Wednesday, April 17, 2013

"මන්චි සමග ගමට සරණ"

"මන්චි සමග ගමට සරණ" ප්‍රජා සත්කාරක
වැඩසටහන මගින් තවත් පාසල් හතරකට ප්‍රතිලාභ

http://www.businesstoday.lk/cpanel/uploader/3588/CBL_crowning_Success%20copy.jpg.JPEG
සිලෝන් බිස්‌කට්‌ස්‌ සමාගමේ මන්චි සන්නාමය යටතේ සිදුකෙරෙන ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක්‌ වන "මන්චි සමග ගමට සරණ" වැඩසටහන මගින් අවසන් කළ තවත් පාසල් ව්‍යාපෘතීන් හතරක්‌ පසුගියදා සිසු අයිතියට පැවරිණි. මෙම වැඩසටහන යටතේ පන්නිපිටිය මාලපල්ල විජයඝෝෂ විද්‍යාලය, කෑගල්ල කලුගල කනිටු විදුහල, මුතුර් අලීම්චෙනායි මුස්‌ලිම් විද්‍යාලය සහ පයාගල හල්කඳවිල මහ විද්‍යාලය යන පාසල් වලට මෙම ප්‍රතිලාභ හිමිවිය.

මන්චි සමග ගමට සරණ ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ පන්නිපිටිය මාලපල්ල විජයඝෝෂ විද්‍යාලය සහ මුතූර් අලීම්චෙනායි මුස්‌ලිම් විද්‍යාලය සඳහා පාසල් පුස්‌තකාල ලබාදුන් අතර කෑගල්ල කලුගල කනිටු විදුහල සඳහා පංති කාමර ඉදිකරන ලදී. එමෙන්ම කාලයක සිට පිරිසිදු පානීය ජලය සපයා ගැනිමේ දුෂ්කරතාවකින් පීඩාවිඳි කලුතර පයාගල හල්කඳවිල මහ විද්‍යාලයට පානිය ජල ව්‍යාපෘතියක්‌ මෙම වැඩසටහන යටතේ ලබාදීමට හැකි විය. සිසු අයිතියට පත්කරන ලද මෙම ව්‍යාපෘතීන් මගින් පාසල් හතරෙයි ගුරු භවතුන් සහ සිසු දරු දැරියන් ඇතුළුව දහසක පමණ පිරිසකට ප්‍රතිලාභ සැලසේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ සිලෝන් බිස්‌කට්‌ස්‌ සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ සහ අළෙවි හා විකුණුම් අංශ ප්‍රධානී නන්දන වික්‍රමගේ මහතා පැවසුවේ "මන්චි සමග ගමට සරණ ප්‍රජා සත්කාරක වැඩසටහන යනු පුළුල් අරුතින් ගත් කල ප්‍රජාවගේ ආර්ථික සමාජීය සංස්‌කෘතික අවශ්‍යතා භෞතික වශයෙන් ගොඩනගමින් එම සුවිශාල සමාජ කාර්යභාරය තුළින් ජනිත කෙරෙන එකමුතුකම අෙන්‍යාන්‍ය විශ්වාසය සහ ලාංකික සමාජයේ වටිනාකම් සඳහා ඇගයුම් ලැබීම මෙම ව්‍යාපෘතීන් හරහා නිරායාසයෙන් මතු කරන්නක්‌ යනුවෙනි.


http://www.divaina.com/2013/04/17/velanda06.html



0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි