Sunday, April 14, 2013

මේ වසරේ පාසැල් 275 ක පළමු ශ්‍රේණියට කිසිම දරුවෙක් දමා නෑ

මේ වසරේ පාසැල් 275 ක පළමු ශ්‍රේණියට කිසිම දරුවෙක් දමා නෑ

schoolboiesඑකදු දරුවෙකුවත් පළමු ශ්‍රේණියට ඇතුළත් නොවු පාසල් 275 ක් ඉකුත් වසරේ පැවති බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය.එසේම ඉකුත් වසරේ දරුවන් දස දෙනෙකුවත් පළමු ශ්‍රේණියට ඇතුළත් නොවු පාසල් 2123 ක් පවතින බවද ඇමතිවරයා සඳහන් කළේය.
පළමු ශ්‍රේණියට එක් දරුවෙකු පමණක් ඇතුළත් කළ පාසල් 123 ක්ද, දරුවන් දෙදෙනෙකු පමණක් ඇතුළත් කළ පාසල් 147 ක්ද, දරුවන් තිදෙනෙකු පමණක් ඇතුළත් කළ පාසල් 181 ක්ද, දරුවන් 4 දෙනෙකු ඇතුළත් කළ පාසල් 210 ක්ද, දරුවන් 5 දෙනෙකු පමණක් ඇතළත් කළ පාසල් 223 ක්ද තිබෙන බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
තවද දරුවන් 6 ත් 9ත් අතර පිරිසක් ඇතළත් කෙරුණු පාසල් 963 ක් ද තිබෙන බවත් ඇමතිවරයා කීවේය. වැඩි පහසුකම් සහිත නගරයේ පාසල්වලට ළමුන් ඇදී යාමෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙන බවද පැවසු ඇමතිවරයා මේ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ගුරු අනුපාතය පහට එකක් වී ඇතැයිද කීය. එසේම ගතවු මාස 7 ක කාලයේ පාසල් 36 ක් වසා දමා තිබෙන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ලසන්ත වීරකුලසූරිය,  
රමේෂ් වරල්‍ලේගම 

1 comments:

සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි