Showing posts with label School. Show all posts
Showing posts with label School. Show all posts
Saturday, July 15, 2017
Sunday, April 28, 2013
සිරිමාවෝ බාලිකාවේ සා. පෙළ ශිෂ්‍යාවන්ගෙන් විදුහල්පතිනියට උපහාර
සිරිමාවෝ බාලිකාවේ සා. පෙළ
ශිෂ්‍යාවන්ගෙන් විදුහල්පතිනියට උපහාර

2012 වසරේ අ.පො. ස. (සා. පෙළ) විභාගයෙන් A-9 විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් 58 දෙනකු සමත් වී ඇති අතර දිවයිනේ සමස්‌ත ප්‍රතිඵල මත දහවන ස්‌ථානය ලබා ගැනීමටද හැකියාව ලැබිණි. ඒ අනුව හිටපු විදුහල්පතිනියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ පාසලේ නියමුවාණන්ට උපහාර පිදීම සිසු දරුවන්ගේ යුතුකමක් සහ වගකීමක් සේ දකින ගුරුවරුන් සහ දෙමව්පියන් මේ වසරේදී ද එම උපහාර පිදීම සිදු කරන්නට යෙදීම පැසසිය යුතු කරුණකි. ඒ අනුව වත්මන් විද්‍යාලයීය විදුහල්පතිනි ධම්මිකා සී. ජයනෙත්ති මහත්මිය වෙත මල් කළඹක් පිරිනමමින් ශිෂ්‍යාවන්ගේ සුභාශිංෂණ පිරිනැමුණු අයුරු සහ විදුහල්පතිනිය, ගුරුමණ්‌ඩලය සහ ශිෂ්‍යාවන් සමගින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
සටහන හා ඡායාරූප - සුජාතා ජයරත්න
http://www.divaina.com/2013/04/27/news23.html
ශිෂ්‍යාවන්ගෙන් විදුහල්පතිනියට උපහාර
සටහන හා ඡායාරූප - සුජාතා ජයරත්න
http://www.divaina.com/2013/04/27/news23.html
Monday, April 8, 2013
රාජකීය පුතයි සඟමිත් දියණියයි ලක්ෂ තුනකින් මුලට
රාජකීය පුතයි සඟමිත් දියණියයි ලක්ෂ තුනකින් මුලට
2013
අපේ‍්‍රල් මස 07 12:26:12 | තරිඳු ජයවර්ධන , සජීව විජේවීර
‘විභාගය බරක් කියලා හිතන්නේ නැතිව ක්‍රීඩා ආදී බාහිර ක්‍රියාකාරකමුත් කරන ගමන් හොඳින් පාඩම් කර සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දුන්නොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකි යැයි‘ 2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගත් කොළඹ රාජකීය විද්‍යාලයයයේ ජේ ඒ දසුන් ඕෂධ ජයසිංහ කියයි.
මේ විභාගයට දෙලක්ෂ හැත්තෑ දහසක් පෙනී සිටි අතර එක්ලක්ෂ හැත්තෑහත් දහසක් පමණ උසස් පෙළට තේරී සිටිති.
ගම්පහ ඉඹුල්ගොඩ සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන ඕෂධ කුඩා කළ සිටම අධ්‍යාපනයට සහ ක්‍රීඩාවට දක්ෂයෙකි. ඔහුගේ පියා ජේ ඒ ඒ ප්‍රභාත් ජයසිංහ මහතා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවෙකි. රූපිකා ජයසිංහ මව රැකියාවක් නොකරන්නීය.
ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ගත් ඕෂධ එම විභාගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හතර වැනියා සහ ලංකාවෙන් 16 වැනියා ද විය. ශිෂ්‍යත්වයෙන් උසස් ලෙස සමත් වූ ඔහු කොළඹ රාජකීය විද්‍යලයයට ඇතුළත්ව හය ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබීය.
සිය ජයග්‍රහණය ඕෂධ මෙසේ කියයි.
‘මම මුළින්ම ගියේ ගම්පහ ශ්‍රීබෝධි කණිෂ්ඨ විද්‍යාලයයට. එහිදි ලකුණු 188ක් අරගෙන ශිෂ්‍යත්වය සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයයට ගියා. ශිෂ්‍යත්ව විභාගයෙන් මම ලංකාවෙන් 16 සහ ගම්පහින් හතර වැනියා.
හය ශ්‍රේණියෙදි ඉන්දුනීසියාවේ තිබුණු විද්‍යා ඔලිම්පියාඩ් තරඟයට සහභාගී වෙලා ලෝකඩ පදක්කමක් ගත්තා. සිංහල භාෂා තරඟවලට ඉදිරිපත් වෙලා තියෙනවා. ක්‍රිකට් බැඩ්මින්ටන් වගේ ක්‍රීඩා කළා.
සාමාන්‍ය පෙළින් මට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න අරමුණක් තිබ්බා. හැමදාම වගේ පාසල් ගියා. සමහර විෂයන් වලට අමතර පන්ති ගියා. ගෙදරදි පාඩම් වැඩම ඔළුවෙ තියාගෙන හිටියේ නෑ. විභාග බරක් විදියට හිතුවෙත් නෑ. සමබරව වැඩ කළා.
ක්‍රීඩා, සංගීත කළා. පත්තර කියෙව්වා. රූපවාහිනිය, පරිගණක භාවිත කළා. විභාගයට මම සැහැල්ලුවෙන් මුහුණ දුන්නා. හොඳ ප්‍රතිඵල බලා පොරොත්තු වුණා. ඒත් ලංකාවෙන් එක වෙයි කියලා නම් හිතුවේ නෑ. දැන් මම ලංකාවෙන් පළමුවැනියා වෙලා තියනවා. මට හරිම සතුටුයි.
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි , අක්කයි. තාත්තා ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවෙක්. අක්කා 2009 සාමාන්‍යපළ විභාගයෙන් ලංකාවෙන් පස් වැනියා වුණා. ඒකත් මට ලොකු පිටිවහලක් වුණා. පවුලේ අයගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා.
ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ගොඩක් උදව් ලැබුණා මට මේ ජයග්‍රහණය ලබා ගන්න. මට අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ස්තුතිවන්ත වෙනවා.
විදුහල්පතිතුමා දුරකතන ඇමතුමක් දීලා කිව්ව මා පළමුවැනි දහය අතර ඉන්නවා, ජනාධිපති තුමා හම්බෙන්න අරලියගහ මැදුරට යන්න කියයලා. අරලියගහ මැදුරට ගියාම තමා දන්නේ මම පළවැනියා කියලා. මට ලොකු සතුටක් දැනුණා. ජනාධිපතිතුමා අපිට ලැප්ටොප් පරිගණක සහ මුදල් තෑගි දුන්නා.
විභාගවලට මුහුණ දෙන්න ඉන්න සහෝදර සහෝදරියන්ට කියන්න තියෙන්නේ හොඳින් වැඩ කරන්න. ක්‍රීඩා ආදී බාරහිර දේවලුත් කරන්න. විභාගය බරක් කියලා හිතන්න එපා. හොඳ අරමුණක් තියාගෙන වැඩ කරන්න. සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන්න. එතකොට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.‘
රාජකීය විද්‍යාලයයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා ලංකාදීපයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘මේ දරුවා අනිත් දරුවනුත් එක්ක බලද්දි කැපී පෙනෙන දස්කම් පෙන්නුවා යැයි පන්ති භාර ගුරුතුමිය මට දැන්නුවා. දරුවා පාසලට ගෙන දුන් කීර්තිය ගැන මා සතුටු වෙනවා. මට විභාග කොමසාරිස්තුමා සිකුරාදා උදේ 9ට විතර කතා කර කිව්වා දසුන් ඕෂධ සිසුවා ලංකාවෙන්ම පළමු 12 දෙනා අතර ඉන්නවා, ඒ නිසා ඒදරුවගේ දෙමාපියන්එක්ක හවස අරලියගහ මන්දිරයට එක්කන් එන්න කියා. එතැනදි දරුවන් පෝලිම් කරද්දී මේ පුතාව මුලින්ම තියද්දි මට හිතුණා පළවැනියා වෙන්න ඇති කියා. ඊට පස්සේ ජනාධිපතිතුමා කියද්දි තමයි හරියටම දන්නේ අපේ දරුවා පළමුවැනියා බව.
අපේ පාසලේ ඒ නවයේ සාමාර්ථ 141 තිබෙනවා. ඒ වගේම තමයි සිසුන් 319 දෙනකු ඒ හතට වටා ලබා ගෙන තිබෙනවා. ඒක සමස්ථයක් ලෙස ගත්තොත් සියයට පනහක්. අපේ ගුරුවරුන්ගේ දක්ෂතාවය තමයි මෙයින් පෙන්නුම් කරන්නේ. ‘
ජේ ඒ දසුන් ඕෂධ ජයසිංහ සිසුවා අධ්‍යාපනය ලැබූ 10 ‘කිව්‘ සහ 11 ‘කිව්‘ පන්ති භාර ගුරුවරිය ලෙස කටයුතු කළ ලීඩා එදිරිසූරිය මහත්මිය මෙසේ කියයි.
‘මම මේ දරුව බාර ගත්තේ 10 ශ්‍රේණියේදී. දහය ‘කිව්‘ පන්තියේ ඔක්කොම ළමයින් 42ක් හිටියා. ඒ අතරින් මේ දරුවාගේ දක්ෂතාවයන් පළමු මාසයේදීම හඳුනගත්තා. එදා දෙන වැඩ එදාම කළා. මම ගෙදරදි කරන්නත් එක්ක ප්‍රශ්න දෙනවා. ඒ අවස්ථාවන්වලදී මේ දරුවා පෙළපොතට පිටින් බොහෝ විස්තර හොයාගෙන එනවා. අනිත් ළමයින් 41 දෙනා එක්කම හොදින් හිටියා. බැරි දේ අනිත් අයට කියා දුන්නා.
අනිත් එක තමයි බාහිර වැඩත් කළා. ශාරීරික අභ්‍යාස කාලච්ඡේදයේදී පිට්ටනියට දුවන්න මුලින්ම නැගිටින්නේ මේ දරුවා. විවේක කාලයේත් අනිත් අයත් එක්ක සෙල්ලම් කළා. ගුරුවරුන් එක්ක හුඟක් හොදයි. අන්තිම වාරෙ සමස්ථ ශ්‍රේණියෙන්ම පළමු වැනි තැන ගත්තේ ඕෂධ. ඇත්තටම මම බලාපොරොත්තු වුණා මේ දරුවා හොඳ තැනකට එයි කියලා. ලබා ගත් ජයග්‍රහණය ගැන සතුටුයි.
ඕෂධගේ පියා වන ජේ ඒ ඒ ප්‍රභාත් ජයසිංහ මහතා මෙසේ කියයි.
‘පුතාගේ ප්‍රතිඵල ගැන ගොඩක් සතුටුයි. මුල ඉදන්ම වැඩ කළා. බාහිර ක්‍රියාකාරකමුත් කළා. ලංකාවේ පළමු තැන එයි කියලා පුතා හිතුවේ නෑ. ඒත් පිළිවෙළකට වැඩ කළ නිසා ලංකාවෙ පළමු තැන ලැබුණා.‘
‘අපේ විදුහල්පති මෑණියන් විශ්‍රාම ලබන මේ වසරේදී ඇය වෙනුවෙන් හොඳ තෑග්ගක් දෙන්න මට අවශ්‍ය වුනා. ඒ නිසා මම වඩාත් ධෛර්යමත්ව වැඩ කළා. මට දැන් බොහොම සතුටුයි.‘ යැයි 2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශී්‍ර ලංකාවෙන් පළමුවැනියකු වූ ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයේ පී.ඒ.මධුෂානි චතුරානි කුලතුංග ශිෂ්‍යාව කියන්නීය.
විභාගය පීඩනයක් කර නොගෙන ඉතාමත්ම සැහැල්ලූවෙන් සැළසුමක් සහිතව කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි ජයග්‍රහණයක් ලබා ඇය පවසන්නීය.
‘බෞද්ධ හැදියාවෙන් හා බුදු දහම අනුව හැඩ ගැහුණු පරිසරයක් තමයි අපේ පාසලේ තියෙන්නේ. ඒ වගේම ගෙදර පරිසයත් ඒ වගේ . මගේ අක්කත් මීට ඉහත අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම දහ වැනියා වුණා. අක්කගේ සහයෝගය මට ලොකු ශක්තියක් වුනා. ඒ වගේම අම්මා කරන ලද කැපවීම අති විශාලයි. අපි වෙනුවෙන්ම සෑම මොහොතකම කැපවී සිටින ඇය ගෙදර පරිසරය අපිට පාඩම් කරන්න හැකි ආකාරයට නිර්මාණය කර තිබුණා. එමෙන්ම විදුහල්පති මෑණියන් පාසලේ අධ්‍යාපනය නගා සිටුවන්න විශාල මහන්සියක් ගත්තා. මා කුඩා කාලයේ ඉදලම මට උගැන්වූ ගුරුවරුන්ටත් විශේෂයෙන්ම පසුගිය වසරේදී මා විභාගයට සූදානම් කළ විෂය භාර ගුරුවරුන්ටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. ‘
http://www.lankadeepa.lk/index.php/articles/107297
Monday, April 1, 2013
හොකී ශූරතාව මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලට
විමලසිංහ අනුස්මරණ හොකී ශූරතාව මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලට
මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී මාතලේ සහිරා ජාතික පාසල් පිල ගෝල් 2-0කින් පරාජය කිරීමට කිස්තුදේව විදුහලට හැකිවිය. චතුරංග චන්ද්‍රසේන සහ නදීෂ බණ්ඩාර ජයග්‍රාහී ගෝල් වාර්තා කළ අතර කුෂාන් චින්තක ධනංජය විසින් ක්‍රිස්තුදේව කණ්ඩායම මෙහෙයවීය. අනුශූරතාව දිනු සහිරා විදුහල් පිල අහමඩ් අදීල්ගේ නායකත්වයෙන් තරග වැදිණි.
තරගාවලියේ තෙවැනි ස්ථානය මාතලේ විජය ජාතික පාසල ගෝල් 1-0ක් ලෙස පරාජය කරමින් මාතලේ සාන්ත තෝමස් ජාතික පාසල් කණ්ඩායම දිනාගත්තේය.
ජයග්‍රාහී ගෝලය එන්.ඒ.විල්වලආරච්චි විසින් වාර්තා කරන ලදි.
ශ්‍රී ලංකා හොකී පිල නියෝජනය කළ සරත් විමලසිංහ, තිලක් විමලසිංහ යන නායකයන් බිහිකළ මාතලේ විමලසිංහ පවුලේ ඒ.විමලසිංහ, විමලා විමලසිංහ සහ ඩබ්.පී.උඩුවාවල මහත්ම මහත්මීන් අනුස්මරණය සඳහා තරගාවලිය පැවැත්විණි.
හිටපු ජාතික හොකී ක්‍රීඩකයකු වන එස්.අයි.අජ්ජුවාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණු අතර මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී රංජිත් අලුවිහාරේ, ශ්‍රී ලංකා හොකී පිලේ හිටපු නායක තිලක් විමලසිංහ මහත්වරුන් මේ අවස්ථාවට එක්වුහ.
.අසෝක හිඳගොඩ මාතලේ දිසා විශේෂ
Dinamina
Saturday, March 30, 2013
St Sebastian GS Moratuwa
Principal Mrs. Chandra Wickranasinghe
St. Sebastian’s Girls School Moratuwa is a prominent school in the
Moratuwa Division and over 750 students who belong to multi ethnic and
multi religions are having their education from Grade one to Ordinary
Level at this school. The school is well known for its discipline and
excellence in both education and extra curricular activities.
In 1891 the school was established as a Roman Catholic Missionary School with the blessings of St. Sebastian. In 1938 the school was named as Moratuwa Vernacular [sinhala] girls’ school and Rev. Sister Constant was the first principal. Sebastian’s Balika Vidyalaya continued its progressive journey with the contributory responsibilities of the then principal and reverend sisters.
In 1961 with the taking over of assisted schools by the Government, St. Sebastian’s BV became a government
The Gymnastic Troop
Sinhala medium school. Later, the school was named as ‘Uswatte
Balika’ in 1975 when Rev. Sister Mary Jeley was the principal. The year
1984 was a significant year for the school as it was named as ‘St.
Sebastian’s Girls’ School.’
Housing more than 750 students and 30 academic staff, St. Sebastian’s Girls’ School is guided by the present principal Mrs. Chandra Wickranasinghe who is the mainstay to the present progress of the school.
St. Sebastian’s Balika Vidyalaya has gained success in many fields of
education and practical skills in the zone bearing its motto guided by
the the present principal.
It must be mentioned that the school has been able to rise above the national level at the G.C.E. (O/L) results. Daughters of mother Sebastian carry tribute to their alma-mater every year in by doing well at public examinations. In 2011 the
Members of Staff
percentage of the students who qualified to follow the Advanced Level stream was very much higher.
The St. Sebastian’s Girls school is full of activities and societies such as Guides, Media Unit, Science Society, Catholic Society , Buddhist Society, English Literary Association, Sinhala Literary Association, Cub scouts girls, Western band, New Inventors society, in order to produce girls of character and integrity.
Sports are encouraged at every level. Sebastian Girls’ school offers a variety of sports. They have done extremely well in sport events such Athletics, Carom, Chess, Volleyball, Netball and Gymnastic. The students will be participating in the
The St. Sebastian’s Girls school is full of activities and societies such as Guides, Media Unit, Science Society, Catholic Society , Buddhist Society, English Literary Association, Sinhala Literary Association, Cub scouts girls, Western band, New Inventors society, in order to produce girls of character and integrity.
Sports are encouraged at every level. Sebastian Girls’ school offers a variety of sports. They have done extremely well in sport events such Athletics, Carom, Chess, Volleyball, Netball and Gymnastic. The students will be participating in the
The Board of Prefects
gymnastic competition at provincial level this year. Besides that,
achieving the victory at divisional level events of sports, students
have been able to take part in all-island competitions bringing honour
to their Alma Mater. Each student is assigned to one of the three
houses, ‘Joseph’, ‘Mary’, and “Therese’ which are named as saints in the
Catholic Religion.
The Aesthetics Unit hones the skills of students in music and singing, dancing and drama and language day activities. The dancing group won first place in the Zonal Dancing competition in 2012.
It is the sole determination and mission of the school to “produce students who cooperate with other races and religions and who face future challenges according to Sri Lankan National Education polices” St. Sebastian Girls’ School has spread its name throughout the zone as well as the island, by nurturing many brilliant girls.
- Sujitha Miranda
The Aesthetics Unit hones the skills of students in music and singing, dancing and drama and language day activities. The dancing group won first place in the Zonal Dancing competition in 2012.
It is the sole determination and mission of the school to “produce students who cooperate with other races and religions and who face future challenges according to Sri Lankan National Education polices” St. Sebastian Girls’ School has spread its name throughout the zone as well as the island, by nurturing many brilliant girls.
- Sujitha Miranda
|
The College Band
|
Scouts
|
















