Tuesday, April 9, 2013

සිසුන් 160 දෙනකුගේ සා.පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

සිසුන් 160 දෙනකුගේ සා.පෙළ ප්‍රතිඵල අත්හිටුවයි
හේතුව අක්‍රමිකතා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් සිසුන් එකසිය හැටකගේ පමණ ප්‍රතිඵල නතර කරනු ලැබ ඇත.

විභාගයට පෙනී සිටි සිසුන් දහසක පමණ පිරිසක්‌ සම්බන්ධයෙන් ලද පැමිණිලි හා ඒ අතරින් ඇතැම් සිසුන් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව  කළ විමර්ශනවලින් පසු මෙම පිරිසගේ ප්‍රතිඵල නතර කළ බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින"ට පැවැසීය.

පිළිගත් අනන්‍යතා පත්‍ර ඉදිරිපත් නොකිරීම, වෙනත් පුද්ගලයන් ලවා විභාගය ලියවීම, කොපි කිරීම වැනි අක්‍රමිකතා ඔවුන් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවද ඒ මහතා කීවේය.

මෙම අයෑදුම්කරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී පවත්වන විධිමත් පරීක්‍ෂණවලින් පසුව ඔවුන්ගේ ප්‍රතිඵල නිකුත් කරන්නේ ද නැතහොත් දඬුවම් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව තීරණය කරන බවත් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.

අයෑදුම්කරුවන් දෙලක්‍ෂ හැටඅටදහස්‌ නවසිය අනූ පහක්‌ මෙවර විභාගයට පාසල් අයෑදුම්කරුවන් ලෙස පෙනී සිටියහ. මෙලෙස පෙනී සිටි අයෑදුම්කරුවන්ගෙන් ජර්මන් භාෂාව සමත් ප්‍රතිශතය සියයට සියයක්‌ වීමද විශේෂත්වයකි.


නිලන්ත මදුරාවල
 
http://www.divaina.com/2013/04/09/news04.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි