Saturday, September 6, 2014

පාසල් වෑන් බස්වලට ජීපීඑස් තාක්‍ෂණය


පාසල් ළමයින් ප්‍රවාහනය කෙරෙන වෑන් රථ හා බස් රථ සඳහා ජී.පී.එස්. තාක්‍ෂණය හඳුන්වාදීමට පියවර ගන්නා බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි. පාසල් ළමයින් ප්‍රවාහන සේවාව විධිමත් කිරීමේ අරමුණින් එම සේවා රථ නියාමනය කර පොදු ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා 14 දෙනකුගෙන් යුත් කමිටුවක් ද අමාත්‍ය රත්නායක මහතා විසින් පත්කර ඇත. පාසල් දරුවන් ප්‍රවාහන රථ මගින් දරුවන්ට රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙන බවත් පවසන අමාත්‍ය රත්නායක මහතා මෙම රථ පාසල ආසන්නයේම ස්ථානයක නවතා තැබීමටත් ඒ හරහා රියදුරන්ට හා පාලිකාවන්ට අවශ්‍ය යටිතල පහසුකම් දීම පිළිබඳවත් තම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවද කී පාසල් ළමයින් ප්‍රවාහන රථ නියාමනය කර පොදු ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.
http://www.wijeya.lk/archives/3409

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි