Wednesday, November 11, 2015

සෝභිත නාහිමිට ගෞරව දැක්‌වීමට පාසල් දරුවන් සහභාගි කරවන්න

Image result for maduluwawe sobitha children

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව පුදකිරීම සඳහා පාසල් දරුවන් සහභාගි කරවන ලෙස බස්‌නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ විමල් ගුණරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් වෙත උපදෙස්‌ දී ඇත.

ආදාහන පූජෝත්සවය දින (12 වැනිදා) ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා එම අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් බස්‌නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අද (11 වැනිදා) කැඳවනු ලැබ තිබේ.

බස්‌නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ දරුවන්ගේ වාර විභාග ආරම්භ කර ඇති හෙයින් ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල්වලට නිවාඩු ලබාදීමේ හැකියාවක්‌ නැතැයි ද එහෙයින් සාමාන්‍ය පෙළ දරුවන්ගේ වාර විභාග සැලසුම් කර ඇති පරිදි පවත්වන ලෙස සෙසු ශ්‍රේණිවල දරුවන්ට නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව පුදකිරීම සඳහා අවස්‌ථාව සලසන ලෙස ද විදුහල්පතිවරුන්ට උපදෙස්‌ දී ඇතැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.


නිලන්ත මදුරාවල

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි