Tuesday, November 12, 2013

සිසු ප්‍රතිභා ප්‍රභා

“හෙට අපටයි – සිසු ප්‍රතිභා ප්‍රභා”
පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල සංස්කෘතික අංග විදහා දක්වමින් පාසල් 55ක සිසු සිසු සිසුවියන් 3,750 කගේ සහභාගිත්වයෙන් “හෙට අපටයි – සිසු ප්‍රතිභා ප්‍රභා” නමින් සංස්කෘතික පෙරහරක්  03 දා සවස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය අසලින් ආරම්භ වී නිදහස් චතුරශ්‍රයේ දී අවසන් විය. මීට සමගාමීව පාසල් සිසුන් 2,000 කගේ සහභාගිත්වයෙන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සංස්කෘතිකාංග විදහා දක්වමින් රටවල් 53 ක් නියෝජනය වන පරිදි දරුවන් 3,750 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැති ‘හෙට අපටයි සිසු ප්‍රතිභා ප්‍රභා මහා සංස්කෘතික පෙරහර’ සමාප්ති උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  නරඹන අයුරු. ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම් ෆවුසි, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහත්වරුද මෙහි වෙති.
ඡායාරූප- කුෂාන් පතිරාජ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි