Wednesday, April 17, 2013

වෙල අයිනේ නාන ළිඳ

වෙල අයිනේ නාන ළිඳ

වෙල අයිනේ නාන ළිඳේ වතුර පිරෙනවා
අම්ම ගිහින් එතන ඉඳන් රෙදි සෝදනවා
මමත් අම්ම එක්ක ගිහින් වෙලේ නටනවා
කුරුලු රංචු වෙලේ ඉඳන් ඉගිලී යනවා


පුංචි ඇළේ පුංචි මාළු හොඳට නටනවා
වතුරෙ ඉඳන් ගෙඹි හාමිත් ක්‍රෝක් කියනවා
කබරයාට බයේ කිරලා මරහඬ දෙනවා
මමත් බයේ අම්ම ළඟට දුවලා යනවා


කොක් හාමී වෙල අයිනේ සිල් අරන් වගේ
හොර රහසින් වෙලේ මාලු අල්ලන් කෑවේ
කොරවක්කා පැටව් එක්ක වෙලේ ඇවිද්දේ
ළිඳේ මාළු මං දැකලා එබිකම් කෙරුවේ


හැන්දැ වෙලා අර අහසේ ඉර බැස යනවා
කුරුල්ලෝද කැදලි කරා පියඹා යනවා
හඳහාමිත් වටකුරුවට පායා එනවා
මමත් අම්ම එක්ක අපේ ගෙදරට යනවා


උපුලි කුසුම්ප‍්‍රිය හෙට්ටිආරච්චි
7 ශ්‍රේණිය ‘බී’,
විජයවර්ධන මහා විද්‍යාලය,
කිරිවත්තුඩුව.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි