Monday, April 22, 2013

සුපිපෙන මල්


හලාවත රදගුරු පදවියට අයත් වයික්‌කාල, පරණ පාර (ජුසේවාස්‌ මුනි මාවත අසල) 2006 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රවණ ඌනතාවූවන් සඳහා වූ දේව සංරක්‍ෂණයේ දියණියෝ නිකායේ අධ්‍යාපනය ලබන දූ දරුවෝ 7 දෙනෙක්‌ 2012 වසරේ පැවැති අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව උසස්‌ පෙළ හැදැරීමේ වරම් ලබා සිටිති. 

 






මෙම විදුහලින් අ.පො.ස. (සා.පෙළ) විභාගයට වාඩිවූ ප්‍රථම ශිෂ්‍ය කණ්‌ඩායම මෙය වෙයි. ශ්‍රවණ ඌනතා ඇති දියණියෝ 6 දෙනෙක්‌ සහ එක්‌ පුතණුවෙක්‌ 2012 අ.පොස. (සා.පෙළ) විභාගයට ප්‍රථම වරට වාඩි වූහ. ප්‍රථම කඩයිම් විභාගයට මුහුණදී උසස්‌ පෙළ හැදැරීමේ වරම් ලැබීම විදුහල ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්‌ මෙන්ම පවුල්වලින් කොන්කර, අත්හැර, අඩු ආදර සැලකිලි ලැබූ දරුවන්ටත් බොහෝ දැ කිරීමට හැකි බව පෙන්වූ කදිම අවස්‌ථාවක්‌ බැව් විදුහල්පති පැවිදි සොයුරී ගරු නිර්මලා ජයකොඩි ප්‍රකාශ කළාය. 

රජයෙන් පෙළ පොත් පමණක්‌ ලබාගන්නා මෙම විදුහල විශේෂ අවශ්‍යතාවන් සඳහා වූ විශේෂ පුද්ගලික පාසලකි. රජයේ කිසිදු ආධාර උපකාරයකින් තොරව පැවිදි නිකාය මගින්ම මෙම පාසල නඩත්තු කරනු ලබයි. 2008 වසරේදී මෙහි ශ්‍රවණ ඌනතා ඇති දූ දරුවන් සඳහා නේවාසිකාගාරයක්‌ ද ආරම්භ කර තිබේ. 

නිශාන්ති පෙරේරා සහ පැට්‍රීෂියා ලියනගේ යන පැවිදි සොයුරියෝ විදුහල්පති පැවිදි සොයුරිය හා ඇදුරු මඩුල්ල සමග මේ විශේෂිත වූවන් සඳහා වූ පාසල ගොඩනඟන්න දරනා පූජාවීම, කැපවීම ඉතා ප්‍රශස්‌තය. කිතුනු දහම ජීවිතයෙන් ජීවත් කරවීමට දරනා තැත ඉතා අනර්ඝය. අමිලය. ශ්‍රවණ ඌනතා ඇතිවූවන් සඳහා වූ මේ පාසල ඉතිහාසයේ ප්‍රථම වරට 2012 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිට උසස්‌ පෙළ හැදැරීමට වරම් ලැබූ සිසු සිසුවියෝ මෙහි වෙති.

සිසිල් ඩැනීසියස්‌ - කටාන විශේෂ


http://www.divaina.com/2013/04/22/gurusitha03.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි