Tuesday, April 23, 2013

ජාතික පුස්‌තකාලයේ ජාතික කාර්යභාරය

http://www.whatsupcolombo.lk/Images/UploadedImages/Business/Full/929.jpg
ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලයේ 23 වැනි සංවත්සරය නිමිත්තෙනි

උසස්‌ මට්‌ටමේ පුස්‌තකාල හා තොරතුරු සේවා පද්ධතියක්‌ පැවැතීම රටක සංවර්ධනය පෙන්නුම් කරන එක්‌ සාධකයකි. වත්මන් සමාජයේ ඕනෑම ක්‍රියාවලියක්‌ සඳහා තොරතුරු සම්බන්ධ කර ගැනීමට සිදුවේ. අධ්‍යාපනය, ආර්ථික කටයුතු, සමාජ සංවර්ධනය, විනෝදාස්‌වාදය ආදී සෑම මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ සඳහාම තොරතුරු අවශ්‍යවේ. එබැවින් ඵලදායි තොරතුරු කළමනාකරණය රටක සංවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වේ.

රටක පුස්‌තකාල හා තොරතුරු සේවාවන්හි කේන්ද්‍රස්‌ථානය වන්නේ එම රටේ ජාතික පුස්‌තකාලයයි. රටක ජාතික පුස්‌තකාලයකට විශාල ජාතික වගකීමක්‌ පැවරේ. ඒ යටතේ ඕනෑම රටක ජාතික පුස්‌තකාලයකට පැවරෙන කාර්යයන් ගණනාවක්‌ ඇත. එම කාර්යයන් පහත සඳහන් පරිදි දැක්‌විය හැකියි.

1. රටතුළ පළවන ප්‍රකාශනවල ජාතික සංචිතයක්‌ පවත්වාගෙන යැම.

2. අප්‍රකාශිත අත්පිටපත් (මබචමඉකසියෑd ප්බමිජරසචඑs) වල තැන්පතුවක්‌ පවත්වාගෙන යැම.

3. විදේශ ප්‍රකාශන එකතුවක්‌ පවත්වාගෙන යැම.

4. රටේ පුස්‌තකාල හා තොරතුරු විද්‍යා කටයුතු සඳහා ජාතික නායකත්වය ලබාදීම.

5. රටේ පුස්‌තකාලයාධිපතිත්වයේ කේන්ද්‍රස්‌ථානය ලෙස කටයුතු කිරීම හා රටේ පුස්‌තකාල පද්ධතිය සංවර්ධනය කර මෙහෙය වන්නා ලෙස කටයුතු කිරීම.

6. ජාතික හා පෞද්ගලික මට්‌ටමින් ආර්ථික හා සමාජ සංවර්ධනය පහසු කිරීම සඳහා ජාතික තොරතුරු පද්ධතියක්‌ ලබා දීම.

7. නීත්‍යනුකූල තැන්පතු නීතිය යටතේ පිටපත් ලබා ගැනීම.

8. රටතුළ පළවන ග්‍රන්ථ සම්භාරය ලේඛන ගත කිරීම හෙවත් ග්‍රන්ථ විඥපන සේවා පවත්වාගෙන යැම.

9. ජාතියේ ලේඛන උරුමය සංරක්‍ෂණය කිරීම.

10. පුස්‌තකාල හා විඥපන ක්‍ෂේත්‍රයේ පර්යේෂණ පැවැත්වීම.

11. ආබාධිත අය සඳහා තොරතුරු සේවා ලබා දීම.

12. ජනතාවගේ කියවීම වර්ධනය කිරීම.

ලෝකයේ ඕනෑම රටක ජාතික පුස්‌තකාලයකට පොදුවූ මෙම මූලික කාර්යයන් ශ්‍රී ලංකාවේ ජාතික පුස්‌තකාලයද දැනට ඉටුකරමින් පවතී. ශ්‍රී ලංකාවේ පළවන ප්‍රකාශන සම්භාරය ඒකරාශි කිරීම ජාතික පුස්‌තකාලයට පැවරෙන ප්‍රධාන වගකීම වන අතර මෙම ප්‍රකාශන ඒකරාශි කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කෙරේ. පොත් මිලදී ගැනීම, පරිත්‍යාග වශයෙන් ලබාගැනීම හා නීත්‍යනුකූල තැන්පතු පිටපත් ලබා ගැනීම ප්‍රධාන ක්‍රමවේ. නීත්‍යනුකූල තැන්පතු පිටපත් ලැබීම ජාතික පුස්‌තකාල එකතුව වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. නීත්‍යානුකූල තැන්පතු නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසිනි. එම නීතිය අනුව ශ්‍රී ලංකාවේ පළ කරන සෑම ප්‍රකාශනයකම පිටපත් පහක්‌ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කළ යුතුවේ. මෙය නීතිමය අවශ්‍යතාවයකි. මෙම පිටපත් පහෙන් එක්‌ පිටපතක්‌ ජාතික පුස්‌තකාලයට ලැබේ.

ජාතික පුස්‌තකාලය සතු විවිධ එකතූන් රාශියකි. ශ්‍රී ලංකා එකතුව, විමර්ශන එකතුව, පුවත්පත් එකතුව, රජයේ ප්‍රකාශන එකතුව, නීත්‍යනුකූල තැන්පතු එකතුව, විද්‍යා හා තාක්‍ෂණ එකතුව, පුස්‌තකාල හා විඥපන විද්‍යා එකතුව, සිතියම් එකතුව, ශ්‍රව්‍ය දෘෂ්‍ය එකතුව, විද්යුත් මාධ්‍ය එකතුව, පුස්‌කොළ පොත් එකතුව, යුනෙස්‌කෝ එකතුව, සූක්‍ෂම සේයා පට එකතුව, නාට්‍ය අත්පිටපත් එකතුව, ජනශ්‍රැති එකතුව මෙම එකතූන් වේ. ජාතික පුස්‌තකාලය මගින් ලබා දෙන සේවාවන් ද රාශියකි. විමසීම් සේවය, විමර්ශන සේවය, පාඨක අධ්‍යාපන සේවය, ඡායාපිටපත් සේවය, අන්තර් ජාල සේවය, අන්තර් පුස්‌තකාල පිරුළු සේවය, ප්‍රවර්තන සාවධාන සේවය, තොරතුරු ප්‍රති ඇහිරීමේ සේවය මෙම සේවාවන් වේ.

ජාතික පුස්‌තකාල සාමාජිකත්වය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුටම ලබාගත හැකිය. දෛනික සාමාජිකත්වය, ස්‌ථිර සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වය (ඛසෙe පැපඉeරියසච) ආයතනික සාමාජිකත්වය (ෂබිඑසඑමඑසදබ්ක පැපඉeරියසච) ආදී වශයෙන් සාමාජිකත්ව වර්ග කිහිපයකි. රටතුළ පළවන ප්‍රකාශන ලේඛනගත කිරීම හෙවත් ග්‍රන්ථ විඥපන සේවා පවත්වාගෙන යැම ද ජාතික පුස්‌තකාලයේ කාර්යයකි. මේ යටතේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ නාමාවලිය (Sරස ඛ්බන් භ්එසදබ්ක ඊසඉකසදටර්චයහ) පළ කෙරේ. මෙය මාසික ප්‍රකාශනයක්‌ වශයෙන් පළ කරන අතර ශ්‍රී ලංකාවේ පළවන නවතම ප්‍රකාශන පිළිබඳ තොරතුරු මෙන්ම ඉදිරියේ දී පළවීමට නියමිත ප්‍රකාශන පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් වේ. රටතුළ පළවන ප්‍රකාශන පිළිබඳ තොරතුරු සොයන පාඨකයන්ට විද්වතුන්ට මෙන්ම පුස්‌තකාලයාධිපතිවරුන්ට ද මෙය ප්‍රයෝජනවත් මූලාශ්‍රයකි. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය ආරම්භ කරන ලද්දේ 1962 වර්ෂයේ දීය. මුද්‍රණ කර්මාන්තයේ ආරම්භයේ සිට 1962 දක්‌වා පළවූ ප්‍රකාශන පිළිබඳ තොරතුරු ඇතුළත් කර ශ්‍රී ලංකා පූර්වකාලීන ජාතික ග්‍රන්ථ නාමාවලිය (Reඑරදිචැජඑසඩැ භ්එසදබ්ක ඊසඉකසදටර්චයහ) සම්පාදනය කර ඇත. පාඨක ප්‍රජාවගේ තොරතුරු ගවේශනය පහසු කිරීම සඳහා ප්‍රලේඛන සේවා (Dදජමපැබඒඑසදබ Seරඩසජැs) ගණනාවක්‌ ද ජාතික පුස්‌තකාලය පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකා පුවත්පත් ලිපි අනුක්‍රමණිකාව, පශ්චාත් උපාධි නිබන්ධන අනුක්‍රමණිකාව, ජාතික ඒකාබද්ධ සූචිය, ශ්‍රී ලංකා සමුළු අනුක්‍රමණිකාව, ජන වාර්ගික ගැටළුව පිළිබඳ දත්ත පදනම ප්‍රධාන ප්‍රලේඛන මූලාශ්‍ර වන අතර මෙම දත්ත පදනම් අන්තර්ජාලය මගින් ගවේශනය කිරීමේ පහසුකම් සලසා ඇත. අඅඅගබ්එකසඉගකන වෙබ් අඩවිය ඔස්‌සේ මෙම දත්ත පදනම් ගවේශනය කළ හැකිය. මීට අමතරව රජයේ ප්‍රකාශන නාමාවලිය ශ්‍රී ලංකාවේ පර්යේෂණ වාර්තා පිළිබඳ අනුක්‍රමණිකාව වැනි මුද්‍රිත මූලාශ්‍ර ද සම්පාදනය කෙරේ. ජාතික පුස්‌තකාලයක්‌ මගින් ඉටු කළ යුතු යයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික මට්‌ටමේ පුස්‌තකාල හා තොරතුරු සේවා සංවර්ධන කාර්යයන් ගණනාවක්‌ ද ජාතික පුස්‌තකාලය ඉටු කරයි.

ජාතික පුස්‌තකාලයක්‌ විසින් ඉටු කළ යුතු යයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සෑම කාර්යයක්‌ම ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලය දැනට ඉටු කරයි. ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලය පසුගිය වසර විසි තුන තුළත් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය පසුගිය වසර හතළිස්‌ තුන තුළත් ශ්‍රී ලංකාවේ පුස්‌තකාල හා තොරතුරු සේවා සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇත. මේ තුළින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා දායක වී ඇත.

ජී. ඩී. අමරසිරි
අධ්‍යක්‍ෂ
ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය


http://www.divaina.com/2013/04/23/feature02.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි