Tuesday, April 9, 2013

වැඩිදියුණු කළ www.skoool.lk එළි දකී


skool 2

දැයේ  දරුවන් වෙනුවෙන් වැඩිදියුණු කළ www.skoool.lk වෙබ් අඩවිය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතිත් එළි දැක්වීම අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මහින්ද චින්තනයේ  දැනුම කේන්ද්‍රීය සංවර්ධන වැඩපිළිවෙළ යටතේ එහි ප්‍රධාන වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී තිබෙන බවත් මෙම වෙබ් අඩවිය ඔස්සේ මෙතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක වූ ගණිතය, භෞතික විද්‍යාව, රසානයන විද්‍යාව, ජීව විද්‍යාව පාඨමාලා වැඩිදියුණු කරමින් සිංහල, දෙමළ යන භාෂා දෙක ද මෙම වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

ග්‍රාමීය ප්‍රාදේශවල සිසුන්ට මෙම විෂයන් පිළිබඳව නොමිලේ දැනුම ලබා ගැනීමේ අවස්ථාව මෙම වෙබ් අඩවිය ඔස්සේ ලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා 2016 වර්ෂය වන විට ගණිතය, විද්‍යාව, වාණිජ හා තාක්ෂණික විෂයන් සඳහා එක්වන ප්‍රතිශතය ඉහළ නැංවීමේ අරමුණ සාර්ථක කර ගැනීමට හැකි වන බව ද සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඉන්ටෙල් (Intel) ආයතනය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මොරටුව විශ්වවිද්‍යාලය මඟින් මෙහි අදාළ භාෂා පරිවර්තනය සිදු කර ඇත. මීට අමතරව මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉංග්‍රීසී පාඨමාලා ගාස්තුවකින් තොරව ඉගෙන ගැනීමට අවස්ථාව සලසා තිබෙන අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය  කවුන්සලය එක්ව කටයුතු කරයි.

ජනාධිපති අතිරේක ලේකම් අනුර දිසානායක මහතා, ඉන්ටෙල් සමාගමේ ව්‍යාපාරික කළමනාකරු ඉන්දික ද සොයිසා මහතා බ්‍රිතාන්‍ය මණ්ඩල නියෝජිතවරයෙකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

kpm
© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය

1 comments:

හොඳ වැඩක් නම් ඉතින් කාගේ වුනත් ආශිර්වාදේ ලැබෙනවා!

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි