Friday, April 19, 2013

මෙන්න පුංචිම කොන්ද ඇත්තා


මේ පුංචි ගෙම්බා තමයි ලෝකයේ කුඩාම පෘෂ්ඨවංශිකයා. ඒ කියන්නෙ කොඳු නාරටිය ඇති සතායි. උගේ ප‍්‍රමාණය මැන ගන්න මේ ඇමරිකානු ශත දහයේ කාසියෙන් පුළුවන්. ඌ වගේ දෙන්නකුට මේකෙ ඉඩ තියෙනවා. ටොපියකින් බාගයක් විතර ඇති ලෝකයේ කුඩා ම ගෙම්බා, ඇටිකිත්තා, දිගින් අඟල් කාලකට වැඩිය නෑ. සත්ව විද්‍යාඥයන්ට මේ අපූරු සත්වයා හමුවූයේ පැපුවා නිව්ගිනියා පත්වල ඝර්ම කලාපීය වනාන්තරයක ශාක පත‍්‍රයක් මත ලැග සිටියදියි.
පෘෂ්ඨ වංශිකයෝ 
මේ වර්ගයේ පරිණත සතකු හොඳින් වැඩුණු පසු මිලිමීටර් 7.7ක් විතර දිග ඇති. ලෝකයේ 60,000ක් පමණ වනපෘෂ්ඨවංශික සත්ව විශේෂ අතර කුඩාම සතා ලෙස නම් ලබන මේ පුංචිම පුංචි ගෙම්බාට තියෙන්නෙත් ලෝකයේ පුංචිම පුංචි කොඳු ඇට පෙළයි. මේ ‘පුංචිම පුංචි කශේරුකාව ඇත්තා’ යන විරුදාවලිය කලින් හිමි කර ගෙන සිටින ඉන්දුනීසියානු මාළුවාගේ දිග වුණේ මිලිමීටර් 7.9ක් පමණයි. කලින් විශේෂඥයන් සිතා සිටියේ ලොකු හෝ කුඩා හෝ වේවා පෘෂ්ඨවංශිකයන්ගේ සිරුරේ ප‍්‍රමාණය අනුව අන්තයන් ජීවත් විය හැක්කේ ජලයේ පමණක් කියායි. මේ නව සොයා ගැනීම ඔවුන් මවිතයට පත් කිරිමට සමත් වුණා.
ඇමරිකාවේ ලූසියානා ජනපද විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කි‍්‍රස් ඔස්ටින් තමයි මේ කුඩා ගෙම්බා සොයා ගෙන තියෙන්නේ. ඔහු පැසිපික් දූපත්වල වනාන්තරවල කළ තෙමස් සංචාරයක් තුළ දී මේ අපූරු සතා හමුවි ඇත්තේ ඝර්මකලාපීය වැසිවනාන්තර ප‍්‍රදේශයක දී ගසකින් ගිලිහුණු වියළි කොළයක් මත ළැග සිටියදියි. මේ ඉතා කුඩා සතා සොයා ගෙන ඇත්තේ පැපුවා නිව්ගිනියාවේ අමෝ කියනගම්මානයේ දියි. සත්ව විද්‍යාත්මකව මේ ගෙම්බා හඳුන්වා ඇත්තේ පීඩෝෆ්රයින් ඇමනුවෙන්සිස් :ඡු්ැාදචයරහබැ ්ප්බමැබිසි* කියායි. පබ්ලික් ලැබ්රරි ඔෆ් සයන්ස් ඡුඛදී සඟරාව සඳහා මේ පිළිබඳව ලිපියක් මහාචාර්ය කි‍්‍රස් ඔස්ටින් විසින් සපයා ඇත.
වෙනත් සතුන් අත නොගසනා ආහාර දාමයේ එක් පුංචි හිඩැසක් පුරවන්න ඉතා කුඩා සතකු සිටිය හැකියැයි විද්‍යාඥයන් විශ්වාස කළා. මැක්කන් වැනි ඉතා කුඩා සතුන් ආහාරයට ගෙන යැපෙන්න ලොකු ගෙම්බන්ට පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ ගණයේ කුඩා සතකු සිටිය යුතුයි. ඒත් එවැනි සතකු සොයා ගැනීම හා හඳුනා ගැනීම ලෙහෙසි පහසු කාරියක් නෙවෙයි. ඒ මොකද ඌ ප‍්‍රමාණයෙන් වඩාත් කුඩා එකකු නිසා. මේ පිරිස ඌ සොයා ගියේ පරිණත පිරිමි සතකු ගැහැනු සතකු ආකර්ෂණය කර ගැනීමට නඟන උච්ච ස්වරයේ ශබ්දය අනුවයි.

විකෘතියක් නොවේ
”අප දැන් දන්නවා මේ පුංචි සතුන් විකෘති වීම නිසා හට ගන්නා එවුන් නෙවෙයි. ඔවුන් ජීවත් වන පරිසරයේ කොනක, වෙනත් පෘෂ්ඨවංශිකයන් හා තරගයක් නැති තැනකට අනුවර්තී වූ අය විය හැකියි.” මහාචාර්ය ඔස්ටින් කියනවා. ”මේ පීඩෝෆ්රයින් ඇමනුවෙන්සිස් ගෙඹි විශේෂය ඉන්නා තැනක් සොයා ගැනීම හරිම අසීරුයි. උගේ ආදර ගීය තමයි අපට ඌ සොයා ගන්නට උදවු වුණේ.” ඔහු සිනාමුසුව කියනවා. නිව්ගිනියාව ජෛව විවිධත්වය අතින් ඉතාම සුවිශේෂ තැනක්. අප සොයා ගන්නා හැම අලූත් දෙයකින්ම ඒ බව පැහැදිලි වෙනවා. ජෛව විවිධත්වය ඇති වන හැටි හා පවතින හැටි පිළිබඳව අපේ අවබෝධය වැඩි වෙනවා.
කුඩා ගෙම්බා
ලූසියානා විශ්ව විද්‍යාලයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ මේ පිරිස තවත් අලූත් කුඩා ගෙඹි විශේෂයක් සොයා ගත්තා. පීඩෝප‍්‍රයින් ස්ව්ෆ්ටෝරම්  යනුවෙන් ඒ සතා නම් කළා. ඌ දිගින් මිලිමීටර් 8.3 – 8.9 කි. ඇටිකිත්තන් බඳු කුඩා ගෙම්බන් කෙතෙකුත් මේ වැසි වනාන්තරවල ඇති. මෙයටත් වඩා කුඩා සතකු කොයි මොහොතේ හෝ මේ පරිසරයෙන් ම කවුරුන් හරි සොයා ගනිවි. මේ පීඩෝෆ්රයින් ඇමනුවෙන්සිස් ගෙම්බා හමුවීමට පෙර ලොව කුඩාම පෘෂ්ඨවංශිකයා වූයේ ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපතෙන් හමු වූ පීඩෝසයිපි‍්‍රස් ප්‍රොජෙනිටිකා  නම් විනිවිද පෙනෙන සිරුරක් ඇති මාළුවායි. මෙහි ඇති ලොකුම පුදුමය නම් ලෝකයේ දැනට හඳුනාගෙන ඉන්නා කුඩාම සතා වූ මේ මිලිමීටර 7.7ක් වූ පීඩෝෆ්රයින් ඇමනුවෙන්සිස් ගෙම්බාත් ලෝකයේ ලොකුම සතා වූ මීටර 26ක් පමණ දිග නිල් තල්මසාත් පමණක් නොවෙයි, මිනිසාත් මේ පෘෂ්ඨවංශිකයන් අතර සිටීමයි.

ලූසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

Copyright © 2012 Wijeya Newspapers.
http://www.wijeya.lk/archives/275

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි