Monday, April 8, 2013

රත්නාවලිය යලි බබළයි

රත්නාවලිය යලි බබළයි
ඔක්කොම පාස්
2013 අපේ‍්‍රල් මස 08 21:21:00 | දීපා අධිකාරී
මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රථිඵල වල විභාග දෙපාර්තමේන්තු කාර්‍යය දර්ශක අගය අනුව  ගමිපහ රත්නාවලී බාලිකා විද්‍යාලයට මුළු දිවයිනෙන් ප‍්‍රථම ස්ථානය හිමි වීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
පසුගිය 2010 සහ 2011 යන වර්ෂ දෙකේදීම දිවයිනේ සමස්ථ ප්‍රථිඵලයේ ප‍්‍රථම ස්ථානය ලබා  ගැනීමට මෙම විදුහල සමත් විය.
මේ පිළිබඳව ගමිපහ රත්නාවලී බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන එච්.ඒ.එච් ජයවර්ධන මහත්මියගෙක් කළ  විමසීමකදී ඇය පැවසූවේ  2012 අපොස සාපෙළ විභාගයට පෙනී සිටි  සිසුවියන් 299 දෙනාම ඉතා උසස් අන්දමින්  විභාගය සමත්ව  උසස්පෙළ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් පසුගිය දෙවතාවේදීම මෙන් මෙවරත් විභාග ත්‍දපාර්තමේන්තු කාර්ය  දර්ශකයට අනුව තම විදුහලට ප‍්‍රථම ස්ථානය අත්පත් වී  ඇතැයි සිතන බවය.
  මෙම විදුහලේ  තෙපුලි උමේෂා කරුණාවල්ලභ සහ ආර්.එමි දුල්මිණි වත්සලා රත්නායක සිසුවියක් දෙදෙනා පිලිවෙලින්  සමස්ත දිවයිනෙන් හයවන ස්ථානයත් ගමිපහ දිස්ත‍්‍රික්කයෙන් ප‍්‍රථම ස්ථානයත්,  දිවයිනෙන් හත්වන  වන ස්ථානයත් දිස්ත‍්‍රික්කයෙන් දෙවන ස්ථානයත් හිමි කර ගැනීීමට සමත්ව ඇත.
විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාගක්  සිසුවියන් 224 දෙනෙකු ඒ සාමාර්ථ හතකට වැඩියන් ලබා ගෙන ඉතාමත් ඉහළ ප‍්‍රථිඵල පෙන්වීමට සමත්ව ඇත.
මේ අතුරින්  ඒ සාමාර්ථ නවයක් බැගින් ලබා ගැනීමට  සිසුවියන් 126 දෙනෙකද, ඒ සාමාර්ථ  අට බැගින් ලබාගැනීමට සිසුවියන් 63 ක්ද, ඒ සාමාර්ථ හත බැගින් ලබාගැනීමට සිසුවියන් 35 දෙනෙකුද සමත්ව ඇත.
 සියළු විෂයන් සමත්වීමේ ප‍්‍රතිශතය සියයට සීයකි. මින් ආගම විෂය සඳහා විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාහ ඒ සාමාර්ථ ලබා ගැනීම විශේෂත්වයක් වන අතර සිංහල භාෂාව විෂය සඳහා සිසුවියන් 293 දෙනෙකු ඒ සාමාර්ථ ලබාගෙන ඇත.
ගණිතය සඳහා ඒ සාමාර්ථ ලබාගෙන ඇති සිසුවියන් ගනන 249ත් වන අතර  විද්‍යා විෂය සඳහා ඒ සාමාර්ථ  ලබා ගත් සිසුවියන් ගනන 226 කි.
220 දෙනෙකු ඉංග‍්‍රීසි විෂය සඳහා ඒ සාමාර්ථ ලබාගෙන ඇති අතර  ඉතිහාසය විෂය සඳහා 218 දෙනෙකුද ඒ සාමාර්ථ ලබාගෙන ඇත.
මෙලෙස විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට හැකිවුයේ අඩු සාධන මට්ටමේ දරුවන් හඳුනාගෙන ඔවුන්ට විශේෂ ව්‍යාපෘති තුළින් අමතර ඉගැන්වීම කිරීමෙන් ඔවුන්ගේ  සාධන මට්ටම් ඉහළට ගත් නිසා බවද විදුහල්පතිනිය කීවාය.
පොහොය දින, සෙනසුරාදා දින ඇතුළු සියලූ නිමාඩු දිනයන්හි සිසුවියන් සඳහා පැසැල තුළදී අමතර පන්ති  පවත්වා ඉගැන්වූ බවත් මැයි මාසය අවසන් වන විට සියළුම විෂයන්ගේ විෂය නිර්දේශයන් උගන්වා අවසන් කොට පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍ර කිරීමෙන් අඩුපාඩු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදු බවත් කීය.
මේ සඳහා පාසැලේ 6-11 අංශ භාර වී.පී ශ‍්‍රියානන්ද මහතා ඇතුළු සමස්ත ගුරු මන්ඩලයේ  ඉතා කැපවීමෙන් කටයුතු කළ  බවද කීය.
 






http://www.lankadeepa.lk/index.php/top_story/107629

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි