Wednesday, June 17, 2015

සරස්වතී යන්තරේ මතක හිටින මන්තරේ


අද රටේ පවතින දැඩි තරගකාරී රටාව තුළ අධ්‍යාපනය සඳහාද ඇත්තේ දැඩි තරගයකි. එයට හොඳම සාක්ෂිය ලෙස රටපුරා පවතින උපකාරක පන්ති සංඛ්‍යාව දැක්වීම වරදක් නොවේ. එමෙන්ම අධ්‍යාපනයේදී දරුවන්ට විවිධ කඩඉම් පසු කිරීමට සිදුවන බවද කිව යුතුය. පහ වසර ශිෂ්‍යත්වය, අ. පො. ස. (සා/පෙළ), උසස් පෙළ විභාග ආදිය එයට උදාහරණයි.

යමකුගේ අධ්‍යාපනය ගැන සැලකිල්ලේදී ඔහුගේ, ඇයගේ ජන්ම පත්‍රයේ පළමු වැන්න, තෙවැන්න, පස් වැන්න, නව වැන්න, දස වැන්න ආදිය සැලකිල්ලට ගත යුතුය. යමකුට අධ්‍යාපනය ලැබීමේදී ලග්න භාවය ලග්නාධිපති පීඩා නොවිය යුතුය. අධ්‍යාපන සඳහා තෙවැන්නේ බලයද උපයෝගී කර ගත යුතුය. ප්‍රධාන වශයෙන් පස් වැන්න පිළිබඳව සැලකිල්ලට ලක් කෙරේ. යමකුට අධ්‍යාපනය ලැබීමට පූර්ව පිනක්, වාසනාවක් තිබිය යුතු අතර ඒ සඳහා නව වැන්න හා දස වැන්න පිළිබඳවද සැලකිය යුතුය. එම භාවාධිපතියන් හා එම භාව ශක්තිමත් වීම වැදගත් හෙයිනි.
හින්දු ජේ‍යාතිෂයට අනුව බුධ - ගුරු කාරකයා වන අතර ගුරු ශිල්පයට අධිපතියාය. ශනි, කුජ, රාහු ඉගෙනුමට බාධක එල්ල කරන ග්‍රහයන් ලෙස සැලකේ. යමකු අධ්‍යාපනය ලබන අවධියේදී ශනි, කුජ, රාහු දශා එළැඹීම එතරම් සුබ පල නොවේ. නමුත් රාහු සැමවිටම නරක පල නොදෙන අතර සමහරවිට රාහු යහපත්ව පිහිටීම දෙස් විදෙස් අධ්‍යාපනය සඳහාද ඉවහල් වෙයි.

යමකුගේ පස් වැනි භාවාධිපති රාහු සමඟ යෝගවීමද අධ්‍යාපනයට බාධාවකි. ශනි, චන්ද්‍ර යෝගය, සඳු, රාහු යෝගය, සඳු නීචව ආදී ලෙස පස් වැන්නේ යෙදීම පස් වැන්න රාහුගෙන් හෝ ශනිගෙන්, කුජගෙන් පීඩාවට පත්වීම සහ අධිපතියා 6, 8, 12 රාශිවල වීම පහ අධිපතියා 22 දෙකර්ණාධිපති වීම දරුවන්ගේ අධ්‍යාපනයට බාධක යෙදේ.
ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව ජන්මියාගේ මූලික අධ්‍යාපනය 4 වැනි භාවයෙන්ද, ඒ සඳහා ඇති උනන්දුව, කැපවීම, ධාරණය කර ගැනීමේ හැකියාවද, නව වැන්නෙන් උසස් අධ්‍යාපනයද, එහි ස්වභාවය 11 වැනි භාවයෙන්ද පෙන්නුම් කරනු ලබයි. 4 වැනි භාවයේ උප අධිපති 4, 9, 11 භාවයන්ට නිවේදකත්වයක් වීම දක්වා ඇත්නම් දරුවාට උසස් අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබෙනු ඇත. යමකුගේ 4 වැනි භාව උප නව වැනි භාවයට පමණක් සම්බන්ධයක් ඇති කල මූලික අධ්‍යාපනය පමණක් ලබා ගනු ඇත. 9 වැනි භාව උප 4, 10 යන භාවවලට නිවේදයක්ව ලබා දීම ඔහු හෝ ඇය කාර්මික හෝ වෘත්තීය අධ්‍යාපනය කරා යොමු කරවයි. ක්‍රිෂ්ණ මූර්ති ප¾ඩිතුමාට අනුවද ශනි ඉගෙනීම කඩාකප්පල් කරන ග්‍රහයකු වෙයි. යමකුගේ 4 වැනි භාව උප අධිපති ශනි හෝ 4 වැනි භාව උප අධිපති 8 වැනි භාවයට සම්බන්ධ වීම අහිතකරය. ජන්ම පත්‍රයේ 3 වැනි භාව උප ශනි නම් අධ්‍යාපනයට ඇති උනන්දුව ආශාව අඩු කිරීමට හේතු වෙයි. 3 වැනි භාව උප ශනි නම් අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු කරයි. 3 වැනි භාවයේ ශනි - කුජ සංයෝගයද 3 වැනි භාවයේ උප 10 වැනි භාවයේ හෝ 2 වැනි භාවයේ නම් දරුවාගේ මූලික අධ්‍යාපනය අඩාලයි.
අද බොහෝ විට දරුවන් පෙම් සබඳතා නිසා අධ්‍යාපනය අඩාල කර ගන්නා අවස්ථා ඔබ දැක ඇත. එයට හේතුව සිකුරු 5 වැනි භාවයේ තැන්පත්ව 7 වැනි භාව උප අධිපති 5 වැනි භාවයට සම්බන්ධ වීමයි.

යමකුගේ අධ්‍යාපනයට ඇති දුර්වලතා හඳුනාගෙන බුද්ධිමත් මවුපියන් ඒ සඳහා පිළියම් කිරීම තුළ ඉතා සාර්ථක ප්‍රතිඵල ලද හැකිය. මේ සඳහා මැණික් ප්‍රතිකාර මෙන්ම ගණපති, සරස්වතී ආදී දෙවිවරුන්ගේ පිහිට ද ලබා ගත හැකිය. අෑත අතීතයේ අද මෙන් පොත් පත් බහුල නොවීය. ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගත් අධ්‍යාපනයක් විය. එහිදී එක්වරක් කියාදෙන දෙය තම මතකයේ ග්‍රහණය කර ගැනීමට නොයෙක් ගුප්ත විද්‍යාත්මක ක්‍රම අනුගමනය කළහ. ඊට උදාහරණයක් ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සරස්වතී තෛලය පානය කිරීම දැක්විය හැකිය. සරස්වතී මෑණියන්ගේ පිහිට ලබා අධ්‍යාපනයේ ඉහළ කඩඉම් ජය ගැනීමට පහසු ක්‍රම කිහිපයක් පහත දැක්වෙයි.
එහිදී ගිතෙල්, වතුර, තැඹිලි මතුරා දීම, පොතට මතුරා පාඩම් කිරීම, සරස්වතී යන්ත්‍රය භාවිතය ආදී විශාල ක්‍රම රාශියක් ප්‍රයෝජනයට ගත හැකිය. නමුත් යම් දෙයක් භාවිත කිරීමේදී පිළිහුඩු මස් මාංස භාවිතය අත්හළ යුතුය. යම් දෙයක් කිරීමේදී යම් කැපකිරීමක් අවශ්‍යය. නමුත් මවුපියන් නඟන ප්‍රශ්නයක් නම් දරුවන්ට මස් මාංස අවශ්‍ය බවය. එවැනි අයට සරස්වතී යන්ත්‍රය තුළින් පිහිට ලබා ගත හැකිය.

සරස්වතී යනු සහශ්‍රයට අධිපති දෙවඟනයි. රූපශ්‍රීයෙන් ඇය අගපත්ය. සුදුවතින් සැරැසී, සුදු නෙලුමක වාසය කරයි. හංස වාහනය, එක් අතක වීණාවක්ද, අනෙක් අත සුදු පද්මයක්ද වෙයි. ඇයට පිරිසුදුව පහත පූජාව තැබීමෙන් ඉහළ ඵල ලැබේ. තැඹිලි, ‍ෙදාඩම්, අඹ, දෙළුම්, සුව¼දැල් කෙසෙල් ආදී පලතුරුද, උඳු, මුං, තල වැනි ධාන්‍ය වර්ගද, අතිරස, කැවුම්, අග්ගලා, කිරිබත් වැනි කැවිලිද, ලදපස් මල්ද යොදා ගත යුතුය. කහ දියර ඉස පිරිසුදු කර ගත් කාමරයක උඩු වියන් බැඳ සුදු වස්ත්‍රයක් එළුෑ මේසයක් මත බුලත්, පඬුරු පූජා ද්‍රව්‍ය තබා පහන් දල්වා පූජාව තැබිය යුතුය.

නමෝ සා - සර්වාංගනී සදා නන්දි සර්ව දේව නමෝ නම--
නමෝ ශුද්ධස්ඵටික සංගීතේ සූක්‍ෂම රූපී නමෝ නම--
නමෝ මූල මන්ත්‍ර රූපායි මූල ශක්ති නමෝ නම--
නමෝ මුක්තා ලක්ෂණ සංගීති නාමරූපි නමෝ නම--
නමෝ නාරායනී ඝෝර රූපී වරදේවි නමෝ නම--

ක්‍රමය

පිළිවෙත් ගරුකව උදේ සවස තේජස නුවණ ධාරණ ශක්තිය ලබා ගැනීම සඳහා කියැවීම සුදුසුය. ගිය තැන ජය ලැබේ.


ඕං නමෝ පඤ්ඤා පාරමිතා එහි එස්ව--
ඕං ශ්‍රී බුද්ධිවර්ධනී, වර්ධනී නමෝ නමෝ ප්‍රඥා පාරමිතා එහි එස්ව--
ඕං සරස්වතී ධාරණේ ධාරණේ ඒස්ව--

හත්වරක් පිරිසුදුව පෙරා ගත් ජලය නැවුම් කොතලයක බහා මල් යහනක තබා 1008 වරක් ජප කර උදේට දින 7ක් මුහුණ සෝදන්න.


ඕං සරස්වතී මහා දේවි - වීණා පුස්තක ධාරණී
හංස වාහන සමායුක්තං විද්‍යා දානං කුරු කුරු මම--

පොතට හත් වරක් මතුරා ගන්න. පාඩම් හිටී.
විවිධ වූ ක්‍රම මඟින් සරස්වතී පිහිට ලබා අධ්‍යාපනය දුර්වල අයට යහපත් පල ලබා ගත හැකිය. නමුත් යම් දෙයක් කිරීමේදී ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් යොදා ගත යුතුය. අපේ මවුපියන් කරන වැරැද්දක් නම් විභාගයට සතියකට දෙකකට පෙර බෝධි පූජා තැබීම, යන්ත්‍ර දැමීම ආදිය කිරීමයි. නමුත් එය ප්‍රමාණවත් නොවේ.
උඩුනුවර ඩී. එම්. නිලන්ත කුමාර ධනසේකර

http://www.mawbima.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි