V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label ජයග‍්‍රහණ. Show all posts
Showing posts with label ජයග‍්‍රහණ. Show all posts

Sunday, August 28, 2016

ජයන්ති කුරුඋතුම්පාල - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි




















සිහින දකින්න. ඒවා සැබෑවන තුරුම උත්සාහය අත නොහරින්න

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි

ජයන්ති කුරුඋතුම්පාල

 කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ඔබ වෙත “කාන්තා අයිතීන් සුරැකීම” පිළිබඳ තෙවසරක සන්නාම තානාපති පදවියක් පිරිනමා තිබෙනවා. එවරස්ට් කඳු මුදුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන ඔබ කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ මේ අභියෝගය බාර ගන්නේ කොහොමද?
එය මට එතරම් ලොකු අභියෝගයක් නොවෙයි. ඒ, මා කාන්තා අයිතිවාසිකම් උදෙසා දිගු කාලයක පටන් කටයුතු කරමින් සිටි නිසා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දුරලන්නට පුරා වසර 33ක් මුළුල්ලේ කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස මා කටයුතු කර තිබෙනවා.
 ඒ කොහොමද?
මා රැකියාව ආරම්භ කළේ කාන්තාව හා මාධ්‍ය සාමූහකයේ පර්යේෂණ සහායිකාවක ලෙසයි. ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහ්තමිය විසින් සිදු කළ කම්කරු නීතිය කාන්තාවන්ට බලපාන ආකාරය පිළිබඳ පර්යේෂණයකට මා සහාය වුණා. එයින් මාස හයකට පසු මට ඒ ආයතනයේ ම වැඩසටහන් නිලධාරිනියක ලෙස රැකියාව ලැබුණා. එහිදී මගේ විෂය ක්ෂේත්‍රය වුණේ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය. අනතුරුව කෙය­ාර් සංවිධානයේ ස්ත්‍රි පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂඥ වරියක ලෙස කටයුතු කළා. කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය දුරු කිරීම හා අවම කිරීම සඳහා එදා සිට අද දක්වා පුරා වසර 33 ක්ම මා විවිධ වැඩසටහන් රාශියකට දායක වී තිබෙනවා.
 කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?
කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු ස්ත්‍රි - පුරුෂ ලිංගිකත්වය හා සමාජ භාවය අනුව ස්ත්‍රීන්ට වෙනස් කොට සැලකීමයි. කාන්තාවත් පිරිමියා හා සමාන අයිතිවාසිකම් ඇති මනුෂ්‍යයෙකුය යන සංකල්පය වෙනුවට ස්ත්‍රියට වඩා පුරුෂයා උසස්ය යන සමාජ සංකල්පයෙහි පිහිටා කටයුතු කිරීමෙන් කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ආරම්භ වෙනවා.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතු වන්නේ සමාජයේ ස්ථාපිත ආදර්ශයි. මේවා දරුවකුගේ උපතේ පටන් ම ඇරැඹෙන මතවාද. පිරිමි සහ ගැහැනු දරුවන් දෙදෙනකු වෙනස් වන්නේ ඔවුන්ගේ ශාරීරික ලිංගික අයවයවලින් පමණයි. ඒත් අපි දරුවා ඉපදෙන්නටත් පෙර සිටම ගෑනු දරුවන්ට රෝස පාට, පිරිමි දරුවන්ට නිල්පාට යනුවෙන් වෙන් කරනවා.
ගෑනු දරුවන්ට දෙන්නේ බෝනික්කෝ. සෙල්ලම් ගෙදරදිත් ගැහැනු දරුවා ගෙදර අම්මා. බෝනික්කන් නළවන්නයි උයන්නයි පිහන්නයි සෙල්ලමේදිත් ඇයට උරුම වෙන්නේ. ගැහැනු දරුවන්ට තෑගි දෙන්නෙත් ටී සෙට්, ඉවුම් පිහුම් උපකරණ, වළං මුට්ටි. පිරිමි ළමයින්ට හැම විටම දෙන්නේ බැට් - බෝල, කඩු - දුනු - ඊතල, තුවක්කු, කාර් වැනි සෙල්ලම් බඩු.
ගැහැනු ළමයින්ට කියන්නේ ‘උඩ පනින්න එපා. කෑගහන්න එපා. දඟලන්න එපා. එළියට යන්න එපා. කොල්ලා වගේ හැසිරෙන්න එපා කියලායි.” පිරිමි ළමයින්ට මේ කිසි නීතියක් නෑ. කැමට බීමට ගියත් එහෙමයි. “අයියා කාලා ඉවර වුණාම කන්න, මල්ලිට ලොකු කෑල්ල දෙන්න” කියමින් පුංචි කාලේ පටන්ම ගැහැනු දරුවාට වෙනස් කොට සලකනවා.
ඉගෙනගන්න ගියත් “පුතා හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න. ඉංජිනේරුවෙක් වෙන්න” කියනවා. කෙල්ලෙක් නම් “ඉගෙන නොගත්තත් මොකද? දෑවැද්දක් දීලා හොඳ කෙනෙකුට කසාද බන්දලා දෙන එකනේ තියෙන්නේ” කියලා, ඇගේ අයිතිය සීමා කරනවා. කාන්තාවට එරෙහි හිංසනයේ ඇරැඹුම එයයි. ප්‍රචණ්ඩත්වය ඇරැඹෙන්නේ එතැනින්. එය නතර කළ යුත්තේත් පුංචි කාලේ පටන්ම යැයි මා සිතනවා. ප්‍රචණ්ඩත්වය විවිධාකාරයි. එය නිවෙසේදී, පාසලේදී, කාර්යාලයේදී, මහමගදී, බස්රථයේදී හෝ සමාජයේ ඕනෑම තැනකදී සිදු වෙන්න පුළුවන්.
 මේ තත්ත්වය මර්ධනය කරන්නට හෝ වළක්වා ලන්නට කළ යුත්තේ කුමක් යැයි ඔබ සිතනවාද?
ඒ සඳහා සමාජය දැනුවත් කළ යුතුයි. පිරිමින් උසස් යැයි සිතන පීතෘ මූලික, අධිරාජ්‍යවාදී අදහස් හා මතවාද බැහැර කළ යුතුයි. කාන්තාවන්ටත්, ගැහැනු දරුවාටත් පිරිමින්ට හා සමාන බුද්ධි මට්ටමක්, හැකියාවක් හා අපේක්ෂා තිබෙනවා. ඒවා ඉෂ්ට කරගන්න, හැකියාවෙන් පල නෙළා ගන්න ඇයටත් සමාන අයිතියක් තිබෙනවා. ඒ අයිතිය භුක්ති විඳින්නට අපි ඇයට සමාන ඉඩක් ලබා දිය යුතුයි.
 ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මර්ධනය සඳහා ඔබ ආමන්ත්‍රණය කරන්නේ සමාජයේ කවර කණ්ඩායම්වලටද?
ස්ත්‍රීන් මෙන් ම පුරුෂයන් ද අපි දැනුවත් කරනවා. මේ සඳහා ජාති ආගම් හෝ පන්ති භේද නෑ. හැම සමාජ ස්ථරයකම කතුන් හිංසනයට ලක් වෙනවා. පාසල් ළමයින් හා විශේෂයෙන් ම යෞවනයන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව කරගෙන යනවා. එහිදී අපි කාන්තාවන්ට සමව සලකන ආකාරය, ඔවුන්ටත් පිරිමින්ට වගේම ආසාවන් හැකියාවන් හා අයිතීන් ඇති බව, පාසල් දරුවන්ට යෞවනයන්ට හා පිරිමින්ට අපි කියා දෙනවා. කාන්තාවන්ට සමව සලකන්න අපි දරුවන්ට පුරුදු කළ යුත්තේ කුඩා කාලයේ පටන්මයි. හොඳ පුතෙක්, සැමියෙක් හා තාත්තා කෙනෙක් වන්නේ කෙසේදැයි අපි ඔවුන්ට කියා දෙනවා.
පිරිමිකම කියන්නේ ගැහැනුන්ට ගුටිබැට දීම හෝ ඔවුන් පාලනය කරගෙන සිටීම නොවෙයි. “පිරිමියෙක් වුණාම ගෑනි යටත් කරගන්නට පුළුවන් වෙන්න ඕනෑ.” “ගැහැනියෙක් වුණාම මිනිහාගෙන් බැනුම් ඇහුවාට, ගුටි කෑවට මොකද?” කියන වැරදි ආකල්ප සමාජයෙන් දුරු කරන්න ඕනෑ. පාසල් විෂය මාලාවේ පටන්ම ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සංකල්පය දරුවන්ගේ ඔළුවලට ඇතුළු කළ යුතු බවයි මගේ අදහස.
 නිවෙසින් හා පාසලෙන් සමානාත්මතාව පිළිබඳ අදහස බලගැන්වීමට ඔබට ලැබුණු පිටිවහල කුමක්ද?
මගේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, අයියයි. මගේ පියා ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු වූ කෙනෙක්. අම්මා මුලින් රැකියාවක නියැලුණත් අප ඉපදුණු පසුව රැකියාවෙන් ඉවත් වුණා. එතැනදීත් මට සිතෙන්නේ අම්මාගේ අයිතිවාසිකමක් අහිමි වූ බවයි. ඇයත් රැකියාවක් කළා නම් ඇයට ආර්ථික වශයෙන් ස්වාධීනත්වයක් ලබාගන්න තිබුණා. ඒත් ඇය පවුල වෙනුවෙන් ඒ කැපවීම කළා.
මගේ පියා තරමක් ස්වාධීන අදහස් දැරූ කෙනෙක්. හැමවිටම මගේ දෙමවුපියන් අයියාටත් මටත් එක සමානව සැලකුවා. අයියා ගස් නගින විට මටත් ගස් නගින්නට උවමනා වුණා. මගේ පියා එයින් මා වැළැක්වීම වෙනුවට කළේ ආරක්ෂාකාරී පියවර තුනකින් සාර්ථකව ගසකට නගනිනේ කොහොමදැයි මට කියා දීමයි. එවැනි පුංචි පුංචි පාඩම් එවරස්ට් කන්ද තරණය කිරීමේ ජයග්‍රහණය දක්වාම මා රැගෙන ගියා යැයි මට සිතෙනවා.
එමෙන්ම මා උගත් පාසල වූ බිෂොප්ස් විද්‍යාලයේදීත් මට අවශ්‍ය ක්‍රීඩාවක් කරන්නට, කොණ්ඩය කොටට කපන්නට, කැමති දෙයක් කරන්නට උපරිම නිදහසක් ලැබුණා. ඒ නිදහස මගේ ජීවිතෙය් දුටු සිහින සැබෑ කරගන්නට මට බොහෝ උපකාරී වුණා.
 එවරස්ට් කඳු තරණය ඔබ කුඩා වියේ පටන් දුටු සිහිනයක් ද?
එවරස්ට් කන්ද නගිනවා යැයි කුඩා ම කාලේ හිතට ආවෙ නැතත්, ලෝකේ ඉහළම තැනකට නැගීමේ ආසාව මා තුළ මුල පටන්ම තිබුණා. මා ඉංග්‍රිසි සාහිත්‍ය පිළිබඳ උපාධිය හැදෑරීමට ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාට පසු එවරස්ට් තරණය පිළිබඳ සිහිනය පිළිබඳ මුල්ම අදහස හිතට නැඟුණා.
 ඒ කොහොමද?
දිනක් මගේ ආචාර්යතුමියගේ මේසය මත හිම කඳු තරණය කරන්නකුගේ ඡායාරූපයක් තිබෙනු මා දුටුවා. ඒ ඡායාරූපයෙහි වූයේ ලෝකයේ ප්‍රථම වතාවට 1953දි එවරස්ට් කන්ද තරණය කළ ටෙන්සිං නෝර්ගේ සහ එඩ්මන්ඩ් හිලරිගේ ඡායාරූපයක්. මේ ඡායාරූපය දුටු මා තුළ කවරදා හෝ හිම කන්දක් තරණය කරන්නට ඇත්නම්” යන සිතිවිල්ල ඇති වුණා. මේ පිළිබඳ මා ආචාර්යතුමියගෙන් වැඩි විස්තර අසා ගත්තා. ඒ වන විට ටෙන්සිං නෝර්ගේ පුතා සිම්ලා හි සිකිං ප්‍රාන්තයේ හිම කඳු නැඟීම පුහුණු කිරීමේ පාසලක් අරඹා තිබුණා. මගේ ප්‍රථම උපාධියෙන් පසු අමාරුවෙන් මුදල් ඉතිරි කරගත් මා ඒ පුහුණු කඳවුරෙන් මාසයක් හිම කඳු නැඟීමේ පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඉන්දීය හමුදාව මඟින් පවත්වන ලද ඒ පුහුණු පාඨමාලාව ඉතා අසීරු එකක්. ඒ මගින් මට හිම කඳු නැගීම පමණක් නොවෙයි; ගල්කඳු නැඟීම, කඳු නැඟීමේදී මුහුණ පෑමට සිදු වන අනතුරුවලින් වළකින ආකාරය, ආගාධවල නොවැටී හිම කුණාටුවලින් බේරී, ඉහළට නඟින විට ඔක්සිජන් වායුව අඩු වන විට නොමැරී බේරෙන ආකාරය වැනි බොහෝ දේ ඉගෙනගන්න හැකි වුණා. අවුරුදු 24 වන විට මම ඒ ආයාතනයෙන්ම උසස් පුහුණු පාඨමාලාවක් හදාරා විශිෂ්ට සාමාර්ථයක් හිමිකර ගත්තා.
 ඔබේ අරමුණ කරා ළඟා වීමට අධ්‍යාපනයෙන් ලැබුණු පිටිවහල කවරාකාරද?
අරමුණු ජය ගැනීමට අධ්‍යාපනය හැම අතින් ම උපකාරී වෙනවා. මම ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ එංගලන්තයේ සසෙක්ස් විද්‍යාලයෙන් පශ්චාද් උපාධියක් ලබා ගත්තා. අධ්‍යාපනික හෝ වෘත්තීය අංශයෙන් හෝ කවර ආකාරයකට විදෙස්ගත වුණත් පුංචි ඉඩකඩක් හෝ ලබාගෙන ඒ ඒ රටවල තිබෙන කඳු නගින්නට මා අවස්ථාව ලබා ගන්නවා. ලංකාවේදිත් විනෝද ගමනක් ගියත් ඒ පළාතේ තියෙන කන්දක් නගින්නට යෑම මගේ පුරුද්දක්. අධ්‍යාපනයෙන් මා ලද පරිචය මගේ සිහිනය සැබෑ කරගන්න විශාල රුකුලක් වුණා.
 ඔබේ අධ්‍යාපනික ක්ෂේත්‍රය, වෘත්තිය හා විනෝදාංශ එකිනෙකට පරස්පර විරෝධීයි. ඒ ඇයි?
ඒ මගේ තේරීමයි. මගේ කැමැත්තයි! කාන්තාවන්ට ‍එරෙහි ප්‍රචණ්ඩත්වය හා හිංසනයට මා කවදත් විරුද්ධයි. පුංචි කාලෙ සිටම මා සිතුවේ ගෑනු ළමයින්ටත් පිරිමි ළමයින්ටත් සමාන අයිතිවාසිකම් හා සමාජයේ සමතැන හිමි විය යුතු බවයි. රැකියාවකට යොමු වීමේදී මා වඩාත් සැලකිලිමත් වුණේ අධ්‍යාපන සුදුසුකම්වලට වඩා මා කැමැති ක්ෂේත්‍රයට අදාළ රැකියාවක් තෝරාගැනීමටයි. මගේ රැකියා ස්ථානයෙන් ඒ අරමුණ ඉෂ්ට වුණා පමණක් නොවෙයි; උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යන්නටත් මට ඔවුන් මඟ පෙන්වූවා. එය විශාල අවස්ථාවක්. මගේ විනෝදාංශය හා සිහිනය ජය ගන්නටත් එය විශාල රුකුලක් වුණා.
 ඔබ අවිවාහකයි. විවාහය ගැන ඔබේ අදහස කුමක්ද?
කාන්තාවක් විවාහ විය යුතුමයි කියා මා සිතන්නේ නෑ. අවිවාහකව සිටිය යුතුයි කියා සිතන්නේත් නෑ. සමාජය ගැහැනු දැරිය දෙස බලන්නේ ම ඇයට උරුම විවාහය, දරුවන් හැදීම සහ කුස්සිය පමණකැයි යන අදහස පෙරදැරි කරගෙනයි. ඒත් පිරිමි ළමයි විවාහ වුණත් නැතත් සමාජයට එතරම් ගැටලුවක් වන්නේ නෑ. මේ ආකල්පවලට මම විරුද්ධයි. ගැහැනියටත් අවශ්‍ය නම් විවාහ වෙන්න හෝ අවිවාහකව සිටීමට අයිතියක් තිබෙනවා.
මා තවම විවාහයකට ඇතුළත් නොවුණේ මගේ ජීවිතයේ අරමුණු හා ඉලක්ක විවාහයෙන් ඔබ්බට ගිය ඒවා වූ නිසයි. යොවුන් වියේදි මගේ අවධානය යොමු වුණේ අධ්‍යාපන කටයුතු වෙත පමණයි. ඉන්පසු කඳු නැඟීමේ සිහිනය සැබෑ කර ගැනීමට. විවාහයක අවශ්‍යතාවක් මට ඒ වන විට දැනුණේ නෑ. සමහරවිට මට විවාහ වෙන්නට හිතුණොත් ඉදිරියේදී විවාහ වෙන්නට ඉඩ තිබෙනවා. විවාහ නොවනවා යැයි මා තීරණය කර නෑ.
 ඔබ කාන්තාවන්ගේ ජීවිතය ජය ගන්නට, සිහින සැබෑ කරගන්නට ඔවුන්ට ලබා දෙන පණිවුඩය කුමක්ද?
සිහින දකින්න. ඒ සිහිනය ඔබගේ මිස සමාජය සතු වූවක් ‍නොවේ. එහෙයින් සිහිනය ඉටු කරගන්නා තුරු සමාජයෙන් එල්ල වන ඇනුම්, බැනුම්, අපහාස, අපවාද ඊට බාධාවක් කර නොගන්න. තමාගේ අරමුණ කරා ළඟාවීමට අවශ්‍ය අධ්‍යාපනය, කුසලතා සහ උත්සාහය දිනෙන් දින වර්ධනය කරගන්න. ඔ‍බේ සිහිනය ගුවන් යානාවක් පදවන්නද? පෙදරේරු කටයුතුවල නිරත වෙන්නටද? රියැදුරකු වන්නටද? ඒවා පිරිමින්ට අයිති රැකියාය යන සමාජ ආකල්පයට බිය වී උත්සාහය හා අභිලාශය අතහැර දමන්න එපා. ඒ සඳහා අවශ්‍ය දැනුම පුහුණුව හා හැකියාවන් වර්ධනය කරගන්න. පාසල් දියණියක් නම් අධ්‍යාපනයට මුල් තැන දෙන්න. අධ්‍යාපන සුදුසුකම් සමඟම ඔබේ කුසලතා හඳුනාගෙන ඒවා වර්ධනය කර ගන්න. දිරියෙන් හා සතුටින් අභියෝගවලට මුහුණ දෙන්න. එවිට ඔබට ජයගත නොහැකි අරමුණක් මෙලොව නැත. මම එය ක්‍රියාවෙන් පසක් කොට සිටින්නෙමි. ඔබට ද එය කළ හැකිය.

Friday, May 27, 2016

ආසියානු පාසල් පිහිනුම් ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 31ක් එක් වෙති

 පස්වැනි ආසියානු පාසල් පිහිනුම් ශූරතාවලිය අද (26) ඉන්දුනීසියාවේ පෙලින්බැන්ග් නුවර දී ආරම්භ වෙයි. මේ ශූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පාසල් පිහිනුම් කණ්ඩායම පසුගියදා ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය.
ලබන 29 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු පාසල් පිහිනුම් ශූරතාවලියට එක්වි සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ බාලක අංශයේ නායකයා ලෙස ඩී.එස්.සේනානායක විදුහලේ ඉමේෂ් චතුරංග කටයුතු කරන අතර විශාඛා විද්‍යාලයේ ශෙලීනා පීරිස් බාලිකා අංශයේ නායිකාව ලෙස කටයුතු කරන්නීය. මීගමුව මාරිස්ටෙලා විදුහලේ දිනෙත් ජයකොඩි බාලක අංශයේ උපනායකයා වන අතර ආවේ මරියා කන්‍යාරාමයේ ලංකිකා මෙලනී බාලිකා අංශයේ උපනායිකාව ලෙස කටයුතු කරන්නීය.
ක්‍රීඩකයන් 14 දෙනකු බාලක අංශය නියෝජනය කරන අතර බාලිකා අංශය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 17ක් එක්වී සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.
බාලක - ඉමේෂ් චතුරංග (නායක - ඩි.එස්.), දිනෙත් ජයකොඩි (උපනායක - මාරිස්ටෙලා), නිලංක ශෙහාන් (නාලන්දා), ස්ටීවන් පෙරේරා (ගේට් වේ), අකලංක පීරිස් (සා.පීතර බම්බලපිටිය), සී.ආර්.යෝගරත්නම් (සා.අන්තෝනි මහනුවර), දිලුක් ජයතිලක, එන්.ඒ.ළහිරු (ලයිසියම් වත්තල), ඉෂාර අබේරත්න (රාජකීය), උෂාන් ගුණරත්න (ලයිසියම් රත්නපුර), ශිවංග ද සිල්වා (සා.ජෝශප් මරදාන), ජේ.ජේසුදාසන් (කොළඹ ජාත්‍යන්තර පාසල), ඊ.ධර්මප්‍රිය (ත්‍රිත්ව), ගැවින් කරුණානායක (බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල කොළඹ)
බාලිකා - ශෙලීනා පීරිස් (නායිකා - විශාඛා), ලංකිකා මෙලනී (උපනායිකා - ආවේ මරියා මීගමුව), උත්තමා සිල්වා, මහේෂිකා හේවගේ, මොනේත්‍රා වීරසිංහ, නෙත්මි මහකුමාර, දේවින්ද්‍යා ජයවර්ධන (මහමායා මහනුවර), ශෙහාන්ති ගුණරත්න, දිහිනි නාවල (විශාඛා), තිමාලී බණ්ඩාර (ලයිසියම් වත්තල), ඒ.සමරසිංහ (මියුසියස්), චොමාලී සෙනෙවිරත්න, විනෝලි කලුආරච්චි (සිරිමාවෝ), දුලක්ෂි පෙරේරා (හිල්වුඩ්), ශෙනාලී වීරවංශ (අවේ මරියා මීගමුව), ටී.වී.ජයතිලක (විහාරමහා දේවි කිරිබත්ගොඩ), ශෙනාලී පෙරේරා (ලයිසියම් නුගේගොඩ).
නිලධාරී මණ්ඩලය - වයි.එන්. ඩී.යාපා මයා (කණ්ඩායම් ප්‍රධානී), ක්‍රිෂාන් දුමින්ද මයා (කළමනාකරු), ජුලියන් බෝලිං මයා (පුහුණුකරු), පෙම්ලත් උයන්ගොඩ මයා (සහාය පුහුණුකරු), ලලනී ජයතිලක මිය (සහාය කළමනාකාරීනි), තිසරු පෙරේරා (කාන්තා කණ්ඩායම භාර නිලධාරීනී) 


එවරස්ට් ජයගත් පළමු ශී‍්‍ර ලාංකිකයා ජයන්ති


 
හිමාලය කඳු වැටියේ පිහිටි ලොව උසම කන්ද වන එවරස්ට් කඳු මුදුන (මීටර් 8,848) තරණය කළ පළමු ශී‍්‍ර ලාංකිකයා ලෙස ජයන්ති කුරුඋතුම්පාල  ඉතිහාසයට එක්විය. ජයන්ති ඇතුළු පිරිස එවරස්ට් කඳු මුදුනට පැමිණි බව කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ සටහන්ව තිබිණ.

ජයන්ති ඇතුළු පිිරිස  අලූයම 5.00 ට පමණ එවරස්ට් කඳු මුදුනට අවතීර්ණ වූ බව වාර්තා වේ.
ඇයගේ කණ්ඩායමට කඳු තරණය කරන්නන් 9 දෙනෙක් සහ ෂර්පා ජාතිකයෝ 15 දෙනෙක් ඇතුළත් වූ බවද කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ සටහන් වී තිබේ.
කෙසේ වෙතත් ජයන්ති කුරු උතුම්පාල සමග හිමාලය තරණය කිරීමට ගිය අනෙක් ශී‍්‍ර ලාංකිකයා වන ජොහාන් පීරිස් තරණයේ අවසන් කොටසේදී ඇය සමග සිට නැත. ජොහාන් පීරිස් 4 වැනි කඳවුර දක්වාම ජයන්ති සමග සිට ඇතත් අවසන් කොටසේදී ජයන්ති සහ ෂර්පා ජාතිකයෝ ඉදිරියට ගියහ.
හිමාලය තරණය කරන්නන් විසින් ඔවුන්ගේ බඩු බාහිරාදිය ඔසවාගෙන යාම සඳහා හිමාලයේ කඳු ආශි‍්‍රතව දිවිගෙවන ෂර්පා ජාතිකයන් යොදා ගැනේ.
4 වැනි කඳවුර පිහිටා ඇත්තේ මුහුද මට්ටමේ සිට අඩි 26,000 ක උසිනි.
20 වැනිදා රාති‍්‍රයේ 9.00 ට පමණ ජයන්ති ඇතුළු කණ්ඩායම තරණයේ අවසන් කොටසේ නැග්ම ආරම්භ කරන විට එහි තිබී ඇත්තේ චන්ද්‍රාලෝකය පමණි. එවරස්ට් කඳු මුදුනට මුහුදු මට්ටමේ සිට ඇති උස අඩි 29,029 කි.
මරණයේ කලාපය යනුවෙන් හැඳින්වෙන අඩි 26,000 කට ඉහළින් පිහිටි කොටසේදී හිමාලය තරණය කරන්නන්ට විඳින්නට සිදුවන දුෂ්කරතා කෙළවරක් නැත. උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ අගයක් ගන්නා එම කොටසේදී වායු ගෝලයේ පවතින ඔක්සිජන් ප‍්‍රමාණය මුහුදු මට්ටමේ පවතින ප‍්‍රතිශතයෙන් තුනෙන් එකකි. එබැවින් ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම ඉතා අසීරුය.
ජයන්ති සහ ජොහාන් ඇතුළු පිරිස එවරස්ට් පදනම් කඳවුරෙන් පිටත් වූයේ මැයි 15 වැනිදාය.
ජයන්ති සහ ජොහාන් අපේ‍්‍රල් මාසයේ මුල සිට හිමාලය කඳු ආශ‍්‍රිතව පුහුණුව ලැබූ අතර පසුගිය මාසය පුරාම එවරස්ට් පදනම් කඳවුරේ සිට තවත් කඳවුරු තුනක් දක්වා වූ ඉතාමත් උස කඳු සහ උස් ප‍්‍රදේශ කරා ඉහළට සහ පහළට ගමන් කිරීමේ පුහුණුව ලබාගත්හ.
ඉතාමත් අසීරු මෙන්ම වඩාත් අවදානම් සහිත කුම්බු අයිස් ඇල්ලේ නිතැතින්ම වෙනස් වන අයිස් ග්ලැසියර කඩා වැටෙන ස්ථානය හරහා ගමන් කිරීමත්, ඊට මුහුණලා ඍජුව පිහිටා තිබෙන ලෝට්ස් නම් වූ අයිස් වලින් සැදුණු බිත්තියට පහළින් ගමන් කර පිහිටි කඳවුරු අංක 3 වෙත ළඟාවීමත් එම පුහුණුවට ඇතුළත් විය.
වසර 30 පමණ පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර උපදේශක කණ්ඩායමක් සමග ජයන්ති සහ ජොහාන් එවරස්ට් කඳුමුදුනට යාමට එක්වී සිටියහ. මෙම ගමනට සම්බන්ධ වීමට ජයන්තිට සහ ජොහාන්ට ඔවුන්ගේ උස් කඳු නැගීමේ අත්දැකීම්, අයිස් කඳුනැගීමේ කුසලතා සහ ලණු බැඳීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන්හි පළපුරුද්ද එම කණ්ඩායම ඉදිරියේ පෙන්නුම් කිරීමට අවශ්‍ය විය.




ඡයාරූප : කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි


- See more at: http://kelimandala.lankadeepa.lk

Friday, May 6, 2016

දස්කම් පිරි ආබාධිත දරුවකුට පාසල් ගණනාවකින් කෙණෙහිලි

ඉපදී වසර තුනක් යනකල් වචනයක්වත් කතා නොකළ දරුවා පස්සේ කථික තරගයෙන් පළමු තැන ගත්තා
 පාසල් ගමන පටන් ගත් දා සිට පාසල් ප්‍රධානීන් දරුවා පාසල් 5කට මාරු කළා
ඉසුරුපායෙනුත් සාධාරණයක් ඉටුවුණේ නෑ
උණහපුළුවාට උගේ පැටියා මැණිකක් කියන කතාව මට මතක් වුණේ මේ අතිශය සංවේදි කතාව ඇහුවට පස්සේ. දරු සෙනෙහස වෙනුවෙන් මවුවරුන්ගේ ඇඟේ දුවන රතු ලේ කිරට හැරෙන්නෙත් මේ සෙනෙහස නිසාමයි. එදා අතීත පටාචාරවන් ඇඟේ ඇඳිවතත් නොමැතිව වීථියක් වීථියක් පාසා දිව ගියේ හදවතේ නොසිඳෙන මෙවන් දරු සෙනෙහසින්. මේ එවන් වූ තවත් පටාචාරාවක්. සිය දරු සෙනෙහස උගසට නොතැබූ මේ නූතන පටාචාරාව අද වීථියක් වීථියක් පාසා උමතුවෙන් දිව යන්නේ සිය ආබාධිත එකම පුතුට පාසලක් ලබා ගැනීමේ අරමුණෙනි.
මාස තුනක් පමණ ජීවත් වෙතැයි වෛද්‍යවරුන් අපේක්ෂා කළ සිය ආබාධිත දරුවා වෙනුවෙන් සාගරය පරදවන තරමට කදුළු බිඳු දහඩිය බිඳු හෙළමින් ඇය ජීවිත දානය දුන්නාය. දරුවා උස්මහත් වෙද්දී ඔහුගේ නෙත් පාදා දෙන්නට ඇය පාසලක් සෙව්වාය. සෑම පාසලකින්ම දරුවා ප්‍රතික්ෂේප කරද්දි මේ මව පොළොවේ පස් කමින් හඩා වැටුණේ කරුමයට සාප කරමිනි. මේ අනුවේදනීය කතාව අප ඔබ හමුවේ තබන්නේ කියවා රස විඳින්නට නොව හිත් පිත් ඇති අයගේ දෑස් හැරීමටය. එමෙන්ම නොමිලයේ අධ්‍යාපනය ලබාගෙන ඒ හරහා සුර සැප විදිමින් තවත් අසරණයෙකු පාගා දමන කුහක මිනිසුන්ගේ නිරුවත හෙළිකරන්නටය. මේ ඇගේ කතාව ඇගේ වචනයෙන්මය.
“ ගස් ගල්වලට පණ තිබුණානම් මගේ කතාව අහලා ඒවත් උණුවෙනවා ” ඇය කතාවට සමාරම්භයක් සැපයුවේ හදේ තෙරපෙන දැඩි වේදනාව පිට කරමිණි.
“අපි පදිංචි වෙලා ඉන්නේ අනුරාධපුරයේ මහ විලච්චියේ පාරේ. චතුරංග යසස් මගේ දරුවට අවුරුදු දෙකේදි මගේ මහත්තයා අපි දෙන්නව හැර ගියා. මම දරුවා උස් මහත් කළේ නොවිඳිනා දුක් විඳලා. මගේ දරුවා අවුරුදු තුනක් යනකම් කතාබහ කළේ නැහැ. පස්සේ ටිකෙන් ටික කතාබහ කරන්න පටන් ගත්තා. එක ඇහැක් නොපෙනෙන බව තේරුම් ගත්තේ ඉස්කෝලෙට ඇතුළු කළාට පස්සේ. එයාට මූණෙ පැත්තක ආබාධිත තත්ත්වයක් තිබුණා. ඒ නිසා කණ්ණාඩියක් පවා පාවිච්චි කරන්න අපහසු වුණා. දරුවා එක වසරෙදි ඇතුළත් කළේ පේමාඩුව සිද්ධාර්ථ විදුහලට. ඒ 2012 දි. මගේ දරුවා තුන වසර වෙනකම් හොඳට ඉගෙන ගත්තා.
සාමාන්‍ය ළමයි එක්ක ඉඳලා එක වසරෙදි හැම විෂයකටම ඒ සමාර්ථ්‍ය ගත්තා. දෙකේ තුනේ පන්තියේ හැම විෂයකටම ලකුණු 75 ට වඩා අරගෙන අනිත් ළමයින්ට වඩා හොඳින් සමත් වුණා. මුලදි කතා නොකළ මගේ දරුවා පස්සේ කථික තරගයකදි ළමයි 100කගෙන් පළමු වෙනියා වුණා. උදේ හතරට නැගිටලා පාඩම් කරනවා. දරුවා ගත්තු හැම සහතිකයක්ම අද මගේ ළඟ තියෙනවා. මෙහෙම ඉගෙන ගනිමින් හිටි මගේ දරුවට ඉස්කෝලෙන් ප්‍රශ්න මතුවුණේ 2015 වසරේදි. දරුවගේ ඇහක් පේන්නේ නැහැ. ආබාධිතයි කියලා ගුරුවරු විදුහල්පති හිරිහැර කරන්න පටන් ගත්තා. ගුරුවරු දරුවාට පහර දෙන්න පටන් ගත්තා. හවස් වරුවේ දරුවා ලවා පන්ති කාමර අතු ගාව ගන්නවා. දණ ගස්සවගෙන අකුරු ලියවනවා. දරුවා පාසල් යන්න බැහැ කිය කියා අඬන කොට මගේ වැඩේ දරුවගේ හිත හදන එකයි. ගුරුවරුන්ගේ හිරිහැර ඉවසන්න බැරිම තැන මගේ දරුවගේ පාසල් ගමන නතර වුණා.” මේ ඇගේ දරුවාගේ වේදනාබර කතාවේ මූලාරම්භයයි.
කතාවේ දෙවැනි පරිච්ඡේදය ඇරැඹෙන්නේ එතැන් සිටය.
“ඊට පස්සේ ඒ පාසලෙන් මම දරුවා අස්කරගෙන ඔයාමඩුව කාශ්‍යප විදුහලට දැම්මා. මාස තුනක් මගේ දරුවා ඒ පාසලට ගියා. දවසක් විදුහල්පතිතුමා මට එන්න කිව්වා. මට නාම ලේඛනය පෙන්නලා කියනවා බලන්නකෝ ළමයා මාස තුනටම දවසයි ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. මම ඇහුවා එහෙම වෙන්න කොහොමද කියලා. ඒක මම දන්නේ නැහැ .මේ දරුවට උගන්වන්න බැහැ අරගෙන යන්න කියලා. මම එදා දරුවා අස් කරගෙන ගිහින් පොළොවෙ හැපි හැපි ඇඬුවා. මට ඕන වුණේ මගේ දරුවට කෙහොම හරි උගන්වන්න. මම හිතට ධෛර්යය අරගෙන අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලේ විශේෂ ඒකකයට ළමයා අරගෙන ගියා.
ඒ අය මගේ දරුවගේ සහතික බලලා කිව්වේ අපරාදේ මේ දරුවා මේ පාසල් වලට දාන්නේ. මේ දරුවා දක්ෂයි. ආබාධිත දරුවොත් එක්ක ඉගෙන ගත්තොත් මේ දරුවා පසුගාමී වෙනවා. ඒ නිසා අම්මේ මේ දරුවා සාමාන්‍ය දරුවන් එක්ක ඉගෙන ගන්න දාන්න කියලා. ඒ කතාව ඇත්ත. පස්සේ මම රියෙන්සි අලගියවන්න අඳ ගොලු බිහිරි විදුහලට දරුවා ගෙන ගියා. දරුවගේ ඒ සහතික දැක්ක ඒ මහත්වරුත් කිව්වේ ඒකමයි. දැන් මගේ දරුවට පාසලක් නැහැ. පාසලක් ලැබෙනකල් මම පහ වසර පොත් ගෙනත් දීලා දරුවට උගන්වනවා. මේ අතරේ මට කොහොම හරි ඕනැ වුණේ දරුවට පාසලක් හොයාගන්න. මම අනුරාධපුර කලාප කාර්යාලයට පළාත් අධ්‍යාපන කාර්යාලයට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ගිහින් අඬ අඬා මගේ දුක කිව්වා. කකුල් ගෙවෙනකම්ම. පළාත් අධ්‍යාපන කාර්යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ මහත්තයෙක් මට කිව්වා ළමයව ගහලා හරි සිද්ධාර්ථයට යවන්න කියලා .
මම කිව්වා අනේ මහත්තයෝ මගේ දරුවට ගහලා මම කොහෙමද අකමැත්තෙන් ආයිත් ඒ පාසලට යවන්නේ. පුළුවන් නම් මම ත්‍රීවීලර් එකකින් මහත්තයව එක්කගෙන යන්නම්. මහත්තයම විදුහල්පතිට කියලා දරුවා බාර දෙන්න කියලා. ඒ මහත්තයා ඒකට කැමති වුණේ නැහැ. පස්සේ මම කිව්වා පුළුවන්නම් මගේ දරුවා බෝගස්හන්දියේ තක්ෂිලාවට දාලා දෙන්න කියලා. ඒකට ඒ අය කැමති වුණේ නැහැ. පස්සේ පැයක් විතර ඒ අය සාකච්ඡා කරලා මට කිව්වා ඔයාගේ දැඩි කැමැත්තටයි මේක දෙන්නේ. ආයිත් ප්‍රශ්නයක් වුණොත් මේ පැත්ත පළාතේ එන්න එපා කියලා. මගේ අසරණකමට මම හා කියලා ඒ පාසල බාර ගත්තා.”
නිදහස් අධ්‍යාපනය සැමට උරුම රටේ සිය ආබාධිත දක්ෂ දරුවාට පාසලක් සොයමින් ඇය ගිය ගමන් මගේ එක් වේදනාත්මක කඩඉමක් මෙසේ අවසන් වුවද, ඇගේ කතාවේ ඇස් ඇරිය යුතු කතා පුවත් හෙළිදරව් වන්නේ දැන්ය.
“ 2016 වසරේ ජනවාරි මාසයේ මම මගේ දරුවා තක්ෂිලාවට ගෙන ගියා. විදුහල්පති කිව්වා සතියක් ගෙදර තියාගෙන දරුවා ගේන්න කියලා. මම ආයිත් සතියකට පස්සේ දරුවා ඉස්කෝලෙට එක්කගෙන ගියා. එතනදි විදුහල්පතිතුමා මට අඬගහලා කිව්වා “කිසිම හෙයකින් කිසිම ගුරුවරයෙකුට හෝ ගුරුවරියකට විරුද්ධව රාජකාරීමය වශයෙන් කටයුතු කරන්නේ නැහැ”කියලා ලියුමක් ලියලා අත්සන් කරලා දෙන්න කියලා. මම ඒ කිසිම දේකට විරුද්ධ වෙන්න ගියේ නැහැ. විරුද්ධ වෙලා මට දැන් යන්න තැනක් නැහැ. මාසයක් හොඳට මගේ දරුවා ඒ පාසලට ගියා. ඊට පස්සේ මා දකින වාරයක් වාරයක් පාසා විදුහල්පතිතුමා මට අඬගහලා අර ආකාරයේ ලියුම් ලියවලා අත්සන් කරව ගත්තා. ලියුම් 18-20 ක් විතර අත්සන් කරවගත්තත් මම ඒ ඇයි කියලා ඇහුවෙත් නැහැ. මේ වෙනකොට සඳුදයි බදාදයි සෙනසුරාදයි ශිෂ්‍යත්වයට පාසලේ අමතර පන්ති පැවැත්වුවා. මගේ දරුවට ඒවට සහභාගි වෙන්න දුන්නේ නැහැ. දරුවා ඉගෙන ගන්න ආස නිසා අඬඅඬා ශිෂ්‍යත්ව අමතර පන්තියට යන්න ඇහුවත් දරුවට ඒවට යන්න දුන්නේ නැහැ. මම හරියට අසරණ වුණා.
දරුවා එහෙන් අඬනවා. දුක කියන්න යන්න තැනක් නැහැ. ලියුම් ලියලත් සැනසීමේ ඉන්න නොදී දවසක් විදුහල්පතිතුමා අඬගහලා මට කිව්වා “අම්මේ ඔයාගේ දරුවා අබාධිතයිනේ. ඒක පෙර කළ පවක්. සතියකට දවස් දෙකක් දරුවා ඉස්කෝලෙ එව්වහම ඇති. මම දරුවට සමාජය හුරු කරවන්නම් කියලා.”හැම විෂයකටම ඉහළම ලකුණු ගන්න මගේ දරුවට සමාජය හුරු කරවන්න දෙයක් නැහැ. මගේ දරුවා දක්ෂයි. මට දරුවත් එක්ක වහබීලා දෙන්නා එක්කම මැරෙන්න හිතුණා. පස්සේ මම අඬ අඬා මගේ දුක ඒ පාසලේ ගුරුවරියකට කිව්වා. එයා මට කිව්වා අම්මේ ඔයා සද්ද නැතිව වෑන් එකකින් දරුවා කොහොම හරි පාසලට එවන්න. අපි බලා ගන්නම්. හැබැයි ඔයා එන්න එපා කියලා. පස්සේ මම දරුවට වෑන් එකක් හෙව්වා. හරිම අමාරුවෙන් පාසල් ගුරුවරු ගෙනියන වෑන් එකක් හොයා ගත්තා. ඒකේ යන ගුරුවරු මඟින් බැස්සහම මම මගේ දරුවා ඒ වෑන් එකට අතරමඟින් නග්ගනවා. මෙහෙම මාසයක් යන්න ලැබුණේ නැහැ. වෑන් එකේ සර් දවසක් මට හම්බවෙන්න කිව්වා. මම හිතුවා වෑන් සල්ලි ඉල්ලන්න කියලා. පස්සේ මට කිව්වා අම්මේ සල්ලි ප්‍රශ්නයක් නැහැ. ටීචර්ලා කැමති නැහැ මේ දරුවා මේ වෑන් එකේ යනවට.ඒ නිසා මට දරුවා නවත්වන්න වෙනවා කියලා. මගේ මුළු ජීවිතයම කඩා වැටුණා වගේ දැනුණා.” මේ කතාවේ තවත් වැදගත් තොරතුරු ඇය අනතුරුව හෙළිදරව් කළාය.
අබාධිත දරුවෙකුට පවා ඉගෙනීමේ අයිතිය මෙන්ම විභාග අයිතිය පැහැර හැරීමට නොදෙන වත්මන් අධ්‍යාපන ක්‍රමයේ මෙවන් දේ මෙසේ සිදුවෙතැයි කාට නම් කෙසේ අපේක්ෂා කළ හැකි ද? විභාග කොමසාරිස්තුමනි මේ ඔබේ දැඩි අවධානයටයි.
“ පෙබරවාරි මාසේ වෙනකොට දරුවන්ගේ ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර පුරවන්න දෙමවුපියන්ට පාසලට එන්න කියලා තිබුණා මගේ දරුවට හැරෙන්න. ලොකු සර් කියලා තිබුණා චතුරංග ඔයාගේ අම්මට එන්න කියන්න ඕනැනැහැ කියලා. පස්සේ මම හිත හදා ගත්තා. මගේ දරුවා ආබාධිත වුණත් දක්ෂයි. එයාට ශිෂ්‍යත්වය ලියන්න ඕනෙ නැහැ. කොහොම හරි මම දරුවා සාමාන්‍ය පෙළ හොඳට කරවනවා කියලා. ඒත් ඒකත් කරන්න මගේ දරුවට පාසලක් ඕනෙ. අන්තිමට මට යන්න තිබුණු එකම තැන ඉසුරුපාය විතරයි. මම සිදුවුණු හැම දේම ලියාගෙන පහුගිය මාර්තු 02 දා දරුවත් අරගෙන ඉසුරුපායට ගියා, අධ්‍යාපන ඇමැතිතුමා හමුවෙන්න. ඇමතිතුමා හමුවෙන්න දුන්නේ නැහැ. මාව යොමු කළා ප්‍රාථමික අංශ ප්‍රධානිට. එයා මගේ ලියුම කියවලා කිව්වා මෙහෙම දේවල් ගුරුවරු කරන්නේ නැහැ, ඔයාට මානසික ලෙඩක් තියෙනවා .
ඒ නිසා දරුවා පාසලට යවන්න කියලා. මම අඬ අඩා කිව්වා මම මේතරම් දුරක් ආවේ මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ කියලා. මෙහෙම අඬ අඩා ඉන්නකොට තවත් මහත්තයෙක් ඇවිත් කිව්වා අම්මේ ඔයා දැන් යන්න. සතියකින් අපි සහනයක් දෙන්නම් කියලා. සතියක් දෙකක් නෙමේ මාර්තු අග වෙනකනුත් කිසිම උත්තරයක් නැහැ. මම ආයිත් දරුවත් එක්ක ඉසුරුපායට ගියා. ඒ යද්දි අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් කියලා කැටවලට සල්ලි එකතු කරන මල්ලිලා වගයක් හම්වුණා. මම ඒ අයට මගේ දුක් ගැනවිල්ල කිව්වා. ඒ අය කිව්වා අම්මේ අපි මාධ්‍ය සාකච්ඡාවක් තියමු කියලා. මාධ්‍ය හරහා මේ දේ ගියාට පස්සේ 2016.03.04 දිනයට තැපැල් කරපු ලියුමක් ගෙදරට ආවා. මට ඒක ලැබුණේ 10 වැනිදා. ඒකේ තිබුණේ ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර පුරවන්න දෙපාරක් දැනුම්දුන්නා . ඇයි ආවෙ නැත්තේ කියලා. අපිට දින ගණන් පරක්කු වෙලා මෙහෙම ලියුම් එන්නේ නැහැ. ඒ නිසා මට සැකයක් ආවා. මම පියුම් මහත්තයා හොයාගෙන ගියා. එයාගෙන් මම අහද්දි එයා පිළිගත්තා ලියුම පාසලෙන් දුන්නේ ඊයේ කියලා. ප්‍රශ්නයක් වුණොත් එයා උත්තර දෙන්න ලෑස්තිත් කිව්වා.”
“පස්සේ මම ජනාධිපති කාර්යාලයට ගියා මගේ කතාව කියලා දරුවට සාධාරණයක් හොයාගෙන. එතැන හිටිය මිස් කෙනෙක් මට කිව්වා ඔයාගේ ප්‍රශ්නෙ කියන්න චැතම් වීදියට යන්න කියලා. එතැන හිටිය මහත්තයෙකුට මගේ දුක් ගැනවිල්ල කියලා මම ඉල්ලුවා නිවාඩුවෙන් පස්සේවත් යන්න මගේ දරුවට පාසලක් දෙන්න කියලා. ඒ මහත්තයා මට අවසානෙදි කිව්වා ඔයාලා කියන කියන විදියට පාසලක් දෙන්න බැහැ. පරීක්ෂා කරලා බලලා කවදා හරි පාසලක් දෙන්නම් කිව්වා. මට දරුවත් එක්ක මැරෙන්නම හිතුණා . ඇයි මේ තරමට මගේ හිඟන දරුවා ඉස්කෝලවලින් ප්‍රතික්ෂේප කරන්නේ කියලා. මගේ දරුවා ආබාධිත වුණාට ඉගෙන ගන්න හරිම දක්ෂයි.
මට ඕන ඒ දරුවා රටේ හොඳ තැනකට ගේන්න. මගේ දරුවත් මාත් දැන් නොමැරී සිය දහස් වාරයක් මැරි මැරී ඉපදෙනවා. වෛද්‍යවරුන් ජීවත් කරන්න බැහැ කිව්ව දරුවෙකුයි මම මේ ජීවත් කරන්නේ. කොළඹ සොයිසා රෝහලේ මේ දරුවා ඉපදුණේ සීසර් සැත්කමෙන්. ඉපදුණු ගමන්ම දරුවා දැම්මේ නොමේරු ළදරු ඒකකයට. මම දැන ගත්තේ පස්සේ. දරුවට තදබල හෘදය රෝගයක් තිබුණා. වෛද්‍යවරු දරුවා ගොඩ ගන්නම බැහැ කිව්වා. ජීවත් වීමේ සම්භාවිතාව සියයට 25 යි කිව්වා . දරුවා ළමා රෝහලට දැම්මා . මමත් බලෙන් ටිකට් කපාගෙන දරුවත් එක්කම එතැනට ගිහින් අඬ අඬා වැදලා දොස්තර මහත්වරුන්ට කිව්වා මගේ දරුවා ජීවත් කරලා දෙන්න කියලා. “අම්මේ මේ දොස්තර ඇතුළෙත් ඉන්නේ මනුස්සයෙක්.
අපි වෛද්‍යවරු වුණාට දෙවිවරු නෙමේ. අපිට අම්මගේ දුක හොඳට තේරෙනවා. අපි උත්සහ කරලා බලමු ”කියලා ඒ මහත්වරුන්ම පෞද්ගලික රෝහල්වල ඉන්න දොස්තරවරුන්ට මගේ දරුවා පෙන්වුවා, දෙවිවරු වගේ. මම අඬ අඬා දරුවව ඔපරේෂන් කරන්න ඉල්ලුවා. වෛද්‍යවරු ඒ අවදානම ගන්න ලෑස්ති වුණේ නැහැ. මම දරුවා රෝහල්වලට ගෙනියන්නේ අතේ පඬුරක් ගැට ගහලා. ඔහොම පෙන්නද්දි හාස්කමකින් වගේ කොළඹ ඇපලෝ රෝහලේදි දරුවට එකෝ පරික්ෂණයක් කරලා දොස්තර ශිවකුමාර මහත්තයා මට කිව්වා හරි අමාරුයි. ඒත් පොඩි අවස්ථාවක් තියෙනවා . දෙවියො අහක බලන්නැහැ කියලා. නමුත් ඊට කලින් දරුවට විෂබීජයක් ගිහින් නිව්මෝනියාවට ආවා. දැඩි සත්කාර ඒකකයේ දවස් 22 ක් කෘත්‍රීම ස්වසනයෙන් හිටියා.
දරුවා මාස තුනයි ජීවත් වෙන්නේ කියපු දවසේ ඉඳලා මම දරුවට සුදු ඇඳුම් ඇන්දෙව්වේ නැහැ. ඔපරේෂන් එකට දරුවට සුදු අන්දවලා ගන්ද්දි මම කෑගහලා ඇඬුවා එපා කියලා. පස්සේ දොස්තර මහත්වරු සුදු ඇඳුම උඩින් නිල් පාට ඇඳුමක් අන්දවලා ඇපලෝ රෝහලේ බුදු මැදුර ගාවට මාවයි දරුවවයි එක්කගෙන ගිහින් දරුවා මගේ අතට දීලා කිව්වා අම්මේ ආගම සිහිකර හොඳ හුස්මක් අරගෙන දරුවා අපේ අතට දෙන්න කියලා. මට සියයට 75 අවදානම මතක් වුණා. ඒත් දරුවට කිසි කරදරයක් වුණේ නැහැ. ශල්‍යකර්මය සාර්ථක වුණා. අවුරුදු පහක් දරුවා හැදුණේ අනුරාධපුර රෝහලේ. එදා දෙවියෝ පිහිට වෙච්ච මගේ අහිංසක දරුවගේ මූණ බලලා කොහොමද අද මේ වගේ දේවල් කරන්නේ.............” ඇගේ කතාව අවසන් කර අපි එක තිතක් නොව තින් පේළියක්ම තබන්නේ මේ කතාව මෙතැනින් අවසානයක් දකින්නට නොවේ.
සැමට සම අධ්‍යාපන අවස්ථා උරුම යැයි කියන්නේ ආබාධිත දරුවෙකුට එක් විදියකයටත් සාමාන්‍ය දරුවෙකුට තවත් විදියකට සලකන්නටත් නොවේ. විදුහල්පති පුටුවේ වාඩි වී තේජස පෙන්වමින් අතීතය අමතක කරන්නට අප අධ්‍යාපනයේ පාඩම් කියා දෙන්නේ නැත. මෙවන් වූ අතළොස්සක් හමුවේ ගුරු දෙවිවරුද අප අතර ඕනැතරම් සිටිති. නොමිනිසුන් අතර මිනිසුන්ද සිටින මෙවන් යුගයක
ගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, අධ්‍යාපන ඇමැතිතුමනි, විභාග කොමසාරිස්තුමනි, උතුරු මැද පළාත් අධ්‍යාපන ඇමැතිතුමනි, අනුරාධපුර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි මේ ඇගේ කතාවයි. මේ දරුවා වෙනුවෙන් සාධාරණය හා යුක්තිය ඉටුවේවායි යන්න අපේ ද පැතුමයි. ඇගේ කතාව පාඨක ඔබේ ද අවධානය පිණිසයි.
http://www.silumina.lk/2016/05/01/_art.asp?fn=ss1605011

Thursday, March 3, 2016

ජාතික කැරම් ශූරයා සහ ශූරිය සමඟ කතාබහක්















එක දිගට වැඩිම ශූරතා වාර්තාව මගේ

චමිල් කුරේ

ලෝකශූරිය වීම අනාගත බලාපොරොත්තුවයි

ජෝශප් රොෂීටා


මෙවර පැවැත්වුණු ජාතික කැරම් ශූරතා තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගළ සහ මිශ්‍ර යුගල යන ඉවෙන්ට්ස් තුනම ජයග්‍රහණය කරල 12 වැනි වරටත් අපේ රටේ ජාතික කැරම් ශූරයා වෙන්න මට හැකිවුණා.
එතැනදී පිරිමි කේවල තරග අංශයේ අවසන් තරගයේදී මගේ ප්‍රතිවාදී තරග කරුවා වුණේ ලෝක ශුරයා වන නිශාන්ත ප්‍රනාන්දු. නිශාන්ත 2 – 0 ලෙස පරාජය කරලා ශූරතාව දිනාගන්න මට පුළුවන් වුණා.

නිශාන්ත ප්‍රනාන්දු වත්මන් ලෝක ශූරයා. ඔහු තමයි බොහෝ විට ඔබේ ප්‍රතිවාදියා වෙන්නෙ.
ඔව්, නිශාන්ත අපේ රටේ ඉන්න හොඳම සහ දක්ෂම ක්‍රීඩකයෙක්. මම කැරම් වලින් අගය කරන ක්‍රීඩකයෙක්. බොහෝ වෙලාවට අපි ලංකාව නියෝජනය කරමින් විදෙස් රටක තරගාවලියකට ගියා ම නිශාන්තයි මමයි තමයි හොඳටම සෙල්ලම් කරන ප්ලේයර්ස්ල වෙන්නෙ.
පහුගිය වසර 8 ක් 9 ක් තිස්සේ මේ ජාතික ශූරතාවලියේ අවසන් මහා තරගයේදී අපි දෙන්නා හමුවෙනවා. 2012 දී ඔහු මාව පරාජය කරලා ජාතික ශූරයා බවටත් පත්වුණා.

ඔබ කොහොමද ලෝක ශූරයා වන නිශාන්තව පරාජය කරන්න සැලසුම සකස් කරන්නෙ.
අපි දෙන්නා කවදාවත් එකට ප්‍රැක්ටිස් කරන්නෙ නෑ. ඒ මොකද එතකොට එකිනෙකාගේ තියෙන දුර්වලකම් ටැක්ටික්ස් හඳුනා ගන්නා නිසා. ඒ වගේ ම එකිනෙකාට තියෙන බය වගේ දේ එතකොට නැතිවෙනවා. මම බොහෝ වෙලාවට නිශාන්ත සෙල්ලම් කරන විදිහ ඔහුගේ ප්ලෑනින් ගැන දන්නවා.‍ ඒ වගේ ම මම හොඳට පුහුණුවීම් කරලා තරගයට සූදානම් වනවා.
ඉතින් මට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති නිශාන්තව පරාජය කරන්න.

ඔබේ පුහුණුවීම් පිළිබඳව කතා කළොත්.
පුහුණුවීම් ගැන කතා කළොත් වර්තමානයේ ආමි, නේවි, එයා‍ෆෝස්, යන ත්‍රිවිධ හමුදාවට ප්ලේයර්ස්ල අරගෙන ෆ්‍රැක්ටිස් කරවල ඔවුන් හොඳ තත්වයකට ගෙනැවිත් තිබෙනවා‍. ඔවුන් උදේ 8.30 ට අත්සන් කරලා සවස 5 වනතුරු එක දිගට කැරම් සෙල්ලම් කරමින් පුහුණුවීම් වල යෙදෙනවා.
‍මම සෙලාන් බෑන්ක් එකේ වැඩ කරන්නෙ. ඔවුන් මට අවසර දෙනවා ප්‍රධාන කැරම් තරගයක් තියෙද්දී මාසයකට විතර කලින් ඉඳලා ප්‍රැක්ටිස් කරන්න.
මම ප්‍රැක්ටිස් කරන්නෙ තනිවම. ඒ එක්කම හොඳ තරගවල වීඩියෝ බලනවා. මගේ වීඩියෝත් බලනවා. එහෙම බලල මගේ අඩුපාඩු මොනවද කියල දැනගෙන ඒවා හදාගන්නවා.‍
මම පුහුණුවීම් කරන්න පටන් ගන්නෙ උදේ 4.30 ට 5.00 ට විතර නැගිටලා. කැරම් සෙල්ලම් කරන්න හොඳම වෙලාව තමයි ඒ. නිශ්ශබ්දව අපිට සිත එකඟ කරගෙන සෙල්ලම් කරන්න එතකොට පුළුවන්.
ඒ වගේ ම තනිවම සෙල්ලම් කරන කොට තවත් කෙනෙක් එක්ක සෙල්ලම් කරනවට වඩා ඉත්තො ප්‍රමාණයක් දැමෙනවා‍.
තමුන්ට පොඩ්ඩක් හිතල පිටිපස්සට බ්‍රේක් කරගෙන ස්ලෑම් වලටම ට්‍රයි කරන්න පුළුවන්.
මම දවසකට පැය 4 ක් විතර එක දිගටම ප්‍රැක්ටිස් කරනවා.

ඔබ මේ සම්බන්ධව ගුරුහරුකම් ලබාගන්නෙ කාගෙන්ද?
මම කැරම් පටන් ගත්තෙ ඒ කියන්නෙ මුලින් ම ඉගෙන ගත්තෙ මගේ ආච්චිගෙන්. මගේ අම්මා කැරම් චැම්පියන් කෙනෙක්. ලොකු අම්මා අවුරුදු 20 ක් ජාතික ශූරිය වෙලා හිටියා. ඒ කියන්නෙ මගේ ඇ‍ඟේ තියෙනවා කැරම් ගේම් එක හසුරුවන්නෙ කොහොමද කියලා. ඒ මිසක් මට පෞද්ගලික පුහුණුකරුවෙක් නෑ.
අපි ජාත්‍යන්තර තරගවලට යද්දී අපිට ජාතික පුහුණුකරුවෙක් සිටිනවා. ඉතින් අපි ඔහු යටතේ මාසයක් පමණ කැරම් සම්මේලනයේ පුහුණුවීම්වල යෙදෙනවා.
ඊට අමතරව මම ඉස්සෙල්ලා කිව්වා වගේ වීඩියෝ නරඹල ඒවයින් ගන්න පුළුවන් දේවල් ටික ඔක්කොම ගන්නවා.‍ මොකද අපිට තාමත් සමහර දේවල් ඉගෙන ගන්න තියෙනවා.
අපට ප්‍රධාන ප්‍රතිවාදියා වෙන්නෙ ඉන්දියාව.
ඔව්. ඉන්දියාවත් එක්ක බලද්දී අපි පොඩ්ඩක් පල්ලෙහායින් ඉන්නෙ. මොකද ඒ අයගෙ තරගකාරිත්වය වැඩියි. ඒ රටේ ප්ලේයර්ස්ල ගොඩක් ඉන්නවා. ඒ ගොල්ලන් හැම තිස්සෙම බලන්නෙ එක එක ටැක්ටිස්වලට ගිහිල්ලා කොහොම හරි ජයග්‍රහණය කරන්න. ඒත් නිශාන්ත ඉන්දියාවෙ ලෝක ශූරයා පරදවලා අපේ රටට ලෝක ශූරතාව අරගෙන ආවා.
ඉතින් අපේ ඒ මට්ටමට ඉන්නෙ මමයි නිශාන්තයි කියල තමයි දැන් ඉන්න පුහුණුකරුවන් ඇතුළු ඔක්කොමල කියන්නෙ.
මේ අවුරුද්දෙ ලෝක ශූරතාවලිය තියෙනවා එංගලන්තයේදී තව මාස 2 කින් පමණ ඒකට ප්‍රැක්ටිස් පටන් ගන්නවා. ගොඩක් කලින් ප්‍රැක්ටිස් පටන් ගන්නෙ අපි කොහොම හරි මෙවර ලෝක ශූරතාවලියේදී ලංකාව ජයග්‍රහණය කරවන්න ඕන හින්ද.
ඉතින් මමත් බලාපොරොත්තු වෙනවා ඒකෙදි විශේෂ දෙයක් කරන්න. මගේ ඉන්ඩිවිජුවල් ඉවෙන්ට් එක සහ ටීම් චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරවන්න.

අලුත් පරපුරේ දක්ෂයින් සමඟ ඔබට ශූරතාව දිගටම රැකගන්න පුළුවන් කියල හිතනවද?
කැරම් ක්‍රීඩාවට වයස් බේදයක් නෑ. නමුත් දැන් ඉන්න ‍පොඩි අය ගොඩක් දක්ෂයි. ලංකාවේ රෑන්කින්වල 3 වැනි තැන ඉන්නෙ අනාස් අහමඩ් කියන වයස 20 ක තරුණයෙක්.
අපිට ඉස්සරහට ලේසි වෙන එකක් නෑ අපේ තැන තියාගන්න. ඒ එක්කම දැන් කැරම්වලට තිබෙන උනන්දුව සහ අලුත් ක්‍රීඩකයින්ගේ පුහුණුව සමඟ මම හිතන්නෙ නෑ තව අවුරුදු පහක්වත් අපට ගහන්න හම්බ වෙන එකක් නෑ.

ලංකාවේ වාර්තාව තියෙන්නෙ ඔ‍බේ නමින්.‍
ඇත්තටම එක දිගට වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනාගත් ලංකාවේ වාර්තාව තියෙන්නෙ මගේ නමට‍. ඒ 2004 සිට 2012 දක්වා එක දිගට අවුරුදු 8 ක් මම ජාතික ශූරතාව දිනුවා. 2012 දී නිශාන්ත ශූරතාව දිනාගත්තා. ඉන්පසු 2013 සිට මේ දක්වා මම දැන් එක දිගට 4 වතාවක් ශූරතාව දිනාගෙන තිබෙනවා.

ඔබ කොහොමද මේ දක්ෂතාව එක දිගට රඳවා ගන්නෙ.
අවුරුදු 12 ක් ශූරතාව දිනනව කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. පිටුපස හැරිල බලද්දී නිශාන්ත ෂෙරප්ඩීන් ව‍ෙග් දක්ෂ ප්ලේයර්ස්ල එක්ක කොහොමද එහෙම කළේ කියල හිතනවා වෙලාවකට.
ඒ එක්කම මම කොහොම හරි දිනන්න ඕන කියන අධිෂ්ඨානය තියෙනවා. ඒකට කැපවෙලා පුහුණුවීම් කරනවා. ඒ එක්කම මට ඒ ජයග්‍රහණය කරා යන්න වාසනාව තිබෙනවා කියල හිතනවා.

අනාගත බලාපොරොත්තු ගැන කතා කරමු.
ඉදිරිය ගැන කතා කරද්දී මේ අවුරුද්දෙත් මම කොහොම හරි දිනන්න ඕන කියල හිතුවා. මොකද වර්ල්ඩ් චැම්පියන් ෂිප් එක තියෙන හින්ද නැෂනල්ස් කියන්නෙ අපට තියෙන වැදගත්ම ටූනමන්ට් එක. ඒක පැරදුණොත් රෑන්ක් එක පොඩ්ඩක් පල්ලෙහාට එනවා.
කොහොම හරි මෙවර ලෝක ශූරතාවයේදී රටට විශේෂ ජයග්‍රහණයක් ලබා දෙන්න තමයි බලාපොරොත්තුව.

ඔබට උදව් කරන අය ගැන පැවසුවොත්.
මගේ ආච්චි කමලා වික්‍රමසිංහ. ඇය වසර 4 ක් ජාතික ශූරිය. අම්මා කැරම් ශූරියක්. මගේ ලොකු අම්මා අමිතා වික්‍රමසිංහ අවුරුදු 20 ක් ජාතික ශූරිය. ආච්චි තමයි මට කැරම් ඉගැන්නුවෙ.
මම ඉපදුණු දවසෙ ඉඳන්ම කැරම්වලට අවශ්‍ය හැම දේම ගෙදර තිබුණා.
හොඳම ඉත්තො සෙට් එක, ඩිෂ් එකේ ඉඳන් බෝඩ් එක දක්වා හොඳම දේ තිබුණා.
මගේ උනන්දුව විතරයි ඕන වුණේ. ඒ වගේ ම මම ඉගෙන ගත් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ 1998 වර්ෂයේ කැරම් සංගමයක් ආරම්භ කරල අපට ඉගැන්වූ ලලිත් බන්දුල මහතාගෙන් මම ඉගෙන ගත්තා.
ඒ වගේ ම මම සේවය කරන්නෙ සෙලාන් බැංකුවේ. 2008 වසරේ ලෝක ශුරතාව දිනලා ආවට පස්සෙ ගෙයක් සහ වාහනයක් දුන්නා. ඊට අමතරව අපි ටුවර් යද්දී අවශ්‍ය පහසුකම් විශේෂයෙන් අපට ඕන ඩියුටි ලීව් මනසට කිසිම බාධාවක් නැතුව ලබා දෙනවා. ඒ නිසා බැංකුවේ නිලධාරි මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේ ම කැරම් සම්මේලනයේ වත්මන් සභාපති ප්‍රසාද් සමරසිංහ සහ ලේකම් තුම‍ූල නාඔටුන්න මහත්වරු ඇතුළු නිලධාරි මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙන්න ඕන.
ඔවුන් ලොකු උත්සාහයක් ගන්නවා අපේ රටේ කැරම් නඟා සිටුවන්න. හොඳම උපකරණවල ඉඳල ශාලා වායු සමනය කිරීම දක්වා ජාත්‍යන්තර මට්ටමටම අවශ්‍ය පහසුකම් ලබාදෙමින් හොඳ උත්සාහයක් ගන්නවා. ඒ නිසා ඉදිරියේදී අපේ රටේ කැරම් ක්‍රීඩාවේ හොඳ ප්‍රගතියක් දක්නට ලැබේවි.
ජෝශප් රොෂීටා මෙවරත් ජාතික ශූරිය බවට පත්වෙමින් ශ්‍රී ලංකාවේ අංක එකේ කැරම් ක්‍රීඩිකාව ලෙස කිරුළ දිනාගත්තා. ඇය අවසන් වටයේදී ගුවන් හමුදාවේ චලනි ලක්මාලි 2 – 0 ලෙස පරාජය කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා.
මේ වසරේ නැෂනල් චැම්පියන්ෂිප් එක දිනාගන්න මට හැකිවුණා. මේක මගේ 5 වැනි ශුරතාව.

ඔබේ පවුලේ තොරතුරු මුලින් ම සඳහන් කරමු.
මගේ අම්මා රිවෝලි රණසිංහ. තාත්තා ජෝශප් ඩග්ලස්. දැන් ජීවතුන් අතර නෑ. මට ඉන්නේ අක්කා පමණයි ඇය ජෝශප් ඩිල්කා.

කැරම් ක්‍රීඩාව ඔබටත් පවුලෙන් ලැබුණු දායාදයක් ද?
මෙහෙමයි. අම්මයි තාත්තයි මම පොඩි කාලෙ ගෙදර විනෝදයට කැරම් සෙල්ලම් කළා. ඒත් මම පොඩි ළමයෙක් නිසා මාව ගන්නෙ නෑ.
මගේ ජීවිතයට කැරම් පටන් ගත්තෙ 2006 වර්ෂයේදී පාසල් මට්ටමෙන්. මගේ පාසල බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ බාලිකා මහා විද්‍යාලය. අපේ පාසලට PTI වලට ගුරුතුමියක් ආවා නිශානි කියලා. ඇය තමයි පාසලේ කැරම් පටන් ගත්තෙ. මමත් කැමැත්තෙන් ම ඊට සහභාගි වුණා.

මේ තරම් විශාල ජයග්‍රහණයක් තෙක් පැමිණි ගමන් මඟට මුල් ම අඩිතාලම වැටුණෙ කොහොමද?
මුලින් ම පාසලේ නිවාසාන්තර තරග කියල අපි අතරේ කැරම් ජනප්‍රිය කරවන්න නිශානි මිස් කටයුතු කළා.
ඊට පස්සෙ මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ පැවැත්වුණු තරගාවලියේදී අපි බස්නාහිර පළාතේ ශූරියෝ වුණා. ඒක තමයි අපිට ලොකු ශක්තියක් වුණේ. පාසලේදී අපට කැරම් කෝච හැටියට කටයුතු කළේ ලසන්ත චමින්ද සර්. සර්ගෙ යටතෙ තමයි අපි පාසල් මට්ටමෙන් ක්‍රීඩා තරගවලට ඉදිරිපත් වුණේ. ඊට පස්සෙ අපි සමස්ත ලංකා මට්ටමට ආවා. ඒත් අපිට ජයග්‍රහණය කරන්න ලැබුණෙ නෑ.

පාසල් වයසේද‍ීම ඔබ ජාතික ශූරිය වනවා.
ඔව්. පාසල් මට්ටමින් මම විවෘත මට්ටමට ආවා. එහිදී ජූනියර් නැෂනල් චැම්පියන් වුණා. 17 න් පහළ 19 න් පහළ සහ 21 න් පහළ ලෙස එක දිගටම කනිෂ්ඨ ජාතික ශූරිය වුණේ මම.
2009 වසරේදී මම ශ්‍රී ලංකා ශ්‍රේණි මට්ටමට ආවා.‍ එහිදී මම ලංකාවෙන් 6 වැනියා වුණා. එතකොට පාසලේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් හිටියේ.
2009 වසරේදී ම ශ්‍රී ලංකාවේ ‍ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි තැනට ආවා.

ඉන්පසු ඔබ පළමු ජාත්‍යන්තර තරගයට සහභාගි වනවා.
ඔව්. 2009 දී මම ලංකාවේ අංක 3 බවට පත්වුණාට පසු ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වුණු සාක් කැරම් තරගාවලියට සහභාගි වුණා. ඒ මගේ පළමු ටුවර් එක. මම එහි හොඳම අට දෙනා අතරින් 5 වැනි ස්ථානයට ආවා.

ඔබ ජාතික ශූරිය බවට පත්වුණේ මොන වස‍ෙර්දීද?
2010 වසරේදී මම මුලින් ම ජාතික ශූරතාව දිනාගත්තා. ඒ සමඟම මම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාව බවට පත්වුණා.
ඒ අතරතුර කාලයේ 2 වුණා. 3 වුණා. දැන් ආයෙත් වසර තුනක් තිස්සේ ලංකාවේ අංක 01 ස්ථානය රැකගෙන ඉන්නවා.

ඔබේ රැකියාව ගැනත් කතා කරමු.
මම නාවික හමුදාවට බැඳිල ඉන්නෙ. ඇත්තෙන් ම නාවික හමුදාව පැත්තෙන් ගත්තම ලබාදෙන පහසුකම් ගැන අගය කරන්න ඕන.
නාවික හමුදාව තුළ කැරම්වලට විතරක් නෙමේ සෑම ක්‍රීඩාවකට ම අවශ්‍ය සෑම පහසුකමක් ම ලබාදෙනවා.
නාවික හමුදා සංචිතයේ ලෝක ශූර නිශාන්ත ප්‍රනාන්දු, ළහිරු එෂාන් සහ මධුෂිකා කාංචනමාලා මා සමඟ කැරම් ක්‍රීඩාවේ නියැළෙනවා.

ඔබ පුහුණුවීම් කරන්නේ කොහොමද?
බොහෝ වෙලාවට තනිවම තමයි පුහුණුවීම් කරන්නෙ. තරගයක් තියෙන කොට ජාතික පුහුණුකරුගෙන් උපදෙස් ලැබෙනවා. ඒ සමඟම චමිල් කු‍ෙර්, නිශාන්ත ප්‍රනාන්දු වැනි ප්‍රවීණයන්ගෙන් ලැබෙන ගුරුහරුකම් අරගෙන කැරම් දියුණු කරගන්න කටයුතු කරනවා.

ඔ‍ෙබ් පවුලෙන් ලැබෙන සහයෝගය.
මගේ තාත්තා හදිසි අනතුරකින් නැති වුණ දා ඉඳලා අම්මා මමයි අක්කවයි හොඳින් බලාගත්තා. ඒ එක්කම මම කැරම් ක්‍රීඩාවට යොමුවුණාම කිසිම දෙයක් කියන්නෙ නැතුව අවශ්‍ය හැම පහසුකමක්ම මට ලබාදුන්නා.‍ අම්මාගේ ඒ ශක්තිය තමයි අද මම ලංකාවේ අංක 01 ස්ථානයට ගෙනාවේ.

ඔ‍ෙබ් අනාගත බලාපොරොත්තුව.
දැන් මම ලංකාවේ ජාතික ශූරිය වෙලා ඉන්නෙ. ලෝක ශූරිය වීම තමයි අනාගත බලාපොරොත්තුව. ඒ සඳහා තමයි මේ දැඩි කැපවීමකින් යුතුව පුහුණුවීම් කරන්නෙ.
චමිල් කුරේට, ජෝශප් රොෂීටා දෙදෙනාට ලෝක ශූරතා දිනා ලක්මවට කීර්තියක් අත්කර දෙන්නට හැකිවේවායි රසඳුන සුබපැතුම්.

http://www.silumina.lk/2016/02/28/_art.asp?fn=av1602289

Monday, February 22, 2016

අඳුරු දිවියේ කඳුළු මැදින් රිදී ගෙනා දිරිය දියණිය

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පැවැති 12 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි තරගාවලියට සහභාගී වූ අනුරාධපුරයේ, මිහින්තලය මහා විද්‍යාලයේ කේ.එම්.උදේශනී නිරංජනී දෙවැනි ස්ථානය අත්කර ගනිමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙනදීමට සමත්වුවාය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කිලෝමීටර් 40 කාන්තා කණ්ඩායම් තරගයට එක්වූ ඇය ලසන්ති ක්‍රිෂ්ණා ගුණතිලක, ශ්‍රියාලතා වික්‍රමසිංහ සහ සුදාරිකා ප්‍රියදර්ශනී සමග එක්ව උපන් බිමට කීර්තියක් අත්කර දුන්නේ අගහිඟකම් සහ දුක් කම්කටොලු රැසක් මැදිනි.
මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොස්වත්ත වැල්ලමොරාන පදිංචි 18 හැවිරිදි උදේශනී නිරංජනී මෙවර කාන්තා පාපැදි සංචිතයට ‍තෝරාගෙන සිටිය ද සිය පෞද්ගලික වියදම් සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට තරම් වත්කමක් නොතිබිණි. මේ සඳහා ඇයට රුපියල් විසිදහසක මුදලක් ලබාදීම ඇගේ පියා කේ.එම් කපිල කුමාරසිංහ මහතාට දුෂ්කර කාර්යයක් විය. එහෙත් මවු සෙනෙහස පවා අහිමි සිය දියණියගේ දස්කම් මැනවින් අවබෝධ කරගෙන සිටින කුමාරසිංහ මහතා ඒ සිහිනය කෙසේ හෝ සැබෑ කළ යුතු බවට අදිටන් කරගත් අතර අවසානයේ ඔවුන් දැනට ජීවත්ව සිටින නිවසේ ඔප්පුව උකසට තබා අවශ්‍ය මුදල දියණියට ලබාදුන්නේය. ඇය රිදී පදක්කම දිනාගැනීමට සමත්වීමෙන් වඩාත්ම සතුටට පත්වන පුද්ගලයා ඔහු බවට කිසිදු සැකයක් නොමැත.
පාපැදි තරග ඉසව්ව නිමාවීමෙන් පසුව යළි මෙරටට පැමිණිමෙන් පසුව මේ ජයග්‍රහණය පිළිබඳ ඇය මෙසේ අදහස් පළ කළාය.
'මගේ අම්මා අපෙන් සමු අරගෙන දැනට අවුරුදු 11 ක්. එදා ඉඳලා මාව බලාගන්නේ , මගේ අධ්‍යාපන කටයුතුවලට වගේම ක්‍රීඩා කටයුතුවලටත් දිරිය දුන්නේ මගේ ආරණීය තාත්තා.' ඇය කියා සිටියාය.
'මම 2014 දී මිහින්තලය බක්මහ උළෙලේ පාපැදි ප්‍රථම ස්ථානය ලබා ගත්තා. මම අධ්‍යාපනය ලැබූ මිහින්තලය මහා විද්‍යාලයේ ක්‍රීඩා භාර අජිත් සේනාධීර මහතා මගේ දස්කම් දැකලා මාව පාපැදි ක්‍රීඩාවට යොමු කරන්න ගොඩක් මහන්සි වුණා. ඊට පස්සේ මම තරග කිහිපයකටම සහභාගී වෙලා පදක්කම් 21 ක් මේ වෙද්දී දිනාගෙන තියෙනවා. රන් පදක්කම්13කුත් දිනාගත්තා.
2014 දී කොරියාවේ පැවති තරගයකට සහභාගි වෙලා මම දෙවැනි ස්ථානය ලබා ගත්තා. කොරියාවේ තරගයට තාත්තා මාව යැව්වේ කුඹුර උකස් කරලා දීපු ගත්තු මුදලිනුයි. මේ පාර සාග් යන්න මාව තෝරාගත්තත් පෞද්ගලික වියදම්වලට අවශ්‍ය මුදල් තිබුණේ නෑ. ඒත් තාත්තා කිවුවා පුතේ මම ගේ උකසට තියලා හරි ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා. ඉතින් මම ලොකු අධිෂ්ඨානයකින් තරගයට සහභාගි වුණා.
ඉන්දියාවේ ක්‍රීඩිකාව මේ තරගයට පාවිච්චි කරපු පාපැදියේ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 27 ක් විතර වෙනවා. නමුත් මම පැද්දේ මගේ පාපැදි සමාජය වන දීප්ති ක්‍රීඩා සමාජය ලබාදුන්නු රුපියල් 75000 ක් පමණ වටිනා පාපැදියක්. ඒ පාපැදියේ සමහර කොටස් වෙන වෙන අයගෙන් පාපැදිවලින් ඉල්ලගත්තා. මේ හැම අභියෝගයකටම මුහුණ දීලා ‍අපේ කණ්ඩායමේ අනිත් ක්‍රීඩිකාවන් එක්ක තරගාවලියේ දෙවැනි තැන දිනාගන්න මට පුළුවන් වුණා.'
'හොඳ පාපැදියක් ගන්න ලක්ෂ හය හමාරක් විතර ඕන. ඒක ඉතිං හැමදාම හීනයක් තමයි. වෙනත් අවශ්‍යතාවලට අවශ්‍ය මුදලුත් උපයා ගන්නේ හරිම අමාරුවෙන්. මම හැමදාම ඒ 9 මාර්ගයේ පුහුණු වීම් කරනවා. හැකි පමණින් පාපැදි අංශයෙන් ඉදිරියට යන්න බලාපොරත්තු වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියටත් තරග කරලා ඉදිරි ස්ථානයක් ලබා ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉදිරියට යන්න තියන එකම බාධකය මුදල් නැතිකම තමයි' ඇය එසේ කියන්නීය.
මිහින්තලය පදිංචි මෙම ක්‍රීඩිකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා රටට කීර්තියක් අත්කර දී ඇති බව දැනගත් උතුරුමැද පළාත් ක්‍රීඩා අමාත්‍ය හා මිහින්තලා ආසන සංවිධායක එස්.එම් රංජිත් සමරකෝන් මහතා පසුගියදා එම නිවසට පැමිණි අතර එහි දී ඇයට සුබපතමින් කියා සිටියේ රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා පාපැදියක් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවය.
එමෙන්ම ඉදිරියේදී උපහාර උළෙලක් පවත්වා රිදී පදක්කමක් දිනා රටට කීර්තියක් අත්කර දීම අගයමින් ඇයට රුපියල් 50 000 ක මුදලක් පිරිනැමීමට කටයුතු යොදන බව ද අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය.
ඡායාරූප - අනුරාධපුර මධ්‍යම විශේෂ

http://www.dinamina.lk

කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය

කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි දී ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය අතින් ජයග්‍රාහී ප්‍රජාපතී නිවාසයේ ක්‍රීඩා නායිකාව ශූරතාව ලබාගත් අයුරු. කොළඹ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක, විදුහල්පතිනි තුෂාරී ද සිල්වා මහත්ම මහත්මීහු ද මෙහි වෙති. ඡායාරූපය - චින්තක කුමාරසිංහ
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා (12) බෞද්ධාලෝක මාවත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ. ආදි ශිෂ්‍ය ගුවන් කොමදෝරු සම්පත් තුයියකොත්ත මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මීට එක් වූ අතර ආරාධිතයන් උත්සව භූමිය‍ වෙත කැඳවාගෙන ගිය අයුරු. විදුහල්පති ඊ.එම්.එස්. ඒකනායක, ක්‍රීඩා බාර නියෝජ්‍ය විදුහල්පති ලක්ෂ්මන් ගුණතිලක, විද්‍යාලයීය ක්‍රීඩා පරීක්ෂක සමිත අබේසුන්දර මහත්වරු ද මෙහි වෙති. ජායාරූපය-කොළඹ සංචාරක
ඇල්පිටිය නවදගල මහා විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල ඉකුත්දා එම විද්‍යාලිය ක්‍රීඩාං ගනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ලකුණු 468 ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානය දිනාගත් හංස නිවාසයේ නායිකාව, ගීතා කුමාරසිංහ මහත්මිය අතින් ශුරතාව ලබාගත් අයුරු. ඡායාරූපය - ඇල්පිටිය සමූහ

දශක ගණනාවකට පසු යාපනයට සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාවක්




ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවූ සමස්ත ලංකා 19න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව යාපනය සාන්ත හෙන්රි විදුහල දිනා ගත්තේය. දශක ගණනාවකට පසුව උතුරු පළාතේ පාසලකට ප්‍රධාන පෙළේ ක්‍රීඩා ශූරතාවක් හිමිවූ පළමු අවස්ථාව මෙය වන අතර හිටපු ශූරයන්වන කොළඹ සහිරා විදුහල ගෝල් 3-1ක් ලෙස යාපනය සාන්ත හෙන්රි කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබීම විශේෂත්වයකි.
සහිරා විදුහල 19න් පහළ පාපන්දු ශූරතාව වසර 3ක් පිට පිට දිනාගත් ප්‍රබලතම කණ්ඩායමක් වුවද, මෙවර යාපනය සාන්ත හෙන්රි විදුහල හමුවේ දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළේය. රීඩ් මාවත තුරඟ තරග පිටියේ පැවැති තරගයේ පළමු භාගයේදී දෙපලම ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක පසුවූ අතර යාපනය විදුහලට එම ගෝලය සහිරා ක්‍රීඩක එම්.මුෂිරෆ්ගේ දුර්වලතාවකින් ‘ඕන් ගෝලයක්’ ලෙස හිමිවුණි.
යාපනය සාන්ත හෙන්රි ක්‍රීඩකයෝ තරගයේ 67වැනි හා 73වැනි මිනිත්තුවලදී ගෝල් ලබාගත් අතර ජී. අන්තෝනි රාජ් හා ඒ.බී.අනෝජන් එම ජයග්‍රාහී ගෝල් දෙක වාර්තා කළේය. අනෝජන් පාසල් ක්‍රීඩකයෙකු වුවද අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජයට එක්වී ප්‍රධාන පෙලේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට ද ක්‍රීඩා කරමින් සිටී. සොලිඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනෙකු සාන්ත හෙන්රි විදුහලට ක්‍රීඩා කිරීම වාසි ගෙන දුන්නේය.
කෙසේ වුවද කොළඹ සහිරා විදුහලට පළමු භාගයේදී ලැබුණු ගෝල් අවස්ථා 4ක් හා දෙවැනි භාගයේදී ලැබුණු පහසු අවස්ථා 2ක් මඟ හැරී යෑම අවාසනාව ගෙන දුන්නේය. යාපනය පිලේ ආරක්ෂක කළාපයේ ක්‍රීඩකයන් ඉතා දක්ෂ ලෙස හා උපක්‍රමශීලීව ක්‍රීඩා කිරීමෙන් සහිරා බලාපොරොත්තු සුන්වී ගියේය.
පසුගිය වසරේදී යාපනය පාපන්දු ලීගයට අන්තර් ලීග් කනිෂ්ඨ පාපන්දු ශූරතාව හිමි වූ අතර එයට පාසල් ක්‍රීඩකයන් කිහිප දෙනකු ද එක්ව සිටියහ. එම කණ්ඩායම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උපකාර සහිතව මේ දිනවල චෙන්නායි නුවර පාපන්දු තරග සංචාරයක නිරතව සිටී. මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට යාපනය ප්‍රදේශයේ ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රීඩා කරමින් සිටිති.
මේ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාන්ත හෙන්රි විදුහලේ ඒ.බී.අනෝජන් හා දක්ෂතම ගෝල් රකින්නා ලෙස එම විදුහලේම යූ. අමල්රාජ් සම්මාන දිනා ගත්හ. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ යාපනය සාන්ත හෙන්රි විදුහල වෙතින් ගෝල් 8-0ක පරාජයක් කළුතර සිරි කුරුස විදුහලට හා සහිරා විදුහල වෙතින් ගෝල් 2-0ක පරාජයක් කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහලට අත්විය.
තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් කළුතර සිරි කුරුස විදුහල ගෝල් 1-0කින් කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල පරාජය කළේය. වාර්ෂිකව සංවිධානය කෙරෙන සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියට මෙවර කණ්ඩායම් 24ක් එක්ව සිටියේය. 

http://www.dinamina.lk

Wednesday, February 17, 2016

ශ්‍රී ලංකා කණ්ඩායමට පාසල් ක්‍රීඩිකාවක්

 විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගමාලාව සඳහා නම් කළ 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට 17 හැවිරිදි පාසල් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඇතුළත්ව සිටී. අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ දස්කම් පෑ හර්ෂිතා වමත් පිතිකාරිනියක වන අතර සිය පළමු ජාත්‍යන්තර තරග අවතීර්ණය ලෝක කුසලාන තරගමාලාවකින් ආරම්භ කිරීම විශේෂ සිදුවීමකි. මිට අමතරව 22 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩිකා හංසිමා කරුණාරත්න කණ්ඩායමට එක්වී සිටී.
විස්සයි20 තරග 3කට සහ ජාත්‍යන්තර එක්දින තරග 3කට සහභාගි වීම සඳහා අද අළුයම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පිලට ද ඇතුළත්ව සිටි ඇය අවසන් මොහොතේ ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වූවාය.
විස්සයි20 පිරිමි ලෝක කුසලාන තරගමාලාවට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගාමාලාව ලබන මස 15 වැනිදා සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන අතර මේ තරගමාලා ද්විත්වයටම නායිකාව ලෙස නැවතත් ශෂිකලා සිරිවර්ධන නම් කොට ඇත. කණ්ඩායමේ උපනායිකාව ලෙස හිටපු නායිකා චමරී අතපත්තු කටයුතු කරන්නීය. අද ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඇතුළත් ක්‍රීඩිකාවන් 14 දෙනාම මෙවර ලෝක කුසලාන තරගමාලාවට නම් කොට තිබේ. කෙසේවෙතත් පළපුරුදු තුන්ඉරියව් ක්‍රීඩිකා ශ්‍රීපාලී වීරක්කොඩි, මධුරී සමුද්දිකා, අනුෂ්කා සංජීවනී, ලසන්ති මධුෂානී සහ චන්දිමා ගුණරත්න කණ්ඩායමට ඇතුළත්ව නොසිටින අතර ඔවුන් අතිරේක ක්‍රීඩිකාවන් ලෙස පමණක් නම් කොට ඇත.
පසුගිය නවසීලන්ත සංචාරයට එක් නොවූ තුන් ඉරියව් ක්‍රීඩිකා ඉෂානී ලොකුසූරිය, ආරම්භක පිතිකාරිනිය යසෝධා මෙන්ඩිස් සහ වේගපන්දු යවන උදේශිකා ප්‍ර බෝධනී ද නැවත කණ්ඩායමට එක්වී සිටිති. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව මෙවර පැවැත්වෙන්නේ පස්වැනි වරටය. මිට පෙර එංගලන්තය (2009), බටහිර ඉන්දීය කොදෙව් දූපත් (2010), ශ්‍රී ලංකාව (2012) සහ බංග්ලාදේශය (2014) පැවැති තරගමාලා 4ටම සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සෑම තරගාමාලාවකදීම මූලික වටයෙන් ඉවතට විසිවූ අතර මෙවර දෙවැනි වටයේ ස්ථානයක් බලාපොරොත්තුවෙන් දැඩි සටනක් දීමට සුදානමින් සිටී.
විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාමාලාව සඳහා නම් කළ ශ්‍රී ලංකා පිල :- ශෂිකලා සිරිවර්ධන (නායිකා), චමරී අතපත්තු (උපනායිකා), යසෝධා මෙන්ඩිස්, ඕෂධී රණසිංහ, ඩිලානි මනෝදරා, ප්‍රසාදිනි අතපත්තු, අමා කාංචනා, ඉෂානී ලොකුසූරිය, උදේශිකා ප්‍ර බෝධනී, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරී, නිලක්ෂි ද සිල්වා, හංසිමා කරුණාරත්න, නිපුනි හංසිකා, හර්ෂිතා මාධවී 

http://www.dinamina.lk/?q=2016/02/11