Thursday, April 25, 2013

19න් පහළ තුන්වැනි කොටසේ ක්‍රිකට් ශූරතාව අනුරාධපුර මැදි විදුහලට


19න් පහළ තුන්වැනි කොටසේ ක්‍රිකට් ශූරතාව අනුරාධපුර මැදි විදුහලට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවනු ලැබූ අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි කොටසේ සමස්ත ක්‍රිකට් ශූරතාව අත්කර ගැනීමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් පිල සමත්විය.
කසුන් වීරංගගේ නායකත්වයෙන් යුත් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් පිලට ජගත් සඳරුවන්, ඩිල්ෂාන් චාමික, සංදීප් නිසංසල, අජිත් සඳරුවන්, චතුෂ්ක සේනානායක, චන්දුල බණ්ඩාර, තෙරිඳු ජයනාත්, පණ්ඩුල නිවන්තක, ප්‍රාශන් බුද්ධික, සචින් රන්දිම, ස්වාස්ති වෛද්‍යලංකා, මන්තිල බණ්ඩාර, වරුණ බණ්ඩාර, ප්‍රවීන් නියෝමාල්, සසික චමල් හා මලිත් නිම්නාද ඇතුලත් වූහ.
පාසල් 165ක් තරග වැදුණු මේ තරගාවලියේ ශූරතාව දිනූ එම විදුහල් පිලේ ක්‍රීඩකයන්ට හා පුහුණුකරු කීර්ති ගුණරත්න මහතාට විදුහල්පති එච්.එම්.අබේකෝන් මහතා ඇතුලු ආදි ශිෂ්‍ය සංගමයේ හා ගුරු භවතුන්ගෙත් විද්‍යාලයීය දරුවන්ගේ උපහාරය පිරිනැමිමේ උත්සවයක් ද පසුගියදා පැවැත්විණි.
.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි