Monday, April 8, 2013

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර වැඩිම පිරිසකට උසස් පෙළ සුදුසුකම්


අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර වැඩිම පිරිසක් සමත්ව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා සිටිති.
ඒ අනුව සියයට 64.74ක් දෙනා ප්‍රථම වරට විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබේ.
සිසුන් 268995 දෙනකු විභාගයට පෙනී සිට ඉන් 174160ක් උසස් පෙළ හැදෑරීමට සමත් වී ඇත.
වසර 2005 උසස් පෙළ ඉගෙනුමට සුදුසුකම් ලැබූ සිසුු ප්‍රතිශතය සියයට 49.70කි. එය වසර 2006දී සියයට 51.24 දක්වා වැඩි වී තිබේ. වසර 2007 සියයට 51.47 ද, 2008දී සියයට 56.8ක් ද, 2009 දී සියයට 52.51ක් ද වී ඇත. වසර 2010 දී මේ ප්‍රතිශතය සියයට 60.57 දක්වා වැඩි විණි. 2011දී එය සියයට 60.80කි.
වසර 2005 දී සියලුම විෂයයන් අසමත් ප්‍රතිශතය සියයට 8.02කි. එය 2012 වන විට සියයට 4.3 දක්වා අඩු වී ඇත.
මේ අන්දමට උසස් පෙළ ඉගෙනුමට වැඩිම සිසු පිරිසක් සුදුසුකම් ලබනුයේ අධ්‍යාපන අංශයේ දියුණුවට රජය සිදුකරනු ලබන දැවැන්ත ආයෝජනයේ ප්‍රතිඵලය ලෙස බව පැවැසිය හැකිය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකත්වයට පත්වූ පසු අධ්‍යාපන අංශයේ දියුණුවට විශාල සේවාවක් සිදු කෙළේය. ඒ අනුව මේ අන්දමට ඉහළ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.

ජයසිරි මුණසිංහ සහ සුභාෂිනී සේනානායක
http://www.dinamina.lk/2013/04/08/_art.asp?fn=n1304088

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි