Sunday, November 30, 2014

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති ලබන 3 වැනිදා සිට සපුරා තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය දෙසැම්බර් මස 9 වැනිදා ආරම්භ කරන බැවින් සියලු උපකාරක පන්ති හා ඉගැන්වීම් ලබන 3 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව සපුරා තහනම් වේ.
මෙම විභාගයට අදාළව එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ,එම පන්ති මෙහෙයවීම,විෂයානුබද්ධ දේශන,සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම ,එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම ඒවා බෙදැ හැරීම ,විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර් බැනර් අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාදය මගින් ප්‍රසිද්ධ කිරිම හෝ එවැනි දෑ ළග ලබා ගැනීම විභාගයට දින පහකට පෙර දිනයේ සිට තහනම් කැර ඇත.3013-06 21 දිනැතිව නිකුත් කැර ඇති ගැසට් නිවේදයේ විභාග පනතතේ 22 වගන්තියට අදාළව මේ නිති ප්‍රසිද්ධ කැර ඇත. ‍
මෙම නීති නොසලකා යම් අයෙක් ආයතනයක් හෝ යම් පාර්ශ්වයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කරන්නේ නම් මෙම පනත යටතේ වරද කරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන් .ජේ. පුෂ්පකුමාර මහතා කියා සිටි.
කිසියම් අයෙක් මේ නීති කඩකිරීමක් සිදු කරන්නේ නම් ළගම පවතින පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට නැතිනම් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි අතර දුරකතන අංක0112784208,0112784537,ක්ෂණික ඇමැතුම් අංක 1011 හෝ පොලිස් මූලස්ථානය 0112421111, හෝ119 අංක වලට ඇමතිය හැක.

සුභාෂීණී සේනානායක

http://www.dinamina.lk/2014/11/29/_art.asp?fn=n1411296

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි