Friday, June 28, 2013

අපරාජිත ධර්මරාජයෝ ලීග් ශූරතාව දිනති

අපරාජිත ධර්මරාජයෝ ලීග් ශූරතාව දිනති
2013 ජූනි මස 28  | යොහාන් භාසුර







තරගාවලිය පුරාම සිය අපරාජිත බව රැකගත් මහනුවර ධර්මරාජ කී‍්‍රඩකයෝ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද වයස 20 න් පහළ රග්බි (ලීග්) තරගාවලියේ පළමු කොටසේ ශූරයන්ට හිමි ‘සිංගර්’ කුසලාන දිනාගැනීමට අද (28 වැනිදා) සමත් විය.
ධර්මරාජ විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පැවැති ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගය ලකුණු 17-17 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන්වීමත් සමග ධර්මරාජ විදුහල තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය.
ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර ධර්මරාජ විදුහල වසර 10 කට වැඩි කාලයක් ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කර තිබේ. ධර්මරාජ විදුහල් පිල මෙවර තරගාවලියේදී තරග 9 කට සහභාගි වෙමින් ජයග‍්‍රහණ 7 ක් අත්කරගැනීමට සමත් වූ අතර තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-3 ක් ලෙස ධර්මරාජ විදුහල පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේදී තරගය සම කිරීමට රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. විදුහල් දෙකම ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූහ. 
ධර්මරාජ විදුහල වෙනුවෙන් ප‍්‍රදීප් බණ්ඩාර සහ තිළිණ විජේසිංහ උත්සාහක දිනුම් ලබාගත් අතර තිළිණ විජේසිංහ විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කරමින් ගෝල ප‍්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහරක් සම්පූර්ණ කළේය.
උදේෂ් රණවීර සහ භානුක ගමගේ රාජකීය විදුහලට උත්සාහක දිනුම් එකතු කළ අතර රිස්වි ජමාල්ඞීන් රාජකීය විදුහල් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් ගෝල ප‍්‍රවර්ථන සහ දඩුවම් පහර සම්පූර්ණ කිරීමට සමත් විය.
 
(ඡයාරූප: ශාන්ත රත්නායක)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ධර්මරාජ විදුහල් ක‍්‍රීඩක ප‍්‍රදීප් බණ්ඩාර උත්සාහක දිනුම සම්පූර්ණ කළ අවස්ථාව..
 

 
 
 
 
 
 
 
 
 
 
 ධර්මරාජ විදුහල් රග්බි පිල ශූරතා කුසලාන ලබාගැනීමෙන් පසු..
 
 

 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ (වෙළෙඳ සහ අළෙවි) මහේෂ් විජේවර්ධන මහතා අතින් ධර්මරාජ විදුහල් පිලේ නායක රෝෂණ හෙට්ටිආරච්චි ශූරතා කුසලාන ලබාගත් අවස්ථාව.
 


http://www.lankadeepa.lk/index.php/articles/144468

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි