අකීකරු පුංචි හා පැංචි
ඔන්න එකමත් එක කැලයක හිටියා හා අම්මෙකුයි හා තාත්තෙකුයි හා පැංචියෙකුයි. මේ හා පැංචි හරිම දඟකාරයි. කියන කිසිම දෙයක් අහන්නේ නෑ හරිම අකීකරුයි. ඉතිං මේ හා පැංචිගේ අකීකරුකම නිසා අම්මටයි, තාත්තටයි හරියට දුක හිතුණා. එක දවසක් මේ හා පැංචිට උඳුපියලිය ගේන්න හා අම්මයි තාත්තයි කැලයට ගියා. හා පැංචිට මං මේ ගුහාවෙන් එළියට බැහැලා කැලයේ ඇවිදින්න ඕනේ කියලා හිතුණා. හා පැංචි කවදාවත් ගුහාවෙන් එළියට ගිහින් නැහැ.

අන්ධකාරයෙන් කැලෑවම පිරුණා. ඉතින් මේ හා පැංචිට ගුහාවට යන පාර අමතක වුණා. අම්මයි, තාත්තයි ගෙදර ආවා. එන කොට පැංචි ගුහාවෙ හිටියේ නෑ. හා අම්මාට හරියට දුක හිතුණා. ඉතින් එදා ඒ රාත්‍රිය නිහඬව ගෙවිලා ගියා.
පහුවදා හිරු නැගී ආවා. හා පැංචි තවමත් අතරමං වෙලා. මේ වේලාවේ හා පැංචි දඩයක්කාරයෙක් ව දැක්කා. හා පැංචිගේ හිතට තවත් බය වැඩි වුණා. දැන් දඩයක්කාරයා මා අල්ලගෙන කූඩුවක සිර කරලා, ඊට පස්සේ මා මරාගෙන කයි.” පැංචිට එදා අම්මයි, තාත්තයි දුන්නු අවවාදය මතක් වුණා. දැන් ඒ ගැන හිතලා පසු තැවිලා වැඩක් නැහැ. මේ අතරේ මේ ළඟින් ගිය මුව දෙනක් හා පැංචිට කතා කළා.
“මොකද පැංචියේ ඔයා බය වෙලා වගේ.”
”නෑ මං කැලේ අතරමං වෙලා ඉන්නේ.”
“ඔයා කොහොමද අතරමං වුණේ.”
ඊයේ මට කන්න උඳුපියලිය ගේන්න අම්මයි, තාත්තයි කැලයට ගියා. මං කැළේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. ඊට පස්සෙ මං අතරමං වුණා.”
“අනේ! පව් මං කැමතියි ඔයාට උදව් කරන්න.”
“ඔයාට මං කොහොම ස්තුති කරන්නද?”
“ඒක සුළු වැඩක් යාළුවේ. මං ඔයාව ඔයාගේ ගුහාවටම ඇරලවන්නම්. එන්න මං පස්සෙන්.
“අනේ මගේ පුංචි හා පැංචි කොහෙද දන්නේ නෑ. ඔය ළමයාගේ අකීකරුකමයි, දඟකාරකමයි තමයි ඔක්කොටම හේතුව. ඔය ළමයාට කැලෑව ගැන කිසිම තේරුමක් නෑ” හා අම්මා ළතැවුණා.
හාමිනේ, දැන් ඒ ගැන පසුතැවිලි වෙලා වැඩක් නෑ. ආ... අර එන්නේ කවුද? මුව දෙනක් නේද, ආ අර අපේ පුංචි හා පැංචි නේද” හා තාත්තා කිව්වා.
“අම්මේ... තාත්තේ... මං ගෙදර ආවා. මේ මුව හාමිනේ තමයි මං අතරමං වී ඉන්න වෙලාවේ උදව් කළේ.
“අනේ... කොහොම ස්තුති කරන්නද මේ කරපු උපකාරයට.”
“ඕක සුළු වැඩක් නේ. මං එහෙනම් යන්නම්.
“එහෙම යන්න බෑ රෑට කාලම යන්න ඕනේ. මම ඔය හැමදෙනාටම බොන්න උඳුපියලිය සුප් එකක් හදන්නම්.”
ෂා... හරිම රසයි. හා හාමිනේ” මුවදෙන සංග්‍රහය පිළිගනිමින් කිව්වා.
“බොහොම ස්තුතියි මුවහාමිනේ”
හා අම්මා කිව්වා.
මම එහෙනම් යන්නම්. මේ කරපු සංග්‍රහයට ඔයාලට බොහොම ස්තුතියි.
“ඒක සුළු වැඩක් ඔයා අපිට කරපු මේ උදව්ව කවදාවත් අමතක වෙන්නෙ නෑ.” හා අම්මයි තාත්තයි මුව නැන්දාට නොසෑහෙන්න ස්තුති කළා.
“අම්මයි, තාත්තයි කියන දේ අහපු නැති මේ පුංචි හා පැංචි එදා ඉඳලා, අකීකරු නොවී, අම්මයි, තාත්තයි දුන්න අවවාද අසා හොඳ කීකරු හා පැංචියක් බවට පත් වුණා.”

බුද්ධිනී සෙව්වන්දිකා
9 ශ්‍රේණිය ‘බී’
ගම් /සංඝමිත්තා බාලිකා විද්‍යාලය.
9 ශ්‍රේණිය ‘බී’
ගම් /සංඝමිත්තා බාලිකා විද්‍යාලය.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි