V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label නාට්‍ය. Show all posts
Showing posts with label නාට්‍ය. Show all posts

Monday, January 27, 2020

ළමා රංග පීඨය - මල්ගුඩියේ පුංචි වීරයා i කොටස



පුන්චි ස්වාමිගේ වීර ක්රියාව අහලම බලන්න.
R.K. නාරායන්ගේ මල්ගුඩි කතා දැන් ඔබට ශ්රව්ය මාධ්‍ය ඔස්සේ සවන් දිය හැකියි. 

...................
Next Episode



Sunday, November 26, 2017

199 | මොණරවිල කැප්පෙටිපොල

"මොණරවිල කැප්පෙටිපොල" 
ගුවන්විදුලි ළමා හඬ නළුවක් ලෙසින්, 
27 වැනිදා සවස 05 -15ට 
ස්වදේශීය සේවා 
විදුල ළමා ගුවන්විදුලියේ, 
ළමා රංග පීඨයෙන්.. 
Fm 91.7 - Fm 91.9


 

Sunday, July 2, 2017

ඇහැළ මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි...



සිංහබාහු නාටකයේ ගීත පිළිබඳ රසවිඳීමකදී එක්‌වරම මතකයට එන්නේ ගල්ලෙන බිඳලා සිංහයාගේ විලාපයයි. මනමේ නාටකයේදීද ජනප්‍රියම ගීතය වී ඇත්තේ ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයයි. එහෙත් මේ ජනප්‍රියම ගී හැරුන කල ඉහත නාට්‍ය ද්වයෙහිම තවත් බොහෝ මිහිරි ගී ඇති බව අපි දනිමු. නරිබෑනා නාට්‍යයේ ජනප්‍රියම ගීතය බවට පත්ව ඇත්තේ නරියා ගම දුව කරකාර බැඳගෙන උහුගේ අරමට ගෙන යද්දී ඈ සනසවමින් ගායනා කරනු ලබන කුමටද සොබනියේ කඳුළු සලන්නේ ගීතය වේ. එහෙත් දයානන්ද ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදියාගේ නරිබෑනාහි අපට ඇසෙන රඟමඬලෙහි අපට දකින්නට ලැබෙන තවත් ජනප්‍රිය ගී අතර ගම දියණිය තම මව සමඟ කැලේ දර අහුලන්නට ගිය අවස්‌ථාවේ ගායනා කරනු ලබන ඇහැළ මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි ගීතය සංගීත නිර්මාණයෙන්ද, තනුවෙන්ද, ගීත රචනයෙන්ද අතිශයින් පොහොසත් බව පැවසිය යුතුය.

" ඇහැළ මලින් ගස්‌ පිරිලා
බලන්න හරි ලස්‌සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා
අද හැම තැන හරි හැඩයි

දොඹ ගස්‌ යට මල් හැලිලා
සුවඳක්‌ හැමතැන දැනෙයි
වලිකුකුළන් හඬලන කොට
අහං ඉන්න හරි හිතයි

ගස්‌වල දලු නැළවෙන කොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයන්
අල්ලන්නට බැරි හැඩයි...."

1961 දී පාසල් නිෂ්පාදනයක්‌ ලෙස නරිබෑනා රංගගත වූ අවස්‌ථාවේදී ප්‍රථම ගම දුව ලෙස රංගනයට එක්‌ වී ඇත්තී ගෝතමී බාලිකාවේ ශිෂ්‍යාවක වූ චන්ද්‍රd විඡේවර්ධනයි. නරියාගේ භූමිකාව පණ ගන්වා තිබුණේ සාලමන් ෆොන්සේකායි. එහෙත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක්‌ ලෙස නරිබෑනා ජනප්‍රියත්වයට පත්වෙමින් දිවයින පුරා රංග ගත වූ කල්හි ගම දුව ලෙස රංගනයට එක්‌වන්නී වර්තමාන සිනමාවේ රූපවාහිනියේ ප්‍රවීණ නිළියක වන ශ්‍රියානි අමරසේනයි. අර්ධ ශෛලිගත රීතියෙන් නිෂ්පාදනය වූ නරිබෑනා රචනා වන්නේ ජනකතා දෙකක කතා වස්‌තුව පාදක කරගනිමිනි. නිෂ්පාදක දයානන්ද ගුණවර්ධන සඳහන් කරන පරිදි මෙහි ඇතැම් ගී හා සංවාද කොටස්‌, රබන් පද ශෛලියෙන් ගොඩනඟා ඇත. ඉහත සඳහන් ගම දුව ගයන ගීයට මුල් වී ඇත්තේ පහත සඳහන් රබන් පදයයි.

"අඹ රඹුටන් ගස්‌ දෙක යට
වලිකුකුළන් පස්‌ දෙනයි
උන්ට කන්ට බත් දෙන කොට
අපිත් එක්‌ක ලස්‌සනයි...."

රබන් පද ආශ්‍රිත ගී තනු නව නිර්මාණ සේ කරලියට උචිත අයුරින් සකස්‌ කොට නාට්‍යය සඳහා සංගීතය නිර්මාණය කරන ලද්දේ ලයනල් අල්ගම සංගීතවේදියා විසිනි. නරිබෑනාහි නැටුම් නිර්මාණය බැසිල් මිහිරිපැන්නගේය. හැටේ දශකයේ පටන් අද දක්‌වාම රංගගත වන නරිබෑනා නාට්‍යය, සරල කතා පුවතක්‌ මත නිර්මාණය වූ අපූරු නාට්‍යමය අත්දැකීමක්‌, ප්‍රේක්‌ෂකයනට ලබාදෙන වේදිකා නාට්‍යයක්‌ සේ ජනප්‍රියත්වයට පත් වී තිබේ. නාට්‍යයේ එන ගී කිහිපය අතර, ඇහැළ මලින් ගස්‌ පිරිලා ගීතයද ප්‍රේක්‌ෂක, ශ්‍රාවක, රසවින්දනයට ලක්‌ වූ ගීතයකි. නරිබෑනා නාට්‍යයෙහි පළමුවෙනි ජවනිකා ඇරැඹෙන්නේ ගම මහගෙ, තම දියණිය සමඟ දර ඇහිඳීමට කැලේට යන අවස්‌ථාව නිරූපණය කරමිනි. ගම දුව මවගේ වදනට කන් නොදී, දර ඇහිලීම පසෙකලා කැලේ පිපී තිබෙන ඇහැළ මල් සුන්දරත්වයෙන් වශීකෘතව, ගී ගයමින් නටන්නීය. කැලේ සැඟ වී සිටින නරියාගේ නෙතට ගම දුව හසුවන්නේ මේ මෙහොතේදීය. ජන ගීතයේ රබන් පද ආශ්‍රිත තනුවට උචිත වදන් මාලාවක්‌, තෝරා ගැනීමෙහිලා නාට්‍ය රචක දයානන්ද ගුණවර්ධන ප්‍රකට කරන ප්‍රතිභාව ගීත සංකල්පනාව තුළින් මනාව පිළිබිඹුවේ. ලාබාල යුවතියකගේ සැහැල්ලු ජීවිතයක සිත් ගත් පරිසරයේ වස්‌තුන් චිත්තරූපාවලියකට නැංවීමට මේ ගීයෙහි සරල වදන් භාවිතය සමත් වේ. කැලේ සුන්දරත්වයට ඇහැළ මල් පිරුණු ගස්‌ පමණක්‌ නොව අඹ, රඹුටන්, ජම්බුද ඈ නෙත ගැටේ. මල් සැලී ඇත්aතේ දොඹ ගස්‌ යටය. ඉන් සුවඳ විහිදේ. වලි කුකුළන්ගේ හඬට කන්දී සිටින්නට ඈ සිත ඉල්ලයි. ගී ගයනවා පමණක්‌ නොව වේදිකාව මත නර්තනයේද යෙදෙන්නීය. ගීය ගයන්නී නටමිනි. අභිනයෙන් පරිසරයේ සුන්දරත්වය, ප්‍රේක්‌ෂකයනට පෙන්වමිනි. ගස්‌වල නැළවෙන දලු ඇඟට සිහිලස ගෙනෙන බවයි රචකයා පවසන්නේ. සමනලුන් යුවතියකගේ ආදරය දිනා ගන්නා වස්‌තුවකි. පරිසරය පුරාම මවනු ලබන සුන්දරත්වය තීව්‍ර කරනු ලබන්නේ නාට්‍ය රචකයා විසින් උපයුක්‌ත, ගැමි පරිසරය වර්ණිත සරල වදන් මාලාවෙනි. ඇහැළ මල්, අඹ, රඹුටන්, ජම්බු, දොඹ මල්, වලි කුකුල් හඬ, ගස්‌වල නැළවෙන දලු, ඉගිලෙන සමනලයන් දඟකාර ගැමි දියණියකගේ සැහැල්ලු වගකීමෙන් තොර ජීවිතයේ කොටස්‌ ලෙස නිරූපිතය. ඇගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීමට මුල්වන්නේ ඇහැළ මල් කඩමින් ගී ගයමින් මවට උදවුවට නොසිටීමයි. මවට ඈ සොයා ගත නොහී පසුව ඇහැළ මල් කඩන බව ඇසීමෙන් මවගේ කෝපය ඉහවහා ගොස්‌ පවසන වදනින් නාට්‍යමය අවස්‌ථාව ගොඩනැඟේ.

"තෝව දෙන්නෙත් නරියටයි
තෝව ගන්නෙත් නරියෙකුයි
තෝව දෙන්නෙත් තෝව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි...."

ගම දියණියගේ ගීතය අග ඇගේ ජීවිතයට ස්‌වාමි පුරුෂයෙකු ලැබෙන බවයි නාට්‍යකරු ඉඟි කරන්නේ.

බුද්ධදාස ගලප්පත්ති


http://www.divaina.com/2017/07/02/cineart.html

Sunday, May 8, 2016

ඒකාකාරී ජීවිත ඉන් මුදා ගැනීමට

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය හා ටවර් හෝල් පදනම එක්ව 24 වැනි වරටත් සංවිධානය කළ 2014 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ තිළිණ හා සම්මාන ප්‍රදානය පසුගිය දා (28) ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ටවර්හෝල් රඟහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ වර්තමානයේ තාක්ෂණය හා කාර්ය බහුලත්වය හේතුවෙන් බොහෝ දෙනා කලාවෙන් ඈත්වී ඇති බවයි. මේ තත්වය තුළ සමාජයේ ඒකාකාරී බවක් නිර්මාණය වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා නව තාක්ෂණය පසුපස දුවන්නන් වාලේ දුවන බොහෝ දෙනෙකුගේ ඒකාකාරී ජීවිත ඉන් මුදා ගැනීම සඳහා කලාව විශාල මෙහෙවරක් ඉටුකරන බවද පැවසීය.
ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු මහතා, අධ්‍යක්ෂ ලාල් රත්නවීර ඇතුළු සම්භාවනීය අමුත්තන්ද, දිවයින පුරා පාසල් අතර පැවැත්වුණු තරගාවලියේ දී අවසන් වටයට තේරී පත්වූ නාට්‍යවල රඟපෑ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් රාශියක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



https://www.facebook.com/moe.gov.lk/

Sunday, February 21, 2016

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ...

“තෙලෙං බැද්දත් කොබෙයියා‍

කිරෙං බැද්දත් කොබෙයියා
තෙලෙං බැද්දත් කිරෙං බැද්දත්
කොහොම බැද්දත් කොබෙයියා”

අපේ ගම්වල ගැමි දනන් ඉතා හොඳින් දන්නා ඉහත සඳහන් රබන් පදය මෙතැන්ට අදාළ වන්නේ, වෙනත් කාරණයක් නිසා ය. ඒ රබන් පදයේ තාලයට ගම මහගෙ කෙනෙක් ‍සිය රුසිරුමත් තරුණ දියණියට බැණ වදින්නී ය.
“තෝව දෙන්නෙත් නරියටයි
‍තෝව ගන්නෙත් නරියෙකුයි
තෝව දෙන්නෙත්
තෝව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි”
ගම මහගෙගේ බැණුමට ලක්වන්නී, ගම දුව ය. ඇය සිය මව සමඟ දර කඩන්නට බැදි වැදුණ ද, ඈ කඩන දරක් නැත. පිරීතිරුණු යෞවනයෙහි පසු වන මේ දැරිය, දර සොයන්නේ නැතිව මලින් බර වුණ නව ඇහැළ ගස් දුටු මතින් ගීයක් ගයන්නට වන්නී ය. එසඳ කෝපයට පත් වන මෑණියන්ගේ මුවට යට සඳහන් වදන් නංවන්නේ, සුප්‍රකට නාට්‍යවේදියකු හා සාහිත්‍යධරයකුව සිටි දිවංගත දයානන්ද ගුණවර්ධන ය.
මීට අවුරුදු පනස්පහකට පෙර 1961 වස‍ෙර්දී වේදිකාගත වුණු නරි බෑනා නාටකය, දයානන්ද ගුණවර්ධනයන් අන්‍යාර්ථයෙන් හඳුන්වන අභිධානයක් වැන්න. මේ තරමට පොදුජන විඥානය හා බැඳුණු අනෙක් නාටකයක් ඉකුත් අඩසියවස පුරාම වේදිකාව මත දර්ශනය වූයේ නැත. නරි බෑනා වූ කලී කිසිදු ජාති කුල ගොත් හෝ වයස් හෝ භේදයකින් තොරව, මුළු මහත් ජනතාවගේ ම හද බැඳගත් ඉතා සුන්දර සරල නාටකයක් විය. එයට හේතු කොතෙකුත් දැක්විය හැකිය.
මුල්ම කාරණය නම්, මෙම නාටකය ජනප්‍රවාදයේ ආ කතා දෙකක් ඇසුරු කොටගෙන නිම වන ලද්දක් වීම ය. ඊට ද අමතරව මනමේ නාටකය සමඟ බිහිව ආ සිංහල ශෛලිගත නාටකය මඳ දුරකට වෙනස් කොට, අර්ධ ශෛලිගත තත්ත්වයකට පැමිණවීමෙන් වඩාත් සරල සුගම රීතියක් අනුගමනය කරන්ට එහි නිර්මාතෘෘන්ට හැකි වීම ය. ඒ හේතුකොට ගෙන නරි බෑනා නාටකය විදග්ධ රසික වින්දනය ඉක්මවා යෙන ජනප්‍රිය රසික වින්දන තලයකට අතික්‍රමණය වූ බැව් පෙනී ගියේ ය.
එහෙත් මෙම නාටකයේ ජනප්‍රියත්වයට වඩාත් ම හේතු ව‍ූයේ, එහි දක්නා ලද නාටක රීතියයි. දයානන්ද ගුණවර්ධනයෝ අතිශයින් ම නිදහස් රීතියක් අනුගමනය කරමින්, අපගේ ජන කවිය අනුගියහ. ඔහු රබන් පද සහ සවුදම් අනුව යෙමින්, නාටකයේ පිටපත සකස් කිරීමත්, එහි පිටපත ගැමි රීතියක් මත පිහිටුවා කරළියට ගෙන ඒමත් හේතුවෙනි, නරි බෑනා නාටකය විශේෂතම කෘතියක් බවට පත් ‍වනුයේ. යට සඳහන් කළ ආකාරයට, ගමරාලගේ බිරිඳ සිය දියණියට බැණ වදින්නේ, “තෙලෙං බැද්දත් කොබෙයියා” යන රබන් පද තාලයට ය.
නරි බෑනා කතාව දිග හැර දැක්වීම මෙතැනට අදාළ වෙතැයි කිසිසේත් ම සිතෙන්නේ නැත. මෙහිලා ගුණවර්ධනයන්ගේ ගී පද රචනා කලාව හඳුන්වනු සඳහා අවස්ථා දෙක තුනක් පමණක් සඳහන් කිරීම උචිත වෙයි. නිදසුනක් හැටියට, ගම දුව බලන්ට දෙමාපියන් පැමිණි අවස්ථාවේදී ප්‍රීතියෙන් කුල්මත් වන නරියාගේ මුවට නංවන වදන් විමසනු වටියි.
“ඉතින් සැනසෙන්න
හොඳින් පුළුවන්නෙ
දෙමවුපියො දෙන්න
ඇවිත් අර ඉන්නෙ
මෙතෙක් උඩ පැන්නෙ
ගමෙන් එනකන්නෙ”
ආදී වශයෙන් එන ගායන ඛණ්ඩය නිමවා ඇත්තේ, “බොලං පොඩි නංගි ටිකක් හිටපං - බුලත් විට කන්න ටිකක් හිටපං” යන ජනප්‍රිය රබන් පදය අනුකරණයෙනි.
අද අපගේ විමසුමට ලක් වන ඉතා සුප්‍රකට අතිශයින් ජනප්‍රිය ‘කුමටද සොබනියෙ’ යන ගීතය ද ගුණවර්ධන විසින් නිමවා ඇත්තේ, සිංහල ජන කවි - ගී සම්ප්‍රදාය මත තරව පිහිටා ය. එතැන්හිදී රචකයා ආභාසය ලබා ඇත්තේ, අප ජන සාහිත්‍යයේ එන මොනරිඳු සවුදමෙනි.
“ඉර පායන කල මොනරිඳු දෙදෙනෙක්
ඉරට නැමී වඳිතෙයි
මොනරිත් මොනරත් පිල් විදහාගෙන
සූරිය රුකුඳ ගතෙයි
රුඳ රුඳ රුකුඳත් රුකුඳ ගතෙයි”
ඒ අනුව රචකයා, දීගයෙන් පසුව නරියා විසින් ගම දියණිය සනසනු පිණිස ගයන සුප්‍රකට ගීතය නිර්මාණය කරයි.
“කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබහට හැම සැප එහි දෙන්නම්...”
දයානන්ද ගුණවර්ධන ගී පද රචකයකු වන්නේ, ඔහු විසින් ලියා වේදිකාගත කරන ලද නාටක පද්ධතියක් හේතු කොටගෙන ය. ඒ මිස, ඔහු හුදු සම්ප්‍රදායික අර්ථයෙන් ගීත ප්‍රබන්ධකයකු වන නිසා නොවෙයි. ඔහුගේ ගීතය ඔහු නිමවන නාටකයේ ම අත්‍යවශ්‍ය කොටසකි. එතෙකුදු වුවත්, පරිසමාප්ත ගීත නිර්මාණයකට අවශ්‍ය වන කවිතා ගුණය කෙරෙහි ද, ඔහු සිය නොමඳ අවධානය යොමු කළ බවට මෙම ගීතය උචිතම නිදසුනකි. දයානන්ද ගුණවර්ධනයන් මෙම ගීතයෙහිලා අප බස වහරන්නේ, අතිශයින් ම ප්‍රතිභාමත් කවියකු සේ ය. “හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන”, “මල් පෙති විහිරුණ සුදු වැලි මතුපිට‍‍”, “තණ අග දිලිසෙන පිනිකැට අරගෙන”, “ඉර පායන විට පුබුදින මල් ගෙන” යන පාද කිහිපය විමසා බැලුව මැනවි. එතැන්හි ඇත්තේ, අපගේ ජන කවියෙහි හෝ ජන ගීතයෙහි හෝ නොදක්නා ලැබෙන කවිතා ගුණයකි. සැබැවින් ම මෙම ගීතයට පාදක කරගන්නා මොනරිඳු සවුදමෙහි නැති කවිත්වයකි, එහිලා ඉස්මතුව පෙනෙන්නේ‍.
සිංහල නාටකය අතිශයින් ම සංකීර්ණ වූද විදග්ධ වූද අවධියකට පිවිස සිටින මෙසමයෙහි, නරි බෑනා වූකලී, නොදරුවන්ගේ නාටකයක් නොවේ දැයි කෙනෙකුට සැක සාංකා හිතෙන්ට බැරි නැත. එතෙකුදු වුවත්, අසීමාන්තික සංකීර්ණත්වයෙන් ද විදග්ධභාවයෙන් ද හෙම්බත් වුණු සමාජයකට, කිසියම් අවස්ථාවකදී නරි බෑනා නාටකයෙහි වන සරල සුන්දරත්වය තියුණු ආකාරයෙන් දැනෙන්ට ඉඩ ඇත. එසේ වන්නේ ඇයි? දයානන්ද ගුණවර්ධනයන් නාටකය ආරම්භයේදීම, යාචක ස්වරූපයෙන් කරළියට පැමිණෙන ගායකයකුගේ මුවට නංවන මෙවදන් රැස ඒ සරල පැනයට පිළිතුරකැයි සිතෙයි.
“බොහෝ ඉස්සර අපේ ගම්වල සමාදානය සතුට තිබුණා බණ දහම් බෝ හොඳින් පිළිපැද මිනිස්සුන් හරි හොඳින් හිටියා සතා සීපා කියා නොබලා යුක්තියට හැම දේම කෙරුවා ආරාවුල් නෙක ඇති වුණේ මුත් කිසිම කලබලයක් කළේ නැහැ නිවි හැනහිල්ලේ තෝරා බේරා ගන්න වෑයම් කළා හැම විට ඒ නිසාදෝ වෙන්නැ ඉස්සරකැලේ සත්තුත් කතා කෙරුවේ අනේ ඒ කල හැටි සොබාවක් පෙනේ නම් දැන්, අපේ දෑසට” අනේ ඇත්තටම, එකල හැටි සොබාව දැන් අපේ දෑසටත් පෙනේ නම්!
  

Saturday, October 17, 2015

ළමා නළුවෝ සම්මාන ලබති

රාජ්‍ය ළමා  නාට්‍ය උළෙල 2015 ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන්  මහරගම ශ්‍රි ලංකා  තරණසේවා  රඟහලේ දී  පැවැත්විණි.
එහිදි සිංහල විවෘත අංශයේ වසරේ හොඳම ළමා නළුවා  ලෙස  සමනල පොත ළමා නාට්‍යයේ  සමනලයාගේ  චරිතය නිරූපණය කළ ඩී.එස් චරිත් දේවප්‍රිය හා ඉංග්‍රීසි සීමිත අංශයේ වසරේ හොඳම ළමා නිළිය ලෙස කර්ඩ් ඇන්ඩ් ද ට්‍රේසල් ළමා නාට්‍යයේ දුලන්මා මෙත්ලිනි සම්මාන ලබාගත්තේය.
ඡායාරූප-ලහිරු හර්ෂණ (ලංකාදීප)

http://www.wijeya.lk/archives/3613

Friday, June 12, 2015

විභාගේ අභාගේ දරුවන්ට කියූ සෝමලතා සුබසිංහ

විභාගෙ විභාගේ
එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ
මේ ජනප්‍රිය නාට්‍ය ගීයක මුල් කොටස යි. අසූව දශකයේ පමණ මේ ගීය අපොස උසස් මට්ටමේ සිසු සිසුවියන් මුවග නිතර රැව් දුන් එකක් විය. ඊට හේතුව මේ ගීය ඇතුළත් ‘විකෘති’ නම් වු වේදිකා නාට්‍යය එකල අසීමිත ප්‍රසාදයක් දිනා ගනිමින් වේදිකා ගත වීම ය. තමන් අසහනයට පත් කරන විභාග පීඩාවෙන් මොහොතකට මිදී ජීවිතයේ සැහැල්ලු බව විඳ ගැනීමේ අවස්ථාවක් ද යෞවන යෞවනියන්ට එම ගී‍ෙතන් උදා කර දුන්නේ ය. විකෘති නාට්‍යය වත්මන දක්වාම විවිධ අවස්ථාවල වේදිකා ගත වෙයි. 80 දශකයෙහි සිසුන් සමඟ පොරකමින් ශාලාවට ඇතුළු වි විකෘති නැරඹූ මම මෑත කාලයෙහි මැදිවියෙහි ජීවත් වන රසිකයකු හැටියට එම නාට්‍ය නරඹා ඉමහත් ආස්වාදයක් ලැබුවෙමි. කතා තේමාව අතින් එය එදාටද වඩා අදට ගැළපෙයි. හෙටටද ගැළපෙනු ඇත. කිසියම් වේදිකා නාට්‍යයක් තේමාත්මක අතින් පිළුණු නොවී දශක කිහිපයක් රසික ප්‍රසාදය දිනාගැනීම ම එහි ඇති විශිෂ්ට බව පිළිබඳ නොවරදින සාක්ෂියකි.
නිදහස් අධ්‍යාපනයේ මහා නිදහස මරාගෙන විකෘති අධ්‍යාපනයක් බිහිවීමත් ලොව කිසිදු රටක නොමැති පරිදි ටියුෂන් අධ්‍යාපනය සිසුන්ගේ ජීවිත බිලි ගැනීමත් අධ්‍යාපනය යුද්ධයක් බවට පත්වීම නිසා යොවුන් විය අසහනකාරී අන්දමින් ගෙවන්නට සිදුවීමත් විකෘති නාට්‍යයෙන් ප්‍රශ්න කිරීමට ලක් වේ. රටේ අධ්‍යාපනඥයන්ගෙන් කී දෙනකු විකෘති නරඹා තිබේ දැයි මම නොදනිමි. එසේ නරඹා තිබුණා නම්, නිදහස් අධ්‍යාපනය කුණුවීමේ වේගය මේ තරමින් වැඩි දියුණු වන්නට ද ඉඩක් නැත.
විකෘති නාට්‍යයේ නිර්මාතෘවරිය වූ සෝමලතා සුබසිංහ දැයෙන් සමුගෙන ගතවී ඇත්තේ දින කිහිපයකි. අනූව දශකයේ දිනෙක සාහිත්‍ය මිතුරන් රැසක් ද සමඟ කුලියාපිටිය ප්‍රදේශයෙහි ඔවුන් පදිංචි නිවසට ගිය මම, විකෘති නාට්‍ය පිළිබඳ බොහෝ දේවල් කතා කළෙමි. ම‍ෙග් මතකයේ හැටියට ඇගේ සැමියා වන ලයනල් ප්‍රනාන්දුගේ ගම කුලියාපිටිය විය යුතුය.
සෝමලතා සුබසිංහ 1950 දශකයෙහි මෙරට සාහිත්‍ය හා ශාස්ත්‍රීය ප්‍රබෝධයෙහි පුනරුදයක් පැවති සමයේ පේරාදෙණිය සරසවියෙන් උසස් අධ්‍යානය ලැබීමේ මහඟු වරම හිමිකර ගත්තා ය. සෝමලතා මෙන්ම පසු ව ඇගේ සැමියා බවට පත්වූ නිහාල් ප්‍රනාන්දු ඇතුළු ඉහළම ගණයේ රසිකත්වයක් හිමි වූ ශාස්ත්‍රවන්තයෝ විශාල පිරිසක් එවක පේරාදෙණිය සරසවියෙහි අධ්‍යාපන ලැබූහ. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ වේදිකා නාට්‍ය, චිත්‍රසේනයන්ගේ මුද්‍රා නාට්‍ය යනාදිය ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගැනීම කෙරෙහි බලපෑවේය.
සෝමලතා සුබසිංහ අති දක්ෂ රංගන ශිල්පිනියකි. වේදිකා නාට්‍ය හා චිත්‍රපටි රැසක් ඔස්සේ ඇය තම ප්‍රතිභාව විශද කොට ඇත. එමෙන් ම රටවල් ගණනාවක ළමා නාට්‍ය කලාව පිළිබඳ කළ අධ්‍යයන ඔස්සේ ඇය පිහිටු වූ ළමා හා යොවුන් රංග පීඨය දරුවන්ගේ කලා කුසලතා වර්ධනය කර ගැනීමේ තෝතැන්නක් බවට පත්විය. ඇය විසින් නිර්මාණය කරන ලද ළමා නාට්‍ය ගණනාවක්, ඉංග්‍රීසි බසින් විදෙස් රටවල ද ප්‍රදර්ශනය කර ඇත. ප්‍රාදේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇය ඇගයුමට පත් වූ අවස්ථා ද රැසකි. කාන්තාවන් සහ දරුවන් උදෙසා නාට්‍ය අධ්‍යයනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ ඇය විසල් මෙහෙවරක් සිදු කර ඇත.
සෝමලතා සුබසිංහ, නාට්‍ය නිර්මාණය නාට්‍ය අධ්‍යාපනය, රංගනය යනාදී ක්ෂේත්‍ර ගණනාවක එක විට යෙදුණු විශිෂ්ටතම ශ්‍රී ලාංකීය කලාකාරිණිය හැටියට සම්භාවනාවට පත් වෙයි.
එහෙයින් ඇගේ වියෝවෙන් අපේ රටට සිදු වූ අඩුව අන් කිසිවකු හට පිරවිය නොහැක්කක් වන බව සටහන් කරනුයේ ශෝකයෙනි.

තිඹිරියාගම බණ්ඩාර

http://www.dinamina.lk/

Sunday, September 21, 2014

2014 ළමා නාට්‍ය උළෙල - "අළු කිරිල්ලී" සමඟ තවත් නාට්‍ය තුනක්

2014 ළමා නාට්‍ය උළෙල - "අළු කිරිල්ලී" සමඟ තවත් නාට්‍ය තුනක්
2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ පස්වැනි දිනය වන අද (21) සිංහල නාට්‍ය දෙකක්, ඉංග්‍රීසි හා දමිළ ළමා නාට්‍ය එක බැගින් පස්වරු 5.00ට කොළඹ 07, නව නගර ශාලාවේදී වේදිකාගත කෙරේ.
 
ඒ අනුව බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ  "අළු කිරිල්ලී", යාපනය, චුන්නාකම්මෙයික්කන්ඩන් මහා විද්‍යාලයේ "තෝට්මත්තු බොම්මෙයි", රත්නපුර පැල්මඩුල්ල නවෝද්‍යා විද්‍යාලයේ  "ද රැට් ස්කූල්" , චූල දසනායක ගේ "ඇලන්ගේ සිහිනය" වේදිකාගත කෙරේ.
 
නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් සෙනසුරාදා (18) ඉරිදා (19) දිනවල නාට්‍ය උළෙල නොපැවැත්විණි.
 
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වෙන මෙම ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් තෝරාගෙන ඇත.
 
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.
http://sinhala.news.lk/news/entertainment/item/5305-2014
 

Saturday, September 20, 2014

“ද රේන්බෝ ෆලවර්”

State Childrens Drama Festival-2014

සැප්. 20

මීගමුව, ශාන්ත ජෝසප් විද්‍යාලයේ “ අලුත් රබාන“,‍යාපනය, කොන්ඩමනාරු වීර කත්තිපිලෛයි මහා විද්‍යාලයේ “නරිමේලම් ”, කෑ/ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ “ද රේන්බෝ ෆලවර්”, තුෂාර ජාගොඩ හා අජන්ත රාජකරුණා ගේ “චණ්ඩිත් එක්ක රවුමක් යං”සවස 5ට කොළඹ නව නගර ශාලාවේදී

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30 ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18 ක් වේදිකාගත කිරීමට නියමිතයි.

Monday, September 15, 2014

අදින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඇරඹේ

 


සැප්. 15

කොළඹ13, යහපත් එඩේරානන්ගේ කන්‍යාරාමයේ “අද වගේ දවසක්”, කල්මුනේ,තිරික්කෝවිල් විනයාර්ගකුරම් මහා විද්‍යාලයේ “උරිකලිතෛයි අන්බු වයිප්පෝම්”, ඇඹිළිපිටිය ජනාධිපති විද්‍යාලයේ “අ ගුඩ් ‍ප්‍රෙන්ඩ්”, ඩී.කේ.ආටිගල ගේ “ අකුරු බූරුවා”
සවස 5ට කොළඹ නව නගර ශාලාවේදී
‍රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැ‍මිණෙන ලෙස පාසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30 ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18 ක් වේදිකාගත කිරීමට නියමිතයි.