Monday, April 1, 2013

ජපන් අධ්‍යාපන ආදර්ශය ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ හැරවුමක් සඳහා අවශ්‍යයයි


1 eduලාංකීය දරුවන් විශ්වයට සම්පතක් වන දරුවන් බවට පත්කිරිමට නම් ජපන් අධ්‍යාපන ආදර්ශය ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ හැරවුමක් සඳහා අත්‍යවශ්‍ය බවත් එය 2012-2016 කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ ඇති කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


 



Mission Project  – 2013 යටතේ වාර්ෂිකව අඛණ්ඩව සිදු කරනු ලබන ආසියානු ෆැසිපික් ළමා සමුඵවට සහභාගි වූ දූත පිරිස් හුවමාරු වැඩසටහනෙහි ජපන් දූත පිරිසක් පිළිගැනීමේ උත්සවයක් පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දී පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
විශ්වවිද්‍යාල පද්ධතිය හා පාසල් පද්ධතිය එකතු කොට ජපන් භාෂාව ශී‍්‍ර ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා විශාල ආධාරකයක් අපේ දරුවන්ට ජපානය විසින් සපයා දී ඇති බවත් ඒ අනුව ශී‍්‍ර ලංකාව තුළ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන දරුවන්ට මේ සංවිධානය හරහා ආර්ථීක, සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝක සාමය හා සහජීවනය තේමා කර ගනිමින් අන්තර් ජාතික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ජපානයේ ආසියානු පැසිෆික් ළමා සමුඵව හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කි‍්‍රයාත්මක කරනු ලබන දූත කණ්ඩායම් හුවමාරු ව්‍යාපෘතිය Mission Project - 2013 වැඩසටහන යටතේ 18 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණියහ.

kpm

http://www.news.lk/

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි