednesday, September 24, 2014

"විදුල" ළමා ගුවන් විදුලියෙන් ලෝක ළමා දිනයට - "රටට පිපෙන මල්"


ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙි, 
ස්වදේශීය සේවය,
 අධ්‍යාපන සේවය හා 
විදුල ළමා ගුවන් විදුලිය 
ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධාන කරන 
"රටට පිපෙන මල්" නව නිර්මාණ ළමා ගී ප‍්‍රසංගය 
ඔක්තෝබර් 02 වන දා බ‍්‍රහස්පතින්දා 
පෙරවරු 09-30 සිට ප’ව 12-30 දක්වා 
ගුවන් විදුලි සංස්ථා 
ආනන්ද සමරකෝන් මැදිරියේ දී පැවැත්වේ.

Sunday, September 21, 2014

පාසල් සිසුන් අතර පලතුරු පරිභෝජනය වැඩි කිරීමට පියවර


කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක් ව පාසල් සිසුන් පාදක කර ගනිමින් පලතුරු පරිභෝජනය වැඩි කිරීමට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.


මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වන විට මහනුවර පාසල් කිහිපයක ම මෙම කටයුත්ත සාර්ථකව පවත්වා ගෙන යන අතර, ඉදිරි කාලය තුළ මෙම ව්‍යාපෘතියට දායකවන මෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලු ම පාසල්වල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුවත් කර ඇත.


පලතුරු සැපයීමට සුදුසුකම් ලබන අය පාසල විසින් තෝරා ගත යුතු අතර, එහිලා කොන්දේසි කිහිපයකි. ඒ අනුව විවිධ පලතුරු වර්ග 04ක කැබලි අඩංගු පියන සහිත ප්ලාස්ටික් බඳුනක් (පැක් එකක්, ග්‍රෑම් 150) රුපියල් 25.00ටත්, පලතුරු බීම (සීනි නොදමා) මි.ලි. 200ක් රුපියල් 20.00ටත් සැපයිය හැකි බව පෙන්වා දෙයි.


එසේම මේ සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයෙන් අනුමැතිය ලබාගත යුතු අතර, මෙයට අමතර ව අලෙවි කුටියක්, ජලය සහ අලෙවි කුටියේ ගාස්තුව සඳහා පළමුව ගිවිසුමකට එළඹිය යුතු බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.


දැනටමත් මේ සඳහා පලතුරු සපයන්නන් ලෙස පුද්ගලයින් ගණනාවක් ලේඛනගත වී ඇති අතර, ඔවුන්ගේ නම් ලිපිනයන් සහ දූරකතන අංක ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලතුරු සංවර්ධන මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි වේ.

http://sinhala.news.lk/news/world-3/item/5371-2014-09-20-8

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 40වැනි උපාධි ප්‍රදානෝත්සවය 24 සහ 25

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 40වැනි උපාධි ප්‍රදානෝත්සවය 24 සහ 25ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 40 වැනි උපාධි ප්‍රදානෝත්සවය මේ මස 24 සහ 25 යන දෙදින තුළ දී  කුලපති ස්වාමීන්වහන්සේ වන මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්වහන්සේගේ හා උප කුලපති ආචාර්ය එන්.එල්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
 
මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී සිසුන් 2568ක් උපාධි ලබා ගැනීමට නියමිත වන අතර, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 603ක් ද ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 354ක් ද කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 1040ක් ද වෛද්‍ය විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 264ක් ද පශ්චාත් උපාධි අධ්‍යයන උපාධිලාභීන් 316ක් ද වශයෙන් උපාධි ලබාගැනීමට නියමිත වේ.

2014 ළමා නාට්‍ය උළෙල - "අළු කිරිල්ලී" සමඟ තවත් නාට්‍ය තුනක්

2014 ළමා නාට්‍ය උළෙල - "අළු කිරිල්ලී" සමඟ තවත් නාට්‍ය තුනක්
2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ පස්වැනි දිනය වන අද (21) සිංහල නාට්‍ය දෙකක්, ඉංග්‍රීසි හා දමිළ ළමා නාට්‍ය එක බැගින් පස්වරු 5.00ට කොළඹ 07, නව නගර ශාලාවේදී වේදිකාගත කෙරේ.
 
ඒ අනුව බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ  "අළු කිරිල්ලී", යාපනය, චුන්නාකම්මෙයික්කන්ඩන් මහා විද්‍යාලයේ "තෝට්මත්තු බොම්මෙයි", රත්නපුර පැල්මඩුල්ල නවෝද්‍යා විද්‍යාලයේ  "ද රැට් ස්කූල්" , චූල දසනායක ගේ "ඇලන්ගේ සිහිනය" වේදිකාගත කෙරේ.
 
නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් සෙනසුරාදා (18) ඉරිදා (19) දිනවල නාට්‍ය උළෙල නොපැවැත්විණි.
 
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වෙන මෙම ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් තෝරාගෙන ඇත.
 
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.
http://sinhala.news.lk/news/entertainment/item/5305-2014
 

“කොළඹ ළමයි“ - 2014‍

NMD 9496












“කොළඹ ළමයි - 2014“ ළමා සිතුවම් නිර්මාණ තරඟාවලියේ අවසාන වටය 2014-09-20 කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
කොළඹ අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි ජීවත වන දරු දැරියන් 20,000 ක ගෙන් තෝරා ගත් දරුවන් 5000 ක් මේ සඳහා සහභාගීවේ.
එළඹෙන පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය හා 6 වෙනිදාට යෙදී ඇති ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මෙම තරඟය සංවිධානය කොට ඇති බව රජයේ පුවත් වෙබ් අඩවිය පවසයි.

Saturday, September 20, 2014

කථාකරන - සෙල්ලම් කරන පරිගණක පැටව්

කථාකරන - සෙල්ලම් කරන පරිගණක පැටව්





විවිධ දේ අහුලමින් විසි කරමින් ක්‍රීඩා කල ඔබගේ කුඩා කාලය සිහි ගන්වන ලෙස ඉල්ලමින් මම මෙය ආරම්භ කිරීමට කැමැත්තෙමි. එමඟින් අවකාශයේ සම්බන්ධතා තේරුම් ගැනීමෙන් හා කළමනාකරණය කිරීමෙන් සිතීමට හා ගැටළු විසඳීමට ඔබ උගත්තේය. අප අවට ලෝකයේ බොහෝ දේවල් හඳුනා ගැනීමට මේ අවකාශ නිරීක්‍ෂණය ඉතා ගැඹුරින් සම්බන්ධය.

මගේ උපදේශක පැටී මහතා හා සහකරු ජීවන් කලන්ති මහතා සමඟ පරිගණක විද්‍යාඥයෙකු වූ මම භෞතික වස්තු හා අප අතර ඇති අන්තර් ක්‍රියාවන් නමැති උපයෝගීතාවයෙන් උද්යෝගිමත් වුනෙමු.ඒ අනුව පැතලි මේසයක් මත චලනය වන ඩිජිටල් ඇඟිලිතුඩක් වැනි මවුස් කර්සරය (mouse cursor)ලෙස මුළු පරිගණකයම යොදා ගැනීමට උත්සුක වුනු අතර තොරතුරු භෞතිකව අත්දෙකෙන් අල්ලා ගැනීමේ හා අපේ අවශ්‍යතා වලට අනුව සකස් කිරීමේ හැකියාව අපට ලබා ගතහැකි වේ නම් කුමක් විය හැකි දැයි සිතුවෙමි. මෙම ප්‍රශ්ණයේ බල ගැන්වීම නිසා එයට පිළිතුරක් ලෙස Sfitable (ස්ෆිටබල්) නිෂ්පාදනය එළි දැක්වීමට අපි තීරණය ක‍ළෙමු.

ඉතාම කෙටියෙන් දක්වතොත් Siftable යනු ප්‍රමාණයෙන් විස්කෝතුවක් තරම් කුඩා වූ අන්තර් ක්‍රියාකාරී පරිගණක වේ. Siftable අතින් චලනය කළ හැක.එකිනෙකා හඳුනයි.එකිනෙකාගේ ක්‍රියාකාරකම්ද හඳුනාගනියි.ඒවායේ දර්ශන තිර රැහැන් රහිත ගුවන් විදුලි (radio)ඇත.වඩාත් වැදගත් වන්නේ භෞතිකව බිල්ඩින්බ්ලොක් (Building Block)වැනි Siftable අතින් අල්ලා චලනය කළ හැකි වීමයි.ඩිජිටල් තොරතුරු කළමනාකරණයට හැකි නව පාරසරික ක්‍රමවේදයේ මෙවලමකට Siftable හොඳ උදාහරණයකි.

මෙම මෙවලම ඔවුන්ගේ චලනයන් හා එකිනෙක හඳුනන පහසු භාණ්ඩයකි.Siftable වලට අප කරන චලනයන් හඳුනාගෙන ඒවාට අනුකූල විනෝදකාමී බොහෝ අන්තර්ක්‍රියා ඉදිරිපත් කිරීමට Siftable වලට හැකියාව ඇත.Siftable හැසිරීම් වලින් කිහිපයක් මම ඔබට ඉදිරිපත් කරමි.

1. වීඩියෝ දර්ශණ ඉදිරිපත් කිරීම:-වීඩියෝදර්ශණ ඉදිරිපත් කල හැකි මෙම Siftable ඇල කල විට තිරයේ දර්ශණ වෙනස් වේ.අනෙක් දෙසට ඇල කල විට තිරයේ දර්ශණ පිටුපසට ගමන් කරයි.
එකිනෙකා හා ක්‍රීඩා කරන යහළුවන් වැනි මෙම Siftable එකිනෙක හඳුනයි.එක ළඟින් තැබූ විට ඒවා උද්යෝගිමත් වන අතර කිහිපයක් වටවූ විට කැලඹීමටද පත් වේ.මෙම අන්තර් ක්‍රියාවල එක් රසවත් යෙදුමක් ලෙස දත්ත සම්බන්ධයෙන් ගොඩනැගෙන එදිනෙදා ක්‍රියාකාරකමි සඳහා Sif
table උපයෝගී කර ගත හැකි බව අපට පසක් විය.

2. තීන්ත මිශ්‍ර කිරීම:-මෙම Sfitable තුන දෙස බලන්න.ඒවායේ එක් එක් වර්ණ ඇත. a නමැති Sfitable එක b නමැති Sfitable දෙසට ඇලකිරීම මඟින් a හි වර්ණ b වලට මිශ්‍ර වේ.යම් හෙයකින් වැඩි පුර a හි වර්ණ b ට එකතු වුනි නම් b Sfitableය,a Sfitable දෙසට ඇල කිරීමෙන් අමතර වර්ණ ප්‍රමාණය නැවත a ට ඇතුළු කල හැක.මේ ආකාරයෙන් වර්ණ මිශ්‍ර කර ඔබට අවශ්‍ය වර්ණ පහසුවෙන් සාදා ගැනීමට Sfitable උපකාරී වේ.

3. භාෂාව/ගණිතය ඉගෙනීම:-භාෂාව,ගණිතය හා ලඝු ක්‍රීඩා වැනි අධ්‍යාපනික වැඩසටහන් සඳහා Sfitable ඉතා නිවැරදිව යොදා ගත හැකිය.එමඟින් මිනිසුන්ට විවිධ දේ අත්හදා බලමින් ඒවායේ ප්‍රතිඵල ක්‍ෂණිකව නිරීක්‍ෂණය කළහැකි වීම විශේෂයකි.සරල ගණිත සමීකරණ Fibonacci සූත්‍රයට අනුව ඉතා පහසුවෙන් විසඳන අයුරු නරඹන්න.Sfitableභාවිතාකර වචන සකස් කිරීමේ අධ්‍යාපනික ක්‍රීඩාවක යෙදෙන අයුරුයි මේ.සෑම වටයකදීම සෑම Sfitable එකකටම අහඹු ලෙස ලද අකුරු ප්‍රදර්ශනය කරයි.මෙම අකුරු සහිත Sfitable එක ළඟ එක තැබූ විට ශබ්දකෝශයට අනුව නිවැරදි වචනය සාදයි.තත්පර 30 කටපසු නැවත ඒවා ස්වයංක්‍රීයව විවිධ අකුරු ප්‍රදර්ශනය කරති.එවිට ඔබට නව වචන සෑදීමට අවස්ථාව උදා වේ.

මේ අපේ පරීක්‍ෂණාගාරය නැරඹීමට ක්‍ෂේත්‍ර චාරිකාවක පැමිණි සිසු සිසුවියන් පිරිසකි.ඔවුන් මෙම අධ්‍යාපනික ක්‍රීඩා හා කුඩා වීඩියෝ දර්ශණ Sfitable වල පටිගත කර ඉතාමත් සතුටට පත් විය.මෙහි ඇති විශේෂත්වය නම් පහසු ලෙස මෙම විස්කෝතු වැනි පරිගණක හැසිරවීමට විශාල උපදෙස් ලබා දීම අනවශ්‍ය වීමයි.උදා “වචන සාදන්න”යයි කිවූ පමණින් ළමුන්ට ඒවා සමඟ එම ක්‍රියාවේ නියැලීම පහසු වේ.

4. ළඳරුවකු Sfitable භාවිතය :-අපේම කුඩාම අත් හදා බලන්නා වන මේ ළඳරුවා Sfitable සියල්ල නිවා දමා ඒවා එක මත එක තැබීමට තැත් කරයි.ඔහුට අනුව නම් Sfitable යනු බිල්ඩින් බ්ලොක් (Building Block) පමණක් වේ.

5. සජීවිකරණ කාටුන් නිර්මාණ :-Sfitable මඟින් කුඩා ළමුන්ට සජීවිකරණ කාටුන් නිර්මාණ සැකසිය හැක.අන්තර්ක්‍රියාකාරීව කටයුතු කරන පරිගණක යෙදුමක් වන මෙමඟින් භාෂාවන් ඉගැන්වීමේ විනෝදජනක සරල ක්‍රමයක් සකසා ඇත.මේ ෆිලික්ස් දරුවායි.ඔහුට නිවසේ රූපවාහිනී තිරයට විවිධ චරිත රැගෙන ඒමට කළ යුත්තේ මේසය මත තබා ඇති Sfitable එසවීම පමණි.මේ ඔහු රූපවාහිනී තිරයට හිරු ගෙන ඒමට Sfitable ඔස වන අයුරුයි (රූපවාහිනී තිරයෙහි හිරු නැගෙන අයුරු දිස්වෙන අතර “හිරු පායයි”ලෙස හඩ නැඟේ)ඔහු තිරයට ට්‍රැක්ටරයක් ගෙන එයි. Sfitable සෙලවීමෙන් එකිනෙක ළංකිරීම වැනි ක්‍රියා මඟින් රූපවාහිනී තිරයේ දිස්වූ චරිත (මෙහිදී හිරු,ට්‍රැක්ටරය) සජීවිකරණය වේ.ඔවුනට ආවේනික දෙබස්ද කිය වේ.ෆිලික්ස් Sfitable නැවත තැබීමෙන් ඔහුගේ කෙටි සජීවිකරණය වීඩියෝව නිමා කරයි. (රූපවාහිනිය “පූසා පියාඹා පිට වේ” යයි හඩ නගමින් රූප දක්වයි)

6. සජීවි සංගීතය සැකසීම:-ලැබී ඇති කාලය අනුව ඉදිරිපත් කරන අවසාන Sfitable යෙදුම නම් Sfitable මඟින් සංගීතය සැපයීමයි.මෙය සජීවි ඉදිරිපත් කිරීමේ මෙවලමක් ලෙස මෑතදී සකස් කල යෙදුමකි. මෙහිදී Sfitable ලීඩ් ගිටාරය,බේස් ගිටාරය හා ඩ්‍රම්ස් ලෙස ශබ්ද නගයි.දැනට මේ සෑම Sfitable එකකම ඊටා අනුරූප භාණ්ඩයේ සංගීත ඛාණ්ඩ 4ක් බැගින් ඇතුළු කර ඇත (උදා:- ලීඩ් ගිටාර Sfitable හි ලීඩ් ගිටාර් වාදන ඛාණ්ඩ 4 ක් ඇතුලත්ය)ඔබට අවශ්‍ය පිළිවෙලකට අවශ්‍ය වාදන සංගීත ඛාණ්ඩ අනුව Sfitable වලට ඇතුළු කල හැකි අතර Sfitable ඇලකිරීම මඟින් හඬ විවිධාකාරයෙන් පාලන කළ හැකිය.මෙමඟින් සජීවි සංගීත සැපයීමේ හැකියාවද ලැබේ.

“අපි එක ළඟ ඇති Sfitable දෙකකට ලීඩ් ගිටාර ශබ්ද ඇතුළු කර ඉදිරිපත් කිරීම ආරම්භ කරමු. ලීඩ් ගිටාරයේ ශබ්දය තව ටිකක් එකතු කරමු.(තීන්තමිශ්‍ර කල අයුරින්)දැන් මම එයට බේස් ශබ්දය එකතු කරමි.මේ ආකාරයෙන් විවිධ ශබ්ද ඇතුළු කිරීම,ෆිල්ටර් කිරීම මඟින් මට සජීවීව Sfitable උපදවන ශබ්ද පාලනය කර රසවත් සංගීතයක් සංගීත භාණ්ඩ වාදනයෙන් නොව Sfitable මඟින් සැපයිය හැකිය.ශබ්දය අඩු වැඩි කිරීමට හා කලින් සැලසුම් නොකර සංගීතය සැපයීමටද හැකියාව තිබේ.”

“මොලය හා ශරීරය එකට ක්‍රියා කරන ආකාරයට පරිගණකය හා මනුෂ්‍යයා එකට ක්‍රියා කිරීමේ විවිධ ක්‍රම නිර්මාණය කිරීම මගේ ආශාවයි.පරීක්‍ෂණාගාර වලදී අපි සොයා ගන්නා දැනුම මෙලෙස ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි යෙදුමක් ලෙස අපි අද ඔබට ඉදිරිපත් කළෙමු.අපේ ලෝකයේ, අපේ අවශ්‍යතාවයන්ට අනුව ඩිජිටල් මාධ්‍යවල තොරතුරු සමඟඅන්තර් ක්‍රියා කළ හැකි නව පරම්පරාවේ මෙවලම් නිර්මාණ තාක්‍ෂණයේ අභිමුව අපි සිටිමු යන සිතුවිල්ල ඔබ අතර ඉතිරි කරමින් මම සමුගනිමි.”

උපුටාගැනීම:http://www.ted.com/talks/david_merrill_demos_siftables_the_smart_blocks.html

කඩදාසි පරිගණකය



"කඩදාසි මත අච්චු ගැසූ ඇත්ත පරිගණකය. එම කඩදාසියෙන් ඉරා ගත් කඩදාසි කැබැල්ලක් පරිගණකයේ කොටසක් ලෙස වෙනත් කෙනෙකු පාවිච්චි කිරීම ඔබට විශ්වාස කළ හැකිද? එංගලන්තයේ කේම්බ්‍රිජ් හි මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්ටීව්හොග් සංවර්ධනය කළ තාක්‍ෂණයේ කොටසක් නිසා මෙය සත්‍ය වී තිබේ. ඉලෙක්ට්‍රොනික පරිපථ වල සන්නායක රිදී රේඛා ඉතාමත් සාර්ථකව කඩදාසි මත මුද්‍රණය කිරීමට ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ යොෂිහිහිරෝ
කවහාරා ඇතුළු කණ්ඩායම සමඟ එක්වූ හොග්ට හැකි විය. එපමණක් නොව ඔවුන් මුද්‍රණය සඳහා සරල පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් (Inkjet ප්‍රින්ටරය) භාවිතා කර, රිදී නිනිති අංශු (නැනෝ) වලින් සමන්විත තීන්ත උපයෝගී කර ගෙන තිබේ. කවහාරා පසුගියදා ස්විස්ටර්ලන්තයේ පැවැති සම්මන්ත්‍රණයකදී කඩදාසියේ මුද්‍රිත තෙතමත සංවේදකයක් (moisture sensor) ක්‍රියාත්මක කර පෙන්වන ලදි.
විනෝදයක් ලෙස විවිධ නව ඉලෙක්ට්‍රොනික පරිපථ හුදෙක් මුද්‍රණයෙන් ලබා ගෙන අත්හදා බලා, වැඩ නොකරන්නේ නම් විසිකර දැමීමේ අවස්ථාව උදා වීම නිසා නිරුමාණකරුවන් බොහෝ නව නිර්මාණ ඉදිරිපත් කරනු ඇතැයි කවහාරා විශ්වාසය පළ කරයි. තවද ත්‍රිමාණ මුද්‍රණයෙන් පරිගණකයේ සියලු භෞතික කොටස් මුද්‍රණය කළද ඉලෙක්ට්‍රොනික පරිපථ මුද්‍රණය කිරීමේ අපහසුතාව මෙමඟින් මඟ හැරී තිබේ. ටෝකියෝ හි මිටිෂුබිසි කෙමිකල් ආයතනය මෑතකදී සංවර්ධනය කරන ලද අවලම්භිත රිදී (silver suspension) තීන්ත භාවිතා කර රු. 10,000/- ක් පමණක් වටිනා පරිගණක මුද්‍රණ යන්ත්‍රයෙන්  (Inkjet ප්‍රින්ටරය) ජායාරූප මුද්‍රණ කඩදාසි මත ඉලෙක්ට්‍රොනික පරිපථ හොඳින් මුද්‍රණය කළ හැකි බව කවහාරා හඳුනාගෙන තිබේ. මෙහිදී තීන්ත වල ඇති රිදී අංශු නිදහස් කිරීමට එය රත් කිරීම අනවශ්‍ය වන අතර අංශු වල ප්‍රමාණය,දුස්ස්‍රාවිතාව සහ මතුපිට ආතතිය, පැතලි රිදී සන්නායක කඩදාසිය මත මුද්‍රණයට සුදුසු තත්වයේ පවතී. මේවා ක්‍රියාකාරී පරිපථ බවට පත් කිරීම සඳහා ප්‍රතිරෝධක, විදුලි බල ධාරක සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පරිපථයකදී පෑස්සීම කළද මෙහිදී සන්නායක ගම් වර්ගයකින් අලවනු ලැබේ.
කඩදාසි මත මුද්‍රිත තෙතමත සංවේදකය පැළෑටි සඳහා භාවිතා කරන අතර එහි එක් පරිපථ කොටසක් වර්ෂාපතනයද තවත් පරිපථ කොටසක් ආර්ද්‍රතාවයද මැන ලබා ගන්නා දත්ත මුද්‍රිතWi-Fi ඇන්ටනාවක් මඟින් සම්ප්‍රේෂණය කරයි.LED බල්බ හා බැටරි සම්බන්ධ කරන සන්නායකද (Wire) හොග් කඩදාසි මත මුද්‍රණය කර තිබේ. මීට අමතරව ක්‍ෂුද්‍ර සකසනය(micro processors සහ මතකචිපය(memory chips) සම්බන්ධ කිරීම් ඇතුළුව විවිධ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ Inkjet ප්‍රින්ටරය මඟින් මුද්‍රණය කර තිබේ. ඒ අනුව සෛද්ධාන්තිකව මේවා භාවිතා කර, කුඩා කැබලි වලට වෙන් වුවද ක්‍රියාත්මක කළ හැකි කඩදාසි පරිගණක සෑදිමට හැකි වේ.
රිදී ආශ්‍රිත Inkjet ප්‍රින්ටරය සාමාන්‍ය මිලට ගැනීමේ මට්ටම දක්වා දියුණු වුවහොත් අතින් ඇඳි පාට කළ හැකි විවෘත සන්නායක පරිපථ බහුල වන බව හොග් ප්‍රකාශ කරන අතර තව වසර 20 ක් ඔබටම ජංගම දුරකථනයක් මුද්‍රණය කරගෙන භාවිතා කළ හැකි වන බව කවහාරා කියා සිටියි.
·           නිව් සයන්ටිස්ට් සඟරාව 2937   කලාපය03 ඔක්තෝබර්ර 2013 ,පෝල්මාක්ස් ඇසුරෙනි

මන්ද පෝෂණය මැඩීමට සුපිරි කෙසෙල්




ක්වීන්සලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේමිස් ඩේල් පවසන පරිදි ලොව පුරා සිටින දරුවන් 650,000 –700,000 අතර ප්‍රමාණයක් Pro – Vitamin A හිඟකම නිසා සෑම වසරකදීම මරණයට පත්වේ. මෙයින් බහුතරයක් උගන්ඩාව වැනි නැගෙනහිර අප්‍රිකාවේ ළමයින් බව හඳුනාගෙන තිබේ. එම ප්‍රදේශවල දැනට බහුලව වගාකරන සහ ආහාරයට ගන්නා ආහාරයක් ජානමය නවීකරණය මඟින් Pro – Vitamin A ලබාදිය හැකි තත්වයට පත් කිරීමෙන් මෙම ගැටළුවට කල් පවත්නා විසදුමක් ලබා දිය හැකි බව ඩේල් යොජනා කරයි. එය ප්‍රායෝගීකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු සුපිරි කෙසෙල් (super bananas)”නිර්මාණය කර තිබේ. දැන් එය එක්සත් ජනපදයේදී මනව පරිභෝජනය සඳහා සුදානම් කර ඇත.

ඕස්ට්‍රේලියානු රජයේ සහ මෙලින්ඩා ගේට්ස් පදනම් ආයතනය(Melinda Gates foundation) ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මත මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිම ඩේල් සහ කාණ්ඩායම 2005 වසරේදී ආරම්භ කරන ලදී. කෙසෙල් පිසිමෙන් සකස්කර ගන්නා ආහාරය නැගෙනහිර අප්‍රිකානු ජාතින්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස සැකේ. එම නිසා කෙසෙල් වලට හිඟ පෝෂ්‍යජනක එක් කිරීම මඟින් එම ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා  වඩත් ඵලදායීව කටයුතු ක හැකිය.
උතුරු  ක්වීන්සලන්තයේ වගා බිම් වල සුපිරි කෙසෙල් වගාව පර්යේෂණ මට්ටමෙන්සාර්ථකව වගා කර තිබේ. නැ‍ගෙනහිර අප්‍රිකානුවන් පිසීම සඳහා යොදා ගන්නා සාමාන්‍ය කෙසෙල් මෙන්ම සුපිරි කෙසෙල්ද පිටතින් කහ පාටය (කෙසෙල් ලෙල්ල) එහෙත් කෙසෙල් ගෙඩිය තැඹිලි පාට වේ.   Pro – Vitamin A බහුලව එහි තිබේ. සුපිරි කෙසෙල් වල විටමින් ප්‍රමාණය ග්‍රෑම් 1 කට මයික්‍රො ග්‍රෑම් 20 දක්වා වැඩි කිරිම ඩේල්ගේ බලාපොරොත්තුවයි.

එක්සත් ජනපදයේදී මොන්ගොලියානු පස් සහිත බිම්වල කරන ලද සුපිරි කෙසෙල් වගා ව සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබේ. කෙසේ වෙතත් මේවා මනුෂ්‍ය පර්භෝජනය සඳහා සති 06 ක කාලයක් පර්යේෂණය ක්‍රියාත්මකය.මිනිස් කණ්ඩායමක් මෙම පර්යේෂණයට භාජනය වෙමින් දායකත්වය දක්වයි.
තවද විශේෂිත වර්ගයේ කෙසෙල් පැළෑටියන් හඳුනාගැනීම සඳහා උගන්ඩාවේ ගොවි බිම් වල සුපිරි කෙසෙල් පර්යේෂණාත්මකව වගා කෙරේ. එමඟින් ඉදිරි වසර කිහිපය තුලදී මුළු ලොවටම සුදුසු වඩා පෝෂ්‍යදායි කෙසෙල් හඳුන්වාදිමට බලාපොරොත්තු වේ. මෙම ජානමය නවීකරණය කරන ලද කෙසෙල් හෙවත් සුපිරි කෙසෙල් පිළිබඳව උගන්ඩා රජය අදාල නිකභාවය ලබාදෙනු ඇතැයි ක්වන්සලන්ත විශ්ව විද්‍යාලය අපේක්ෂා කරයි.
උපුටා ගැනීම:-
Human trials planned for genetically – modified super bananas – by Ben Cox worth.    http://www.gizmag.com/genetically-modified-super-bananas/32581/

අළු කිරිල්ලී

State Childrens Drama Festival-2014

සැප්. 21

බදුල්ල, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ “අළු කිරිල්ලී“, යාපනය, පන්නාගම් මෙයික්කන්ඩන් මහා විද්‍යාලයේ“තෝට්මත්තු බොම්මෙයි”, ර/පැල්මඩුල්ල නවෝද්‍යා විද්‍යාලයේ “ද රැට් ස්කූල්” , චූල දසනායක ගේ“ඇලන්ගේ සිහිනය“ 
සවස 5ට කොළඹ නව නගර ශාලාවේදී
‍රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30 ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18 ක් වේදිකාගත කිරීමට නියමිතයි.

State Childrens Drama Festival-2014

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

“ද රේන්බෝ ෆලවර්”

State Childrens Drama Festival-2014

සැප්. 20

මීගමුව, ශාන්ත ජෝසප් විද්‍යාලයේ “ අලුත් රබාන“,‍යාපනය, කොන්ඩමනාරු වීර කත්තිපිලෛයි මහා විද්‍යාලයේ “නරිමේලම් ”, කෑ/ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ “ද රේන්බෝ ෆලවර්”, තුෂාර ජාගොඩ හා අජන්ත රාජකරුණා ගේ “චණ්ඩිත් එක්ක රවුමක් යං”සවස 5ට කොළඹ නව නගර ශාලාවේදී

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30 ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18 ක් වේදිකාගත කිරීමට නියමිතයි.

Monday, September 15, 2014

අදින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඇරඹේ

 


සැප්. 15

කොළඹ13, යහපත් එඩේරානන්ගේ කන්‍යාරාමයේ “අද වගේ දවසක්”, කල්මුනේ,තිරික්කෝවිල් විනයාර්ගකුරම් මහා විද්‍යාලයේ “උරිකලිතෛයි අන්බු වයිප්පෝම්”, ඇඹිළිපිටිය ජනාධිපති විද්‍යාලයේ “අ ගුඩ් ‍ප්‍රෙන්ඩ්”, ඩී.කේ.ආටිගල ගේ “ අකුරු බූරුවා”
සවස 5ට කොළඹ නව නගර ශාලාවේදී
‍රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30 ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18 ක් වේදිකාගත කිරීමට නියමිතයි.

Sunday, September 14, 2014

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල – 2014

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30 ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18 ක් වේදිකාගත කිරීමට නියමිතයි.
‍රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.

සැප්. 15

කොළඹ13, යහපත් එඩේරානන්ගේ කන්‍යාරාමයේ “අද වගේ දවසක්”, කල්මුනේ,තිරික්කෝවිල් විනයාර්ගකුරම් මහා විද්‍යාලයේ “උරිකලිතෛයි අන්බු වයිප්පෝම්”, ඇඹිළිපිටිය ජනාධිපති විද්‍යාලයේ “අ ගුඩ් ‍ප්‍රෙන්ඩ්”, ඩී.කේ.ආටිගල ගේ “ අකුරු බූරුවා”

සැප්. 16

ක/බණ්ඩාරගම මධ්‍යමහා විද්‍යාලයේ “අපටත් නායකයෙක්”, තඩලගාම කුලක්කෝට්ටම් දෙමල විද්‍යාලයේ “ඔන්රු පට්ටල් උන්ඩු වාල්වු”, හ/නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ “ද බෙස්ට් ගිෆ්ට්”, එස්. අරඹේගෙදර ගේ “අපි අපි යාළුයි”,

සැප්. 17

වැල්ලවත්ත, ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ “අලුත් කරත්තේ ”, මඩු, මඩුකෝවිල් සින්නපන්චි විරිච්චාන් විද්‍යාලයේ “කට්රිරු පාඩම් කන්දිරු ඉන්බම්”, කොළඹ, මියුසියස් විද්‍යාලයේ “මැජික් බොක්ස්”, එම්.ඩී.ඩී.නිල්මිණි කේ දසනායක ගේ “අපි දිනුවෝ”,

සැප්. 20

මීගමුව, ශාන්ත ජෝසප් විද්‍යාලයේ “ අලුත් රබාන“,‍යාපනය, කොන්ඩමනාරු වීර කත්තිපිලෛයි මහා විද්‍යාලයේ “නරිමේලම් ”, කෑ/ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ “ද රේන්බෝ ෆලවර්”, තුෂාර ජාගොඩ හා අජන්ත රාජකරුණා ගේ “චණ්ඩිත් එක්ක රවුමක් යං”,

සැප්. 21

බදුල්ල, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ “අළු කිරිල්ලී“, යාපනය, පන්නාගම් මෙයික්කන්ඩන් මහා විද්‍යාලයේ“තෝට්මත්තු බොම්මෙයි”, ර/පැල්මඩුල්ල නවෝද්‍යා විද්‍යාලයේ “ද රැට් ස්කූල්” , චූල දසනායක ගේ“ඇලන්ගේ සිහිනය“

සැප්. 22

රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ “චූටි බබා අපේ විද්‍යාලයේ”, කොළඹ, රාජකීය විද්‍යාලයේ “පලි” , මී/බටුවත්ත මහා විද්‍යාලයේ “වයිස් බෝයි”, එම්. වින්ධ්‍යා ප්‍රභා කුමාරි ගේ “දෙයියන්ගේ බබා”,

සැප්. 23

බිබිල ,මො/වෙල්ලස්ස ජාතික පාසලේ “දඟයා” , ත්‍යාගරාජා සිවනේෂන් ගේ “එළිපෝරියල් පූනෛයි”, හොරණ, ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ “ද වොන්ඩර්ෆුල් ටියුන්”, උපාලි ටෙනිසන් ගේ “මගේ රට හදන ළමයා”.

සැප්. 24

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ “පැණි බේරෙන මී අඹ ගහ”, කේ.වී.තිනකරන් ගේ “කළුදයුම් සිම්හාසනම්”, වත්තල, ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ “ ද වර්ල්ඩ් යූ හෝල්ඩ් ”, සුරංජිත් සමීර රණසිංහ ගේ“මලීට බෝ එකක්”.

සැප්. 25

කු/ඉදුල්ගොඩ කන්ද, ශ්‍රී නිශ්ශංක ජාතික පාසැලේ “බිඟු පැංචයි මල් ගොමුවයි”, පොන්නයියා සුරේන්ද්‍රා ගේ“සිංහරාජන් තීරප්පු”, රෝහිත ජයකොඩි ගේ “ද ප්‍රින්ස් ඔෆ් ද ලෑන්ඩ් ඔ‍ෆ් චොක්ලට්”, නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය ගේ “මෙගොඩ ගෙ‍ාඩෙත් රත්තරන් එගොඩ ගෙ‍ාඩෙත් රත්තරන්”.

සැප්. 26

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ “මකරෙක් ඇවිත්”, පුවිරාජසිංහම් රුජින ගේ “පේරියෝර් සෝට් කේට්පෝම්”, පසිදු සංඛපාල මිත්‍රරත්න ගේ “යූ කැන් සේ සොරි”, සුදර්ශන බණ්ඩා‍ර ගේ “මුතු පවුර”

සැප්. 29

කෑ/ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ “මටත් පුළුවන් මමත් එන්නද”, එ‍ෆ්. රුජින මේරි ගේ“මිලිරුම් තුලිර්ගල්”, කොළඹ, මියුසියස් විද්‍යාලයේ “මල් පිබිදෙයි සුවද දැනෙයි”, ඩී.ඩබ්.පවර නවමිණ ගේ “සැරසෙන්”.

සැප්. 30

මාර/ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ “සුදු හදවත්”, කටු/ පූජා ජාතික පාසැලේ“සූකිරි ගෙදර මායාකාරී”, එරන්දි නදීකා සමරසිංහ ගේ “හත්පෙති මල”, මහ/සවර්ණමාලී බාලිකා මහා විද්‍යාලයේ “හැම දවසම සුබ පැතුමක්”,
සැ.යු. නොවැලැක්විය හැකි හේතුවක් මත සැප්. 18,19,27 හා 28 දිනවල ළමා නාට්‍ය ප්‍රදර්ශනය නොවන බව කාරුණිකව සලකන්න
 http://rangahala.lk/state-childrens-drama-festival-2014/

නාලන්දාව අධ්‍යාපනයට යළි විවෘතයි..



නාලන්දා යන සංස්‌කෘත වචනයේ අර්ථය දැනුම බෙදා දෙන්නා ''නාලම්'' යනු නෙළුම් මලයි. නෙළුම දැනුමේ සංකේතයයි. ''ධා'' යනු දානයයි. චීන දේශාටන භික්‌ෂුවක වන හියුං සියැං වාර්තාවන්ට අනුව කියෑවෙන්නේ අඹ වනයක්‌ මධ්‍යයේ නාගයෙකු ජීවත් වුණ නිසාත් මෙම නම යෙදූ බවයි. බුදුරජාණන්වහන්සේට අත්හිටුවීමකින් තොරව දානය ලැබුණු නිසාත් මෙම නම යෙදෙන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කර ඇත. ක්‍රි. පූ. 450 කාලයේදී කුමාරගුප්ත අධිරාජයාගේ අනුග්‍රහයෙන් මෙම අධ්‍යාපන මධ්‍යස්‌ථානය ආරම්භ විය.

ක්‍රි.පූ 1413 සිට ක්‍රි.පූQ. 1193 දක්‌වා කාලයේදී මෙම ආයතනය ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්‌ථානයක්‌ බවට පත්ව තිබිණි. ටිබෙට්‌, චීන, කොරියා, ජපන්, පර්සියා සහ තුර්කි ශිsෂ්‍යයන් ඉගෙනුම ලැබූහ. මෙහි ආදි ශිsෂ්‍යයන් අතර හියුං සියැං භික්‌ෂූන් වහන්සේ දිප්තිමත් ශිෂ්‍යයකු ලෙස සලකනු ලැබේ. නාගර්ජුන, වසුබන්දු ශීලභද්‍ර ඇතුළු විද්වත් ආචාර්ය මණ්‌ඩලයකින් මෙම අධ්‍යාපන මධ්‍යස්‌ථානය සමන්විත විය. ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිර්මාණයක්‌ ලෙසින් සැලකෙන මෙම අධ්‍යාපන මධ්‍යස්‌ථානය වටා උස්‌ තාප්පයක්‌ හා එක්‌ දොරටුවක්‌ පිහිටා තිබිණි. ඒ අතරම වෙන්ව පිහිටි අංගන අටක්‌, පන්සල් 10 ක්‌ භාවනා ශාලාවන්ද තිsබිණි. පොත්පත් ගබඩා කිsරීම වෙනුවෙන් මහල් නවයකින් සමන්විත පුස්‌තකාලයක්‌ ද තිබිණි. හියුං සියැං වාර්තාවන්ට අනුව මෙම සරසවියේ පීඨ අටක්‌ සහ වන්දනාව වෙනුවෙන් සිද්ධස්‌ථාන 10 ක්‌ පැවැති බැව් සඳහන්ය.

නාලන්දා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවීය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙරාතුව දොරටු භාරව සිටි අධ්‍යාපනඥයන් විසින් තියුණු වාචික පරීක්‌ෂණ පවත්වන ලදී. පාල යුගයේදී මහායානය පිළිබඳව ඉගෙනුම වැදගත් විය. පණ්‌ඩිත් අභයාකාර (Abhyakara gup) ඒ ගුප්ත යුගයේදී තාන්ත්‍රික ඉගෙනුම වෙනුවෙන් අවධානය යොමු විය. මේ කාලයේදී සිසුන් 10,000 ක්‌ පමණ නේවාසිකව අධ්‍යාපනය ලැබීය. ආචාර්ය මණ්‌ඩලය 2000 ක්‌ පමණ විය. මෙම කාලයේදී නාලන්දාව ලබා තිබුණු කීර්තිය කොතෙක්‌ද යත් යමෙක්‌ මෙහි ඉගෙනුම ලබනවා නම් එය මහත් කිර්තියක්‌ ලෙස සලකන ලදී.

වජ්‍රයාන ඉගැන්වීම් වෙනුවෙන් වස්‌තු බීජයන් මෙම විශ්වවිද්‍යාලය වෙතින් ලැබුණු අතර බෞද්ධ දර්ශනයේ පුරෝගාමියකු වූ ධර්මකීර්ති ප`ඩිවරයා සහ ටිබෙට්‌ බුදුදහම තුළ සම්භාවනීSයත්වයට පත් ගුරු පද්ම සම්භවයන් මෙම විදුහලේ ආචාර්යවරුන් වූහ.

ක්‍රි.ව 1193 දී මොහමඩ් භක්‌තියාර් මෙම ප්‍රදේශයේ බලවතා බවට පත් විය. ඔහු පන්දහසක සේනාව ලවා මෙම අධ්‍යාපනික මධ්‍යස්‌ථානය ගිනිබත් කරන ලදී. පර්සියානු ඉතිහාසඥ මින්හස්‌ සිය ග්‍රන්ථයක දක්‌වා ඇත්තේ භික්‌ෂූන් වහන්සේලා දානය වළඳමින් සිටින අවස්‌ථාවේ පිළිස්‌සී ජීවිතක්‌ෂයට පත් වූ අතර තවත් දහසක්‌ දෙනාගේ හිස්‌ ගසා දැමූ බවයි.

මෙම ගින්නට මාස තුනක්‌ මුළුල්ලේ පොත් පත් දැවී ගිය බව සඳහන් වේ. මේ කාලය වෙන විට එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලය යාන්තම් ආරම්භ වුණා පමණි. නාලන්දා විශ්aව විද්‍යාලය ගිනිබත් කළ මොහමඩ් භක්‌තියාර් 1199 වසරේදී බෙංගාලය යටත් කර ගැනීමෙන් පසු ඉන්දියාව සහ තිබ්බතය හරහා යන ගමනේදී ගංවතුරට හසුව ජීවිතක්‌ෂයට පත් විය. මෙම භුමියේ කරන ලද කැණීම් වලදි දැවී ගිය ධාන්‍ය කොටස්‌ සහ මිනිස්‌ ඇටසැකිළි ගණනාවක්‌ හමු වී ඇත. විශ්වවිද්‍යාලය සහ ඉගෙනුමේ වටිනාකම ගැන ඔවුන් කිසිදු තැකීමක්‌ කළේ නැත. මුස්‌ලිම් ආක්‍රමණිකයන් විසින් මෙහි තැන්පත්ව තිබූ ඓතිහාසික මූලාශ්‍ර සියල්ල විනාශ කළ අතර කුරානය පමණක්‌ ආරක්‌ෂාව වෙනුවෙන් පිටතට ගන්නා ලෙස දන්වා ඇත. නාලන්දාවේ නටබුන් අතර සරසවිය ගොඩනැගූ ගඩොල් කුට්‌ටි සහ අලංකාර කිරීමට යොදා ගත් කිරිගරුඬ කොටස්‌ද දක්‌නට ඇත. නාලන්දාවේ නටබුන් ගවේශනයේ යෙදුණු මුල්ම බටහිර ජාතිකයා ලෙස සලකනු ලබන්නේ ඇලෙක්‌සැන්ඩර් කනින්ග්හැම් පුරාවිද්‍යාඥවරයාය.

නමුත් නාලන්දාවේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් ඉඩ පරිසරය පැවැති බවට සාක්‌ෂි සටහන් ඇත. 1235 වසරේදී නාලන්දා වෙත ගිය ටිබෙට්‌ පරිවර්තකයෙක්‌ වූ ඩැග් ලොට්‌ස්‌වා සඳහන් කරන්නේ අවුරුදු 90 ක්‌ පමණ වූ රාහුල ශ්‍රී භද්‍ර නම් ගුරුතුමෙක්‌ බ්‍රාහ්මණයකුගේ ආධාර ඇතුව හැත්තෑවක්‌ පමණ පිරිසක්‌ වෙනුවෙන් ඉගෙනුම් කටයුතු පවත්වාගෙන ගිය බවයි.

මේ අතර නාලන්දා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය නැවත පිහිටුවන්නට අවධානය යොමු විය. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කළ අතර නොබෙල් සම්මානලාභී ඉන්දීය විද්වතෙකු වන ආචාර්ය අමිර්ටියා සෙන් ඒ සඳහා විශේaෂ උනන්දුවක්‌ දක්‌වන ලදී.

මේ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 500 ක්‌ පමණ වැය වෙන අතර චීනය , ඉන්දියාව, ජපානය සහ වෙනත් රටවල් විසින් අරමුදල් සම්පාදනයට කැමැත්ත පළ කරන ලදී. යටිතල පහසුකම් වෙනුවෙන් අමතර මිලියන පන්සියයක්‌ වැය කිරීමට බලාපොරොත්තු විය.

මෙහි පළමු අදියරේදී විශ්වවිද්‍යාලය පීඨ හතකින් සමන්විතය. මේ අතර කලා, විද්‍යා, දර්ශනය, ආගම්, වැනි වැදගත් පාඨමාලාවන් මෙහි ඇතුළත් වේ. වසර 800 කට පසුව නාලන්දා සරසවිය සිසුන් 15 දෙනෙකුගෙන් යුක්‌තව නිල වශයෙන් විවෘත කිරීම 2014 වසරේ සැප්තැම්බර් මස දෙවැනි දින සිදු වූ අතර ලොව පුරා සිටින විද්‍යාර්ථියන්ට නාලන්දාවේ දොරටු දැන් විවෘතව ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

http://www.divaina.com/2014/09/14/diyaga09.html

ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය (LEARN)


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම
ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය (LEARN)
වැඩිදියුණු කරයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා මෙන්ම ප්‍රමුඛතම බ්‍රොaඩ්බෑන්ඩ් පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් 'ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය' (Lanka Educational and Research Network-LEARN) සාර්ථකව වැඩිදියුණු කරන ලද බව අභිමානයෙන් දැනුම් දෙයි. අන්තර්ජාල ප්‍රවේශ පරාසය තත්පරයට ගිගාබයිට්‌ 1.65 (1.65 Gbps) දක්‌වා ඉහළ නැංවීම හා පුළුල් ප්‍රදේශ ජාලය (WAN) දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන සමග සම්බන්ධ කිරීම වැනි කටයුතු ඊට ඇතුළත් විය.

'ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය' (LEARN) මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවතින සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල, වෙනත් අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික විද්‍යා පදනම (NSF) ඇතුළු පර්යේෂණ ආයතන කිහිපයක්‌ එකිනෙක හා සම්බන්ධ කෙරේ. එපමණක්‌ද නොව, එය දීප ව්‍යාප්තව ද්විතීයික පාසල් යා කරන ජාලය වන SchoolNet සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන ආයතන යා කරන ජාලය වන දේශීය රාජ්‍ය ජාලය (Local Government Network - eGovernment) සමගද සෘජු සබ`දතා පවත්වයි.

මෙම වැඩිදියුණු කරන ලද ජාල යටිතල පහසුකම් මගින් අදාළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් වෙනුවෙන් විවිධ ඊ-ඉගෙනුම් ක්‍රියාදාම (e-Learning - අන්තර්ජාලය පදනම් වූ අධ්‍යාපනය හා දුරස්‌ථ අධ්‍යාපනය), ඉහළ නංවන ලද වීඩියෝ සම්මන්ත්‍රණ සේවා, අන්තර්ජාල වීඩියෝ ප්‍රචාරණ සේවා, සහ අන්තර්-විශ්වවිද්‍යාල හ`ඩ හා බ්‍රොaඩ්බෑන්ඩ් අන්තර්ජාල ප්‍රවේශ වැනි සේවාවන් වෙත සහාය පළ කෙරේ. එමගින් ඔවුනට තම අධ්‍යාපනික හැකියාවන් වැඩිදියුණු කර ගැනීමටත් අධ්‍යාපනික අවශ්‍යතා සඵල කර ගැනීමටත් හැකි වේ.

LEARN ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය කේ. එස්‌. වල්ගම මහතා මේ පිළිබ`දව මෙසේ අදහස්‌ දැක්‌විය( "LEARN යනු ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීම මෙන්ම අන්තර්ජාලය හරහා එම ආයතන ලෝකය වෙත සමීප කිරීම ස`දහා 1990දී පිහිටුවන ලද පුරෝගාමී ව්‍යාපෘතියක්‌. ඒ වගේම එය දැනුම් කේන්ද්‍රස්‌ථානයක්‌ බවට අප රට පත් කිරීමේ අරමුණින් ගතානුගතික ඉගෙනුම් ක්‍රමවේද හා සීමාවන් අතික්‍රමණය කරමින් පුළුල් අධ්‍යාපනික අවස්‌ථා උදා කරන ජාලයක්‌ද වනවා".

සංස්‌කරණය -
අසෝක වන්නිආරච්චි
  


http://www.divaina.com/2014/09/14/economic01.html

5MB තරම් කුඩා මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකට දාගන්න හැටි.


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ 5MB තරම් කුඩා මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකට දාගන්න හැටි.ඉතින් අදකාලේ හැටියට 5MB කියන්නේ ඉතා කුඩා ෆයිල් සයිස් එකක්.මේවගේ ෆයිල් සයිස් එකක මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් එකට දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද.

KolibriOS කියන්නේ ඉතා කුඩා ඒ වගේම ගොඩක් බලවත් මෙහෙයුම් පද්දතියක්.ඇත්තට මේක ධාවනය කරන්න අවශ්‍ය වෙන්නේ 8MB වගේ කුඩා රැම් මතකයක් පමණයි.මේක කුඩා විතරක් නෙවෙයි ඔයාලට අවශ්‍ය DOC එකක් එඩිට් කරගන්න සින්දු අහන්න වීඩියෝ නරබන්න අන්තර්ජාලයේ සැරිසරන්න වගේ ගොඩක් පහසුකම් තියනවා.ඒවගේම මේක බූට් වෙන්න යන්නේ තප්පර 10 වඩා අඩු කාලයක් පමණයි.

දැන් බලමු කොහොමද මේක පෙන් එකට දාගන්නේ කියල.එකට FAT32 ෆෝමැට් කරපු පෙන් එකක් ඕනේ වෙනවා.මොකද මේක සම්පුර්ණයෙන්ම සහය දක්වන්නේ FAT12/16/32 වලටයි.නමුත් NTFS, ISO9660 and Ext2/3/4 සදහා කියවීමේ පහසුකම් තියනවා.(read-only support)

* මුලින්ම මෙතනට ගිහින් http://adbla.us/6rQSa (click and skip Ad) බාගන්න.

1. KolibriOS එක අන්සිප් කරගන්න.
2. අන්සිප් කරගත්ත KolibriOS එකේ HD_Load > USB_Boot එකට යන්න.
3. setmbr.exe මගින් MBR ස්ථාපනය කරගන්න.(මෙහි X යනු පෙන් ඩ්‍රයිව් එකයි. setmbr.exe run as administrator Run කරන්න)
4. inst.exe මගින් flash loder එක ස්ථාපනය කරගන්න.(inst.exe run as administrator Run කරන්න)
5. දැන් අන්සිප් කරගත්ත KolibriOS එක පෙන් එකට කොපි කරගන්න.
6. දැන් පෙන් එකෙන් පරිගණකය බූට් කරන්න

http://www.sinhalahelp.com/

ඉංග්‍රීසි සාහිත්‍යය අපෙන් දුරස් ද?

නූතන ශ්‍රී ලාංකික සාහිත්‍යය ක්‍ෂේත්‍රය තුළ ඉංග්‍රිසි බසින් නිර්මාණය වන සාහිත්‍ය කෘතීන් ද ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි. එපමණක් නොව සමහර ඉංග්‍රිසි කෘති අන්තර්ජාතික තලයේ අවධානයට යොමු වෙමින් විවිධ අන්තර්ජාතික සම්මාන ද හිමිකර ගැනීමට සමත් වී තිබේ. එහෙත්  තවමත් අපට ආගන්තුක ස්වරූපයක් ගෙන දෙයි.
අද අපගේ අවධානය යොමුවනුයේ ඒ වෙනුවෙනි.


ඉංග්‍රීසියෙන් ලියන බොහෝ දෙනෙක් සිංහලෙන් කතා කරන්නෙවත් නැහැ

විජිතා ප්‍රනාන්දු


1. මම හිතන්නෙ මීට දශක දෙක තුනකට කාලෙට වඩා වර්තමාන තත්ත්වෙ හොඳයි. අපේ රටේ කෙරෙන ඉංග්‍රිසි රචනා, සාහිත්‍ය කෘතිවල දියුණුවක් වර්තමානයේ දකින්න පුළුවන්. එය කොතරම් පුළුල් වෙලා ද කිවහොත් මීට පෙර යුගයන්හි ඉංග්‍රිසියෙන් සිංහලට පරිවර්තනය වෙච්ච ලේඛන අද වෙනකොට සිංහලෙන් ඉංගි‍්‍රසියට පරිවර්තනය කරනව. එය හොඳ ලක්ෂණයක්. මෙයට අධ්‍යාපනයේ දියුණුව, ලෝක දෘෂ්ටිය පුළුල්වීම, අන්තර්ජාතික දැනුම උකහා ගැනීමට ඇති හැකියාව වර්ධනය වීම, මිනිසුන්ගෙ ලිබරල්වාදී චින්තනය වර්ධනය වීම වැනි කරුණු රාශියක් බලපාල තියෙනව.
අද අපට හමුවන්නෙ හැටේ දශකයේ අපට හමුවුණු සාහිත්‍යකරුවා නෙමෙයි. වර්තමාන සාහිත්‍යකරුවා අතීත දැනුමෙන් හා වර්තමාන දැනුමින් සන්නද්ධ වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔහු සිතන පතන ආකාරය වෙනස්. ඔහුට බොහෝ දේ බාධකයන් නෙමේ. ඒ නිසා ඔහු බය නැතිව ලේඛනයෙහි පවා යෙදෙනවා. එම ලේඛනවල අඩුපාඩු නැතිවා නෙමෙයි. නමුත් වැරදි වැරදි හරි ලේඛනයට යොමුවීම ඉතා වැදගත්. යමක් නොකර සිටීමට වඩා යම් දෙයක් කිරීමට උත්සාහ කිරීම ඉතා වැඩදායී දෙයක්.

2. කොහෙත්ම කරන්න බැහැ. ඒකෙ ආයිත් කථා දෙකක් නැහැ. ඕනැම රටක නිර්මාණකරණයක නියැළෙනවා නම් එහි සාහිත්‍ය සම්ප්‍රදාය දැනගත යුතුයි. එහෙම නැතුව අඳුරේ අතපතගාන්න බැහැ. නමුත් අපේ රටේ වෙලා තියෙන්නෙ ඉංග්‍රිසියෙන් ලේඛනයෙහි යෙදෙන, සාහිත්‍ය නිර්මාණ කරන වැඩි දෙනෙක් (එක්කෙනෙක් දෙන්නෙක් හැර) සිංහල සාහිත්‍ය තියා සිංහලෙන් කතා කරන්නෙවත් නැහැ. ඒ වගේම ඒ බොහෝ දෙනෙක් දක්ෂ සිංහල ලේඛක, ලේඛිකාවන්ගෙ නම් පවා දන්නෙ නැහැ. මෙවැනි වටපිටාවක ඔවුන් අතින් අව්‍යාජ කෘති බිහිවෙයි කියල හිතන්න බැහැ.
අපි ඔක්කොටම ඉස්සෙල්ල අපි ජීවත්වෙන පොළොවෙ පය ගහල ඉන්න ඕන. එහි සංස්කෘතිය, භාෂාව, පිළිබඳ දැනගෙන ඉන්න ඕන. එහෙම නැතුව තමාට අවශ්‍ය දේ පමණක් කෘති හරහා ප්‍රකාශයට පත් කරාට වැඩක් නැහැ. එවිට එම නිර්මාණවල පවතින්නෙ ව්‍යාජ ස්වරූපයක්. මෙම තත්ත්වය එන්න එන්නම වැඩිවෙනවා මිසක් එහි අඩුවක් පෙනෙන්නට නැහැ. අපි ඉංග්‍රිසියෙන් ලේඛනයෙහි යෙදුණට අපේ මුල් සාහිත්‍ය සම්ප්‍රදාය අමතක කරල නිර්මාණයෙහි යෙදීම කෘතිමයි.
3. එයට ප්‍රධාන හේතුවක් වන්නෙ හුඟ දෙනෙක් එවැනි දේ ගැන නොදැනීම. ඒ වගේම තමයි දන්න අය තමන්ගෙ කෘති විදේශ වෙළෙඳපොළට යැව්වත් එම නිර්මාණවල එතරම් ගුණාත්මක බවත් නොමැතිවීම. අන්තර්ජාතික තලයෙ පොත් කියවන්නන්ගෙ සංඛ්‍යාව අතිවිශාලයි. ඔවුන් කියවන පොත්පත් ද විවිධයි. ඒ නිසා ඔවුනට සෑම විටම අවශ්‍ය වන්නෙ නව නිර්මාණ. එකම තැනකට කොටුවෙච්ච නිර්මාණ කියවන්න ඔවුන් කැමැති නැහැ.
අපේ බොහෝ පොත්වල තියෙන්නෙ ඔන්න ඔය කියන ඒකාකාරී ස්වරූපය. නමුත් ඒ අතරෙ අලුත් නිර්මාණ, ගුණාත්මක බවින් යුතු නිර්මාණ බිහිවෙන්නෙ නැහැ කියල කියන්න බැහැ. ශෙහාන් කරුණාතිලකගෙ Chinaman එවැනි කෘතියක්. එය සාමාන්‍ය කෘතියකට වඩා ඉහළ කෘතියක්. ඒ වගේම සොනිලි දැරණියගලගේ Waves කියන සුනාමිය අළලා ලියා තිබෙන කෘතිය පිළිබඳ Newyork literary news Newyoker සඟරාවෙ කෙටි සටහනක් තියෙනව. ඒ වගේම ඈන් රණසිංහ වැනි ලේඛිකාවො පිළිබඳ සාකච්ඡා වෙලා තියෙනවා. තවත් කිහිප දෙනෙකු ද ඒ අතරෙ සිටිනව. ඒ නිසා මෙවැනි දේ පිළිබඳ අපේ සාහිත්‍යකරුවනව දැනුවත් කළ යුතුයි.

4. විචාර කලාවක් නැහැ. ඉංග්‍රිසි පුවත්පත් හරහා විවිධ කෘති පිළිබඳ විචාර පළවෙනව තමයි. නමුත් එය සිදුවන්නෙ බොහෝ විට දැන ඇඳුරුම්කම් මත. කිසියම් කෘතියක් රචනා කරපු කෙනෙක් තමන් දන්න කෙනකුට කියල තම පොත ගැන ලියවගන්නව. එතැනදි විචාරය ලියන එක්කෙනා තමන්ගෙ මිතුරගෙ පොත හොඳයි කියල ලියනවා. එය පත්තරේ පළකරනවා. ඔවැනි විචාරයක් තමයි අද තියෙන්නෙ. එයින් වෙන්නෙ හානියක්. එහිදී පොත පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලැබෙන්නෙ නැහැ.

5. බොහෝ සිංහල ලේඛක ලේඛිකාවන්ට දැඩි ආශාවක් තියෙනවා තමන්ගෙ කෘතිය ඉංග්‍රිසියට පරිවර්තනය කරගැනීමට. නමුත් අපි කරන්න ඕන කිසියම් වැදගත්කමක් තියෙන කෘතියක් පමණයි. මම පරිවර්තනය කරනකොට මුලින්ම අවධානය යොමු කරන දෙයක් තමයි එම කෘතිය පරිවර්තනය කිරීමෙන් කිසියම් වැඩක් වේද? කියන එක. ඒ වගේම එයින් මට වින්දනයක් ලැබිය හැකිද? කියන එක. නමුත් වර්තමානයෙ සමහර කෘති කිසිම විශේෂ හේතුවක් නැතුව පරිවර්තනය වන බවක් පෙනෙන්ට තියෙනවා.

ලාංකේය ඉංග්‍රීසි සාහිත්‍යයේ නූතනවාදය ඉස්මතු වෙලා

මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු

1. ඇත්තටම මම ඒ පිළිබඳ හුඟක් දන්නෙ නැහැ. නමුත් සිංහල හා ඉංග්‍රිසි යන භාෂා දෙකෙන්ම බිහිවන කෘති කියවන පාඨකයෙක් වශයෙන් මං යමක් ප්‍රකාශ කරන්නම්. ඉංග්‍රිසි ලේඛනයෙහි යෙදෙන ලේඛක ලේඛිකාවන් ප්‍රධාන ධාරාවන් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. ඉන් පළමුවන කොටස තමයි සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමය අනුගමනය කරන පිරිස. දෙවන පිරිස තමයි වෙනස් වූ නූතනවාදය ඇසුරෙහි තම කෘති බිහි කරන පිරිස. මෙම දෙවන පිරිස බොහෝ අය පශ්චාත් නූතනවාදීන් හෙවත් පශ්චාත් නූතනවාදය ප්‍රකාශ කරන්නන් ලෙස හැඳින්වූවත් මා එය හඳුන්වන්නෙ සමකාලීන නූතනවාදය හැටියට. අද තියෙන්නෙ සමකාලීන නූතනවාදයෙහි වර්ධනයක්.
ඔවුන් කලාව, සාහිත්‍ය පිළිබඳ හෙලන දෘෂ්ටිකෝණය සාම්ප්‍රදායික දෘෂ්ටිකෝණයෙන් එහා ගිය නූතනවාදී එළඹුමක්. වර්තමාන ලාංකික ඉංග්‍රිසි සාහිත්‍යයෙහි එම වර්ධනය ඉස්මතු වෙලා තියෙනව. එයට හොඳම උදාහරණයක් තමයි මහාචාර්ය සුමති ශිවමෝහන්. ඇය ඉංග්‍රිසියෙන් නවකතා ආදිය නොලියුවත් ඇයගේ ලේඛන තුළ නූතනවාදී ලක්ෂණ ඉතා පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ඒ අනුව වර්තමාන ඉංග්‍රිසි ලේඛන යම් නවතාවක් පෙන්නුම් කරනව. ඒ වගේම මයිකල් ඔන්ඩච්චි, පුණ්‍යකාන්ති විජේනායක, ජීන් අර්සනායගම් වැනි අය වගේම වර්තමානයේ ශෙහාන් කරුණාතිලක වැනි නිර්මාණකරුවන් ලාංකික ඉංග්‍රිසි සාහිත්‍යය තුළ කැපී පෙනෙනව.

2. එය එක්තරා ප්‍රශ්නයක් තමයි. ඒකට කෙටි පිළිතුරක් දෙනව නම් එහෙම කරන්න බැහැ. නමුත් ඉංග්‍රිසියෙන් ලියන අපේ බොහෝ දෙනෙක් අපේ සම්ප්‍රදාය ගැන වැඩිය දන්න අය නෙමෙයි. ඔවුන්ගෙ පළමුවන භාෂාව ඉංග්‍රිසි. ඔවුන් ජීවිතය ඉංග්‍රිසියෙන් ලියන්න හදන්නෙ. නමුත් ඉන්දියාවෙ ඔය තත්ත්වෙ නැහැ. ඉන්දියාවෙ තියෙන්නෙ British Engligh  නෙමේ. ඒවා ඉන්දියානු ඉංග්‍රිසි . ඔවුන් හිතන්නෙ Indian English වලින්. මේ පිළිබඳ මහාචාර්ය මැණික් ගුණසේකර ඉතා වැදගත් පර්යේෂණයක් කරල තියෙනවා. ඒ වගේම මහාචාර්ය අර්ජුන පරාක්‍රම සාමාන්‍ය ජනයාගේ ඉංග්‍රිසි එහෙම නැත්නම් සාමාන්‍ය ජනයා ව්‍යවහාර කරන ඉංග්‍රිසි පිළිබඳ දැඩි අවධානයක් යොමු කරනව. මමත් වැඩිය කැමැතියි එයට. ලාංකිකයන්ගෙන් පවා ඔවුන්ට ම ආවේණික ඉංග්‍රිසි භාෂාවක් ගොඩනැෙඟන්න පුළුවන්.

3. එයට හේතු කීපයක් තිබුණට එයට ප්‍රධාන හේතුව තමයි ශ්‍රී ලංකාවේ ජනගහනය ඉතා කුඩා වීම. අපේ අසල්වැසි ඉන්දියාව සමඟ සැසඳුවොත් එහි අති විශාල පාඨක පිරිසක් ඉන්නව. ඒ වගේම ඒ අරුන්දතී රෝයි වගේ ඉතා රැඩිකල් ලේඛිකාවො ඉන්නව. ඒ නිසා ඔවුන්ගෙ නිර්මාණ විශාල පාඨක පිරිසක් අතර සංසරණය වෙනව. ඒ හේතුවෙන් ලෝක අවධානය පවා ඒ වෙත යොමු වෙනවා. ඒ වගේම එම කෘති නවීන අදහස්වලින් යුක්තව නව සම්ප්‍රදායන්ගෙන් යුක්තයි. නමුත් අපේ කෘති තුළ පිටරට මිනිසුන්ට කියවන්න අලුත් දෙයක් නැහැ. ඒ නිසා ඒව අපේ රටින් පිට ඉල්ලුමක් නැහැ. හැබැයි අපිට අවශ්‍ය නම් එම තත්ත්වයට ළඟාවිය හැකියි. උදාහරණයක් වශයෙන් ගතහොත් අපේ කුලබේදය, ජාතික ප්‍රශ්නය වැනි දේ ගැන හරවත් නිර්මාණයක් බිහි කළොත් ඒ තුළ යම් නවතාවයක් තිබෙයි. එවැනි දේ සඳහා විදේශ ඉල්ලුමක් තියෙයි. නමුත් තාම එවැනි දේ පිළිබඳ හරවත්, ගැඹුරු නිර්මාණයක් බිහිවෙලා නැහැ. දෙවන කරුණ තමයි හරවත් දෙයින් පවා අපි ප්‍රයෝජනයක් අරගෙන නැතිකම. සරච්චන්ද්‍රයන්ගෙ නාට්‍ය, ලෝකෙ බිහිවෙච්ච හොඳම නාට්‍ය. නමුත් එය ලෝකේ තියා ලංකාවෙ අයවත් දන්නෙ නැහැ.

4. තරමක් දුරට තියෙනව. ඉංග්‍රීසි පුවත්පත් හරහා එය සිදුවනවා. ඒ වගේම ලංකාවෙ ඉංග්‍රිසි නාට්‍ය ගැන මහාචාර්ය නෙලූෂ ඩිමෙල් වටිනා අදහස් රාශියක් ඉදිරිපත් කරල තියෙනවා. විවේචනාත්මක ඒ දෙස බලල ඉතා වැදගත් කරුණු රාශියක් දක්වල තියෙනවා.

5. හොඳ කෘති කිහිපයක් තිබුණ සරච්චන්ද්‍රයන් කරපුව. විශේෂයෙන් ‘මළවුන්ගේ අවුරුදු දා’ ඉංග්‍රිසි පරිවර්තනය, මාර්ටින් වික්‍රමසිංහයන් කරපු පරිවර්තන, ඒ වගේම රංජිනී ඔබේසේකර ජාතක පොත පරිවර්තනය කිරීම. ඈෂ්ලි හල්පෙ “විරාගය” ඉංග්‍රිසියට පරිවර්තනය කිරීම. නමුත් මහාචාර්ය හල්පෙට “විරාගය” කෘතිය සිංහලෙන්වත් හරියට තේරුණාද? කියන එක ප්‍රශ්නයක්. මෙවැනි ගැටලු මධ්‍යයේ වුවත් හොඳ පරිවර්තන වගේම වැඩකට නැති පරිවර්තන ද සිදු කෙරෙනවා. මහාචාර්යවරුන් පවා එවැනි දේ සිදු කරනවා.


ඉංග්‍රිසි ලේඛකයො සිංහල නිර්මාණ නොකියවීම අඩුවක්

කුසුම් දිසානායක


1. දැන් නම් මීට ඉස්සෙල්ලට වඩා උනන්දුවක් තියෙනවා. ඒත් ඉංග්‍රිසියෙන් ලියන අය ඉන්නෙ බොහොම ටික දෙනයි. ඒ කට්ටිය යම් දෙයක් කරන්න උත්සාහ කරනව. නමුත් මට පෙනෙන පැහැදිලි දුර්වලතාවයක් තමයි ඒ බොහෝ කෘතිවල අන්තර්ගතය තුළ ගැඹුරක් දක්නට නොලැබීම. එහෙම නැතුව අපිට එදිනෙදා සිදුවන දේ ගැන පමණක් විස්තරයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. සාහිත්‍ය කෘතියක් කියන්නෙ පාඨකයාට වින්දනයක් දැනුමක් ලබා දෙන එකක්. එතැනදි මේ කාරණා දෙකම සමබරව තියෙන්න ඕන. මෙය ඉංගි‍්‍රසියෙන් කෙරෙන රචනාවල පමණක් නොව සිංහල කෘතිවලත් දක්නට ලැබෙන අඩුවක්. මම මේ දෙවිදියෙහිම කෘති කියවන නිසා එය මට හොඳින් දැනෙනව. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට සිංහලෙන් රචනා කරන බොහෝ අය ඉංග්‍රිසි කෘති කියවන්නෙ නැහැ. ඒ වගේම ඉංග්‍රිසියෙන් රචනා කරන අය සිංහල කෘති කියවන්නෙ නැහැ. ඔය දෙකම කියවන්න ඕන. එවිට තමයි ඒ පිළිබඳව තුලනාත්මක දැනුමක් බිහිවන්නෙ.

2. මම හිතන්නෙ එය වඩා වැදගත් වන්නෙ සිංහලෙන් ලේඛනය කරන අය සඳහා කියල. මොකද ඔවුන්ට ඔවුනගෙ නිර්මාණ සාර්ථක කරගැනීම සඳහා සිංහල සාහිත්‍යය අනිවාර්ය බලපෑමක් කරනව. එය කරුණු තුනක් යටතේ ඔවුනට වැදගත් වෙනවා. එහි පළමු වටිනාකම තමයි ඒ හරහා ඔවුනගෙ භාෂා ඥානය වැඩි දියුණු කරගැනීමට හැකිවීම. දෙවැන්න තමයි අපේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම. තෙවැන්න තමයි සාහිත්‍ය විකාශනය වූ ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම. මේවා ඉංග්‍රිසියෙන් නිර්මාණය කරන අයට වැදගත් නොවනවා කියල කියන්න බැරි වුණත් ඔවුන්ගේ බොහෝ නිර්මාණ සඳහා පාදක වන්නෙ වර්තමාන සමාජ තත්ත්වය ගැන. ඒ නිසා ඔවුන් අවධානය යොමු කරන්නෙ අපේ පැරණි සාහිත්‍යය පිළිබඳ නෙමේ. වර්තමාන සමාජ තත්ත්වය පිළිබඳ. එතැනදි අපේ පැරණි සාහිත්‍ය ඔවුනට එතරම් අදාළ වන්නේ නැහැ.

3. අපේ රටේ ලේඛකයන් පළකරන ඉංග්‍රිසි කෘතිවලට අන්තර්ජාතික වශයෙන් වටිනාකමක් ලැබෙන්නෙ නැහැ කියල කියන්න බැහැ. ළඟදි ශෙහාන් කරුණාතිලකගෙ Chinaman කෘතිය ඇගයීමට පාත්‍රවුණා. ඒ වගේ තවත් අයගෙ කෘතිවලට ඇගයීමක් ලැබුණා. මෙහි මූලිකත්වය ගත යුත්තෙ ප්‍රකාශනයටයි. ලේඛකයා කරන්නෙ නිර්මාණය විතරයි. ඔහුට එය විදේශ වෙළෙඳපොළට ගෙනයන්න බැහැ. ඒක කරන්න ඕන ප්‍රකාශකයො. ශෙහාන් කරුණාතිලකගෙ පොත පවා තරගයට ඉදිරිපත් කළේ එහි ප්‍රකාශකයො. නමුත් අපේ රටේ ප්‍රකාශකයන් එවැනි උත්සාහයක් දරන්නෙ නැහැ. Chinaman කෘතිය ප්‍රකාශයට පත් කළේ සිංගප්පූරු ප්‍රකාශන ආයතනයක් නිසා එය ඔවුන් විදේශ වෙළෙඳ පොළට නිකුත් කළා. ශෙහාන් ගෙ පොතක් අපේ රටේ ප්‍රකාශ කළා නම් එයට ඔවැනි පිළිගැනීමකට ලක් නොවන්න ඉඩ තිබුණා.

4. විචාර කලාවක් ලෙස වර්ධනය නොවුණත් ඉංග්‍රිසි කෘති සම්බන්ධයෙන් බොහොම පුවත්පත්වල පළවන විචාර සිංහල විචාරවලට වඩා බොහොම ඉදිරියෙන් සිටිනව. ඇත්තටම එහි වැදගත්කම වඩා ඉස්මතු වන්නෙ සිංහල විචාර කලාවක් නැතිවීමේ අඩුව මත. ඉංග්‍රිසියෙන් විචාර ලියන බොහෝ දෙනා ඒ විෂයය පිළිබඳ දැනුමක් ඇතිව එය කරන බව පෙනෙනව. ඒ වගේම ඔවුන් කිසියම් කෘතියක් පිළිබඳ තුලනාත්මක විස්තරයක් කිරීමට හැකියාවක් තියෙනව. ඒ අනුව ඉංග්‍රිසි කෘති සම්බන්ධව පළවන විචාර, විචාර කලාවක් ලෙස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙයි කියා හිතනව.

5. එහෙම කරන්නෙ ඉතා ටික දෙනයි. මමත් එවැනි කෙනෙක් නිසා ඒ ගැන වැඩිය කතා කරන්න මම කැමැති නැහැ. නමුත් මට කියන්න තියෙන්නෙ ඒ සඳහා අනිවාර්යයෙන්ම සිංහල භාෂාවත්, ඉංග්‍රීසි භාෂාවත් ඉතා හොඳට දැනගෙන ඉන්න ඕන. නමුත් අපේ බොහෝ ලේඛක ලේඛිකාවො දන්නෙ එක භාෂාවක් විතරයි. එවැනි අය කරන කුමන පරිවර්තනයක් හෝ සාර්ථක වන්නෙ නැහැ. සාර්ථක පරිවර්තනයකට බහු භාෂා පිළිබඳ දැනුම ඉතා වැදගත්.



ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ව හරි විචාරයක් නැහැ

දයා දිසානායක



1. එය මේ වෙන කොට අන්තයටම පිරිහිලා. හොඳටම වැටිල. ඒකට හේතුව තමයි ලියන්න කිසිම පෙලඹවීමක් ඇති නොකිරීම. ඒ කියන්නෙ කිසිමඡ්දජධභපචඨඥථඥදබ එකක් කොහෙන්වත් නැතිවීම. ප්‍රකාශකයො පවා ඉංගි‍්‍රසි කෘති පළකිරීමට කැමති නැහැ. විශ්වවිද්‍යාලවල ඒ සම්බන්ධව කිසිදු හරවත් සාකච්ඡාවක් ඇතිවෙන්නෙ නැහැ. මෙවැනි දේ නිසා ලේඛනයෙහි යෙදෙන පිරිසට පවා ඇතිවෙලා තියෙන්නෙ මහ එපාවීමක්. ලංකාවේ සිංහල සාහිත්‍යය හා සංසන්දනය කරන ඉංගි‍්‍රසියෙන් ලේඛනයෙහි යෙදෙන්නෙ කිහිප දෙනයි. ඒ අයටත් එපාවීමක් වෙනකොට ඒ ගැන ඉතිං බලාපොරොත්තු තියාගන්නෙ කොහොමද? දෙවන කාරණය තමයි කල්ලිවාදය. ඉංගි‍්‍රසියට එක කට්ටියක් අරක්ගෙන ඉන්නව. ඔවුන් ඒ තුළ දැඩි ඒකාධිපති ස්වරූපයක් උසුලනවා. මෙම ලක්ෂණ යම් පමණකට සිංහල සාහිත්‍යයට ද වලංගු වුණත් ඉංගි‍්‍රසිය තුළ එය ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මම මුලින් කිව්ව පරිදි ප්‍රකාශකයන්ගෙ අකමැත්ත. ඇත්තටම ඉංගි‍්‍රසි කෘති පළකරන ප්‍රකාශකයන් කිහිප දෙනයි ඉන්නෙ. ඒ ප්‍රමාණය හොඳටම මදි. ප්‍රකාශකයන් නොමැති වීම ලංකාවේ ඉංගි‍්‍රසියෙන් ලේඛනකරණයෙහි යෙදෙන අයට විශාල පාඩුවක්.

2. සිංහල සාහිත්‍යය අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ලංකාව ගැන ලියනව නම්, ලංකාවෙ බිහිවන චරිත ඇසුරින් නිර්මාණයක් කරනව නම් අනිවාර්යයෙන්ම සිංහල සාහිත්‍යය අධ්‍යයනය කළ යුතුයි. එහෙම නැතුව තමාගේ දක්ෂතාවය පෙන්නන්න ව්‍යාජ කෘති බිහිකරාට වැඩක් නැහැ. අපි පවුලෝ කොයියො, කෆ්කා වැනි අය පිළිබඳ ඉතා විශාල ලෙස සාකච්ඡා කරනව. ඒ වගෙම ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ගැන ලොකුවට කතා කරනව. නමුත් Magical Realism  අපේ ජාතක කතාවල තමයි පළමුවෙන්ම හමුවන්නෙ. ඒක අමතක කරල කෘතිම දේවල් වැලඳගන්නවා. මේක දැන් මෝස්තරයක් බවට පත්වෙලා. ඒ වගේම ලංකාවේ බිහිවන ඉංගි‍්‍රසි සාහිත්‍යය තුළ පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් තමයි එම නිර්මාණ බොහෝ විට සීමිත සමාජ කණ්ඩායමක් ගැන විතරයි සාකච්ඡා කරන්නෙ. පුළුල්ව පැතිරී ගිය සමාජ කතිකාවතක් ඒ තුළ නැහැ. එයට ප්‍රධාන හේතුවෙක් වන්නෙත් අපේ පැරණි සාහිත්‍යය පිළිබඳ ඔවුනට අවබෝධයක් නැතිකම. එය හදාරනව නම් ඒ වගෙ ගුණාත්මක බව දියුණු කරගන්න පුළුවන්.

3. අන්තර්ජාතික තලයට අපේ පොත් ගෙනියනව කියන්නෙ ලේඛකයෙකුට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ සඳහා මූලික වශයෙන් රාජ්‍ය අනුග්‍රහයක් ලැබිය යුතුයි. නමුත් අපේ සංස්කෘතික අමාත්‍යාංශය හෝ වෙන කිසිම රාජ්‍ය ආයතනයකින් එවැනි දෙයක් ඉටුවෙන්නෙ නැහැ. නමුත් ඉන්දියාවෙ වගෙ රටක එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනව. Indian Books abroad  කියන වැඩ සටහන හරහා ඉන්දියාවෙ පළවන ඉංගි‍්‍රසි කෘති ලෝකයට හඳුන්වාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනව. ඒ හරහා ඉංගි‍්‍රසි කෘති විශාල වශයෙන් අන්තර්ජාතික ප්‍රජාව පරිහරණය කරනව. ඒ හරහා ඔවුනට නිසි පිළිගැනීමක්, ගෞරවයක් ලැබෙනවා. අවාසනාවකට අපිට එහෙම තත්ත්වයක් නැහැ. පිටරට යවනව තියා ලංකාව තුළ වුණත් ඉංගි‍්‍රසි කෘතියක් අලෙවි කර ගැනීම ප්‍රශ්නයක්. ඒ වගේම අපේ කෘති බොහෝ විට එකම අත්දැකීම් මත නිර්මාණය වන්නක්. ඒ නිසා අපේ කෘති ප්‍රකාශනයට අවම වශයෙන් ඉන්දියාව වත් බාර ගන්නෙ නැහැ. එවැනි මොහොතක අපේ ප්‍රකාශකයන් පවා ඒ පිළිබඳ උනන්දුවක් නැහැ.

4. ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ නියම විචාරයක් නැහැ. පුවත්පත්වල පළවන විවිධ අදහස්වල තාම පදනම වෙන්නෙ මීට අවුරුදු බොහෝ ගණනකට ඉස්සෙල්ල පාවිච්චි කරපු මිනුම් දඬු. අපේ රටේ සංස්කෘතියට ගැළපෙන විදියට කිසිම විචාරයක් කෙරෙන්නෙ නැහැ. ඒ වගේම බොහෝ විචාර පත්තරවල පළ කරන්නෙත් නැහැ. කෙනකුගෙ නිර්මාණයකට හොඳයි කියන්න බොහෝ දෙනා කැමැති නැහැ. ඒ වගේම තමයි පුවත්පත්වල පළ කරන කිසිදු විචාරයකට ගෙවීමක් කරන්නෙත් නැහැ. ඒ නිසා කවුරුවත් විචාරයක් ලියන්න පෙලඹෙන්නෙත් නැහැ.

5. ඉතා ස්වල්පයක් තමයි සිංහලෙන් ඉංගි‍්‍රසියට පරිවර්තනය වෙලා තියෙන්නෙ. පරිවර්තනය විය යුතුව තිබුණ ඒවා පරිවර්තනය වෙලා නැහැ. වගේම පරිවර්තනය නොකළ යුතු දේවල් පරිවර්තනය වෙලා තියෙනවා. මහගමසේකරගෙ, කෘති පරිවර්තනය වී නැහැ. සයිමන් නවගත්තේගමගෙ පවා එක පොතයි පරිවර්තනය වෙලා තියෙන්නෙ. ඒ ඇරුණු කොට තවත් පරිවර්තනය විය යුතු ඉතා වටිනා කෘති රාශියක් තියෙනව. නමුත් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුවෙලා නැහැ. මේක සමස්ත සාහිත්‍ය ලෝකයේම තියෙන විශාල ගැටලුවක්. සාහිත්‍යය පිළිබඳ අවධානය පටන්ගන්න ඕන පාසල් වලින්.



 http://www.silumina.lk/punkalasa/20130512/_art.asp?fn=ar1305126